Tuesday, December 11, 2012

පණ්ඩිත් අමරදේවගේ කන මිරිකූ හෙළයේ සැබෑ ගාන්ධර්වයා: උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි



මේ සටහන ලියන අද (2012 දෙසැම්බර 5) උදෑසන කුමක්දෝ ගුවන්විදුලි සේවාවකට දුරකතනයෙන් සම්බන්ධවූ කුඩා දරුවකු හෙළයේ මහාගාන්ධර්වයා වශයෙන් හඳුන්වන පණ්ඩිත් අමරදේවයන්ගේ 85 වැනි උපන්දිනයට සුබපතා ඔහු වෙනුවෙන්ම රචිත කවියක් ගායනා කරනු අල්ලපු ගෙදර පැත්තෙන් ඇසුණි. 

අපේ මුළු රටම මෙරට උපන් විශිෂ්ටතම සංගීතඥයා හැටියට හඳුන්වන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. ඒ බව සියල්ලෝම ගිරා පෝතකයන් සේ දොඩවති. පාසල් දරුවෝ එය වනපොත් කරමින් පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙනයති. අමරදේව ඇගයීමට ලක් කළ යුතු සංගීතවේදියකු බව ඇත්තකි. එහෙත් මේ රටේ මෑත ඉතිහාසයේ උපන් උසස්ම සංගීතඥයා නොතකා හැර, ඔහු පිළිබඳව වචනයක් හෝ සඳහන් නොකර, ඔහුට අලගු තැබීමට වත් නොහැකි අමරදේව පිම්බීම බරපතල වරදකි.

හෙළයේ මහා ගාන්ධර්වයා යැයි කටපුරා කිව හැකි උස්තාද් පදවියකින් පිදුම් ලත් එකම සිංහලයා වූ ඬේවිඞ් පොඩිඅප්පුහාමි පිළිබඳව ඇනකොන්ඩාට අසන්නට ලැබුණේ 70 දශකයේදී ඇනකොන්ඩාගේ සංගීත ගුරුතුමාගෙනි.

‘උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමිගෙ  සන්දර්ශනයක් තියෙනව ටවුන්හෝල් එකේ. අනිවාර්යයෙන්ම බලන්ඩ යන්ඩ  ඕනැ. ගිහින් බලනවල කොහොමද බෝ එක අල්ලන්නෙ, කොහොමද වයලින් එකේ ඇඟිලි දුවන්නෙ, කොහොමද කිසි කිසි ගාල තබ්ලාව ගහන්නෙ කියල.’ සංගීත ගුරුතුමා කීවේය.

ඇනකොන්ඩා සහ මිතුරෝ උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමිගේ සංගීත ප‍්‍රසංගය නැරඹීමට ගියෝය. ඔහුගේ වාදන හැකියා දුටු අපි විස්මයට පත්වීමු. ඔහුගේ අත් ක‍්‍රියාත්මක වූයේ විදුලි වේගයෙනි. කුඩා අපට ඔහුගේ ශිල්ප දැක්වීම වසර ගණනාවක කතාබහට මාතෘකාවක් විය.

ඉන්පසු ඇනකොන්ඩාට ඬේවිඞ් පොඩිඅප්පුහාමි චරිතය වරින් වර සිහිපත් වුවද ඔහු පිළිබඳ ආරංචි මාත‍්‍රයක් හෝ දැනගන්නට ලැබුණේ නැත. සංගීත විශාරදයන් සහභාගි වන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සාකච්ඡා, පුවත්පත් ලිපි, අපේ සංගීතඥයන් පිළිබඳ පොතපත ආදී මේ කිසිවකින් උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි පිළිබඳව අසන්නට දකින්නට නොලැබුණි. අහම්බෙන් ඇනකොන්ඩාට මුණගැසුණු මිතුරෙකුගේ මාර්ගයෙන් මේ මහා ගාන්ධර්වයා පිළිබඳ තොරතුරු ටිකක් දැනගන්නට ලැබුණි. මිතුරාට තොරතුරු ලැබී ඇත්තේ මාධ්‍යවේදී පේ‍්‍රමසිරි වැවේගෙදරගෙනි. 

උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ඉපදී ඇත්තේ කුලියාපිටිය ප‍්‍රදේශයේය. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු මැටි‍්‍රකියුලේෂන් විභාගයට පෙනීසිටිම සඳහා එංගලන්තයට ගියේය. භාරතීය සංගීතය පිළිබඳව පැහැදුණු ඔහු ශාන්ති නිකේතනයට ගොස් විශ්ව භාරතී සංගීත පීඨයට බැඳුණි. එහිදී හෙතෙම සිතාරය, තබ්ලාව වාදනයත් ගායනය හා නර්තනයත් හැදෑරුවේය. සමකාලීන සිසුන් අතර සුපිරි තරුව වූ ඔහු පස් වසරක පාඨමාලාව වසර හතරකින් නිමකරමින් සිය හැකියාව ප‍්‍රදර්ශනය කළේය.

