Thursday, August 9, 2012

ෆාස්ටර්ලාට කඬේ යන කාලෝ


ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ සිට ලංකාවට සංක‍්‍රමණයවූ ඒබ‍්‍රහම් ටී කොවුර්ට ලංකාවේ පුරවැසිකම ලබාගැනීම පමණක් නොව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගුරු තනතුරක් ලබාගැනීමද එතරම් කජ්ජක් නොවීය. ඒ ඇයිද යන්න මෙය කියවාගෙන යන ඔබට වැටහෙනු ඇත. කොවුර් කලක් කොළඹ තර්ස්ටන් විදුහලේ උද්භිද විද්‍යා ගුරුවරයා වූයේය. ඉන්පසු කලෙක කාලෝ ෆොන්සේකා බඳු කිහිප දෙනෙකු හවුල්කරගෙන හේතුවාදී සංගමය නම් කල්ලිය පිහිටුවා ගත්තේය. සිංහල සංස්කෘතිය සමග බැඳී සිටින කපුරාලලාට, නැකැත්රාලලාට සහ තිස්තුන් කෝටියක් දෙවිවරුන් අදහන බෞද්ධයන්ට නැගිටින්ඩ බැරිවෙන්ඩ දෙන්ඩ පටන්ගත් මෙම කල්ලිය සිංහල සමාජය හොලවමින් මහා විප්ලවයක් කරන්නට විය. අරක්කු බිබී ගිනි පාගා පෙන්වූ මෙම කල්ලියේ පුද්ගලයෝ ඇග කටුගසාගෙන එල්ලී ගුප්ත විද්‍යාවේ බලයක් නැති බව අවධාරණය කළහ. තමා ඉදිරිපත් කරන අභියෝග ගුප්තවිද්‍යාවේ බලයෙන් සිදුකර පෙන්විය හැකි නම් රුපියල් 100,000.00ක තෑග්ගක් දෙන බවට කොවුර් අභියෝගයක්ද කළේය. ඒ 1963 දීය.

පසුගිය කාලයේ මළාක් මෙන් සිටි පරණ හේතුවාදී සංගමය මළවුන්ගෙන් උත්ථානයවී නැවතත් අභියෝග ඉදිරිපත් කරන්ඩ පටන්ගෙන ඇත. කාලෝ ෆොන්සේකා මහාචාර්යවරයා අභියෝග 10ක් ඉදිරිපත් කරමින් ඉන් එක අභියෝගයක් හෝ ඔප්පුකරන්නෙකුට ලක්ෂ 10ක් දෙන බව ප‍්‍රසිද්ධ කර තිබේ. ෆොන්සේකාගේ ආධාරයට මාධ්‍යකරුවන් පමණක් නොව වෙබ් අඩවි කිහිපයක්ද දැනටම ඉදිරිපත්ව සිටී. මොවුන් ගැන අමුතුවෙන් පැහැදිලි කිරීමට උවමනා නැත.


මේ කාලෝ ෆොන්සේකාගේ ගෝලබාලයින් ප‍්‍රසිද්ධ කළ දැන්වීමකි.


‘‘සුමනදාසලාට මංජුල පීරිස්ලට නාථ නඬේට විශ්ව ශක්ති මුදලාලිට කතරගම සුමන දැඩිමුණ්ඩ විෂ්ණු ශිව එකී නොකී තිස්තුන් කෝටියක් තව දුසිමක් විතර වන දෙයියලාට හා උන්ගේ ඒජන්තයින්ට එක එකාගෙන් සීය දෙසීය හිඟා කන්නේ නැතිව මෙන්න එක පාරටම දස ලක්ෂයක්. පුළුවන් නම් වරෙව්.’’


මේ කයිවාරුව සමග ඒ සමග අභියෝග මාලාවද ඉදිරිපත් කර ඇත. ඒ අභියෝගවලින් වැඩිහරියක් උපුටාගෙන ඇත්තේ බයිබලයේ යොහෝවා, මෝසස් හා යේසුස්වහන්සේගේ මැජික් සන්දර්ශනවලිනි. හේතුවාදීන් මහජනතාව මුළාකරමින් සිටින ක‍්‍රිස්තියානි කල්ලිවල ෆාස්ටර්ලා, යොහෝවා, මෝසස් හෝ යේසුස්වහන්සේ ගැන තම නිවේදනයේ සඳහන් නොකිරීමට පරිස්සම් වෙයි. කොවුර්ද ඒ ගැන බොහෝ පරිස්සම් සහිතව වැඩ කළ කෙනෙකි.


