Thursday, July 10, 2014

ඇමරිකාව ශ‍්‍රී ලංකාවට මේ හැටි ගහන්නේ ඇයි?





බටහිර මාධ්‍ය  සහ මානව හිමිකම් සංවිධානයන් ඉස්ලාම්වරුන් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවල නියැළෙන බව නිතර නිතර ප‍්‍රචාරය කිරීම විවේචනය කෙරෙන ලිපි කිහිපයක් පසුගිය සතියේ දෙකේ වෙබ් අඩවි කිහිපයකම පළ විය. මේ අතර ලංකාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදී සංවිධාන පවතින්නේද යන ප‍්‍රශ්නය අසමින් ලියවුන ලිපියක් දෙකක්ද දක්නට ලැබුණි. බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ අවදියේ සිටම බටහිරට විරුද්ධව නෝක්කාඩු කියාපෑමේ සිරිතක් සමහර ශ‍්‍රී ලාංකිකයන් අතර පවතී. යුරෝපීන් අපගේ රට කාපු නිසා නෝක්කාඩු කීම වරදක් නොවේ. වරද සුද්දන්ට නෝක්කාඩු කියමින් සුද්දන් පස්සේ යාමයි. පස්සෙන් ගමන් කිරීම මොනතරම් අන්ධ විදිහට කරනවාදැයි කිව්වොත් පස්සෙන් යන බොහෝ දෙනා තමන් පස්සෙන් යන බව නොදනිති. මාධ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන මානව හිමිකම් ආරක්ෂාකරන බටහිර රටවල්  මුස්ලිම්වරුන්ට මෙහෙම තඩිබාන්නේ ඇයි? යන ප‍්‍රශ්නය නගන්නේත් තමන් පස්සෙන් යන බව නොදැන පස්සෙන් යන්නෝය. ලංකාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදී සංවිධාන ක‍්‍රියාත්මක වෙනවාදැයි ප‍්‍රශ්න නගන්නන් ගැන නම් කතා කිරීමටවත් නොවටී. මෙවැනි ප‍්‍රශ්න නගන්නෝ මාධ්‍ය කිරිසප්පයෝය. නැතිනම් කුලියට ලියන්නෝය.

ලෝකයේ අණසක පතුරුවාගෙන සිටින බටහිර රටවලට සම්බන්ධ මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන ආයතන අතර අපක්ෂපාත ආයතන යනුවෙන් නම් කළ හැකි කිසිම ආයතනයක් නැත. එවැන්නක් ඇතිවිය නොහැක. බටහිර උපන් හැම ආයතනයක්ම බටහිරට සේවය කරන්නකි. නමුත් අපගේ රටවල සමහරු ඒවා අපක්ෂපාතව කටයුතු කරන ආයතන යයි සිතති. නිදසුනක් බලමු. බි‍්‍රතාන්‍යයේ කීර්තිය රඳවා ගැනීමේ මූලික පරමාර්ථයෙන් කටයුතු කිරීම හැර වෙනත් පරමාර්ථයක් බීබීසියට නැත.  ඇමරිකාවේ සීඑන්එන් කවර කවදාකවත් ඇමරිකාවට එරෙහිව ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයක් නොකරයි.

බටහිර රටවල උපන් එම රටවල සිට ක‍්‍රියාත්මක වන මෙවැනි සියලූ ආයතනයන්ගේ තවත් ස්වභාවයක් වන්නේ  බටහිර සාරධර්ම හා ක‍්‍රිස්තියානි ආගම ආරක්ෂා කිරීමට දක්වන උනන්දුවයි. මෙම ආයතන ගැන දැනුමක් වැටහීමක් ඇති මාධ්‍යකරුවෝ, ‘නුඹලා ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැනම මේ තරම් ඝෝෂා කරන්නේ ඇයි? උඹලාගේ රටවල්වලින් කෙරෙන එවැනි වැරදි ගැනත් ඒ විදිහටම කෑ ගහපල්ලාකෝ’ කියා නෝක්කාඩු නොකියති.

