Friday, September 26, 2014

වෘත්තීය සමිති සහ බොදු බල සේනාව





බොදු බල සේනාව වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වන බව කියවෙන පුවතක් අසන්ට ලැබුණී. මෙය වර්තමාන යුගයේ ජීවත්වන දේශපේ‍්‍රමියෙකුගේ කනට මිහිරිම පුවතකි. ඊට හේතුව මෙපමණ කලක් රට ගෙනයන සුක්කානම හෙවත් වෘත්තීය සමිති ව්‍යපාරය කෙරෙහි කිසිම සිංහල බෞද්ධ සංවිධානයක අවධානය යොමු නොවීමයි. සුද්දා රට පාලනය කරන කාලයේදීම රට ගෙනයන සුක්කානම වශයෙන් සැලකිය යුතු වෘත්තීය සමිති ව්‍යාපාරය සිංහල ජාතිය කෙරේ කිසිම හැඟීමක් නැති බුදු සසුන කෙරෙහි කිසිම ආදරයක් නැති කළු සුද්දන් පිරිසකට අයත් වුණි. දැන් ඔවුන් නැත. ඔවුන්ගෙන් බෝවුන පිරිසකට වෘත්තීය සමිති බූදලය අයිති වී තිබේ.

සුද්දන්ගේ කාලයේ ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය ඇරඹුණි. ඒ. ඊ. ගුණසිංහ වෘත්තිය සමිති ව්‍යාපාරයේ ප‍්‍රාරම්භකයා ලෙසින් ගෞරවයට ලක්වේ. කම්කරු පක්ෂයක් හදා කම්කරු රාජ්‍යයක් පිහිටුවීම ගුණසිංහගේ සිහිනය වූයේය. ලංඩන් නගරයේ කැරකෙමින් පැවති මාක්ස්වාදී ව්‍යාපාරය ලංකාවට පැමිණියේ මේ කාලයේය. එය මෙහි ගෙනාවේ එංගලන්තයේ ඉගෙනීමට ගිය ගෙදෙර දොරේදී කිසිවිටක සිංහල කථා නොකළ කිසිදිනක පන්සලකට ගොස් පුරුද්දක් නැති ලංකාවේ සුපිරි ධනපති පංතියේ තරුණයන් කිහිප දෙනෙකු විසිනි. ඔවුන් විසින් ආරම්භ කරන ලද සමසමාජ නමැති කොමියුනිස්ට් ව්‍යාපාරය ගුණසිංහ යූඇන්පියට එළවා දමා ඔහුගේ ආධිපත්‍ය යටතේ පැවති කම්කරු ව්‍යාපාරයේ බලය පැහැර ගත්තේය. මෙතැන් පටන් ලංකාවේ කම්කරු ව්‍යාපාරය මාක්ස්වාදීන්ගේ අතකොළුවක් වූයේය.

ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය වනාහි ඉංග‍්‍රීසීන්ගේ කාලයේ එංගලන්තයෙන් ලංකාවට ගෙනා කළු සුද්දන්ගේ වැඩ  පිළිවෙළකි. රටේ ඉතිහාසය නොසැලකීම, ජාතික උරුමයන්ට ගරු නොකිරීම, බටහිර සම්ප‍්‍රදායන් සහ උරුමයන් පෝෂණ කිරීම මාක්ස්වාදී ව්‍යාපාරයට නායකත්වය දුන් කළු සුද්දන්ගේ ප‍්‍රතිපත්තිය වූයේය. අධිරාජ්‍ය විරෝධී හඟීම් නිසා රටවැසියෝ ඔවුන්ට මුළා වූහ. පසු කලෙක රටවැසියන් යථා තත්වය වටහාගත් නමුත් වෘත්තීය සමිති ව්‍යාපරය තුළ කම්කරුවන් සිරකර තබා ගැනීමට මාක්ස්වාදීහු සමත් වූහ. අදටත් වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ කළු සුද්දන්ගේ මතවාද භ‍්‍රමණය වේ.

ලංකාවේ මාක්ස්වාදී නායකයෝ කම්කරුවන්ට ඔවුුන්ගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා ‘ඇහැට ඇහැක්’ නමැති බයිබල් උපදේශය තෝරාගත්හ. ව්‍යාපාරිකයාගේ පරමාර්ථය ශ‍්‍රමය සූරාකෑම යයි කී ඔවුහු, ශ‍්‍රමිකයා හෙවත් කම්කරුවා ලවා ‘ධනපතියන් භංගවේවා’ කියවූහ. මෙහිදී ව්‍යාපාර හිමිකරුවා ධනපතියා වශයෙන් සැලකුන නිසා,  වෙළඳාමක් ව්‍යපාරයක් කරගෙන කිසියම් ධනයක් රැුස්කරගත් සිංහල මුදලාලි ධනපතියකු වී සාමාන්‍ය ජනයාගේ හතුරෙක් බවට ‘සම්මත’ වූයේය.
මූල ධනයක් ආයෝජනය නොකර රජයකට හෝ පුද්ගලයෙකුට ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකිය. ලාභයක් නැතිනම් පුද්ගලයෙක් හෝ සමාගමක් ව්‍යාපාරයක් ආරම්භ නොකරයි. රටක් සංවර්ධනය වීමට කර්මාන්ත හා ව්‍යාපාර අවශ්‍ය වේ. කිසියම් ව්‍යාපාරයක කොටස්කරුවන් වන එහි සේවකයන් ව්‍යාපාරය ධනපතියකු ලෙස සලකමින් ධනපතියා භංගකරන්නට සිතීම එම ව්‍යාපාරයේ විනාශය පැතීමකි. වාමාංශික ව්‍යාපාරය කළේ සේවකයන් වැඩ වර්ජනවලට පොළඹවමින් ව්‍යාපාර විනාශ කිරීමයි.

 වෘත්තීය සමිති ව්‍යාපාරයට මුවා වී මාක්ස්වාදීන් හඳුන්වා දුන් වෛරී චින්තනය නිසා ව්‍යාපාර හිමිකරුවා තම වෛරක්කාරයෙක්ය යන සිතුවිල්ල සේවක සිත් තුළ පහළ විය. කුසගින්නේ නොසිටි නමුදු ‘සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්’ ගීය ගායනා කරවමින් කම්කරුවන් පෙළපාළියේ ගෙනයාමට වෘත්තිය සමිති නායකයෝ සමත්වූහ. වෛර කරන්ට පුරුදු පුහුණු සේවක පිරිස්, ‘මගේ රට මගේ ජාතිය මගේ ආගම’ යන හැඟීමෙන් ඈත්වී ආත්මාර්ථය සඳහා සටන් වදින්නන් කොටසක් බවට පත් වූහ. විජාතික සිතිවිලි පහළ කර ගැනීම කම්කරු පංතියටම පොදුවූ නමුත් ආගම හා ජාතිය කෙරෙහි ඇල්ම නැතිකර ගැනීම සිංහල බෞද්ධයන්ට පමණක් විශේෂ වූයේ ය.
සිංගප්පුරුව දියුණුරටක් ලෙස ගොඩනැගීමටත්, ලංකාව දිළිඳු රටක් කිරීමට හේතු වූයේ ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයයි. වරක් ලංකාවේ කම්කරු ව්‍යාපාරය එක දිගටට අවුරුද්දක්ම වරායේ වැඩ වර්ජන පැවැත්වීය. නැව් සමාගම්වලට විකල්ප වරායක් අවශ්‍ය විණි. මේ අවස්ථාවේ ඉදිරිපත් වූ සිංහගප්පූරු රජය කඩිනමින් තම කුඩා වරාය සංවර්ධනය කොට ලංකාවට පැමිණීමට පුරුදුව සිටි නැව් එහි ගෙන්වා ගත්තේය. සිංගප්පූරුව දියුණු වූයේ එසේය.

