Thursday, August 30, 2012

හොල්මන්, අවතාර, දේවතාවන්ගේ ඡායාරූප ගන්නේ කෙසේද?



පුවත්පත්වලත්, මුද්‍රිතපොත් ආදියේත් හොල්මන් අවතාර දේවතාවන් ආදීන්ගේ ඡායාරුප පළ වෙයි. භික්ෂූන් වහන්සේලාගේ සිට බැතිමතුන් තෙක් වන විවිධ පුද්ගලයෝ එබඳු අදෘශ්‍යමාන බලවේගවල  ඡායාරුප ප‍්‍රදර්ශනය කරති. විදේශවලද මේ පිළිබඳ විශාල උනන්දුවක් තිබේ. මීට වසර ගණනාවකට පමණ පෙර මගේ මිතුරකු මා හටමෙබඳු  ඡායාරුපයක් පෙන්වීය. මම එය එකහෙළාම ප‍්‍රතික්ෂේප කොට එබඳු  ඡායාරූප නිමවන්නේ කෙසේදැයි පැහැදිලි කළෙමි.

මෙබඳු බොහෝ  ඡායාරූපවලට පසුබිම් වී ඇත්තේ තාක්ෂණික හේතු බව  ඡායාරූප විශේෂඥයන්ගේත් තාක්ෂණික විශේෂඥයන්ගේත් මතයයි. දීර්ඝ කාච ද්වාර අනාවරණ (Long Exposure), පහළ මට්ටමේ ඩිජිටල් කැමරා (Entry Level, Low End) දෝෂ ආදිය මෙබඳු  ඡායාරූපවලට හේතු වන බවට ඔවුහු හේතු ඉදිරිපත් කරති. පරිගණක ග‍්‍රැෆික් නිර්මාපකයෝද මෙබඳු  ඡායාරූප නිපදවති. මෙය එබඳු කරුණු පිළිබඳ තාක්ෂණික විවරණයක් නොවේ. එබන්දක් අවශ්‍ය යැයි ඉල්ලා සිටින්නේ නම් පසුව ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ හැකිය.

ප‍්‍රධානම කාරණය මෙබඳු බලවේග හෝ වස්තූන් තිබේ නම් ඒවා අතීන්ද්‍රීය වස්තූන්ය. එනම් සාමාන්‍ය මිනිසකුට පියවි ඇසින් දැකිය හැකි ඒවා නොවේ. බෞද්ධ සාහිත්‍යයෙහිද භූමාටු දෙවිවරුන්, පේ‍්‍රතයින් ආදීන් ගැන තොරතුරු සඳහන් වේ. සැලකිල්ලට ගත යුතු ප‍්‍රධානම කාරණය මෙබන්දන් සිටි නම් ඒ කිසිවකු සාමාන්‍ය මිනිසකුට පියවි ඇසට නොපෙනෙන ඒවා බවයි. දැකිය හැක්කේ දියුණු කළ සිතක් ඇත්තකුට පමණි.

කැමරාව යනු භෞතික වස්තු මත පතිත වන ආලෝකයේ පරාවර්තිත කිරණ ඇසුරින් ප‍්‍රතිබිම්භයක් නිර්මාණය කරන උපකරණයකි.  ඡායාරූපයක් ගැනීමට කිසියම් භෞතික වස්තුවකුත් ආලෝකයත් අත්‍යවශ්‍යය. ආලෝකය අවම වස්තුවල  ඡායාරූප ගැනීම සඳහා විකල්ප තාක්ෂණික ක‍්‍රම (Infra-red)  භාවිතා කෙරේ. එහෙත් මේ කිසිවකට භෞතිකව නොපෙනෙන වස්තවක  ඡායාරූපයක් නිර්මාණය කිරීමේ ශක්තියක් නැත.

පාරභෞතික වස්තුන්ගේ  ඡායාරූප ගැනීම සඳහා වන උපකරණ කට්ටල අතර එබඳු වස්තූන්ගේ  ඡායාරූප ගත හැකි ලෙස නිපදවූ කිසිදු කැමරාවක් ගැන අසන්නට නැත. එම කට්ටලවල ඇත්තේ ඩිජිටල් කැමරා,  Electromagnetic Meters, Motion Sensors, Infrared Thermometers, EVP (Electronic voice phenomena) Listners, වැනි උපකරණ කීපයකි.

එම නිසා කවුරුන් ඉදිරිපත් කළද හොල්මන්, අවතාර, දේවතාවන් ආදීන්ගේ  ඡායාරුප තාක්ෂණික දෝෂයක් හෝ පරිගණක ඇසුරින් නිපදවන ලද ඒවා මිස සත්‍ය  ඡායාරූප යයි පිළිගත නොහැකිය.