පොඩිඅප්පුහාමිගේ හැකියාවන් - විශේෂයෙන්ම තබ්ලා වාදනයෙහි සූරත්වය - දුටු අලවුදීන් ඛාන් , පොඩිඅප්පුහාමි විශ්ව භාරතියෙහි මහාචාර්ය පදවියකට පත් කළේය. දිනකට පැය 16 බැගින් අලවුදීන් ඛාන් යටතේ සංගීතය හැදෑරූ පොඩිඅප්පුහාමි කාලයක් විශ්ව භාරතී සංගීත පීඨයේ විදුහල්පති තනතුරද හෙබවීය. බටනලාව, සරෝදය හා තබ්ලාව වාදනයේත් කතක් නර්තනයෙත් ඔහු පෑ සමත්කම් අනභිබවනීය විණි. 

ඉන්දියාවේ සංගීත ක්ෂේත‍්‍රයේ ජය කෙහෙළි නැංවූ ඔහු වරක්  ඕස්ටේ‍්‍රලියාවෙන් පිරිනැමුණු ආචාර්ය පදවියක් අළුයම ලූ කෙළපිඩක් සේ ඉවතලීමට තරම් නිහතමානි වූයේය. පොඩිඅප්පුහාමිගේ සංගීත ඥානය කෙතරම්ද යත් ඔහු භාරතීය සංගීතයට රාග දෙකක් නිර්මාණය කිරීමට තරම් හපනෙක් වූ බව පැවසේ. බෝපාල්, දිල්ලි ආදි ගුවන්විදුලි සේවා ගණනාවක සංගීත ශිල්පීන් වර්ගීකරණය කිරීමේ කමිටුවලට නායකත්වය දෙන්නට තරම් හෙතෙම විශිෂ්ටයකු විණි. ඉන්දියාවේ සංගීත ක්ෂේත‍්‍රයේ ඔහු දරා ඇති තනතුරු එකක් දෙකක් නොවේ. බොහොමයකි.

ඉන්දියානු ජාතිකයන් පොඩිඅප්පුහාමි හඳුන්වා ඇත්තේ ‘සංගීතයේ දෙවියා’ යනුවෙනි. ඔහු නමට එන ලිපිවල ලිපිකවරයේ පවා එම ආමන්ත‍්‍රණය ඇති බව එම ලිපිකවර සියැසින් දුටු පේ‍්‍රමසිරි වැවේගෙදර පවසා තිබේ.
වරක් ඬේවිඞ් පොඩිඅප්පුහාමිට අමරදේව මුණගැසුණි. අමරදේව වයලීනයේ ‘බෝ එක’ අල්ලාගෙන සිටින අයුරු දුටු පොඩිඅප්පුහාමි, ‘ඔහොමද යකෝ බෝඑක අල්ලන්නෙ’යි අසමින් අමරදේවගේ කන මිරිකා ඇත. මේ අවස්ථාවේ එතන සිටි අය තවමත් ජීවත්වෙති.

ඬේවිඞ් පොඩිඅප්පුහාමි සංගීතවේදියා කලකට පෙර ඉන්දියාවේ මයිහාරයේදී අභාවප‍්‍රාප්ත විය. ඉන්දියානු කාන්තාවක හා විවාහ වූ ඔහුට පුත්තු දෙදෙනෙක් සිටිති. පේ‍්‍රමසිරි වැවේගෙදර මහත් කැපකිරීම් කර පොඩිඅප්පුහාමි සංගීතඥයා මියයන්නට පෙර ශ‍්‍රී ලංකාවට කැඳවාගෙන එන්නට උත්සාහ කර ඇතත් කාලකණ්ණි ඇන්ජීඕ කාරයකු නිසා ඒ උත්සාහය අසාර්ථක වී ඇත. මයිහාරයට ගොස් ඬේවිඞ් පොඩිඅප්පුහාමි මුණගැසුණු වැවේගෙදර ඔහු සම්බන්ධ රූපවාහිනී වාර්තා වැඩසටහනක් නිර්මාණය කළ බවත් එම නිර්මාණයේ වැදගත්කමක් දුටු කිසිවකු මාධ්‍ය ආයතනවල නොසිටි බවත් වාර්තා වේ. දැන් වැවේගෙදර සිය අත්දැකීම අළලා පොතක් ලියමින් සිටින්නේලූ. 

