Thursday, January 24, 2013

සිංහල රයිඩින් හුඩ්, ඉස්ලාම් වෘකයා සහ වීරවංශලාගේ ‘හයිනා’ හමුදාව



‘ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්’ ප‍්‍රංශ සුරංගනා කතාවක් යැයි විශ්වාස කෙරේ. මුළ කොතැනක වුවත් එය යුරෝපය පුරා පැතිර ගොස් ඇමරිකාව ප‍්‍රධාන ලෝකයේ බොහොමයක් රටවල ජනප‍්‍රිය ළමා කතාවක් බවට පත්වුණි. රතුපාට හුඩ් කබායක් (හිස් ආවරණය සහිත කබා) පැළදගෙන සිටි කුඩා දැරියක් සහ කෛරටික වෘකයෙක් පිළිබඳ පුවතක් මෙම කතාවෙන් විස්තර වේ.  

ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්ගේ අම්මා කෑම බඳුනක් දියණිය අතට දී ‘ගිහින් මෙය අල්ලපු ගමේ වෙසෙන කිරිඅම්මාට දී එන්නැ යි’ දියණිය පිටත් කළා ය. ඈ යන මග පදුරක සැගවී සිටි වෘකයෙක් දැරිය දුටුවාය.  වටාපිටාවේ කුඹුරුවල ගොවියන් සිටියෙන් ඇය වෙතට පැනීමට බිය වූ වෘකයා කල්පනා කරන්ට විය. දැරිය පඳුරුවල මල් නෙළමින් ගඩා ගෙඩි කමින් හෙමින් ගමනේ යෙදෙනු දුටු වෘකයාට කදිම ඥානයක් පහළ විය. ඌ කෙටි පාරකින් දැරියගේ කිරිඅම්මාගේ ගෙදරට දුවගොස් ඇයව මරා කාමරයකට දමා දොර වසා රෙද්දක් පොරොවාගෙන මහලූ ස්ත‍්‍රියගේ ඇඳේ නිදාගත්තේය. 

කුඩා දැරිය නිවසට ඇවිත් කිරිඅම්මාට කතාකර ශබ්දයක් නැති නිසා ඇයගේ කාමරයට ගියාය. රෙද්දක් පොරොවාගෙන නිදා සිටින කිරිඅම්මාට ඈ කතා කළාය. ඊට ලැබුණේ ගොරහැඩි පිළිතුරු හඩකි. 

”මොකක්ද ඔය ගොරහැඩි සද්දෙ?” ඈ අසුවාය. 

”ඔබට සුබ පතනවා.” වෘකයා කීවේය. 

දැරිය පොරෝනය ටිකක් මෑත් කළාය. ලොකු ඇස්ගෙඩි දෙක දැක පස්සට විසිවී ”මේ මොකද ලොකු ඇස්?” කියා ඇසුවාය. 

”හොඳට දුව දිහා බලන්ඩ” වෘකයා පිළිතුරු දුන්නේය. 

ඈ පොරෝනය තව ටිකක් ඇද්දාය. ”මොකද මේ තරම් දිග අත් දෙකක්?” ඈ ප‍්‍රශ්න කළාය. 

”දුවව බදාගන්ඩ.” වෘකයා පිළිතුරු දුනි. 

වෘකයාගේ විශාල මුඛය ඈ දුටුවාය. ”ඔච්චර ලොකු කටක් මොකද?” 

”උඹව කන්ඩ” කියාගෙන පැන්න වෘකයා දැරිය මරා ගත්තේය.     

ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්  කතාව ලෝකයේ බොහෝ රටවල වැඩිහිටියෝ උපමා කතාවක් වශයෙන් භාවිතා කරති. ඇනකොන්ඩා මේ අවස්ථාවේ මෙම කතාව සිහිපත් කරන්නේ ද එවැනි පරමාර්ථයකිනි. එල්ටීටීඊය ලංකාව ජය ගැනීම සඳහා යුද්ධ කළ මුලූ කාලය පුරාම නොයෙකුත් පඩිවරුන් හා ජනමාධ්‍ය ‘ලංකාවේ බෞද්ධයන් හා හින්දුන් අතර සටනක් ඇතැයි’ කෑගසගසා ලෝකයට දැන්වූ හැටි අපට මතකය. එවැනි ලොකු කෑගැසීමක් නැතත්  බෞද්ධයන් හා මුස්ලිම් ආගමිකයන් අතර අර්බුදයක් ඇතැයි උඩ පැන පැන මොර ගසන පිරිසක් දැන් දකින්නට ලැබේ. ‘ගින්නක් ගින්නක්’ යයි  කියන මේ හැමදෙනාම ගින්න ඇවිලීමට වෙහෙසෙන කෛරාටිකයන් කවුදැයි නොපෙන්නා වැරදි පැත්තකට ඇගිල්ල දික්කරති.

