Wednesday, December 5, 2012

දෙසැම්බර 21 දා ලෝකය විනාශ වෙන්නේ මෙහෙමයි.


මේ අවුරුද්දේ දෙසැම්බර 21 වෙනිදා ලෝක විනාශය සිදුවන බවට බොහෝ දෙනා කියති. සාමාන්‍ය ජනතාව, උගත්තු, පූජකවරු හා භික්ෂූන් වහන්සේලාද හරිහරියට මේ මාතෘකාව ගැන කතාකරති. දෙසැම්බර 21දා ලෝකය විනාශවන්නේ නම් බ්ලොග් පිටු ලියමින් කාලය කාදමන්නේ කුමටදැයි සිතා පසුගිය කාලය පුරාම ඇනකොන්ඩා හොඳහැටි කාබී විනෝදයෙන් ගත කළේය. නමුත් උණපුරුකේ දැම්මත් බලූවලිගේ ඇද අරින්ඩ බැහැයි කීවා සේ ඇනකොන්ඩාටද අහුමුළු හාරාඅවුස්සන්නේ නැතිව ඉන්නට නොහැකි හෙයින් මේ සිද්ධවෙන ලෝක විනාශය ගැන නොසොයා ඉන්නට බැරි විය. එසේ සොයාගත් තොරතුරු ලෝක විනාශයට පෙර ඇනකොන්ඩාගේ ආදරණීය සහෘදයන්ට වැමෑරීමෙන් කිසිදු වරදක් නොවන හෙයින් ලෝකය විනාශ වන හැටි කාටකාටත් දැනගැනීමට ඒ සොයාගත් තොරතුරු ටික මෙසේ ලියමි.

ලෝක විනාශය ගැන ඇනකොන්ඩාට මුලින්ම අසන්නට ලැබුණේ ඉතා කුඩා කාලයේ අම්මාගෙනි. අම්මා කී කතාවට අනුව ලෝක විනාශයට පෙර මුරුගසං වරුසාවක් වැටෙන බවත් එයින් බේරෙන පිරිස පමණක් බේරෙයි. මුරුගසං වැස්සට තෙමෙන පිරිසට එකිනෙකා මුවන්, ගෝනුන්, කොටියන්, සිංහයන්, නයින්, මුගටින් ආදි ලෙසින් පෙනෙන්නට වෙයි. ඉන් පසු ඔවුහු එකිනෙකා මරාගෙන කමින් විනාශයට පත් වෙති.

ලෝක විනාශය සිදුවන ආකාරය ගැන දැන් අපට අසන්නට ලැබෙන්නේ අම්මා කීවාට වඩා වෙනත් කරුණුය. ඒ මෙසේයි.

නිබිරු ගහලෝකය පොළවට කඩාවැටීම
X ග‍්‍රහලෝකය හෙවත් නිබිරු ගහලෝකය සොයාගැනීම’ ඉන් එකකි. 1976 වසරේදී සෙචරියා සිට්චින් (Zecharia Sitchin)  The 12th Planet  නමින් පොතක් පළ කළේය. එහි සඳහන් අන්දමට පෘථිවියේ මිනිසුන් බෝකර ඇත්තේ ක‍්‍රි.පූ. 13000ත් 450000ත් අතර කාලයේ පිටසක්වලින් පැමිණි ජීවීන් කණ්ඩායමක් විසිනි. ඔහු වැඩිදුරටත් පවසන්නේ පුරාණ සුමේරියන්වරුන් මේ නිබිරු ග‍්‍රහලෝකය සොයාගෙන තිබුණු බවයි. 

සෙචරියා බයිබල් පාඨ උපුටා දක්වමින් බයිබලය ඇත්ත බව ඔප්පුකිරීමට වෙහෙස ගෙන ඇති බව පර්යේෂකයෝ පෙන්වාදෙති. සෙචරියා යනු බයිබලයේ සඳහන් පුද්ගල නාමයකි. නූතන පර්යේෂකයන් පෙන්වාදෙන අන්දමට සුමේරියානුවන් ‘නිබිරු’ තබා ‘යුරේනස්, නැප්චුන්, ප්ලෝටෝ’ගැනවත් දැන සිට නැත.

