Thursday, June 26, 2014

ගෙදර ගියොත් අඹු නසී මග රැඳුණොත් තෝ නසී


ගමනක් ගිය බමුණෙකු අතරමගදී විඩා නිවාගැනීමට නැවතුණේය. ඔහු තමා ගෙන ගිය අග්ගලා මල්ල ලිහා අග්ගලයක් කා මල්ල ගසක් මුළ තියා වතුර බොන්ඩ ඇළට ගිය අතරතුර මල්ල ඇතුළට විසකුරු සර්පයෙක් රිංගුවේය. ඒ බව නොදත් බමුණා මල්ලේ කට බැඳගෙන ගෙදර බලා යද්දී, ‘ගෙදර ගියොත් අඹු නසී. මග රැඳුණොත් තෝ නසී’ යැයි රුක් දෙවියෙක් කීවේය.
ශ‍්‍රී ලංකාවේ පාලකයන්ද බමුණාගේ තත්වයට පත්ව සිටින බවක් පෙනේ. ඔවුන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමක් හමුවට ගෙන ගොස් වරදකරුවන් කිරීමේ වුවමනාව ඉන්දීය සාගරයේ බලයට පොරකන බටහිර බලවතුන්ට තිබේ. නමුත් ලංකාවේ ජනාධිපතිවරයා මහජන ඡුන්දයෙන් පත්වූවෙකි. ඔහුගේ බලය රඳා පවතින්නේ සිංහල බෞද්ධ ඡුන්ද පදනමේය. සිංහල බෞද්ධයන්ගේ විශ්වාසය බිඳ නොවැටෙන තාක් ඔහු රට තුළ පරාජය කිරීමට නොහැකිය. මීට උපායක් සොයන බටහිර බලවතුන් ඉස්ලාම් රටවල් හා ලංකාවේ පාලකයින් අතර සම්බන්ධතා තර කරවන බව විචාරකයෝ පවසති. 
මැද පෙරදිග ඇමරිකාවේ දකුණු අත වශයෙන් හැඳින්විය හැකි සවුදි අරාබිය මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට පක්ෂව ඡුන්දය දීම ජාත්‍යන්තර ක‍්‍රියා ගැන වැටහෙන නුවණැත්තන්ට අරුමයක් නොවේ. එහිදී ලංකාවේ පාලකයින් බේරාගැනීමට මුස්ලිම් රටවල් සියල්ලම වාගේ ඉදිරිපත් වූ බව ප‍්‍රසිද්ධ කාරණයකි. මේ සමග ලංකාවට ජාත්‍යන්තර ඉස්ලාම් බලය හා මූලධර්වාදය නිදහසේ සංක‍්‍රමණය වීම ඇරඹුණි. එය සිංහල බෞද්ධයාගේ ආයුෂ කාලය තව පරම්පරා දෙකකට තුනකට සීමා කිරීමට සමත්ව සිටී. ‘පුංචි පවුල රත්තරන්’ කියමින් සිංහල වින්නඹුවන් ලවා පවුල් සංවිධානය දිගටම කළහොත් තව පරම්පරා දෙකකින් අළුත්ගම තත්වය රටේම ඇතිවීම වැළැක්වීමට හැකි ජගතෙක් නැත.
තමන්ගේ කතිරයෙන් බලයට පත් වී මුස්ලිම් ගලනයට හා ආධිපත්‍යයට ඉඩදෙන පාලක පිරිස් බිම දැමිය යුතු   බව සිංහල බෞද්ධයෝ සිතති. බෞද්ධයාගේ විශ්වාසය බිඳ වැටුණු සැණින් වත්මන් පාලනය පැරදවීමට වෙනත් ව්‍යාපාර අවශ්‍ය නැති බව ජාත්‍යන්තරය දනී.
ඉස්ලාම්වරු සතුටු නොකොළොත් පාලකයන්ට ජාත්‍යන්තරයේදී කෙලවේ. සිංහල බෞද්ධයන් අසතුටු කළොත් රට තුළදී කෙලවේ. ඔවුන්ගේ එකම වාසනාව ජාතිය ගැන, සංස්කෘතිය ගැන නොවැටහෙන විරුද්ධ පක්ෂ නායකයෙකු සිටීමයි. ඔහුටම ගැලපෙන තෙවරප්පෙරුමලාද එතන සිටිති.