බටහිර යනු ක‍්‍රිස්තියානි ලෝකයකි. ඊට ප‍්‍රතිවිරුද්ධ ලෝකය ඉස්ලාම් ලෝකයයි. දෙපිරිසම මැවුම්කරුවකු විශ්වාස කරන නමුදු ප‍්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිට කටයුතු කරති. තමන් අන්තයක සිටිනා බව බටහිර පාර්ශ්වය නොපිළිගනී. ඉස්ලාම්වරුද නොපිළිගනිති. ‘අපි හරි යයි’ දෙපිරිසම කියති. නමුත් සන්නිවේදන තාක්ෂණයේ වැඩි ජයග‍්‍රහණයන් අත්කර ගෙන සිටින බටහිර පාර්ශ්වයේ හ`ඩ බලවත්ව ඇසේ.

ඔටෝමොන් තුර්කි අධිරාජ්‍යය යුරෝපය ගිලගැනීමට ව්‍යාප්තවීමත් සමග ස්පාඤ්ඤය හා පෘතුගාලය යන රටවල් දෙක යටත් විජිත සොයා යන්නට උනන්දු වූහ. පාප්තුමා යුරෝපීය ක‍්‍රිස්තියානි හමුදාව මෙහෙයවූයේය. මිලියනයකට වඩා ඉස්ලාම්වරුන් මරා දමා කුරුස යුද්ධ නිමකර ජයග‍්‍රහණය ලබාගැනීමට ක‍්‍රිස්තියානි පාර්ශ්වය සමත් වූයේය.

අධිරාජ්‍ය ගොඩනැගීමට ගොස් යුරෝපීයයන් අතර පසු කාලයේ තරගයක් හා භේද ඇතිවූ බව ඇත්ත නමුදු ක‍්‍රිස්තියානි ආගමට තර්ජණයක් එල්ල කිරීමට සමත් ඉස්ලාම් බලයක් නැග එද්දී සියලූ බටහිර රටවල් එක්වෙති. බටහිර මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන සියල්ල ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැන කතාකරන ලෙසටම ඉස්ලාම් රටවල් ඉස්ලාම් අදහන්නන් අතරේ බටහිර රටවල් කෙරෙහි වෛරය ඇති කරවති.

ලංකාව වැනි රටවල් ප‍්‍රතිපත්ති වචනවල සීමා කරගෙන සිටිති. ක‍්‍රියාකාරී භාවයේදී මඬේ සිටවූ ඉනි හා සමානව එහාට මෙහාට නැමෙති. නිදසුනක් ගනිමු. බුද්ධාගම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට ලංකාව පාලනය කරන පාලකයෝ ව්‍යවස්ථාවෙන් බැඳී සිටිති. නමුත් ලංකාව බෞද්ධ රටක් යයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමටවත් ශක්තියක් බොහෝ දේශපානඥයින්ට නැත. සිංහල බෞද්ධ ඡුන්දයෙන් බලයට පත් වූ බව බොහෝ දෙනෙකුට අමතක වේ. බුද්ධාගම පාවා දෙමින් සර්ව ආගම ගැන දෙඩවීම මොවුන්ගේ ස්වභාවයකි.

භික්ෂුන් වහන්සේලාගේ අවිහිංසාවාදී ස්වභාවය හොඳහැටි දන්නා බැවින් ඇති පදමට භික්ෂූන්ට නින්දා කිරීම මොවුන්ගේ තවත් ගතියකි. සිංහල බෞද්ධයන්ට බනිමින් ඉස්ලාම් හා දෙමළ දේශපාලන නායකයින්ට නිවටයින්සේ දත් විලිස්සීම තවත් සිරිතකි.

