Monday, October 28, 2013

ලෝකයේ මහා පෝසතා සහ හිගන්නා සමාන කිරීම


ලොව බලගතුම සංවිධානය සහ පොහොසත්ම ආයතනය කතෝලික සභාවයි. ඊට අයත් මුලු වත්කම් කොතරම්දැයි කිසිම රටක්, සංවිධානයක් හෝ පුද්ගලයෙක් නොදනිති. දැනගැනීමටද නොහැකිය. රෝමය මුල්කරගත් කතෝලික සභාව ඒ තරමටම උපක‍්‍රමශීලීව කටයුතු කරන ආයතනයකි. ලෝකයේ සැම රටකටම, මනුෂ්‍ය වාසය පවතින සැම දිවයිනකටම  කතෝලික සභාවේ අඩු ඇදී පවතී. මාලදිවයින් වැනි රටවල් සියයට සියයක්ම ඉස්ලාම් රටවල් වශයෙන් හඳුන්වාගන්නා නමුදු මේ රටවලින් එළියට ආ ඇතැමුන් කතෝලික ආගම මාල දිවයින්වලට ගෙනයන්නට උත්සාහ දරති. කතෝලික සභාවක් ඇති හැම රටකින්ම සභාවට ආදායම් එකතු වේ. කතෝලික සභාව මනාව ක‍්‍රියාත්මක වන රටවල මොන්ටිසෝරියක පටන් සුපිරි ආරෝග්‍යශාලාව දක්වාත් බැංකු, රක්ෂණ සමාගම් ඇතුලු නොයෙක් සමාගම්වලත් අදිසි හිමිකරු කතෝලික සභාවයි. එම නිසා කතෝලික සභාව බැතිමතුන්ගෙන් පමණක් නොව කතෝලිකයන් නොවන්නන්ගෙන්ද ආදායම් ලබයි.

ස්පාඤ්ඤ හා පෘතුගීසි ජාතිකයින් රටවල් අල්ලා ගන්නට යනවිට ප‍්‍රැන්සිස්කන් ඩොමිනිකන් පියවරුන් ආගම ප‍්‍රචාරයට ඒ නැව්වල නැගී ගියේ පාප්තුමාට ලෝකයේ බලය අල්ලාදීමේ පරමාර්ථයෙනි. මනුෂ්‍යයන් දෙවියන්ට දිනා දීම වශයෙන් සිදු වූයේ ඔවුන් පාප්ගේ ආධිපත්‍යයට යටත් කිරීමයි.   

කතෝලික දේවස්ථානය ගැන මෙම සටහන ලියන්නට අදහස් කළේ පසුගිය සති කිහිපයක පටන් ජර්මනියේ ඇතිවුණු ලොකු කලබගෑනියකි. ජර්මන් කතෝලික දේවස්ථානයේ වත්කම් හෙළිවිය. ජර්මන් කතෝලික සභාවේ වත්කම් සහ බිෂොප්වරුන් සුඛෝපභෝගී ජීවිත සඳහා මුදල් වියදම්කරන හැටි අනාවරණය විය.

තොරතුරු විමර්ශනය හා අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳව ඉතා ඈත කාලයක සිටම ජර්මන් ජාතිකයෝ නිර්භීත භාවයක් දක්වති. රෙපරමාදු ප‍්‍රතිසංස්කරණය වශයන් හඳුන්වන පාප්තුමා විරුද්ධව ඇතිවූ කැරැල්ල ආරම්භ වූයේ ජර්මනියෙනි. ජර්මන් කතෝලික දේවස්ථානයේ ධනවත්කම හෙළිකිරීම රෙපරමාදු ප‍්‍රතිසංස්කරණය වැනි දෙයක් නොවන බව සැබෑ නමුත් මෙයද කතෝලික දේවස්ථානය කුමක්ද යන කාරණය දැනුම් දෙමින් මහජනයා අවදි කිරීමකි. මෙම තොරතුරු හෙළිකිරීමට මුල්වූයේ කාස්ටන් ෆ්‍රෙරේක් නමැති ගවේෂකයෙකි. කාලයක් තිස්සේ කතෝලික දේවස්ථානයේ ආදායම් සෙවීමට ඔහු වෙහෙසී ඇත.

ජර්මනියේ උගතුන් මේ ආකාරයෙන් කටයුතු කරද්දී ලංකාව වැනි රටවල උගත්තු වැඩි පිරිසක් හැසිරෙන්නේ අන්තිම බාලයින් ලෙසිනි. මෑතකදී ප‍්‍රසිද්ධ රැස්වීමක දේශනයක් කළ මහාචාර්යවරයෙකු කතෝලික පූජකවරුන්ට සිය ප‍්‍රසාදය පළ කරමින් භික්ෂුන් වහන්සේලාට කතෝලික පූජකවරුන් මෙන් සෘජුව කටයුතු කරන්ට බැරි මන්දැයි ප‍්‍රශ්න කළ හැටි පත්තර කියවන බොහෝ දෙනා දකින්නට ඇතැයි සිතමි. ඔහු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ සෘජු ජීවිතයෙන් මහත් ආස්වාදයක් ලබන්නෙකු බව කියා තිබුණි.

මෙවැනි මහාචාර්යවරු නම් තනිකරම ළිංගෙම්බන්ට සමානයෝ වෙති. ළිංගෙම්බාගේ කෑගැසීම ළිඳ ඇතුලේ ඉන්නා හැම කුඩා සතෙකුටම මහා නාදයකි. එම නිසා උන්ගේ හැම රැස්වීමකටම ළිංගෙම්බාට ආරාධනා ලැබේ. ළිං ගෙම්බෙකු නොවන්නේ නම්, මොරටුව ප‍්‍රදේශයේ කතෝලික ළමා නිවාසයක ළමා නීතිවලට පටහැනිව කටයුතු කළ කන්‍යා සොහොයුරියක නීතියේ රැහැනට අසුවූ අවස්ථාවේ මැල්කම් රංජිත් කාදිනල්තුමා රජයට කළ සුළු තරවටුවෙන් රජය බියවී කන්‍යා සොහොයුරිය නිදහස්කර යැව්වේ මන්දැයි සිතාගැනීමට, මෙවැනි මහාචාර්යවරයෙකුට පුලූවන.

අනේ! මෙවැනි සුලූ දැනුමක්වත් නැති මහාචාර්යවරු!!!   

How rich is the catholic church/ German News/local  බලන්න

Monday, October 14, 2013

ඉස්ලාම් අදහන්නන්ගේ හිස මත ගොඩ නැගූ කුරුසය



ඊශ‍්‍රායලය තම රට වට කරගෙන සිටින අරාබි රටවල් සමග මහ යුද්ධයක් කළ කාලයේ අරාබිකාරයා  ගැන නොයෙකුත් හාස්‍යෝත්පාදක කතන්දර ඊශ‍්‍රායලය විසින් ප‍්‍රචාරය කරන ලදි. මෙය එක කතාවකි.

සතුරු ගුවන් යානා බිමහෙළන නවීන පන්නයේ තුවක්කු මුසල්මානුවන්ට සැපයූ රුසියාව, මුසල්මානුවන් එම තුවක්කු පත්තු කරගත නොහැකිව කකුල් දෙක අස්සේ ගහගෙන දෙකට නැමී මිය යතැයි අසා පුදුමයට පත් විය. 

‘අපේ බඩු නියම බඩුනෙ. මේක වෙන්ඩ බැරි වැඩක්’ කියමින් සිද්ධිය ගැන පරීක්ෂණයක් කළ රුසියානුවන්ට   හේතුව හොයාගත හැකි විය. මුසල්මානුවන් යුද්ධ භූමියේදීද දවසට පස්වරක් නබීතුමාට යාච්ඥා කරති. කකුල් දෙක අස්සේ තුවක්කුව රිංගවාගෙන දෙකට නැමී යාඥා කරන මේ අවස්ථා ගැන දන්නා ඊශ‍්‍රායල් ගුවන් භටයෝ ඒ වේලාව අල්ලා ඔවුන්ට බෝම්බ දමති. 

මේ කතාව අසන්නෝ හාස්‍ය රසය විඳින අතර අරාබිකාරයා මෝඩයෙකු යයි පිළිගත්හ. මෙවැනි සිනා කතා යට සැඟවුණු රහස් තිබේ.

අරාබියේ පමණක් නොව ඉස්ලාම් රටවල් සියල්ලකම ප‍්‍රධාන ලක්ෂණය බුද්ධිමතුන් හිඟකමයි. ඊට හේතුව ඉස්ලාම් ආගම පැතිරෙන රටවල උපදින හැමට කුරානයේ නීතිවලට අනුව හැඩගැසීමට සිදුවීමයි. කුරානයෙන් ඥානවන්ත අදහසක් සොයාදිය හැකි ජගතෙකු ලොව නොමැත. කුරානය අදහන ඉස්ලාම් ආගමිකයා අන් ආගම් හා දර්ශන අදහන්නන් ඉස්ලාම්වරුන්ට වඩා පහත් යයි සිතන්නට පුරුදු වේ. වර්තමානයේ මේ පොත හැම ඉස්ලාම් පිරිමියෙකුම බහ තේරෙන වියේ සිට අනිවාර්යයෙන් ඉගෙනගත යුතුය. ඉස්ලාම්වරුන් ‘මද්රාසා’ පිහිටුවීම මගින්  කරන්නේ කුරානය ඉගැන්වීමයි.

කුරානය උගන්වන ආකාරයට ඉස්ලාම් ආගමිකයාට මිසදිටු කාන්තාවක ඉස්ලාම් ආගමට හරවාගෙන පාවා ගන්නට අවසර තිබේ. මොනම හේතුවක් නිසාවත් ඉස්ලාම් කාන්තාවක වෙනත් ආගමිකයෙකු සමග විවාහවීම බරපතල වරදකි. මෙහි ගැබ්ව ඇත්තේ ආගම්වාදය නොවේද? එහෙත් ලංකාවේ ඇතැම් වෘෂභරාජයෝ මේ ටිකවත් තේරුම් නොගෙන හැම ආගමකම උගන්වන්නේ සාමය යයි කියමින් ගොන් පාට් දමති. අවාසනාව මොවුන්ගේ ගොන් කතා පිළිගන්නා මිනිසුන් අප රටවල විසීමයි. ඔවුන්ගේ හිඟන මොළ ගැන කීමට වුවමනා නැත.  

මේ කුරානයේම ස්ත‍්‍රිය පුරුෂයාට වඩා පහත් යයි සඳහන් වේ. ඉස්ලාම් නීතිය අනුව පුරුෂයින්ට බහු භාර්යා සේවනයට ඉඩ ඇත. පුරුෂයා මිය ගිය ස්ත‍්‍රියකටවත් දෙවැනි කසාදයකට ඉඩක් නැත. එවැන් ක‍්‍රියාවක් පවා අනාචාරයකි. ෂාරියා නීතිය අකුරටම ක‍්‍රියාත්මක කළ ඇෆ්ගනිස්ථානය වැනි රටවල ගැහැණු ළමයින් පාසල් යාමත් අපරාධයක් වුණි. එබැවින් ඉස්ලාම් රටක කාන්තාව පුරුෂයාට යට නිසා ඒ රට අනිවාර්යයෙන්ම නූගතුන් වැඩි රටකි.

ඉස්ලාම් අදහන්නන් මෝඩයන් යයි යුදෙව්වන් මෙන්ම ක‍්‍රිස්තියානිකාරයෝද පිළිගනිති. මේ බව ලොවට පහදා දෙන මහා බරපතල කාර්යයක් ඔවුහු පසුගිය වසරේ කළහ.

තෙල් බලයෙන් පෝසත් වී සිටින කුවයිට් රට අරාබිකරයේ විශාලම සංචාරක හෝටලය ඉදිකිරීමට අදහස් කළේය.  අති දක්ෂ බි‍්‍රතාන්‍ය හෝටල නිර්මාණ ශිල්පියෙකු වූ ටොම් රයිට් මේ සඳහා යොදවා ගන්නා ලදි. විශාල වියදමක් දරමින් බුර්ජ් අල් අරාබ් නමැති මෙම හෝටලය තනා නිම කර සියලූ මුදල් ගනුදෙනු අවසන් කරගත් පසු මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගි වූ රයිට්, ‘මම අරාබිය මැද්දේ කුරුසයක් ඉදි කෙරුවා’යි පුරසාරම් කීවේය. ‘කුරුසය මදිනාවට මුහුණ දීගෙන ඉන්නව’ ඔහු වැඩිදුරටත් කීවේය.


මේ කතාව ඇසූ අරාබි නායකයෝ තිගැස්සුණහ. ‘ප‍්‍රතිමා වන්දනාව තහනම් අරාබිය මැද්දේ කුරුසයක්? මේ මොන විපතක්ද?’ කියමින් හෝටලය දෙස බැලූ ඔවුහු මවිත වූහ. රයිට් මුළු අරාබියම මෝඩයාට අන්දවා  මදිනාවට කෙලින් ලෝකයේ විශාලම කුරුසය සිටුවා තිබේ. නමුත් විශාල ධනයක් වැයකර  ගොඩනැගූ  හෝටලය කඩා දැමිය නොහැකිය. එම නිසා සවුදිය වැනි රටවල් හෝටලය දැක්වෙන පෝස්ටර් ආදිය වර්ජනය කරති.

ඉස්ලාම් අන්තවාදය සවුදියේ සිට ලොව පුරා  පැතිරෙන භයානක උවදුරකි. මෙය පසුපස සිටින්නේ ඇමරිකාව බව ඇතැම් ඉස්ලාම්වරු දනිති. නමුත් ඉතාම වේගයෙන් පැතිරෙන ඉස්ලාම් අන්තවාදය වළක්වාගැනීම ඔවුන්ට කළ නොහැකිය. සීග‍්‍රයෙන් පැතිරෙන ඉස්ලාම් අන්තවාදය දකින ක‍්‍රිස්තියානි යුරෝපය කලබල වී සිටී. රුසියාවත් ඒ යුරෝපීයන්ගේ ගොඬේ සිටිනා රටකි. එම නිසා බුදුසසුන රැුකගැනීමට යම් යම් උත්සාහයන් ගන්නා ලංකාවේ බෞද්ධ සංවිධාන ගැන වැරදි වැටහීමක් ඇති කරගැනීම නවත්වා ලොව පුරාම ඉස්ලාම් අන්තවාදයක් පැතිරෙන බව තේරුම් ගැනීම ඥානවන්ත ක‍්‍රියාවකි.

මොනතරම් වේගයෙන් පැතිර ගියත් මෙය ඉස්ලාමිකයාගේ විනාශයට පාර කපන්නකි. ඉස්ලාමීකරණ වැඩ නිසා ඉස්ලාම් ආගම අදහන්නන් කෙරෙහි ලොව පුරා සිටින අන්‍යාගමිකයෝ හා නිදහස් මතධාරීහු කළකිරෙති. අමනාපවෙති. මතු කලෙක ක‍්‍රිස්තියානි යුරෝපය හෝ ඊශ‍්‍රායලය ඉස්ලාම් අන්තවාදය පැතිරීම වැළැක්වීමට ඉදිරිපත්වීම නොවැළැක්විය හැකිය. එවිට ලෝකයේ සියලූම රටවල ඉස්ලාම් නොඅදහන්නෝ ඉස්ලාම් විරෝධීන් වශයෙන් එක ගොඩකට එකතු වෙති. අරාබිය මැද්දේ ලෝකයේ ලොකුම කුරුසය ගොඩනැංවූවේ එක ක‍්‍රිස්තියානිකාරයෙකුගේ නුවණිනි. එමනිසා මොවුන්ට ඉස්ලාම් ව්‍යාප්තිය වැළැක්වීමත් කජ්ජක්ද? 

මේවා තේරුම් ගන්නා අතරම අපි ලංකාවේ කුරුස ඉදිකිරීම ගැනද අවබෝධයක් ඇති කරගත යුත්තෙමු. අරාබියාටත් වඩා සිංහලයා මෝඩ යයි හැඟීමක් සමහර යුරෝපීන් තුළ තිබේ.





Thursday, September 26, 2013

ඉස්ලාම් අන්තවාදය, ‘මිස් මුස්ලිමා’ සහ සිංහලයාගේ අනාගතය


රූප සුන්දරීයන් තේරීමේ තරග පැවැත්වීම ගැන නොයෙක් අදහස් තියෙනව. මෙය බටහිර වානිජ සමාජය ලෝකයට ඉදිරිපත් කරපු තවත් ආකර්ශනීය වැඩ සටහනක් කියල තමා හුඟ දෙනෙක් කියන්නෙ. රූප සුන්දරී තරගවලට විරුද්ධව පළමුවෙන්ම හඩ නැගුවෙ කාන්තා විමුක්තිවාදීන් විසිනුයි. මෙවැනි වැඩසටහන් මගින් කාන්තාව කාම භාණ්ඩයක් බවට පත්කරනව කියල ඒ අය කියන්ඩ ගත්ත. නමුත් කාන්තා විමුක්ති ව්‍යාපාරය කියන එක බටහිර නිර්මාණයක්. ඇන්ජී ඕ සංවිධාන විසින් තමා ලංකාවෙ කාන්තා විමුක්ති ව්‍යපාර මෙහෙයවන්නෙ.

