Thursday, June 26, 2014

ගෙදර ගියොත් අඹු නසී මග රැඳුණොත් තෝ නසී


ගමනක් ගිය බමුණෙකු අතරමගදී විඩා නිවාගැනීමට නැවතුණේය. ඔහු තමා ගෙන ගිය අග්ගලා මල්ල ලිහා අග්ගලයක් කා මල්ල ගසක් මුළ තියා වතුර බොන්ඩ ඇළට ගිය අතරතුර මල්ල ඇතුළට විසකුරු සර්පයෙක් රිංගුවේය. ඒ බව නොදත් බමුණා මල්ලේ කට බැඳගෙන ගෙදර බලා යද්දී, ‘ගෙදර ගියොත් අඹු නසී. මග රැඳුණොත් තෝ නසී’ යැයි රුක් දෙවියෙක් කීවේය.
ශ‍්‍රී ලංකාවේ පාලකයන්ද බමුණාගේ තත්වයට පත්ව සිටින බවක් පෙනේ. ඔවුන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමක් හමුවට ගෙන ගොස් වරදකරුවන් කිරීමේ වුවමනාව ඉන්දීය සාගරයේ බලයට පොරකන බටහිර බලවතුන්ට තිබේ. නමුත් ලංකාවේ ජනාධිපතිවරයා මහජන ඡුන්දයෙන් පත්වූවෙකි. ඔහුගේ බලය රඳා පවතින්නේ සිංහල බෞද්ධ ඡුන්ද පදනමේය. සිංහල බෞද්ධයන්ගේ විශ්වාසය බිඳ නොවැටෙන තාක් ඔහු රට තුළ පරාජය කිරීමට නොහැකිය. මීට උපායක් සොයන බටහිර බලවතුන් ඉස්ලාම් රටවල් හා ලංකාවේ පාලකයින් අතර සම්බන්ධතා තර කරවන බව විචාරකයෝ පවසති. 
මැද පෙරදිග ඇමරිකාවේ දකුණු අත වශයෙන් හැඳින්විය හැකි සවුදි අරාබිය මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට පක්ෂව ඡුන්දය දීම ජාත්‍යන්තර ක‍්‍රියා ගැන වැටහෙන නුවණැත්තන්ට අරුමයක් නොවේ. එහිදී ලංකාවේ පාලකයින් බේරාගැනීමට මුස්ලිම් රටවල් සියල්ලම වාගේ ඉදිරිපත් වූ බව ප‍්‍රසිද්ධ කාරණයකි. මේ සමග ලංකාවට ජාත්‍යන්තර ඉස්ලාම් බලය හා මූලධර්වාදය නිදහසේ සංක‍්‍රමණය වීම ඇරඹුණි. එය සිංහල බෞද්ධයාගේ ආයුෂ කාලය තව පරම්පරා දෙකකට තුනකට සීමා කිරීමට සමත්ව සිටී. ‘පුංචි පවුල රත්තරන්’ කියමින් සිංහල වින්නඹුවන් ලවා පවුල් සංවිධානය දිගටම කළහොත් තව පරම්පරා දෙකකින් අළුත්ගම තත්වය රටේම ඇතිවීම වැළැක්වීමට හැකි ජගතෙක් නැත.
තමන්ගේ කතිරයෙන් බලයට පත් වී මුස්ලිම් ගලනයට හා ආධිපත්‍යයට ඉඩදෙන පාලක පිරිස් බිම දැමිය යුතු   බව සිංහල බෞද්ධයෝ සිතති. බෞද්ධයාගේ විශ්වාසය බිඳ වැටුණු සැණින් වත්මන් පාලනය පැරදවීමට වෙනත් ව්‍යාපාර අවශ්‍ය නැති බව ජාත්‍යන්තරය දනී.
ඉස්ලාම්වරු සතුටු නොකොළොත් පාලකයන්ට ජාත්‍යන්තරයේදී කෙලවේ. සිංහල බෞද්ධයන් අසතුටු කළොත් රට තුළදී කෙලවේ. ඔවුන්ගේ එකම වාසනාව ජාතිය ගැන, සංස්කෘතිය ගැන නොවැටහෙන විරුද්ධ පක්ෂ නායකයෙකු සිටීමයි. ඔහුටම ගැලපෙන තෙවරප්පෙරුමලාද එතන සිටිති.
