Thursday, April 4, 2013

ඊලාම් ගීතය ලියූ මහාචාර්ය සුචරිත ගම්ලත් ශාන්තුවරයෙක් කරාවිද?


ටැමිල් නෙට් වෙබ්අඩවිය මහාචාර්ය සුචරිත ගම්ලත් ඇල්ටීටීඊය වෙනුවෙන් කළ සේවය විස්තර කරමින් ඔහුගේ අභාවය ඊලාම් සටනට බලවත් පාඩුවක් බව සඳහන් කරයි. සූකරබාහු, සුචරිත ගම්ලත් තමාගේ බෙදුම්වාදී කුප්පිඩි වැඩපිළිවෙලට දැක්වූ සහාය ගැන වර්ණනා කරයි. පාස්ටර්වරයෙක් ගම්ලත් ස්වර්ග රාජ්‍යයට යායුතු අයෙකු බව සඳහන් කරයි. මේවා අසන දකින විට අනාගතයේ සුචරිත ගම්ලත් ශාන්තුවරයෙකු බවට පත්වේදැයි සැක උපදී.

සුචරිත ගැන ලියන කියන හැමෝම අමතක කළ කරුණු රාශියකි. ඔහු බාල කාලයේ මහණ වී පන්සලෙන් පාලි, සංස්කෘත, සිංහල උගත්තේය. බෞද්ධ උපාසිකාවකගේ මුදලින් ඉංග‍්‍රීසි භාෂාව උගත්තේය. පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුල් වී උසස් සාමාර්ථයක් ලැබූ පසු සිවුරු හැරියේය. මහාචාර්ය සරච්ච්න්ද්‍ර පස්සේ වැටී අඩි ගහන්නට පුරුදු වී බේබද්දෙක් වූයේය.

ආනන්ද ගුණසේකර නමින් උපැවිදි වූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් පත්ව ආවේය. ඒ අතර ‘නුරා ගිනිදැල්’ නමින් පොතක් ලියා ප‍්‍රකාශයට පත් කළේය. මෙම පොත කියවූ එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්, ‘මෙය මහ බාල කවි සහ කතා ඇති පොතක් බවට’ විවේචනයක් ලියා එවූ විට ඔහු කලබල විය. පොතේ සඳහන් එක කෙටිකතාවකින් කියවුනේ තරුණයෙකු ස්වයංවින්දනය ලබන ආකාරයයි. මේ විවේචනය කියවූ ආනන්ද ගුණසේකර නම මාරු කළේය. පළමුව සුචරිතරත්න ගම්ලත්හේවා යන නම ගෙන පසුව සුචරිත ගම්ලත් ලෙසට නම වෙනස් කරගත්තේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිටියදී ඔහු දේශපාලනයට එක් වූයේය. ඔහුගේ දේශපාලන ගුරා වූයේ ආනන්ද විදුහලේ උගත් අපොස සමත්වීමට නොහැකිව දේශපාලනයට පිවිසි ධර්මකීර්ති බී. ජයසේකර නැමැත්තායි. අන්තිම කසිකබල් කවි ලියමින් සිටි ජයසේකර ‘රතු කඳුළු’ නම් කුඩා කවි පොතක් ප‍්‍රකාශයට පත් කළේය. කවියෙකු වීමට නොහැකි වූ ඔහු තම නම වෙනස්කර කීර්ති බාලසූරිය නමින් දේශපාලනයට ආවේය. ‘විප්ලවකාරී කොමියුනිස්ට් සංගමය’ හෙවත් ‘විරෝධය’ ඔහුගේ පක්ෂයයි. සුචරිත කීර්තිට එක්වී විරෝධයේ වැඩ කළේය. හැන්දෑවට කීර්ති සමග එක්වී කුණුවෙන්ඩ බීම ඔහුගේ ඒ කාලයේ දින චරියාවේ ප‍්‍රධාන අංගයකි.

සුචරිත ගම්ලත් පොත් ගොන්නක් ලියා ඇති බව ඇත්තකි. මෙයින් වැඩි හරියක් භික්ෂුන් වහන්සේලා ඉතා වෙහෙසී සංස්කරණය කළ පොත බව බොහෝ දෙනෙක් නොදනිති. සුචරිත මේවායේ වචනය දෙක වෙනස්කර තමන්ගේ සංස්කරණ ලෙසින් මුද්‍රණය කර මුදල් හා කීර්තිය ඉපයුවේය. නමුත් ඔහුව විවේචනය කරන්නට බොහෝ දෙනෙක් බිය වූහ. ඒ ඔහුගේ ‘දෙන්නම් බැටේ විචාරයට’ බිය වූ බැවිනි.