රූප සුන්දරී තරග කියන ඒව ලෝකයේ බොහොමයක් රටවල  හරිම ජනප‍්‍රියයි. ජනප‍්‍රිය බොලිවුඞ් නිළියන්  වැඩි දෙනා අඩුම තරමින් ජාත්‍යන්තර  රූප රාජණී තරගයකට පෙනී හිටපු අය. වර්තමාන ලෝකයේ ජනප‍්‍රියතාවය ඇතිකරන්නෙ මාධ්‍ය විසිනුයි. අපේ වැනි රටවල මනුෂ්‍යයන්ට දහජරාව නෙමේ  ඕනැ නම් බලූ බෙටි වුණත් කවන්ඩ බලයක් ඒ අයට තියෙනව. වෙළඳ ප‍්‍රචාරය කියන්නෙ තනිකරම මොළ දූෂණය කිරීමනෙ. දැන් බලන්න විවාහක රූ රැජිණ තරග. මේව ජනප‍්‍රිය කෙරුවෙ කිරිපිටි සමාගම් විසිනුයි. මෙම තරග නිසා ලෝකයේ බොහොමයක් රටවල විවාහක ස්ත‍්‍රීන්ට තරුණකම රැකගන්ඩ වුවමනා වුණා.’ ඒ සඳහා ළමයින්ට කිරිපිටි දෙන්ඩ එපා. හැම විටම සමබර ආහාර කාල බීල පොෂ් පිට ඉන්ඩ  ඕනැ.’ කියල මාධ්‍ය මගින් කියවුණා. කිසියම් රටක කිරිපිටි අලෙවිය වැඩිකරගන්ඩ වුවමනා වුණාම කිරිපිටි සමාගම් කළේ ඒ රටෙන් විවාහක රූප රාජිනියක් බිහිකිරීමයි.  ලංකාවෙ රෝසි සේනානායක ආසියාවෙ විවාහක රූ රැජින වූ හැටි සිහිකරන්න. එයා කිරිපිටි ප‍්‍රචාරය කරන්නියක් බවට පත්වුණා. පුහ්........රෝසිගෙ වගේ තන, බඩ, පස්ස හදාගන්ඩ හිතුව සිංහල අම්මල මොනතරම් සංඛ්‍යාවක් උත්පත්ති පාලනය කරගත්තද? මොන තරම් පිරිසක් ළමයින්ට කිරි දීම අත් හැරියද? ඇන්කර්කාරය රටේ කිරිපිටි වෙළෙන්දා බවට පත්වුණා. 

මේ වසරේ ජාත්‍යන්තර රූපරාජිනී තරගය ඉන්දුනීසියාවෙ පැවැත්වීමට එරට බලධාරින් එකඟ වුණා. ලෝකයේ වැඩිම ඉස්ලාම් ජනගහනය වෙසෙන ඉන්දුනීසියාව සමග ඇමරිකා ජනාධිපති ඔබාමාගේ සම්බන්ධතාවයක් තිබීම හා ඔබාමගේ තාත්ත ඉස්ලාම් ආගමිකයෙකු වශයෙන් පිළිගැනීම ආදි හේතු නිසා මෙවර තරගයට මාර ප‍්‍රසිද්ධියක් දෙන්න තරගය පවත්වන්නො උන්නදු වුණා. රූප රාජිනී තරගය සූදානම් කරද්දි ඉස්ලාම් අන්තවාදී සංවිධාන කෙලින් වෙන්ඩ ගත්ත. මේක පවත්වන්ඩ දෙන්ඩ බෑ. මේක ඉස්ලාම් සංස්කෘතියට විරුද්ධ දෙයක් කියල ඒ ගොල්ල පටන්ගත්තෙ නැතෑ! ඒ ගමන තරගය අගනුවර ජකර්තාහි නොව බාලි දූපතේ පවත්වන්ඩ රජය තීරණය කළා.

එතකොට අන්තවාදී ඉස්ලාම් සංවිධානය ජකර්තා නුවර ’මිස් මුස්ලිමා’ කියල රූප රාජිනී තරගයක් පවත්වන්ඩ තීරණය කළා. මිස් මුස්ලිමා තරගය ලෝකයේ හැම රටකටම විවෘතයි. මේකට තරග කරන කාන්තාවන්  ජාත්‍යන්තර තරගයේ කාන්තාවන් එන බිකිනි වටයේදී එන්නේ හිජාබ් ඇඳුමෙන්. නිවේදකයා ඒ අයගෙන් කුරානය ගැන ප‍්‍රශ්න අහනව. කුරානය ගැන දැනුම ප‍්‍රදර්ශනය කිරීම මොළයේ සුන්දරත්වය පෙන්වීමයි කියල සංවිධායකයො කියනව.

දැන් අපි ඉතිහාසය ගැන කියමු. ජාව රට හෙවත් යව ද්විපය පුරාණයේ බෞද්ධ රටක්. යුනෙස්කෝව ජාත්‍යන්තර උරුමයක් වශයෙන් පිළිගන්නා බොරෝබුදුර් කියන මහා චෛත්‍ය සංකීර්ණය ඊට නිදසුනක්. මේ බෞද්ධ රාජ්‍යයට ඉස්ලාම් මුහුදු කොල්ලකාරයො පැන්න. එහි භික්ෂුන් වහන්සේලාව මරා දමල විහාර දාගැබ් වනසා දමල ඉන්දුනීසියාව කියන ඉස්ලාම් රට හැදුව. මේ රට බෞද්ධ රටක්ව පවතිද්දී එහි කාන්තාවන් මොට්ටැක්කිලි දැම්මෙ නෑ.

එක්තරා අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමක් මිස් මුස්ලිමා තරගය අනාගතයේ ලංකාවෙ පවත්වන්ඩ උනන්දු වෙන බව දැනගන්ඩ තියෙනව. බටහිර වෙළඳ සමාගම් සමග තරග කරන ඉස්ලාම් වෙළඳ සමාගම් ඔවුන්ගේ කටයුත්ත කරන්ඩ ඉඩ තියෙනව. ඇමරිකාවත් මීට සහය දේවි. මෙතනදී  බටහිරට විරුද්ධව කතාකරන අපි ඉස්ලාම් අන්තවාදයට අහුවෙන පිළිවෙළ ගැනත් හිතන්ඩ  ඕනැ.

පහුගිය කාලෙ ආනමඩුවෙ පැසැලකට පැනපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ගුරුවරියක් දණගැස්සුව කියල රටම හොල්ලන ප‍්‍රචාරයක් ආව. සිද්ධිය අහල ජනාධිපතිවරයා පවා සසල වුණා. ඇයි මේ මන්ත‍්‍රීවරයා පාසැලට පැන්නෙ?  පාසැලේ ගුරුමහත්මියක් පාසලේ අනිකුත් ළමයින් ඉදිරියේ එයාගෙ තරුණ ගැහැණු දරුවගෙ ගවුමෙ වාටිය ගලවා දික්කරපු හින්දයි. මේ මනුස්සය මෝඩකමක් හා වැරදි වැඩක් කෙරුවෙ. එතකොට ගුරුවරී කෙරුවෙ හරි වැඩක්ද? එයා තරුණ ගැහැණු දරුවෙකුගෙ ආත්ම ගරුත්වය නැති කෙරුව නේද? ගුරුවරියක් මේවාගෙ දෙයක් ඇමරිකාව වාගෙ රටක කෙරුව නම් ගුරුවරී කපෝති.

සිංහල පාසැල්වලට එන ගැහැණු දරුවන්ගෙ බොලට දක්වා ගවුම දික්කිරීම හින්දු සිරිතක්.  ඉස්ලාම් ගැහැණු දරුවන්ගේ පාසැල් ඇඳුම ක‍්‍රමක‍්‍රමයෙන් ඉස්ලාම්කරණය වේගන යන බවක් පේනව. සමහර පාසැල්වල ළමයි අදින්නෙ ගවුම් නෙමේ, කර දමපු ගෝනි මලූ.

සිංහලයෝ කියන්නෙ හරිම නිදහස් සංස්කෘතියක් භුක්ති විඳපු ජාතියක්. වර්තමානයෙ සිදුවන්නෙ පාසැල්වලට එන ගැහැණු දරුවන්ව හින්දු හා ඉස්ලාම් සංස්කෘතික සිරිත්වලට පුහුණු කිරීමයි. එම නිසා ඥානවන්තව කටයුතු නොකළොත් තව අවුරුදු ගාණක් යනවිට මිස් මුස්ලිමා තරගයට සිංහල කෙල්ලොත් ඉදිරිපත් වේවි. 
         

Thursday, August 22, 2013

ඩීසීඩී විස වෙන හැටි


රතු ඉන්දියානුවන් (රතුපැහැ ම්ලේච්ඡුයන්) වශයෙන් ප‍්‍රසිද්ධ කරන ලදුව යුරෝපීය ජාතිකයින් විසින් සමූල ඝාතනය කොට විනාශ කර දමනු ලැබූ ඇමරිකානු මහාද්වීපයේ වැසියෝ දුම්කොළය ඖෂධයක් වශයෙන් සැලකූහ. දුම්පානය ඔවුන්ගේ වෛද්‍ය උරුමයකි. දකුණු ඇමරිකානුවන්ගේ දුම්පානය යුරෝපීන්ගේ වෙළඳ ව්‍යාපාරයක් වූ පසු සිගරැට් නිෂ්පාදනය ඇති වුණි. ඇමරිකානු සිගරැට් සමාගම් ඇමරිකාවේත් ලෝකයේ වෙනත් රටවලත් ජනයා සිගරැට් පානයට ඇබ්බැහි කිරීම සඳහා ඉතාම සූක්ෂ්ම වෙළඳ ප‍්‍රචාරණ ක‍්‍රම අනුගමනය කළහ. 

ඒ කාලයේ බොහෝ බටහිර වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කරන අතරත් සිගරැට් ඉරූහ. සිගරැට් බීම ශරීර සෞඛ්‍යට අහිතකර බව සිංහල වෙද්දු නම් එදා සිටම කීහ. නාගරික සමාජයේ උගත්තු පවා ඔවුන්ගේ කතාවලට සිනාසුණහ. 


‘‘සිගරැට් බීමෙන් හැදෙන ලෙඩරෝග මොනවාද? එහෙම දෙයක් ඔප්පු කරන පර්යේෂණ වාර්තා කෝ? සිගරැට් බීමෙන් ලෙඩ හැදෙනවා නම් යුරෝපයේ මිනිස්සු ගැහැණු වැඩිදෙනෙක් මැරෙන්ඩ  ඕනෑ නේද?’’ කියමින් තර්ක කළ ‘වෙබ්’ ලියන්නන් ඒ කාලයේ නොසිටි නමුදු ‘මෙන්න අලූත් අදහසක්. බොන්න බිස්ටල් එකක්’වෙළඳ දැන්වීම අකුරට පිළිගත්තෝ  ඕනෑ තරම් ලංකාවේ විසූහ. ඇමරිකාවේ මාල්බරෝ වෙළඳ දැන්වීමේ පෙනී සිටි පුද්ගලයා සිගරැට් පානය නිසාම මිය ගිය බව ඇමරිකානුවන් පවා දැනගත්තේ මෑතකදීය.


ගොයම් සහ එළවලූ, පලතුරු වගා සඳහා තෙල් පොහොර නාමයෙන් රසායනිත වස භාවිතය නිසා මනුෂ්‍යයාට මහාවිපත් සිදු වන බව මීට කලකට පෙර රටට කී ලේඛකයෝ අල්පය. එය දැනුම නමැති බීජ වැපිරීමකි. නමුත් එම දැනුම ඉදිරිපත් කළ ලේඛකයන් විද්‍යාගාර ආධාර කරගෙන දැනුම ලබාගත්තෝ නොවූහ. විද්‍යාගාරයෙන් මෙන්ම ප‍්‍රඥාවෙන් හා අත්දැකීමෙන්ද දැනුම ලබාගැනීමට පුළුවන. නවසීලන්ත කිරිපිටි පානයෙන් දරුවන්ට රෝගාබාධ වැලඳෙන බව පළමු වරට දැනගත්තෝ විද්‍යාඥයෝ නොවෙති. කිරිපිටිවලට වඩා මවුකිරි දරුවාට පෝෂ්‍යදායී බව පළමුවෙන් කීවෝද විද්‍යාඥයෝ නොවෙති. අත්දැකීමෙන් හෝ ප‍්‍රඥාවෙන් යමක් වටහාගෙන ඒ දැනුම ඉදිරිපත් කරන්නාට ‘කෝ පර්යේෂණාගාර වාර්තාව’ යයි කඩාපනින්නා එක්කෝ කුලියට කහින්නෙකි. නැතිනම් අමන මරිමෝඩයෙකි.


සිංහල වෙදකම බටහිර වෙදකමට වෙනස් දෙයකි. සමහරු ආයුර්වේද වෙදකම සහ සිංහල වෙදකම අතර වෙනස නොදනිති. පාරම්පරික සිංහල වෙදකම ආධාරයෙන් හාස්කම් දක්වන වෙද්දු රටේ සිටිති. සුළු නිදසුනක් ගනිමු. ‘වෑල්ඩින් වෙදමහත්තයා’ මොන තරම් හපන්කම් කරන්නේද? එතුමාගේ වෙදකම ගැන එහි ගියවුන් දන්නවා මිස විද්‍යාගාර වාර්තාවක නැත. මෙවැනි සිංහල වෙදකම් ඉතා හෑල්ලූවෙන් බාරගත් උගතෙකි, මියගිය මහාචාර්ය සුචරිත ගම්ලත්. ඔහු, පවුලේ අයෙකුට අසනීපයකට කොත්තමල්ලි ටිකක් තරම් වත් බොන්නට දුන්නේ නැතැයි අඹුව සහ දුව පත්තරවලට කළ ප‍්‍රකාශවල සඳහන් විය. එහෙව් මහාචාර්යතුමා අසනීපව සිටියදී පණ රැකගැනීම සඳහා ඇමරිකන් මඤ්ඤොක්කා කොළ යුෂ බිව්වේලූ.


නවසීලන්තයේ ෆොන්ටේරා සමාගම විෂකිරිපිටි නිපදවූවාද නැද්ද යන්න දැන් ලෝකයම දනී. එය ලංකාවට පමණක් විශේෂ වූ සිද්ධියක් නොවේ. ෆොන්ටේරා කිරිවල ඩීසීඩී ඇති බව හෙළිවූයේ 2012 සැප්තැම්බර් මාසයේය. එහෙත් එය සමාජයට වසන් කිරීමට නවසීලන්ත රජය සහ ෆොන්ටේරා බලධාරීහු හැකි හැම උත්සාහයක්ම ගත්හ. මේ බවට චෝදනා නවසීලන්ත මාධ්‍යවලින්ම ප‍්‍රසිද්ධ කෙරිණි. 

 ඩීසීඩී හෙවත් ඩයිසයිනඩයමයිඩ් (2-Cyanoguanidine, Cyanoguanidine, dicyanodiamide, N-cyanoguanidine, 1-cyanoguanidine, Guanidine-1-carbonitrile, dicyandiamin, Didin, DCD, Dicy) විස සහිත රසායනිකයකි. එය ආර් 20/21/22 (ආශ්වාසය, සමේ තැවරීම හා ගිලීම හානිකරය) සහ එස් 24/26 (සමේ හෝ ඇසේ තැවරීම වළක්වාගන්න) යන හානිකර කාණ්ඩවලට අයත්ය. එසේම
harmful (Xn) (ආශ්වාසය, ගිලීම හෝ සමේ තැවරීමෙන් ශරීරගතවීම මරණය, උග‍්‍ර, නිධන්ගත රෝගවලට හේතුයි)  යටතේ වර්ගීකරණය කර තිබේ. මේ විස්තර අනුව කවරෙකුට වුවද ඩීසීඩී හානිකර රසායනිකයක් බව අවබෝධ කරගැනීමට අසීරු නැත.

මේ සිද්ධිය මොන තරම් දුර දිග ගොස් තිබේද යත් ෆොන්ටේරා සමාගමේ ඇතැම් බලධාරීන් ඉල්ලා අස්වි සමාගමේ කීර්තිය බේරාදීමට හදති. ‘ඔබලාගේ විෂකිරිපිටි පිළිබඳව කරන පර්යේෂණ අත්හදා බැලිම් සඳහා අපේ දරුවන්ව යොදා ගන්න එපා’ යයි නවසීලන්ත තානාපතිතුමියට කීම ගැන පාඨලී චම්පික ඇමතිවරයාට ස්තුති කරමු. විෂ කිරිපිටි ජාවාරම පිළිබද තොරතුරු මෙසේ එළිවෙද්දී විස කිරිපිටි සමාගම් ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන නරුමයෝද සිටිති.

නසරුද්දින් බූරුවාගේ පිටේ වාඩිවෙන්නේ උගේ හිස පැත්තට මුහුණ ලා නොවේ. උගේ පස්ස පැත්ත දෙසට මුහුණ ලා ගෙනයි. මේ බව දැනගත් සුල්තාන් නසරුද්දීන්ව මාලිගාවට ගෙන්වීය. නසරුද්දින් ඒ ආවේත් බූරුවාගේ පස්ස පැත්ත බලාගෙන වාඩිගෙනයි. සුල්තාන්ට සිනා පහළ වුණි. 


‘‘මොකද නසරුද්දින් මේ කරන්නෙ?’’ ඔහු ප‍්‍රශ්න කළේය. 


‘‘බූරුව පාරෙ යන හැටි දන්නව. මම පාරෙ ඉන්න බූරුවො ගණන් කරනව’’ නසරුද්දීන් පිළිතුරු දුන්නේය.