එපරිද්දෙන්ම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයා වනසා දමා අසිංහල අබෞද්ධ ව්‍යාපාරිකයන්ට රට අල්ලා දුන්නේත් වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාර විසිනි. මෙම පරගැති චින්තනයකින් කටයුතු කළ වෘත්තීය සමිති ව්‍යාපාරය නිසා මේ වන විට සිංහල බෞද්ධයා ශ‍්‍රී ලංකාව තුළ දෙවැනි පංතියේ පුරවැසියකු වෙමින් සිටී. එම කටයුත්ත සම්පූර්ණ වූ විගස ලංකාවෙන් සිංහල ජාතියත් බුදු සසුනත් අතුරු දහන්වීම වැළැක්වීමට සමතෙක් නැත.

මේ සියලූ විස්තර කෙටියෙන් සඳහන් කළේ බොදු බල සේනාව වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වන බව දැනගත් හෙයිනි. මෙය වර්තමාන යුගයේ ජීවත් වන දේශපේ‍්‍රමියෙකුගේ කණට මිහිරිම පුවතකැයි කීමට හේතුව මෙපමණ කලක් රට ගෙනයන සුක්කානම හෙවත් වෘත්තීය සමිති ව්‍යපාරය කෙරෙහි කිසිම සිංහල බෞද්ධ සංවිධානයක අවධානය යොමු නොවීමයි. එමනිසා බොදු බල සේනාව ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමුකොට හැම ක්ෂේත‍්‍රයකම බොදු බල සේනා වෘත්තීය සමිති පිහිටුවන්නේ නම් එය රටට ජාතියට අංශ කිහිපයකින් ප‍්‍රයෝජණවත් වන්නේය.

පළමුවැන්න වෘත්තීය සමිති ව්‍යපාරයට සම්බන්ධවීම මගින් බොදු බල සේනාවට රටේ වැඩකරන ජනතාවගේ සිත් සතන්හි දේශපේ‍්‍රමය හා ආගමාලය ඇතිකිරීමට මග පෑදේ. එවිට ඇතැම් ඇමතිවරුන් ජාතික සේවයේ යෙදෙන භික්ෂුන් වහන්සේලාට නින්දා අපහාස කිරීමට පෙළඹෙනු ඇත. බොදු බල සේනා වෘත්තීය සමිති තිබේ නම්, ඒවා, සිංහල බෞද්ධයන්ගේ ඡුන්ද ලබා බලයට පත්වන ආණ්ඩු සිහිය විකල් කරගත් විට, ඔවුන්ගේ සිහිය පෑදීමට මාර්ගයක් කර ගත හැකිය. එම නිසා බොදුබල සේනා වෘත්තීය සමිති සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ වටිනා වැඩ පිළිවෙලකි.
එසේම බොදු බල සේනාව වෘත්තීය සමිති තැනීමට ඉදිරිපත්වීම පරගැති වාම ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් පිස්සු වට්ටන කාරණයකි. එමනිසා ඔවුන්ගෙන් නොයෙක් ගල් මුල් බොදු බල සේනාවට එල්ලවීම වැළැක්විය නොහැක. සමහරවිට ඔවුන් මෙම සංවිධානයේ හාමුදුරුවරුන්ට විනය ඉගැන්වීමට ඉදිරිපත්වීමටද බැරිකමක් නැත. දැනටමත් සමහර ඇමතිවරුන් බොදු බල සේනාවේ භික්ෂුන් වහන්සේලාට සිංහල ඉගැන්වීමට උත්සාහ කිරීම නිදසුනකි.

වෘත්තීය සමිති යනු වාමාංශිකයන්ගේ බූදලයක් යයි සිතාගෙන සිටින මෝඩයෝ ලංකාවේ වෙසෙති. ඒ මතය තහවුරු කිරීමට වෙහෙසෙන තක්කඩියන්, ‘හාමුදුරුවරු පිනට හම්බවෙන දානෙ ටික කා පන්සලට වෙලා හිටියාම  මදිදැැයි’ ඇසීමට පුළුවන. මේ කිසිවකට නොසැලී සිංහල බෞද්ධ වැඩකරන ජනතාව එක්සත් කිරීමට බොදු බල සේනාවට හැකිවිය යුතුය. ජර්මනියේ ක‍්‍රිස්තියානි කම්කරු පක්ෂය ඒ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයකි. ඇමරිකාව, බි‍්‍රතාන්‍යය වැනි රටවල නාමිකව නැතත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ ක‍්‍රිස්තියානි ආගමට සම්බන්ධය. ඉස්ලාම් රටවල නම් හැම දෙයක්ම ඉස්ලාම්ය.
ලංකාවේ පමණක් වෘත්තීය සමිති ව්‍යාපාරය අල්ලාගත් අබෞද්ධ අසිංහලයෝ සිංහල බෞද්ධයන් මඩවති.  

Saturday, September 20, 2014

යුනිලීවර් කොම්පැනියෙන් ජරාව කෑ සෞඛ්‍ය ලොක්කෝ රටේ දරුවන්ට වස කවන්නට නීති ගෙනෙති.

අනාගත පරපුරම අනතුරේ.... වහාම මේ ගැන හිතවතුන්ට කියන්න.

විස්තර අතටම දීලත් ඇමතිවරු බුදි.... (හේතුව ජරාවදැයි තවම නොදනිමි....)
කොම්පැනිකාරයා දැන්වීම් නොදේවි යැයි බියෙන් මාධ්‍ය නිහ`ඩයි.....




මිනිසාගේ ආහාර පරිභෝජන රටාව වෙනස්වීම වර්තමාන මිනිසා මුහුණ පා සිටින විශාලම ගැටලුවකි. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය මේ ශ්‍රී ලංකාවයි. ‍පෝෂ්‍යදායී බත්, කුරක්කන්, මුං ඇට, අල බතල කා කැඳ, ඔසුපැන් බි නිරෝගී ජීවිතයක් ගත කළ සිංහලයා අද වන විට රසායනික වස විස යොදා වගා කරන එළවළු, පලතුරු, රසායනික ද්‍රව්‍ය යොදා රස කළ ආහාර තලුමරමින් ගිලදමා ජීවිතයෙන් වැඩි කාලයක් රෝහල් ගානේ ඇවිදිමින් දහදුක් විඳිති. ළදරුවෝ පවා පිළිකා, දියවැඩියා ආදී රෝගවලින් පෙළෙති.

බහුජාතික රසායනික සමාගම් ලෝකයම ආක්‍රමණය කර ඇත. මේ විපත හඳුනා සිටින පුද්ගලයන් මිනිසුන් මේ විපතින් ගලවාගැනීමට දැඩි වෙහෙසක් ගන්නා නමුදු දැවැන්ත ව්‍යාපාර අත දිගහැර වීසිකරන මුදල්වලට ඔවුන්ගේ වෑයම් යටපත් වීම අවාසනාවකි.

කර්මාන්තශාලාවල නිෂ්පාදනය කෙරෙන නන්විධ ආහාර ද්‍රව්‍ය කල්පවත්වා ගැනීමටත්, රසවත් කිරීමටත් යොදන විවිධ රසායන ද්‍රව්‍ය මිනිසාට කරන හානිය ඉතා විශාලය. පිළිකා, වකුගඩු ආබාධ, ස්නායු රෝග වැනි රෝග ගණනාවක් හටගැනීමට මේ රසායනික ද්‍රව්‍ය ප්‍රබල හේතුවක් වී තිබේ.

