Friday, December 14, 2012

අපේ ගොවි පරපුර වැනසීමේ කොන්ත‍්‍රාත්තුවට ශ‍්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු කලාකරුවෝ කරගසති.


ගොවිතැන අපේ ශිෂ්ටාචාරයේ හදවත වූයේය. අපේ ගොවියන්ගේ හපන්කම් පැහැදිලි කරන සාක්ෂි බොහොමක් තිබේ. එයින් කිහිපයක් පමණක් මෙහි දක්වමු. පැරණි ඉරාන සාහිත්‍යයේ පවා සිංහල හාලේ රස ගැන කියවෙන ස්ථාන තිබේ. සිංහල හාල් යන්න විදේශීය වෙළඳුන් නිපදවූ නමකි. සිංහලයින්ට නොයෙක් සහල් වර්ග තිබුණි. ඉංග‍්‍රීසින් රටෙන් පිටව යද්දීත්  බිත්තර වී වර්ග සියයකට වඩා තිබිණි. ඒ සියල්ල වඳකිරීම ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (අයිආර්ආර්අයි) නැමති ජාත්‍යන්තර ආයතනයේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයකි. මෙහි ආසියානු මූලස්ථානය පිලිපීනයේ පිහිටා ඇත.

යුරෝපීන් කඩා වැදුණු ලංකාව සහලින් ස්වයංපෝෂිත වී පැවතුන රටක් විය. පරංගියා ගොවිතැන විනාශ කිරීම ඇරඹීය. ඒ මාදම්පේ මහයායවල් විනාශ කිරීම මගිනි. ලන්දේසි ඇල කපමින් මුතුරාජවෙල වැනි මහ යායවල් පුරං කරන ලදී. රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ කාලයේ  ඌව වෙල්ලස්ස ජනශුන්‍ය කරමින් ජලසම්පාදන පද්ධති විනාශ කරමින් ගොවිපරපුරු වැනසූ හැටි ඉතිහාසය දන්නා කවුරුත් පාහේ දන්නා සිද්ධින් රැසකි.

හරිත විප්ලවය නැමැති කුමන්ත‍්‍රණයෙන් ලංකාවේ ගොවිපරපුරේ බිම් අයිතිය අහෝසි කරන ලදී. දැන්  මෙම උපක‍්‍රමය එළවලූ, පලතුරු ඇතුළු අපේ අනෙකුත් වගාවන් කෙරේද යොමුව තිබේ. මෙහි මූළික වෙන්නේ මොන්සැන්ටෝ නම් ලෝකයේ ප‍්‍රධානම සමාගමයි. ඔවුන්ගේ ඒජනත්වරු වශයෙන් කටයුතු කරන වෙනත් සමාගම් මේ වන විටත් අපේ පැරණි ගොවිතැන බරපතල ලෙස විනාශ කරදමා ඇත. අපේ සාම්ප‍්‍රදායික, වැටකොළු, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා, මෑ, මුංඇට, ගස්ලබු ආදිය පසුගිය කාලයේ ඉතා වේගයෙන් අතුරුදහන්ව ගොසිනි. ඒ වෙනුවට ලොකුවට හැදෙන, රසායනික පොහොර හා පිළිබෝධ නාශක බහුල වශයෙන් යෙදිය යුතු බෝග වර්ග වේගයෙන් පැතිරී ඇත. ජාන විකෘති කළ එළවලූ පළතුරු කෑම සිරුරට අහිතකරය. මේ බොහෝ බෝගවල හටගන්නා ගෙඩි, කරල්වල ඇට පැළකළද ඒවායින් ඵලදාවක් ලැබිය නොහැක. ඊට හේතුව ඒවායේ ජාන ශත්කිය විනාශ කර තිබීමයි. ජාන බලය නැති ඇට පැලවුනද ඒවාට ලෙඩ හැදේ.