Friday, August 9, 2013

විස කිරිපිටි ගැන නොකියන කතාව


දෙවන ලෝක යුද්ධයත් සමග යටත් රටවල් හැලීයද්දි හිරු නොබසින අධිරාජ්‍යය නමින් පෙනි සිටි බි‍්‍රතාන්‍යය තම බලය රැකගැනීම සඳහා අලූත් තුරුම්පුවක් ගැහුවේය. ඒ පොදුරාජ්‍ය මණ්ඩලය නමින් ආයතනයක් පිහිටුවීමයි. එංගලන්ත කිරීටය යටතේ පවත්වාගෙන යන මෙහි සමුළුවකට සහභාගි වී රැජින සමග ඡුාරූපයක් ගැනීම යටත් වී සිට ‘නිදහස’ ලැබූ ලංකාව බඳු රටවල රාජ්‍ය නායකයින්ට ඉහේ මලක් පිපෙන සිද්ධියක් වුණි. එබැවින් පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවක් ලංකාවේ පැවැත්වීම යටත් විජිත මානසිකත්වයෙන් පෙළෙන ඇතැම් දේශපාලනඥයන් ඇතුළු හැමට පෙනෙන්නේ ලංකාවට පහළ වූ නිධානයක් ලෙසිනි.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ පැවැත්වීමට යෝජනා වීම හා ස්ථිර වීම ඇනකොන්ඩා දකින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය අමාරුවේ දැමීමට ඉදිරිපත් කෙරුණු කේවට්ට උපදෙසක් ලෙසය. මෙමගින් රජය බිය ගැන්වීමට හා රජය අසරණ කිරීමට නොයෙකුත් මාර්ග කපා ගැනීමට බි‍්‍රතාන්‍යය ප‍්‍රධාන බටහිර රටවලට අවස්ථාව ලැබේ. ඔවුන්ගේ වුවමනා ඉටුකර ගැනීමටත් රට බෙදීමේ වැඩකටයුතු සඳහා ආධාර කිරීමටත් පොට පෑදේ. ඒ සිද්ධි හැර තවත් නොයෙක් ක‍්‍රමවලින් රජයට බලපැම් කරන්නට බටහිර රටවලට මග පෑදේ. 

ඇනකොන්ඩාට දැනගන්නට ලැබුණු අන්දමට ඊයේ (8 වෙනි දින) රාත‍්‍රී නවසීලන්තයේ විදේශ ඇමතිවරයා අපේ රටේ ‘ඉහළ පුටුවක්’ සමග දුරකතන සාකච්ඡුාවක නිරත වී ඇත. බිළිඳු මනස හා සිරුර දුර්වල කරන ‘ඇන්කර් 1 ප්ලස්’ ප‍්‍රධාන විස කිරි පිටි ගෙන්වීම නවත්වනු ඇතැයි නවසීලන්ත කිරිපිටි සමාගම් කලබලයට පත්වීම මෙම සාකච්ඡුාවට ප‍්‍රධාන හේතුවයි. ලංකාව නවසීලන්ත විස කිරිපිටි නැවැත්වීම ලෝකයේ සෙසු රටවල්වලට දැනගන්නට ලැබීම නවසීලන්තයේ ෆොන්ටේරා නිෂ්පාදන අලෙවියට පාඩුවකි. ෆොන්ටේරා යනු කිරිපිටි මාෆියාවකි. එම නිසා නවසීලන්ත විදේශ ඇමතිවරයාගේ සාකච්ඡුාව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ගැන නොව කිරිපිටි තහනම් කළොත් ඉදිරියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි නොවන බවට තර්ජනයක් වීමට පුළුවන. එබැවින් ඉදිරි කාලයේදී විස කිරිපිටි පිළිබඳ සියලූ වාර්තා බොරුකරුවන්ගේ ප‍්‍රකාශන යයි රජය නිල නිවේදනයක් නිකුත් කළොත් එය පුදුම විය යුතු සිද්ධියක් නොවේ.

රට තුළ අලෙවි කෙරෙන කිරි පිටි වර්ග ගණනාවක ඩීසීඩී අංගු බවට කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාව නිකුත් වූයේ ජූලි 26 වැනිදාය. ඉතාම විශ්වාස කටයුතු මාර්ගයකින් ඇනකොන්ඩාට මේ පුවත දැනගන්නට ලැබුණි. එහෙත් තීරණාත්මක කරුණු නිසා මේ පිළිබඳව මුනිවත රකිමින් කල්මරන්නට ඇනකොන්ඩාට සිදු විය. ඇනකොන්ඩාගේ පාඨකයන්ට දැකබලාගැනීම පිණිස ඒ වාර්තාවෙන් කොටසක් මෙහි දක්වමි. (රූපය)



වාර්තාව නිකුත් වූ වහාම කිරිපිටි ජාවාරම්කරුවන් ක‍්‍රියාත්මක වූ හැටි පැහැදිලි කළ යුතු නැත. මාධ්‍ය ආයතන ඔවුන්ට දෙන කිරිපිටි දැන්වීම් නවතාගෙන පාඩු විඳින්නට සූදානම් නොවූහ. සල්ලි සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ මල්ලි හෙවත් නිවුන් සොහොයුරා නිසා ජනමාධ්‍යයෝ  ජනහිතකාමී බව මුල්ලකට දමා හාවක්හූවක් නැතිව දින කීපයක් ගත කළහ. වර්තමාන තත්වය උද්ගත වූයේ දෑහිතකාමීන් කිහිප දෙනකුගේ උත්සාහයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ සියලූ දෙනාට ඇනකොන්ඩාගේ උත්තමාචාරය පිරිනැමේ.

ඩීසීඩී වල ක‍්‍රියාකාරිත්වය නිසා පුද්ගලයන්ට හානි කීපයක් සිදු වෙයි. පළමුවෙනි හානිය ස්නායු පද්ධතියේ සන්නිවේදනයට සිදු වන බලපෑමයි. දෙවැනි අනතුර නම් වකුගඩුවලට සිදු වන හානියයි. එසේම ඩීසීඩී පිළිකාකාරකයක් බවද හෙළිදරව් වී තිබේ.

ඩීසීඩී අඩංගු කිරිපිටි පිළිබඳ වාර්තාවට අනුව වැඩිම ඩීසීඩී ප‍්‍රතිශතයක් ඇත්තේ ඇන්කර් 1 ප්ලස් කිරිපිටිවලය. මෙය ඉතා භයානක තත්වයකි. ඇන්කර් 1 ප්ලස් කිරිපිටි දරුවන්ගෙ වර්ධනයට ඉතා සුදුසු බවට පසුගිය කාලය පුරාම දැන්වීම් පළ කෙරිණි. ඒ නිසාම මේ කිරිපිටි තම දරුවන්ට දෙන්නට බොහෝ දෙමාපියෝ නැඹුරු වූහ. දරුවන්ට සුදුසු යයි කියන ඇන්කර් 1 ප්ලස්වල සෙසු සියලූ කිරිපිටි අභිභවා ඩීසීඩී ඇතැයි හෙළිදරව් වී තිබේ. හැකි නම් මෙය කිසියම් කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස සැලසුම් සහගතව කරන ලද්දක්ද යන්නත් සොයාබැලීම වටී. මේ නිසා දරුවන්ගේ බුද්ධි මට්ටම පහළ ගොස් අනාගතයේදී මන්දබුද්ධික සමාජයක් බිහිවනු ඇත.

කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාවට අනුව අපේ රටේ නිපදවෙන හයිලන්ඞ් සහ පැලවත්ත යන කිරිපිටි වර්ග දෙකේම ඞීසීඞී අන්තර්ගත නැත. මෙය ඉතා වැදගත් කරුණකි. රටේ නිපදවන භාණ්ඩ දෙස පිලිකුලෙන් බලා ‘රට’ බඩු වැද්දගෙන සුද්දාට හිස නැමීමේ නිවට නියාළු පිළිවෙතට මෙය කදිම කනේපාරකි.

ජනතාව රටබඩුවලට ආකර්ෂණය වී ඇතිවා සේම, මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන හෝ දේශීය නිෂ්පාදන දියුණු කිරීමට හෝ බලධාරීන් පියවර ගන්නා බවක් පෙනෙන්නට නැත. නැතිනම් හයිලන්ඞ් සහ පැලවත්ත කිරිපිටි ජනප‍්‍රිය කරවීමට මෙය කදිම අවස්ථාවකි. එහෙත් බලධරයන් තාමත් නිහඬය. 

Sunday, August 4, 2013

ජාතික විද්වත් මණ්ඩලයට විද්වතුන් ඕනෑකර තිබේ

වස කෑමෙන් හෝ බීමෙන් මරණය අත්කර ගැනීමට හැකි බව මළපොතේ අකුරු නොදන්නා මිනිස්සු මෙන්ම ගොන් මෝඩ මිනිස්සුත් දනිති. වස පානයෙන් සිදු වන මරණය ඉතාම වේදනාකාරී මරණයක් බව ඔවුන් වැඩි පිරිස දන්නේ සමාජයේ ජීවත්වීමෙන් ලත් දැනුමෙනි. නමුත් විද්‍යා දැනුමෙන් යුතුව කටයුතු කළ ඇල්ටීටීඊ සංවිධානය සිය සාමාජිකයන්ට කරේ පැළදීමට සයනයිඞ් කරලක් දුන්නේය. හදිසියකදී ඒ සයිනයිඞ් කරල කටට දමා හැපූ විට ඉතාම කෙටි වේලාවකින් අඩුම වේදනාවක් ඇතිව මරණය හිමිකර ගත හැකි බවට ඇල්ටිටීඊ සාමාජිකයෝ දැනුවත් වී සිටියහ. මීටත් වඩා පහසුවෙන් මරණය හිමිකර ගැනීමේ ක‍්‍රමයක් තිබේ දැයි යමෙකුට සැක පහළ කරන දැන්වීමක් ජාතික විද්වත් සභාව ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ කුමක් දැයි දැන ගැනීමට අගෝස්තු 6 වැනිදා ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛණ සේවා රැස්වීම් ශාලාවට යා යුතුයි. එහි දී විද්වත්හු හතර දෙනෙක්ම  ‘නිහඬ මරණයකට පාර කපන වස විස පිරි ආහාර’ මැයෙන් දෙසුම් හතරක් පවත්වති.

යටත් විජිත යුගයේ විශේෂයෙන් ලංකාවේ ගැමියන් අතර උගතුන් වශයෙන් කැපී පෙනුණු ඉස්කෝල මහත්තුරු ‘කජු පේර වරකා ජම්බු ජම්බල නරකා’ කියමින් පාසැල් දරුවන් ගමේ හැදෙන පලතුරුවලින් ඈත් කිරීමේ මහ වැඩපිළිවෙළක නියැළුණහ. සමහර ගම්වල ඉස්කෝල මහත්තුරු මූලික වී පේර, ජම්බෝල ගස් වනසන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළහ. ඔවුන් ඒ සටන ගෙන ගියේ අවංක චේතනාවෙනි. දේශීය පලතුරු කෑමෙන් මහජනයා ලෙඩ රෝග වැළඳගෙන අකාලයේ මිය යතැයි යන විශ්වාසයෙනි.

මීට පසු කලෙක රටේ උගතුන් වශයෙන් කැපී පෙනුණු දොස්තරවරු බොහෝ දෙනා පොල්, පොල් කිරි හා පොල් තෙල්වලට විරුද්ධව මහා ප‍්‍රචාරයක් ගෙන යමින් පොල් ආහාරයට ගන්නා සිංහලයන්ගේ ශරීරයේ නරක කොලස්ටොරෝල් පිරී ඔවුන් හෘදයාබාධවලට ලක්වන බවට ප‍්‍රචාරයක් ගෙන ගියහ. දරුවන්ට මවු කිරි වෙනුවට පිටිකිරි සුදුසුයැයි ප‍්‍රචාරය කරන්නට ගත්තෝද දොස්තරවරුමය. ඇමරිකානු සමාගම් පොල් නිෂ්පාදනයන්හි බලය අල්ලාගත් පසුව දැන් සියලූම දොස්තරවරු ඒ කතාව වෙනුවට ශාක ආහාර නිසා ශරීරයේ කොලස්ටොරෝල් හුටපටයක් සිදුනොවන බව පවසති. ඇමරිකාව ආදි බටහිර රටවල් මවුකිරිවල ගුණ කියන්නට පටන්ගත් පසුව අපේ දොස්තර මහත්තුරුද දැන් මවුකිරේ අගය කියති.

විද්වත් සභාව විසින් සංවිධාන කරනු ලබන දේශන මාලාවට සම්බන්ධ වන ප‍්‍රසිද්ධ දේශකයන් හතර දෙනා අධිරාජ්‍යවාදීන්ගේ හෝ බටහිරුන්ගේ සමාගම්වලට අවනතව මහජනයා ගොනාට අන්දවන පුද්ගලයෝ නොවෙති. ඔවුන් ඊට පටහැනි දෙයක් කරමින් රසායනික වස විසවලට එරෙහිව මහජනයා දැනුවත් කිරීමට වෙහෙසෙන්නෝ වෙති. එවැනි පුද්ගලයන් හතර දෙනෙකු සහභාගි කරවාගෙන පවත්වන සම්මන්ත‍්‍රණය සඳහා යොදාගන්නා ‘නිහඬ මරණයකට පාර කපන වස විෂ පිරි ආහාර’ නමැති මාතෘකාව නම් රසායනික සමාගම්වලට සේවය කරන්නකි. එය කෙතට, වත්තට, ගොවිපළට හෙලන රසායනික වස නිසා සිදුවන මරණය නිහඬ, සැපවත් මරණයක් බව පෙන්වයි. මරණය බොහෝ විට කුරිරුය. දුක් සහිතය. එම නිසා ආහාර පාන මගින් නිහඬ මරණයක් ලබාගැනීමට හැකි නම් ඊට බොහෝ පිරිසක් කැමති වෙති. නිහඬ මරණයකට උදව් කරයි නම් රසායනික සමාගම් කරන්නේ එක්තරා ‘මහජන සේවයක්’ නොවේද?

අපේ රටේ බොහෝ උගතුන්ට හා විද්වතුන්ට මහජනයාට ආමන්ත‍්‍රණය කළ යුතු භාෂාව නොවැටහේ. මීට එක හේතුවක් සිංහල භාෂාව ගැන නිවැරදි දැනුමක් නැතිකමයි. පැරණි උගතුන් සිංහල දැනුම ලබාගත්තේ පාලි, සංස්කෘත භාෂා ඉගෙනීම මගිනි. හොඳ භාෂා දැනුමක් නැති වර්තමාන උගතුන් කියන ලියන දේ මහජනයාට නොවැටහේ. ජාතික විද්වත් මණ්ඩලයේ පෙර කී ප‍්‍රචාරක දැන්වීම එම මණ්ඩලයේ ඇත්තන්ගේ ‘විද්වත්භාවය’ පිළිබඳව ඇනකොන්ඩාගේ සිතෙහි සැකයක් ජනිත කරවයි.

Wednesday, July 24, 2013

සංඝාධිකරණය - සසුන නැසීමේ අලූත්ම උපක‍්‍රමය


බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ථෙරවාදී සහ මහායාන වශයෙන් ප‍්‍රධාන පාර්ශ්ව (නිකාය) දෙකකට බෙදුණු බුදුසසුන රටරටවලට පැතිර ගියේය. මෙයින් වඩාත් ජනප‍්‍රිය වූයේත් ව්‍යාප්ත වූයේත් මහායාන බුදුසසුනයි. කවුරුන් පිළිගැනීමට අකමැති වුවත් යේසුස් වහන්සේ මහායාන බුදුසසුනට අයත් භික්ෂුවක් බවට ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් වී තිබේ. යුදෙව් බයිබලය හා ක‍්‍රිස්තියානි බයිබලය විමසිල්ලෙන් කියවන්නෙකුට යේසුස්ගේ බණ හා යොහෝවාගේ අණ තේරුම් ගැනීමට පුළුවන. පසු කලෙක රෝම අධිරාජයෙකු විසින් ක‍්‍රිස්තියානි නමින් රෝමානු ආගමක් පිහිටුවන්නේ යේසුස් භික්ෂුව දෙසූ බුද්ධ ධර්මය සංශෝධනය කිරීමෙනි. ඒ රණකාමී දේවආගම ඇමරිකා, අප‍්‍රිකා මහාද්වීප ජයගත් අතර ලංකාව වැනි බෞද්ධ රටවල්ද ආක‍්‍රමණය කළේය. දැන් දැන් ලංකාවේ රෝමානු කතෝලික සභාව රෝමානු ආගමේ රෝමානු ලකුණු මකමින් බෞද්ධ සිරිත්විරිත් ආක‍්‍රමණය කරයි. මේ වන විට ලංකාවේ කතෝලික පූජක නාහිමිවරු ආරණ්‍යයන්හි සිටිති.

මහායාන බුදුසසුනට පළමු ප‍්‍රහාරය එල්ල වූයේ රෝමානු කතෝලික ආගමෙනි. ඉස්ලාම් ආගම බිහිවූ පසුව ඉස්ලාම් ආගම විසින් මහායාන සසුන දරුණු ලෙස මැඩපවත්වන ලදි. මහායාන බෞද්ධ මූලස්ථානය වී පැවතුණේ වර්තමාන කාශ්මීර ප‍්‍රදේශයයි. යුදෙව් ක‍්‍රිස්තියානි දර්ශනයක් වූ මාක්ස්වාදය රුසියාව ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව බලවත් වූ කොමියුනිස්ට් ව්‍යාපාරය ඉස්ලාම් හා කතෝලික ආගම්වලින් ගැලවී පැවති දකුණු ආසියාවේ මහායාන බුදුසසුනට මාරක ප‍්‍රහාරය දුන්නේය. වියට්නාමය, චීනය ආදී රටවල බුදුසසුන් කොමියුනිස්ට් පාලකයන් විසින් වනසා දමන ලද්දේය.