ඇමරිකාව දත නියවන රටක් නොවේ. රටවැසියන්ගේ ආත්ම ගරුත්වය රැුකීමට හැම මෙහොතකම සූදානම් වූ කොන්ද පණ ඇති නායකයන් ඉන්නා ප‍්‍රතිපත්ති ගරුක රටකි. ඇමරිකාව ත‍්‍රස්තවාදීන්ට සුදුහුණුගාමින් ත‍්‍රස්තවාදී සංවිධාන සතුටු කිරීමක් නොකරයි. ඇෆ්ගනිස්ථානයට ගැහුවේ, තලිබාන්වරුන් වැට්ටුවේ, සදාම් හුසේන් බිම දැම්මේ, ගඩාපි එලොව යැව්වේ ඇමරිකාව විසිනි. තවත් හපන්කම් කරන නමුදු ඒවා ලිවීමට අවශ්‍ය නැත. ඉදිරියට බලාගන්නට අවස්ථාව ලැබෙනු ඇත.
බීබීසිය හා සීඑන්එන් අලූත්ගම සිද්ධිය විකෘති කිරීමේ හා වැරදියට ලොව පුරා ප‍්‍රචාරය කිරීමේ ප‍්‍රමුඛයෝ වූහ. ඇමරිකාව බොදුබල සේනාවේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඇමරිකාවට ඇතුල්වීමට නිකුත්කර ඇති විසා බලපත‍්‍රය අහෝසි කළ බව දැනගන්නට ලැබුණි.

මේ සියල්ලක් සිදුවූයේ ඇමරිකාව හෝ බටහිර රටවල් හෝ ලංකාවේ සිදුවූ හා සිදුවන දේ නොදැන යයි සාමාන්‍ය ලාංකිකයකු සිතුවහොත් එය වරදක් නොවේ. ඇමරිකාව හෝ බටහිර රටවල් යථාර්ථය නොදන්නේ යැයි සිතන හෝ උපකල්පනය කරන මාධ්‍ය ශිල්පියා ලොකු වරදක් කරයි. එවැන්නා දුරදක්නා නුවණක් නැත්තෙකි. ලංකාව ඉතා වේගයෙන් ජිහාඞ්වාදයට ගොදුරුවන රටක් බව බටහිර රාජ්‍යයෝ දනිති. සිංහල බෞද්ධයා අසරණ බවත් ඔවුහු දනිති. එසේ නම් ඔවුන් සිංහල බෞද්ධයා ඉතිහාසයට යැවීමට වෙහෙසෙන්නේ ඇයි? ලංකාවේ ජිහාඞ්වාදීන්ට ඔවුන් අත හිත දෙන්නේද? අපට වැටහෙන පරිදි මෙහි ඇත්තේ වෙනත් කෝන්තරයකි. සිංහල බෞද්ධයන්ගේ ඡුන්දයෙන් බලයට පත්වූ හා පත්වන දේශපාලන නායකත්වය සදහටම නැතිකිරීමේ වුවමනාව ඔවුන්ට තිබේ. ඒ ඇයි?

ලංකාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස් වූ තැන් පටන් රටේ සිංහල බෞද්ධයෝ බෞද්ධ නායකයන් නොමැතිකමින් නොමග ගියවුන් පිරිසක් වූහ. මේ අනාථයන් අතරින් පිරිසක් එංගලන්තයේ ඉගෙනීම අවසන් කොට ලංකාවට පැමිණි පට්ට ධනපති තරුණයන් කිහිප දෙනෙකු ගෙනා මාක්ස්වාදයට ගොදුරුවූහ. ඒ මෝඩ මාක්ස්වාදී චින්තනය තාමත් සිංහල බෞද්ධ බහුතරය තුළ හොල්මන් කරයි. ජවිපෙ, සමසමාජය, කොමියුනිස්ට් පක්ෂය වැනි රට හා ජනතාව අමාරුවේ දැමූ පක්ෂ තවමත් රටේ පැවතීම ඊට සාක්කියයි. තමන්ගේ අඹුවන්, ¥දරුවන්  ඇමරිකාවට යවා ඇමරිකාවේ පදිංචියට ගෙවල් හදාගෙන ඉන්න අතර ‘ඇමරිකාව භංගවේවා’ කියමින් පෙළපාලි යන මාක්ස්වාදී නායකයන් පස්සේ වැටී ‘ඇමරිකාව භංගවේවා’ කියමින් යන මිනිස් රංචු ලංකාවේ මිස වෙන රටක දකින්නට නොලැබේ.