ඉස්ලාම් ත‍්‍රස්තවාදය ලොව පුරා පැතිර යන්නකි. විකිපේඩියාවේ ‘ඉස්ලාම් ටෙරරිස්ට්  ඕර්ගනයිශේෂන්’ බලන්න. ත‍්‍රස්තවාදී සංවිධාන ලයිස්තුවක් කියවන්ට ලැබේ. මොවුන් ගැන මුද්‍රණය වී ඇති පොත් සිය ගණනකි. ජිහාඩ්, තලේබාන්,  හිස්බුල්ලා ආදී නම් ඇති ජාත්‍යන්තර ත‍්‍රස්තවාදි කල්ලි ගණනාවක් පිළිබඳව ලෝකයේ බලගතු ක‍්‍රිස්තියානි රටවල් සියල්ලම අවධානයෙන් පසුවෙති. නැවත කුරුස යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සමහර යුරෝපා රටවල් මහන්සි ගන්නා බවක් පෙනේ. ප‍්‍රංශය පැරණි ඉතිහාසය යළි සිහිගන්වමින් මාලි රටට හමුදාව යවා තිබේ. මේ ඉස්ලාම් ත‍්‍රස්ත කල්ලි සමහරක් ලංකාවේ ක‍්‍රියාත්මක වන බවට යම් යම් ආරංචි පැතිරේ. ‘ඉන්දියාවේ හා පකිස්ථානයේ ත‍්‍රස්ත ව්‍යාපාරවලට, ලංකාව සහ මාලදිවයින් ආරක්ෂක කලාපයක් වී තිබේද?’ යන සැකය ඇතැම් බටහිර ත‍්‍රස්ත විමර්ශන සංවිධානයන්ට ඇත.

ත‍්‍රස්තවාදයට අත හිත දෙන ඉස්ලාම් මූලධර්මවාදී සංවිධාන මුල්වී ඉතා සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්වූ සිංහල බෞද්ධයා සහ ඉස්ලාම් අදහන්නා අතර ගැටුම් ඇතිකිරීමට උත්සාහ කරන සිද්ධි ගණනාවක්ම පසුගිය කාලයේ අසන්ට ලැබුණි. පොතුවිල් මුහුදුමහා විහාරයට අයත් භූමිය ආක‍්‍රමණය කිරීම එක උදාහරණයකි. කූරගල බෞද්ධ භුමිය ආක‍්‍රමණය කිරීම තවත් උදාහරණයකි. දීඝවාපි චෛත්‍යයට අලාභහානි කිරීමෙන් ඇරඹුණු වැඩපිළිවෙළ චෛත්‍යය ඩෝසර් කිරීම දක්වා පැතිර ගොස් ඇත. විශාල වශයෙන් සිංහල බෞද්ධයන් ජීවත්වන ඇතැම් පළාත්වල ඇති ඉස්ලාම් දේවස්ථානවලට සැතපුම් භාගය හමාර ඈතින් මෝටර් රථ වාහන නළා ශබ්ද කිරීම තහනම් කෙරෙන දැන්වීම් පුවරු සවිකර ඇත්තේ ආගමික ආධිපත්‍යය පෙන්වීමක් ලෙසිනි. නැගෙනහිර ප‍්‍රදේශයේ සංචාරයක යෙදී බලන්න, මේ රට පුංචි අරාබියක් කරන හැටි දෑසින් දැක ගැනීමට පුළුවන. කලක සිට ඇතැම් ඉස්ලාම් දේශපාලන නායකයින් බලය පවත්වා ගැනීම සඳහා ආගම්වාදය තුරුම්පුවක් වශයෙන් භාවිතා කරන බව රහසක් නොවේ.  

