Tuesday, January 1, 2013

ක‍්‍රිස්තුස් වහන්සේ නැති ක‍්‍රිස්තු වර්ෂය - සුබ නව වසරක්!



වසර දෙදහස් පන්සියයක අපේ අභිමානවත් ඉතිහාසය, උතුම් සංස්කෘතිය,  ඕසෝන වියන, පරිසර දූෂණය, සත්ව කරුණාව වැනි කරුණු පිළිබඳව නිරතුරු සාකච්ඡා කරන විවිධ තරාතිරමේ වැඩිහිටියන් සහ පාසලේදී මේ මාතෘකා ඔස්සේ රචනා ලියන, වාදවිවාද කරන ළමයින් එක්ව බක්මහට අකුණු ගහන්නා සේ රතිඤ්ඤා පත්තු කරනු එක දිගට ඇසෙයි. වටේ නිවෙස් කීපයක සිටින රෝගීන්ද අතදරුවන්ද ඔවුන්ගේ ඥාතීන්ද එකදිගට දොස් තබනු, අඩාවැටෙණු, මැසිවිලි කියනු ඇනකොන්ඩාට මැවී පෙනෙයි. ඒ අසරණයින් ගැන හිතන්නට කිසිවෙකු නැත. මුළු රටම මංගල සිරියෙන් ඉතිරී ගොසිනි. තවත් කැලැන්ඩර අවුරුද්දක් උදාවෙයි.

ඉතිහාසය, ජාතික අභිමානය ගැන කතා කරන බොහෝ දෙනාට තමන් මේ ගෙවන්නේ අර කියන අභිමානවත් ඉතිහාසයට අනුව සටහන් කරගෙන එන 2556 වැනි වසර යයි අමතකය. පරිසර දූෂණය, සත්ව කරුණාව වැනි මාතෘක කතාකරන බොහෝ දෙනාට මේ ගිනිකෙළි සන්දර්ශනයෙන් පරිසරයට කොතරම් විපතක් සිදුවේද මේ හෙණ හඩින් කොතරම් සතුන් සංඛ්‍යාවක් බියපත්වේද, කෙතරම් කුඩා කෘමීන් පිරිසක් මියයයිද, රෝගීන්ට, කුඩා දරුවන්ට, වියපත් පුද්ගලයන්ට මේ මහ හ`ඩ කෙතාරම් කරදරයක්ද හිරිහැරයක්ද යනාදී කිසිවක් සිහිපත් නොවේ.

වසර දෙදහකට අධික කාලයක් අපේ මුතුන්මිත්තන් භාවිත කළේ බුද්ධ වර්ෂ ක‍්‍රමයයි. ඊට පදනම වූයේ බුදුන් වහන්සේ පිරිනිවන්පෑ දිනයයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම හෝ ඉපදීම පදනම් කොටගත්තේ නම් තවත් දීර්ඝ ඉතිහාසයක් අපට හිමිවේ.

දැනට අප අතර පාවිච්චි වන වර්තමාන කැලැන්ඩරයෙන් ක‍්‍රිස්තු වර්ෂ ගණනය කෙරෙන්නේ යැයි බොහෝ දෙනා සිතුවද එය මුසාවක් බව තේරුම් ගැනීමට ඉතා පහසුය. මෙය ක‍්‍රිස්තු වර්ෂය පදනම් කරගත්තක් නම් එය මොනම ආකාරයකින් වත් යේසුස් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ නොවන්නේ ඇයි? උන්වහන්සේගේ උපත, ඇණගැසීම, උත්ථානය යනාදී මේ එක්දිනකදී වත් කැලැන්ඩරය ආරම්භ නොවන්නේ ඇයි?

දැනට පාවිච්චි කරන මේ කතෝලික කැලැන්ඩරය හෙවත් බටහිර කැලැන්ඩය හෙවත් ග්‍රෙගරියන් කැලැන්ඩරය එබඳු පදනමක් ඇතිව හදාගත් එකක් නොවේ. එය හඳුන්වාදෙන ලද්දේ 13 වැනි පාප්තුමා විසින් ක‍්‍රි.ව. 1852 පෙබරවාරි 24 වැනිදා නියෝගයක් පැනවීමෙනි. කැලැන්ඩරය සඳහා පදනම් කරගත්තේ එතෙක් පැවති ජුලියන් කැලැන්ඩරයයි.

තායිලන්තයේ බෞද්ධ කැලැන්ඩරය අදටත් ලෝක ප‍්‍රසිද්ධය. පරිපාලන පහසුව යැයි කියා 1940දී තායිලන්තයේ බෞද්ධ කැලැන්ඩරය පසෙකලා කතෝලික කැලැන්ඩරයට මුල්තැන දීම ඇරඹුණි. එහෙත් එහි සැබෑ අවුරුද්ද අපේ‍්‍රල් මාසයේ යෙදෙන අලූත් අවුරුද්දයි. 

අරාබි රටවලද කතෝලික කැලැන්ඩරය පාවිච්චි වුවද ප‍්‍රමුඛස්ථානය ලැබෙන්නේ ඉස්ලාම් කැලැන්ඩරය, මුස්ලිම් කැලැන්ඩරය නැතිනම් හිජ්රි කැලැන්ඩරයටය. ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මුල්තැන දෙන්නේ එම කැලැන්ඩරයටයි. මොහොමඞ්තුමා මක්කම සිට මදීනාවට ගිය දිනයේ සිට ඉදිරියට ඉස්ලාම් කැලැන්ඩරයේ දින ගණන් කෙරේ. ඒ අනුව ඉස්ලාම් බැතිමතුන් මේ ගෙවන්නේ 1434 අවුරුද්දයි. 2012 නොවැම්බර් 14 සවස ඇරඹුණු එය 2013 නොවැම්බර් 4 සවස තෙක් ගෙවෙයි.