මේ අතර පල්ලියේ උපකාරය නිසා ඔහුට බොහෝ පුවත්පත් විවෘත වුණි. සුචරිත ඞීන්ස් පාරේ සාමයික කේන්ද්‍රයට එක්වී බුද්ධාගමට බැට දුන්නේය. ඊට පසු එන්ජී ඕ සමග සම්බන්ධකම් පවත්වමින් සිංහල ජාතියට හා බුද්ධාගමට ඇති තරම් පහර දුන්නේය. මේ අතර ඇල්ටීටීඊයට උපරිම සහය දැක්වීය. ඇල්ටීටීඊයේ ඊලාම් ගීතය ලියාදුන්නේද සුචරිත ගම්ලත්ය.

ඇල්ටීටීඊ හිතවාදීන්, ඊලාම්වාදීන් ඇතුළු සිංහල විරෝධී බෞද්ධ විරෝධි කටයුතුවල යෙදෙන හැමෝටම සුචරිතගේ මරණය විශාල පාඩුවකි. නමුත් මොහුගෙන් සිංහල ජාතියට සිදුවූ අනර්ථය කියා නිමක කළ නොහැකි තරම්ය. ඔහු බුදුදහම ගැන ලියා පළ කර ඇති විශාල පොතේ පවා බුදුදහම හා බොදු ඉතිහාසය විකෘති කළ ස්ථාන බොහෝය.

ඇනකොන්ඩා සුචරිතට නිවන් සැප නොපතයි. ඔහු ස්වර්ගයට යැවීමට කැමති විශාල පිරිසක් සිටින බැවිනි.

25 comments:

  1. දැනටනං ගම්ලත් උන්නැහේ ගජමුතු ඇතෙක් කොරලා හමාරයි අපේ කට්ටියක්... තව ටික දවසක් යද්දී ඔය ඇනකොන්ඩා කිව්ව ටිකත් වෙයි. හැබැයි අය කාව හරි කරේ තියං දුවන්නේ ඒකෙන් තමුන්ගේ වාසියට මොනවම හරි තියෙනකල් විතරයි.

    ඔය පහු ගිය කාලේ කරේ තියං ගියේ හිටපු හමුදාපතිවරයාව..හිටපු අග්‍ර විනිශ්චකාරවරියව.. තාත්තා මැරුනු දුවෙක්ව...
    හැබැයි මේ පාර අහු වෙලා තියෙන්නේ මල මිනියක්...

    මට බය වෙන එකක් ගැන නෙවෙයි. කවදා හරි දවසක අර කොටි ජයලතුයි වික්‍රම බාහුයි මල දවසට ඕකුන් දෙන්නවත් මුංදලා ඇත්තු නෙවෙයි මැමත්ලා ඩයිනසෝර්ලා කොරයි කියලා...

    මම ගම්ලත් ගැන මහ විසාගෙට දන්නේ නැහැ.. ඒත් ඔය මනුස්සයා පත්තරවල ලිපි හරහා කරපු දේවල් ටිකට අමතරව ඇන කොන්ඩා කියාපු බෞද්ධ හිමිවරුන් විසින් ලියාපු පොත පත සුළු වෙනස්කම් වලින් තමන්ගේ කරලා බල කරවපු බවනං හරියටම දන්නවා. ඒ එහෙම පොත් කිහිපයක් කියවලා ඒකක කරුණු වගයක් ගැන වැඩි විස්තරයක් දැනගන්න ප්‍රාෙද්ශීය සාසනාරක්ෂක බල මණ්ඩලයක ලේඛකාධිකාරී පණ්ඩිත හාමුදුරුනමක් හම්බ උන වෙලාවක... උන්නාන්සේ මගේ අතේ තිබුන පොත් දෙක දිහා බලලා කට කොනකින් හිනාවෙලා පන්සලේ පුස්තකාලෙට ගිහින් ඒ පොත්වල මුල් කතුවර හිමිවරුන්ගේ පැරණි පොත් ගෙනල්ලා පෙන්නලා අදාල කරුණු විස්තර කලාමයි.

    මට දැන් පොත් වල නම් හරියටම මතක නැහැ.හැබැයි එයින් එකක් පිරිවෙන් අවසානය සඳහා නිර්දේශිත වෙලා තිබුන ධර්ම සංඝායනාවලට අදාල එකක් වග යන්තමට මතකයි. තනිකරම කොපි කිරිල්ලක්... හැබැයි කොපි කලා කියන එක හංගන්න කියලා ලියාපු තැන්වලින් තමා පොතේ අවුල් සහගත කරුණු මතු වෙලා තිබුනේ.

    ReplyDelete
    Replies
    1. බලං ගිහාම කම්බ හොරෙක් නොවැ.. මං නම් ඔය මනුස්සයා ගැන ඔච්චර දෙයක්වත් දන්නෙ නෑ මාරයො.. ඇනකොන්ඩා ටත් ස්තුතියි මේ තොරතුරු ටිකට.. ඇත්තටම මට නං මෙයා නැති වුණාට ඒ හැටි සංවේගයක් උපන්නෙ නෑ.. ඒ මෙයාගෙ හැටි දැනගෙන නෙවෙයි.. මට මෙයා ගැන තේරුමක් තිබුණෙම නෑ..