අපේ රටේ විශාරදලා, සංගීත මහාචාර්යලා, සංගීත් නිපුණ්ලා, පණ්ඩිත්ලා සිටිති. සංගීත් නිපුණ් සනත් නන්දසිරි වරක් පැවසූ පරිදි, ‘උස්තාද් කෙනෙකු වීම ආත්ම දෙකක් වත් ගත වන කාර්යයකි.’ ඇනකොන්ඩාගේ සංගීත ගුරුතුමා ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගැන දැන සිටියා නම් මේ පණ්ඩිත්ලා, නිපුණ්ලා නොදැන සිටින්නට හේතුවක් නැත. විජාතික බලවේගවල සුළුදියෙන් යැපෙමින් උන්ට කඹුරන අපේ උගතුන්ට ඇට්ටෑඹිකම් කරමින් හොරනෑ වයන ඊයේ පෙරේදා කලා ක්ෂේත‍්‍රවලට ආ සුකිරිබටිල්ලන් ගැන සති ගණන් කතාකරන මාධ්‍යකාරයන් බුරුතු පිටින් සිටියත් කිසිම මාධ්‍යයක උස්තාද් පොඩිඅප්පුහාමි ගැන නම් කතාබහක් නැත. පාසල් පොතක, විෂය නිර්දේශයක නැතිනම් වෙනත් පොතකපතක අපේ සංගීතඥයන්ගේ නම් ලැයිස්තුවේ උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගැන සඳහනක් නැත. මේ රටේ උපන් එකම උස්තාද්වරයා ගැන කිසිම තැනක කිසිම සඳහනක් නැත. ඊට හේතු කීපයක් තිබේ.

උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි, ‘අනේ මහත්තයෝ මං ගැන ප‍්‍රචාරයක් දෙන්න’ කියමින් විස්කි බෝතල් හෝ වෙනත් පඩුරු පාක්කුඩම් හෝ උස්සාගෙන මාධ්‍යකාරයන් පස්සේ බඩගා නැත.

තමතමන්ගේ හිතවතුන්ගේ පිටකහන්නටම සැදීපැහැදී සිටින මාධ්‍යකාරයන් උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගැන කතාකර තම හිතවතුන් පල්ලම් බස්සවන්නට ඉදිරිපත් වෙතැයි බලාපොරොත්තු විය නොහැකිය. (හොඳ මාධ්‍යවේදීන් කීපදෙනෙකු සිටියත් ඔවුන් යටකරගන්නට අර දීනයෝ සමත්ව සිටිති.)

උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමිට ප‍්‍රචාරයක් දෙන්නැයි දේශපාලකයන් නියෝග කරන්නට ඉඩක් නැත්තේ ඔහු කිසිදු දේශපාලකයකුට පන්දම් අල්ලා නැති බැවිනි.

ගුරුවරයාගේ ගුණ වයා තම ප‍්‍රතිරූපය පුම්බාගන්නට හපන් අද කාලයේ ගෝලයන් බඳු ගෝලයකු උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි මේ රටේ බිහිකර නැත. එම නිසා වසරක් පාසා උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි සමරු සන්දර්ශන, පුවත්පත් හා මාධ්‍ය හරඹ ආදිය මෙහි පැවැත්වීමට ඉඩක් නැත.

ඬේවිඞ් පොඩිඅප්පුහාමි උස්තාද් තනතුරක් ලබා ඇතැයි කියා තමන්ගේ හුළං බස්සවාගැනීමට අපේ මොනම පණ්ඩිත් කෙනකුවත් නිපුණ් කෙනකුවත් මහාචාර්ය කෙනෙකුවත් ඉදිරිපත් වෙතැයි සිතිය නොහැකිය. 

එම නිසා උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගාන්ධර්වයාට යුක්තිය ඉෂ්ට කළ හැක්කේ පේ‍්‍රමසිරි වැවේගෙදර ලියන පොතට පමණි. හැකි ඉක්මණින් එය ප‍්‍රසිද්ධ කෙරේවායි ප‍්‍රාර්ථනා කරමු. ඇනකොන්ඩාද උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි පිළිබඳ ලැබෙන තොරතුරු ඉදිරියේදීත් පළකිරිමට සැදීපැහැදී සිටී.

22 comments:

  1. කවදාවත් අහලා නැති වටිනා තොරතුරු ටිකක්....