මෙහි ඇති භයංකරම තත්ත්වය නම් මේ ආහාරවලින් බහුතරයක් ගැබිනි මව්වරු, ළදරුවන් හා වැඩෙන වයසේ දරුවන් පරිභෝජනය කිරීමයි. කුඩා දරුවන් පවා පිළිකා, වකුගඩු ආබාධ, දියවැඩියාව ආදියෙන් පෙළීමට මූලික හේතුවක් වී ඇත්තේ මේ විෂ සහිත ආහාරයි.

එම නිසා එබඳු විෂකාරක සහිත ආහාර විශේෂයෙන්ම දරුවන්ට දීම වැළැක්වීමට ලෝකයේ බෙහෝ රටවල් උත්සාහ ගනී. මේ තත්ත්වය හඳුනාගත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධරයන් 2009 වසරේ වටිනා ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ 1980 අංක 26 දරන ආහාර පනත යටතේ 2009 ජූලි 28 වැනි දින සෞඛ්‍ය ආරක්ෂක හා ‍පෝෂණ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2009 සැප්. 01 දාතමින් යුතු අංක 1617/16 දරන අති විශේෂ ගැසට් නිවේදනයයි.

2010 මාර්තු මස 01 වැනි දින සිට බලපවත්වන  පරිදි නිකුත් කෙරුණ මේ නියෝග 2009 ආහාර (ප්‍රතිඔක්සිකාරක) නියෝග යනුවෙන් හැඳින්වේ.

1617/16 දරන මේ අති විශේෂ ගැසට් නියෝග යටතේ ආහාර සඳහා භාවිත කළ හැකි ප්‍රතිඔක්සිකාරක කීපයක් නම් කරන ලද අතර ඒවා භාවිත කළ හැකි මාත්‍රා ද සඳහන් කෙරෙයි. ඒ හැර කිසිදු ප්‍රතිඔක්සිකාරකයක් ආහාර සඳහා භාවිත කිරීම පමණක් නොව නිෂ්පාදනය, ආනයනය, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, බෙදාහැරීම, භාවිත කිරීම හෝ ප්‍රචාරය කිරීම තහනම්ය. මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ 04 වැනි නියෝගය ඉතා වැදගත් එකකි. එය මෙසේයි:

“එසේ වුව ද, ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා වන ආහාරයක් හෝ ඒ ආහාරයක් මත 1 වැනි උප ‍ලේඛනයේ 1 වැනි, 2 වැනි සහ 3 වැනි අයිතමවල නිශ්චිතව සඳහන් කරන ලද යම් ප්‍රතිඔක්සිකාරකයක් හෝ ඒවායේ සංයෝගයක් අඩංගු නොවිය යුතුය.”

ගැසට් නිවේදනය මගින් අනුමැතිය ලබා දී ඇති ප්‍රතිඔක්සිකාරක වුවද ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා වන ආහාර සඳහා භාවිත නොකළ යුතුය යන්න එහි අර්ථයයි.

ප්‍රතිඔක්සිකාරක යනු මොනවා දැයි නොදන්නා පාඨකයන්ගේ දැනගැනීම පිණිස ඒ පිළිබඳ හැඳින්වීමක් කරමු.
ගැසට් නිවේදනයේ අංක 9 යටතේ සඳහන් පරිදි “‘ප්‍රතිඔක්සිකාරක’ යනු ආහාරවල මුඩු රසක් හෝ ඔක්සිකරණය මගින් රසයෙහි පරිහානියක් ඇති කිරීම ප්‍රමාද කරන, අඩු කරන හෝ වළක්වන ද්‍රව්‍යයක් අදහස් වන අතර ඊට ලෙසිනීන්, ඇස්කෝබික් අම්ලය හෝ එහි ලවණ,ටොකෝෆෝරල් වර්ග, සිට්රික් අම්ලය හෝ ‍පොස්පරික් අම්ලය ඇතුළත් නොවේ.”

එසේම ගැසට් නිවේදනයට අනුව,
“ළදරුවන් යන්නෙන් මාස දොළහට අඩු ළමයින් අදහස් වේ. කුඩා ළමයින් යන්නෙන් වයස අවුරුදු එක සහ තුන අතර ළමයින් අදහස් වේ.”

මේ ගැසට් නිවේදනය නිකුත් කර කලකට පසුව 2011 වසරේදී ගලෙන්බිඳුණුවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කහටගස්දිගිලිය අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ලකට අනුව මහෙස්ත්‍රාත්වරයා ඇස්ට්‍රා මාගරින් වයස අවු. 3ට අඩු දරුවන්ට හානිකර බැවින් ඒ බව පාරිභෝගිකයන්ගේ දැනගැනීම පිණිස වන සටහනක් ඇස්ට්‍රා මාගරින් බඳුන්වල ප්‍රදර්ශනය කළ යුතු බවට නියෝගයක් නිකුත් කළේය.
එසේ නියෝග කිරීමට හේතු වූයේ අදාළ මාගරින් වර්ගයේ ජ් 319 නමැති ප්‍රතිඔක්සිකාරකය අඩංගු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණිලි කර තිබිමයි.

E319 හෙවත් ටර්ට්-බියුටයිල් TBHO ්‍රාක්විනෝන් යනු  1617/16 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ  ඇතුළත්, “ආහාරවලට එකතුකිරීමට අනුමැතිය ඇති නමුදු ළදරුවන්  හා ළමයින් ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍යවලට එක් නොකළ යුතු” ප්‍රතිඔක්සිකාරකයකි.

E 319 ප්‍රතිඔක්සිකාරකය ළදරුවන්ට සහ වයස අවු. 3ට අඩු දරුවන්ට නුසුදුසු වන්නේ එය ඔවුන්ගේ මොළයට හානි සිදු කරන නිසාය බොහෝ බටහිර රටවල E 319 ආහාර සඳහා භාවිත කිරීමට  අවසර නොදේ.
මේ අධිකරණ නියෝගයෙන් පසුව යුනිලීවර් සමාගම ප්‍රකාශ කළේ තම නිෂ්පාදනය ළදරුවන්ට හා කුඩා ළමයින්ට නුසුදුසු බවට අවවාදාත්මක සටහනක් තම නිෂ්පාදනයේ පළ කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් ආයතනයක් මගින් තම ආයතනයට දැනුම් දී නැති බවත් තම නිෂ්පාදනය ළදරුවන් හෝ කුඩා ළමයින් ඉලක්ක කර නිපදවනු ලබන්නක් නොවන බවත්ය.

යුනිලීවර් ආයතනයේ එම ප්‍රකාශයට විරුද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අභියෝග කළේය.
“එම නිෂ්පාදනය ළදරුවන් හා ළමයින් ඉලක්ක කර නිෂ්පාදනය නොකරන්නේ නම් දරුවන් මව්වරුන්ගෙන් එම නිෂ්පාදනය ඉල්ලන දර්ශන යොදාගෙන මාධ්‍ය මගින් එම නිෂ්පාදනය ප්‍රචාරය කරන්නේ ඇයි?” ම.සෞ.ප. සංගමය යුනිලීවර් ආයතනයෙන් ප්‍රශ්න කළේය. ආහාර පනත යටතේ වරින් වර කෙරෙන සංශෝධන ගැසට් පත්‍ර මගින් ප්‍රසිද්ධ කරන බැවින් මේ පිළිබඳ තමන්ට කිසිවකු දැනුම් දී නැති බවට නිෂ්පාදන ආයතනය කරන ප්‍රකාශය පදනම් විරහිත එකක් බවත් සංගමය පැවසීය.