සෙචරියාගේ ටොම්පචයෙන් තවත් ගජබින්නාලංකාරයක් නිර්මාණය කිරීමට පදනම වැටිණි. තමන් අදිමානසික බලයෙන් යුක්ත තැනැත්තියක් බවට හඳුන්වාගත් පිටසක්වල ජීවීන් සමග කතාබහ කළ තැනැත්තියක් බවට ප‍්‍රචාරය කෙරුණු නැන්සි ලෙයිඩර් භ්බජහ ඛැසාැර  නිබිරු ග‍්‍රහලෝකය පෘථිවියේ ගැටීමෙන් 2003 මැයි මාසයේදී ලෝක විනාශය සිදුවන බව ප‍්‍රකාශ කළාය. 2003 දී එය සිදු නොවූයෙන් දිනය 2012 දෙසැම්බර තෙක් කල් තැබිණි. 

1984 දී දස වැනි ග‍්‍රහලෝකයක් පිළිබඳ කතිකාවක් ඇරඹිණි. එයින් නිබිරු හෙවත් X ග‍්‍රහලෝකය පිළිබඳ කතිකාවට අලූත් පණක් ලැබුණි. නාසා ආයතනය තියුණු පරීක්ණවලින් පසු ප‍්‍රකාශ කළේ එය ග‍්‍රහලොවක් නොව වෙනත් මන්දාකිණියක් බවයි. 

මායා කැලැන්ඩරයේ කතාව 
මායාවරුන්ගේ කැලැන්ඩරය 2012 දෙසැම්බරයෙන් අවසන් වන බවටත් එසේ කැලැන්ඩරය එතැනින් අවසන් කර ඇත්තේ එම කාලයේදී ලෝක විනාශය සිදු වන නිසා බවටත් විශාල කතාබහක් මේ දිනවල පවතී. 

මායාවරුන් සතුව දියුණු තාරකාවිද්‍යා ශාස්ත‍්‍රයක් තිබුණු බව ඇත්තකි. එහෙත් ඔවුන් කිසිදාක ලෝකවිනාශයක් පිළිබඳ අනාවැකි පවසා නැත. මේ බව මායා ශිෂ්ටාචාරය පිළිබඳ ප‍්‍රාමාණික උගතුන් සනාථකර ඇත. දැනට සොයාගෙන ඇති මායා කැලැන්ඩරයේ සඳහන් අවසන් දිනය ලෝකවිනාශය ගැන කියවෙන්නක් නොවේ.

සරල උදාහරණයකින් මෙය පැහැදිලි කළ හැකිය. වසර 2000ට පෙර නිපදවුණු පරිගණක ආශ‍්‍රිත උපාංගවල කැලැන්ඩරයේ තිබුණේ 1999 වර්ෂය තෙක් පමණි. මේ නිසා මහා කලබැගෑනියක්ද එකල හටගත්තේය. එහෙත් පසුව නිපදවුණු පරිගණක උපාංගයන්හි කැලැන්ඩරය ඉතා දීර්ඝ කාලයක් ඉදිරිය දැක්විය හැකි පරිදි නිපදවිණි. ඕනෑම කැලැන්ඩරයකට ආරම්භයක් හා සාපේක්ෂ අවසානයක් තිබේ. එහෙත් එය දක්වා ඇති අවසාන දිනයෙන් අවසන් නොවේ. එය එතැන් සිට ඉදිරියට ගණනය කරගෙන යාහැකිය. මායා කැලැ්නඩරයද එසේය. එය ඉදිරියට ගණනය කරගෙන යාහැකි එකකි.

එම නිසා මායා කැලැන්ඩරය පවසන ලෝක විනාශය මාධ්‍යකාරයන්ගේ පුහුසන්දර්ශනයක් පමණි.