    ReplyDelete
  2. මමත් ඔහුගැන අහලා තිබුණෙ නෑ මීට කලින්. නමුත් ඔහු සංගීත අංශෙන් එතරම් ඉහළට ගියා නම්, ඒ තරම් දක්‍ෂයෙක් වුනා නම් ඔහුගෙ හැකියාවෙන් ලාංකාවෙ සංගීත ක්‍ෂේත්‍රයටත් සේවයක් කරන්න තිබුණ, අඩුතරමෙ ඉන්දියාවෙ ගිහින් අධ්‍යාපනය ලැබීමට නොහැකි ළමයි වෙනුවෙන් ආශ්‍රමයක් ආරම්භ කරන්නවත් උත්සාහ කරන්න තිබුණ. අපේ රට තුළදි මිනිස්සුන්ට කවදාවත් අමතක නොවෙන විදියෙ නිර්මාණ කිහිපයක්වත් බිහිකරන්න තිබුණ. එහෙම උනානම් කවුරු ඔහු ගැන ප්‍රශස්ථි නොලිව්වත් රටේ මිනිස්සු එතුම ගැන දැන ගනීවි.

    ReplyDelete
  3. මසුරං ලිපිය...

    හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා... ඔය කියපු කෙනා ලංකාවේදී කරපු නිර්මාණ මොනවද..? ලංකාවේ සංගීතයේ දියුණුවට ‍මොනවම හරි දෙයක් කරලා තියේද..? නැත්තං ඉන්දියාවෙන් ඉගෙනගෙන එහෙන්ම බැඳලා එහෙටම වෙලා හිටියද..?

    එහෙම නොවුනනං ඇයි ඔහු වෙනුවෙන් අපේ සමාජයේ කිසිම තැනක කිසිම දෙයක් ලියවිලා නැත්තේ...? මටනං මොනවා නමුත් අඩුවක් පේනවා... මට පේන හැටියට අමරදේවගේ පණ්ඩිත් කෑල්ල උස්තාද් පොඩි අප්පුහාමිට ඉහළින් යන්නේ එතැනදී කියලා...

    ReplyDelete
  4. මාරයා කියන දේ හරි මම හිතන්නෙ. උස්තාද් කෙනෙක් වුනත් ඔහු දායක වූ එකම සිංහල ගීතයක් ගැන වත් අසන්නට නැත්තේ ඇයි? සිංහල බැරි නම් හින්දි හරි? ඒක ලොකු ප්‍රශ්නයක්. අමරදේවයන් හෙළයේ මහා ගාන්ධර්වයා වන්නේ ඒ නිසයි.

    ReplyDelete
  5. අපට දැනගන්න ලැබෙන අන්දමට උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමිට ඒ කාලේ පටන්ම කෙනෙහිලිකම් වෙලා තියෙනවා. ලංකාවට ආව ගමන්වලදි හැම අවස්ථාවකම පොඩිඅප්පුහාමිට ලැබිලා තියෙන්නේ ‘පොඩිඅප්පුහාමි’ සැලකිලියි. ඔහු ලංකාවෙන් දුරස් වෙන්න හේතුවෙලා තියෙන්නේ එම බලපෑම්. අවසාන කාලේ පිස්සුවෙන් වගේ ‘ශ‍්‍රී ලංකා ශ‍්‍රී ලංකා’ කියකිය හිටිය බවයි පැවසෙන්නේ. ඔහු රවි ශංකර්ලා වගේ මිලමුදල් පස්සේ ගිය කෙනෙක් නෙවයි. අහිංසක විදියට ජීවත්වෙලා අහිංසකයකු වගේ මැරිලා ගියා. ඉන්දියානුවන් ඔහුට හුඟාක් ගරුකරන්න හේතුවත් ඒක බවයි පැවසෙන්නේ. ඔහු පිළිබඳව තවදුරටත් හොයා බලා තවත් තොරතුරු ඉදිරිපත් කරන්නම්. තොරතුරු දන්න අය ඉන්නවා නම් ඉදිරිපත් කරන්න කියා ඉල්ලීමකුත් කරනවා.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ඔහු විශිෂ්ඨ ගාන්ධර්වයෙක් වෙන්නට ඇති. ඒ වගේම සිංහලයින් අතරින් බිහි උන විශිෂ්ඨයා වෙන්නටත් හැකියි. එහෙත් එයින් "හෙළයේ මහා ගාන්ධර්ව" යන ගෞරව නාමයට උරුමකම් කියන්නට ඔහුට අයිතියක් ඇති කියලා හිතන්නට අපහසුයි. ඔහු ඉන්දියානු ගාන්ධර්වයෙක් හැටියටම සලකා කටයුතු කිරීමයි නිවැරදි වන්නේ.