මෑත ඉතිහාසයේ පිටසක්වල යානා පිළිබඳ විශාල කතාබහක් බටහිර රටවල ඇති විය. පිටසක්වල ජීවීන්, යානා දුටුවන් පිළිබඳ වාර්තා මාධ්‍යවල පළ විය. පිටසක්වල යානා දුටු බොහෝ පුද්ගලයන් උන්මත්තකයන්, බේබද්දන් ආදීන් බවට තොරතුරුද ප‍්‍රසිද්ධ විය. ලංකාවේද පිටසක්වල යානා පිළිබඳ වාර්තා කීපයක් පුවත්පත්වල පළ විය. එක් යානාවක් ත‍්‍රිරෝද රථ රියදුරකු තම රථයේ විදුලි ලාම්පුවේ  ඡායාරූපයක් ඇසුරින් නිර්මාණය කරන ලද්දක් බව පසුව හෙළි විය.

දැන් බටහිර වැසියන්ට පිටසක්වල යානා තිත්තවී අවසන්ය. මේ දේවතා  ඡායාරූපවලටද අනාගතයේදී අත්වනු ඇත්තේ එම ඉරණමමය.

12 comments:

  1. හොද ලිපියක්.. කාච වල යාන්ත්‍රික/ තාක්ෂණික දෝෂ මෙන්ම පරිපතයේ අස්වාභාවිකතාවයන්, බැටරි දෝෂ අලෝක තත්වයන්, හා අවසානයේ ස්වභාවික හේතු මත මේවා ඇතිවිය හැකියි.

    ReplyDelete
  2. හරියට හරි.ඕක තමා මාත් දරන මතය.ඒ නිසා වැඩි දේවල් කියන්නේ නෑ.

    ReplyDelete
  3. බොහොම හොඳ ලිපියක්. මීටත් වඩා සවිස්තරව, ඒ බොරු පින්තූර වලට උදාහරණ සහ ඡායාරුප විශේෂඥයින්ගේ අදහස්ද සමග, තවත් ලිපියක් ලියන්න. හැකිනම් සති අන්ත පුවත්පතකටත් ලියන්න. නැත්නම් මේ අයියලා මෝඩ මිනිසුන්ගේ ආකාරවතී ශ්‍රද්ධාව දඩමීමා කරගෙන ඔවුන්ව විකුණාගෙන කනවා.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  4. hoda lipiyak...mewage dan samaje wena dewal wala atta kiyala dena aka hoda wadak.....hodata liyanna...

    ReplyDelete
  5. ඔහොම භූතයොන්ගේ පින්තූර ගන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද නේද?

    ReplyDelete
  6. Female circumcision in Indonesia - Xinhua | English.news.cn

    ReplyDelete
  7. Does God care about women?

    ReplyDelete
  8. තරමක එකගතාවක් ඇතිකරගන්න පුලුවන් ...ඒ උනාට හිත දියුනු කොරල නෙවෙයි මොකක් කලත් නැති දෙයක් කොහොමද පේන්නෙ.....පුලුවන් කෙනෙක් ඉන්නව නම් බූතයො ඉන්නව කියල ඔප්පු කොරන්න....0716238533 (යමක් ඔප්පු කිරීම කරන්න ඕන ඒක තියනව කියන අය මිස නෑ කියන අය නොවේ)

    ReplyDelete
  9. දෙවියෙක් හෝ භුතයෙක් ගේ ඡායාරෑප ගැනීම..
    පළමුව දෙවියෙක් හෝ භූතයෙක් සොයා ගන්න
    ඉන්පසු නගරයේ හෝ ගමේ ඡායාරෑප ශාලාවකට යන්න
    භූතයාට හිනාවීමට කියා (හෝ චීස් කීමට කියා) ඡායාරෑපය ගන්න
    අන්තර්ජාලයට එක්කරන්න...

    ReplyDelete
  10. apita rimord eke paththuwena led light eka penenne naha. e unata eka camera ekakin baluwama penawa. ithin kohonada wishwasa karanne camera walata apita nopenena dewaluth penawane

    ReplyDelete
  11. ඇත්තද බොරුද දන්නේ නැති උනත් මේ පෝස්ටුවේ මුලින් තියෙන රෑපේ ඉස්සෙල්ලාම දැක්ක වෙලාවේ ඒකට අදාල කතාවත් අහලා හිටපු හංදා මං බය උනා. හි හි දැන් නම් බයක් නෑ. එත් ඇත්තටම මේවා කොහෙත්ම ඡායාරෑපගත කරන්නවත් බැරිද? කියන ගැටළුව නම් තියෙනවා.
    ඇත්තෙන්ම හොද ලිපියක්.

    ReplyDelete
  12. තර්කානුකූල පදනමකින් තොරව ව්‍යාජ ලෙස මවන බොරු පුවත් කියන එවුන්ට කියනේ පයිත්‍යං කාරයෝ කියලා ලු....

    ReplyDelete

අදහස් දක්වන්න