මෙවැනි කටයුතු කරන ආගමික අන්තවාදීන්ට මොනම පාලනයක්වත් නැත. ඔවුන්ගේ අධම කටයුතු ගැන වචනයක් කතා නොකිරීමට ප‍්‍රවේශම් වෙන ඇතැම් දේශපාලනඥයෝ බෞද්ධ සංවිධාන අවුස්සා ඉස්ලාමිකයන් හා පොරපිටියට එවතැයි ඇමරිකාවට හා වෙනත් බටහිර රටවලට චෝදනා නගති. මෙවැනි කුමන්ත‍්‍රණ නැතුවා නොවේ. නමුත් ඉස්ලාම් ත‍්‍රස්තවාදින් මෙහෙයවන්නේත් බටහිර රටවල්දැයි බෞද්ධයන්ට ඇගිල්ල දික්කරන දේශපාලනඥයෝ නොකියවති. මොවුන් බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන පිරිස්වලට චෝදනා කරන්නේ ඉස්ලාම් සංවිධානවලින් මුදල් ගෙන යයි මතු කලක බෞද්ධ පාර්ශවයෙන් චෝදනා එල්ලවිය හැක.

ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට චෝදනා කිරීම අපේ බංකොලොත් දේශපාලන ගිරාපෝතකයන්ගේ ගැලවිජ්ජාවක් බවට පත්ව තිබේ. විහිළුවට කරුණ මෙයයි. ‘අපේ ආදරණීය මව්බිම’ ගැන කිඹුල් කඳුළු හෙළන මෙබඳු ඇතැම් දේශපාලකයන් ලෝකයේ තැනතැන ඉස්ලාමිකයන්ට සිදුවන ගැහැට ගැන මොරගාති. නමුත් තමන් ජීවත්වන මේ බිමේ තමන්ට වැඩිපුරම කතිරය ගසා රස්සාව අරන්දෙන සිංහල බෞද්ධයන්ට ඉස්ලාමිකයන් පහර දෙන විට අන්ධයන් ගොලූවන් බීරන් මෙන් සිටිති. මොවුන්ට ඊශ‍්‍රායලය පලස්තීනයට ප‍්‍රහාර එල්ලකරනු හොඳට පෙනෙයි, ඇසෙයි. ඒ ගැන කතාකරන්නට ඔවුන්ගේ කට ඇරෙයි. ‘ඇමරිකාව ඉස්ලාමිකයන්ට හිරිහැර කරන නිසා ඇමරිකන් ද්‍රව්‍ය පාවිච්චි කර හදන බඩුවලට හලාල් සහතිකය දෙන්න එපා’ යයි ජාතික නිදහස් පෙරමුණ උලමාවරුන්ගෙන් ඉල්ලා තිබුණි. එහෙත් ජාතික නිදහස් පෙරමුණට කුරගල, මුහුදුමහා විහාරය, දඹුල්ල, දීඝවාපිය නොපෙනෙයි. බංගලිදේශයේ බෞද්ධ සංහාර නොපෙනේ.

සිංහලයෝ ආගම්වාදින් හෝ ජාතිවාදීන් නොවෙති. ඉස්ලාම් ආගමිකයන් බෞද්ධාගමට හැරවීමට හෝ ඔවුන්ගේ ආගමික ස්ථාන ආක‍්‍රමණය කිරීමට බෞද්ධයන් උත්සාහ දැරීමක් ඉතිහාසයේ කවදාවත් සඳහන් නොවේ.  උපේක්ෂාවෙන්, උපහාසයෙන් ඒ වගේ ම ආදරයෙන් විවිධ ජාතීන්ගේ සම පැවැත්ම ඉවසා දරාගෙන ඉස්ලාම්,  ක‍්‍රිස්තියානි, හින්දු ආගම් සමග පෑහී එකම රටක වැසියන් වශයෙන් ජීවත්වීමේ හොඳ පුහුණුවක් සිංහල බෞද්ධයන්ට තිබේ. එවැනි බෞද්ධයෝ සම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් ඔබ්බට යමින් සංවිධානය වන්නේ නම් ඊට හේතුවක් තිබිය යුතුයි. 

