Friday, May 10, 2013

කව්බෝයි වන්දනාවේ යෙදෙන සිංහලයෝ


යුරෝපීන් කඩාපනින්නට පෙර දකුණු ඇමරිකාවේ ඉතිහාසය පිළිබඳව අපට දැනගන්නට ලැබෙන්නේ යුරෝපීය ඉතිහාසඥයන් හා යුරෝපීය සම්භවයක් ඇති දකුණු ඇමරිකානු ඉතිහාසඥයන් සපයන කතාන්දරවල පිහිටෙනි.  යුරෝපීන් එන කාලයේ එහි ලොකු කුඩා රාජධානි තිබුණි. නමුත්  යුරෝපියෝ ඒ සියල්ල දෙවියන්ගේ නාමයෙන් ශුද්ධකර දැමූහ. සංහාරවලින් ඉතිරිවූ ස්වදෙශිකයන්ගෙන් පැවතෙන්නන්ට තමන්ගේ යයි කිසිවක් ඉතිරි වී නැත.   එමනිසා පොදුවේ දකුණු ඇමරිකා රටවල් යනු යුරෝපීය ආක‍්‍ර‍‍රමණවලින් පසුව ගොඩනැගුණු රටවල් සමූහයකි.  කතෝලික ආගම සහ ස්පාඤ්ඤ භාෂාව මේ රටවල් සියල්ලටම පොදු ලක්ෂණයකි. බ‍්‍රසීලය පමණක් පෘතුගීසි භාෂාව කතාකරන කතෝලික රටකි.

දකුණු ඇමරිකානු රටවල් සහ ලංකාව අතර පවතින ප‍්‍රධාන අසමානතාවය ලංකාව යුරෝපීයන්ගේ යටත් විජිතයක්ව තිබුණු නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට යුරෝපීන් අසමත්වීමයි. ලාංකිකයන්වූ  ද්‍රවිඩයන් හා  පෘතුගීසීන් කතෝලික කළ සිංහලයන් අඩු වැඩි වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ වී සිටිති. වර්තමානයේ මූලධර්මවාදීන්ගේ බලපෑම නිසා වෙනස් වී ඇති නමුත් ඉස්ලාම් ආගමිකයන් පවා සිංහල බෞද්ධ සාරධර්ම අනුව මේ රටේ ජීවත්වූ පිරිසකි.

එහෙත් මාක්ස්වාදය, ජාත්‍යන්තරවාදය ආදී නම් දරන බෙන තුළට රිංගාගත්තවුන්ට අමුතුම රෝගයක් වැළඳේ. ඔවුහු පිදෙල් කස්ත්‍රෝ, චේ ගුවේරා, වාවේස් ආදීන්ට හුරේ දමන අතර සිංහල දේශපේ‍්‍රමීන්ට අවලාද නගති. නින්දා කරති. ඔවුන් චේ ගුවේරා, කස්ත්‍රෝ ආදීන්ගේ ලාංඡන ඔසවාගෙන කටයුතු කරති. අඩුම තරමින් රටේ අදීන්තවය උදෙසා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කර දිවි පිදූ කැප්පෙටිපොළ, ඇල්ලේපොළ, ඩිංගිරාළ, පුරන්අප්පු වැනි නායකයන්ගේ ලාංඡනවත් ඔසවා ගැනීමට නොසිතති. (මේ පිළිබඳ අදහසක් දක්වා තිබූ සිරිමලීට ස්තූතියි) අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, පියදාස සිරිසේන, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි වැන්නන් ඔවුන්ට වහකදුරුය.

