Saturday, July 7, 2012

‘යේසු ජීවමානයි’ - රුසියානු ජනාධිපති පුටින් කියයි.

රුසියානු විප්ලවයෙන් පසුව ගොඩනැගුනු සෝවියට් දේශය ලෝකයටම කොමියුනිස්ට්වාදය බෙදා හරින මූලස්ථානය වී පැවතුනි. අපේ රටවලට කොමියුනිස්ට්වාදය ආවේ එංගන්තයෙන් වුවත් එය ජනතාව අතරට ගෙනයාමට සෝවියට් දේශය බලපැම් කළේය. ලංකාවට මාක්ස්වාදය ගෙනා කොමියුනිස්ට්වාදීන්ට ආගම නොඅදහන හේතුවාදීන් වීමට සිදු විය. මෙය කරුම දෝෂයක් නොවේ. ප‍්‍රයෝගික මාක්ස්වාදය තේරුම් නොගැනීමේ විපාකයකි. මේ කොමියුනිස්ට්වාදීන් හේතුවාදීන් වශයෙන් බුදුසසුනට පහර දුන් හැටි පැරැන්නෝ දනිති. එහෙත් ඒ කිසිම හේතුවාදියකු ක‍්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආගම්වලට පහර නොදුන් බව අවබෝධ කරගත යුතු වැදගත් කාරණයකි.


කොමියුනිස්ට්වාදියා යනු ආගම් විරෝධියෙකු යයි ලංකාවේ පිළිගැනීමක් පැවතුනි. ලංකාවේ සිංහල බෞද්ධයන් එය ඇත්තක් යයි පිළිගත් නමුදු සත්‍ය ගවේශණය කරන විට එය ප‍්‍රචාරක වැඩසටහනක ප‍්‍රතිඵලයක් බව අවබෝධ වෙයි. ප‍්‍රචාරය කවුරුන් කොහෙන් ගෙනගියද ප‍්‍රචාරක මූලස්ථානය වූයේ වතිකානුවයි. ඒ සඳහා පාප්තුමාට බටහිර කඳවුරේ මාධ්‍ය ආයතනවලින් හොඳ සහයක් ලැබුණි. වතිකානුව හා බටහිර මාධ්‍ය කොමියුනිස්ට්වාදීන් ආගම් නැත්තන් යයි ප‍්‍රචාරය කළ නමුදු සෝවියට් නායකයන් ක‍්‍රිස්තියානි විරෝධීන් වශයෙන් කිසිම අවස්ථාවක කටයුතු කර නැත. එහෙත් ස්ටාලින්ගේ හමුදාව මොංගෝලියාව වැනි රටවල පන්සල් කඩමින් භික්ෂු සංහාරයක යෙදුණු බව නම් ඇත්තකි. ඔවුන් ක‍්‍රිස්තියානි දේවස්ථානයට රහසින් ආධාර උපකාර කළ ආකාරය හැටි දැන් ප‍්‍රසිද්ධියට පත්ව ඇත. කොමියුනිස්ට් නායකයන්ගේ සහය නිසා  රුසියාවේ  ඕතඩ්‍රොක්ස් පල්ලියට සිය කටයුතු නියමිත පරිදි කරගෙන යාමට හැකි විය.


පසුගිය සතියේ රුසියාවේ ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මැද පෙරදිග සංචාරයක යෙදුණි. මේ ගමනේ දී ජෙරුසලම දේවස්ථානයට ගිය පුටින් බිම දණගසා මහත් භක්තියෙන් දෙවියන් යැද්ද ආකාරය රුපවාහිනී සේවා මගින් දකින්නට ලැබුණි. පසුව මාධ්‍යවේදීන් පුටින්ගෙන් ක‍්‍රිස්තියානි ආගම ගැන ප‍්‍රශ්න කරද්දී ඔහුගෙන් ලැබුණු පිළිතුරු ලංකාව වැනි රටවල මාක්ස්වාදීන් දැන ගත යුතුය.


‘පුටින්ගේ පියා ව්ලැඩිමිර් කොමියුනිස්ට්කාරයෙක් වූ නමුදු පුටින්ගේ මව මරියා, පුටින් දරුවා ළමා කාලයේ බෞතීස්ම කළාය. ඔහුට ව්ලැඩිමිර්  නම දුන්නාය. (ශාන්ත ව්ලැඩිමිර් රුසියාව පාලනය කළ ප‍්‍රථම ක‍්‍රිස්තියානි රජු වශයෙන්  ඕතඩ්‍රොක්ස් පල්ලියේ ගෞරවය ලබයි. එහෙයින් ව්ලැඩිමිර් නාමය උග‍්‍ර ක‍්‍රිස්තියානි බැතිමත්භාවයේ සංකේතයකි. ලෙනින්ටද ව්ලැඩිමිර් කෑල්ලක් තිබුණි). පුටින් ළමා කාලයේ සිටම උග‍්‍ර බැතිමතෙක් වූයේය.