කලක් තර්ස්ටන් විදුහලේ ගුරුවරයකුව සිටි දයානන්ද ගුණවර්ධන (නරිබෑනා නිෂ්පාදක) මහතා ගෙන් අප අසා ඇති පරිදි ඔහු කොවුර්ව හඳුනාගෙන සිටියේය. දිනක් කොවුර් හමුවූ වේලේ ’ඔබලාගේ නිවේදනයේ යොහොවාස්, යේසුස්, මෝසස් මේ කාගෙවත් නම් නැහැ නේද?’ යි කොවුර්ට විහිළුවක් කළේය. කොවුර් පිළිතුරක් නොදී මාරු විය.


කොවුර්ලාගේ එදා නිවේදනයට ක‍්‍රිස්තියානි දෙවියන්ගේ හෝ ඉස්ලාම් දෙවියන්ගේ නම ඇතුළත් නොකළේ ඒබ‍්‍රහම් කොවුර් නැමැති පුද්ගලයා මලබාරයේ සිරියානු ක‍්‍රිස්තියානි දේවස්ථානයේ අධිකාරිව සිටි කොවුර් අයිප් තොම්මා කාත්තනාර් පූජකතුමා Rev. Kovoor Eipe Thomma Katthanar, Vicar General of the Mar Thoma Syrian Church  of Malabar ගේ පුතා වූ බැවිනි. කේරලයේ තිරුවිල්ලාහි උපත ලැබු තැන සිටම බයිබලය සමග ජීවත්වූ ඒබ‍්‍රහම්ට ක‍්‍රිස්තියානි දර්ශනයෙන් පිට කිසිවක් අසන්නට දකින්ට නොලැබුණි. ඔහු ක‍්‍රිස්තියානි විදුහල්වලම ඉගෙනගත් අතර ක‍්‍රිස්තියානි පූජක පවුලක කාන්තාවක් හා මිත‍්‍ර වී ඇයව විවාහ කරගත්තේය. ලංකාවේ සියලූම පහසුකම් ඔහු ලබාගන්නේ මලබාර් ක‍්‍රිස්තියානි දේවස්ථානයේ ආධාරයෙන් හා බලයෙනි. කොවුර්ගේ පියා පළමුව කතෝලිකයෙකුව සිටි නමුත් ඔහුගේ ලොකු තාත්තා ඇමරිකාවේදී ආගම මාරුකර ක‍්‍රිස්තියානි මුලධර්වාදී කණ්ඩායමකට එක්වූ අයෙකි. කොවුර් ලංකාවේ ඇසුරු කළ පිරිසද ක‍්‍රිස්තියානි හෝ කතෝලික අයමය. කාලෝ ෆොන්සේකා ඉන් වඩාත්ම ප‍්‍රසිද්ධ පුද්ගලයා වන්නේය.


හේතුවාදී සංවිධානය ගෙනගිය වැඩ පිළිවෙළ නිසා සිංහල සාමාන්‍ය ජනතාව අතරින් විශාල පිරිසකට ඔවුන්ගේ දෙවිදේවතාවියන් කෙරේ සැක ඇති වුණි. බෝධිපූජා පැවැත්වීම බොරු වැඩක් යයි සමහරුන්ට සිතුණි. සමහරෙකුට කපුරාලලා නැකත්රාලලා වැනි අය පෙනෙන්නට වූයේ වංචනිකයින් හොරුන් හෝ තමන්ව මුළාකරන හතුරන් විදිහටය. මෙම සැකය හා විචිකිච්චාව ඇති කරගත් පිරිස් විද්‍යාඥයින් නොවන බව මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණාවයි. සාමාන්‍ය ජනයා වූ ඔවුන්ට ජීවිතයට මුහුණදීමේ ශක්තිය සඳහා යම් යම් ගුප්ත කටයුතු අවශ්‍ය විය. 

‘ගුප්ත’ යනු සංස්කෘත භාෂාවේ කෘදන්ත පදයකි. ඇසට නොපෙනෙන යනු එහි අරුතයි. ඉන්ද්‍රීය ගෝචර නොවන බොහෝ දේ පවතී. කුඩා දරුවකු තොටිල්ලේ නිදාගෙන සිනාසෙන අවස්ථා තිබේ. ඒ ඇයි? දරුවා සිනාසෙන්නේ කා සමගින්ද? මෙබඳු සුළු දෙයක් වත් හරියට පහදා දීමට කිසිම උගතෙකුට නොහැක. පවුලේ අයෙකුට දරුණු අසනීපයක් හැදුන විට ජනතාව වෛද්‍යවරුන් හමුවෙති. එසේම බෝධිපූජා පැවැත්වීම, පිරිත් කියවීම, නුල් බැදීම ආදියද කරති. ශාස්තර අසන්ටත් යති. මේ හැම දෙයක්ම කරන්නේ ලෙඩාගේ නිරෝගී බව පතමිනි. සමහර වෛද්‍යවරුන්ද අවසානයේ ලෙඩාගේ ඥාතීන්ට කියන්නේ ගුප්තවිද්‍යාවෙන් යමක් කළ හැකි නම් කරන ලෙසය.