      Delete
    2. ඔබ මෙම චෝදනාව කල යුතුව තිබුනේ ඔහු ජීවත්ව සිටිද්දීය. ඊට දැන් කරන්න දෙයක් නැත. ඔබ කරන මෙම චෝදනාව පදනමක් සහිතව ඉදිරිපත් කරන්න. මෙම පොත් මොනවාද යන්න මතක් කර ගන්න. ඒවා උපුටා ගත් මූලශ්‍ර ද ඉදිරිපත් කරන්න. ඒවා නිකම් අවලාද නොවී කරුනු බවට පත් වන්නේ එවිටයි .මේ සදහා ඔබේ blog අඩවිය භාවිතා කල හැක.

      Delete
    3. උපැවිදි වීම, මත්පැන් බීම, මෙව්වා ඉතින් මාරයාටත් අදාලයි

      Delete
    4. සික්කා ලියා ඇති පොත් පත් ප්‍රමාණය/ගම්ලත් ලියූ පොත් පත් ප්‍රමාණය = ~0

      Delete
  2. Maxxa.... Thanks.

    ReplyDelete
  3. Niyamayi Anaconda!!

    ReplyDelete
  4. ඇයි ඉතින් ජීවත්ව හිටපු කාලේ මේ කරුණු කාරණා එලියට නොදා මැරුණු මුව හමට තලන්නේ,එල්.ටී.ටී.ඊ එකෙන් ගම්ලත්ව ශාන්තුවරයෙක් විදියට බැරිනම් දෙවියෙක් විදියට ඔසවලා තිබ්බත් එයින් අපට ඇති පලය කුමක්ද?ප්‍රභාකරන් ඔවුනට දෙවියෙක් උනත් අපට ඔහු දේවාලයක කපුවෙකු තරම් හෝ වටින්නේ නැහැ නේද? ගම්ලත් ජීවත් සිටිය කාලේදී මේ විවේචන කලේ නැත්තේ ඔහුට බයේද? ඇත්ත කියන්න බය විය යුතුද? මිනිහෙක් අඩි ගැහුවා කියූ පමණින් ඔහු අපතයෙක් වෙනවාද මේ රටේ මදු විත ජීවිතයට ලං කරගත් එයින්ම මැරුණු වෙනත් බුද්ධිමතුන් නැද්ද එසියල්ලන්ම ඔබගේ මිනුම් දඬුවලට අනුව ගිනිය නොහැකි තරමේ කාලකන්නිද?

    ගම්ලත්ගේ ඔබ ඔය තරම් කියන "දෙන්නං බැටේ " තියරියට ඔබ බයද? එනිසාද මැරුණු පසුව ඔබ බැට දෙන්නේ,,
    මේ ඔබ පෙන්නන්න හදන්නේ සිංහල සමාජයේ තියෙන කුහක කමද ?

    ReplyDelete
    Replies
    1. නලීන් එක්ක මමත් එකගයි. කිසිම මතබේදයකට නෙවෙයි. ජාති වාදයකට නෙවෙයි. ඒත් ඔය මනුස්සයා උත්පත්තියෙන් සිංහලයෙක් කියලා පෙන්නලා දීලා තියෙනවා. එතකොට සිංහලයන්ගේ ඇති කුහකකම නේද මේ පෙන්නලා දිලා තියෙන්නේ. ඒ මදිවට ඇනකොන්ඩත් ගම්ලත් මැරෙනකම්ම හිටියා මේවා පෙන්නලා දීලා සමාජය දැනුවත් කරන්න. නලීන් ඇහුවා වගේ ගම්ලත්ට බයේද එහෙම කරේ. නැත්නම් මලමිනි වලට ගරහන්නද. අනික බලන්න දැන් මහනවීම මොන මොනවට පාවිච්චි කරනවද කියලා, සසරින් එතෙ‍ර වෙන්න, නිවන් දකින්න, තමයි මම දන්න විදියටනම් ඉස්සර මහන වුනේ. ඒත් දැන් ජීවිතේ ගොඩ දාගන්න තමයි මහන වෙන්නේ. කැම්පස් යනකන් ඉගෙනගන්න පංසලේ ආධාරය ලබා ගන්නවා, දැන් පංසල් වලත් හොඳ සැපනේ. උපාධිය ගත්තට පස්සේ සිවුරු අතාරිනවා. මොන කුහක කමක්ද ඒ.මේ වගේ තව ගොඩක් සිද්දී අහලා තියෙන නිසයි මම එහෙම කිව්වේ. සිංහල කමේ හොඳම සංකේතය සිවුර, මහන වී හිඳීම, එයම අතාරිනවා කියන්නේ මොන සිංහලකමක්ද ? මේ සම්බන්ධයෙන් මගෙත් එක්ක කිසියම් තර්ක කිරීමක් කරනවනම් කරන්න කලින් තමන්ගේ හිත් තුලට අවංකවම කිමිදී බලන්න, මෙය ඇත්තක් නොවේද කියා.