මෙසේ යුනිලීවර් ආයතනය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමය අතර ගැටුමක් නිර්මාණය විණි.
මේ සිදුවීම් පෙළෙන් කලකට පසුව 2013 මැයි මස 6 වැනි දා සෞඛ්‍ය අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. අංක 1809/4 දරන එම අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඉහත විස්තර කළ අංක 1617/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයට සංශෝධන කීපයක් එක් කෙරිණ.

ඒ අනුව 1617/16 දරන ගැසට් නිවේදනයේ 4 වැනි නියෝගයේ අතුරු විධානයෙහි “ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා” යන වචන වෙනුවට “ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා” යන වචන ආදේශ කෙරිණි.
එහි 9 වැනි නියෝගයෙහි, “ප්‍රති ඔක්සිකාරක යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට “‘ප්‍රතිඔක්සිකාරක’ යන්නෙන් ඔක්සිකරණය මගින් නරක්වීමට එරෙහිව ආරක්ෂා කිරීම මගින් ආහාරවල සජීවී ජීවී කාලය දීර්ඝ කරන්නා වූ ආහාර ආකලන ද්‍රව්‍යයක් අදහස් වේ” යන අර්ථ නිරූපණය එක් කෙරිණි. එසේම 9 නියෝගයෙහි ‘ළදරුවන්’ යන යෙදුමේ අර්ථ නිරූපණයට ඉක්බිති පහත දැක්වෙන අර්ථ නිරූපණය ඇතුළත් කිරීමෙන්,
“ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා වූ ආහාර යන්නෙන් ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද, නිෂ්පාදිත හෝ අලෙවිකරණය කරන ලද ආහාර ද්‍රව්‍ය අදහස් වේ” යනුවෙන් සංශෝධනය කෙරිණ.
මෙහි අර්ථය නම් “ළදරුවන් හා කුඩා ළමයින් සඳහාම විශේෂයෙන් සකසන ආහාරවලට පමණක් එකී ප්‍රතිඔක්සිකාරක එක්කිරීම තහනම්” බවයි.

සෞඛ්‍ය බලධරයන් 2009 ආහාර (ප්‍රතිඔක්සිකාරක) නියෝග මේ ආකාරයෙන් වෙනස් කිරීමට හේතුව කුමක් ද?

කහටගස්දිගිලිය අධිකරණයේ නියෝගයට ප්‍රතිචාර දක්වමින් යුනිලීවර් සමාගම කියා සිටියේ ඔවුන්ගේ නිෂ්පාදනය ළදරුවන් හෝ ළමයින් ඉලක්ක කර නිපදවන එකක් නොවන බවයි. ඔවුන් එයින් පවසන්නට උත්සාහ කරන්නේ තම නිෂ්පාදනය ළදරුවන් හා කුඩා ළමයින් ඉලක්ක කර නිෂ්පාදනය නොකරන නිසා E 319 ප්‍රතිඔක්සිකාරකය එහි අඩංගු වූවාට ප්‍රශ්නයක් නැති බවයි.

මෙය අපූරු ආඳා තර්කයකි. මාගරින් යනු දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා පරිහරණයට කරන ආහාරයකි. විවිධ රසකැවිලි, තෙල් දැමූ ආහාර ආදිය මගින් ඒවා ළදරුවන්ගේ හා කුඩා ළමුන්ගේ ශරීරයට එක් වේ. සෞඛ්‍ය බලධරයන් ආහාර පනත සංශෝධනය කරමින් සිදු කරන්නේ මේ නිෂ්පාදකයන්ට තවදුරටත් තම නිෂ්පාදනවලට E 319  එක් කිරීමට අනුබලදීමයි. සමාගමට වාසි වන පරිදි නීතිය වෙනස් කරදීමයි.

ළදරුවන්ගේ හා කුඩා ළමයින් සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කෙරෙන ආහාර ඇත්තේ සීමිතවය.  මාගරින් බඳු ආහාර එසේ විශේෂයෙන් නිෂ්පාදනය කෙරෙන බවක් අපි නම් නොදනිමු.

අඩුම තරමින් ළදරුවන්ට හා කුඩා ළමයින්ට හානිකර ප්‍රතිඔක්සිකාරක ඇතුළත් ආහාර ද්‍රව්‍යවල ඒ බව සඳහන් කළ යුතු බවට වගන්තියක්වත් මේ සංශෝධනයේ දී ඉදිරිපත් කළ යුතුව තිබුණි. මෙය ජාතියේ අනාගතය භාරගැනීමට සිටින දරු පරපුරේ නිරෝගීභාවයට අදාළ කාරණයක් බව හිතා හෝ එබඳු වගන්තියක් ඇතුළත් කළ යුතුව තිබුණි. එහෙත් සෞඛ්‍ය බලධරයන් ඒ යුතුකම ඉටුකර නැත.

දැන් යුනිලීවර් සමාගම තම ඇස්ට්‍රා මාගරින්වල ප්‍රතිඔක්සිකාරක ඇතුළත් බව සඳහන් නොකරයි. අප සතුව ඇති ඇස්ට්‍රා මාගරින් බහාලුමක ඒවා මාස 9ක් කල්තබාගත හැකි බව සඳහන්ව ඇත. එහෙත් එහි අන්තර්ගත ද්‍රව්‍ය අතර ප්‍රතිඔක්සිකාරක නැත. ප්‍රතිඔක්සිකාරක නැතිව මේවා මාස 9ක් තබාගන්නේ කෙසේද?  2011 වසරේ ඇස්ට්‍රා මාගරින් බහාලුම්වල E 319 ඇති බව සඳහන් කර තිබේ.

වෙළෙඳ‍පොළේ ඇති වෙනත් මාගරින් වර්ගවල ප්‍රතිඔක්සිකාරක ඇතුළත් බවට සඳහන් කර ඇත. එසේ නම් මේ වර්ගයේ ප්‍රතිඔක්සිකාරක නැතිව නිෂ්පාදනය කරන බව අපට පිළිගත හැකිද?



























දැන් සෞඛ්‍ය බලධරයන් පනත වෙනස් කර ඇති නිසා මේ නිෂ්පාදනයේ E 319  තිබුණද නීතියෙන් බේරීමට යුනිලීවර් සමාගමට හැකියාව තිබේ. එහෙත් එම ප්‍රතිඔක්සිකාරකය නිෂ්පාදනයේ තිබියදී එය සඳහන් කර නැත්නම්, සමාගම කර ඇත්තේ 2005 ජනවාරි 19 වැනි දින දරන අංක 1376/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2005 ආහාර (‍ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ) නියෝග කඩකිරීමකි. එහි 04 වැනි වගන්තියට අනුව “මේ පනත යටතේ සාදන ලද නියෝග මගින් නියම කරන ලද කුමන හෝ අවසරලත් ආකලන ද්‍රව්‍ය නම් වශයෙන් හෝ ජාත්‍යන්තර අංක යෙදීමේ ‘අයි’එස්.එන්’ (ISN) ක්‍රමයෙන්”; සහ “එවැනි ආහාරයක අඩංගු සංඝටකවල සම්පූර්ණ ලැයිස්තුවක් ඒවා සඳහා භාවිත කරනු ලබන ‍පොදු නම්වලින් යොදාගනු ලබන ප්‍රමාණයන්ට අනුව අවරෝහණ ක්‍රමයට දැක්විය යුතුය.”

ඒ අනුව මේ නිෂ්පාදනය E 319 හෝ වෙන යම් ප්‍රතිඔක්සිකාරකයක් අන්තර්ගත නම් එය පැහැදිලිව සඳහන් කළ යුතුව තිබේ. එහෙත් ඇස්ට්‍රා මාගරින් බහාලුම්වල එවැනි සඳහනක් නැත.