ලංකාව ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ මූලස්ථානයක් නොවේ. ඉතා වේගයෙන් එම ස්ථානයට පත්වෙමින් පවතින රටකි. මේ ගැන ඉන්දියාව පවා ඉතාම සෙවිල්ලෙන් පසුවෙයි. ඉන්දියාව දැනටමත් ලංකාවෙන් පිටවූ ඉස්ලාම් ත‍්‍රස්තවාදීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිදැල්ලේ හැසිරෙමින් මූලධර්මවාදි මතවාදය පතුරුවන හා තරුණ මරක්කල පිරිස් ඒ සඳහා සංවිධාන කරන විදේශීය මූලධර්මාචාරයවරුන් පවා සෑහෙන සංඛ්‍යාවක් ලංකාවේ සිටිති. මොවුන් මූලධර්මවාදී චින්තනය රටේ පැලපදියම් කොට මහා ජිහාඞ් සේනාවක් ගොඩනගා ඇති බව ලංකාවේ අභ්‍යන්තර සිදුවීම් ගැන විමසිලිමත් වුවෝ කියති. ඔවුන්ට ආයුධ ඇත. මුදල් ඇත. එම මුදල් වලින් දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් මිලයට ගැනීමට පුළුවන.
අළුත්ගම ප‍්‍රහාරය ඊට සාක්කියකි. භික්ෂුවකට පහරදීමට පොසොන් පොහොය දිනය යොදා ගෙන ඇත්තේ කෝලහාලය පැතිරවීමේ පරමාර්ථයෙනි. පහර කෑ භික්ෂුව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. පොලිසිය ක‍්‍රියාත්මක වී නැත. පහරදීම සම්බන්ධයෙන් පොලිසිය නීතිමය ක‍්‍රියාමාර්ග නොගැනීමට විරුද්ධව රැස්වීමක් පැවැත්වීම ප‍්‍රජාත්නත‍්‍රවාදී රටක සිදුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවකි. ඒ රැස්වීමේ සිට පිටත්ව එන පිරිස් වලට මහමගදී පහරදීමට මස්ජිඩයක් ඇතුලේ සටන්කරුවෝ පිරිසක් සූදානමින් සිටියහ. පොලිසිය ක‍්‍රියාත්මක වී නැත. ජිහාඞ් බලය හමුවේ සියල්ලම අකර්මණ්‍ය වූ බවක් පෙනේ.
ආගමික ගැටුම් පිළිබඳව විමසිල්ලෙන් බලන විට එහි මහ මුලක් පෙනේ. මධ්‍යතන අවදියේ තුර්කිය බලවත් වී යුරෝපය ආක‍්‍රමණය කළේය. ඒ අනුව ඉස්ලාමිකයන්ගෙන් ක‍්‍රිස්තියානි ආගම බේරා ගැනීමේ සටන් ඇරඹුණි. පෘතුගාලය මෙම සටන් ඉන්දියානු සාගරයට ගෙනාවේය. සියල්ල කෙවර වුයේ කුරුස යුද්ධවලිනි. ඉස්ලාම් සේනාව අන්ත පරාජයක් ලැබුවේය. ඔවුන්ගෙන් පැවතෙන්නෝ, ජනගහණය බෝ කිරීම යළි නැගිටීමට ආයුධයක් ලෙස භාවිතා කරන්ට වුහ. දැන් ඉස්ලාම් ජනගහණය යුරෝපයට තර්ජණයකි. නමුත් නැවත කුරුස යුද්ධ ආරම්භ කළ නොහැක. ඒ වෙනුවට ආගමික ගැටුම් ඇති වේ.
ආගමික කෝලහාල ගෝලීයකරණයේ ලක්ෂණයකි. මේවා ගැන බටහිර රටවල්ම සමීක්ෂණ පවත්වති. රටවල් 198ක් ඇසුරින් කරනු ලැබූ එවැනි සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙන ලෙසට පසුගිය වසර 6 තුළ ලොව ආගමික සටන් වැඩි වී ඇත. 2007 වසරේ 20%ක් වූ ආගමික ගැටුම් 2011 වන විට 29% දක්වාත් 2012 වන විට 33% දක්වාත් වර්ධනය වී ඇත. ඇමරිකානු කලාපයේ හැර ලෝකයේ සියලූම ප‍්‍රධාන පෙළේ දේශපාලන කලාපයන්හි ආගමික ගැටුම් වැඩිවෙමින් පවතී. ආගමික ගැටුම් බහුලවම ඇත්තේ මැදපෙරදිග හා උතුරු අප‍්‍රිකා කලාපවලයි. ආසියා පැසිපික් කලාපයේ ආගමික ගැටුම්වල සැලකිය යුතු වර්ධනයක් දක්නා ලැබේ. පළමු වරට චීනයේ ආගමික ගැටුම් ‘ඉහළ’ මට්ටම ආසන්නයට පැමිණ ඇත.