ඉස්ලාම්වරු ජනගහනය බෝකරති. ලංකාව ඉස්ලාම් රටක් කරන්නට වෙහෙසෙති. ක‍්‍රිස්තු භක්තිකයෝ ක‍්‍රිස්තියානි දේශයක් ගොඩනගන්නට වෙහෙසෙති. (ප‍්‍රභාකරන්ගේ ඊළම යනු ක‍්‍රිස්තියානි දේශයේ කොටසකි*. පාප්තුමාගේ ලංකා සවාරිය සංවිධානය කරන්නන්, රාසප්පු ජෝෂප් හමුවීම වේලාසනින්ම කාලසටහනට එක්කර ඇතැයි දැනගන්නට ලැබේ. දෙමළ ජනයා ඊළමක් වෙනුවෙන් වෙහෙසෙති. සිංහලයෝ තමන්ගේ රට රැුකගැනීමේ වුවමනාවක් නැතිව පිස්සු කෙළිති. මේ අතර සිංහලයන් වඳකිරීම සිංහල පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ප‍්‍රධාන කටයුත්ත වී තිබේ. සිංහලයන් විසින් බලයට පත්කරන ලද නායකයෝ සර්වාගමික රටක් ගැන දොඩවති. ළඟදී සිංහල බෞද්ධයන් පිරිසක් එක්වී මුස්ලිම් පල්ලියක් හැ¥ බව පත‍්‍රවල සඳහන්ව තිබුණි.

තමන් කවුද? සිදුවන්නේ කුමක්ද? මේ  කිසිවක් වටහා ගැනීමට හැකි තරමේ මොළයක් සිංහල බහුතරයට නැතැයි යන හැ`ගීම ඔවුන්ගෙන් ඡුන්දය ගන්නා දේශපාලනඥයන් බහුතරයකට තිබේ. එමනිසා අප බටහිර මාධ්‍යයන්ට හෝ මානව හිමිකම් සංවිධානවලට දොස් කීම මෝඩකමකි. ඔවුහු ඔවුන්ගේ කටයුත්ත නිවැරදිව කරති. අපේ අය අප කළ යුත්තේ කුමක්දැයි නොදැන අඳුරේ අතපතගාති.
 
 



3 comments:

  1. මහා නායක හා අනිකුත් හාමුදුරුවරුන් ගැන නහයෙන් අඬන චන්ද්‍රප්‍රේම
    Posted on July 9th, 2014
    චන්ද්‍රසිරි විජයවික්‍රම

    අයිලන්ඩ් පත්තරේ අයිතිකාරයාසේ ක්‍රියාකරන සී ඒ චන්ද්‍රප්‍රේම, ලංකාවට අළුතෙන්ම පහලවූ දිවසේන කුමාරයා යයි කටපුරා කිවහැකි ඥානසාර හාමුදුරුවන් ගැන බොරු ලියමින් මඩ ගැසීමේ තවත් උත්සාහයක් ජූලි 6 දා ඔහු සන්ඩේ අයිලන්ඩ් පත්තරේට ලියූ ඥානසාර ථේර ඇන්ඩ් ද යු එන් පී (ඟ්නනසාර Tහෙරො අන්ඩ් ඨෙ UNP) යන හෑල්ලෙන් කර ඇත. එහි එය නිර්‍ණාමිකව ලියා ඇත්තේ ඔහු බව මට දැනගත හැකි වූයේ ඩී බී එස් ජෙයරාජ්ගේ වෙබ් අඩවියේ ඔහුගේ නමින් එය නැවතත් පලකර තිබුණ නිසාය. මේ වගේ දේවල් නමක් නැතිව අයිලන්ඩ් පත්තරේ දැමීම ඔවුන්ගේ පත්තර නිදහස හෝ නිවට කම හෝ විය යුතුය. කොළඹ ඉන්නා ඉංග්‍රීසි කළු සුද්දන්ට ඔහු ලියන මේ ජරා මවා පෑම් වල සත්‍ය තත්වය පෙන්වා දීමෙන් අපට ඔහුට සේවයක් කල හැකිය. හැමදෙනාම කොන්ඩේ බැඳපු චීනුන් නොවන බව ඔහුට පෙනී යා හැකි නිසාය.