ප‍්‍රායෝගික ගැටලූ නිසා සිංහලයන්ට පැරණි බෞද්ධ මාස ක‍්‍රමයට අනුව කටයුතු කරන්නට අසීරු විය හැකිය එහෙත් හැම ගෙදරකම පාහේ ලිතක් පාවිච්චි කරන්නාසේ බුද්ධ වර්ෂයට අනුව කැලැන්ඩයක් මුද්‍රණය කර පවත්වාගෙන යන්නට සිංහල බෞද්ධ වයාපාරිකයකු හෝ දානපතියකු හෝ ඉදිරිපත් වේ නම් එය ඉතා වටිනා ජාතික මෙහෙවරකි.

එසේම පරිසරය දූෂණය කරමින්, සතුන්ටත්, මිනිසුන්ටත් හිංසා පීඩා කරමින් නිකරුණේ මුදල් වියදම් කරගෙන කරන මේ ගිනිකෙළි සන්දර්ශන පිළිබඳ මීට වඩා ගැඹුරින් හිතන්නට ඇනකෝනඩාගේ සහෘදයන්ට හිත් පහළ වේවා.

අඩුවෙන් ගොන්කම් කරන, අඩුවෙන් ‘අහුවෙන’, තව තවත් ගෑණු මායම් වලටම අහුවෙන, වැඩියෙන් මොළේ පාවිච්චි කරන, සුබම සුබ නව වසරක් වේවා!

5 comments:

  1. ලිපිය කියවා රස විඳ මටත් අදහසක් ලියන්ඩ හිතුනා. 2004 වසර ලබන නිසා බනින්ඩ එපා. අපේ මිනිස්සු මස් කනව. සත්තු මරන්නෙ නැතුව මස් කන්ඩ බෑ. බෞද්ධ අය ප‍්‍රාණාතිපාතා කියල සත්තු මරන්නෙ නැති අයනෙ. හැබැයි ඔය ගොල්ල සිංහල අවුරුද්දට රතඤ්ඤ පත්තු කරද්දි අපි කාටත් කරදරේ එනව. ජනවාරි පළවෙනිද ක‍්‍රිස්තියන්ස්ල කරන්නෙත් ඒකමයි. ඔන්න මට අවුරුද්ද පටන් ගනිද්දි අහන්ඩ ඕනැ ප‍්‍රශ්නය අහන්ඩ බැරිවුනා උත්පත්ති පාලනය කරනව කියල උපදින්ඩ ඉන්න දරුවො මරන එකද කන්ඩ උවමනා නිසා සතෙක් මරාගන් එකද වැඩිය පව්? ඔයගොල්ලන්ගෙ අය සේරම වාගෙ මේකෙන් දෙවැනි එක කරන හින්දයි අහන්නෙ. නසාර්

    ReplyDelete
  2. ඉතා වැදගත් අදහස් කැටියක් හා ඉල්ලීමක් වග කිවමනාය. විශේෂයෙන් ම ගිනිකෙළි පිළිඹදව දක්වා ඇති කරුණු ලංකාවාසී ඔබ අප හැමගේ අවධානයට යොමු විය යුතු වූවකි. තවද ඉන් කිසිදු ආගමක් හෝ ජාතියක් වෙත නොව සමස්තය වෙත ඇගිල්ල දිගු කිරිමක් සිදුකරනා වග පෙර අදහස් දක්වා ඇති සොහොයුරාගේ ද අවධානය පිණිස දක්වනු කැමැත්තෙමි. කතෝලිකයන් පමණක් නොව බෞද්ධයාද රතිඥ්ඥා ගිනි තබති. හින්දු සේම මුස්ලිම්වරුද එසේමය. කවරකු වුවද කාරිය නොහොබිනා නම් නොහොබිනා ම ය. හර සුන් නම් හර සුන් ම ය.එකී හරය නොදැක හෝ නොවිමසා අදහස් දැක්වීම යුක්ති යුක්ත නොවනා වග නැණ පමණින් අවබෝධ කොටගත යුතුය. තවද මෙම ලියුම්කරුවා (ඇනකොන්ඩා)විසින් මෙයට පෙර සම්පාදිත ‘හලාල්‘ ගැටලුව හා යා වේදෝයි හැගෙන්නා වූ, ඉහත අදහස් දැක්වූ සොහොයුරාගේ ම අදහස් මෙහි ලා දැක්වීමෙන් සිදුවන සෙතක් නැත. මක් නිසාද යත් අනදාළත්වය මත ඒ ඔස්සේ කිසිදු කතිකාවක් ගොඩනැගීමක් නොවන්නා සේම ඉන් හුදු පහර ගැසීමක් පමණක් ම වේදෝ යි යන සැකය කියවන දකින බුද්ධිමත් සහෘද සිත්හි ඇතිවනු නොවැළක්විය හැකිය.

    කතෝලිකයාට පමණක් නොව සියලු ලාංකිකයන්ට සෞභග්‍යමත් නව වසරක් වේවා!
    සුබ අනාගතයක් වේවා!
    (ඉසුරු)

    ReplyDelete
  3. Maru machan. ape gedara min passe ratinna pattukaranne ne kiyala meka ahapi podi un kiyanawa. eke gawrawaya umatai machan. suba nawa wasarak wewa

    No-dutu Gamunu

    ReplyDelete
  4. Dear Anaconda

    What yu must do is to come forward and address public meetings like Ven. Anagarika Dharmapala did. I feel you have more that people must know, behind you.

    Happy new year.

    Kushani

    ReplyDelete
    Replies
    1. Take my salutation Kushani. (Isuru)

      Delete

අදහස් දක්වන්න