එදා යුනිලීවර් සමාගම සමග ‍පොරට වැටුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමය අද ඒ සමාගම සමග එක්ව සමාජ සත්කාරක වැඩසටහන්වල නිරත වන බවත් ඒ වැඩසටහන්වලට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ද සම්බන්ධ බවත් මාධ්‍ය මගින් ප්‍රචාරය විණි. (2014 පෙබරවාරි 23 ඉරිදා ලක්බිම 31 පිටුවේ දැන්වීම) පසුගිය කාලයේ පැවති මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව අවස්ථාවේ යුනිලීවර් සංගමයෙන් විශාල අනුග්‍රහයක් ද ලැබි ඇති බවත් සාමාජිකයන්ට රු. 2000ක් වටිනා ප්‍රණීත ආහාර වේලක් සමාගමේ අනුග්‍රහයෙන් ලැබෙන බවට නිවේදන පවා නිකුත් කෙරුණු බවත් වාර්තා වේ. ඉතින් ඔය අහක යන කුණු ගොඩවල් පරීක්ෂා කරන්නේ මොකටද අප්පා...

මහජන මුදල් කෝටි ගණන් යොදවා තමන්ට වැටුප් ගෙවන්නේ සමාගම්වල අතපල්ලෙන් වැටෙන ඉඳුල් ලෙවකා ජනතාවට කෙකා පෙන්නීමට, දරු පරපුරත් රටේ අනාගතයත් විනාශ කරන්නට නොවන බව ඔවුන් තදින් සිතට ගත යුතුව තිබේ.

දැන් කල් ඉකුත් වූ ආහාර, කල් ඉකුත් වූ ඖෂධ, නරක් වූ ආහාර ආදී සියල්ල සොය සොයා හෙළිදරව් කරන්නේ පාරිභෝගික අධිකාරියයි. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් අතින් එම වගකීම් නිසියාකාරව ඉටු නොවන බැවින් විය යුතුය. ඉස්සර කිරුම් මිනුම්වලට හා මිල පාලනයට කොටුවී සිටි පාරිභෝගික අධිකාරිය මේ වැඩට බැස ඇත්තේ පවතින හිඩැස දැකීම නිසා විය හැකිය. ඉදිරියේ දී ආහාරවල අන්තර්ගත සංඝටක පිළිබඳ තවත් ‍ලේබලයක් ආහාර ඇසුරුම්වලට එක් කරන්නට පාරිභෝගික අධිකාරිය කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේද ඒ නිසාම විය හැකිය.

කිරිපිටිවල ඩීසීඩී පරීක්ෂා කිරීමට මැදිහත් වූ පරිද්දෙන්, කාර්මික තාක්ෂණ ආයතනයට මේ අවස්ථාවේ මීට මැදිහත් වී තම යුතුකම ඉටු කිරීමේ හැකියාව තිබේ. ඒ මෙකී නිෂ්පාදනයේ E 319 අන්තර්ගත ද නැද්ද යන්න පරීක්ෂා කර බලා සත්‍ය තත්ත්වය රටට කීමෙනි.

එම ප්‍රතිඔක්සිකාරකය එහි අන්තර්ගත නම් ඔවුන් එය සඳහන් නොකිරීමේ රහස කුමක්ද?

සෞඛ්‍ය බලධරයන්ට ද අවංකකමක් තිබේ නම්, හෘද සාක්ෂියක් තිබේ නම් 2005.01.19 දින දරන අංක 1376/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව කටයුතු කළ හැකිය.

වයස අවු. 3ට අඩු දරුවන් සිටින දෙමාපියනි. ඔබ දරුවන් දෙන ආහාරවල මේ විස රසායනිකවලින් එකක් තිබේ දැයි හොඳින් පරීක්ෂා කර බලන්න. ආහාර ඇසුරුම්වල මේ බව සඳහන්ව තිබේ. E 304, 305, 310, 311, 312, 319, 320 අංක සහිත ප්‍රතිඔක්සිකාරකයක් ඇතුළත්ව තිබේ නම් ඔබේ දරුවාට ඒ වස මුසු ආහාර දෙන්න එපා.

ඇස්ට්‍රා සහ වෙනත් මාගරින් වර්ග යෙදා සැදූ ආහාර ඔබේ  අවු. 3ට අඩු දරුවන්ට දෙන්න එපා.


Wednesday, September 17, 2014

අනගාරික ධර්මපාල නම විකුණාගෙන කෑම



සිංහල බෞද්ධයාගේ වර්තමාන තත්වය ඉංග‍්‍රීසි පාලන කාලයටත් වඩා නරකය. ඊට හේතුව ජනගහණයට සාපේෂකව සිංහල බෞද්ධ උපත් පහළට වැටීම සහ ඉස්ලාම් උපත් ඉතා සීඝ‍්‍රයෙන් වැඩිවීමයි. මේ අපරාධයට වර්තමාන ආණ්ඩුව මෙන්ම පසුගිය කාල පරිච්ෙඡ්දයේ ලංකාව පාලනය කළ හැම ආණ්ඩුවක්ම වගකිව යුතු වන්නේය. පවුල් සංවිධානය යන නමින් සිංහල පවුල එක දරුවෙකුට හෝ දෙදෙනෙකුට සීමාකර ඉස්ලාම් පවුල දහයකට දොළහකට වඩා වැඩිකිරීම අහම්බෙන් සිදුවූ දෙයක් නොවේ. සංවිධානාත්මක වැඩකි. මීට සමාන ක‍්‍රියාවක්  කළු ජාතිකයන්ගේ උපත් අඩු කිරීම සඳහා මීට කාලයකට ඉහත දී ඇමරිකාවේ ක‍්‍රියාත්මක වූයේය. උපත් පාලන වැඩ පිළිවෙලත් ලංකාවට පිටින් ආපු එකකි. දුරදිග හිතා සැලසුම් හදන්නන්ගේ වැඩකි.

පුංචි පවුල රත්තරන් කිරීමට ගොස් පන්සලට හාමුදුරුවරුන් නැතිව ගියේය. පන්සල් වැහෙන්නට වුණි. ගම්බද සිංහල පාසල්වලට ළමුන් හිග වී සිංහල පාසල් වැසෙන්නට වුණි. පුංචි පවුල රත්තරන් න්‍යාය හා පවුල් සංවිධානය ඉස්ලාමික සමාජයට නැත. මූලධර්ම ඉස්ලාමික සංවිධාන ලොවපුරා ක‍්‍රියාත්මක වන අතර ලංකාව එහි කේන්ද්‍රස්ථානයක් වෙමින්  පවතින නිසා රට සල්ලිවලට ඉස්ලාම් දේවස්ථාන හැම තැනන්ම මතුවෙයි. ඉස්ලාම් පවුල් ලොකු කිරීමට හැම පවුලකටම උපදෙස් ලැබේ. කිසිම පවුල් සෞඛ්‍ය සේවිකාවක් දරු උපත් සීමා කරන්නැයි මුස්ලිම් කාන්තාවකට නොකියයි. කිව්වොත් කම්මුල රත්කරගෙන එන්න වෙයි.  එම නිසා ඉස්ලාම් පාසල් ඉස්ලාම් ළමයින්ගෙන් පිරි ගොසින් සිංහල පාසල් ද ඉස්ලාම් ළමයින්ගෙන් පිරෙන තත්වයක් උදාවෙයි. සිංහල ගම හැකිලෙයි. ඉස්ලාම් ගම වැඩෙයි.

