Sunday, July 22, 2012

සංගක්කාරට අම්මා මතක් කර දෙමු


කුමාර් චොක්ෂානද සංගක්කාර අපට සිටින දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. වාර්තා තබමින් ක‍්‍රිකට් ලෝකයේ නම රැන්දූවෙකි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වඩා සංගක්කාර පහුගිය වසරේ ජුලි 4 වැනිදා MCC Spirit of Cricket Cowdrey  දේශනය පැවැත්වීමෙන් මුළු ලෝකයේම ඇගයීමට ලක්විය. එම දේශනය පැවැත්වූ එකම ශ‍්‍රී ලාංකිකයා ඔහුය. වයසින් අඩුම පුද්ගලයා ඔහුය. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරතව සිටිමින් එම දේශනය පැවැත්වූ එකම පුද්ගලයාද ඔහුය. දෙසුම අවසානයේ ලෝඞ්ස් පරිශ‍්‍රයේ දේශනය ඇසූ සියල්ලෝම අසුන්වලින් නැගිට සංගක්කාරට ප‍්‍රසාදයත් ගෞරවයත් පළ කළහ. ඩෙස්මන්ඞ් ටුටූ බිෂොප්තුමාට පසු, මේ දේශනය පැවැත්වීම නිසා එබඳු පිළිගැනීමක් ලද පුද්ගලයා සංගක්කාර යැයි පැවසේ. එහෙයින් සංගක්කාර යනු එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ. අන්තර්ජාතික තලයෙන් ගත් කල අපේ රටේ බොහෝ ඇමතිවරුන්ටවත් සංගක්කාරට ඇති පිළිගැනීම නැතැයි කිව හැකිය.


මේ සියලූ කරුණු එක්ව ගත් කල සංගක්කාර වනාහි ලෝක පූජිත පුද්ගලයෙකි. එබඳු පිළිගැනීමක්, ඇගයීමක් ලැබෙනුයේ කලාතුරකින් කෙනෙකුට පමණි. මෙවැනි කීර්තිමත් පුද්ගලයන්ට සමාජයට කළ හැකි බලපෑම විශාලය. ව්‍යාපාරිකයන් පන්නපන්නා ගොස් සංගක්කාර වැන්නවුන් කුලියට ගෙන ප‍්‍රචාරක දැන්වීම් නිපදවා සිය භාණ්ඩ පිළිබඳව ජනතාවට රෙකමදාරු කරවන්නට වෙහෙසෙන්නේ එහෙයිනි.


තමන් ලබා ඇති කීර්තිය නිසාම සංගක්කාරට වෙළෙඳ භාණ්ඩ කීපයක් ප‍්‍රචාරය කිරීමේ අවස්ථාව ලැබී ඇත. මේ දිනවල සංගක්කාර වැඩි වශයෙන්ම නිර්දේශ කරන්නේ ‘විවා මොල්ටඞ් මිල්ක්’ හා ‘ඇනිලින් කිරිපිටි’ය.
ඇනිලින් වනාහි ‘ෆොන්ටේරා’ කිරි නිශ්පාදන දැවැන්තයාගේ නිපයුමකි. ෆොන්ටේරා සමාගම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වුණු ‘චීන කිරිපිටි මගඩියේ’ කොටස්කාරයෙකි. තත්පර 20කට එක බැගින් නවසීලන්තයේ කෙරෙන අසරණ වසුපැටවුන් අමුඅමුවේ මස් පිණිස සංහාරය කිරීමේ ඝාතක කල්ලියේ සාමාජිකයෙකි.