මේ නිසා බොහෝ ගොවියන්ට කන්නයෙන් කන්නයට ඇටයේ පටන් පොහොර, කෘමිනාශක, වල්නාශක, ආදි සියල්ලම මුදලට ගැනීමට සිදුවී තිබේ. මේ සියල්ල මුදලට විකුණන්නේ මොන්සැන්ටෝ බඳු ආයතනවල අතවැසි කොම්පැණි කීපයක් විසිනි. බිත්තර වී හා ඇට, පැළ නිපදවන පුද්ගලයන් හා කුඩා ආයතන තිබුණද ඒ සුළුවශයෙනි. බීජ වෙළඳාම ලෝකයේ අංක එකේ ආදායම් මාර්ගයකි. ලෝකයේ බඩගිනි නිවන්නට ආහාර අවශ්‍යය. ආහාර නිපදවීමට බීජ අවශ්‍යය. කන්නයෙන් කන්නයට බීජ මිලදී ගැනීමට සිදුවූ විට බීජ විකිණීමෙන් විශාල ලෙස මුදල් ඉපයිය හැකිය. බීජවල පේටන්ට් අයිතිය හිමිකරගත් විට ගසාකෑමට හැකි මුදල ඉතා ඉහළ යයි. (කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක දෙදෙනා විසින් රචනා කරන ලද ‘අල්ලාහු අක්බර්’ පොත කියවීමෙන් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලැබිය හැකිය)

කලකට ඉහතදී පටන් රටට ආදරය කරන යම් යම් පුද්ගලයන් හා කණ්ඩායම් මේ ව්‍යසනය පිළිබඳව රටට කරුණු ඉදිරිපත් කිරීම සැනසිල්ලට කරුණකි. ඔවුන්ගේ මැදිහත්වීමෙන් අසීරුවෙන් බෝකරමින් පවත්වාගෙන එන අපේ සාම්ප‍්‍රදායික බෝගවර්ගවලට මේ කාලයේ හොඳ ඉල්ලූමක්ද ඇතිවෙමින් පවතී. ඒ බටහිරුන් හඳුන්වාදුන් ආක‍්‍රමණකාරී ගොවිතැනින් ලැබෙන බෝග නිසා මිනිසුන් අතර වකුගඩු අබාධ, දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝග සෑදෙන බවට හෙළිදරව් වීමත් සමගිනි. මේ නිසා ගොවීන්ද යම් මට්ටමකින් කාබනික ගොවිතැන කෙරෙහි නැඹුරුවන්නට පටන්ගෙන ඇති බව පෙනේ.

ගොවියන් අතර අපේ බිත්තර වී සහ වෙනත් සාම්ප‍්‍රදායික ඇට වර්ගත් තිබීම කොම්පැණිකාරයන්ගේ නොසතුටට හේතුවකි. එම නිසා ඔවුන්ගේ ඒජන්තයෝ ආණ්ඩු ලවා බීජ පනතක් ගෙන ඒමට විශාල උත්සාහයක නිරතවෙමින් සිටිති. ඒ බීජ පනත සම්මත වූ දායින් පසු ගොවියන්ට බිත්තර වී හෝ ඇට වර්ග විකිණීමට ඇති අයිතිය අහිමි වනු ඇත. ඒ අයිතිය කොම්පැණිකාරයන්ට පමණක් හිමිවනු ඇත.

මෙබඳු කරුණු නිසා අපේ ගොවීන් බිලීබාගැනීමට කොම්පැණිකාරයන් අතර ඇති තරගය වඩාත් දැඩිවී තිබේ. මේ තරගකරුවන් අතර ඉතා බලසම්පන්න තරගකරුවා වී ඇත්තේ සීඅයිසී සමාගමයි. අපේ බීජවර්ගවල සහ බෝගවල අයිතිකරුවාවීමත්, ගොවියන්ගේ ප‍්‍රබලතම සැපයුම්කරුවා වීමත් ඔවුන්ගේ ඉලක්කයයි. 