අනගාරික ධර්මපාල 150 වෙනි ජන්ම සංවත්සරය පැවැත්වෙන්නේ මෙවැනි කාලයකය. සිංහල බෞද්ධයාගේ පැවැත්ම පිළිබඳව තර්ජණයක් පවතින නිසා ධර්මපාලතුමා එදා සිංහලයන්ට කී බණ හා දුන් අවවාද මොනතරම් සැබෑදැයි වර්තමානයේ ජීවත්වන සිංහලයන්ට සිතේ. ඒ කාරණය වටහා ගන්නා සිංහලයන්ගේ සිත් තුළ ධර්මපාලතුමා කෙරෙහි අප‍්‍රමාණ ආදර භක්තියක් ඇති වේ. එය දිනෙන් දින ඉහළ යන්නකි. ජීවත් වූ ධර්මපාලතුමාට සවන් දුන් සිංහලයන් සුළු ප‍්‍රමාණයකි. අබෞද්ධ සිංහලයින් එතුමා කී දෙයක් කනට ගත්තේ නැත. එසේ වුණත් ධර්මාපලතුමාගේ වටිනාකම ක‍්‍රමයෙන් සිංහලයන්ට දැනෙන්නට වුණි. මේ වන විට රටේ ජීවත් වූ හෝ ජීවත්වන කිසිම දේශපාලනඥයකුට නැති ජනප‍්‍රියතාවයක් සිංහල බෞද්ධයන් අතර ධර්මපාලතුමා කෙරෙහි ඇති වී තිබේ. සිංහල බෞද්ධයන් පමණක් නොව සිංහල කතෝලිකයන්ද දැන් දැන් එතුමාගේ අගය කියති. එතුමාගේ අගය පෙන්වමින් ලිපි ලියති. සිංහල බෞද්ධයන්ගෙන් හිස්වන ලක් පොළවේ සිංහල කතෝලිකයන්ටද පැවැත්මක් නැති බව ලෝකය ගැන වැටහීමක් ඇතිකර ගන්නා ඔවුන් අවබෝධ කර ගන්නා බවක් පෙනේ.

රටේ මෙබඳු තත්වයක් පවතින නිසා ධර්මපාලතුමාගේ නම කියමින් කෑ මොරදීම හා ධර්මපාලවාදියකු ලෙස ප‍්‍රදර්ශනය වීම පිම්බෙන්නට මගක් යයි  සිතන පිරිසක්ද රටේ සිටිති. ඒ දේශපානඥයන් පමණක්ම නොවේ. සංඝයා වහන්සේලා පවා ඒ කණ්ඩායමේ සිටිති. මේ පිරිස ‘ධර්මපාලතුමා කිව්වෙ මේකයි. ලිව්වෙ මේකයි. කෙරුවෙ මේකයි. හැසිරුනේ මෙහෙමයි’ කියමින් මහජන ප‍්‍රදර්ශනය සඳහා නොයෙක් සෙල්ලම් දමති. මේ හැම ක‍්‍රියාවකම පරමාර්ථය සිංහල ජනතාව ගොනාට ඇන්දවීමයි. ඉස්ලාම් හෝ දෙමළ ජනයා ඇන්දවීමට ඔවුන්ට නොහැක.

ධර්මපාලතුමාගේ නම හෝ පින්තුරය ඔසවාගෙන සිටින නමුදු මොවුන් ධර්මපාලතුමාට මොනම ආදරයක්වත් නැති කපටි රැුලක් බව පළමුවෙන් කිව යුතුව තිබේ. එසේ කියන්නට හේතු තිබේ. කාලයක පටන් පවුල් සංවිධාන කටයුතුවලට උපකාර කරමින් සිංහල බෞද්ධ ජන අනුපාතය අඩුකරන්නට සහයෙයෝගය දක්වන්නෝ මොවුන් අතර සිටිති. සිංහල පවුල් සෞඛ්‍ය සේවිකාවන් යොදවා සිංහල ජාතිය වඳකරන්නෝ මේ ගොඬේ සිටිති. සිංහල බෞද්ධ අම්මලා ගබ්සාවට පොලඹවා සිංහල අම්මලා මිනීමරුවන් කරන්්නෝද මොවුන් අතරේ සිටිති. ‘හැම ශාස්තාවරයකුම කියා තියෙන්නේ සාමය සමාදානය පිළිබඳවයි’ කියමින් බොරු වැපිරුවේද මොවුන්මය. සිංහල ජාතිය, බුදුසසුන ගැන කථාකරන දේශපේ‍්‍රමීන් ජාතිවාදීන් ආගම්වාදීන් කියමින් හංවඩු ගසන්නේ මොවුන්මය. එවැනි දේශපේ‍්‍රමී පිරිස්වලට පහරදිම් පිටුපසද මෙයින් සමහරු සිටිති. ධර්මපාලතුමාගේ ආගමික ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වැඩසටහන් අත්පත් කරගෙන ඒවා විනාශකර ඇත්තේත් මොවුගේම කොටසකි.

පුරංඅප්පු බි‍්‍රතාන්‍ය පාලනයෙන් රට බේරා ගැනීමට නැගී සිටි සිංහල කතෝලිකයෙකි. කතෝලික ආගම අතහැර පන්සිල් සමාදන්ව බෞද්ධයෙකු වී මාතලේ කැරැුල්ලට සම්බන්ධ වූයේය. බි‍්‍රතාන්‍ය පාලකයෝ පුරං අප්පු අත් අඩංගුවට ගෙන මැරූහ. එජාපයේ ප‍්‍රබල ඇමතිවරයකුව සිටි ටිරෝන් ප‍්‍රනාන්දු මහතා බොහෝ අවස්ථාවලදී තමා පුරංඅප්පුගේ ඥාති පුත‍්‍රයකු බව කියා සිටි දේශපාලනඥෙයෙකි. වරක් එංගලන්තයේ හෝටලයක සම්භාෂණයකින් අනතුරුව ඇතිවූ කතාවකදී පුරංඅප්පුගේ නෑදැ කතාව කියූ ටිරෝන් ලොකු අකරතැබ්බයකට මුහුණ පෑවේය.

ටිරෝන්ගේ කතාව අසා සිටි ඔහුගේ අයෙක් ‘තමුසෙ වෙන්ඩැති ඒ කාලෙ පුරංඅප්පුව එල්ලූව අලූගෝසුවා’ කියා කීවේය. මේ කතාව ටිරෝන්ට අපහාසයක් නොවන බව පෙන්වීමට උත්සාහ කළ එම පුද්ගලයා ‘මම එහෙම කිව්වෙ සාහිත්‍ය අර්ථයෙනුයි. ටිරෝන්ගෙ ඇඳුමෙන් පැළඳුමෙන් කතාවෙන් හැසිරීමෙන් අදහස්වලින් ආගමින් ජීවිතයෙන් මේ කිසිම දේකින් පුරං අප්පුට සමානකමක් නැහැනෙ. අලූගෝසුවට තමා සමාන වෙන්නෙ’ ඔහු කීවේය. මෙය පෞද්ගලික සංවාදයකදී සිදුවූ දෙයක් නමුදු කතාවේ ලොකු අර්ථයක් තිබේ.