සිංහල බෞද්ධයන් මෙසේ සංවිධාන ගතවීම ඇරඹීමට හේතුව ලොව පුරා පැතිරෙන ඉස්ලාම් මූලධර්මවාදය ලංකාවේ ද ක‍්‍රියාත්මක වෙමින් සිංහල බෞද්ධයාට විශාල විනාශයක් සිදුකරමින් සිටින බව සමාජයට කාන්දුවීමයි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා පාලනය ඇරඹුණු සමයේ, ‘අශ්රොෆ් (මියගිය) ජිහාඩ් සබඳතා ඇත්තෙකු බවට රහස් පොලිස් වාර්තා ඈ අතට පත්වුවත් අන්තර්ජාතික ආගමික දේශපාලන ත‍්‍රස්තවාදය ගැන අබඇටයක් තරම් අවබෝධයක් නැති ඇය දිගින්දිගටම අශ්රොෆ්ට වරාය හා නාවික ඇමතිකම දුන්නාය. තවත් වරෙක මුස්ලිම් කොංග‍්‍රසය වරාය ඇමතිකම බලහත්කාරයෙන් ලබාගත්තේ රෙජී රණතුංග ඇමති මණ්ඩලයේ තිබුණු තැන නැතිකරමිනි. වසර ගණනාවක් වරායේ බලය පවත්වාගෙන සිටි ඔවුන් ඒ කාලයේ ‘මොනවා’ මෙරටට ගෙන ආවේදැයි හිතන්නට කරුණු කාරණා දන්නා අයට නම් තත්පරයක් වත් ගත නොවේ. දැන් මුස්ලිම් කොංග‍්‍රසය අධිකරණ බලය උදුරාගෙන සිටින්නේ අහිංසක රිසානාට ජීවිතය අහිමිකළ ‘ශාරියාර්’ නීතිය සම්මත කරගැනීම ඇතුළු නීතිමාර්ගවලින් ඉස්ලාම් බලය පැතිරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීම පිණිස බව ඇනකොන්ඩාට දැනේ. 

දැන් සිංහල බෞද්ධ-ක‍්‍රිස්තියානි දෙපිරිසම පත්ව ඇත්තේ ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ් මුහුණ දුන් තත්වයටය. ඉස්ලාම් ත‍්‍රස්තවාදියෝත් ඔවුන්ගේ අන්තේවාසිකයෝත් හඳුනාගත නොහැකි වන සේ හිස පටන් හොඳහැටි පොරවාගෙන ඇඳට පැන සැඟවී සිටී. එහෙත් පොරෝනය යටින් උගේ මයිල් සහ දත් පෙනෙයි. සිංහල රයිඩින් හුඩ්ට සැකය පහළවී ප‍්‍රශ්න අසයි. ‘වෘකයා’ ප‍්‍රයෝගකාරී උත්තර දෙමින් සිංහල රයිඩින් හුඩ් මරාගෙන කන්නට තලූමරයි. වීරවංශ ඇතුළු ‘හයිනා’ කණ්ඩායම කටු ලෙවකන්නට පෙරේතකමෙන් ‘ආයිබෝ’ කියමින් සිටිති.

‘ලෝකයේ භයානකම ත‍්‍රස්තවාදියා පරාජය කළ ආණ්ඩුවකට මේ කැහුටන් පරාජය කිරීම කජ්ජක්දැයි’ කවුරු හෝ උදම්අනන්නේ නම් ඒ දේශපාලන අඳබාලයෙකි. එම නිසා මෙය රජය, වහාම, නොපමාව, දැන්ම ඉදිරියට පැමිණ මැඩපැවැත්විය යුතු භයානක උවදුරක් වශයෙන් ඇනකොන්ඩාට පෙනෙයි. රජය විසින් කළයුතු ක‍්‍රියාව රජයෙන් නොකෙරුනොත් සිදුවන්නේ ඒ කටයුත්ත බෞද්ධයන් භාරගැනීමයි. ආගමික කලකෝලහාල ඇතිවන්නේ එවිටය. බෙදුම්වාදින්ට ආගම් හෝ ජාතීන් කෝලහාල කරගැනීම මහා ජයග‍්‍රහණයකි.  