මේ වාර්තාව ශ‍්‍රී ලංකාවේ සිදුවීම් දෙකක් පිළිබඳව සඳහන් කරයි. ඒ ලොව සුළුතර ආගමික කණ්ඩායම්වලට එරෙහි බලහත්කාරකම් පිළිබඳ නිදසුන් දැක්වීමේදීය. ශ‍්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා 2012 අපේ‍්‍රල් මාසයේදී දඹුල්ලේ මුස්ලිම් මස්ජිදයකට පහර දුන්නේලූ. 2012 අගෝස්තුවේ දෙනියායේ ‘සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ටිස්ට්’ දේවස්ථානයකටත් පහරදුන් තවත් භික්ෂු පිරිසක් එය විහාරස්ථානයක් බවට පරිවර්තනය කරගන තිබේලූ. මේවා කියවන්නෙකුට මීට වසර දෙකකට පෙර ඇමරිකාවේ සීඇන්ඇන් ප‍්‍රවෘත්ති ආයතනයේ කාන්තාවක නිර්මාණය කළ රණකාමී භික්ෂූන් පිළිබඳ වාර්තා චිත‍්‍රපටය සිහිපත් වේ. මේ වාර්තාවේ තොරතුරු එම වාර්තා චිත‍්‍රපටය තහවුරු කරයි.
දීඝවාපියට ඩෝසර් යාම හෝ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම හෝ ගැන පෙර කී වාර්තාවේ  සඳහන්ව නැත්තේ ඒවා මහ ජාතියේ සිද්ධස්ථාන නිසා විය යුතුය. බංගලි දේශයේ චිතගොං කඳුකරයේ බෞද්ධ සංහාර සඳහන්ව නැත්තේ හදපු පුද්ගලයින්ට ඒ ගැන ආරංචි නොවූ නිසා විය යුතුය. පකිස්ථානයේ ස්වාත් නිම්නයෙහි බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම හෝ මාලදිවයිනේ කෞතුකාගාරයේ තිබූ පුරාවස්තු වැනසීම වැදගත් සිද්ධීන් ලෙස සලකා නැත්තේ ඒවා ඉස්ලාම් රටවල් නිසා විය යුතුය.
ලංකාවේ ජිහාඞ්වාදීන්ට බටහිර රටවල් ආශිර්වාද කිරීම පුදුමයට කාරණයක් නොවේ. ඔවුන්ට අවශ්‍ය පාලකයන් හා සිංහල බෞද්ධයන් භේද කරවීමයි. ජිහාඞ් බලවේගය ඒ වුවමනාව ඉටුකරයි. මේ නිසා  බීබීසිය අළුත්ගම කෝලහාලය බොදු බල සේනාවේ ක‍්‍රියාවක් යැයි ලොවට දැන්වීය. ලංකාවේ ඇතැම් මාධ්‍ය ආයතනයන්හි රස්සාවෙන සිංහල හරිහැටි කතා නොකර කුණුහරුප සිංහල බෙදන නිවේදක නිවේදිකාවෝ පවා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නරක සිංහලෙන් කතාවක් පවත්වා මහජනයා උසිගැන්වී යැයි චෝදනා නැගුහ. මොවුන් පෙන්වන හැටියට නම් සිංහල බෞද්ධයන් යනු අමන මරිමෝඩ ජනවර්ගයකි. හාමුදුරුනමකගේ කතාවක් ඇසිමෙන් පරළ වී කෝලහාල කරන පිරිසකි.
යථාර්ථය වටහා ගනිමු. මේ කෝලහාල ජිහාඩි වැඩපිළිවෙළ, සිංහල ජාතිය පුංචි කිරීම ආදි සියලූ සැලසුම් යට සැඟවුණු බලවේග ඇත. අවාසනාව නම් සිංහලයන් වැඩි පිරිසක් තවමත් මේ අනතුරුදායක තත්වය තේරුම් ගෙන නොතිබීමයි.
  