පරංගි ලංකාව අල්ලා ගැනීමට වෙහෙසුන කාලයේ පරංගින්ට ඉතා හිතවත් දුමින්ගෝ කොරයා නම් ලස්කිරිඤ්ඤ සේනාපතියෙක් සිටියේය. මොහුගේ පවුලම පරංගින්ට සේවය කළ ද්‍රෝහීන් පිරිසකි. විමලධර්මසූරිය රජතුමා කන්ද උඩරට රජ වී පරංගින් සමග සටන් කරද්දී දුමින්ගෝ කොරයාගේ සිංහලකම මතුවුණි. තාත්තා දුන් දුමින්ගෝ නමත් දේවගැතිවරයා දුන් කතෝලික ආගමත්  අළුයමලූ කෙල පිඬක් සේ ඉවත දැමු ඔහූ එදිරිල්ලේ බණ්ඩාර නමින් බෞද්ධ සිංහලයකු වී විමලධර්මසූරිය රජුගේ පක්ෂය ගෙන පරංගි විරෝධී සටනට සම්බන්ධ වූයේය. සමරකෝන් ප‍්‍රනාන්දු නමැති ලස්කිරිඤ්ඤ සේනාධිපතියාගේ පාවාදීම නිසා එදිරිල්ලේ අල්ලා ගැනීමට පෘතුගීසිහු සමත් වූහ. එදිරිල්ලේව මාසයක් තියාගෙන ප‍්‍රශ්න කළ පෘතුගීසිහු අන්තිමට මහජනයා ඉදිරියේ ඔහුගේ අත් පා කපා හිස ගසා දැම්මේය. ඉතිරි කතාව මෙසේය. කොරයා පවුලේ වෙබ් අඩවියක් තිබේ. එහි සඳහන්ව ඇත්තේ සිංහල බෞද්ධයන් දන්නා කතාව නොවේ. ඊට අනුව දුමින්ගෝ තමා කරපු වැරදි ගැන ශෝක  වූයේය. ඉතාම භක්තිමත් තතෝලිකයෙකු වශයෙන් යේසු යදිමින් මරණ දඬුවම ලබා ගත්තේය. මොවුන් කියන ආකාරයට එදිරිල්ලේ මැරෙන විටත් පරංගියෙකි.

එම නිසා ධර්මපාල නම උස්සාගෙන කෑගසන්නන්ගේ පසුබිම සොයන්න. බොහෝ සිංහලයන්ගේ ලොකුම දුර්වලකම අන්ධයන් පරිද්දෙන් කටයුතු කිරීමයි. ධර්මපාලතුමා පල්ලියෙත් පන්සලෙත් වදින්නේ එකම ඝණ්ඨාරය යයි කීවේ නැත. කිසිම විටක පාදිලිවරුන් සමග කමින් බොමින් බෞද්ධයා රැුවටුවේ නැත. නරි රඟපෑම එතුමා නොදත්තේය. එතුමා යුක්තිය ඉදිරියේ පොඩි දරුවකු වූයේය. පරවැඩ කරන්නන් ප‍්‍රතික්ෂේප කළේය.

ධර්මපාලතුමන් අනුකරණය කළ යුතු නැත. අනුකරණය නුසුදුසු දෙයකි. ධර්මපාලතුමාට දක්වන ලොකුම සැලකිල්ල සිංහල බෞද්ධයා එසවීමයි. සිංහල බෞද්ධයා රැුවටිලිකාරයන්ගෙන් ගලවාගැනීමයි. සිංහල බෞද්ධයාට පිහිටවීමයි. සිංහල බෞද්ධයා ශක්තිමත් කරන්නා ධර්මපාලතුමා පුදන්නෙකි. ඊට කෑගැසීමක් වුවමනාම නැත
 

Thursday, September 11, 2014

සර්ප කාන්තාවන් යොදවා තිබේ


මැද පෙරදිග රටවල ජීවත්වෙන ක‍්‍රිස්තියානි ආගම අදහන ජනයා ආරක්ෂා කරන්නැයි ඝෝෂා කරන කතෝලික ආගමට අයත් පුජකවරුන් සහ නොයෙකුත් තරාතිරමේ උගතුන්ගේ රාවය පසු ගිය මාස ගණන තිස්සේ බටහිර ජනමාධ්‍යන්ගෙන් නිරතුරුවම ප‍්‍රචාරය වුනි. ඝෝෂාව අන්තිමට බටහිර යුරෝපීය බලවතුන්ට ඉල්ලීමක් වශයෙන් ඉදිරිපත් වුනි. බටහිර යුරෝපා රටවල් ඇමරිකාව දෙස බලා සිටියේ මහත් උනන්දුවකිනි.  ලෝකයේ ප‍්‍රධානම ක‍්‍රිස්තියානි රාජ්‍යය වු ඇමරිකාව එකවර ඉදිරිපත් වුයේ නැත. ආසන්න හේතුවක් බලාගෙන සිටියේ ය. ඉස්ලාම් ත‍්‍රස්තයෝ ඇමරිකානු ජනමාධ්‍යවේදින් දෙදෙනෙකුගේ බෙලි කපා එය මහා හපන්කමක් විදිහට ලොවට පෙන්වීම අඩන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇගිල්ලෙන් ඇනීමක් වුයේ ය.
 ඉස්ලාම් මුලධර්මවාදින් මෙම ක‍්‍රියාවෙන් ඇමරිකාවට තර්ජනයක් පෑ ව නමුදු ක‍්‍රිස්තියානි ආගමිකයන් ඝාතනය කිරිමට ඔවුන් පසුබට නොවන බවක් ද ක‍්‍රියාවෙන් පැහැදිලි වුයේය. පෘථිවිය ඉස්ලාම් කිරිම ඉස්ලාම් ආගමිකයාගේ කාර්්‍යයක් බව මුල ග‍්‍රන්ථයේ සඳහන් වෙන්නකි. ඔවුන් එය කරගෙන යයි. මේ අතර ඇමරිකානු ජනාධිපතිතුමා සිරියාව හා ඉරාකය මැදි කරගෙන ඉස්ලාමික රාජධානියක් හදන්ඩ සුදානම් වෙන ඉස්ලාම් අන්තවාදින්ට පහරදීමට තිරණය කිරිම ඇමරිකාව ක‍්‍රිස්තියානි ලෝකය වෙනුවෙන් පෙනි සිටිමකි.

 ඉස්ලාම් අන්තවාදින්ගෙන් නොව ආගමිකයින්ගෙන් දරුණු විදිහට පිඩා විඳි පිරිසක් ලොව ඇත්නම් බෞද්ධයෝ වෙති. තුර්කියේ සිට ගොඩබිම මහාද්විපය හරහාත් මහමුහුදෙන් ඉන්දුනිසියාව මාල දිවයින් ආදි රටවල් දක්වාත් සියලූම බෞද්ධ රාජ්‍යයන් නැතිකරපු ඉස්ලාම් අන්තවාදිහු මරා දමා ඇති බෞද්ධයන් සංඛ්‍යාව ගැන සෙවුවොත් බිලියන ගණනකි. මරාදමන මිථ්‍යා දෘෂ්ඨිකයන්ගේ භාර්්‍යාවන් හා ගැහැණු දරුවන් වහලූන් වශයෙන්  තමන්සතුකර ගැනීමට ඉස්ලාමික සොල්දාදුවන්ට අවසර දී තිබිම නිසා පිරිමින් මරා දැමීම සහ කාන්තාවන් අයිතිකර ගැනීම සඳහා ආසියාවට ඇතුල්වු හැම ඉස්ලාමික සොල්දාදුවෙක්ම උනන්දු  වී තිබේ.  ඒ අතීතය හාරන්නේ නැතුව මෑත කාලයේ සිදුවු බමියාන් බුදු පිළිම විනාශ කිරිම නිදසුනකට ගනිතොත් ඒ අපරාධකරුවන්ට දඩුවම් දෙන්ඩ ලොව බලවතුන් කිසිවෙක් ඉදිරිපත් නොවුහ. ඇමරිකාව ඇෆ්ගනිස්ථාන පහර දෙන්නේ සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදිමට ප‍්‍රති උත්තරයක් ලෙසිනි. දැන් අයිසිස් ත‍්‍රස්තයන්ට ගහන්නේ ඇමරිකානු මාධ්‍යවේදින්ගේ බෙලි කැපීම හා ක‍්‍රිස්තියානි ජනයාට කරන හිංසා වලට පිළිතුරක් ලෙසිනි.