මහායාන බුදුසසුන මේ ලෙස අවසන් වන විට බුදුසසුන පැවති රටවල් තුනක් ඉතිරි විය. බුරුමය, තායිලන්තය හා ලංකාව නමැති මෙම රටවල් තුනේම ථෙරවාදී සසුන් පැවතුණි. මෙම රටවල් තමන්ගේ පාර්ශ්වයට ගැනීමේ ඉලක්කයක් ලෝකය දිනීමට සැරසෙන ඉස්ලාම් පාර්ශ්වයට ඇත. එය වටහාගෙන ඉස්ලාමිකයන් අභිභවා මෙම රටවල් තුන තමන් යටතට ගැනීමට ක‍්‍රිස්තියානි පාර්ශ්වය වෙහෙසේ. නමුත් මේ එක පාර්ශ්වයක්වත් තමන්ගේ සැබෑ මුහුණ එළිදැක්වීමට සූදානම් නැත. ඔවුහු සැබෑ ස්වරූපය සැඟවීම සඳහා උපායන් භාවිතා කරති. 

සර්වආගමික වැඩපිළිවෙළ එක් උපායකි. මැවුමකරුවෙකු ඇතැයි පිළිගන්නා ආගමක් සහ මැවුම්කරුවකු නැතැයි පිළිගන්නා දහමක් එක් නොවේ. මොනම හේතුවක් නිසාවත් ඉස්ලාම් කාන්තාවකට බෞද්ධයෙකු සමග විවාහ වීමට ෂාරියා නීතිය යටතේ අවසරයක් නැත. බෞද්ධයෙකුට ඉස්ලාම් දේවස්ථානයකට පයගසන්නට අවසර නැත.

ලෝකයේ තිබුණු බෞද්ධ රටවල් සිය ගණනක් රටවල් තුනකට බැස්සේ කෙසේද? ඒ රටවල් තුනම ථෙරවාදී රටවල් වූයේ කෙසේද? මේ ගැන සොයා බැලූවහොත් මෙම රටවල් තුනේම අවදියෙන් කටයුතු කළ භික්ෂුන් වහන්සේ පිළිබඳ තොරතුරු හමු වේ. මාක්ස්වාදී ලේඛකයන්, මෙවැනි භික්ෂුන් වහන්සේ නම් කරන්නේ සටන්කාමී භික්ෂූන් යන විශේෂ නමකිනි. ක‍්‍රිස්තියානි මාධ්‍යකරුවෝ අන්තවාදී භික්ෂූන් යන නම භාවිත කරති. මෙම රටවල් තුනේම සසුන් රැකී ඇත්තේ සටන්කාමී හෝ අන්තවාදී යයි හංවඩු ගැසෙන අවබෝධයෙන් කටයුතු කළ භික්ෂූන් නිසා මිස අංතට්ටු හා සමාන නායක පට්ටම් පැලඳගෙන ආණ්ඩුවලට ආවැඩූ භික්ෂූන් නිසා නොවේ. නායක පට්ටම් දීම ලංකාවේ භික්ෂුන් වහන්සේ දමනය කිරීම සඳහා බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන් යොදාගත්  උපායක් විනා සිංහල සිරිතක් නොවේ.

බත්තරමුල්ලේ සුභුති හිමි, මිගෙට්ටුවත්තේ ගුණනාන්ද හිමි වැනි භික්ෂුන් වහන්සේ නිදසුනකට ගෙන බලන්න. මෙවැනි යතිවරයෝ ආගමික අන්තවාදී භික්ෂූන් වශයෙන් සලකති. අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා වැන්නන් පවා ඒ කාලවල සිටි ඇතැම් නායක හාමුදුරුවරුන් විසින් තක්කඩින් ලෙස හඳුන්වනු ලැබ තිබේ.

තායිලන්තයේ බුදුසසුන කලක සිට ඉතාම අපූරුවට බිම දමා ගෙන යති. බුරුමයේ හා ලංකාවේ බුදුසසුන් මැඞීමට ආක‍්‍රමණික පාර්ශ්වයෝ වෙහෙසෙති. ලංකාවේ හා බුරුමයේ සසුන රැකී ඇත්තේ ජාතිකත්වය සලකන අවදියෙන් කටයුතු කරන භික්ෂූන් නිසා බව ආක‍්‍රමණයේ යෙදෙන දෙපාර්ශ්වයම වටහාගෙන සිටිති. එබැවින් ජාතික හැඟීමෙන් කටයුතු කරන භික්ෂූන් උපන්ගෙයිම මරාදැමීමේ වැඩපිළිවෙළක් ලංකාවේ හා බුරුමයේ ක‍්‍රියාත්මක කරවීමට පිරිසක් වෙහෙසෙති. ඊට මුල්වන්නන් බි‍්‍රතාන්‍ය යුගයේ භික්ෂූන් මර්දනය කළ ආකාරය අධ්‍යයනය කර සංඝාධිකරණ පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කර තිබේ. තනතුරුවලට, වරප‍්‍රසාදවලට, මිලමුදලට හා දේශපාලනඥයන්ට වාල් වන භික්ෂූන් අධිකරණ සංඝසභාවලට පත් කර අවදියෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේ මර්දනය කිරීම සංඝාධිකරණයේ පරමාර්ථයයි. මෙය මතුවට ලංකාවේ ක‍්‍රියාත්මක කෙරෙන භික්ෂුව හීලෑ කිරීමේ වැඩපිළිවෙළයි.

බුදුසසුනට කිසිම සේවයක් නොකරන සර්වආගමික කැඳහැළිය ගැන වෙහෙසෙන බුද්ධශාසන අමාත්‍යාංශය ඒ සඳහා වුවමනා සියලූ කටයුතු කිරීමේ කොන්ත‍්‍රාත්තුවට කරගසා ඇත.

Tuesday, July 2, 2013

මුස්ලිම්, කතෝලික පිල්ලියක්


ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැන තොරතුරු ඉදිරිපත් වෙන පොත්පත් විශාල ප‍්‍රමාණයක් තිබේ? මෙවැනි පොත්  කිසිවක් නිව්යෝක් සැප්. 11  ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර නොතිබුණි. ඊට පෙර සිදුවූයේ ඇමරිකාව රැඩිකල් ඉස්ලාම් සංවිධාන ගොඩනැගීමට උපකාර කිරීමයි. එබඳු සංවිධාන ඉරානයේ බිහි කරන ලදී. ඇෆ්ගනිස්ථානයේ රුසියානු හමුදා සමග සටන් කිරිම සඳහා පිහිටුවන ලදී. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට පසුව ඉස්ලාම් ත‍්‍රස්තවාදය නමින් දෙයක් ජාත්‍යන්තරය නමැති කරලියට පැමිණුනි. නොයෙක් ලේඛකයෝ ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැන පොත් ලියන්නට පටන් ගත්හ. චිත‍්‍රපට වැලක් ආවේය. මේ හැමෝම නින්දේ සිට අවදිවූවෝද? අවදිව සිටියේ නම් සැප්තැම්බර් සිද්ධියට පෙර ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැන මොවුන් නොදුටුවේ ඇයි? ඇමරිකානු දේශපාලනය විසින් ලේඛකයන්, මාධ්‍යකරුවන්, කලාකරුවන් මෙහෙයවනු ලබන බවක් පෙනේ. එසේ නම් මොවුන් නිදහස් මාධ්‍යකරුවන්ද?

ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ  මැවුම්කරුවා සවුදියේ උපන් බින් ලාඩන් නමැත්තාය. ඔහු පූජකයෙකුට සමාන ජීවිතයක් ගෙවූවෙකි. බින් ලාඩන් දැක්වෙන වාර්තා චිත‍්‍රපටි නිපදවා තිබේ. ඒවායේ සිටින ලාඩන් තුවක්කුව රැගෙන පය ඔසවන්නේ දඩයක්කාරයෙකු මෙන් ඉවසිල්ලෙනි. ඉතා දරුණු ත‍්‍රස්ත ක‍්‍රියාවල සැලසුම්කරුවන් වූ ඉස්ලාම් ත‍්‍රස්තවාදීන්  හැමදෙනාම හැසිරෙන්නේ මීට සමාන අයුරෙනි. ඔවුහු ශාන්තුවරයින් මෙන් කතා කරති. සාමය, සාමය, අපේ අරමුණ සාමය, කියා කියති. මොවුන් ත‍්‍රස්තවාදී කටයුතු සඳහා ධනය උපයීමට මහා පරිමාණයේ  මත්ද්‍රව්‍ය ජාවාරම් හා ආයුධ වෙළඳාම ආදී විනාශකාරී ක‍්‍රියා සිදුකරන හැටි ත‍්‍රස්තවාදය ගැන පොත් ලියූවෝ පෙන්වා දෙති. එවැනි ක‍්‍රියාවකට ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක අධිකරණයකින් වරදකරුවන් බවට පත්වූ  පූජකයෝ සිටිති. මුස්ලිම් ප‍්‍රජාව මොවුන්ට වැඩි වැඩියෙන් ඇලූම් කරන්නට පටන්ගැනීම සාමාන්‍ය ස්වභාවයයි. ඔවුන් දෙවියන්ට වඩාත් සමිපවී ඇතැයි සිතන ප‍්‍රජාව ත‍්‍රස්තවාදීන් වීරයින් බවට පත්කර ගනිති. බින් ලාඩන්  බොහෝ ඉස්ලාම් අදහන්නන්ට වීරයෙකි. ලංකාවේ නැගෙණහිර පළාතේ ඇතැම් නගරවල බින් ලාඩන්ගේ රුව සහිත බැනියම් ඇඳගත් තරුණයින් හමුවේ.

මේ එක පැත්තකි. අනික් පැත්ත ප‍්‍රසිද්ධ නැත. ඉස්ලාම් ලෝකයෙන් ක‍්‍රිස්තියානි බටහිර පතුරු ගහන පොත පත, ලිපි ලේඛන නිරතුරුවම ප‍්‍රකාශයට පත් වේ. මේවායින් කෙරෙන්නේ ක‍්‍රිස්තියානි පාර්ශවය වර්තමානයේ සිදුකරන අපරාධ සහ ඔවුන්ගේ අතීත අපරාධ කතා එළි කිරීමයි. ඉස්ලාම් ලේඛකයින් පෙන්වා දෙන ආකාරයට රටවල් යටත් කළ මධ්‍යතන යුගයෙහි විසූ ක‍්‍රිස්තියානි පූජක සංහතියම ත‍්‍රස්තවාදියෝ වෙති. ස්පාඤ්ඤ හමුදා සමග ඇමරිකාවට ගිය කතෝලික බිෂොප්වරු මහා ජන සංහාර මෙහෙයවූ හැටි ඔවුහු විස්තර කරති. ‘විච් හන්ටින්’ නමින් යුරෝපා රටවල මෙහෙයවූ කාන්තා දඩයම ගැන හොඳ විස්තර ඉදිරිපත් කරන ලේඛකයෝ ලිංගික තෘප්තිය සඳහා කාන්තාවන් හිංසනයට ලක්කළ බිෂොප්වරුන්ගේ ලේඛන ඉදිරිපත් කරති. මෙලෙසින් මහා අපරාධ කළ  බිෂොප්වරු පවා ශාන්තුවරයින්ගේ ලැයිස්තුවේ සිටින බව කියති. ක‍්‍රිස්තියානි ආගමික සංවිධාන සාමයේ පරෙවියාට  මුවා වී කරන සැහැසිකම් පෙන්වා දෙමින් ඉස්ලාම් අදහන්නන් සන්නද්ධ කිරීම ඔවුන්ගේ පොත පතේ අරමුණයි. මොහොමඞ්තුමාගේ කඩුව සාමයේ සංකේතය බව ඔවුහු උගන්වති.

අරාබි හා වෙනත් භාෂාවලින් ක‍්‍රිස්තියානි ත‍්‍රස්තවාදය ගැන පොත් ප‍්‍රකාශයට ඉස්ලාම් ලේඛකයෝ ඒ ගැන යුරෝපීය භාෂාවලින් ලිවීමට උනන්දු නොවෙති. එම නිසා ඉස්ලාම් නොවන බොහෝ දෙනාට ඉස්ලාම් හඩ පැතිරෙන හැටි නොවැටහේ. දැන් දැන් ඇතැම් ක‍්‍රිස්තියානි මාධ්‍යකරුවෝ බෞද්ධ ත‍්‍රස්තවාදයක් ගැනත් ලියන්නට වෙහෙසෙති. ඊට හේතුව හැම ආගමකම ත‍්‍රස්තවාදයක් ඇති බව පෙන්වීමට ඔවුන්ට අවශ්‍යවීමයි. සීඇන්ඇන් ටෙලිවිෂනය ‘බුරුමයේ සටන්කාමී භික්ෂූන්’ මැයෙන් වාර්තා චිත‍්‍රපටයක් ඉදිරිපත් කළේය. මෙය නිපදවූයේ අරාබි සම්භවයක් ඇති මාධ්‍ය ශිල්පිනියකි. ඈ සටන්කාමීන් යයි පෙන්වන බුරුම හාමුදුරුවරු ඉස්ලාම් ආක‍්‍රමණිකයන්ගෙන් ආරක්ෂාවීමට වෙහෙසෙති. කිසිම භික්ෂුවක් අත තුවක්කුවක් හෝ වෙනත් ආයුධයක් නැත. (බුරුම) භික්ෂුන් වහන්සේලාට නින්දා කෙරෙන ලිපියක් පසුගියදා සුප‍්‍රකට ‘ටයිම්’ සඟරාවේ ප‍්‍රධාන ලිපිය ලෙස පළ විණි.

අන්තවාදීන් වශයෙන් ඇතැම් දේශපාලනඥයින් හා මාධ්‍යකරුවන් නම් කරන සිංහල හාමුදුරුවරුද අවි නොදරති. උන්වහන්සේලා ඉස්ලාම් හෝ ක‍්‍රිස්තියානි ආක‍්‍රමණිකයින්ගෙන් වෙහෙර, දායකයාඳ, භික්ෂුව හා සසුන ආරක්ෂා කරගැනීමට උත්සාහ දරති. මෙය අන්තවාදය නම් එය ඉස්ලාම් හා ක‍්‍රිස්තියානි අන්තවාදයට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවකි. එක් පක්ෂයක් ආක‍්‍රමණයට වෙහෙසේ. අනික් පක්ෂය ආරක්ෂාවීමට වෙහෙසේ.  

පෘතුගීසින්ට රට අල්ලාදීම සඳහා ඔත්තුකරුවන් වශයෙන් ලංකාවට පැමිණි කේරල පූජකවරු නමින් ඉදිවුන මහා පාසැල් ලංකාවේ තිබේ. පෘතුගීසීන් සමග සටන් කර මියගිය වීරයින්ගේ මීමුණුපුරන්ට පවා මේ පූජකයන් ජාතික වීරයින් වශයෙන් සලකන්නට සිදු වී තිබේ. නමුත් රට ජාතිය ආගම රැුකගැනීම සඳහා කටයුතු කළ භික්ෂුන් වහන්සේලා ගැන ඔවුහු නොදනිති. මෙවැනි භික්ෂූන් දෙතුන් දෙනෙකුගේ නම් ඉතිහාස පොත්වල එහෙන් මෙහෙන් සඳහන් වේ.  මෙවැනි එක් හිමිනමක් පිළිබඳ තොරතුරු ඇනකොන්ඩාට කියවන්නට ලැබුණි. ඒ බි‍්‍රතාන්‍ය යටත් විජිත කාර්යාලයේ ලියවිල්ලක් මගිනි. එහි සඳහන් වන ලෙසට  කුඩාපොළ හාමුදුරුවන්ට වෙඩි බිඳීමට පෙර  උන්වහන්සේ, සොරෙක් - තක්කඩියෙක් - දුස්සීලයෙක් බව කියමින් කියමින් අඩබෙර ගස්සවා ඇත. වර්තමානයේ ඇතැම් මාධ්‍ය මගින් කරන්නේ මීට සමාන ක‍්‍රියාවකි. සිංහල ජාතිය හා  බුදුසසුන රැක ගැනීම සඳහා වෙහෙසෙන  භික්ෂුන් වහන්සේලාට ඍජුව මෙන්ම වක‍්‍ර මාර්ගවලින් පහර ගසති. යුද්ධය පවතින කාලයේ යුද්ධ හමුදා ඇඳුම්වලින් සැරසී උතුරට වැඩිය භික්ෂුන් වහන්සේලා සිටිති. ඒ යුද්ධ කිරීමට නොවේ. නමුත් මෙවැනි ගමනක යෙදුණු භික්ෂුවකගේ ඡුායාරූපයක් සොයාගෙන කිසියම් රූපවාහිනී නාලිකාවක් මගින් ‘ඔබ වහන්සේ භික්ෂුවකට සුදුසු ක‍්‍රියාවක් කළේ දැ’යි ප‍්‍රශ්න කිරීමට කිසියම් නිවේදිකාවකට පුළුවන.