සියලූ ග‍්‍රහයන් එක් ලක්ෂයක පිහිටීම
2012 දෙසැම්බර 21 දා සෞරග‍්‍රහ මණ්ඩලයේ සියලූ ග‍්‍රහයන් එක් ලක්ෂයක පිහිටන බවත් එනිසා ලෝක විනාශය සිදුවන බවටත් මතයක් තිබේ. නාසා ආයතනය පවසන පරිදි ඉදිරි දශක කිහිපය තුළ එබඳු ග‍්‍රහ පිහිටීමක් නොයෙදෙයි. එබන්දක් සිදුවුවද එය ලෝකය විනාශවීමට හේතුවක් නොවේ.

සෑම වසරකම දෙසැම්බර මාසයේ හිරු සහ පෘථිවිය ක්ෂීරපථයේ මධ්‍ය ලක්ෂය සමඟ කේන්ද්‍රගත වෙයි. මෙම සිද්ධිය මේ තාක් පෘථිවියට කිසිදු බලපෑමක් කිරීමට සමත්වී නැත. එම නිසා මේ වසරේදී පමණක් විශේෂයක් සිදුවීමට ඉඩක් නොමැත.

ධ‍්‍රැව විපර්යාස
චුම්භක ක්ෂේත‍්‍ර මාරුවීම නිසා සිදුවන ධ‍්‍රැව විපර්යාසයෙන් පෘථිවිය විනාශයට පත්වන බවටද මතයක් තිබේ.

පෘථිවිය වටා පිහිටා ඇති චුම්භක ක්ෂේත‍්‍රය වසර ලක්ෂ හතරකට (400000) වරක් විරුද්ධ දිශාවට හැරෙයි. එනම් චුම්භක උතුර පිහිටා ඇති දිශාව මාරුවේ. සිදුවන දැනට කර ඇති ගණනය කිරීම්වලට අනුව මෙම වෙනස සිදුවීමට නියමිතව ඇත්තේ තවත් වසර 1000ත් 3000ත් අතර කාලයේදීය. ස්ථිර වශයෙන්ම 2012 වසරේදී එබඳු වෙනසක් සිදු නොවේ. 

එබඳු චුම්භක ක්ෂේත‍්‍ර මාරුවකදී වුවද ලෝක විනාශයක් සිදු නොවන බව පෘථිවිය වසර මිලියන ගණනක් පැරණි බවට කර ඇති සොයාගැනීම් සාක්ෂි සපයයි.

හිරු කුණාටු
මේ දෙසැම්බරයේ හටගන්නා සූර්ය කුණාටු නිසා ලෝක විනාශය සිදුවන බවට තවත් මතයක් තිබේ.

වසර 11කට පමණ වරක් හිරු කුණාටු ඇති වන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. පසුගිය කාලවල සිදුවූ හිරු කුණාටුවලින් චන්ද්‍රිකා සන්නිවේදන කටයුතුවලට බාධා සිදු විණි. මේ වන විට හිරු කුණාටුවලට ඔරොත්තු දෙන තාක්ෂණික උපකරණ නිපදවීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති.

2012-14 කාලය තුළ හිරු කූණාටු සිදුවීමට නියමිත බව ඇත්තකි. එහෙත් ඒවා ලෝක විනාශයට හේතුකාරක නොවන බවද විද්‍යාඥයෝ සහතික වෙති. විශේෂයෙන්ම හිරු කුණාටුවලට මුහුණදීමට හැකි වාතාවරණයක් විද්‍යාඥයන් ගොඩනගා ඇති නිසා හිරු කුණාටුවලින් ලෝකවිනාශය සිදුවේ යැයි පැවසිය නොහැකිය.