බෞද්ධයන්ට එදා කරපු හානිය ගැන ශෝක වන්නේ ඒ ගැන දන්නා බෞද්ධයන් පමණි. එදා මෙන්ම මෙදාත් බෞද්ධයන්ට හානිකරන්නට විරුද්ධ වන්නෙක්  නැති බව හොඳහැටි පෙනෙන්නේ ක‍්‍රිස්තියානි ජනමාධ්‍ය අලූත්ගම කාදියවත්තේ සිද්ධියේදී පක්ෂග‍්‍රාහිව කටයුතු කරපු ආකාරයෙනි. කාදියවත්ත සිද්ධියේදී මුලධර්මවාදි ත‍්‍රස්තවාදින් යහපත් පුරවැසියෝ වුහ. අහිංසක බෞද්ධයෝ ත‍්‍රස්තවාදින් වුහ. නෝබල් තැග්ග දී බටහිරට කීකරු කරගෙන සිටින දලයිලාමා තුමා පිම්මක් පැන ඉස්ලාම් පැත්ත ගත්තේ ක‍්‍රිස්තියානි මාධ්‍යය මගින් සැපයු තොරතුරු ඇසිමෙනි.  ලංකාණ්ඩුවේ මාධ්‍ය ආයගන අසත්‍ය ප‍්‍රචාරයට ඉඩ සලසා දුන්නේ ආගමික කෝලහාල ඇතිවීමේ බියෙන් යයි රජයේ ප‍්‍රබලයෝ කීහ. මෙය බේගලයකි. ඇත්ත ඊට වෙනස් ය.  මාධ්‍ය ව්‍යාපරයේ යෙදෙන අබෞද්ධ බලවේගය මුලධර්මවාදින්ගේ පැත්ත ගත්හ. එහි සිටින බෞද්ධ පිරිසට රජයේ පිළිවෙතට උපකාර කිරිමට සිදුවුනි. රජයේ පිළිවෙත රටේ ඉන්න ඉස්ලාම් නායකයින් ලවා ආණ්ඩුව ඉස්ලාමිකයින්ට බොහොම හොඳයි කියා හොඳ කියවා ගැනීමයි. ඇමරිකාව ලංකාවේ පාලකයින්ට විරුද්ධව කලක සිට ඇගිල්ල දික්කරගෙන සිටී. ආණ්ඩුව ඉස්ලාම් රටවල ලෝගුව ඇතුලේ  රැුකවරණය පතයි. එමනිසා මෙනා තිරමේ හෝ  ඉස්ලාමික පිරීස් ලවා ආණ්ඩුවේ හොඳ කියවා ගැනිම ගැලවීමේ මග යයි නායකයෝ සිතති. ඉස්ලාම් නායකයින් සහ සංවිධාන ඒ වැඬේ කරදෙන අතර තමන්ගේ වැඬේ නියමෙට කර ගනිති. මෙහෙම ගියොත් තව ටික කාලයක් යනවිට ලංකාවේ එකම නගරයක්වත් බෞද්ධයෝ නැත.   

සිංහල බෞද්ධයාගේ පිහිටට සිටින්නේ සංඝයා වහන්සේලා පමණකි. එයිනුත් කොටසක් සර්වාඝමික ව්‍යාපාරයට සම්බන්ධ වී සිටිති.  මෙන්න මේ කාදියවත්ත සිදුවීම සිදුවු අවස්ථාවේ දේශපානඥයන් හැසිරුන හැටි තේරුම්ගත යුතුයි. රජයට විරුද්ධව කෑ ගසන ආණ්ඩුව පෙරලන්න මහන්සිගන්නා විරුද්ධ පක්ෂය සහ ඇන්ජී ඕ සංවිධාන පුසන්  වුහ. රනිල් වික‍්‍රමසිංහ මහතා නිර්භයව හෝ තමන්ගේ පිය උරුමය අනුව සිතා  බෞද්ධයන් කලහකාරින් බව කිවේය. අන් පිරිස හා ඇන්ජි ඕ ලා  නිහඩතාවයෙන් ප‍්‍රකාශ කළේ රජයේ මාධ්‍ය පිළිවෙත අනුමත කරන බවයි. 

කාදියවත්ත  සිද්ධියෙන් පසුව සිංහල බෞද්ධයා වෙන් පෙනි සිටින ප‍්‍රධාන සංඝයා වහන්සේලාට නිරතුරුවම මඩ ගැසිමක් සිදුවේ. ඇමතිවරු පවා ඊට සම්බන්ධ වි සිටිති. ඇතැමුන් අන්තර්ජාලය උන්වහන්සේලාව අවමානයට හා ඔම්පාවට ලක්කිරිමේ රග මඩලක් කරගෙන තිබේ. අබෞද්ධයන්ට කඹුරන ඇතැම් මාධ්‍ය ආයතනයන් කරන්නේ  කබල් නිවේදිකාවන් යොදවා සම්මුඛ සාකච්ඡුා මුවාවෙන් සංඝයා වහන්සේලාට අපහාස කිරීමයි. ඉස්සර ඉන්දියාවේ රජවරු සර්ප වෛශ්‍යාවන් නැමැති ස්ත‍්‍රින් පිරිසක් අපරාධ සඳහා යොදාගත්හ. සර්ප කාන්තාවන් හැදුවේ කුඩා කාලයේම රාජ සේවයට ගන්නා ගැහැණු දරුවන්ට ආහාර පාන සමග ඉතාම ටික ටික විෂ කන්ට පුරුදු කිරිමෙනි. ඔවුන්ට ආහාර සමග සෑහෙන විෂක් ගිල දමන්ඩ පුලූවන. රාජකිය අමුත්තන් පැමිණිවිට රජතුමා අකමැති අමුත්තෙක් නම් මෙවැන් විෂ තරුණියක් හෝ දෙනෛක් එම අමුත්තාගේ සේවයට යවනු ලැබේ. කාන්තාවන් ඔහුට සේවය කරන අතර ආගන්තුකයා පෙළඹවා ගනි. එවිට කාන්තාව සමග හැසිරෙන පුද්ගලයා විෂ ශරීරගත විමෙන් රෝගියෙක් වේ. මේ නිවේදිකාවන් ජාතිය වෙනුවෙන් කැපවි සිටින සංඝයා වහන්සේලාව අපවත් කිරීමට හදා තියෙන සර්ප කාන්තාවන් හා සමානය. නැතිනම් සංඝයා වහන්සේ නමකගෙන් වල් ප‍්‍රශ්න අසන්නේ නැත. සංඝයා වහන්සේ නමකගෙන් කාමුක ප‍්‍රශ්න අහන්නේ නැත. මෙවැනි කාන්තාවන් ප‍්‍රසිද්ධ ස්ථානයක් නොවේ නම් හාමුදුරුවරුන්ට තව මොනවා නොපෙන්වයිද? එමනිසා සර්ප කාන්තාවන් සමග සම්මුඛ සාකච්ඡුාවලට නොයන්නැයි ජාතිය වෙනුවෙන් කැපවි වැඩකරන සංඝයා වහන්සේලාට උපදෙස්දිම උන්වහන්සේ ඇසුරුකරන ජාතියට හා ආගමට ආදර ඇති බෞද්ධයන්ගේ වගකිමකි. හාමුදුරුවනේ, උන් මළපුඩු ය!. නිවේදිකාවන් ලෙසින් පෙනී සිටින සිංහල බෞද්ධයා හා සසුන නැසිමට අන්‍යාගමික ව්‍යාපර මගින් ඇති දැඩිකරපු විෂකුරු  සර්පයෝ ය! කියා උන්වහන්සේලාට කිව යුතු වන්නේය.