ඉස්සර අපේ ගමේ ගෙදර කුස්සිය පැත්තෙන් එළියට බැහැපුවහම මැද මිදුලක් තිබුණා. හැබැයි මැද මිදුලක් කිව්වට ඒකට හරිම නම මැද මිදුලකටත් වඩා අයිනෙ මිදුලක්. ඒකෙ තමයි ඒ කාලේ මගේ වටිනාම වස්තුවක් වෙච්ච ගියර් මාරු කරන්න පුළුවන් හොඳ බයිසිකලෙත් තාත්තගෙ කබල් මෝටර්සයිකල් එකත් ගාල් කරල තිබුණෙ. ඒකෙන් එළියට යන්න තිබ්බෙ යකඩ වලින් හදපු ග‍්‍රිල් දොරක්. ඒක දිගේ උඩට නැග්ගම ගෙදර වහළෙ උඩට නැග ගන්න පුළුවන්.
ඒ මං ඉස්කෝලේ අටේ නවයෙ හිටපු කාලේ. ඒ කාලේ මට තිබිච්ච එක විනෝදාංශයක් තමයි ඔය වහළෙ උඩට නැගල උඩුබැලි අතට දිගාවෙලා අහසෙ තරු දිහා බලාගෙන හිටපු එක. අද මට අමතක වුනාට ඒ දවස් වල ඒ කාලේ අහසෙ තිබිච්ච හුගක් තරු, තරු මණ්ඩල, ග‍්‍රහලෝක එක්ක ලොකු ඇයි හොදයියක් වගේම වෙන් වෙන්ව අදුර ගන්න පුළුවන් කමකුත් මට තිබ්බ. ගොඩත් දවස්වල අම්මගෙන් බැනුමුත් අහගෙන කාලා නිදිමතවෙනකන් එහෙම නැත්නම් රාතී‍්‍ර කෑම හැදෙකන් මං කලේ ඔය වැඬේ.
ඒ අහසත්, ඒකෙ තිබ්ච්ච දේත් අපේ ජීවිතේ වගේ නේද කියල අද මට හිතෙනව. අපි ගොඩක් අය ඈත අහසෙ පේන පුංචිම පුංචි, ලාවට දිලිසෙන දේ දිහා බලං ඉන්නව. සමහරක් වෙලාවට අපි හිතන්නේ ඒවා තරුම තමයි කියල, හැබැයි ඒව තරුවක් නොවී ග‍්‍රහලෝකයක් එහෙමත් නැත්නම් චන්ද්‍රකාවක් වගේ දෙයක් උනත් වෙන්න පුළුවන් නේද? එහෙම තරු දිහා බලාගෙන ඉන්න කොට ? අහසට එළිය ගේන, තරු වලට වඩා දිස්නෙ දෙන හඳ අපට නොපෙනී යනව අපිට මග ඇරෙනව. ඇත්ත ජීවිතෙත් ඒ වගේ. ඈත තියෙන තරු එළිය දිහාම බලාගෙන ඉන්න කොට, ඊට වඩා අපේ කළුවර ජීවිත වලට එළිය දෙන්න පුළුවන් හඳ අපිට මග ඇරෙනවා. තරු දිහා බලාගෙන ඉදල හඳ ගැන, හඳ එළිය ගැන හිතල ඒක හොයන කොට, ඒ හඳ ජීවිතෙන් බැහැල ගිහින් තියේවි. මොකද තරු වලට වඩා ඒ හඳට හැගීම් දැනෙනවා වැඞී.