      Delete
  5. මෙවගක් දන නොසිටිය එක කනගාටුවෙන්න ඕන. ස්තුතියි දැනුවත් කරාට.
    ඒකතමයි මේ කවදාවත් නැතුව කොටිහිතවාදී අඩවි මෙයාව වනල තිබුනේ.

    ReplyDelete
  6. ඇනකොන්ඩගෙ සමහර විවේචන නම් අසාධාරණයි. හැබැයි සුචරිත ගම්ලත් එතුමගෙත් අනුදැනුම ඇතිව විවිධ පාර්ශ්ව විසින් උවමනාවට වඩා පිම්බුව තියෙනව කියන ටික නම් එතුමගෙ පොත් ටික හරියට කියෙව්ව උනත් තේරුම් ගන්න පුළුවං. එතුම ශාස්ත්‍රවන්තයෙක් නම් නෙමේ. එතුමට ලොකු තියරි තිබුණෙ නැහැ. හැබැයි එතුම පිටට පෙන්නන්න කැමති උනේ එතුම කියන ඒව මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ කියන එක. එතුමට මාක්ස්වාදෙ උවමනා උනේ ආවරණයක් හදා ගන්නද කියලත් මට නම් සැකයි. එතුම සරච්චන්ද්‍රව යොදා ගත්තෙත් ඒ තේරුමින් කියලයි මම නම් හිතන්නෙ.

    මීට කළිං නලීන් කියල තියෙන දේ ගැනත් වචනයක් කියන්න ඕනෙ. එතුමගෙ දෙන්නං බැටේ විචාරයට ඇතැමුන් බය උනා කියන කතාව වැරදියි. එතුම කොහෙත්ම නිර්දය විවේචකයෙක් නෙමේ. එතුම හිරිකිත විවේචකයෙක්. එතුමගෙ දෙන්නම් බැටේ විචාරෙ කිව්වෙ මිනිස්සුන්ගෙ පුද්ගලික කරුණු අල්ලං විවේචනය කරන එකට. ඒ සම්බන්ධව ඇතැමුන්ගෙ තිබුණෙ අප්පිරියාවක් මිසක් බයක් නෙමේ. මිනිස්සු අසූචි පෙරා ගත්ත මිනිස්සු ලඟට යන්නෙ නැත්තෙ හිරිකිත නිසා මිසක් බය නිසා නෙමේ. නලීන්ට මේ කරුණු ගැන සැකයක් තියෙනව නම් එතුම පියසීලී විජේගුණසිංහ මහත්මියව විවේචනය කරපු හැටි අධ්‍යනය කිරීම පමණක් උනත් ප්‍රමාණවත්.

    - ප්‍රභංග.

    ReplyDelete
    Replies
    1. @ප්‍රහංග මට ගම්ලතුන් කෙරේ විශේෂ පුද්ගලික කැමැත්තක් හෝ ඔබ දක්වනවා තරම් අකමැත්තක්ද නොමැත.ගම්ලතුන් හිරිකිත විචාරකයෙක් ලෙස ඔබ දකින්නේ යමකුගේ පුද්ගලිකත්වය පවා ගැරහුමට ලක්වීම නම් ඇනකොන්ඩාගේ ලිපියෙනුත් ගම්ලතුන්ගේ පුද්ගලිකත්වයට ගරහා නැද්ද?,ගම්ලත් මහතාගේ යම් යම් විචාර සහ විවේචන කෙනෙකුට වහ කදුරු මෙන් දැනෙන විට තවෙකුට මිහිරි ලෙසත් තවෙකුට මැදහත් ලෙසත් දැනෙන්නට සමානව අවස්ථා තියෙනවා ..එය ස්වාභාවිකයි නමුත් මගේ තර්කය එක නෙවෙයි ගම්ලතුන්ගේ විවේචන සහ විචාර ඔහු කලේ මිය යන්නට කලින්, එවැනි දෙයක හොද නරක පිලිබදව ප්‍රති තර්ක සහ ගොඩ නගන්න අවශ්‍ය ඔහු ජීවත්ව සිටිද්දීයි ..ඔහුගේ පුද්ගලිකත්වය අල්ලාගෙන පාලුගෙයි වලං බීදීම ලජ්ජා සහගතයි අපි සිංහල ලාංකිකයන් හැටියට (විශේෂයෙන්ම බෞද්ධයන් විදියට)තම සතුරෙක් වුවත් මිය ගියාට පසුව ඔහුගේ නුගුණ වයන්නේ නැහැ ගම්ලතුන් මිය ගිය පසුවත් ඔහුට ගරහන්නට තරම් ආපසු නිවැරදි නොකිරිය හැකි තරමේ අපරාධයක් ඔහු තමන්ගේ ජාතියට ආගමට සංස්කෘතියට සිදු කලේ නැහැ..ඔහු කෙසේ වෙතත් දේශපාලකන්ට ස්ත්‍රෝත ගැයුවෙත් නැහැ ආර්ථික වාසිතකා ,,