කාට වුවද කැල්සියම් අවශ්‍යතාවක් තිබේ නම් කිරිපිටි බී එය සපුරාගැනීමේ අවශ්‍යතාවක් නැත. බොහෝ කිරිපිටි නිපදවෙනුයේ ගවයින්ගේ කිරිවලිනි. ලෝකයේ කොයි එළදෙනගේ කිරි වුවද බොහෝ දුරට එක හා සමානය. ගන්නා කෑමබීම, දේශගුණය, ජාන බලපෑම ආදිය නිසා දෙනුන්නේ කිරිවල යම් යම් වෙනස්කම් තිබිය හැකිය. එහෙත් අධිකැලිසියම් සහිත කිරි දොවාගත හැකි දෙනුන් නම් නැත. කිසියම් කිරිපිටි වර්ගයක කැල්සියම් ප‍්‍රමාණය අධික නම් අනිවාර්යයෙන්ම ඒ කෘති‍්‍රම ලෙස එක්කරන ලද කැල්සියම් විය යුතුය. සිරුරට අවශ්‍ය කැල්සියම් ලබාගැනීමට ග‍්‍රෑම් එකක් රුපියල බැගින්දී ඇනිලින් බීමට අවශ්‍ය නැත. ගමේ ඩිස්පැන්සරියේ දොස්තර මහතාට කී විට ඩිස්පැන්සරියේ පෙති තිබේ නම් නොමිලයේම හෝ නැතිනම් සුළු මුදලකට ෆාමසියෙන් හෝ ලබාගත හැකිය. ඒ සඳහා අහවල් එක බොන්න අහවල් එක බොන්න යයි කියමින් ජනතාව මුලාකර මිලියන ගණනින් මුදල් හම්බ කිරීම මහත්මයෙකුට තරම් නොවන බව තේරුම් ගන්නට මේ කිර්තිමත් දේශකයාට නොහැකිවීම කනගාටුවට කරුණකි.


විවා මෝල්ටඞ් මිල්ක් ජනප‍්‍රිය කරවීම සඳහා සංගක්කාර කුලියට කරන ප‍්‍රකාශ අපගේ හිත් බලවත් සේ කම්පාකිරීමට සමත් විය. සංගක්කාර කියන්නේ ඔහුගේ සියලූ ජයග‍්‍රහණ පිටුපස සිටිමින් ඔහුට ජවය ශක්තිය දුන් ‘ශ‍්‍රියා කාන්තාව’ ‘විවා’ බවයි. 


‘ශ‍්‍රියා කාන්තාව’ වනාහි හින්දු දේව සංකල්පවල එන සුරංගනාවකි. අප දන්නා පරිදි සංගක්කාරට ජවය ශක්තිය දුන් සැබෑ සුරංගනාවක් සිටියි. ඒ කුමාරි සුරංගනා නමැති සංගක්කාරගේ මවයි. එතුමිය වෙළඳ සමාගම්වල ප‍්‍රචාරයට අසුවී පියයුරු වැහැරෙතැයි බියෙන් සංගක්කාරට මව් කිරි නොදුන් තැනැත්තියකැයි අපි නොසිතමු. අපට හැගෙන පරිදි නම් සංගක්කාරගේ බලය, ජවය, ශක්තිය පිණිස පදනම වැටෙන්නට ඇත්තේ මව් කිරෙන් හා ජාන බලයෙනි. සංගක්කාරගේ මව වෙළෙඳ ප‍්‍රචාරයට අසුවී සංගක්කාරට මව් කිරි නොදී කිරිපිටි පෙව්වා නම් ඔහුට ඔය ජවසම්පන්න බව නොලැබෙනු නියතය. අඩුම තරමින් සංගක්කාරගේ නිවෙසේ ‘විවා මෝල්ටඞ් මිල්ක්’ බෝතලයක් වත් ඇත්දැයි සැක සහිතය. සංගක්කාර වැනි ක‍්‍රීඩකයකුට ශක්තිය සැපයීමට විවා බඳු බාල මෝල්ට් වීදුරු දෙකතුනකට නොහැකිය.


අපේ සංස්කෘතියේ කිසියම් පුද්ගලයකුට ඇති වටිනාම වස්තුව වශයෙන් සැලකෙන්නේ මවයි. බුදුන් වහන්සේ හැඳින්වීම සඳහා ‘අමාමෑණියන්’ වහන්සේ යනුවෙන් භාවිතා කරන්නේ එහෙයිනි. අප ජිවත් වන මහපොළව හැඳින්වීමට ‘මහපොළෝ මාතාව’ යන්න භාවිතා කරන්නේ එහෙයිනි. කරදරයකදී වෙනත් ජාතීන්ගේ මුවෙන් පිටවන, ආණ්ඩවනේ, දෙයියනේ, අල්ලා, මුරුගා, කඩවුලේ වෙනුවට සිංහලයන්ගේ මුවෙන් ‘අම්මේ’ හඬ නිකුත් වන්නේ එහෙයිනි.


මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් වෙළෙඳ දැන්වීමකට පෙනී සිට සංගක්කාර කරන මේ ප‍්‍රකාශය මව කෙළෙසීමකි. ජනතාව ගොනාට ඇන්දවීමක් පමණක් නොව සමාජයට මාතෘත්වය පිළිබඳ වැරදි අර්ථකථනයක් කාන්දුකිරීමකි. 


සංගක්කාර බඳු කීර්තිමත් පුද්ගලයන් සමාජය සමඟ කරන ගනුදෙනු පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය. ජීවිත කාලයටම එකම එක වටිනා දැන්වීමකට නොමිලේ පෙනීසිටි අර්ජුන රණතුංග, නීලා වික‍්‍රමසිංහ ආදීන් ආදර්ශයට ගන්නට සංගක්කාර වැන්නවුන්ට හැකිවේවා. 

10 comments:

  1. මෙන්න කථා... සල්ලි වලට අම්මව උනත් විකුණන උන්ට මේවා පනේවා!!!!

    තව තදට දෙන්න ඇනකොන්ඩා

    ReplyDelete
  2. සල්ලි දෙනවනම් අපේ රටේ එවුන් අම්මා වුනත් විකුණගෙන කනවනේ. සංගලා වගේ අය මේ වගේ තත්වයකට වැටීම ගැන ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි හැමෝටම ඇත්තේ බලවත් කණගාටුවක්. අනිත් එක මෑත කාලෙදී වෘත්තීමය ජනප්‍රියත්වය බහුජාතික සමාගම්වලට වැඩිපුරම විකුණපු ක්‍රීඩකයා වීමේ අ‍ගවුරවය හිමිවන්නෙත් සංගාටයි. කොහොම වුනත් සල්ලි නැති මිනිස්සු නම් මේ වගේ පහත් වැඩවලට පෙළඹුනාට කමක් නැහැ. අපිට දුක කෝටිපතියෝ හිගාකන එක ගැන.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ
      ස්තූතියි දිගටම එන්න

      Delete
  3. සංගක්කාරට මුදල් ඉදිරියේ අම්මා අමතක කෙරුව. හරි, අම්මව විතරක් නොවෙයි කෙල්ලෙක් කසාද බැඳගන්ඩ අම්ම තාත්ත අත්ත මුත්ත ඔක්කොම අමතක කරල දේවස්ථානයේ දණ ගහන නාම්බන් මොන තරම්ද? කෙල්ලො ඉස්ලාම් ආගමට ගිහින් මොට්ටැක්කිලිත් දාගන්නව. කොහොමටත් ලිපිය හොඳයි. මොළ වඩන බේතක්. saradiyel

    ReplyDelete
    Replies
    1. ඒකනෙ
      ස්තූතියි දිගටම එන්න

      Delete
  4. හ්ම්ම් සල්ලිය භාගේ තියාගෙනත් සංගා තමුන්ව දෙකේ කොලේට දාන එකටනම් අංකලුත් මනාප නැතුවා.

    එත්.. ඇත්තටම තමුන්ගේ අම්මා අප්පා විකුණන් කන උන් ඉන්න රටේ, රට රකින්න ජන්දේ අරන් නිධන් ටිකට, කැලෑ ටිකට අරින උන් ඉන්න රටේ. කොටින්ම මුළු රටම විකුණන් කන උන් ඉන්න රටේ, සංගා තමුන්වම විකුණන් කන එකට අංකල් ආචාර කරනවා මිසක් දොස් කියන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ෆලෝ කරන්න පුළුවන් ගැජට් එකක් දහං පුතේ

      Delete
    2. ස්තූතියි දිගටම එන්න
      හිතන්නේ දැන් පුළුවන් ෆලෝ කරන්න

      Delete
  5. සංගා සුපිරි පිතිකරුවෙක්, දක්ශ නායකයෙක් බව ඇත්ත. ඒත් ඕනම මිනිහෙක්ට වගේ සංගටත් "මිලක්" තියෙනවා. ඒක බොහොම අඩු මිලක්. ඒකයි සංග ඔච්චරටම විකිනෙන්නෙ.....

    ReplyDelete

අදහස් දක්වන්න