   

11 comments:

  1. hithala balanna ona karanayak tamai.

    ReplyDelete
  2. වාර්තාවේ දැක්වෙන කරුනු
    සෙවන්ත් ඩේ ඇඩ්වෙටිස් පල්ලියක් පංසලක් කිරීම?
    ඇනකොන්ඩා කියන්නේ මෙය බොරුවක් කියාද? දඹුල්ලේ මුස්ලිම් පල්ලියට පහර දීම බොරුවක්ද?
    මේ රටේ නීතියක් කියා දෙයක් තිබේ.නීතිය ක්‍රියාත්මක කිරීමට ආයාතන තිබේ.අලුත්ගමදී පුද්ගලයන් 03 කුට පහර දුන්නේ නම් ඒගැන කටයුතු කල යුත්තේ පොලිසියයි.

    පොලිසිය කටයුතු කිරීම ප්‍රමාද වූවා නම් පොලිස්පති දක්වා පැමිනිලි කිරීමට පිළිවන.ඒ හැරෙන්නට අධිකරනයේ නඩුවක් පැවරීමටද පුලුවන.
    මෙහිදී සිදුවී ඇත්තේ රැස්වීමක් තබා නානසාර විසින් ජනතාව උසිගන්වන කතාවක් කිරීමයි.මෙය තනි කරම නීතිය අතට ගැනීමකි.

    අලුත්ගම සිද්ධියට කලින් තවත් පිරිසක් කොළඹ හරක් මස් කඩයකට පහර දුන්හ.ගව මස් ප්‍රවාහන මුස්ලිම්වරයෙකුට අයත් ලොරියකට පාන්දර 3.00 ට ගිනි තබා විනාශ කලහ.පුද්ගලයන් 02-03 දෙනෙකුට විරුද්ධව නඩු පවරා ඇත.එම පිරිස මෙහෙයවූ අයට නඩු දමා ඇද්ද?

    ඡන්ද බලා ගෙන නිහඬව සිටින අයට හොඳම කනේ පාර දුන්නේ අලුත්ගමදී බැට කෑ තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාය.එක ගොසිප් වෙබ් අඩවියක ඔහු විසින් කරන ලද කතාවක් යුටියුබ් එකේ දමා ඇත.ජනතාව උසිගැන්වූ නරුමයාව ගෝල්ෆේස් එකට ගෙනවුත් 'තෑගි බෝග' දිය යුතුබව ඔහු විසින් පවසා ඇත!

    මුස්ලිම්වරු යනු සිංහලයන්මය!
    අරාබි වෙළෙඳුන් මෙරටට එන විට කාන්තාවන් ගෙනාවේ නැත.විවාහ වූයේ මෙරට සිංහල,දෙමළ කාන්තාහාවන් හා සමඟ.
    ඔවුන් කන බොන , අඳින පලඳින ආකාරය හා ආගම වෙනස්විය හැක.එහෙත් ඔවුන් සිංහලයන්ය.

    මෝඩ මිනිසුන් ඇවිස්සීම පහසුය.එහෙත් එවැන්නක ප්‍රතිඵලය වනුයේ මනුෂ්‍යත්වය ගිලිහී ප්‍රචන්ඩත්වය හිස එසවීමයි.අහිංසක්යන්ට ගේ දොර අහිමි වීමයි.