ජෙරුසලමේදී නායක පූජකයෙක් පුටින් අමතා ‘යේසුස් වහන්සේ නැවත එනවා’යි කීවේ ය. පුටින් එතුමාට පිළිතුරු දෙමින්, ‘සත්තකින්ම උන්වහන්සේ නැවත ඇවිල්ලා’යි කීවේය.


රුසියාවට ගොස් කොමියුනිස්ට්වාදීන් වී පැමිණි රෝහණ විජේවීර වැනි සහෝදරවරුන් කෙබඳුදැයි දැන් සිතන්න. ඔවුන් පන්සල තෝරාගත්තේ තරුණ තරුණියන්ට ත‍්‍රස්තවාදය පුහුණු කරන මධ්‍යස්ථානයක් ලෙසිනි. ජවිපෙ නායකයෝ ධර්මය කියාදුන් තරුණ භික්ෂුණ් ත‍්‍රස්තවාදීන් බවට පත් කළහ. බුදුගෙය ආයුධ එකතුකරන හා තුවක්කු හංගන ස්ථානයක් බවට පැමිණවූහ. එහි ප‍්‍රතිඵලය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මේ යතාර්ථයට පිටුපා කටයුතු කරන පිරිසක් ලංකාවේ සිටිති. ඔවුන් අතර තරුණ භික්ෂුන් වහන්සේලා සුළු පිරිසක්ද වෙති.


නිදා සිටින පුද්ගලයා අවදිකරන්නට පුළුවන. එහෙත් බොරුවට නිදාසිටින්නා කෙසේ අවදි කරන්නද? 

6 comments:

  1. කමෙන්ට් එකක් දාන්න ආවත් ආගම් හුටපටයක් නිසා මුකුත් නොකියා ඉන්නම් .

    ReplyDelete
  2. පුටින් කියන්නෙ වර්තමාන රුසියාවෙ ඉන්න ඉතාම සූක්‍ෂම මනුස්සයෙක්. මට හිතෙන්නෙ රුසියාව ආපහු නැගිටින්නෙ මිනිහගෙ මොලෙන් කියල. එයා කියන දේවල්, කරන දේවල් ඔය තරම් ඉක්මනට අර්ථ දක්වන්න යන එක එච්චර සාර්ථක නෑ නේද?
    අනිත් කියපු දේ ගැන නම් මොකුත් නොකිය ඉන්නම්. ඕක අපේ ජාතියෙ කරුමයක්. ඕනම දේක වල්ගෙන් තමා අල්ල ගන්නෙ.

    ReplyDelete
  3. තේරුමක් නැති කතාවක් වගෙයි මට පේන්නේ.

    හැටේ දශකයේ රුසියාවේ සිට පැමිණ ෂන්මුගදාසන් ගේ කොප(චීන පිල) හරහා දේශපාලනය ඇරඹූ විජේවීරව සහ අද රුසියාවේ වසර දහතුනක් තිස්සේ පාලනය ගෙනියන පූටින්වත් සමාන කරන්නේ කොහොමද දේශපලානය අතින්?

    පදනම් විරහිත ලිපියක් බව කණගාටුවෙන් වුනත් කිව යුතුයි.

    ReplyDelete
  4. මාක්ස් ආගම අබිං යනුවෙන් ප්‍රකාශ කරන්නට පාදක වුනේ විශේෂයෙන්ම බටහිර ආගම් නේද ?? මා දන්නා පරිදි බුද්ධ ධර්මය පිළිබඳව අවබෝධයක් මාක්ස්ට තිබුණේ නැහැ

    ReplyDelete
  5. පුටීන් ලස්සනට ඇග හදාගන තියනවා.

    ReplyDelete
  6. රුසියාවේ එදා මෙදා හැම නායකයෙකුටම ජාතිකත්වයක් තිබුණා මාක්ස්වාදය නිසා තමන්ගේ ජාතිකත්වය මරාගත්තෙ නෑ අපේ රටේ මාක්ස්වාදින් පමණක් නොව වෙනත් වාද ගන්නා අයත් ජාතිකත්වය නසා ගන්නව ඒක නේද මේ කියන්නෙ ? කතාව ඇත්ත
    සූරිය බණ්ඩාර

    ReplyDelete

අදහස් දක්වන්න