දැ හිතැති ක‍්‍රියාශීලී භික්ෂූන් දුස්සීලයන් බව පෙන්වා බෞද්ධයින්ගෙන් බිඳවීමට හා සමාජයේ අපහාසයට ලක්කිරීමට ඇතැම් මාධ්‍යකරුවෝ වෙහෙසෙති. මෙවැනි මාධ්‍යකරුවන්ගේ තනතුරු ඉහළයාම් සිදුවන්නේ දක්ෂ අයුරින් එම කටයුත්ත කළ විටයි. මෙවැන්නන්ට  ඉස්ලාම් හෝ ක‍්‍රිස්තියානි ආගම්වලට සම්බන්ධ බුදුසසුන ආක‍්‍රමණයේ යෙදෙන පූජකයින් විවේචනය කිරීමට නුපුළුවන. ඔවුන්ගේ රස්සාව එය නොව, රට, ජාතිය, ආගම වෙනුවෙන් ක‍්‍රියාකරන භික්ෂුව නින්දාවට ලක්කිරීමය.
ගුවන්යානාවල අතින් කෑමක් නැති නිසා අත් හෝදන භාජන නැත. ඇමරිකාව වැනි රටවල ජීවත්වන්නෝ ආහාර ගැනීමේදී හැදී ගෑරුප්පු හෝ කෝටු (චොප්ස්ටික්ස්) භාවිතා කරති. එබැවින් භික්ෂුවක් වුව ගුවන්යානාවක ගමන් කරද්දී හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝ කෝටුවෙන් වළඳති. ජාතික කාර්යයක යෙදෙන භික්ෂුවක් ගෑරුප්පුවකින්  දන් වළඳන හැටි දැක්වෙන ඡුායාරූප මෑත කාලයක වෙබ් අඩවි හා ෆේස් බුක් මගින් ප‍්‍රචාරය කෙරුණි. ඡුායාරූපවලට යටින් ‘සිංහල සංස්කෘතිය ඉවරයි’ කියා ලියා තිබුණි.

සිංහල ජාතියේ හා බුදුසසුනේ යහපත සඳහා වෙහෙසෙන භික්ෂූන්ගේ වැරදි ඉදිරිපත් කරන්නෝ, සිංහල මව්වුරුන් බලහත්කාරයෙන් ගබ්සා කිරීමේ වැඩපිළිවෙල මෙහෙයවන පූජකවරුන් ගැන නොදන්නවුන් මෙන් සිටිති. ආගමික ව්‍යාපාර කරන පූජකවරු ගැන නිහඩ වෙති. බෞද්ධ පසුගිය වසරේ මොරටුවේ ළමා නිවාසයක් පවත්වාගෙන ගිය ඉන්දියානු පූජකවරියක් අත්අඩංගුවට පත්වුණි. ඒ බරපතල නීති විරෝධි ක‍්‍රියා කිහිපයක් සම්බන්ධයෙනි. එතුමිය නිදහස් කරන්නැයි කී කාදිනල් මැල්කම් රංජිත්තුමා එසේ නොවුණොත් රාජ්‍ය උත්සව වර්ජනය කරන බවට  අනතුරු හැඟවීය. ඒ මන්දැයි කාදිනල්තුමාගෙන්  ප‍්‍රශ්න කළ එකම මාධ්‍යවේදියෙක්වත් නැත. අත්අඩංගුවට ගත් පූජකවරිය වෙත ගොස් ‘ඔබ වරදක් කළා දැ’යි ඇසූ මාධ්‍යවේදියෙක් නැත.

දිවි නසා ගැනීම අපරාධයකි. එමෙන්ම සිරුරට දුක්දීමත් අපරාධයකි. නමුත් මහායානික දාර්ශනිකයෝ යහ පරමාර්ථයක් සඳහා ජීවිතය පූජා කිරීම බෝසත් ක‍්‍රියාවක් බව පෙන්වූහ. බඩගින්නෙන් පසුවෙන යාචකයෙකුට සිය සිරුර දන්දීම ගැන කියවෙන සස ජාතකය ස්ථිරවම මහායානික කතාවකි. ජෛන දහම සිරුරට දුක්දීම පමණක් නොව අධික ලෙස දුක් දී නිරාහාරව මිය යාම යහපත් ආත්මයක් ලබාගැනීමට මගක් බව උගන්වයි. අදටත් ඇතැම් ජෛන පැවිද්දන් ජීවිතය කෙළවර කරගන්නේ ආහාර පාන නොගෙන භාවනා කරමින් මියයාමෙනි. ජෛන සසුනට ඇතුළු වන පුද්ගලයාගේ හිස බූගෑමක් නොකරයි. කෙස් ගසින් ගස අදිමින් උදුරා දමයි. 

දැන් තවත්  උදාහරණයක් ගනිමු. මහත්මා ගාන්ධි අගයන්නෝ ලංකා දේශපාලන සමාජයේ සිටිති. ඔවුන් ගාන්ධිගේ උපවාස ක‍්‍රමය පිළිගනිති.  ගාන්ධිගේ අවිහිංසා උපවාසය කුමක්ද? ආහාර පාන නොගෙන සිරුර මරණයට සූදානම් කිරීමයි. ලංකාවේ ඇමතිවරයෙක් මෑත කාලයක මේ ක‍්‍රමය අනුගමණය කරමින් කොළඹ නගරය මැද උපවාසයක් කළේය. උපවාසය යනු අනුන්ට දුක් නොදී තමන්ගේ සිරුරට දුක් දීමකි. සිරුර, විඤ්ඤාණය දරාගෙන සිටින උපකරණයක් බඳුය. සිරුරට දුක්දීම හෝ දිවිඅවසන් කරගැනීම යන දෙකම සිරුරට නොව මනසට දැනෙන දේය. (බුදුන් වහන්සේ සිරුරට දුක්දීමත් දිවි තොර කරගැනීමත් දෙකම අනුමත නොකළහ) ගාන්ධි මග යා යුතුයි කියන්නෝ සිරුරට ගිනි තබාගත් භික්ෂුවට නින්දා කරති. මෙය දෙබිඩි ක‍්‍රියාවකි.

පසුගිය මාසයේ බෝවත්තේ හාමුදුරුවෝ සිරුරට ගිනි තියාගෙන අපවත් වූහ. උන්වහන්සේ සිරුරට ගිනි තබාගැනීම පාරමිතා පිරීමක් බව ඇතැම් භික්ෂුණ් වහන්සේලා පවසා තිබුණි. පාරමිතා යනු කුමක්දැයි පහසුවෙන් විස්තර කිරීමට නොහැක. ඇනකොන්ඩා දන්නා විදිහට දිග්නාග හිමියන්ගේ ‘න්‍යාය ප‍්‍රවේශය’ නැමැති දාර්ශනික ග‍්‍රන්ථයේ මෙම විෂය සාකච්ඡුාවට භාජනය වේ. වෙබ් සක්විත්තන් ඇතුළු බොහෝ දෙනා ‘න්‍යාය ප‍්‍රවේශය’ නොදනිති. බුදුදහම මනාව දන්නා පුද්ගලයන් මෙන් රඟපාමින් ‘ධර්මය’ නාමයෙන් බොරු ඉදිරිපත් කරමින් ගිනි තබාගත් භික්ෂුවට ගරහති. සමහරුන් ඇමරිකාවට විරෝධය පළකරමින් වියට්නාමයේ ක්වාන් ඩක් හිමියන් සිරුරට ගිනි තබාගැනීම අගයා තිබේ. ඒ ඔවුන් කොමියුනිස්ට්කාරයින් බැවිනි.

ලංකාවේ කොමියුනිස්ට්වාදී නායකයින් තරම් කුහකයින් පිරිසක් තවත් නැති බව ඇනකොන්ඩාගේ විශ්වාසයයි. දැනට ලංකා දේශපාලනයේ සිටින දැවැන්තම මාක්ස්්වාදියාගේ පුතා ඇමරිකාවේ සිටී. සහෝදරයා ජපානයේ මහා ව්‍යාපාරිකයෙකි. ‘අධිරාජ්‍යවාදය භංගවේවා’ කියමින් මොරදෙන මෙවැනි මාක්ස්වාදී ඇන්ජී ඕකාරයින්ට රැවටෙන සුළු පිරිසක් තවමත් රටේ සිටිති.

ලංකාවේ මාක්ස්වාදී නායකයින් කුහකයින් වීමට ප‍්‍රධාන හේතු ගණනාවකි. එයින් එකක් ආරම්භයේ සිටම මාක්ස්වාදී නායකයින් තානාපති කාර්යාල නිසා ජීවත්වන පිරිසක්වීමයි. ඇතැම් බටහිර තානාපති කාර්යාල ඔවුන්ට වෙනත් අන්දමට උපකාර කරමින් කොමියුනිස්ට් රටවලට සේවය කරන්නන් තමන්ගේ ඔත්තුකරුවන් කරගති. ඩබල්ගේම්වලට පුරුදු වූ මාක්ස්වාදීහු ක‍්‍රිස්තියානි සංවිධානවලටත් සේවය කරන්නට වූහ. එබැවින් ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය උපතේ සිටම බුදුසසුනට හා සිංහල ජාතියට විරුද්ධව කටයුතු කළේය. අදටත් ඔවුහු ඒ මගම යති.





Saturday, June 8, 2013

කළුඇමරිකානුවන්ට ඇටවූ උගුල සිංහලයන්ටත්


බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ ජාතියක් වඳකිරීම සඳහා උපත් පාලනය ආධාර කරගන්නා හැටි විස්තර වේ. උපත් පාලනය ගැන කියවෙන ලොව පැරණිම වාර්තාව මෙයයි. එහි සඳහන් වෙන ලෙසට පාරාවෝ රජවරු මිසරයේ යුදෙව්වන් බෝවීම වැළැක්වීමට යම් යම් ක‍්‍රියා අනුගමනය කර ඇති අතර උපදින යුදෙව් දරුවන් මරා දමන වැඩ පිළිවෙළකුත් ක‍්‍රියාක්මක කළහ. 

බයිබලයේ උපත්පාලනය වැඩපිළිවෙළ ආදර්ශයට ගනිමින් කළු ජාතිකයින්ගේ උපත් සීමා කිරීමේ පරමාර්ථයෙන් ක‍්‍රියාත්මක වූ ඇමරිකානු උත්පත්ති පාලන වැඩපිළිවෙළ සඳහා ඇමරිකාවේ කළු ජාතිකයෝ ‘මාෆා’ යන නම භාවිතා කළහ. අප‍්‍රිකාවේ මේ නම භාවිතා වූයේ ඛේදවාචකය  යන අරුතිනි. ඇමරිකාවේ සිදුවූ ඛෙදාවාචකය කුමක්ද? කළු ජනගහණය වැඞීවිමයි. වහල්ක‍්‍රමය නීතියෙන් අහෝසි කළ පසුව කල්ලන්ගේ වැඩිවීම වැළැක්වීමට සිතූ සුදු ජාතිකයින් පිරිසක් රටේ සෞඛ්‍ය අංශ, වෛද්‍යවරුන්, හෙදියන්, දේශපාලනඥයන් හා මාධ්‍යකරුවන් සම්බන්ධ කරගෙන මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරමින් කළු උපත් සීමාකරන්ට හා වළක්වන්ට වූහ.


රටේ සිදුවන බරපතල අපරාධය ගැන උනන්දුවූ පිරිසක් කළු උපත් පාලනය ගැන සොයන්ට වූහ. මේ සෙවීම් මුල්කරගෙන  මාක් කාචර් නමැති ගවේෂකයා 2009 වසරේදී වාර්තා චිත‍්‍රපටියක් ඉදිරිපත් කළේය. එය මාෆා 21 ^Maafa 21)   එහි නම් වේ. මෙම වාර්තා චිත‍්‍රපටිය යූ ටියුබ් ආධාරයෙන් අන්තර් ජාලයෙන් ඔබට නැරඹීමට පුළුවන. එය සිංහලයන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත‍්‍රපටියක් බව ඇනකොන්ඩාගේ අදහසයි. ඊට හේතුව ජාතියක් දුර්වල කිරීම සඳහා උපත්පාලන උපක‍්‍රමය ක‍්‍රියාත්මක කෙරෙන බව නොදන්නා පිරිසක් සිංහලයන් අතරම සිටිනා බැවිනි. මේ නොදන්නාකම රැකගෙන කටපියාගෙන නිහඬව නොසිටින ඔවුහු සිංහල ජාතිය වඳ කිරීමේ කතාව මනෝවිකාරයක් යයි කියමින් ළිං ගෙම්බන් සේ කෑ ගසති. සමහරවිට ඔවුහු ද ව්‍යාපෘතිය විසින්ම ප‍්‍රචාරක කටයුතු සඳහා යොදවා සිටින්නෝ වෙති. නමුත් මේ මණ්ඩුක ඝෝෂකයන් උගතුන් යයි රැවටෙන පිරිසක් සිටිති. ඇමරිකාවේ කළු ජාතිකයන් සුළු ජාතියක් වශයෙන් තබාගැනීමට ක‍්‍රියාත්මක කළ උපත්පාලන වැඩසටහන පිළිබඳ මේ වාර්තා චිත‍්‍රපටිය නරඹා සැබෑව ප‍්‍රත්‍යක්ෂ කරගැනීමට කාටකාටත් පුළුවන.

මෙම වාර්තා චිත‍්‍රපටිය නරඹා ඔබේ පවුල ගම හා ආශ‍්‍රය කරන සමාජය ගැන නුවණැස යොමුකරන  ඔබට  සිංහල ජාතිය වඳ කිරීම සඳහා ඇමරිකානු මාෆා ව්‍යාපාරය ඊට වඩා සිය ගුණයකින් සූක්ෂම වී ක‍්‍රියාවට නැගෙන හැටි වටහා ගැනීමට පුළුවන. සිංහල ජාතිය වඳ කිරීමේ මෙම වැඩපිළිවෙල පක්ෂ භේදයක් නැතිව එජාප කාලයේත් සමගි පෙරමුණු ආණ්ඩු කාලවලත් ක‍්‍රියාත්මක වී වර්තමානයේත් ක‍්‍රියාත්මක වේ.

දරු ප‍්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළුකරන ලද සිංහල කාන්තාවන් නීති විරෝධීව වඳ සැත්කම්වලට භාජනය කළ මුස්ලිම් වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙක් අතටම අසුවී ඇති බවත් දැන් ඔවුන්ව චෝදනාවලින් ගලවා ගෙන වෙනත් රෝහලකට යැවීමට පිරිසක් උත්සාහ දරන බවත් පෙරේදා වාර්තා විය. 

මෙවැනි සිද්ධින් දිනපතාම සිංහල පවුලක් පවුලක් ගානේ ගමක් ගමක් ගානේ සිදුවේ. සිංහල ජාතිය වඳ කිරීමේ මාෆා වැඩ පිළිවෙලේ විශේෂත්වය එය රජය මුල්කරගෙන ක‍්‍රියාක්මකවීමයි. ඊට අමාත්‍යාංශ ගණනාවක් සම්බන්ධ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රධාන වී තිබේ. පවුල් සේවිකාවන් සිංහල දරුවන් මැරීමේ ගහල සේවය සඳහා ඍජුවම යොදවාගෙන ඇත. මේ හැර හෙදියන්, වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් විශාල පිරිසකගේ සේවය ලබාගෙන තිබේ. මාධ්‍ය ආයතනවලට මුදල් යොදවමින් පුංචි පවුල රත්තරන් කතාව උස්මිටි උගත් නූගත් භේදයක් නැතිව සිංහලයන්ගේ හිස් තුළට දමා ඔවුන් ගේ මොළ දූෂණය කරවා ඇත.

සිංහලයන් හා උප සිංහල කණ්ඩායමක් වූ වැද්දන් වඳ කිරීමට ‘මාෆා ලංකා’ වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක වෙද්දී  ලංකාවේ වෙනත් සුළු ජන කණ්ඩායම් බෝවීම වැඩි කිරීමට අදෘශ්‍යමාන හස්තය ක‍්‍රියාත්මක වී ඇත. ගැමි සිංහල කාන්තාවක් දෙවැනි දරු ප‍්‍රසූතිය සඳහා මාතෘ නිවාසයකට හෝ රෝහලකට ඇතුල් වූ පසු නින්දා කිරීමෙන් හා වෙනත් උපක‍්‍රම මගින්  ගැබ් ගැනීමේ ශක්තිය නැතිකරගැනීමට ඇයව පොළඹවන හෙදියෝ මුස්ලිම් කාන්තාවකට කිසිම විටක ඒ අයුරින් නින්දා නොකරති. එවැනි පෙළඹවීමකට නොයති. සිංහල කාන්තාවන්ට උපත් පාලන උපදෙස් දෙන පවුල් සෞඛ්‍ය සේවිකාවන් මුස්ලිම් කාන්තාවට එම උපදෙස් නොදී දරුවන් වැඩියෙන් බිහිකිරීමට ධෛර්ය දෙති. දෙයි. සිංහල මවට නින්දාකරන ඇයගේ උපත් ශක්තිය පාලනය කරන පවුල් සෞඛ්‍ය සේවිකාව සහ හෙදිය සිංහල කාන්තාවක්වීම මෙහි ඛේදනීය පැත්තයි.

සිංහල ජාතිය වඳ කිරීමේ මාෆා ව්‍යාපාරයට නගරය ගම කියා භේදයක් නැත. එය හැම තැනකම ක‍්‍රියාත්මක වේ. ඊට නොයෙක් මුහුණු තිබේ. නිදසුනක් ගනිමු. සිංහල දරුවෙකු පාසලකට ඇතුළු කිරීමට අපහසුකම් බොහෝ ඇත. නමුත් මුස්ලිම් ළමයෙකු පාසලකට ඇතුළත් කිරීමට කිසිම අපහසුවක් නැත. තිසිම මුස්ලිම් පාසලකට සිංහල ළමයෙකු ඇතුළත් කිරීමට නොහැකි නමුත් සිංහල බෞද්ධ දරුවන් සඳහා ආරම්භ කළ ආනන්ද, නාලන්ද, ධර්මරාජ විදුහල් පවා අද සිංහලයින්ගෙන් ඈත්කරන තැනට වැඩ සැලසුම්කර තිබේ. සිංහල බෞද්ධ දැරියන් සඳහා ඇරඹු බෞද්ධ පාසැල්වලට ඉස්ලාම් යුනිෆෝමයෙන් යෑමට පවා ඉස්ලාම් දැරියන්ට නිදහස පවතී. 