    ඔහුගේ ලිපියෙන් එළිවන කාරණයක් නම් ඥානසාර හාමුදුරුවන්ට ආණ්ඩු පෙරලීමට කෙසේ වෙතත් ආණ්ඩුවට බරපතල හිසරදයක් වීමට හැකි බව දැන් ඔහුද පිලිගෙන ඇති බවය. මීට පෙර ඔහු ලිව්වේ හාමුදුරුවන්ව සමච්චලයට හා හෑල්ලුවට ලක් කරමින් ය. ඔහුට දැන් කේන්ති ගොස් ඇත්තේ මල්වත්තේ මහා නායක හාමුදුරුවන් හා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ඥානසාර හාමුදුරුවන් හා බොදු බල සේනාවට විරුද්ධව කතා නොකිරීම ගැනය. දයාන් ජයතිලක මෙන් ඔහුත් ලංකා වෙබ් අඩවිය බලා අපේ අදහස් දැනගෙන ඒවා කොපි කිරීමට තැත් කරන බවක්ද දැන් පෙනී යයි. උදාහරණයක් වශයෙන් ආණ්ඩුව සිංහල බෞද්ධයාට, මහානායක හිමිවරුන්ට තැකීමක් නොකිරීමත්, කාර්‍ඩිනල්ට සැලකීමත් ප්‍රශ්නයක් බව ඔහු දැන් කියයි. මේ බව බොදු බල සේනාවද නොයෙක් වර පෙන්වා දී ඇත. හිත හොඳ ගෑනී ගේ කතාවද දැන් ඔහුට ඒත්තු ගොස් ඇති සේය.

    හැකි උපරිමයෙන් යමෙකුට මඩ බෝල ගැසූ විට ඉන් එකක් දෙකක් හෝ වත් යාන්තමින් හෝ ඇඟේ වැදී යනු ඇත යන උපක්‍රමය අනුව යමින් චන්ද්‍රප්‍රේම කියන මඩ කතා බොහෝ ය. ඒවායින් එලි වන්නේ ඔහුගේ බලවත් මානසික විකෘතියත්, ආතතියත්, ඔහුගේ හා ඔහුගේ පත්තරේ පහත් කමත් ය. ෆෙඩ්‍රීකා ජෑන්ෂ් මාළු ඔතන පත්තර ගැන කිව්වේ මේ නිසා විය යුතුය. 1960 ගණන් වලදී පුවත් පත් කොමිෂම පත්තරකාරයින්ව ගනිකාවන්ට සමාන කලේද මේ නිසා නොවේද?

    චන්ද්‍රප්‍රේම කියන දේ!

    (1) 2011 දී අප්‍රසිද්ධ හාමුදුරුනමක්වූ ඥානසාර හිමියන්ට ඇමෙරිකාව අවුරුදු පහකට විසිටර්‍ස් වීසා දුන්නේ ඔහු රනිල් වික්‍රමසිංහගේ ඉත්තෙක් වූ නිසාය.