      Delete
    2. @ නලීන්: "ඇනකොන්ඩාගේ සමහර විවේචන අසාධාරණයි" යනුවෙන් මා කිවේ එයයි. නැවත කියවා තේරුම් අරගන්න. හැරත් මගේ නම් අදහස 'ගම්ලතුන් උපැවිදි වීම" වැනි අමන විවේචන ඔහු මියගිය පසු නොව ජීවත්ව සිටියදී වුවද නොකළ යුතු බවයි. උක්ත කරුණ සම්බන්ධයෙන් මට ඔබත් සමග විසංවාදයක් ඇතැයි නොසිතමි.

      මට ඔබත් සමග ගැටළුව තිබෙන්නේ ගමලතුන්ගේ දෙන්නම් බැටේ විචාරයට බයේ ඇතැමුන් ඔහුව විවේචනය නොකළේදැයි ප්‍රශ්ණයක ස්වරූපයෙන් ඔබ කරන විවේචනය සම්බන්ධයෙනි (මෙම ප්‍රකාෂයම ඇනකොන්ඩාද ඉහත ලිපියෙ පස්වන ඡේදය අවසානයේදී කරයි). ඒ සම්බන්ධව මා ඉදිරිපත් කල ප්‍රති-තර්කයේ වලංගුතාවය වෙනුවෙන් මා නැවතත් පෙනී සිටිමි. හැරත් එම තර්කය ඔහු මියගිය පසුව කිරීමේ වරදක්ද මම නොදකින්නේ එය ඔහු ජීවත්ව සිටින කාලයේදීද නැගූවක් වන බැවිනි. මේ සම්බන්ධව ඔබට ගැටළුවක් ඇත් නම් ඔබ වහ වහා කළ යුතුව ඇත්තේ මීට දශක 1.5කට පමණ පෙර ගම්ලත් සහ පියසීලී විජේගුණසිංහ අතර දිවයින පුවත් පතේ කෙරුණු සංවාදය කියවීමයි.

      - ප්‍රභංග.

      Delete
  7. ෙම් අැනෙකාන්ඩා ඔබ කියන ෙද් ෙකාෙහාමද අපි අැත්ක කියන්ෙන්. අැයි ෙම්වා කියන්ඩ මැෙරනකන් හිටිෙය්.

    ReplyDelete
  8. ඇනකොන්ඩා යනු නියම අපතයෙකි. ඔහු තම කුහක කම මනාව විදහා පා ඇත.

    ReplyDelete
  9. යමෙකු උපැවිදි වීම, මත්පැන් බීම, තමන් ලියූ දේ ගැන කලකිරීම, නම් වෙනස් කිරීම ආදී කරුණු පෞද්ගලික දේය. ඒවා හරි හෝ වැරදි හෝ ලෙස කරන අර්ථකථනද පෞද්ගලිකය. ඒවා මත පදනම්ව සුචරිත ගම්ලත්ට එරෙහිව ඉදිරිපත් කරන සෙසු සියලු කරුණු අවලාද හා මඩ ගොන්නක් පමණි. ඒවා අවලාද වන්නේ ඒ කියන කරුණු කිසිවක් සාධක සහිතව ඉදිරිපත් කර නැති බැවිනි. ගම්ලත් ජීවතුන් අතර සිටි කාලයේ කට අරින්නට බියෙන් සිටි බියගුල්ලෝ ඔහු මිය ගිය පසු එළියට පැමිණ මෙසේ සිංහනාද කරන්නට උත්සාහ කළත් නැ‍ඟෙන්නේ නරි හූවමය. ගම්ලත්ගේ ශාස්ත්‍රීය කාර්යභාරය ගැන ලියැවුණු එක් ලිපියක හෝ ඇති කරුණු අභියෝගයට ලක් කිරීමට ඔබ අසමත් වී ඇත. ඔබට ඒ සඳහා අවශ්‍ය විනය නැත. ඔබ කරන්නේ ඔබ දන්නා දේය. ඔබ ගැන කණගා‍ටු වීම හැර වාද කරන්නට දෙයක් නැත.