සිංහලයින් වඳ කිරීමේ මාෆා ව්‍යාපාරය තේරුම් ගැනීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. මේ ජාතිවාදී ව්‍යාපාරයේ යෙදී සිටින පුද්ගලයින් ගැන තොරතුරු සොයන්න. ඇමරිකාවේ කළු ජාතිකයින් මාෆාවට මුහුණ දුන්නේ කුමන්ත‍්‍රණය වටහාගෙන වැඩි වැඩියෙන් දරුවන් බිහිකිරීමෙනි. දරුවා සම්පතකි. පුංචි පවුලක ඉපදෙන දරුවා හැම කාලයකම අසරණයෙකි. ලොකු පවුලක හැදෙන දරුවෝ හැමවිටම ජයග‍්‍රහණ ලබති. 

කළු ඇමරිකානුවන්ට ඇටවූ උගුල සිංහලයින්ටද අටවා තිබේ. සිංහලයා ඒ උගුලේ අසුවී සිටී. මේ  විනාශයෙන් ගොඩඒමට හැක්කේ මාෆාව වටහාගෙන ඊට පවුල් වශයෙනුත් ගම් වශයෙනුත් ජාතියක් වශයෙනුත් මුහුණදීමෙනි. මාෆා ක‍්‍රියාකාරිකම් හෙළි කිරීමට උනන්දු වෙන්න. සිංහලයා වඳ කිරීමේ ජාතිවාදී වැඩපිළිවෙළ නැවැත්වීමට රටට දැයට තම දූදරුවන්ට ආදරය දක්වන හැම දෙනාම මහන්සි විය යුතුය. 


Friday, May 10, 2013

කව්බෝයි වන්දනාවේ යෙදෙන සිංහලයෝ


යුරෝපීන් කඩාපනින්නට පෙර දකුණු ඇමරිකාවේ ඉතිහාසය පිළිබඳව අපට දැනගන්නට ලැබෙන්නේ යුරෝපීය ඉතිහාසඥයන් හා යුරෝපීය සම්භවයක් ඇති දකුණු ඇමරිකානු ඉතිහාසඥයන් සපයන කතාන්දරවල පිහිටෙනි.  යුරෝපීන් එන කාලයේ එහි ලොකු කුඩා රාජධානි තිබුණි. නමුත්  යුරෝපියෝ ඒ සියල්ල දෙවියන්ගේ නාමයෙන් ශුද්ධකර දැමූහ. සංහාරවලින් ඉතිරිවූ ස්වදෙශිකයන්ගෙන් පැවතෙන්නන්ට තමන්ගේ යයි කිසිවක් ඉතිරි වී නැත.   එමනිසා පොදුවේ දකුණු ඇමරිකා රටවල් යනු යුරෝපීය ආක‍්‍ර‍‍රමණවලින් පසුව ගොඩනැගුණු රටවල් සමූහයකි.  කතෝලික ආගම සහ ස්පාඤ්ඤ භාෂාව මේ රටවල් සියල්ලටම පොදු ලක්ෂණයකි. බ‍්‍රසීලය පමණක් පෘතුගීසි භාෂාව කතාකරන කතෝලික රටකි.

දකුණු ඇමරිකානු රටවල් සහ ලංකාව අතර පවතින ප‍්‍රධාන අසමානතාවය ලංකාව යුරෝපීයන්ගේ යටත් විජිතයක්ව තිබුණු නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට යුරෝපීන් අසමත්වීමයි. ලාංකිකයන්වූ  ද්‍රවිඩයන් හා  පෘතුගීසීන් කතෝලික කළ සිංහලයන් අඩු වැඩි වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ වී සිටිති. වර්තමානයේ මූලධර්මවාදීන්ගේ බලපෑම නිසා වෙනස් වී ඇති නමුත් ඉස්ලාම් ආගමිකයන් පවා සිංහල බෞද්ධ සාරධර්ම අනුව මේ රටේ ජීවත්වූ පිරිසකි.

එහෙත් මාක්ස්වාදය, ජාත්‍යන්තරවාදය ආදී නම් දරන බෙන තුළට රිංගාගත්තවුන්ට අමුතුම රෝගයක් වැළඳේ. ඔවුහු පිදෙල් කස්ත්‍රෝ, චේ ගුවේරා, වාවේස් ආදීන්ට හුරේ දමන අතර සිංහල දේශපේ‍්‍රමීන්ට අවලාද නගති. නින්දා කරති. ඔවුන් චේ ගුවේරා, කස්ත්‍රෝ ආදීන්ගේ ලාංඡන ඔසවාගෙන කටයුතු කරති. අඩුම තරමින් රටේ අදීන්තවය උදෙසා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කර දිවි පිදූ කැප්පෙටිපොළ, ඇල්ලේපොළ, ඩිංගිරාළ, පුරන්අප්පු වැනි නායකයන්ගේ ලාංඡනවත් ඔසවා ගැනීමට නොසිතති. (මේ පිළිබඳ අදහසක් දක්වා තිබූ සිරිමලීට ස්තූතියි) අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, පියදාස සිරිසේන, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි වැන්නන් ඔවුන්ට වහකදුරුය.

පිදෙල් කස්ත්‍රෝ දකුණු ඇමරිකාවේ බිහිවූ පළමුවෙනි කොමියුනිස්ට්  රාජ්‍ය නායකයා ලෙසින් ලෝක ප‍්‍රසිද්ධ වූයේ සෝවියට් රාජ්‍යයේ හිතවතෙකු වූ බැවිනි. භක්තිමත් කතෝලිකයෙකු වූ ඔහු මාක්ස්වාදියෙක් නොවේ. පිදෙල්ට සමාන විප්ලවක් නොකළද මහජන ඡන්දයෙන් වැනිසියුලාවේ බලයට පත් වූ චාවේස්ද විප්ලවකාරයෙකි. භක්තිමත් කතෝලිකයෙක් වූ ඔහු මැරෙන තෙක්ම ඇමරිකානු විරෝධී දේශපාලන ප‍්‍රතිපත්තියක් අනුගමනය  කළේය. චිලි රටේ බලයට පත්වූ සැල්වදෝර් ඇලෙන්ඬේද ඇමරිකාවට පක්ෂපාති නැති රාජ්‍ය නායකයෙක් වූයේය. පිනෝචේ හමුදාවේ උදව්වෙන් බලය අල්ලාගෙන ඇලෙන්ඬේ මරා දැම්මේය. ඇලෙන්ඬේ අගයන්නෝ ලංකාවේ සිටිති. අර්නස්ටෝ ගුවේරා (චේ) බොලීවියාවේ බලය ලබාගැනීමට ගරිල්ලා සටනක් පටන්ගත් විගසම අත්අඩංගුවට පත් විය. ඔහුව නඩු නොඅසා මරා දමන ලදී. ඇලෙන්ඬේ, චේ ගුවේරා ආදී මෙ හැම බැතිමත් කතෝලිකයෝ වූහ. චේ වෙඩි කෑමට පෙරත් කුරුසය ඇගේ ලකුණුකර ගත්තේය.

ඇමරිකාවේ කව්බෝයි සංස්කෘතියේ ඉතිහාසය මැදපෙරදිග දක්වා විහිදුවන විට අවුරුදු දහස් ගණනක් පැරණි කතාවක් ගොතන්නට පුළුවන. ඒ මෙසේය. අරාබියේ එඩේර සංස්කෘතියක් පැවතුනි. ඉස්ලාම් ආගම බිහිවූ පසු අරාබීහු ස්පාඤ්ඤයේ කොටසක් පවා අල්ලා ගත්හ. මේ නිසා ස්පාඤ්ඤ සංස්කෘතියට අරාබි බලපෑම ඇති විය. ස්පාඤ්ඤයෝ දකුණු ඇමරිකාව යටත්කර ගත්හ.  ස්පාඤ්ඤ සංස්කෘතියේ බලපෑම මත දකුණු ඇමරිකානු සංස්කෘතිය ගොඩනැගුනි. අශ්වයන් පිටේ නැග හරක් පට්ටි බලාගන්නා කව්බෝයිස්ලා ප‍්‍රථම වරට දකුණු ඇමරිකාවට එන්නේ ස්පාඤ්ඤ සංස්කෘතියේ කොටසක් ලෙසිනි. නමුත් කල්යාමේදී කව්බෝයිස්ලා උතුරු ඇමරිකානු සංස්කෘතියේ කොටසක් බවට පත් වූහ. බි‍්‍රතාන්‍ය පාලකයෝ අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරන්නන් මර්දනය කිරීමටත් ස්වදේශිකයින් දඩයම් කිරීමටත්  කව්බෝයිස්ලාව යොදාගත් අතර ඇඟට හිරවෙන කලිසම, කමිසය, තොප්පිය ඔවුන්ගේ යුනිෆෝමය විය. අශ්වයන් පිටේ නැගගත් කව්බෝයි තුවක්කුව, පිහිය, කසය, ආදී ආයුධ දරන සන්නද්ධ පුද්ගලයෙක් වූයේය. 19 හා 20 සියවස්වලදී ‘වයිල්ඞ් වෙස්ට්’ සංදර්ශන හා චිත‍්‍රපටි නිසා කව්බෝයිස්ලා ලෝක ප‍්‍රසිද්ධ වූහ.

අර්නස්ටෝ චේ ගුවේරා වෛද්‍යවරයෙකු වුවත් කව්බෝයි චරිතයකි. ලංකාවේ වාමවාදීන්ට හා ජාත්‍යන්තරවාදීන්ට  සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය දරාගෙන විමුක්ති සටන් උදෙසා දිවිදුන් වීරයන් කව්බෝයි කෙනෙකු තරම් නොවටී. එය ඔවුන්ගේ කරුමය නොව මානසික විකෘතිභාවය නිසා සිදුවන්නකි. 

Tuesday, April 30, 2013

වැඩගන්නෝ රැලේයන්නෝ හා ගොම්පස් අල්ලන්නෝ



මහාචාර්ය සුචරිත ගමලත්ව  දක්කමින් වැඩගත් පිරිසක් සිටිති. ඒ අතරින් ප‍්‍රධාන ඇල්ටීටීඊයයි. ඇල්ටීටීඊය සුචරිත ඔවුන්ට කළ උපකාරවලට ඉතාම හොඳින් සැලකීය. ඇල්ටීටීඊ බලය උච්චම අවස්ථාවේ උතුරට ගොස් ප‍්‍රභාකරන් නමැති අන්ත ජාතිවාදී, අන්ත පැසිස්ට්වාදී දුෂ්ඨයාගේ ස්තුතිය ලබාගැනීමටත් වවුනියාවට ගොස් ඇල්ටීටීඊ සංස්කෘතික අංශයේ නායක පුතුකයි රත්නතුරෙයි අතින් ඇල්ටීටීඊ මහා සභා වේදිකාවක දකුණු ඉන්දියාවේ සම්ප‍්‍රදායට ‘රන් සාටකයක්’ පළඳවාගෙන සිපාචාර ලැබීමටත් සුචරිත හැර වෙනත් කිසිම සිංහලයෙක් සමත් නොවීය. ඇනකොන්ඩා පසුගිය ලිපිය සමඟ පළ කළ ඡායාරූපයේ දැක්වෙන්නේ ජාතිය රට ආගම ආදි සියල්ලක්ම ඇල්ටීටීඊ පැසිස්ට්වාදීන්ට පාවාදීම වෙනුවෙන් සුචරිත ‘රන් සාටකය’ ලබාගත් අවස්ථාවයි. මෙය ඇල්ටීටීඊ ඡායාරූප ශිල්පියකු විසින් ගන්නා ලද ඇල්ටීටීඊ වෙබ් අඩවියේ පළ වූ ඡායාරූපයකි. සුචරිතට ප‍්‍රභාකරන්ගෙන් මේ තරම් සැලකිල්ලක් ලැබෙන්නට ඔහු ඇල්ටීටීඊය වෙනුවෙන් මොන තරම් වැඩ කොටසක් කර ඇත්දැයි තේරුම් ගන්නට උපාධි උවමනා නැත. 

ඇල්ටීටීඊකාරයෝ සුචරිත මියගිය බව අසා හැබෑවටම දුක් වූහ. ‘සිංහලයන් අතර ඉඳගෙන සිංහලයන්ට පහරදුන් අපේ සගයෙක් නැතිවුණා’යි ඔවුහු දුක් වූහ. ටැමිල්නෙට් වෙබ් අඩවියේ සුචරිත වෙනුවෙන් පළ වූ ලිපිය ඊට නිදසුනයි. ඇල්ටීටීඊ නොවන දෙමළ විචාරකයින් පවා මෙම ලිපිය කියවා සුචරිත රටට මොනතරම් හතුරුකම් කරපු පරයෙක් දැයි ඇසූහ.

ක‍්‍රිස්තියානි හා කතෝලික ඇන්ජීඕ සංවිධානද සුචරිතගෙන් හොඳට වැඩගත්හ. සුචරිත රෑ දවල් නැතිව ඔවුන්ට කඬේ ගියේය. සාමයික කේන්ද්‍රය හා විභවි කේන්ද්‍රය මේ ආකාරයට සුචරිතගෙන් වැඩගත් ආයතන දෙකකි. මුදල් හා බීම හැර සුචරිතට ඔවුන්ගෙන් ඒ තරම් සැලකිල්ලක් නොලැබුණි. ඊට ප‍්‍රධාන හේතුව සුචරිත මාක්ස්වාදියෙකුවීමයි. සුචරිතට බයිබලය අලූතෙන් පරිවර්තනය කිරීමට උවමනා වුවත් ඔවුන් ඊට ඉඩක් නොදුන්නේද ඒ හේතුව නිසාය. සුචරිත ඉරිදා දිවයින පත‍්‍රයට ලියූ සමහර ලිපිවලින් තමා මිතුරන්ගේ විවේචන නොඅසා මෙබඳු බෞද්ධ විරෝධී ආයතනවලට සේවය කිරීමෙන් වරදක් කළ බව පසුව පිළිගත්තේය. එය සුචරිතගේම වචනයෙන් කීවොත් ස්වයං විවේචනයකි. ඒ ස්වයං විවේචන කියවන ඥානවන්තයෝ මහාචාර්යවරයෙකු වුවත් සුචරිත මොනතරම් මෝඩයෙකු දැයි වටහා ගත්හ. 

සුචරිත උගතෙකි  ඔහුගේ උගත්කම යනු භාෂා දැනුමයි. එය උපතින් ගෙනා එකක් හෝ දෙවියන් දුන් එකක් නොවේ. පන්සලෙන් ලබාගත් දායාදයකි. ඔහු සිවුරට පින්සිද්දවෙන්නට පන්සලෙන් පාලි සිංහල සංස්කෘත උගත්තේය. ඔහුට ඉංග‍්‍රීසි ඉගෙනීමට වියදම් කළේත් විශ්වවිද්‍යාලයට ගිය පසු උවමනාකම්වලට මුදල් දුන්නේත් බෞද්ධ උපාසිකාවකි. නමුත් කවරම කවදාකවත් තමන්ගේ අධ්‍යාපනයට දායකවූ පන්සල, හාමුදුරුවරු හා බෞද්ධ දානපතිනිය ගැන සුචරිත කටහොල්ලා නැත. ස්වයං විවේචනයේදී තමන් ගගෙන් දිය බී මුහුදට ආවැඩූ බව කියා නැත. ලෙඩ ඇඳේ මඤ්ඤොක්කා බෙහෙත් ගනිද්දී නම් මේ ගැන කියමින් කෙඳිරි ගෑවා යයි සමහරු කියති.

සුචරිත බීමට ඇබ්බැහි වූයේ විශ්වවිද්‍යාලයේදීය. සරච්චන්ද්‍ර පස්සේ වැටුණු කාලයේය. මෙය ඇතැම් වෙබ් නාට්ටාමිලාට බොහෝම සුලූ දෙයක් විදිහට පෙනුනත් ශාස්ත‍්‍රය හැදෑරීමට සරසවියකට ගිය පුද්ගලයෙකුගේ චරිතය පිරිහීම පෙන්වන ශෝචනීය අවස්ථාවකි. සුචරිතගේ චරිතය දුසිරිත් චරිතයක් වී විනාශ වන්නේ ඇතැමුන්ට නාට්‍ය දෙවියෙකු වූ සරච්චන්ද්‍ර නමැති ආචාර්යවරයා ඇසුරු කිරීමෙනි. පැවිද්දෙක්ව සිටියදී සුරාමේරය සික්ඛා පදය කියවමින් උපාසක උපාසිකාවන්ට අවවාද කළ හාමුදුරුවන්ට උගතෙකු වී සිවුරු හැරිය පසු බෝතලේ  මොන තරම් වටිනා දෙයක් වුණාද කීවොත් ආචාර්ය සුචරිත ගම්ලත් සමහර හැන්දෑවල ගෙදර ගියේ තනිකරම බේබද්දෙකු ලෙසිනි. අතින් අල්ලාගෙන නුගේගොඩ හන්දියෙන් සුචරිතව ගෙදර කැඳවාගෙන ගිය ගෝලයෝ සිටිති. 