සාම්ප‍්‍රදායික ජීවන ක‍්‍රමයෙන් ඈත්වෙන සාමාන්‍ය ජනතාවට විකල්ප ක‍්‍රියා උවමනා කෙරේ. හේතුවාදීන් කපුවන්ට ගහද්දී පාස්ටර්වරුන් හා ආගමික කල්ලි රටේ පැතිරෙන්නට වූයේ ඒ අවශ්‍යතාවය සපුරමිනි. හේතුවාදී සංගමය සාම්ප‍්‍රදායික ගුප්තවිද්‍යාකරුවන් නිහඩකර තිබුණු නිසා ඇදහිල්ලෙන් ලෙඩ සුව කිරීම් නගරවලත් යාඥා මධ්‍යස්ථාන ගම් දනව්වලත් පැතිරෙමින් අර සිංහල බෞද්ධ පවුල් ඇමරිකානු ආගමික කල්ලිවල ගොදුරු බවට පත්කරන්නට විණි. ෆාස්ටර්ලා පසුපස යන ජනතාවට අවසානයේ සිය ආගම, සංස්කෘතිය යන දෙකම අහිමි විය. සමහර විට ජීවිතයත් අහිමි විය. බෞද්ධයන්ගේ ඇදහිලි සිරිත් විරිත්වලට පහර දෙමින් හැම දේකටම විද්‍යාත්මක හේතුවක් ඇතැයි තර්ක කළ හේතුවාදී සංගමය මේවා දැක දැක කටබලියාගෙන සිටියේය. පාස්ටර්ලා කපටිකම් කරන බව කියා හේතුවාදීන් වැඩ පෙන්නුවේ නැත. මළාක් මෙන් ඇස් පියාගෙන සිටියේය. වෛද්‍යවරයකු වන කාලෝ ෆොන්සේකා යාච්ඥාවෙන් ලෙඩ හොඳ කළ නොහැකි බව කියමින් අභියෝග ඉදිරිපත් කළේ නැත. කොටින්ම මෙහෙම සංගමයක් තිබෙන බවක් වත් රටට දැනගන්නට නොලැබුණි.


මේ අතර පාස්ටර් ආක‍්‍රමණය වැළැක්වීමට වෙහෙසවූ පිරිසක් සිංහල සමාජයේ බිහිවුණි. ඔවුන් අතර භික්ෂුණ් වහන්සේලා ප‍්‍රධාන වූහ. ඒ හැමගේ උත්සාහයේ ප‍්‍රතිඵලයක් හැටියට පාස්ටර්ලා ප‍්‍රමුඛ බටහිර ආගමික කල්ලි සොලොප්පුවට වැටුණි. නැවතත් සිංහල සම්ප‍්‍රදායික ගුප්තවිද්‍යාකාරයෝ එළියට ආහ. ජනමාධ්‍යවල පළවන දැන්වීම්වලින් හා ඒවායෙන් ප‍්‍රචාරය කෙරෙන ගුප්තවිද්‍යා වැඩසටහන්වලින් මේ බව පැහැදිලි වේ.


පරණ හේතුවාදී සංගමය මළවුන්ගෙන් නැගිට අභියෝග ඉදිරිපත් කරන්නට පටන්ගන්නේ මෙවැනි අවස්ථාවකය. 

අපි දැන් සුළු ප‍්‍රශ්නයක් මතුකරමු. ලෝක ජනගහණය සැලකිල්ලට ගනිද්දී ගුප්ත විද්‍යාව විශ්වාස කරන (හේතුවාදීන් හිතන විදිහට මෝඩ හෝ අවිද්‍යාවේ ගැලී සිටින) සිංහල බෞද්ධයන් සංඛ්‍යාව සියයට දශමයක් වත් නැත.

නමුත් බයිබලය හා කුරානය විශ්වාස කරන ඥානවන්ත පිරිස් බිලියන සංඛ්‍යාවක් සිටිති. ඔවුහු බයිබලය ශුද්ධ වූ බයිබලය ලෙස හඳුන්වති. කුරානය ශුද්ධ වූ කුරානය ලෙස හඳුන්වති. බිලියන ගණනක් ඥානවන්ත ලෝක වැසියා මෙම පොත් ශුද්ධ ග‍්‍රන්ථ ලෙස සැලකීම හරිම ගුප්ත කරුණකි. පොතක් ශුද්ධ ග‍්‍රන්ථයක් වශයෙන් සැලකීම විද්‍යාවට පටහැනි දෙයකි. එහෙත් ලෝකයේ වැඩිම උගතුන් වෙසෙන බව කියන ඇමරිකාවේ පවා අධිකරණය හමුවට එන  ඕනෑම වැසියෙකුට (ශුද්ධ වූ ග‍්‍රන්ථයේ) බයිබලයේ අතගසා දිවුරීමට සිදු වේ. හේතුවාදීන්ට මේ වැඩ විකාර වගේ නොපෙනෙන්නේ මන්ද? ඔවුන් උගත් ලෝක ජනතාව කරන අහේතුවාදී වැඩගැන කතා නොකර මෝඩ සිංහල බෞද්ධයන් කරන ගුප්ත වැඩ ගැන අභියෝග කරන්නේ ඇයි?