මෙසේ ලෝකවිනාශය සිදුවෙතැයි පැවසෙන සියලූ කරුණු හුදෙක් බොරුබේගල් බව විද්‍යාඥයන් සනාථ කර ඇත. එහෙත් මාධ්‍යකරුවෝත්, යොහෝවාගේ සාක්කිකාරයෝ බඳු ආගම් කල්ලිකාරයෝත් ලෝකවිනාශය හිඟන්නාගේ තුවාලයක් කරගෙන සිටිති. යොහෝවාගේ සාක්කිකාරයෝ කල්ලිය ලෝක විනාශය ලඟ ලඟම එන බවත් එම නිසා අවසන් විනිශ්යට සූදානම්වීමට තමන්ගේ කල්ලියට එක්විය යුතු බවත් කියමින් සිය කල්ලිය වැඩිකරගැනීමට ලොව පුරා විශාල ප‍්‍රචාරයක ව්‍යාපාරයක් දියත් කර තිබේ. බොහෝ මාධ්‍යකරුවන් අසුවී සිටින්නේ යොහෝවාගේ සාක්කිකාරයන්ගේ මේ උගුලේය.

සැබෑ මාධ්‍යකරුවන් කළ යුත්තේ මෙබදු කරුණක් ගැන කතාකිරීමට තරම් විද්‍යාත්මක දැනුම ඇති පිරිස් මාර්ගයෙන් සමාජය දැනුවත් කර සමාජයේ මෝඩකම අඩුකිරීමට කටයුතු කර සාමජයට සේවයක් කිරීමයි.

ඒත් අපේ උන්දලා සේවය කරන්නේ කාටද????????

12 comments:

  1. කාලීන ලිපියක් පලකරලා තියෙන්නේ...ස්තූතියි..මේක නම් මාර ආතල් ටොපික් එක..දැන් ගොO සිරසේ උදේ 7ට මෙව්වා ගැන වැඩසටහනක් යනවා..ඒකට එන උන් දාන ගොබ්බ තර්ක හා මත ඇහුවම හිනා නොයන තැන් වලිනුත් හිනා යනවා..වැඩසටහන මෙහෙයවන එකා ඊට එහා..ඌ තරම් දන්න කෙනෙක් තවත් නෑ වගේ ඉන්නේ..මුO ඔක්කොම හදන්නේ මේ වගේ ගොO ආතල් දීලා රටේ මිනිස්සුන්ට රටෙ සැබෑ ප්‍රශ්න අමතක කරවන්න....

    ReplyDelete
    Replies
    1. සිරස ගැන නම් මම දන්නේ නෑ බං. හැබැයි National Geographics, Discovery වගේ ලෝක ප්‍රසිද්ද නාලිකාවලත් එහෙම වැඩසටහන් යනවා මේ දවස්වල.....

      Delete
  2. හරියට හරි සුදාරක අපි මේ නිකන් විහිලුවට
    කතා කර ගත්තට සිරස වගේ 2.50 මාධ්‍ය
    ආයතන නිසා තමයි ලංකාව විනාස උනේ.
    දැන් ඒ මේ ලෝක විනාස කෙහෙල් මලක් අරන්
    කට්ටිය දගලනවා.සමහරු හිතන් ඉන්නේ ඇත්තටම
    එහෙම දෙයක් වෙනවා කියල ..
    මාය කාරයන්ට වෙන වැඩ නැතුව ඉන්න තිබ්බ නම්
    ඔන්න අවුරුදු 5000 විතර වෙනකම් කැලැන්ඩර්
    හද හද ඉන්න තිබ්බ. තව ඔයා කිව්වා වගේ ගොන්
    වැඩසටහනක් යනවා V FM එකේ ඉරිදා රෑ 7.30
    අර එපා කරපු ගොන් තඩියා රාවණ ගැන...
    මට නම් ඔය රාවණා කියන එකා මොන මගුලෙක්
    වත් නෙවේ...
    මට කේන්ති ගිහින් මේ කමෙන්ට් එක දාන්නේ ...