    (2) චන්ද්‍රප්‍රේම ඥානසාර හිමියන් කියන කෙනෙක් ගැන දැනගත්තේ හලාල් ගැන මතුවූ ප්‍රශ්නයේදීය. ඊට පෙර මේ හාමුදුරුවන් නොවැදගත් කවුරුත් නොදන්නා පුද්ගලයෙකි. ඔහු සිතුවේ ගලබොඩ ඥානිස්සර නම් ප්‍රසිද්ධ හාමුදුරුවන් මේ හලාල් ගැන කතා කරනවා කියාය.

    (3) බීමත් ව වාහනයක් එලෙව්වා කියා වරද පිලිගත් හා කොළඹ යුධ විරෝධී පෙරමුණේ මීටිමකට (කුමාර් රූපසිංහලාගේ) කඩා පැන එයට බාධාකල කෙනෙකුට ඇමෙරිකන් වීසා දීම ගුප්ත සහගත බව චන්ද්‍රප්‍රේමගේ මතයය (මේ බීමත් කතාවේ සුල මුල ඥානසාර හාමුදුරුවන් රටටම කියාදී ඇත. රට ජාතිය, ආගම වෙනුවෙන් උන්වහන්සේ කල මේ බීමත් වුනාය කියන කැපවීම ගැන මාසික සංඝ ශීල/විනය/ශික්‍ෂාපද කාරක සභාව විසින් සලකා බලා ඇත (පාටිමොක්ඛ?)). ඔහු සිතන්නේ විසා දුන්නේ හාමුදුරුවන් ඇමෙරිකාවට ප්‍රයෝජනවත් ලෙස ක්‍රියා කරනවා නම් ඇමෙරිකාව උන්වහන්සේ ගැන බලා ගන්නට සූදානම් බවට දුන් ඉඟියක් හැටියට කියාය......

    ඥානසාර හිමියන්ට අපහාස කරන අය හඳට බුරන බල්ලන් වගේ නොවේ ද?

    වටිනා ලිපියක් මසුරන් අදහස් ටිකක් read lanka web මිට නිලූ

    ReplyDelete
  2. අයියා.........
    රාසප්පු ජෝෂප්පු ආණ්ඩුව, සිංහලයන්ට, බෞද්ධයන්ට, හින්දුන්ට, ඔක්කොටම ඇට්ටි හැලෙන්ඩ දෙනව. කතාවෙන ලියවිලි වලින් , පේතසම් මගින්, අවුස්සන්ඩ තියෙන එක්කොම කලඹෝනව, මොකා ද රාසප්පු ජෝෂප්ට විරුද්ධ ලියපු එකා. මොකාද රාසප්පු ජෝෂප්පුට විරුද්ධව කතා කරපු එකා. ඥාණසාර හිමියෝ හයියෙන් කතා කරා විතරයි තෙවරප්පෙරුමද මොකාද කියල තිබුණ ගෝල්පේස් ගෙනත් එල්ලන්ඩ කියල. වාසුවල, බාහුවල, පේ‍්‍රමයල, අත්සොත්ති අයිවන්ලා, මේ ඔක්කොම පෝලිමට හිටගෙන ගහන්ඩ ගත්ත.

    සිංහල කිව්වට දුපතට ආපු හැමෝගෙන්ම පැවතෙන එවුන් මේකෙ ඉන්නවනෙ . මිට පොඩි මල්ලී

    ReplyDelete
  3. හින්දු ආගමිකයන් රාමදාන් වේලාවල කනව බොනව කියල ඒක නවත්තන්ඩ ඉන්දියවෙ මුසල්මානයො දේවාලයක් ඉදිරියෙ බෝම්බ ගහල. ඔය තත්වය ත ටික කාලයකින් ලංකාවෙ ඇතිවෙනව.
    Crude bomb blast near Hindu Temple in Pune by suspected Islamist group injuring six persons.

    http://hinduexistence.org/2014/07/11/crude-bomb-blast-near-hindu-temple-in-pune-by-suspected-muslim-terror-group-injuring-six-persons/

    ReplyDelete

අදහස් දක්වන්න