කාලෝ පොන්සේකලා ප‍්‍රධාන මළවුන්ගෙන් නැගිට්ට හේතුවාදී කල්ලියේ අවශ්‍යතාව වී ඇත්තේ හැති දමමින් සිටින ෆාස්ටර්ලාට ග්ලූකෝස් දී ඔවුන්ගේ ක‍්‍රියාපිළිවෙළ තේරුම් ගැනීමට ඔබේ බුද්ධිය සුළු ප‍්‍රමාණයක් යෙදවීම ප‍්‍රමාණවත්ය. අවදි වූ සිතින් යුතු ඔබේ යුතුකම සිංහල බෞද්ධයන් අතරට නොයෙකුත් උපයා මාර්ග ඔස්සේ වැරදි අදහස් සපයන මෙබඳු සංවිධාන, පුද්ගලයන් හා ඔවුන්ගේ උපායන් ගැන ජනතාවට කරුණු කියාදීම යයි සිතමු.


ප.ලි - 2012.08.31

පසුගිය සඳුදා රාත‍්‍රියේ ‘දොරමඩලාව’ වැඩසටහනට සහභාගිවූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අපූරු කතාවක් කීවේය. ‘විද්‍යත් උපකරණ, ජංගම දුරකතන, ඩිජිටල් කැමරා, නොයෙකුත් විද්‍යුත් වෛද්‍ය උපකරණ ආදිය ප‍්‍රාතිහාර්යයන් බඳු යයි’ එතුමා කියයි.

ප‍්‍රාතිහාර්ය යනු හේතුවාදයට සපුරා පටහැනි දෙයකි. ෆොන්සේකා මහාචාර්යතුමා ප‍්‍රාතිහාර්ය ගැන කීවේ කුඩාකල සිට බයිබලයෙන් ලද හික්මීම නිසාද? ‘හොරාට කලින් කෙහෙල්කැන වැටපනිනවා’ යි කියන්නේ මේවාටය.

39 comments:

  1. කොවුර් බයිබලය පිලිබඳ ලියා ඇති දේ බිඳක් හෝ ඔබ විසින් කියවා නැති බව පෙනේ , හැකිනම් දෙවියෝ සහ බූතයෝ පොත කියවන්න , එහි කපුරාලලා ගැන මෙන්ම බයිබලය ගැනද අපුරුවට කියා ඇත

    ReplyDelete
    Replies
    1. කාලෝ ෆොන්සේකා ගේ අභියෝගයන් අතර ලෙඩ රෝග සුව කිරීමද අන්තර්ගත වී ඇත ,

      Delete
    2. ++++++++++++++

      දෙවියෝ සහ බූතයෝ PDF එකක් මමත් නෙට් එකෙන් අරගෙන කියෙව්ව. කියවන්න වටින පොතක්. පොඩ්ඩක් සර්ච් කරල ඩවුන්ලෝඩ් කරගන්න.

      Delete
    3. බලන්න මාකල ගවේශණ කියන එකත් තියනවද කියලා

      Delete
    4. හේතුවාදීන් බෞද්ධ ත්‍රිපිටකය පිලිගන්නවාද ? එසේ නම් කර්මය හෝ නිවන විද්‍යාවෙන් ඔප්පු කර පෙන්විය හැකිද?

      Delete
    5. කර්මය විද්‍යාවෙන් බොරු කර පෙන්විය හැකිද ?
      අභියෝගයේ සදහන් සියලු දෑ විද්‍යාවෙන් බොරු කර පෙන්විය හැකියි
      අභියෝගය හැකි නම් කර පෙන්වීමයි
      හැකි නම් කර පෙන්වනු !

      Delete
    6. මා දන්නා තරමින් හේතුවාදින් ත්‍රිපිටිකය පිලිගන්නේ නැත , කොවුර්ට අනුව වර්ථමානයේ පවතින බුදු දහමේ අන්තර්ගතය හින්දු ආභාශය නිසා විකෘති වුවකි ,

      Delete
    7. කර්මය කියල දෙයක් තියෙනවා කියල ඔප්පු කරල පෙන්නපංකෝ.. එතකොට අපි බලමු ඒක නෑ කියල ඔප්පු කරන්න..හරිද.. නැතිදේවල් කොහොම බොරැ කරන්නද??