      Delete
    2. මෙන්න මෙච්චරයි නෙටි එකේ මේ නම යටතේ වැදගත් දේකට තියෙන්නේ...

      Spoilt Genius Of Maihar

      Dancers, drummers, singers, song-writers and other writers, actors, directors (as in plays and films), musicians - the Kollupitiya place gave them free entry, nourished them all. Among them were Ananda Samarakoon, Sunil Shanthi (better known as Sunil Shantha), and Albert Perera a.k.a. Amaradeva. It was also the nursery for such dancers as Khema, Ravibandu and numerous others. An early protŽgŽ of Chitrasena, Ustad Podiappuhamy originally of Kuliyapitiya, himself a grandmaster in the sarod and heir to Alauddin Khan’s school in Gwalior, received there an earful of invective (delivered in English perhaps out of deference to the sensibilities of those present) for treating the occasion too lightly. He responded with a supplication for forgiveness played on the sarod, which I heard as a profound expression of the guru-gola relationship. The place was an oasis in the heart of Colombo, and took to its bosom the street and shanty people of Kollupitiya as well as diplomats of various political hues.

      මේක උපුට ගත්තේ Chitrasena

      මේකේ තියෙන විදියට නම් එතුමා එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි වගේ... නොදන්න කෙනෙක් ගැන කතා කරන්න, වැඳුම් පිඳුම් කරන්න කියන්න බෑනේ... කොච්චර හොඳ කෙනෙක් උනත්... හැබැයි ඉතිං මේ සමකාලීනයෝ පවා එතුමා ගැන කතා නොකර ඉන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ කියලා මට හිතෙනවා.. මොකද මේ සමකාලීන අය මුල අමතක කරපු නැති මිනිස්සු කියලා තමා ප්‍රසිද්ධ...

      Delete
  6. පොඩිඅප්පුහාමි සිංහල සංගීතයට සේවයක් නොකළෙ ඇයි කියන එක ප‍්‍රශ්නයක් තමයි. අනික පේන හැටියට පොඩිඅප්පුහාමි ඉහළ පෙළේ ශාස්ත‍්‍රීය සංගීතඥයෙක් වගෙයි. ඒවගේ අය කරන්නෙ වෙන වෙන වැඩනෙ. නමුත් ඔහු ගැන කතාකරන්න ඔහු සිංහල සංගීතයට සේවයක් කරලා තියෙන්නම ඕන නෑ නේද? ඇයි අප්පේ පේ්න්නෙ නැද්ද අපේ කට්ටිය ඉන්දියාවෙන් ශිල්පීන්ව මෙහාට ගෙන්නන හැටි. සින්දුකාරයො, නිළියො, දැන්වීම්කාරයො මේ හැමෝවම දැන් ඉන්දියාවෙන්නෙ ගෙන්නන්නෙ. ඉන්දියාවෙන් විතරක් නෙවෙයි, යුරෝපෙන් ඇමරිකාවෙන් පවා අපේ කට්ටිය ශිල්පීන්ව ගෙන්නනවා. ගෙන්නුවා. ඉතිං ඇයි අපේ අයට බැරිවුණේ ඉන්දියාවෙ ප‍්‍රසිද්ධවුණු අපේ මිනිහෙක්ව මෙහෙට ගෙන්නලා වැඩක් කරන්න. ඒකට හේතුව තමයි ඇනකොන්ඩා අපිට පෙන්නන්නෙ. හේතුව තමයි කුහකකම.

    No-Dutu Gamunu

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න එපා අමර දේවට අද ඔහොම සැලකුවට මුල ඉඳන්ම එහෙමයි කියලා. විශේෂයෙන්ම කුල ප්‍රශ්න හරහා ඔහුවත් මේ සමාජය බොහෝම පීඩාවට පත් කලා. අමරදේව වගේම චිත්‍රසේන/පණීභාරත/සේකර/නන්දා මාලනී වැනි අයටත් මේ දේ සිද්ධ උනා.(තවමත් ඉඳහිට කෙරෙනවා)
      එහෙම පරිසරයකයි අමරදේව සිය හැකියාව මතින් ගමනක් යන්නේ. එහෙම නැතිව පොඩි අප්පුහාමිට නැති මල් මාලා අමරදේවට ආවේ නැහැ. අමරදේව දුෂ්කර මාර්ගය තෝරගත්තා වගේම එයින් ජයග්‍රහණය ලැබුවා. පොඩි අප්පුහාමි දුෂ්කර මාර්ගය අත පත ගාලා හැරිලා ගිහින් කියලා තමා මට හිතෙන්නේ.