සීඅයිසී යන්නේ තේරුම කෙමිකල් ඉන්ඩස්ටී‍්‍රස් ඔෆ් සිලෝන් යන්නයි. එනම් ලංකා රසායනික සමාගම යන්නයි. ඔවුන් දැන් කරන්නේ රසායනික වෙළඳාමක් නොවේ. දේශීය වෛද්‍ය ඖෂධයක් වූ ‘සමහන්‘ වල අයිතිය මිලදී ගැනීම, යෝගට්, මස්, දේශීය සහල් ආදිය අලෙවිය මගින් සීඅයිසී බූවල්ලා කොතරම් දුරට  සිය අඩු විහිදා ඇත්දැයි හිතාගත හැකිය.

දේශීය බීජ වර්ගවල අයිතිය ලබාගැනීම, දේශීය බෝගවර්ග අලෙවිය, ගොවීන්ට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ යන්ත‍්‍ර සැපයීම ආදි සියලූ අංශවල අධිකාරිත්වය තමන්ට හිමිකරගැනීමේ උපක‍්‍රමයක් වශයෙන් සීඅයිසී සමාගම විශාල ප‍්‍රචාරක ව්‍යාපාරයක් කාලයක පටන් දියත් කර තිබේ. මේ කුමන්ත‍්‍රණයේ බළල් අණ්ඩ වශයෙන් පළමුවෙන්ම බිලිබාගන්නා ලද්දේ වසන්ත දුක්ගන්නාරාල නමැත්තාවය. 

ඔහු පාරවල් අයිනේ බෝඩ්ලෑලිවල කටබලියාගෙන සීඅයිසී කොම්පැණියට හුරේ දමමින් ඉන්නා හැටි දකින ඇනකොන්ඩාට දුක හිතෙයි. ඔහු අපේ ගොවියන් විනාශ කිරීමේ කොන්ත‍්‍රාත්තුව කරට අරගෙන වැඩ කරන නිසා ඇනකොන්ඩාට ඔහුව පෙනෙන්නේ දුක්ගන්නනරාල කෙනකු වශයෙනි. මේ දුක්ගන්නනරාල දැන් තවත් නළුනිළියන් පිරිසක් ගොවියන් වැනසීමේ ව්‍යාපෘතියට එකතුකරගන්නට සමත්වී සිටි. ඒ සීඅයිසී සමාගමේ ප‍්‍රචාරක උගුලක් වන ‘ශූර ගොවියා’ තරගය හරහා අපේ ගොවිපරපුර සීඅයිසී කොම්පැණියේ දංගෙඩියට දැක්කීමේ කොන්ත‍්‍රාත්තු බාරදීමෙනි. මේ අනුව රජරට ගොවිපරපුර නැසීමේ කාරිය ශ‍්‍රියන්ත මෙන්ඩිස්ට පවරා ඇත. නිරෝෂා විරාජිනී, කේ. සුජීවා, මහේන්ද්‍ර පෙරේරා, ගයාන් වික‍්‍රමතිලක, සුරාජ් මාපා, නිල්මිණි තෙන්නකෝන්, දමිතා අබේරත්න වධක තනතුරුවලින් සම්මාදම් සපයන අනෙක් පිරිසයි.

ශ‍්‍රියන්ත මෙන්ඩිස් පුවත්පතකට මෙසේ කියා තිබුණි. ”මේ ගැන හා හා පුරාම දුකා (වසන්ත දුක්ගන්නාරාළ) කියනකොට මට හරි සතුටක් දැනුනා තරුණ පරම්පරාව ගොවිතැනට නැඹුරු කරන මෙවැනි තරගයට විශාල ප‍්‍රදේශයක් නියෝජනය කරමින් කලාප නායකයෙක් වශයෙන් කටයුතු කරන්නට අවස්තාවක් ලැබීම ගැන. ඒ ගැන සියුම් ආඩම්බරයක් මට දැනෙනවා.”

ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගේ කතාව අහන විට ඇනකොන්ඩාට දුක හිතේ. ශ‍්‍රියන්ත ඔබ ඇතුළු පිරිස මේ හදන්නේ තරුණ පරම්පරාව ගොවිතැනට නැඹුරු කරවන්නට නොවේ. ගොවිපරම්පරා කොම්පැණිකාරයන්ගේ වහලූන් බවට පත්කර අපේ ගොවිතැන විනාශකර අපේ බෝගවල අයිතිය කොම්පැණිකාරයන්ට පාවාදීමේ මහා පාපකර්මයට කරගසන්නටය. මෙයින් ඔබට ලොකු මුදලකුත් කීර්තියකුත් ලැබෙනු ඇත. එහෙත් ඒ කිසිවකින් ඔබේ හෘද සාක්ෂියට උත්තර බඳින්නට ඔබට නොහැකි වනු ඇත. ඔබේ හිතවත් නළුනිළි පිරිසටද එසේම වනු ඇති. ඒ ඔබ ඇතුලූ පිරිස මේ කරන්නට හදන්නේ කුමක්දැයි ඇනකොන්ඩා මෙයින් ඔබට තේරුම් කරදී ඇති හෙයිනි.

ඇමරිකාව හා බටහිර රටවල කලාකරුවන්, ගායකගායිකාවන් ආදීහු සිය නිර්මාණ මගින් සොබාදහම, පරිසරය රැකගන්නට පුදුමාකාර වෙහෙසක් දරති. හොඳම උදාහරණය මයිකල් ජැක්සන්ය. මෙබඳු කරුණු විෂයෙහි ඔහු සමාජයට කර ඇති මෙහෙවර දැවැන්තය. කරුමයක මහත. අපේ කලාකරුවෝ කීර්තියත් මුදලත් මෝඩකමත් නිසා තම රටට ජනතාවට හතුරුකම් කරති. රටේ ඉතා ජනප‍්‍රිය ශ‍්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, සුරාජ් මාපා, දමිතා අබේරත්න, නිල්මිණි තෙන්නකෝන්, නිරෝෂා විරාජිනී ගොන් පස් අල්ලමින් කොම්පැණිකාරයන් පස්සේ වැටීම පුදුම අවාසනාවකි. කිසියම් දිනෙක ඔවුන්ගේම මතු පරම්පරා ශ‍්‍රියන්තලාගේ දෙමාපියන් සිහිකරනු වැළැක්විය හැක්කේ ඔවුන්ටම පමණි. ඇනකොන්ඩා මේ කරන්නේ ඊට මගපාදාදීමකි.

පහත දැක්වෙන්නේ ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගමට එරෙහිව නිර්මාණය කරන ලද ගීතයකි. එය නැරඹීමෙන් වත් අපේ කලාකාරයන්ට මොළේ බිඳක් පෑදේවා. 




කරනවනම් මෙන්න වැඩ

15 comments:

  1. ලංකාවේ ගොවියා හැම තිස්සෙම උඩ බලාගෙන කවුරු හෝ යමක් නිකන්දෙනකන් ඉන්න පුරුදු වෙලා,බොරුනම් ඔය මහා වාපී ශිෂ්ටාචාරය තියෙනවා යයි කියන ගම් වලට ගිහින් ගොවියන්ට අලුත් දෙයක් දෙන්න බලන්න,අහන්නෙම සහනාධාර කීයක් දෙනවාද කියලා.ලංකාවෙ යැපුම් කෘෂිකර්මය තරම් සහන දෙන ඒත් ඒ තරම් බංකොලොත් කර්මාන්තයක් තවත් නැහැ.වතුර ටික දෙනවා,පෝර ටිකට සහනාධාර දෙනවා,විකුනන්න ගියාම රජයේ මිල ගනන්, අඩු මිලට පිට රටකින් ආවොත් කියලා ඒවට බදුත් ගහනවා.එහෙම කරලත් කර්මාන්තයක් ලෙස යැපුම් කෘෂිකර්මය අසාර්ථකයි.මොන සමාගම් මොන එව්වාකරත් ගොවියො ඒවා ගන්න කියලා නැහැනෙ,දැං රේඩියෝ වලින් කොච්චර promotions කරත් අපි අහන්නෙ අපිට ඕන එක විතරයිනෙ.