      Delete
  2. මිත්‍යා දිගින් දිගටම ‍රැගෙන යාමට අපේ රටේ මිනිස්සුන්ට නම් උවමනාවක් නෑ..ඒ උනාට මේ පුද්ගලික වාසියට 2ට 3ට නැමෙන එවුන්ට නම් ඕන....කාලෝ කවුරු උනත් පුලුවන් නම් කොරන්න එපැයි...ලක්ශ 10කුත් දෙන්නෙ........

    ReplyDelete
  3. මාත් හේතුවාදීන් සමග හිටිය කෙනෙක්. හේතුවාදී සංදේශය විතරක් නොවෙයි, හේතුවාදී ප‍්‍රකාශන සියල්ල අදටත් මා සතුව තියෙනව. මං කොවුර් සමග වරක් නොව කිහිප වරක්ම කතා බහ කරපු කෙනෙක්. එමනිසා මෙය ලියන්නෙ හොඳ දැනුමක් ඇතිවයි. හේතුවාදී සංදේශය ප‍්‍රකාශනයේ "පුජක බඹසර හා ශාරිරික විද්‍යාව" වැනි ලිපියක කතෝලික සභාවේ ඇතැම් ක‍්‍රියා විවේචනය වුවත් ඒව සාමාන්‍ය ජනතාවට ගිය දේවල් නොවෙයි. දැන් ඔය බටහිර රටවල් බොහොමයක රජය වේවා දේවස්ථානය වේවා දැඩි ලෙස විවේචනය කරන ටි වි වැඩසටහන් යනව. හැබැයි, දවල්ට නොවෙයි ? එකට 01 දෙකට 02 තුනට 03 විතර තමා. එවැනි වැඩසටහන් ප‍්‍රචාරය කරන්නෙ. මේව බලන අය ඉතාම අඩුයි හැබැයි බටහිර මාධ්‍යකාරයො තර්ක කරද්දි කියනව අපි එක පැත්තක් නොවයි කියල. තර්කයට ඒක ඇත්තතමා හැබැයි ප‍්‍රායෝගිකව අලිම අලි වංචාවක්. කොවුර්ලත් එහෙම වැඩ කෙරුව. හැබැයි මෙම ලිපියේ තියන දේ ඊට වඩා වැදගත්ය කියා මට හිතෙනව. මුලධර්මවාදී ක‍්‍රිස්තියානි සංවිධාන හා පාස්ටර්ලාට සිංහල සමාජයේ දොර විවෘත කිරිම කොවුර්ල ඇතුලූ හේතුවාදීන් පිරිස කෙරුව බවයි එහි දර්ශනය. ඒක ඇත්ත. එය කාලෝ පොන්සේකා වැනි අය අද කරගෙන යනව. Saradiyel

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. පැමිණියාට ස්තුතියි.

      Delete
    2. අඩෝ උඹ හීනෙන්ද කොවුර් එකක් කතා කලේ..උඹේ නම කියාපන් මම ධර්මපාල සේනාරත්න මහත්තයගෙන් අහල බලන්නම්.. නිකං බොරැ කියන්න එපා යකෝ..

      Delete
  4. මෙය මෙලෝ මළදානයක් නොදැන හේතුවාදීන් ගැන වෛරයෙන් ලිවූවක් බව පෙනේ. සිංහල සමාජය හෝ බුදු දහම විනාශ වන්නේ එය තුලට මිත්‍යා දෘශ්ටිය කාවද්දවුන් නිසා මිස හේතුවාදීන් වැනි මිත්‍යාවට එරෙහිව සටන් කරන්නන්ගෙන් නොවේ. අවිද්‍යාව හෙවත් මිත්‍යා දෘෂ්ඨිය මුලිනුපුටා දැමිය යුත්තක් බව බුදු දහමේ හරයයි. හේතුවාදීන්ගේ ක්‍රියාව කාලෝචිතයි. ෆාස්ටර්ලාද විවිධ උපක්‍රම මඟින් සිංහල බෞද්ධ සමාජයට වින කටින්නවුන් වුවද මේ ඔවුන් ගාවාගෙන මාතෘකාවෙන් පිට පැනීමට සුදුසු අවස්තාවක් නොවේ.