      Delete
  7. අමරදේව අගය කළ යුතු මහා සංගීතඥයෙක් තමයි. ඒක ඇනකොන්ඩා පවා පිළිගන්නවා. ඇනකෙනේඩා ඒක පිළිගන්නේ නැත්තං මහ කුහකයෙක්. කුලභේදයටත් වඩා භේදයක් තියෙනවා. කල්ලිවාදය. ඒකාලේ සරච්චන්ද්‍ර මහත්තයලා, මාටින් වික‍්‍රමසිංහ මහත්තයල එකතුවෙලා ලංකාවේ හැම සංස්කෘතික කලා අංශයක්ම අල්ලගෙන හිටියෙ. එයාලගෙ හිතවතුන්ට විතරයි ප‍්‍රචාරය ලැබුණෙ. උස්තාද්ල වගේ අය යට ගියේ අන්න ඒ කල්ලියෙ වැඩ නිසා. ඒවා විස්තර කරලා ගහපු පොත්පත් තියෙනවා. අදටත් හුඟක් කලා අංශවල ඉන්නේ එයාලගෙ ගෝලයෝ. ඒවා යටින් සිද්ධවෙන දේවල්. ඇනකොන්ඩාට ස්තුතියි. හොඳ ලිපියක්.

    සරදියෙල්

    ReplyDelete
  8. මේ වගේ පුද්ගලයන්ගෙන් රටකට වැඩක් ගන්න පුළුවන් උනානම් ගොඩක් හොදයි. තව මේ වගේ කට්ටිය ඇති හැම ක්ෂේත‍්‍රයකම වගේ. ඒ අයගෙන් රටට සේවය ගන්න කොච්චර දුරට රටක් විදිහට අපි ලෑස්තිද කියන එකත් ප‍්‍රශ්නයක්. ලංකාවේ තියෙන්නේ හැම අතම පැතිරිච්ච කල්ලි වාදයක්, ගෝත‍්‍ර වාදයක්. ඒ කල්ලියකට එක් නොවී ගමනක් යෑම අසීරුයි. අවාසනාවකට වගේ ගොඩක් දක්ෂ අහිංසක මිනිස්සු මේ පොරේට නොවැටී තමන්ගෙ පාඩුවෙ ඉන්නව. මේ කුහකකම් වලින් තොරවුනු, සුදුස්සාටම සුදුසු තැන ලැබෙන දවසක අපිට ශ‍්‍රී ලාංකිකයො විදිහට ආඩම්බර වෙනව වගේම, ශ‍්‍රී ලංකාවෙ ඉපදීම ගැනත් ආඩම්බර වෙන්න පුළුවන් වේවි. -සමී

    ReplyDelete
  9. මටත් ඇතිවුන ගැටලූව මෙතුමාට රට පමණක් නොවෙයි ගම නෑදෑයන් මේ සේරම අමතක වෙලා යන්නෙ මක්නිසාද යන කාරණාව හිතේ නැගුනට පසුවයි. තව එකක්, මෙතුමා ජිවිතේ කවරදාකවත් මම සිංහලයෙක් එහෙම නැතිනම් මම ලාංකිකයෙක් කියල කොතනක හරි කියල නැහැ නේද? එහෙම නම් මෙයා ඉන්දියානුවෙක් නේද? දැන් බලන්න ඇයි අපි ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවන්ව අගයන්නෙ. ටිබෙටයේ සිට වැඩියත් රටට ජාතියට ආගමට කැපවුන නිසානෙ/ හැබැයි මහින්ද හාමුදුරුවො හැම විටම තමාගෙ නම මුලින් ටිබෙට් ජාතික මහින්ද හිමි කියල ලිව්ව. එතුමාගෙ භාර්්‍යාවගෙ බලපෑමට යටවි ලංකාවෙ හැම සම්බන්ධකමක්ම අතහැරියාද? එහෙම නැතිනම් ලංකාවෙ සිංහලයෙක් කියන්ඩ බයේ හෝ ලැජ්ජ්ජාවේ රට ගම අමතක කලාද කවුද දන්නෙ? මරණාසන්න කාලෙ දි ලංකා ලංකා කියමින් සිටියා යන කතාව විශ්වාස කරන්ඩ අමාරුයි.