14 comments:

  1. මා දන්නා ආකාරයට, රජය හා ඔත්තු සෙවා මේ ගැන රහසේ කටයුතු කරගෙන යනවා... එය ඒ ආකාරයෙන්ම ඉදිරියට යතැයි අප බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
  2. ///වසර ගණනාවක් වරායේ බලය පවත්වාගෙන සිටි ඔවුන් ඒ කාලයේ ‘මොනවා’ මෙරටට ගෙන ආවේදැයි හිතන්නට කරුණු කාරණා දන්නා අයට නම් තත්පරයක් වත් ගත නොවේ. දැන් මුස්ලිම් කොංග‍්‍රසය අධිකරණ බලය උදුරාගෙන සිටින්නේ අහිංසක රිසානාට ජීවිතය අහිමිකළ ‘ශාරියාර්’ නීතිය සම්මත කරගැනීම ඇතුළු නීතිමාර්ගවලින් ඉස්ලාම් බලය පැතිරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීම පිණිස බව ඇනකොන්ඩාට දැනේ. ///

    කාට කියන්නද කව්රු අහන්නද මචන්..
    විමලෙට , ගුණේට මේවා පෙන්නේ නැත්තේ
    ඇයි දන්නේ නැහැ නේ ?

    ReplyDelete
  3. ///අශ්රොෆ්ට වරාය හා නාවික ඇමතිකම දුන්නා///

    මෙන්න මේක සහතික ඇත්තක්... මේ කරපු ගොන් කමම දැනට නීති විබාගෙටත් වෙලා තියෙන එකේ තවත් මේවා කියවන උන් ඉන්නවා කියන එක තමයි පුදුමේ..... මාත් කාලයක් වරායට සම්බන්ධව වැඩ කළා.. ඔය කියලා තියෙන දේට අමතරව සිකුරාදට වරායේ මෙලෝ වැඩක් කරගන්න බෑ.... විශේෂයෙන් කස්ටම් එකේ.. 3 න් පස්සේ ඉන්න සිංහල කීප දෙනත් නිවාඩු වගේ.. එදාට මැනිෆේස්ට් එකක් එහෙම දානවනං එක්කෝ මහ පාන්දර ගිහින් කීයක් හරි දීලා දාගන්න ඕනේ.. නැත්තම් බ්‍රහස්පතින්දට දාගන්න ඕනේ...

    අපේ රටේ උන් මහ ගොන්නු ජාතියක් බන්.. සිංහල මුස්ලිම් ඔක්කොම.... මට නම් තේරෙන්නේ එච්චරයි.. ගෙයි වහලේ ඔලුවට කඩං වැටෙනකම් බලං ඉන්නවා හදන්න... ඊට පස්සේ වැස්සට තෙමිලා, ලෙඩ වෙලා, නිවුමෝනියාව හැදිලා මලාට පස්සේ තමයි මේක හදන්න ඕනේ කියලා හිතෙන්නේ... උගත් මුස්ලිම් අය මේ තත්වය දන්නවා.. ඒත් ආගමික අන්තවාදී ත්‍රස්තවාදය කියන්නේ මිනිස්සු පොළඹවාගන්න හරිම ලේසි දෙයක්...

    ReplyDelete
  4. මම පලවෙනි වතාවටද කොහෙද ඇනකොන්ඩාගේ ලිපියකට මගේ එකඟත්වය පලකර සිටිනවා

    ReplyDelete
  5. Etta machan. matanam duka ape daruwan gena. me harakunta balakamaya misa mokawat sihiyak nehe. oya weerawanaaya maha takkadiyekne. pahugiya kale kohe hitiyada dekke ne. dan eqilla mahinda mahattayata mehela lakunu ganna balanawa. monawa kiyannada. kata kiyannada. ubata stuti+++++

    No-dutu gamunu

    ReplyDelete
  6. මේක ඇත්ත කියන්න සමහර සිංහල බෞද්ධයන්ගේ කට ඇරෙන්නේ නෑ. ඇත්තම කියලා තියෙනවා මේ ලිපියේ. වෙන මොන රටද වෙන මොන ජාතියද තමන්ගේ කමට ලැදි නැත්තේ අපේ එවුන් මිසක්.

    ඉන්දියාවේ ක්‍රිකට් තරඟයක් පැදුනත් ගෙවල් ගිනි තියනවා.(අපේ රටේ එහෙම නෑ අපි හැමදේගැනම සාවධානයෙන් අහන් ඉන්නවානේ) ඒකට අපේ එවුන්ට චෛත්‍ය ඩෝසර් කලා නෙවී, ඉතිහාසයම ඩෝසර් කරලා අපේ අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ දුවා දරුවා ව ඇස් ඉදිරිපිට මරණකම්, මැරුවත් ඇස් කන් ඇරෙන්නෙ නැති ගානට ඉන්නවා.