    ReplyDelete
    Replies
    1. Dear Sahan,

      Don't get angry. Let them play havoc and make others known about that. That is our duty. I think Anaconda is doing it in a great way. What we must do is to let our friends know about anaconda.

      Dear Anaconda thank you so much about your articles. Being sri lankans we are proud of you. Please write more and more try to wake our people up.

      Thanks

      Kushani

      Delete
    2. දයාබර කුෂානි,
      ඔබ මා පැවසු දෙය වරදවා වැටහ ගෙන ඇති බවක් පෙනේ.
      ඇනකොන්ඩා හට ම කිසි සේත් දෝෂාරෝපණය කර නොමැත.
      උහු කරනුයේද අවිද්‍යාවෙන් මිනිසුන් බැහැර කරවීමය..ම දොස් නැගුවේ
      අවිද්‍යාව හා මිනිසුන් යා කරන මදය ආයතන සම්බන්දයෙනුයි..
      ඇනකොන්ඩා හා මා නියෝජනය කරනුයේ එකම අදහසයි..
      එය ඔබට නොවැටහීම නිසා අහිංසක මා වැරදි කරුවෙක් නොකරන්න
      කුෂානි ..

      මීට මන් සහන් .
      silentsahan@gmail.com

      Delete
    3. Dear Sahan

      No I didn't misunderstand you. I know you are correct & agree with Anaconda. What I say is that we must not get angry with activities like GON SIRASA and so and so. What we must do is do right things and support people wo do right things. If we get angry we can't do any thing. Any thing.

      Thanks & good night.

      Kushani

      Delete
    4. ඇත්ත කුෂානි ඔයා කියන දේ .මම පිලිගන්නවා මට කේන්ති ගියා.
      මොකද මේ ලංකාව මේ විනාසෙට ආකල්ප වලින් පත් කලේ
      ඒ ආයතන.කිසිම විදිහකින් තමන් කරන දේ ගැන ආත්ම ලැජ්ජාවක්
      නැති, hit වෙන මාතෘකා හොයපු එදා ඉඳන් , guilty feeling
      නැති විදිහට මේ විනාසේ කරපු නිසයි මට එහෙම උනේ..
      මම නෙවේ අධ්‍යක්ෂ කමෙන් ඉවත් උන හැමෝම ඔය දේ සනාථ
      කරනවා කුෂානි.ඒත් මාධ්‍ය එක්ක හැප්පෙන්න කිසිම කෙනෙකුට
      බැහැ මොනම දෙකින් වත් මේ රටේ TV බලන්න මිනිස්සු ඉන්න කම්..
      මේක ගැන මෙතන කතා කරන එක මේ බ්ලොග් හිමිකරුට
      හරි නැහැ..
      මගේ බ්ලොග් එකට එන්න.. මෙතන කමෙන්ට් එකක් දාන්න ..


      මම අලුත් page එහෙකට ගෙනියන්නම්

      Delete
  3. Oba sitanne minisun sitan inna akaraye mulu polawa sha lokayama hema jiwayakma vinasha wenawa kiyana adahasanada baibaleth sdahan wenawa kiyanne?

    ReplyDelete
    Replies
    1. Ane puthe oya wage gon prashna ahanne ei rattaran? Mage chootiya oka Bibale kiyawaddi dekala atine? Me wage prashna ahana ekata Antima Vinischaya dawasedi Putagena Deviyanwahanse Balaganee hodee!!

      RIP

      Abaran Seeya

      Delete
  4. Baibale mulu polawama sha minisun vinasha wenawanam GITAWALIYA 37:10-11/JOHAN 5;27 ELIDARAU 21:3-5 deviyan whanse minisunda porundu una ema dewal lebenne kohomasa?

    ReplyDelete
  5. සිරසේ විතරක් නෙවේ ITN 1ත් කාලකන්ණි මාධ්‍ය තමා

    ReplyDelete
    Replies
    1. Hariyata hari. Mun okkoma eka walle pol.

      No-Dutu Gamunu

      Delete

අදහස් දක්වන්න