    ReplyDelete
  10. මේ ලිපියේ විදියට උස්තාද් පොදිඅප්පූහාමි අමරදේව ට අරවගේ හැමෝම ඉස්සරහ අපහාසාත්මක විදියට කතා කරනම් ,ඔහු අමරදේවයන් තරම් පිළිගැනීමක් ලංකාවේ නොලැබුණේ ඇයි කියන එක එක හිටගන්න අමාරු නෑ

    ReplyDelete
  11. Spoilt Genius Of Maihar
    on David Aka S.D. Podiappuhamy

    HE lives in a filthy cowshed in the backyard of his one-storey home in Maihar's Purani Basti. A grubby mosquito net has been hanging in this cubbyhole for ages. Whisky bottles and ballpoint drawings are strewn around in the mess. Pasted outside the low-slung door are his favourite sayings: 'Visit India, Quit India', 'Think before you leap' and 'All that glitters is not gold'. In a way, the room and the sayings sum up the life and times of its resident, Sri Lanka-born David aka S.D. Podiappuhamy, one of Baba Allaudin Khan's most promising disciples.

    They call him the spoilt genius of Maihar. Born in Sri Lanka, David had travelled to England for his matriculation before he heard the strains of a raga and was enraptured. "I knew instantly that I wanted to learn Indian music," he says. He came to Santiniketan, joined Visva Bharati's music school, learning the sitar, tabla, vocal and dance. Considered the most promising student of his times, he completed the five-year music course in four. He met Baba Allaudin Khan during one of his visits to the country in 1951—the legend was a visiting professor of music at Visva Bharati. Khan, struck by the young David's enormous talents and nimble tabla playing, sent him a cryptic cable in 1954 which said: "Come immediately with your instrument."

    The Sri Lankan didn't waste time in joining the legend in Maihar, and remained with him till his dying day. He learnt his sarod from Khan, practising up to 16 hours a day and became the principal of the music college for a few years. At one point, David's talents in sarod, tabla, flute and his nifty skills in kathak made him the most formidable talent from Maihar's music nursery. Today, the 74-year-old maverick musician, refusing to move out of the town and ignored by his fraternity, is an alcoholic wreck, roaming the town aimlessly by day and retiring to his cowshed corner at night. His hands and voice tremble when he manages to play a raga on his sarod or sing a thumri. The problem is few people outside Maihar have heard David play. Living in a haze of alcohol and cannabis, he has no complaints.

    But Maihar residents say he actually scrapes around for a living, earning a few hundred rupees from the occasional performance. A few years ago, an Australian university offered him a faculty position in music after hearing him play, but David laughed it away. Now his two sons, trying to pursue a career in music in Mumbai, send some money home to keep the fires burning. "We don't disturb him," says wife Usha Devi. "He has totally withdrawn from the society, so he lives in the cow-shed." That is the spoilt genuis's favourite nook in his three-room home.

    ReplyDelete
  12. මෙතන ඩේවිඩ් කියල නමක් තියනවා. ඒ ඩේවිඩ් පොඩිඅප්පුහාමි වෙන්න ඕනේ

    Students of Ustad Allauddin Khan

    Ali Akbar Khan Sarod
    Annapurna Devi Surbahar
    Arun Bharatram Sitar
    Ashish Khan Sarod
    Bahadur Khan Sarod
    Balai Banerjee Sitar
    Basantrai Brahmabhatt Sarod
    CL Das Sarod
    David Sitar
    Dhyanesh Khan Sarod
    Dyuti Kishore Acharya Sitar
    Ghurrey Maharaj Dhrupad
    Gulgul Maharaj Harmonium
    Hiren Mukherjee Sitar
    Idri Singh Sitar
    Indraneel Bhatacharya Sitar
    Jatindra Nath Banerjee Violin
    Jitendra Pratap Singh Sitar
    Jotin Bhattacharya Sarod
    Naidu Violin
    Nikhil Banerjee Sitar
    Pannalal Ghosh Flute
    Pratima Roy Choudhary Sitar
    Projesh Banerjee Sarod
    Rabin Ghosh Violin
    Ram Ganguly Sitar
    Ram Pyaro Harmonium
    Ranjit Banerjee Chandra Sarang
    Ravi Shankar Sitar
    Rebati Ranjan Debnath Sitar
    Roshan Violin
    Sanat Banerjee Sarod
    Saran Rani Sarod
    Sheela Bharatram Sitar
    Shubhendra Shankar Sitar
    Shyam Ganguly Sarod
    Sipra Banerjee Sarod
    Sripada Bandhyopadhyaya Sitar
    Suprabhat Pal Sarod
    Swarnalata Chopra Sitar
    Timir Baran Sarod
    Vinay Bharatram Dhrupad

    ReplyDelete
  13. ඒ අනේ කොල්ලෝ මේ උත්තමය ගැන ලියන පොත ගන්න තැනක් සඳහන් කරපං උනාම. පින් !