    අලුත්ගම විනාශවූ දේපොල වලට රක්ෂන ආයාතන හා රජය විසින් වන්දි ගෙවනවා ඇත.නුමුත් ආර්ථික විද්‍යානුකූලව විනාශවී ගිය ධනය නැවත ඉපදිය නොහැක.

    පුන්‍යසෝම
    .

    ReplyDelete
    Replies
    1. අනේ මේ මුස්ලිමා දන්න ඉතිහාසය. මුස්ලිම් යනු සින්හලයන්ය. ඒ තමුන්නෙ කියන්නේ. හබෑයි එක මුස්ලිමෙක් අපි සින්හලයන් කියා කියන්නේ නෑත. උන් ඔක්කොම කියන්නේ උන් මුස්ලිම් කියාය. ඉතින් අපි කොහොමද උන් සින්හලයො කියන්නෙ. නියම සින්හලයා යනු බෞද්ධාගමිකයෙක්ය. බෞද්ධාගමිකයෙක් උනු පළියට ආත්මාරක්ෂාව, මතු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් පෙළ ගෑසීමට තහනමක් නොමෑත. නිවටයින් සේ සර්වාගමික පූට්ටුවට මුවා වෙමින් බයගුල්ලන සේ නොසිටිමු.

      Delete
    2. menna me wage sinhala aiyala innawanam apita sahayogen inna puluwanne

      Delete
  3. අනේ මලේ ඔයාගේ කමෙන්ට් එක කියවද්දි පෙනෙනව ඔයා ඉතිහාසය දන්නෙත් නැහැ, ලෝකය ගැන දන්නෙත් නැහැ. ඔයා මේ සංනිවේදන යුගයේ ඇෆ්ගාන් ගම් වැසියෙක්වෙලා නේද? මලේ, අරාබි වෙළෙන්දො ලංකාවට ගෙනාපු ස්වාමියා මිය ගිය කාන්තාවන් හා ළමයින් පිරිසක් සිංහල රජෙක් අරාබියට යවලත් තියෙනව. ලංකාවේ ඉන්න මහමදාගමියො අරාබි ජාතිකයන්ගෙන් පැවතෙන අය නොවෙයි. ඉංග‍්‍රිසි කාලෙ උඩරට කරැුල්ලෙන් පසුව දකුණු ඉන්දියාවෙන් ගෙනාපු හා ගෙන්වපු ඈයො ඒ නිසයි ඒ ඇත්තො දෙමළ කතා කරන්නෙ. මලේ ඔයා සිංහල නමක් දමාගෙන ඉන්න මහමදාගමිකයෙක් කියලයි මට හිතන්නෙ. නැතිනම් ඥානසාර හිමියන්ගෙ නම ඔය විදිහට ලියන්නෙ නෑ. ඔය වාගෙ නම් විකෘති කිරිම හිටිලර්ගෙ කාලෙ නාසි වාදින් අනුගමණය කරපු ක‍්‍රියාවක් . මහමදාගමිකයෙක් නම් මල්ලියෙ ඔයාට මේ ලිපියෙ තියෙන කාරණා තේරුම් ගන්ඩ බෑ. අනේ මලේ ළමා කාලෙ ඉඳල දවසට පස්වරක් දෙවියන්ඩ යදින්නෙක් කොහොමද නිදහසේ සිතන්නෙ? මල්ලි සිංහලයෙක් නම් අනිවාර්්‍යයෙන්ම ජාන පරික්ෂාවක් කරගන්න. එය වාගෙ අදහස් සිංහලයන්ගෙන් පිටවෙන්ඩ විදිහක් නෑ.
    මිට දැනුමැති අයියා - ගනේගොඩ මහරදාගේ නිමල් ගනේගොඩ

