Friday, March 29, 2013

අමනකමත් පාවාදීමකි


සිංහලේ හඩ බ්ලොග් අඩෙවියෙන් උපුටා ගන්නා ලද්දකි

හොඳටම මහලූ වියේ පසු වූ රාමගේ පියා බාල කෙල්ලක පාවා ගත්තේය. එය රාමගේ පියාගේ හතර වෙනි විවාහයයි. ඇය තමන්ගේ පුතාට රජකම ලබාදෙන්නට තීරණය කළාය. රජකම උරුමවීමට නියමිතව සිටි පළමු විවාහයේ පුතා රාම මරණයෙන් බේරී වනගත වුණි. ඔහු සමග භාරියාව සීතා සහ ලක්ෂ්මන් සොහොයුරාද වනයට ගියහ. ඉන්පසුව තවතව දේ සිදු විය. ලංකාපුරයේ රාවණා සීතාව පැහැර ගෙන ගියේය. රාම, ලක්ෂ්මන් සහ වානර හමුදාව රාවණාගේ ලංකා පුරය ගිනි තබා සීතා ආපසු ගෙන ආහ. මේ කතාව අඩංගු රාමයණය හින්දුන්ගේ නිර්මාණයකි. රාමයණ කතාවක් පැරණි සිංහලයන් දැනගෙන හිටියේ නැත. උගත් ජනයා මේ කතාව දැන සිටියා නම් වැදගම්මකට නැති ප‍්‍රබන්ධයනක් වශයෙන් බැහැර කළහ. වර්තමානයේ රටේ පිරිසක් රාවණා ලංකාවේ සිටි ප‍්‍රතාපවත් රජෙකු යයි කියති, ලියති, අදහති. රාවණා ලංකාවේ පාලකයකු වශයෙන් සැලකීම හින්දු ආගම ගෙඩිය පිටින් ගිලීමක් බව මොවුන්ට නොවැටහේ.

ඉන්දියා ඉතිහාසයේ නරකයෙකු ලංකාවේ ශ්‍රේෂ්ඨ රජෙකු යයි මොරගාමින් සිටි පිරිස් අතුරෙන් සමහරු දැන් අලූත් කතාවක් ඉදිරිපත් කරති. හිට්ලර් හෙළයේ විසූ නායකයෙකු යයි කියති, ලියති. අන්තර්ජාලයෙන් ඒ විස්තර ප‍්‍රචාරය කරති. මේ වැඩ එක්කෝ අමනකමට කරන දේ විය යුතුය. නැතිනම් ජාතිය පාවාදීමට හා ජාතියට අගෞරව කිරීමට කරන ක‍්‍රියාය.

ජර්මනියේ හිට්ලර් මිහිපිට බිහිවූ දරුණුම මිනීමරුවෙකි. ඔහු වයස්, ලිංග භේදයක් නැතිව ජර්මනියේ විසූ යුදෙව්වන් ලක්ෂ ගණනක් මරා දැමුවේය. ජිප්සි ජනයා දසදහස් ගණනක් මරා දැමුයේය. ආබාධිත ජර්මානු ජාතිකයන් පවා මරා දැමුවේය. අමනයෙකුට මිස මේ දුෂ්ඨ මිනිීමරුවා හෙළයෙකු යයි කියන්නට නොහැකිය. අමනකම ජාතිය පාවාදීමකි.

දෙමළ ජාතිය බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් හෝ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ උරුමය කියති. සිංහල දේශයේ උරුමය ප‍්‍රකාශ කරති. ඉන්දියාවේ අතීතයේ විසූ චාණක්‍ය, වාත්ස්‍යාන වැනි හැම ප`ඩුවෙකුම ද්‍රවිඩ ජාතියෙකු යයි කියති, ලියති. ඉස්ලාම්වරුද මේ ක‍්‍රියාවම කරති. ඉන්දියාවේ විද්‍යාව, ගණිතය ආදි සියල්ලක්ම අරාබියට ගත් හැටි නොකියා අරාබි ශිෂ්ඨාචාරය විසින් ලොවට නවීන විද්‍යාව, ගණිතය ආදි සියල්ලක්ම දුන් බව කියති.

අමනයින් හෙළයන්ගේ ලොකුකම කියන්නේ රාවණා, හිට්ලර්, පොල්පොට් ආදීන් හෙළයන්ට සම්බන්ධ යයි කීමෙනි. මෙය අමනකමකට කරන ක‍්‍රියාවක් නොව හිතාමතාම කරන ජාතිය පාවාදීමක් නම් එය සංස්කෘතික ත‍්‍රස්තවාදයකි.       



1 comment:

  1. බලාගෙන යනකොට ඔක්කෝම ලෝක අපරාධකාරයෝ බිහිවෙලා තියෙන්නේ ලංකාවෙන්. මේ ඔක්කොටම හේතුව මුන්ට නිදහස වැඩියි. අනුන්ගේ ඕපදූප හොය හොය මොලේ කොලොප්පන් කතා කියන්නේ වැඩ නැති නිසා. අර සමහර රටවල් වල වගේ හුස්මක් ගන්න බැරි විදිහය වැඩකරල එදා වේල කන් හොයාගන්න වෙනවනම්, එකෙක් නැතිවෙයි මේ වගේ අමන කතා කියන්න.

    ReplyDelete

අදහස් දක්වන්න