    ReplyDelete
  2. මෙවන් ළිපියක් ලිවීම ගැන ස්තූතිවන්ත වෙමි. එහෙත් දුකා හා ශ්‍රියන්තලා කරනා දේ මා අගය කරමි. ඔබ කෙසේ කීවත් අපගේ ගොවියෝ හිඟන්නෝය. ඔබ කියනා සමාගමෙන් ඔවුන්ට ව්‍යාපාරික ඥානය ලබාදි ඔවුන් ශූර ගොවියන් පමණක් නොව ශූර ව්‍යාපාරිකයින් පිරිසක් බවට පත් කිරීමත් කරනු ලබන්නේය. රජෙයේ ආයතන හා නිළධාරින් කප්පරක් සිටියද, උන් කරනා මෙළෝ දෙයක් නැත. එවන් තත්වයක් තුලා දුකා හා එම ආයතනයේ මේ කාර්යය මම ඉතා අගය කරමි. විය යුත්තේ එයයි....

    ReplyDelete
    Replies
    1. අනේ අපේ අසරණ මිනිස්සුන්ට මේ ක‍්‍රියා ගැන තේරුම් ගන්න තව කාලයක් යයි

      Delete
    2. Are you mad Sahan? I thought you to be some one who can understand something. I'm really annoyed by you + comment in reply to Matalan. Please come out of the well you are living and look thoroughly around the world. Just Google. You will find that Anaconda is right.

      Kushani
      pereraku@gmail.com

      Delete
  3. පරම්පරා සිය ගණනක්
    තුන් වේලම බත හරිකල
    යායේ තිබුණ හොදම කුඹුර
    හරියට කිරිවදින දවසේ
    මාව හිටවලා වෙල මැද
    එහෙන් මෙහෙන් මඩ හෝදන්
    නුඹත් ගියා හනි හනිකට
    හොද ම ගොවිරජා තෝරන
    මෙගා බ්ලාස්ට් මංගල්ලෙට,

    උපුටා ගැනීම-
    පඹයාගේ සාක්කිය කුමාර කඹුරුපිටිය

    ReplyDelete
  4. //ඒ බටහිරුන් හඳුන්වාදුන් ආක‍්‍රමණකාරී ගොවිතැනින් ලැබෙන බෝග නිසා මිනිසුන් අතර වකුගඩු අබාධ, දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝග සෑදෙන බවට හෙළිදරව් වීමත් සමගිනි//
    :D

    ReplyDelete
  5. "දෙයියො මුස්ලිම් අපට උකුස්සගෙ මොළේ දුන්න. කොමෙන්ට් නැහැ, වැඩකරනව ජයග‍්‍රාහකයින් වෙනව. දෙමල කට්ටියට කාක්කගෙ මොලේ දුන්න. රණ්ඩුවෙනව, තියෙන එතක නැතිවෙනව. සිංහලයට මීහරකගෙ මොලේ දුන්න. කියවනව. ලියනව. හැබැයි හැබැයි මොකවක්ම තේරෙන්නෙ නෑ" කියල අපේ වැඩිහිටි අය කියනව. මේ ලිපියෙ කොමෙන්ට් බලද්දි කතාව මොනතරම් ඇත්තද කියල හිතෙනව. කෙමිකල් කොම්පැනි ගැනවක් වැටහිමක් නෑනෙ මේ .......... හිස්තැනට සුදුසු වචනයක් දමාගන්න නසාර්