    ReplyDelete
  4. කාලෙකට පස්සේ ඇනකොන්ඩා මොළ වඩන ලිපියක් ලියාපු එකට සතුටුයි. අනේ මන්දා මට නම් කෙල්ලෙක් වෙලා ඉපදුණු එක ගැන තියෙන්නෙ තරහක්. කොල්ලෙක් වුණා නම් ඉස්සරහට ගිහිල්ලා මේ මුස්ලිම් අන්තවාදීන්ට විරුද්ධව වැඩ කරන්න තිබුණනෙ කියල හිතෙනවා. මට නම් පේන්නෙ පුන්යසෝම වගේ අවංක මෝඩයෝ තමයි අපේ රටේ අනාගතේ අඳුරට දාන්නෙ. මට දුකයි කවදාහරි මේ රටට වෙන්න යන දේ ගැන හිතෙනකොට. අපේ මීමුණුබුරන්ට මුස්ලිම් පිහිවලට බෙල්ල දෙන්න වෙයි කියලා මට හිතෙනවා ලෝකෙ අනික් රටවල වෙන දේවල් ආරංචි වෙනකොට. ඒ නිසා මෝඩකම් අතඇරලා අනාගත පරපුර වෙනුවෙන් යමක් කරමු.

    ReplyDelete
  5. පුන්‍යසෝම-රටෙ අනාගත නිවෑරිදි මග වෑටි ඈත්තේ ඔබ වෑන්නන්ගේ චින්තනය ඔස්සෙ! ඔබට ජය

    ReplyDelete
  6. පුන්යසෝම වගේ අයගේ චින්තනය කවදාවත් ඉස්ලාම් ආගම අදහන කෙනෙක්ගේ සිතක ඇතිවෙන්නේ නැති එකයි ප‍්‍රශ්නය. ඒකට හේතුව ඒ ගොල්ලන්ගේ ආගම සහ ආගමේ නායකයො ඊට ඉඩ නොදෙන එකයි. පුන්යසෝමලා වගේ අය ලෝකේ ගැන දන්නෙ නැති එකයි මෙතන ප‍්‍රශ්නෙ. ඉස්ලාම් ලෝකයේ නිදහස් චින්තනයට ඉඩක් නෑ. වෙනත් ආගම්වලට ඉඩක් නෑ. ඇෆ්ගනිස්ථානේ පටන් ඉන්දුනීසියාව දක්වා විශාල භූමි කලාපයක පැතිරිලා තිබුණු බෞද්ධ රටවල් කොහොමද මුස්ලිම් රටවල් උනේ? පුන්යසෝම වගේ අයගේ සිතුවිලි හොඳයි. නමුත් ඒකෙන් වෙන්නේ අන්තවාදීන් ශක්තිමත් වෙන එක විතරයි. ඉස්ලාම් ත‍්‍රස්තවාදය ලංකාවේ නිදාගෙන ඉන්නෙ තව ටිකක් ඒ අයගේ ජනගහනය වැඩි වෙනකම් විතරයි. ඊට පස්සේ මේ රට එකම ලේ විලක් වේවි. ඒ කාලෙදි පන්සල් ගිනිබත් කරලා හාමුදුරුවරුන්ව බෙලි කපල මරාවි. රුවන්වැලි මහා සෑයථ දළදා මාලිගාව, ශ‍්‍රී මහාබෝධිය වගේ මහා සිද්ධස්ථාන බමියාන් පිළිමයට කළා වගේ විනාශ කරාවි.හන්දියක් හන්දියක් ගානේ තියෙන බුදුපිළිමවලට බෝම්බ දමාවි. ඒකට හේතුව කුරානය මගින් අනිකුත් ආගම් විනාශ කරන්න නියෝග පනවලා තිබීමයි. බෞද්ධයින්ගේ බෙලි තැඹිලි කපනව වගේ පිහියෙන් අතුල්ලල අතුල්ලල කපාවි. ගෑනු ළමයින්ව ¥ෂණය කරලා අනාචාරයේ හැසිරුණා කියල ගල්ගහලා මරාවි. අනේ අපේ රටට යන කලක්.

    ReplyDelete
  7. කොහෙද යකෝ උඹ හිටියෙ? මේක හොඳා මරු. බැයිද මෙව්වා මහ රජ්ජුරුවන්ට යවන්ඩ. ඇහැ ටිකක් ඇරෙන්ඩ. දැන් ඉතිං ලියාපන් දිගටම.
    සරදියෙල්

    ReplyDelete
  8. Saradiyel kiyanne sampoorna etta. umbala noliya inna eka harima narakai. dan digatama liyamu. tawa tadata liyapan munta hodata ridennda.

    NoDutu Gamunu

    ReplyDelete

අදහස් දක්වන්න