    ReplyDelete
  14. අමරදේවගෙ කුල ප්‍රශ්නෙ ඔහුට වාසියටත් හිටියා.මාධ්‍ය මාෆියාව තුල බලවත් වීමට ඔහුට ඒ සම්බන්ධකමුත් බලපෑව.මේ රටේ මොනම දක්ෂෙයෙකුට වුනත් මාධ්‍ය වේදීන්ට අරක්කු පොවන්නෙ නැථිව ඉහලට එන්න බෑ.

    ReplyDelete
  15. ඉතාම වටිනා ලිපියක් නේ. අර කිව්වත් වගේ මේ පොත කවදා කොහෙන් හෝ ගන්න පුලුවන් තැනක් කියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. දන්න තැනක් තියේද පොත ගන්න තියන

      Delete
  16. I also need to know more about him

    ReplyDelete
  17. ඇත්තමයි වටිනා ම ලිපියක් මම මේ ලිපිය දකිනකොටත් සමහර විට ඒ පොත පිට වෙලා තිබෙන්න පුලුවන් නමුත්,ඒ පොතට එකතු කළ හැකි තවත් කරුනක් මගෙ ගුරුතුමා දන්නවා ලංකාවේ සිටි එවකට
    දක්ෂ වයලීන වාදකයෙක් ගුරුතුමෙක් වූ ජෝජ් පල්ලෙවත්ත ගුරුතුමාගේ දක්ෂ ශිෂයෙක් වූ විශ්‍රාමික සංගීත ගුරු උපදේශක වරයකු වන ආර්.එම් රාජපක්ෂ මහතා සතුව උස්තාද් තුමා ලංකාවට ආ පසුව ඔහු සමග ගතකල කාලය අදටත් මනාව විස්තර කරයි.

    ReplyDelete
  18. මේ ලිපිය සහ එහි කමෙන්ට්ස් අහම්බෙන් දුටුවා . මටත් හිතුන යමක් ලියන්න. මොකද මේ ගාන්ධර්වයා මාත් දැකල තියනවා කතා කරලා තියනවා ඔහුගේ සරෝද් වාදනය සිතාර් වාදනය දැකල වගෙම් ගායනය දැකල අහල තියනවා. මම ආඩම්බර වෙනවා ඒ වගේ විශිෂ්ඨ පුද්ගලයෙක් දැකීමටවත් වාසනාව ලැබුණු එක. මේ ලිපියේ තිබුන කාරණයක් තමයි ඔහු මේ රටේ පිළිගැනීමකට පත් නොවුනේ ඇයි කියන එක. අපි හේතු ඵල න්‍යාය දන්නවා. ඉතින් මේ වාගේ විශිෂ්ඨයෙකුත් උපද්දපු රට ඔහුගෙන් නිසි ප්‍රයෝජන නොගත්තේ ඇයි. එයට හේතු තියනවා. ඔහු කරපු දේ සහ කියපු දේ තමයි හේතු. උස්තාද්ටත් එහෙම වෙන්න හේතු ඇති. මම ඔහු කියපු කතා අහල කරපුව දැකල තියනවා. මම විතරක් නොවේ මේවා ගැන මටත් වඩා දන්නා අය තව ඉන්නවා. උස්තාද් නොදැකපු අය මේ ලිපිය කියවනකොට මේ රටේ වගකිවයුත්තන් ගැන තරහක් ඇතිවෙනවා, පණ්ඩිත් අමරදේව සහ අප රටේ සංගීතඥයන් හෑල්ලු කරනවා. ඒක වළක්වන්නයි මම මේ ලියන්නේ. උස්තාද් ඇත්තෙම්ම විශිෂ්ඨයෙක්. ඒ නිසා ඔහු කරපුවා කියපුවා ප්‍රසිද්ධ කරලා ඔහුගේ අනභිභවනීය වගේම විශ්මිත හැකියාවන් හෑල්ලු කරන්න මම දුෂ්ඨ නෑ. ශ්‍රී ලාංකිකයකු වශයන් සංගීතයේ කෙල පැමිණි එකම පුද්ගලයා ඔහුයි. එකේ විවාදයක් නෑ. ඔහුගේ දක්ෂතා ගැන විශ්මිත හැකියාවන් ගැන කතා කරමු. ඔහු පිළිබඳව අලුත් පරම්පරාව දැනුවත් කරමු. අප රටේ බිහිවුන අනෙකුත් සංගීතඥයින් හෑල්ලු නොකර වගකිවයුත්තන් ට ද්වේශ නොකර.

    ReplyDelete

අදහස් දක්වන්න