    ReplyDelete
  10. සුචරිත (ම) ජීවත් වෙන කාලෙ ඔහුගෙ ජර වැඩ ගැන ලියපු අය හිටිය. මට මතක විදිහට "අල්ලාහු අක්බර් "පොත එක නිදසුනක්. මට වැටහෙන විදිහට මෙම ලිපිය ලියා තියෙන්නෙ මියගිය සුචරිත සඳහා නොවේ. ඔහුගේ සුනඛ ක‍්‍රියා අගයන, ඔහුගේ කුණු අදහස් ඔලූවේ තියාගෙන යන, නාට්ටාමීලා සඳහායි. Kollure

    ReplyDelete
    Replies
    1. කොල්ලුරේ මහත්මයෝ, එහෙනම් ඉතින් ඔබට වැ‍ටහෙන විදිහට අනෙත් අයටත් වැටහෙන්නම වෙනවා. එහෙම නැතිනම් ලියපු එකාගෙ වැරැද්දක්.

      සුචරිත ගම්ලත් මහාචාර්යවරයාගේ සුනඛ ක්‍රියා මොනවාද?
      අල්ලහු අක්බර් පොත නිදසුනක් වන්නේ කුමකටද? ඒ කොහොමද?
      ඔහුගේ සුනඛ ක්‍රියා අගයන නාටාමිලා කවුද?
      ඒවා සුනඛ ක්‍රියා වන්නේ ඇයි?

      Delete
    2. kapu pathe pahareema

      Delete
  11. මා ඔබට මුලින්ම පැවසූ කරුණක් ගැන සිහිපත් කරමි. ඇනකොන්ඩා යනුවෙන් හැඳින්නුවත් මම හෙනකඳයා වෙමි. ගම්ලත් මහාචාර්යතුමා ජීවත්ව සිටියදී මා ඔහු සමග හොඳ හැටි තර්කවිතර්කවලින් පොර අල්ලා ඔහු බිම දමා ඇතැයි පවසන්නේ කයිවාරුවක නොවේ. එසේම ඒ පොරඇල්ලීමෙන් පසුව පවා ඔහු සමග ඉතා සුහදව ඇසුරු කර ඇත්තෙමි. මහාචාර්ය ගම්ලත් සමඟ ගැටී නොබියව ඔහුට මුහුණට මුහුණදී ඇසුරු කළවුන් අතළොස්සක් දෙනා අතර මමද සිටිමි. එහෙයින් මට නගන චෝදනා මම පිච්චියකට මායිම් නොකරමි. මහාචාර්ය ගම්ලත් වැන්නවුන්ගේ පුද්ගලිකත්වය සමාජයට බලපාන අයුර ගැන ඉදිරියේදී යමක් ලියමි. අදහස් දැක්වූ සැම සාදරයෙන් සිහිපත් කරමි.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑනෙ මහත්තයෝ මැරුණට පස්සෙ ඕව කියල.
      අපේ ගම් වල හරක් හොරෙකුට වුනත් "උපාසක මහතා" කියලයි බැනර් එක දාන්නෙ.

      මතක තියාගන්න, මහගමසේකර, ගුණදාස කපුගේ ඇතුළු සාහිත්‍යධරයේ කලාධරයෝ බොහෝ දෙනෙක් බේබද්දෝ. මොනවා වුනත්, මිනිහෙක් මැරුණට පස්සෙ වෙන කවුරුත් නොදන්න අව-කතන්දර කියන්න එපා. එතකොට ඒක කැළෑ පත්තරයක් වෙනව.

      සුචරිත ගම්ලත් "දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය" වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙක් නිසා ටැමිල්නෙට් අඩවිය ඔහු වර්ණනා කරනව ඇති. මං ටැමිල්නෙට් බලන්නෙ නැහැ. ඇනකොන්ඩා ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගන්නෙ නැද්ද? නැතිනම් ඒ ඇයි?

      ඔබ මේ කියන පරස්පර විරෝධී කතාව මොකක්ද?
      //කීර්ති බාලසූරිය නමින් දේශපාලනයට ආවේය. ‘විප්ලවකාරී කොමියුනිස්ට් සංගමය’ හෙවත් ‘විරෝධය’ ඔහුගේ පක්ෂයයි. සුචරිත කීර්තිට එක්වී//
      කීර්ති බාලසූරිය නමින් දේශපාලනයට ආවායැයි කියූ සුචරිත කීර්තිට එක්වුනේ කොහොමද?

      විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) කියන්නෙ ට්‍රොට්ස්කිවාදී දේශපාලන පක්ෂයක්. විරෝධය කියල පක්ෂයක් කොහෙවත් නෑ. පසු කාලයේදී සුචරිත විකොසෙන් අයින් කළා. ඒක දේශපාලනමය කාරණාවක්. "ඇනකොන්ඩා දන්න බම්බුව" කියලයි මටනම් හිතෙන්නෙ.