ලංකාව ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ මූලස්ථානයක් නොවේ. ඉතා වේගයෙන් එම ස්ථානයට පත්වෙමින් පවතින රටකි. මේ ගැන ඉන්දියාව පවා ඉතාම සෙවිල්ලෙන් පසුවෙයි. ඉන්දියාව දැනටමත් ලංකාවෙන් පිටවූ ඉස්ලාම් ත‍්‍රස්තවාදීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිදැල්ලේ හැසිරෙමින් මූලධර්මවාදි මතවාදය පතුරුවන හා තරුණ මරක්කල පිරිස් ඒ සඳහා සංවිධාන කරන විදේශීය මූලධර්මාචාරයවරුන් පවා සෑහෙන සංඛ්‍යාවක් ලංකාවේ සිටිති. මොවුන් මූලධර්මවාදී චින්තනය රටේ පැලපදියම් කොට මහා ජිහාඞ් සේනාවක් ගොඩනගා ඇති බව ලංකාවේ අභ්‍යන්තර සිදුවීම් ගැන විමසිලිමත් වුවෝ කියති. ඔවුන්ට ආයුධ ඇත. මුදල් ඇත. එම මුදල් වලින් දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් මිලයට ගැනීමට පුළුවන.
අළුත්ගම ප‍්‍රහාරය ඊට සාක්කියකි. භික්ෂුවකට පහරදීමට පොසොන් පොහොය දිනය යොදා ගෙන ඇත්තේ කෝලහාලය පැතිරවීමේ පරමාර්ථයෙනි. පහර කෑ භික්ෂුව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. පොලිසිය ක‍්‍රියාත්මක වී නැත. පහරදීම සම්බන්ධයෙන් පොලිසිය නීතිමය ක‍්‍රියාමාර්ග නොගැනීමට විරුද්ධව රැස්වීමක් පැවැත්වීම ප‍්‍රජාත්නත‍්‍රවාදී රටක සිදුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවකි. ඒ රැස්වීමේ සිට පිටත්ව එන පිරිස් වලට මහමගදී පහරදීමට මස්ජිඩයක් ඇතුලේ සටන්කරුවෝ පිරිසක් සූදානමින් සිටියහ. පොලිසිය ක‍්‍රියාත්මක වී නැත. ජිහාඞ් බලය හමුවේ සියල්ලම අකර්මණ්‍ය වූ බවක් පෙනේ.
ආගමික ගැටුම් පිළිබඳව විමසිල්ලෙන් බලන විට එහි මහ මුලක් පෙනේ. මධ්‍යතන අවදියේ තුර්කිය බලවත් වී යුරෝපය ආක‍්‍රමණය කළේය. ඒ අනුව ඉස්ලාමිකයන්ගෙන් ක‍්‍රිස්තියානි ආගම බේරා ගැනීමේ සටන් ඇරඹුණි. පෘතුගාලය මෙම සටන් ඉන්දියානු සාගරයට ගෙනාවේය. සියල්ල කෙවර වුයේ කුරුස යුද්ධවලිනි. ඉස්ලාම් සේනාව අන්ත පරාජයක් ලැබුවේය. ඔවුන්ගෙන් පැවතෙන්නෝ, ජනගහණය බෝ කිරීම යළි නැගිටීමට ආයුධයක් ලෙස භාවිතා කරන්ට වුහ. දැන් ඉස්ලාම් ජනගහණය යුරෝපයට තර්ජණයකි. නමුත් නැවත කුරුස යුද්ධ ආරම්භ කළ නොහැක. ඒ වෙනුවට ආගමික ගැටුම් ඇති වේ.
ආගමික කෝලහාල ගෝලීයකරණයේ ලක්ෂණයකි. මේවා ගැන බටහිර රටවල්ම සමීක්ෂණ පවත්වති. රටවල් 198ක් ඇසුරින් කරනු ලැබූ එවැනි සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙන ලෙසට පසුගිය වසර 6 තුළ ලොව ආගමික සටන් වැඩි වී ඇත. 2007 වසරේ 20%ක් වූ ආගමික ගැටුම් 2011 වන විට 29% දක්වාත් 2012 වන විට 33% දක්වාත් වර්ධනය වී ඇත. ඇමරිකානු කලාපයේ හැර ලෝකයේ සියලූම ප‍්‍රධාන පෙළේ දේශපාලන කලාපයන්හි ආගමික ගැටුම් වැඩිවෙමින් පවතී. ආගමික ගැටුම් බහුලවම ඇත්තේ මැදපෙරදිග හා උතුරු අප‍්‍රිකා කලාපවලයි. ආසියා පැසිපික් කලාපයේ ආගමික ගැටුම්වල සැලකිය යුතු වර්ධනයක් දක්නා ලැබේ. පළමු වරට චීනයේ ආගමික ගැටුම් ‘ඉහළ’ මට්ටම ආසන්නයට පැමිණ ඇත.