    අපට පෙනෙන්නේ ඔබ සුමනදාසලාට මංජුල පීරිස්ලට නාථ නඬේට විශ්ව ශක්ති මුදලාලිට කතරගම සුමන දැඩිමුණ්ඩ විෂ්ණු ශිව එකී නොකී තිස්තුන් කෝටියක් තව දුසිමක් විතර වන දෙයියලාට හා උන්ගේ ඒජන්තයින්ට කඩේ යන්නෙකු බවය.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. කාලෝලා ඒ කාලයේ කතරගම ගිනි පාගද්දී මම තරුණයෙක්. මට මතකයි කතරගම කපුවො කාලෝලා ගේ කට්ටිය ගිනිගොඩ මැදින් යද්දී කකුලේ පැටලෙන්න ගිනිගොඩට පොලු කෑලි දැම්මා. වතුර ගසා ගිනිගොඩ නිව්වා. දවස පත්තරේ හෙඩින් එක දැම්ම 'කපුවෝ ගිනිගොඩේ පහරති' කියලා. ඒ යෙදුමේ තේරුමවත් නොදන්නා මෝඩ කපුවෙක් කිව්වා අපි පහරුවේ නැහැ කියලා. (මිනිහා හිතුවේ මලපහ කිරීම යන අදහසින් පමණයි) මේ අවලාද වලින් වැඩක නැහැ. සුමනදාසලාගේ පටන් සියලුම සාස්තර කාරයෝද, කන්දසාමිගේ පටන් සියලුම හින්දු දෙවි වරුන්ගේ කපුරාල නඩයද වහාම, වහාම අභියෝගය භාරගෙන, කාලෝලා නිරුත්තර කල දවසට අපි කාලොලාගේ ඔලුවේ පහරනවා සත්තයි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. පැමිණියාට ස්තුතියි.

      Delete
  5. ලිපියට එකඟවිය නොහැක.
    //හේතුවාදී සංවිධානය ගෙනගිය වැඩ පිළිවෙළ නිසා සිංහල සාමාන්‍ය ජනතාව අතරින් විශාල පිරිසකට ඔවුන්ගේ දෙවිදේවතාවියන් කෙරේ සැක ඇති වුණි. බෝධිපූජා පැවැත්වීම බොරු වැඩක් යයි සමහරුන්ට සිතුණි. සමහරෙකුට කපුරාලලා නැකත්රාලලා වැනි අය පෙනෙන්නට වූයේ වංචනිකයින් හොරුන් හෝ තමන්ව මුළාකරන හතුරන් විදිහටය. මෙම සැකය හා විචිකිච්චාව ඇති කරගත් පිරිස් විද්‍යාඥයින් නොවන බව මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණාවයි. සාමාන්‍ය ජනයා වූ ඔවුන්ට ජීවිතයට මුහුණදීමේ ශක්තිය සඳහා යම් යම් ගුප්ත කටයුතු අවශ්‍ය විය. //

    සාමාන්‍ය (නූගත්) ජනතාව මුලා උනාට කමක් නැද්ද?
    නියම බෞද්ධයන් දෙවියන්ට වැඳීමේ ගාථාවෙන් පසු දෙවියන් සමඟ ගණුදෙණු නවතයි.

    රැවටීම කවුරු කෙසේ කලත් අනුමත කල නොහැකිය. කොවූර්ගේ අභියෝගමාලාව නැවත කියවන්න. ආගමක් සම්බන්ධව එහි කිසිවක් සඳහන් කර නොමැත. "රෝග සුව කිරීම" යන කාරණාවේදී ක්‍රිස්තියානියට අනියමින් පහරක් එල්ලවන අයුරුද බලන්න. අවශ්‍ය නම් මෙහි ඇති ඔබේ තර්කයම ඔවුන්ටද ගෙනආ හැකිය.

    ReplyDelete
    Replies
    1. පැමිණියාට ස්තුතියි. ඉදිරියේදී මේ පිළිබද තවත් පැහැදිලි කිරීමක් කරන්නම්

      Delete
    2. කාලෝ ෆොන්සේකා ''ප්‍රාතිහාර්යයක් වැනිය'' කියූ නිසා ඔහු ක්‍රිස්තියානියට කත් අදින්නෙකු ලෙසට වටහා ගත් නැතහොත් කූට ලෙස පාඨකයා නොමග ඇරීමට එම කියමන භාවිතා කල ඔබද තවත් පැහැදිලි කිරීමක් කරන්නේ.. එයත් මේ ලිපිය වගේම පැහැදිලි කිරීමක් වෙන්න ඇති නේද?? ප්‍රාතිහාර්යය කියන වචනය බුදු දහමේත් සදහන් වන නිසා කාලෝ ෆොන්සේකා මහතා බුදු දහමට කත් අදිනවාය කියා ඔබට නොතේරැනේ මන්දැයි මටද නොතේරේ..ඔබට අවශ්‍ය කාලෝ කුඩාකල ක්‍රිස්තියානි භක්තිකයෙක් බව කියා සමස්ත බෞද්ධ ජනතාව ඔහු එරෙහිව උසි ගැන්වීමටයි.ඔබ වැනි දෙකොණ පටලවාගත් අයෙකුගෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවයි මගේ මතය..