      Delete
    2. මොකක්ද මිනිහො ස්වයං නීර්ණය කියන්නෙ? රට බෙදීම කියන එකද? ඇමරිකාවෙ ආදි වාසින්ට ඕස්ටෙ‍්‍රිලියාවෙ ආදි වාසින්ට නවසීලන්තයේ ආදි වාසින්ට ඔය නීර්ණ කෝ? මම ආරමය පැසේජ් එකේ හිටි මිනිහෙක්. එමනිසා කීර්ති බාලසුරිය ගැන සුචරිත ගැන ගහදන්නා අපිට කොල කඩාපෙන්වන්ඩ එපා මල්ලි.

      Delete
    3. ජාතියකට තම නිජ භූමියේදී ස්වයන් නිර්ණය හා ස්වයන් පාලන අයිතිය තිබිය යුතු බව අවිවාදයෙන් යුතුව පිලිගත යුතුය. ජාතියක නිජ භූමිය(ජාතියේ මූලාරම්භය සිදු වූ ස්ථානය ) එම ජාතියට අයිති ප්‍රදේශයකි. ජාතියක නිජ භූමිය යනු එම ජාතියේ උපන් බිමයි.. දෙමල ජනතාවගේ නිජ භූමිය දකුනු ඉන්දියාවයි. දෙමල ජනතාවගේ නිජ භූමිය ලංකාව වීමට ඔවුන්ගේ මූලාරම්භය මෙහි සිදු වූවේ නැත. ඔවුන්ගේ මූලාරම්භය වූයේ දකුනු ඉන්දියාවේදීයි. එම නිසා ඔවුන් ඉන්දියාවෙන් වෙනම රටක් ඉල්ලන්නේ නම් එහි වරදක් නැත. නමුත් ඔවුන් පසුව සංක්‍රමනය වූ රටකට ගොස් එහි වෙනම රටක් හෝ ස්වයන් නිර්ණය බලතල ඉල්ලන්නේ නම් එහි කිසිදු සාධාරණයක් නැත. එසේ නම් දෙමල ජනතාව ලක්ෂ ගනනින් ජීවත් වන ඕස්ට්‍රේලියාවේද ඔවුන්ට ස්වයං නිර්ණය බලතල දිය යුතුය.

      Delete
    4. අෑ ගුනේ. ස්වයං නිර්න අයිති දෙන්ඩ ඕන ජාතියක මූලාරම්භය සිදුවූ ස්තානයටමයි කියල කියල තියෙන්නෙ මේ ලෝකේ මවපු සර්වබලධාරී දෙයියොද?

      Delete
  12. බොහෝ කාලයක් මේ භාෂා ඇකඩමිය ,ගම්ලතුන් රෝගාතුරවීමේ සිට මෘත දේහය කොල්ල කැවාය කියන කථාන්දරය දක්වා විමසිල්ලෙන් බලා සිටියෙමි

    ගම්ලතුන්ගේ පුද්ගලික ජීවිතය සම්බන්ධ යම් යම් කාරණා ඇද ගැනීම ඔහුට අගෞරවයක් වුනත් ඔහුගේ අවසන් කාලයේදී නාමික භාර්යාව ලෙස සිටි කාන්තාව හෝ ඔහුගේ පවුලේ වෙනත් කිසිවකු හෝ රෝගාතුර මහාචාර්යවරයා පිළිබඳ දැක්විය යුතු සැලකිල්ල නොදැක්වූ බව නොරහසක්.

    බෘහස්පති කල්ලියේ අපේක්ෂාව මුදල් ඉපයීම හෝ එසේ නොවන්නට ඇත. එසේම භාෂාව ඉගැන්විම හෝ එසේ නොවන්නටද ඇත. එහෙත් මේ ධර්මසිරිලා, වියන්ගොඩලා, උදේනිලා, ඩබ්. ජසසිරිලා , දිවයිනේ සුමනසේකරලා,රාවයේ විමලනාත්ලා හෝ සන්නස්ගලලා ,මහාචාර්‍යවරයා අතේ සතේ නැතිවී ඩික්ෂන‍රිය ගසා නන්න පෝල් වී සිටි කාලයේදී සිටියේ කොහේදැයි අපි නොදනිමු. මේ මහත්වරුන් අද හෙට මහාචාරර්යවරයා මැරෙනවාය කියා නිවුස් එක ලැබුණු විගස ෆයර් වී හතර අතේ එතුමාගේ ගුණ වයන්නට ගත් හැටි අපට මතක තියේ. ඔය තිබූ කරුණාවේ දයාවේ නාමයෙන් එතුමාව ලෝකයේ අනිත් කොනට හෝ ගෙනිහින් සුවපත්කරන්නට ලක්සෙට කොඩි දැමූ සන්න්සගලලාට ,එදා අමතක වූවා විය යුතුය.