පිදෙල් කස්ත්‍රෝ දකුණු ඇමරිකාවේ බිහිවූ පළමුවෙනි කොමියුනිස්ට්  රාජ්‍ය නායකයා ලෙසින් ලෝක ප‍්‍රසිද්ධ වූයේ සෝවියට් රාජ්‍යයේ හිතවතෙකු වූ බැවිනි. භක්තිමත් කතෝලිකයෙකු වූ ඔහු මාක්ස්වාදියෙක් නොවේ. පිදෙල්ට සමාන විප්ලවක් නොකළද මහජන ඡන්දයෙන් වැනිසියුලාවේ බලයට පත් වූ චාවේස්ද විප්ලවකාරයෙකි. භක්තිමත් කතෝලිකයෙක් වූ ඔහු මැරෙන තෙක්ම ඇමරිකානු විරෝධී දේශපාලන ප‍්‍රතිපත්තියක් අනුගමනය  කළේය. චිලි රටේ බලයට පත්වූ සැල්වදෝර් ඇලෙන්ඬේද ඇමරිකාවට පක්ෂපාති නැති රාජ්‍ය නායකයෙක් වූයේය. පිනෝචේ හමුදාවේ උදව්වෙන් බලය අල්ලාගෙන ඇලෙන්ඬේ මරා දැම්මේය. ඇලෙන්ඬේ අගයන්නෝ ලංකාවේ සිටිති. අර්නස්ටෝ ගුවේරා (චේ) බොලීවියාවේ බලය ලබාගැනීමට ගරිල්ලා සටනක් පටන්ගත් විගසම අත්අඩංගුවට පත් විය. ඔහුව නඩු නොඅසා මරා දමන ලදී. ඇලෙන්ඬේ, චේ ගුවේරා ආදී මෙ හැම බැතිමත් කතෝලිකයෝ වූහ. චේ වෙඩි කෑමට පෙරත් කුරුසය ඇගේ ලකුණුකර ගත්තේය.

ඇමරිකාවේ කව්බෝයි සංස්කෘතියේ ඉතිහාසය මැදපෙරදිග දක්වා විහිදුවන විට අවුරුදු දහස් ගණනක් පැරණි කතාවක් ගොතන්නට පුළුවන. ඒ මෙසේය. අරාබියේ එඩේර සංස්කෘතියක් පැවතුනි. ඉස්ලාම් ආගම බිහිවූ පසු අරාබීහු ස්පාඤ්ඤයේ කොටසක් පවා අල්ලා ගත්හ. මේ නිසා ස්පාඤ්ඤ සංස්කෘතියට අරාබි බලපෑම ඇති විය. ස්පාඤ්ඤයෝ දකුණු ඇමරිකාව යටත්කර ගත්හ.  ස්පාඤ්ඤ සංස්කෘතියේ බලපෑම මත දකුණු ඇමරිකානු සංස්කෘතිය ගොඩනැගුනි. අශ්වයන් පිටේ නැග හරක් පට්ටි බලාගන්නා කව්බෝයිස්ලා ප‍්‍රථම වරට දකුණු ඇමරිකාවට එන්නේ ස්පාඤ්ඤ සංස්කෘතියේ කොටසක් ලෙසිනි. නමුත් කල්යාමේදී කව්බෝයිස්ලා උතුරු ඇමරිකානු සංස්කෘතියේ කොටසක් බවට පත් වූහ. බි‍්‍රතාන්‍ය පාලකයෝ අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරන්නන් මර්දනය කිරීමටත් ස්වදේශිකයින් දඩයම් කිරීමටත්  කව්බෝයිස්ලාව යොදාගත් අතර ඇඟට හිරවෙන කලිසම, කමිසය, තොප්පිය ඔවුන්ගේ යුනිෆෝමය විය. අශ්වයන් පිටේ නැගගත් කව්බෝයි තුවක්කුව, පිහිය, කසය, ආදී ආයුධ දරන සන්නද්ධ පුද්ගලයෙක් වූයේය. 19 හා 20 සියවස්වලදී ‘වයිල්ඞ් වෙස්ට්’ සංදර්ශන හා චිත‍්‍රපටි නිසා කව්බෝයිස්ලා ලෝක ප‍්‍රසිද්ධ වූහ.

අර්නස්ටෝ චේ ගුවේරා වෛද්‍යවරයෙකු වුවත් කව්බෝයි චරිතයකි. ලංකාවේ වාමවාදීන්ට හා ජාත්‍යන්තරවාදීන්ට  සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය දරාගෙන විමුක්ති සටන් උදෙසා දිවිදුන් වීරයන් කව්බෝයි කෙනෙකු තරම් නොවටී. එය ඔවුන්ගේ කරුමය නොව මානසික විකෘතිභාවය නිසා සිදුවන්නකි. 

13 comments:

  1. දවල්ද?

    ReplyDelete
  2. Balagena giyama etta tamai. Apita nopenena kochchara dewal tiyenAwada mehema. anakonda alut ehekin mewa diha balanawa. eka apita loke terumganna udawwak. namut anaconxa oba hari serai pihiyen aninawa wagei liyanne. ekata mamaasai wagema ani minissu gena dukakug hitenawa. oba harima tarkanukulai. enisa obata boho saturan atiwenna puluwani. tarketa uttaradenna bariweddi minissunta taraha yanawa etakota un monawa karanawada ouwnma danne ne. e nisa padissamaenna. obata jaya. Che gena tawa tikak liyanna. apita etta denaganna asai. Chapa

    ReplyDelete
  3. balla genen polla maranda kiwwalu

    ReplyDelete
  4. වමේ උන් ගැන නම් කතා කොරන්න එපා...