ඉරිදා දිවයින වැනි සිංහලයින් විශාල පිරිසක් කියවන පත්තරවලට ඔහු සුරාවේ අගය වර්ණනා කෙරෙන ලිපි ලීවේය. අරක්කු බීම මීවිත තොලගෑම යයි ලස්සන භාෂාවෙන් සඳහන් කෙරුවේ රටේ සිංහල තරුණ පරපුරට බීපල්ලා  යන පණිවිඩය සපයමිනි. සිංහල බෞද්ධයන්ගේ නිල පුවත්පත ලෙස පෙනී සිටින දිවයින සති අන්තයේ පුවත්පත සමඟ ‘මීවිත’ නමින් අතිරේකයක් බෙදාහරින්නේද රටේ අරක්කු සංස්කෘතිය බෝකිරීමට අනුබලදීමක් වශයෙන්ද යන්න සොයා බැලිය යුතු කරුණක් වන්නේ සුචරිතගේ පාපමිත‍්‍රයන් දිවයින පුවත්පතටද අරක්ගෙන සිටිනබැවිනි. 

‘ලේක් ක්ලබ්’ එකේ අඩි ගසා වැනි වැනී වැව රවුමේ සරච්චන්ද්‍ර පස්සෙන් නාඩගම් ගී කිය කියා ගිය හැටි මහ වටිනා දේ ලෙස පත්තරයෙන් වර්ණනා කරද්දී ඒවා කියවන තරුණ සිසුන් මොනතරම් මානසික පිරිහීමකට පත්වේ දැයි සිතන්න. එබැවින් සුචරිත තරුණ පුරපුරට සැඟවුණු හතුරෙක් වූයේය.   

සුචරිතගෙන් වැඩගත් අය හැරුණු විට ඔහු සමග රැලේ ගිය පිරිසක්ද වූහ. මොවුහු සුචරිත මියගිය පසුව මළසිරුරකින් ඉවත්වෙන උකුණන් මෙන් හිමින් හිමින් සුචරිතගෙන් ඈත් වූහ. සුචරිතව නොදන්නා අය මෙන් හැසිරෙන්නට වූහ. ඊට හේතුව සූකරබාහුලා හා ඇල්ටීටීඊකාරයන් සුචරිතව වර්ණනා කරද්දී ඔවුන්ගේ ගොඬේ බැස අසූචි නාගන්නට ඔවුන් අකමැති වූ නිසා යයි සමහරු කියති. 

සුචරිත මිය ගිය පසුව වෙබ් අඩවි මගින් ‘අපේ සගයෙක් මළා’, ‘බුද්ධි සද්දන්තයෙක් වැටුණා’, ‘මහ පඩිරුවන නිවී ගියා’ ආදී කතා කිය කියා බෙරිහන් දෙන්නෝ සුචරිතගෙන් වැඩක් නොගත් හා සුචරිත සමග රැලේ නොගිය අයයි. ඉස්සර අපේ ගම්වල කමත්වල කොළපාගද්දී ගමරාළලා ගොවිරාලලා සමග කුඩා දරුවෝද කමතට එති. අම්බරුවන් දැක්කීමේ වරම නොලැබුණත් කුඩා එවුන්ට ගොම්පස් ඇල්ලීමට අවස්ථාව ලැබේ. ‘සුචරිත මගේ මිතුරා’, ‘මගේ ආචාර්යවරයා’ කියමින් මොරදෙන්නවුන් කරන්නේත් ගොම්පස් ඇල්ලීමකි. එහෙත් ඔවුන්ට උපකාර කරන මහ එවුන් නැත. ඔවුහු රැලේ ගිය අයගේ මිතුරෝද නොවෙති. වෙබ් අඩවිවලින් පකීර්ලා බව පෙන්වන මානසික අනාථයෝම වෙති

Wednesday, April 24, 2013

ඇසට පෙනුණත් මුස්ලිම් සහෝදරත්වයට නොවැටහෙන ද්විත්ව රංගනය



ඉස්ලාම් මූලධර්මවාදය ලෝකයට පැතිරයන්නේ සවුදි අරාබිය නමැති රටෙනි. එහි රජුට උපදෙස් දෙන, රජුට වඩා බලවත් ආගමික හමුදාව (හෙවත් වහබිවරු) නොයෙකුත් මූලධර්මවාදී මත ලෝකය පුරා ව්‍යාප්ත කරති. පුහුණු කරන ලද වහබින් සහ මුදල් රට රටවලට පොම්පා කිරීම එම මූලධර්මවාදී ක‍්‍රියාවේ අංග දෙකකි. ලංකාවේ හලාල් ආක‍්‍රමණය සඳහා මූලික වූ පිරිස කවුදැයි සොයා බැලූවොත් ඒ වනාහි ඉස්ලාම් ආගමික පාසැල් (මද්රාසා)  පිහිටවූ හා ඒවායේ ඉගැන්වීමට පැමිණි වහබිවරුන් බව පැහැදිලි වේ. වහබින් කටයුතු කරන්නේ 15 වෙනි සියවසේ ස්පාඤ්ඤ සහ පෘතුගීසි හමුදා සමග අප‍්‍රිකා, ආසියා, ඇමරිකා රටවලට ගිය ජෙසුයිට් හා ප‍්‍රැන්සිස්කන් සභාවල පාදිලින්ට සමාන ලෙසිනි. එකම වෙනස වහබින් මුදල් සමග රට රටවලට යාමයි. ජෙසුයිට්ලා ආවේ හිඟන වෙසිනි. පෘතුගීසින්ට ධනය රැස්කර දීම මේ යාචක පාදිලියන්ගේ අරමුණක් වූයේය. 

මැදපෙරදිග කලාපයේ ඇමරිකාවේ හොඳම මිතුරා සවුදි අරාබිය හා එහි රජ පවුලයි. ඇමරිකානු හමුදා කඳවුරු සවුදියේ තිබේ. විශාල ඇමරිකානු සමාගම් එහි ඇත. සවුදි රජ පවුලේ අය විවාහ කරගත් ඇමරිකානු කාන්තාවන් සෑහෙන සංඛ්‍යාවකි. ඇමරිකාව සවුදිය ආරක්ෂා කරන අතර සවුදිය විශාල වශයෙන් ඇමරිකාවෙන් අවි ආයුධ යන්ත‍්‍ර සූත‍්‍ර මිලයට ගනී. මේ අතර සවුදිය වහබිවාදය රටරටවලට ප‍්‍රචාරය කරයි. ඇමරිකාව මේ ගැන නොදන්නා සේ හැසිරෙයි. එම නිසා වෙනත් ලෙසකින් කීවොත් වහබිවාදය ලොව පැතිරෙන්නේ ඇමරිකානු ආවරණයක් ඇතිවය.   

මේ අතර ඉස්ලාම් මූලධර්මවාදයට හා ත‍්‍රස්තවාදයට එරෙහිව ඇමරිකාවේ සිට නොයෙකුත් මෙහෙයුම් ක‍්‍රියාත්මක වේ. ලිබියාව, ඉරාකය ආදී රටවල් වැටී ඉරානය පමණක් ඉතිරිවී ඇත්තේ මෙම මෙහෙයුමේ බලයෙනි. ඉරානයේ  ඉරණම ගැන අපි කතා නොකරමු. ඇමරිකාවේ සිට මාධ්‍ය මගින් විශේෂයෙන්ම පත්තර, අන්තර්ජාලය, රූපවාහිනිය ආදිය ඔස්සේ මතවාදී මෙහෙයුමකුත්  ක‍්‍රියාත්මත වේ. "ක‍්‍රිස්ටියන් බ්‍රෝඞ්කාස්ටින්" (හෙවත් සිබීඑස්) දෙස බලන්න. ඔවුහු ක‍්‍රිස්තියානි පාර්ශවය වෙනුවෙන් ඉස්ලාම් මූලධර්මවාදයට විරුද්ධව තදින් වැඩ කරති. ’ජිහාඞ් වොච්’ වැනි බ්ලොග් ඉස්ලාම් මූලධර්මවාදයට තදටම බැටේ දෙති. 

ජිහාඞ් වොච් අධ්‍යක්ෂකවරයා රොබට් ස්පෙන්සර් ඇමරිකානුවෙකි. ඔහු ඉස්ලාම් මූලධර්මවාදය හා ත‍්‍රස්තවාදය ගැන පොත් 13ක් ලියා තිබේ. මේ සමහර පොත්වලට ඇමරිකානු ආයතන වලින් සම්මාන හිමිව ඇත. ස්පෙන්සර්ගේ තාත්තා ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ආයතනයේ සේවය කළ අතර රොබට් සපෙන්සර් දැඩි මතධාරී කතෝලිකයෙකි. ඔහු ඇමරිකාවේ කතෝලික සභාව හා ඉතා කිට්ටු සම්බන්ධකම් ඇත්තෙකි. (අන්තර් ජාලයෙන් රොබට් ස්පෙන්සර් බලන්න. ඔහුගේ ජිහාඩි වොච් බ්ලොග් එකත් බලන්න.)

සවුදියේ සිට මෙහෙයවන ඉස්ලාම් මූලධර්මවාදය, ලංකාවේ මූලධර්මවාදී ඉස්ලාමිකයින් බිහි කරයි. ඔවුහු බෞද්ධයන්ට එරෙහිව නොයෙකුත් ක‍්‍රියාකරති. දීඝවාපිය වැනි අති පැරණි සිද්ධස්ථාන පවා ආක‍්‍රමණයට හසුව ඇත. මූලධර්මවාදය වෙනුවෙන් වැඩකරන ඇතැම් ඉස්ලාම් දේශපාලන නායකයෝ සිංහල - මුස්ලිම් ජාතික එකමුතුව බිඳිති. බෞද්ධ අයිතිවාසිකම් ගැන කතාකරන බෞද්ධ සංවිධානයන්ට අන්තවාදීන් යයි මඩ ගසති.  ඔවුන්ට එරෙහිව අන්තර් ජාතික නමින් හඳුන්වන සංවිධානවලට පැමිණිලි දමති. මොවුන්ගේ විලක්කුවට නටන සිංහල දේශපාලනඥයෝ සිංහල බෞද්ධ සංවිධාන වලට ගොරවති. නැතිනම් ගොලූවන් සේ රඟපාති. 

රොබට් ස්පෙන්සර් කතෝලික නායකයාගේ අලූත්ම පොත ‘නොට් පීස් බට් එ ස්වෝඞ්’ Not Peace But a Sword – Robert Spencer   කියවූ විට ද්විත්ව රංගනය කුමක් දැයි වැටහීමක් ලබාගැනීමට පුළුවන.

Thursday, April 4, 2013

ඊලාම් ගීතය ලියූ මහාචාර්ය සුචරිත ගම්ලත් ශාන්තුවරයෙක් කරාවිද?


ටැමිල් නෙට් වෙබ්අඩවිය මහාචාර්ය සුචරිත ගම්ලත් ඇල්ටීටීඊය වෙනුවෙන් කළ සේවය විස්තර කරමින් ඔහුගේ අභාවය ඊලාම් සටනට බලවත් පාඩුවක් බව සඳහන් කරයි. සූකරබාහු, සුචරිත ගම්ලත් තමාගේ බෙදුම්වාදී කුප්පිඩි වැඩපිළිවෙලට දැක්වූ සහාය ගැන වර්ණනා කරයි. පාස්ටර්වරයෙක් ගම්ලත් ස්වර්ග රාජ්‍යයට යායුතු අයෙකු බව සඳහන් කරයි. මේවා අසන දකින විට අනාගතයේ සුචරිත ගම්ලත් ශාන්තුවරයෙකු බවට පත්වේදැයි සැක උපදී.

සුචරිත ගැන ලියන කියන හැමෝම අමතක කළ කරුණු රාශියකි. ඔහු බාල කාලයේ මහණ වී පන්සලෙන් පාලි, සංස්කෘත, සිංහල උගත්තේය. බෞද්ධ උපාසිකාවකගේ මුදලින් ඉංග‍්‍රීසි භාෂාව උගත්තේය. පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුල් වී උසස් සාමාර්ථයක් ලැබූ පසු සිවුරු හැරියේය. මහාචාර්ය සරච්ච්න්ද්‍ර පස්සේ වැටී අඩි ගහන්නට පුරුදු වී බේබද්දෙක් වූයේය.

ආනන්ද ගුණසේකර නමින් උපැවිදි වූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් පත්ව ආවේය. ඒ අතර ‘නුරා ගිනිදැල්’ නමින් පොතක් ලියා ප‍්‍රකාශයට පත් කළේය. මෙම පොත කියවූ එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්, ‘මෙය මහ බාල කවි සහ කතා ඇති පොතක් බවට’ විවේචනයක් ලියා එවූ විට ඔහු කලබල විය. පොතේ සඳහන් එක කෙටිකතාවකින් කියවුනේ තරුණයෙකු ස්වයංවින්දනය ලබන ආකාරයයි. මේ විවේචනය කියවූ ආනන්ද ගුණසේකර නම මාරු කළේය. පළමුව සුචරිතරත්න ගම්ලත්හේවා යන නම ගෙන පසුව සුචරිත ගම්ලත් ලෙසට නම වෙනස් කරගත්තේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිටියදී ඔහු දේශපාලනයට එක් වූයේය. ඔහුගේ දේශපාලන ගුරා වූයේ ආනන්ද විදුහලේ උගත් අපොස සමත්වීමට නොහැකිව දේශපාලනයට පිවිසි ධර්මකීර්ති බී. ජයසේකර නැමැත්තායි. අන්තිම කසිකබල් කවි ලියමින් සිටි ජයසේකර ‘රතු කඳුළු’ නම් කුඩා කවි පොතක් ප‍්‍රකාශයට පත් කළේය. කවියෙකු වීමට නොහැකි වූ ඔහු තම නම වෙනස්කර කීර්ති බාලසූරිය නමින් දේශපාලනයට ආවේය. ‘විප්ලවකාරී කොමියුනිස්ට් සංගමය’ හෙවත් ‘විරෝධය’ ඔහුගේ පක්ෂයයි. සුචරිත කීර්තිට එක්වී විරෝධයේ වැඩ කළේය. හැන්දෑවට කීර්ති සමග එක්වී කුණුවෙන්ඩ බීම ඔහුගේ ඒ කාලයේ දින චරියාවේ ප‍්‍රධාන අංගයකි.

සුචරිත ගම්ලත් පොත් ගොන්නක් ලියා ඇති බව ඇත්තකි. මෙයින් වැඩි හරියක් භික්ෂුන් වහන්සේලා ඉතා වෙහෙසී සංස්කරණය කළ පොත බව බොහෝ දෙනෙක් නොදනිති. සුචරිත මේවායේ වචනය දෙක වෙනස්කර තමන්ගේ සංස්කරණ ලෙසින් මුද්‍රණය කර මුදල් හා කීර්තිය ඉපයුවේය. නමුත් ඔහුව විවේචනය කරන්නට බොහෝ දෙනෙක් බිය වූහ. ඒ ඔහුගේ ‘දෙන්නම් බැටේ විචාරයට’ බිය වූ බැවිනි.

මේ අතර පල්ලියේ උපකාරය නිසා ඔහුට බොහෝ පුවත්පත් විවෘත වුණි. සුචරිත ඞීන්ස් පාරේ සාමයික කේන්ද්‍රයට එක්වී බුද්ධාගමට බැට දුන්නේය. ඊට පසු එන්ජී ඕ සමග සම්බන්ධකම් පවත්වමින් සිංහල ජාතියට හා බුද්ධාගමට ඇති තරම් පහර දුන්නේය. මේ අතර ඇල්ටීටීඊයට උපරිම සහය දැක්වීය. ඇල්ටීටීඊයේ ඊලාම් ගීතය ලියාදුන්නේද සුචරිත ගම්ලත්ය.

ඇල්ටීටීඊ හිතවාදීන්, ඊලාම්වාදීන් ඇතුළු සිංහල විරෝධී බෞද්ධ විරෝධි කටයුතුවල යෙදෙන හැමෝටම සුචරිතගේ මරණය විශාල පාඩුවකි. නමුත් මොහුගෙන් සිංහල ජාතියට සිදුවූ අනර්ථය කියා නිමක කළ නොහැකි තරම්ය. ඔහු බුදුදහම ගැන ලියා පළ කර ඇති විශාල පොතේ පවා බුදුදහම හා බොදු ඉතිහාසය විකෘති කළ ස්ථාන බොහෝය.

ඇනකොන්ඩා සුචරිතට නිවන් සැප නොපතයි. ඔහු ස්වර්ගයට යැවීමට කැමති විශාල පිරිසක් සිටින බැවිනි.

Friday, March 29, 2013

අමනකමත් පාවාදීමකි


සිංහලේ හඩ බ්ලොග් අඩෙවියෙන් උපුටා ගන්නා ලද්දකි

හොඳටම මහලූ වියේ පසු වූ රාමගේ පියා බාල කෙල්ලක පාවා ගත්තේය. එය රාමගේ පියාගේ හතර වෙනි විවාහයයි. ඇය තමන්ගේ පුතාට රජකම ලබාදෙන්නට තීරණය කළාය. රජකම උරුමවීමට නියමිතව සිටි පළමු විවාහයේ පුතා රාම මරණයෙන් බේරී වනගත වුණි. ඔහු සමග භාරියාව සීතා සහ ලක්ෂ්මන් සොහොයුරාද වනයට ගියහ. ඉන්පසුව තවතව දේ සිදු විය. ලංකාපුරයේ රාවණා සීතාව පැහැර ගෙන ගියේය. රාම, ලක්ෂ්මන් සහ වානර හමුදාව රාවණාගේ ලංකා පුරය ගිනි තබා සීතා ආපසු ගෙන ආහ. මේ කතාව අඩංගු රාමයණය හින්දුන්ගේ නිර්මාණයකි. රාමයණ කතාවක් පැරණි සිංහලයන් දැනගෙන හිටියේ නැත. උගත් ජනයා මේ කතාව දැන සිටියා නම් වැදගම්මකට නැති ප‍්‍රබන්ධයනක් වශයෙන් බැහැර කළහ. වර්තමානයේ රටේ පිරිසක් රාවණා ලංකාවේ සිටි ප‍්‍රතාපවත් රජෙකු යයි කියති, ලියති, අදහති. රාවණා ලංකාවේ පාලකයකු වශයෙන් සැලකීම හින්දු ආගම ගෙඩිය පිටින් ගිලීමක් බව මොවුන්ට නොවැටහේ.