    නාට්‍ය ආශ්‍රිත කලා භාවිතාවන් පිළිබඳ අධ්‍යයන ක්‍රියාවලියකදී මේ "නාමික භාර්‍යාව" විවාහක දෙදරු පියෙක්වූ ගම්ලතුන්ට පංගාර්තු කිරීමට සහය දැක්වූයේද ඔය කියන ධර්මසිරිලාම බව දන්නෝ දනිති. ධර්මසිරිට, ජාගොඩට කරගන්නට බැරිවූ බොහෝ කෙළි මහාචාර්‍යවරයාට හැකි වූ බැවින් එතුමා මිය යන තෙක්ම කරගන්නට බැරිවූ එතුමාගේ( සජීවී වස්තූන් කෙසේ වෙතත්) බුද්ධිමය දේපල කොටසට කටුව ගැහිල්ල මේ කාට කාටත් බරපතල වේදනාවක් වූයේ එතමා මේ උන්දලාගේ කෙරුවාව ඒ වන විටත් වටහාගෙන සිටි නිසා විය යුතුය. එතුමා අවසන් කාලයේ බ්‍රහස්පති කාරයන්ට එකතු වී සිටීම ගහෙන් වැටුනු එකාට ගොනා ඇනිල්ලක් වන්නේ ඒ නිසාය.

    බ්‍රහස්පතිකාරයන් අතර සිටින මහින්ද සහ සඳුන් ජවිපෙන් කැඩී ආ කල්ලියේ ය. මහලොකු උගතුන්ද නොවේ. විශ්වවිද්‍යාලයේද නොගොස් ඇතුවා වියයුතුය. ඒත් බ්‍රහස්පති කතාව ,ඔවුන්ගේ ඇකඩමිය පහුගිය කාලයේ නැගලාම ගියේය. බාසාව කොනක සිට හදාරන්නට ඇම්ම තිබූ "එක සීයක" පමණක පිරිසක් මග වියදම් ගෙවාගෙන , මාසෙට පන්ති ෆීසුත් ගෙවාගෙන බ්‍රහස්පතියට එන්නේ මේ කාලයේය. එකෙක්ගෙන් ගන්නේ මාසෙට එක්දාස් දෙසීයකි. දේශකයන්ට දිනක දේශනයකට (පැයතුනක) තුන්හතරදාහක් ගෙවන බව කියයි. මහාචාර්‍යවරයාට එක් දිනක් හෝ මේ පන්තියට උගන්නන්නට නොහැකි වූයේ හදිසියේ උත්සන්න වූ පෙනහළු පිළිකා රෝග තත්වය නිසාවෙනි.

    මේ කථාන්දරයේ වැදගත්ම හරියයි. අවසන් කාලයේ මුදල් අතින් හෝ ශාරීරික වශයෙන් දුබලව සිටි ගම්ලතුන්ගේ සහයට ඔය කලින් කී පණ්ඩිතයන් එකෙක්වත් නො ආ නිසාම බෘහස්පතිය වැඩේට බැස්සේය. ගම්ලතුන් බලා ගැනීමේ සිට රෝගයට සුදුසු ආහාර පිළිබඳ සොයා බලන අතරතුර පිළිකා සෛල මර්ධනයට විටමින් B 17 සහිත ආහාර වල අසාමාන්‍ය ශක්තියක් පවතින බව මේ කල්ලිය හොයා ගනී. ඒ අනුව විටමින් B 17 සුලබතම ආහාරය ලෙස මඤ්ඤොක්කා අල ,ආහාර ගිලීමට අපහසු මහාචාර්‍යවරයාට දියර වශයෙන් ලබා දෙන්නේ මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ප්‍රමුඛ මහරෝහලේ දොස්තරලාගේද අනු දැනුම පිට ය. ධර්මසිරි, විමලනාත්, ගාමිණී කල්ලියට දැන් රජ මගුල් ය. නැට්ටෙන් අල්ලාගෙන "අලියා මේ වගේය "කියා වැනුවා වාගේ "මඤ්ඤොක්කා කොළ කැව්වාය", "මඤ්ඤොක්කා ගිල්ලෙව්වාය" කියන කතන්දර හැදෙන්නේ ඔය පදනමේ හිටය.

    පෙනහළු පිළිකාවක් හැදිලාත්, අච්චර හිත් වේදනා තිබිලාත් මහාචාර්‍යතුමා පරමායුෂ විඳින්නට තරම් වාසනාවන්ත විය. සිහිය විකල්වී, ඇඳේම මලමුත්‍රා කරගෙන දුක්විඳින්නට සිදු වුණේද නැත. ඒ එතුමාගේ පින පව ය.

    අදහන ධර්මයට, දර්ශනයට හෝ නරුමකමට අනුව අපට එක එක විදිහට මරණය නිර්වචනය කරගත හැකිය. ඒත් කවුරුන් හෝ මිය ගිය පසු ඇත්තටම සිදුවූයේ කුමක්ද කියා මලගියවුන්ගේ අසා ගැනීමට බැරි එක කොයි තරම් නම් නරක කෙලියක්ද කියා හිතෙන්නේ මෙහෙම වෙලාවට ය.

    ReplyDelete

අදහස් දක්වන්න