    ReplyDelete
  6. නසාර් කියන කතාව ඇත්ත ළමයිනේ. මුස්ලිම් මිනිස්සු හැම සිකුරාදාම රැුස්වෙලා හොඳට සංවිධානෙ වෙනවා. වසර සියගණන් තිස්සේ බෞද්ධ රටවල් එකඑක අල්ලාගෙන අල්ලාගෙන එනවා. දැන් බුරුමෙත් ඉවරයි. සුකී බලේට එද්දි මැදගම ධම්මානන්ද වගේ බෞද්ධ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න හාමුදුරුවරුත් ප‍්‍රශස්ති ලිව්වා. ඔන්න දැන් කෙළවිලා නේද? තව ටික කාලෙකින් ලංකාවටත් ඒ සෙතේ තමයි. දැන් කොළඹ සිංහලයො 24%ලූ. කෙමිකල් කොම්පැණිකාරයෝ අපේ මැට්ටන්ව කොටුකරන හැටි මේ දරුවන්ට තේරෙන්නෙ නැතිව ඇති. ඒකට ලොකු දැනුමක් අවබෝධයක් ඒනැ. ඒනිසා ඇනකොන්ඩා කියන දේ ගැන හොඳට හොයාපල්ලා. නැත්තං ඉතිං ‘ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ’ තමයි. උඹලගේ දරුවන්ට හරි දරුවන්ගේ දරුවන්ට හරි ඉස්සරහට කෙමිකල් කොම්පැණිකාරයන්ගෙත් ඊට පස්සේ මුස්ලිම් මිනිස්සුන්ගෙත් වාල්ලූ වෙන්ඩ වෙනවා. තවත් කාලෙකදි ‘අල්ලාහු අක්බර්’ කිය කිය සුළුතර සිංහලයන්ගේ බෙලි කපන කාලෙකුත් එයි. ඒ පාපෙ ඒ බෙලි කපන උන්ට නෙවෙයි. මොළේ තිබුණට වැඩක් ගන්නෙ නැති උඹලටයි.
    අබරන් සීයා

    ReplyDelete
  7. ඇනකොන්ඩා කියන එක ඇත්ත තමයි. බටහිර රටවල ජාන මංකොල්ලය ගැනත්, ජෛව සම්පත්වල පේටන්ට් අයිතිය උදුරාගැනීම ගැනත්, රසායනික සමාගම්වල ආක‍්‍රමණික කටයුතු ගැනත් ලොකු සංවාද පවතී. ඒ රටවල මේවාට විරුද්ධව හුඟාක් විරෝදතා ආදිය පැවැත්වේ. අපට ඒ ගැන ඒතරම් දැනුමක් තවමත් නැත. ඉන්දියාවේත් ඒ අතින් දියුණු අය ඉන්නවා. නමුත් හුඟක් දෙනාව කම්පැනිවලින් අල්ලාගන්නවා බ‍්‍රයිබ්ස් දීලා. සබානි අස්මි නිලිය සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. ඇයව නිහ`ඩ කරන්නට බලවතුන් සමත්වුණා. වරඳනා සිව මහාචාර්යතුමිය මොන්සැන්ටෝ එකත් එක්ක හැප්පිලා එයාලගේ පේටන්ට් ආපසු ගන්න කටයුතු කළ කෙනෙක්.
    අපේ අයට තව ගොඩක් කල් යනකල් මේක තේරෙන එකක් නැහැ. මේසමාගම් ඒතරමට ප‍්‍රබලයි. ඔවුන් සැලසුම් සදන්නේ ආවාටගියාට නොවේ. ඒවා ජාත්‍යන්තර මට්ටමේ සැලසුම්. ඒකයි අපට ඒවා හොඳ වැඩ කියලා පෙනෙන්නේ. අපිට මේවා අවබෝධ වෙනකොට අපි පරක්කු වැඩියි. නමුත් කරන්න දෙයක් නෑ. ඇනකොන්ඩාට ස්තුතියි මේ වගේ වටිනා දේවල් සාකච්චාවට ලක්කරනවාට. නිකාං වැඩකට නැති දේවල් නොලියා. ජයවේවා.

    ReplyDelete
  8. Ela Anaconda Ela. Uba tamai blog loke raja. tawa me wage hora allala deepan machan. mewa api wage matto danne ne. umba kiwwama teruna. mama sriyantala meka yawanna balannam.