      Delete
  6. හේතුවාදය ගැන කියවලා මමත් හෙන හේතුවාදියා වෙලා හිටියා කාලයක් , දවසක් ඒ හේතූ වාදය රේද්ද පල්ලෙන් බේරැණා
    බලන්න මේක http://atampahura.blogspot.com/2012/04/blog-post_21.html

    ඒ කොහොම උනත් නූගත් මන්තරකාරයන්ගෙන් මිනිස්සු බේරාගන්ඩ නං කෝවුර් මහත්තයා ලොකු දෙයක් කලා

    මම හරි වාසනාවන්තයි වයස 13දී විතර දෙවියෝ සහ බූතයෝ කියෙව්වා,දැනට වාර6ක්ද කොහෙද කියෙව්වා.ආයෙත් බලන්න ආසයි. ඒක ඒ තරමටම රසයි.

    ReplyDelete
    Replies
    1. උඹ ගැන මට දුකයි බං..

      Delete
  7. ලියන එව්වායේ රහක් තියනවා.එච්චර ගැඹුරැත් නෑ (මට තේරෙන වදිහට ලියනවා)දිගටමඑන්නං

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා. හැමදාම එන්න. අපි වෙනසක් කරමු. වෙනසක් දකිමු.

      Delete
    2. ඔතන ඔය අටම්පහුර කියල තියෙන්නේ උගෙ ඩයිනෝසර් මොළේට තේරෙන විදියට ගොන් කතා ලියල තියෙනව කියල මගේ හිතේ..

      Delete
  8. "තිස්තුන් කෝටියක් දෙවිවරුන් අදහන බෞද්ධයන්ට" LOL

    ReplyDelete
    Replies
    1. Hikz.... අයියෝ සල්ලි !!!!!!!

      Delete
  9. ස්වභාවිකවම අන්තර්ජාලයේ සිටින බක පණ්ඩිත වෙන්ට විද්‍යාඥ රැලට රිදීමට මේ ලිපිය හේතු වී ඇත. සියල්ලදත්ලා ලෙස පෙනී සිටිමින් මිත්‍යාවට පහරදෙන්නට සැදී පැහැදී සිටියද ඔවුන්ගේ හේතුවාද වලට හේතු ඇසුවොත් දෙන්නට පිළිතුරක් නැත. දිගටම ලියන්න!

    ReplyDelete
    Replies
    1. මේ කොල්ලෝ උඹේ මොළේ තියෙන්නේ පශ්චාත් භාගයේද? නැත්නම් උ‍ඹලගේ අම්ම ළමයි නැතුව ඉදල ලමයි හදල දෙන කපුවෙක් ලගට ගිහින් ඌ අම්මට කෙලියහම හැදුන අවජාතකෙයෙක්ද උඹ..අහපන්කෝ බලන්න හේතුවාදයට හේතු.. ඉස්සෙල්ලම හේතුවාදය කියන්නේ මොකක්ද කියල ඉගෙනගන හිටින්. නිකං නරිවාදං කෙලින්නේ නැතුව..

      Delete
  10. කොවුර් දෙවියන් භූතයන් ගුප්ත හැකියා ප්‍රතික්ෂේප කිරීමේදී ආගමකට වහල් වූයේ නැත.අදාළ ප්‍රත්ක්ෂේප කිරීම් වලදී ඔහු හින්දු බෞද්ධ කිස්තියානි ආදී සෑම ආගමකම දැක්වූ සෙත් පැතීම් යාඥා කිරීම් වල භෞතික හෝ වෙනත් බලයක් නැති බව ඔහුගේ අදහස විය.ඔහුගේ ලිවීම් වල එය පැහැදිලිව දක්වා ඇත.
    තමා සෙවූ දෙවියන් භූතයන් තමන්ට දකින්නට නොලැබුනු නිසා කොවුර් දෙවියන් භූතයන් නැති බව කිවේය.කොවුර් දෙවියන් භූතයන් තමන් නොදුටු බව පෙන්වූවා මිස දෙවියන් භූතයන් නැති බව පෙන්වා දුන්නේ නැත.කෙසේ වුවත් එකළ සිටි බොරු ඉන්ද්‍රජාල කරුවන් කොවුර් ඉදිරියේ පරාජය වූ බව සත්‍යයකි.
    තමන් ජීවිතය කාලය පුරා සෙවූ දෙවියන් භූතයන් දෙකොට්ඨාශයම පිළිකා රෝගයෙන් පීඩා විද මිය යන මොහොතේ ඔහුට දර්ශණය වන්නට ඇතැයි අනුමාන කිරීමක් කළ හැකිය.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඉන්නවනම් උඹලා හොයල පෙන්නපල්ලාකෝ..බොරැවට කයිවාරැ කෙලින්නේ නැතුව..