    ReplyDelete
  5. වමේ උන් විතරක් නෙවෙයි, කොළඹ 7 මහ ලොක්කන්ටත් අපේ වීරයන්ට වඩා කව්බෝයිස්ලා හරි හොඳයි. අපේ වීරයෝ ගොඩයෝ කියලයි උන් හිතාගෙන ඉන්නේ.

    ReplyDelete
  6. ප්‍රශ්නේ තියෙන්නේ ඔය කියන අපේ වීරයෝ උඩ දාගෙන විකුණගෙන ආපු කට්ටියක් තමයි JRP සුරියප්පෙරුමලා එල්ලාවල මෙදානන්දල කියන්නේ. දැන් ඔවුන්ට මොකද වෙලා තියෙන්නේ. ඔවුන් අනියමින් තවත් රජකෙනෙක්ට රජ මානසිකත්වයෙන් වැජබෙන පව්ලකට පාර කපලා. දැන් අඩු ඔටුනු පලන්දල අභිෂේක කරන එක විතරයි. ඇත්තටම කැප්පෙටිපොළ, ඇල්ලේපොළ, ඩිංගිරාළ, පුරන්අප්පු වගේ වීරයෝ අපේ රට විජාතික ආක්‍රමණිකයන්ගෙන් බේරගන්න දිවි කැපකළ උතුම් මිනිසුන්. එහෙත් විජාතිකයන්ගේ ජයග්‍රහණ අහමුවේ ඔවුන් ද්‍රෝහීන් ලෙස සම්මත උනා. ඉතිහාසය යනු ජයග්‍රාහකයාගේ වාර්තාවයි ඉතිහාසය ලියවෙන්නේ ඔවුනට උවමනා පරිදිය. අප ජාතියක් ලෙස ජයගත් දාක ඉතිහාසය අපේ නමින් ලියවාගත හැකි වේවි..................

    ReplyDelete
    Replies
    1. භික්ෂුණ් වහන්සේ නමකට ගරුකිරීමේ ශිෂ්ඨ සම්ප‍්‍රදායක් අපිට තියෙනව නේද? ඒ තරම් සුලූ දෙයක් තේරුම්ගන්ඩ බැරි පුද්ගලයා දුර්වලයෙක්. එවැන්නාගේ ලියවිලලෙන් පැතිරෙන්නේ කක්කුස්සි ගඳක් පමණයි. hik hik මීට හොප්කින්ස්

      Delete
    2. කියු දේ කියල ඉවරයි ගව්රවය ඉබේ එන්නේ නැත්නම් එක එන්නේ නෑ ම තමයි...හිත රිදුනට කනගාටුයි...!

      Delete
  7. ලිපිය බොහොම උනන්දුවෙන් කියෙව්වා. එය තේරුම් ගැනීම තරමක් අපහසු නිසා කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්.
    දකුණු ඇමරිකානු රටවල උපන් පිදෙල් කස්ත්‍රෝ, චේ ගුවේරා, චාවේස් වැන්නන් අධිරාජ්‍ය විරෝධී සටන්කරුවො. කොමියුනිස්ට්කාරයො නොවෙයි. විදේශිය ආක‍්‍රමණ පටන්ගත් කාලෙ සිට යටත් විජිත යුගය දක්වාම මෙවැනි සටන්කාමින් ලංකාවෙ පහළවුනා. නමුත් අපේ රටේ මාක්ස්වාදින් පොට වරද්දාගෙන දකුණු අමරිකාවෙ අය අගයනව. ලංකාවෙ අය ගරහනව. මං හරියයි හිතනව - එම් රණවක

    ReplyDelete
  8. මෙතන තිබෙන්නේ බටහිර සංස්කෘතිය පැතිරවීමේ වුවමනාවයි.වෙන මොකුත් නෑ

    ReplyDelete
  9. දැන් ලියන්නේ නැත්තේ ඇයි

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් පරක්කු වුනා. ඔන්න අද දැම්මා එකක්

      Delete

අදහස් දක්වන්න