මේ වාර්තාව ශ‍්‍රී ලංකාවේ සිදුවීම් දෙකක් පිළිබඳව සඳහන් කරයි. ඒ ලොව සුළුතර ආගමික කණ්ඩායම්වලට එරෙහි බලහත්කාරකම් පිළිබඳ නිදසුන් දැක්වීමේදීය. ශ‍්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා 2012 අපේ‍්‍රල් මාසයේදී දඹුල්ලේ මුස්ලිම් මස්ජිදයකට පහර දුන්නේලූ. 2012 අගෝස්තුවේ දෙනියායේ ‘සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ටිස්ට්’ දේවස්ථානයකටත් පහරදුන් තවත් භික්ෂු පිරිසක් එය විහාරස්ථානයක් බවට පරිවර්තනය කරගන තිබේලූ. මේවා කියවන්නෙකුට මීට වසර දෙකකට පෙර ඇමරිකාවේ සීඇන්ඇන් ප‍්‍රවෘත්ති ආයතනයේ කාන්තාවක නිර්මාණය කළ රණකාමී භික්ෂූන් පිළිබඳ වාර්තා චිත‍්‍රපටය සිහිපත් වේ. මේ වාර්තාවේ තොරතුරු එම වාර්තා චිත‍්‍රපටය තහවුරු කරයි.
දීඝවාපියට ඩෝසර් යාම හෝ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම හෝ ගැන පෙර කී වාර්තාවේ  සඳහන්ව නැත්තේ ඒවා මහ ජාතියේ සිද්ධස්ථාන නිසා විය යුතුය. බංගලි දේශයේ චිතගොං කඳුකරයේ බෞද්ධ සංහාර සඳහන්ව නැත්තේ හදපු පුද්ගලයින්ට ඒ ගැන ආරංචි නොවූ නිසා විය යුතුය. පකිස්ථානයේ ස්වාත් නිම්නයෙහි බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම හෝ මාලදිවයිනේ කෞතුකාගාරයේ තිබූ පුරාවස්තු වැනසීම වැදගත් සිද්ධීන් ලෙස සලකා නැත්තේ ඒවා ඉස්ලාම් රටවල් නිසා විය යුතුය.
ලංකාවේ ජිහාඞ්වාදීන්ට බටහිර රටවල් ආශිර්වාද කිරීම පුදුමයට කාරණයක් නොවේ. ඔවුන්ට අවශ්‍ය පාලකයන් හා සිංහල බෞද්ධයන් භේද කරවීමයි. ජිහාඞ් බලවේගය ඒ වුවමනාව ඉටුකරයි. මේ නිසා  බීබීසිය අළුත්ගම කෝලහාලය බොදු බල සේනාවේ ක‍්‍රියාවක් යැයි ලොවට දැන්වීය. ලංකාවේ ඇතැම් මාධ්‍ය ආයතනයන්හි රස්සාවෙන සිංහල හරිහැටි කතා නොකර කුණුහරුප සිංහල බෙදන නිවේදක නිවේදිකාවෝ පවා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නරක සිංහලෙන් කතාවක් පවත්වා මහජනයා උසිගැන්වී යැයි චෝදනා නැගුහ. මොවුන් පෙන්වන හැටියට නම් සිංහල බෞද්ධයන් යනු අමන මරිමෝඩ ජනවර්ගයකි. හාමුදුරුනමකගේ කතාවක් ඇසිමෙන් පරළ වී කෝලහාල කරන පිරිසකි.
යථාර්ථය වටහා ගනිමු. මේ කෝලහාල ජිහාඩි වැඩපිළිවෙළ, සිංහල ජාතිය පුංචි කිරීම ආදි සියලූ සැලසුම් යට සැඟවුණු බලවේග ඇත. අවාසනාව නම් සිංහලයන් වැඩි පිරිසක් තවමත් මේ අනතුරුදායක තත්වය තේරුම් ගෙන නොතිබීමයි.