      Delete
    2. මේ වගේ වැඩකට නැති ජෝතිෂ කාරයෝ උන්ගේ බඩට වදින හින්ද තමා කොවුර් වගේ උත්තම මිනිස්සුන්ට ගරහන්නේ.. මූ කොච්චර අහිසංක මිනිස්සුන්ව හූරගෙන කාල ඇත්ද??

      Delete
  11. ලෝකයේ අන් සෑම ආගමක් ම සමග සංසන්දනය කිරීමේදී බුදු දහම ඒවා සියල්ලටම වඩා අන් මත වලට ගරු කරන හේතුවාදී දර්ශණයක් බව කොවුර් තම පොත් වල සදහන් කර ඇත. ඔහු තම පොත් වල " කාලාම සූත්‍රය " උපුටා දක්වමින් පැහැදිලි කළේ බුදු දහම මිනිසා තුළ නිදහස් චින්තනයට මග පාදා දුන් ආකාරයයි. ඔහු කේරළය අතහැර මෙහි පැමිණියේ එම හේතුව නිසා ය.
    කොවුර් ගේ පොත් පත් වල බයිබලයේ පාඨ ගෙනහැර දක්වමින් එවා තර්කානුකූලව නිශ්ප්‍රභ කළ අවස්ථා ඔනෑතරම් ඇත.
    ඔහුගේ කිසිදු පොතක බොදු දර්ශණය ට අපහාස වන අයුරින් කිසිවක් සදහන් කර නැත. ඔහු සටන් වැදුනේ අද්භූත බලයන් තමන්ට ඇතැයි කියමින්, මිනිසුන් මුලාකරන වංචාකරුවන්ට එරෙහිව ය. මේ ලිපිය ලියූ තැනැත්තා කොවුර් ගැන අංශු මාත්‍රයක දෙයක් නොදනනා අයෙකු බව පෙනේ

    එම නිසා කිසිවක් නොදැන ගොන් කතා නොකියන මෙන් ඉල්ලා සිටිමි.....

    ReplyDelete
  12. මෙම ලිපිය ලියූ කෙනා ද බොරු බහුබූත කියමින් මිනිසුන් නොමග යවා මුදල් හම්බු කළ අයෙක් දැයි සිතේ. කොවුර් ලා පිළිබද මෙතරම් තරහක් ඇති වී ඇත්තේ ඒ නිසා විය හැක.
    තමන්ගේ ව්‍යාපාර සරු කර ගැනීමට අන්තර්ජාලයේ පිහිට පතන්නේද ඒ නිසා විය යුතුය.

    ReplyDelete
  13. ලංකාවෙ ඉන්න මිනිස්සු ගැන ටිකක් හරි සතු‍ටු හිතෙනව මේකෙ කොමෙන්‍ටු දැක්කම...මේ වගෙ බ්ලොග් ලියල කාව සතු‍ටු කොරන්නද කියල මම මේ ඇනකොන්ඩා කියල කියාගන්න උන්නැහේගෙන් අහනව....පුලුවන් නම් මාත් එක්ක එන්න...කාලෝ ඉවත් කොරමු.....සර්ව ආගම් වල කිසිදු හරයක් නැත.....මා ආගමකට අයත් නැත...එනවනම් මෙන්න වෙලාව...ආයෙ බොරුව නම් දාන්න එපා....විලි ලැජ්ජයි මහත්තයෝ මේකට දැම්මෙ නැත්නම්...ඔන්න ඕන නම් මගෙ අංකය 0716238533...මම කාලෝ කරපු ඔකොම අභියෝග බාර ගන්න සූදානම්.......

    ReplyDelete
  14. කිසිදු පදනමක් නැති හේතුවාදය ගැන මෙලෝ හසරක් නොදන්නා අයෙකු ලියූ නිකම් හිස් වචන ගොඩකි. මෙම ලිපියට විරෝධය දක්වන්නන් මෙපමණක් සිටීම මට ගෙනදෙනුයේ ප්‍රීතියකි..

    ReplyDelete
  15. අර අන්තිමට ප.ලි කියල ලියල තියෙන කෑල්ල අගට සැකසුම මහින්ද අබේසුන්දර කියල දැම්මනම් ලියල තියෙන ක්‍රමේ නියමෙට ගැලපෙනවා..ඒ වගේම තකතිරැ විදියට ලියල තියෙන්නේ..

    ReplyDelete
  16. me post 1 maha pachayak
    danne nathuwa kiyawanna epa

    ReplyDelete
  17. me post 1 maha pachayak
    danne nathuwa kiyawanna epa

    ReplyDelete
  18. https://www.facebook.com/groups/321407341332387/ එන්න මිත්‍යාවට එරෙහි වෙමු..

    ReplyDelete
  19. කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

    මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

    https://www.facebook.com/JyotishLanka

    ReplyDelete

අදහස් දක්වන්න