    ඉතින් මුනුත් මිනිස්සුද?

    ඉදගෙන ඒක වෙනුවෙන් කෑ ගහන එකාව ජාතිවාදියෝ ආගම් වාදියෝ කියලා හංවඩු ගහන්න හදනවා. ඉස්සෙල්ලම මේ නොට්ටිගෙ පුත්තුන්ට මොනවා හරි කරල ඉන්න වෙනවා.

    ReplyDelete
  7. Mungr katawal p------wal wela muka puuttuwela inne. edawela desapalane karana weerawansala ammawa hari pawadea file purawaganna jatiye ayane. aparade mama parak okata chandet dunna anacondata stuti me apuruipiwalata

    Saradiyel

    ReplyDelete
  8. ඇති යාන්තම් එක එකාගේ හරි ඇස් ඇරෙනවා. හොයපන් ලියපන් උඹට ජය.
    "අඳුරට හැවිලි හවනවාට වඩා එක පහනක් හෝ දැල්වීම අගනේය"

    ReplyDelete
  9. මෙන්න හැමදෙනාටම පිළිතුර
    මෑත කාලයේ ශ්රීd ලංකා‍වේ මුස්ලිම් ජනයාට එල්ලවන විවිධ අපහාස හා ගැටලු පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

    කථානායක චමල් රාජපක්ෂ මහතාට සහ සභානායක, අමාත්යඑ නිමල් සිරිපාල ද සිල්වා මහතාට මෙසේ උපදෙස් ලබාදුන් බව නියෝජ්ය් අමාත්යා එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා අද දෙරණට කියා සිටියේය.

    අද පෙරවරුවේ තමන් ඇතුළු මුස්ලිම් කොංග්ර සයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමුවූ බවත්, එහිදී වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරා දැනුවත් කිරීමට පියවර ගත් බවත් හෙතෙම සඳහන් කළේය.

    මෙම හමුවට ආණ්ඩු පාර්ශවයෙන් ආර්ථික සංවර්ධන අමාත්ය් බැසිල් රාජපක්ෂ,ජ්යෙැෂ්ඨ අමාත්යග ඩියු ගුණසේකර,ජ්යෙශෂ්ඨ අමාත්යන රත්නසිරි වික්රාමනායක මහත්වරුන් සහභාගී වී ඇති බව සඳහන්ය.

    මුස්ලිම් ප්ර,ජාව වෙනුවෙන් අමාත්ය් රාවු‍ෆ් හකීම්,ඒ.එච්.එම් අස්වර්,එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා,ඒ.එල්.එම් අතාවුල්ලා,රිෂාද් බදියුදීන්,ෆයිසල් කාසිම්, අබ්දුල් කාදර් යන මහත්වරුන් ඊට සහභාගී වී තිබේ.

    "බොදු බල සේනා" නම් සංවිධානයක් විසින් මුස්ලිම් ප්රලජාවට එරෙහිව සිංහල ජාතිවාදය අවුස්සමින් ගැටුම් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන්වූ බව කියැවෙයි.
    NZ

    ReplyDelete
    Replies
    1. අද දෙරන නිවුස් වලින් ගන්නා ලද්දකි

      Delete
    2. NZ කියන්නේ නසාර් ද?

      Delete
  10. රතුහැට්ටකාරීගේ හැට්ටෙ රතු හින්දා මටනම් පේන්නේ එයා හරිම භයානක විදියට.වුර්කයා බලන්න මොනතරම් ශාන්තද.ධවල වස්ත්‍රයෙන් සැරසී සිටිනවිට; එයාගේ දිලිසෙන ඇස්,උල් නිය,කෙලපෙරෙන හොම්බ මටනම් මේ හැමදෙයක්ම පේන්නෙ කොච්චර ලස්සනටද.ඉරිසියාකාරයො මොනව කිව්වත් වුර්කයො මටනම් ඔයාව බදා ගන්නමයි හිත.

    ReplyDelete
  11. හොද ලිපියක්.

    ReplyDelete

අදහස් දක්වන්න