    No-Dutu Gamunu

    ReplyDelete
  9. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  10. අහෝ ලකි මවුනි!
    පෙරදිග ධාන්‍යාගාරය ලෙස බත බුලතින් ස්වයංපෝෂිතව සිටි,මහා යෝධයන් උපන්,විශ්මිත නිර්මාණ ස්ව බුද්ධියෙන් බිහිකල විශ්මිත ජාතියක ඉරණම බලන්න!:(
    අපි වසරකට තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා පමණක්‌ රුපියල් මිලියන 20,000 ක්‌ වැය කරමු. එම විදේශ විනිමයෙන් 50% ක්‌ ඉතිරි කර ගත හොත් නිසරු බිම් අක්‌කර 60,000 ක්‌ ප්‍රයෝජනයට ගත හැකි, ලක්‍ෂයකට සෘජු රැකියා සැපයිය හැකි, විදුලිය මෙගාවොට්‌ 75 ක්‌ නිපදවිය හැකි සහ රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 25% ක්‌ සැපිරිය හැකි ප්‍රමාණයට එතනෝල් නිපදවිය හැකි සහ රටේ සීනි අවශ්‍යතාවයෙන් 50% ක්‌ නිපදවිය හැකි සීනි කර්මාන්තශාලා 03 ක්‌ පිහිටුවිය හැකිය. ජාතියක්‌ ලෙස අපට සිදු වී ඇති අභාග්‍ය තේරුම් ගැනීමට මීට වඩා උදාහරණ අවශ්‍ය වේද?(ඒ කියන්නේ සීනි කර්මාන්ත ශාලා 3කින් පමණක් ගත හැකි මෙහහෙවරේ තරමයි)
    ශ්‍රී ලංකාව ශුද්ධ ආහාර ආනයනය කරන රටකි. ඒ සඳහා අප වසරකට දළ වශයෙන් ඩොලර් බිලියන 1.5 කට අධික විදේශ මුදල් ප්‍රමාණයක්‌ වැය කරයි. ඒ මුදල අප රටේ පාලකයන් පිටරැටියන්ට දස අතේ වැඳ නමස්‌කාර කර ඉල්ලා ගන්නා ණය මුදලට වඩා වැඩිය. අප තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා වසරකට වැය කරන මුදලින් හම්බන්තොට වරායේ වැඩ නිම කළ හැක.එක මාසයක මුදලින් මහවැලිය නිම කල හැකිය. එපමණක්‌ නොවේ. අප නවසීලන්තයට පමණක්‌ නවසීලන්ත ඩොලර් 600 ක්‌ යවා කිරිපිටි ගෙන්වා ගනියි. ඒ මුදල අපේ ගොවියා අතට ලැබෙන්නේ නම් අප රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට ගතවන්නේ කන්න දෙකක කාලයක්‌ පමණි.

    ReplyDelete
  11. Machan umba kiyana eka nam sahatika aththa. ape inna desapaluwo unge malla gena vitharai hithanne. eka karath kamak nehe thamage namata hari mewage karmantha patan aran ewain ratatath wedak kalanam. un hithanne un hamba karagaththama athi kiyala. ratak nethi unoth untath inna thenak ne kiyala hithanna molayaka nehe.

    ReplyDelete
  12. ලිපියෙ ගොඩක් දේවල් වලට එකගයි. ඒත් "රසායනික පොහොර","ජාන වෙනස් කල බීජ" අදීය ගැන සාම්ප්‍රදායික භීතිය මේ ලිපිය තුලත් මතු කරපු එකට නම් එකග නෑ. අපේ රට පෙරදිග ධාන්‍යාගරය විදියට අතීතයේ තිබුනා වෙන්න පුලුවන්. ඒත් එදා සමාජ ක්‍රමය, භූමි පරිභෝජනය, සේවාවල අවශ්‍යතාව ආදිය එක්ක සැසදුවම, අද තත්වය හාත්පසින්ම වෙනස්. විය යුත්තෙ කාලයත් එක්ක, විද්‍යාවේ දියුණුවත් එක්ක අපේ ගොවිතැනත් ඉස්සරහට අරගෙන යන එක. එහෙම නූනොත් අපිට වෙන්නෙ මූදට දත නියවන්න.

    ReplyDelete

අදහස් දක්වන්න