ඉන්දියා ඉතිහාසයේ නරකයෙකු ලංකාවේ ශ්‍රේෂ්ඨ රජෙකු යයි මොරගාමින් සිටි පිරිස් අතුරෙන් සමහරු දැන් අලූත් කතාවක් ඉදිරිපත් කරති. හිට්ලර් හෙළයේ විසූ නායකයෙකු යයි කියති, ලියති. අන්තර්ජාලයෙන් ඒ විස්තර ප‍්‍රචාරය කරති. මේ වැඩ එක්කෝ අමනකමට කරන දේ විය යුතුය. නැතිනම් ජාතිය පාවාදීමට හා ජාතියට අගෞරව කිරීමට කරන ක‍්‍රියාය.

ජර්මනියේ හිට්ලර් මිහිපිට බිහිවූ දරුණුම මිනීමරුවෙකි. ඔහු වයස්, ලිංග භේදයක් නැතිව ජර්මනියේ විසූ යුදෙව්වන් ලක්ෂ ගණනක් මරා දැමුවේය. ජිප්සි ජනයා දසදහස් ගණනක් මරා දැමුයේය. ආබාධිත ජර්මානු ජාතිකයන් පවා මරා දැමුවේය. අමනයෙකුට මිස මේ දුෂ්ඨ මිනිීමරුවා හෙළයෙකු යයි කියන්නට නොහැකිය. අමනකම ජාතිය පාවාදීමකි.

දෙමළ ජාතිය බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් හෝ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ උරුමය කියති. සිංහල දේශයේ උරුමය ප‍්‍රකාශ කරති. ඉන්දියාවේ අතීතයේ විසූ චාණක්‍ය, වාත්ස්‍යාන වැනි හැම ප`ඩුවෙකුම ද්‍රවිඩ ජාතියෙකු යයි කියති, ලියති. ඉස්ලාම්වරුද මේ ක‍්‍රියාවම කරති. ඉන්දියාවේ විද්‍යාව, ගණිතය ආදි සියල්ලක්ම අරාබියට ගත් හැටි නොකියා අරාබි ශිෂ්ඨාචාරය විසින් ලොවට නවීන විද්‍යාව, ගණිතය ආදි සියල්ලක්ම දුන් බව කියති.

අමනයින් හෙළයන්ගේ ලොකුකම කියන්නේ රාවණා, හිට්ලර්, පොල්පොට් ආදීන් හෙළයන්ට සම්බන්ධ යයි කීමෙනි. මෙය අමනකමකට කරන ක‍්‍රියාවක් නොව හිතාමතාම කරන ජාතිය පාවාදීමක් නම් එය සංස්කෘතික ත‍්‍රස්තවාදයකි.       



Thursday, March 28, 2013

කාන්තා අයිතිවාසිකම් පනත් ෂාරියා නීතියට පටහැනියි


‘එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක සම්මත කිරිමට උත්සාහ කරන කාන්තා අයිතිවාසිකම් පනත් ෂාරියා නීතියට පටහැනිය. එමගින් කාන්තාවන්ට හිතුමතේ  ඕනෑම දෙයක් කරන්නට ඉඩ ලැබේ. මෙය ඉස්ලාම් දහම දුර්වලකර ඉස්ලාම් පවුල කඩා විසුරුවා ඉස්ලාම් සමාජ සංස්ථාව විනාශ කිරීමෙ වෑයමකි’ යයි ඊජිප්තුව රජය ප‍්‍රකාශ කර සිටී. කාන්තා හිංසනය වැළැක්වීමට කාන්තා අයිතිවාසිකම් පනතක් මාර්තු මාසයේදී සම්මතකර ගැනීමට එ.ජා. සංවිධානය සූදානම් වෙයි. මීට විරුද්ධව සියලූම ඉස්ලාම් රටවල් එක්සත්ව නැගී සිටිය යුතු බව ප‍්‍රකාශ කරමින් ඊජිප්තු රජය විශේෂ ප‍්‍රකාශනයක් නිකුත්කර තිබේ.

ඉස්ලාම් ලෝකය පාලනය කරන්නේ දැඩි නීති හා සම්මතයන් ආධාරයෙනි. ෂාරියා නීතිය යටතේ ඒ නීති හා සම්මතයන් කඩකරන්නන් අපරාධකරුවන් වශයෙන් සලකා දඩුවමට ලක්කරති. නීතියෙන් හා පුරුෂයා විසින් කාන්තාව පාලනය කිරීම හැම මුස්ලිම් සමාජයකම සිදුවන ක‍්‍රියාවකි. කාන්තාව පාලනය කිරීම යනු ඉස්ලාම් ආගම ආරක්ෂා කරගැනීමේ එක ක‍්‍රියාවකි. එ.ජා. සංවිධානය මෙහෙයවන ක‍්‍රිස්තියානි රටවල් කාන්තාව පාලනය කරනු ලැබීමෙන් ඉවත් කිරීම මගින් ඉස්ලාම් ආගමේ පදනම බිඳීමට උත්සාහ කරන බව මුස්ලිම් සහෝදරත්වයේ අදහසයි.

ෂාරියා නීතියෙන් හා අරාබි දර්ශනයෙන් කාන්තාව නිදහස ලබාගන්නට උත්සාහ දරන මේ යුගයේ ලංකාව වැනි රටවල සිදුවන්නේ ඊට වෙනස් දෙයකි. සිංහල බෞද්ධ සමාජයේ අනුග‍්‍රහය හා ආභාසය ලබමින් නිදහසේ ජීවත්වූ ඉස්ලාම් කාන්තාව ෂාරියා නීතියට යටත් වෙමින් දිනෙන් දින පාලනය වෙන හැටි පැහැදිලිව පෙනේ. මේ සමග උස් නිදහසක් භුක්ති විඳිමින් ජීවත් වූ ඇතැම් සිංහල තරුණියන් ඉස්ලාම් ආගමිකයන් සමග විවාහවී විඳින වේදනාව ගැනද අපි සිහිපත් කරමු.

Wednesday, March 20, 2013

අළුත් බ්ලොග් සයිට් එකක් - සිංහලේ හඩ


මේ දවස්වල රට වගේම ඇනකොන්ඩත් ගෙවන්නේ අවිවේකී කාල සමයක්. ලියන්න ගොඩක් දේ තිබුණත් වෙලාව හොයා ගන්න අමාරුයි. හැබැයි පුළුවන් හැම වෙලේම බ්ලොග් කියවන එක නම් නවත්තල නෑ.

ඇනකොන්ඩ දන්න කියන සහෘදයෙක් අලුතෙන් බ්ලොග් අඩවියක් පටන් ගත්ත නම සිංහලේ හඩ . තාම අලුත් නිසා කිසිම බ්ලොග් කියවනයක මේ බ්ලොග් එක සටහන් වෙලා නෑ. කියවන්න දෙයක්, අලුතින් හිතන්න දෙයක් තියේවි. ගිහින් බලන්න

http://sinhalevoice.blogspot.com/

අලුත් ලිපියකින් ලගදීම හමුවෙන්නම්

Monday, February 11, 2013

”මුස්ලිම් ජනගහන වර්ධනය බොරුවක් - බෞද්ධයන්ගේ ඝෝෂාව නෝර්වේ කුමන්ත‍්‍රණයක්?”



යුරෝපීය ක‍්‍රිස්තියානි රාජධානි මුහුදුගමන් සඳහා පෙළඹවූයේ  යුරෝපය ගිලගන්නට පැමිණි ඔටෝමන් තුර්කි බලය විසිනි. ක‍්‍රිස්තියානි රාජධානිවලට ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියක් වුවමනා විය. එහිදී ස්පාඤ්ඤය වහා ඉදිරිපත් වූයේය. පෙරදිග (ඉන්දියාවේ) ප්‍රොස්ටර් ජෝන් නමින් බලගතු  අධිරාජයෙක් වෙසෙතැයි යන පණිවිඩය, මාර්කෝ පෝලෝගෙන් ලබාගත් තොරතුරු හා සිතියම් ඔවුන් ධෛර්මත් කළ සිද්ධි කිහිපයකි. ස්පාඤ්ඤයෝත් දෙවනුව පෘතුගීසිනුත් අනතුරුව වෙනත් යුරෝපීය රටවලූත් ඒ සඳහා ඉදිරියට ආහ. ඔවුහු, ‘උඹලාට පුළුවන් නම් අපිට බැරි මොකදැයි?’ අසමින්, ඔටෝමන් තුර්කින් ලොවට හඳුන්වා දුන්  රටවල් අල්ලා ගැනීම, වහල් වෙළඳාම, වෙළඳ බාධාක පැනවීම, මුහුදු කොල්ලකාර හමුදා ආදි මේ හැම දෙයක්ම කරමින් රටවල් යටත් කරගන්නට වුහ. අවසානයේ ඉස්ලාම් රටවල් ද යුරෝපීන්ට යටත් විය. යටත් විජිතවාදය දේශපාලන ක‍්‍රමයක් වූයේය.

ලංකාවෙ සොච්චමක් මාක්ස්වාදීන්ගේ කතාවල හැර ලෝකයේ කොහේවත් දැන් යටත් විජිතවාදයක් නැත. යටත් විජිත වශයෙන් පැවති හැම රටක්ම වර්තමාන ලෝකයේ නිදහස් රටකි. මුස්ලිම්වරුන්ට යටත් වූ රටවල් බොහොමයක ආගමික නිදහස නමින් දෙයක් නැතත් යුරොපීන්ට යටත්ව තිබූ හැම රටකම ආගමික නිදහස ඇතුළු බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පවතී. (යුරොපීන්ට යටත් වූ ලංකාව හා මාලදිවයින් නිදසුනකට ගන්න. ඉස්ලාම්රුන්, බෞද්ධ රටක්ව තිබුණු මාලදිවයින ඉස්ලාම් රටක් කළ නමුත් යුරෝපීන් මාල දිවයින් ක‍්‍රිස්තියානි කිරීමට වෙහෙස දරා නැත. අදටත් මාල දිවයිනේ ආගමික නිදහසක් නැත.)
කලක් පැවති, එහෙත් යුරෝපීන් විසින් නැතිකර දමන ලද සමෘද්ධිමත් ඉස්ලාම් අධිරාජ්‍යය යළි පිහිටුවා ගතහැකිය යන විශ්වාසය නිදහස ලැබූ ඉස්ලාම් රටවල ආගමික නායකයින් කිහිප දෙනෙක් විසින්ම විසින් ප‍්‍රකාශ කර ඇති අනාගත වාක්‍යයකි. රසිනා ෆව්සියා අල් රාවි නමැති ලේඛිකා මෙසේ ලියයි.

"ඒ අරාබි ලෝකය ලෝකයේ නැවත පහළවෙන දිනය යළි පැමිණෙතැයි ඇය තදින්ම විශ්වස කළාය. දරුවන්ට උගන්වමින් අරාබි ඉතිහාසය හා අරාබි අතීතය පිළිබඳව දරුවන්ට හැකි උපරිමයෙන් කියාදෙමින් ඊට දායකවීමට ඇයට අවශ්‍යය."

"She strongly believed a day would come when the Arab world again occupy a glorious place in the world and she wanted to contribute by educating children and telling them as much as possible about their past and their history" Razina Fowzia Al Rawi.  

මුස්ලිම් අධිරාජ්‍යය ගැන සිහින මවන මූලධර්මවාදියා හිතන්නේ එසේ නොවේ'  කුරානයේ හා හඩිත්වල ඉදිරිපත්කර ඇති  නීති අකුරට පිළිපැදීම" ඉස්ලාම් ජනගහණය වර්ධනය කරගැනීම" වැඩිවැඩියෙන් මහපොළව අයත් කරගැනීම" රටරටවල ආර්ථික බලය ලබාගැනීම ඔවුන්ගේ ඉලක්ක වී තිබේ'    

ඉස්ලාම් ආගමිකයන්" මූලධර්මවාදීන් වශයෙන් නැගිසිටීම ලංකාව වැනි රටවල ඇස් පනාපිට ප‍්‍රදර්ශනය වෙන්නකි' නැගෙනහිර පළාතේ ඇතැම් ප‍්‍රදේශවල සංචාරය කරද්දී මේ ලංකාව ද එහෙම නැතිනම් අරාබිය ද කියා සිතේ'  මාළිගාවත්ත ප‍්‍රදේශයේ ශාරියා නීතිය ක‍්‍රියාත්මක වන බවට තොරතුරු ඇත' එහෙත් ඇතැම් වගකිවයුතු දේශපාලනඥයින් පවා ටික කලක් දැස් පියාගෙන සිට zඉස්ලාම් ජනගහන වර්ධනයක් නැතැZයි දිවුර දිවුරා කියති' මේ බොරු අසන ඉස්ලාම් මූලධර්මවාදීහු බෞද්ධයන්ගේ අවදිවීම පවා zනෝර්වේ වැඩක්Z යයි කියා සිද්ධිය යට ගැසීමට වෙහෙසෙති'  




ඇනකොන්ඩාට වැටහෙන ලෙසට මූලධර්මවාදීන් බිහිකිරීම බටහිරුන්ගේ නුවණ පෙන්වන්න ක‍්‍රියාවකි' ඊට හේතුව මේ නිසා මූලධර්මවාදය සමග අරාබි සිහිනය වැනසෙන බැවිනි' ඉස්ලාම් ලෝකය නමැති සිහිනය සාර්ථක කිරීමට වෙහෙසුණු  ඉරානයේ ෂා" ඉරාකයේ සදාම් හුසේන්" ලිබියාවේ ගඩාපි ආදී සියල්ලෝම බටහිරින් නිපදවා විනාශ කරන ලද නායකයෝ වෙති'

ලෝකයේ තමන් අකමැති ආණ්ඩු වෙනස් කිරීම සඳහා බටහිර රාජ්‍යයන් ඉස්ලාම් මූලධර්මවාදය උපකාර කරගන්නා පිළිවෙළක් ද පෙනේ' ඉස්ලාම් මූලධර්මවාදීන් කිසියම් රටක බලවත්කර එය තමන් අකමැති ආණ්ඩුවට හේත්තු කිරීමෙන් එම ආණ්ඩුවේ ජනප‍්‍රියභාවය හීන කිරීමට හැකි බව ද බටහිර නුවනැත්තෝ  දනිති' මෙය ශ‍්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දෙයක් ද යන්න අවබෝධ කරගැනීමට සිහිමොළය ඇති මිනිසුන්ට පුළුවන'   

Thursday, January 24, 2013

සිංහල රයිඩින් හුඩ්, ඉස්ලාම් වෘකයා සහ වීරවංශලාගේ ‘හයිනා’ හමුදාව



‘ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්’ ප‍්‍රංශ සුරංගනා කතාවක් යැයි විශ්වාස කෙරේ. මුළ කොතැනක වුවත් එය යුරෝපය පුරා පැතිර ගොස් ඇමරිකාව ප‍්‍රධාන ලෝකයේ බොහොමයක් රටවල ජනප‍්‍රිය ළමා කතාවක් බවට පත්වුණි. රතුපාට හුඩ් කබායක් (හිස් ආවරණය සහිත කබා) පැළදගෙන සිටි කුඩා දැරියක් සහ කෛරටික වෘකයෙක් පිළිබඳ පුවතක් මෙම කතාවෙන් විස්තර වේ.  

ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්ගේ අම්මා කෑම බඳුනක් දියණිය අතට දී ‘ගිහින් මෙය අල්ලපු ගමේ වෙසෙන කිරිඅම්මාට දී එන්නැ යි’ දියණිය පිටත් කළා ය. ඈ යන මග පදුරක සැගවී සිටි වෘකයෙක් දැරිය දුටුවාය.  වටාපිටාවේ කුඹුරුවල ගොවියන් සිටියෙන් ඇය වෙතට පැනීමට බිය වූ වෘකයා කල්පනා කරන්ට විය. දැරිය පඳුරුවල මල් නෙළමින් ගඩා ගෙඩි කමින් හෙමින් ගමනේ යෙදෙනු දුටු වෘකයාට කදිම ඥානයක් පහළ විය. ඌ කෙටි පාරකින් දැරියගේ කිරිඅම්මාගේ ගෙදරට දුවගොස් ඇයව මරා කාමරයකට දමා දොර වසා රෙද්දක් පොරොවාගෙන මහලූ ස්ත‍්‍රියගේ ඇඳේ නිදාගත්තේය. 

කුඩා දැරිය නිවසට ඇවිත් කිරිඅම්මාට කතාකර ශබ්දයක් නැති නිසා ඇයගේ කාමරයට ගියාය. රෙද්දක් පොරොවාගෙන නිදා සිටින කිරිඅම්මාට ඈ කතා කළාය. ඊට ලැබුණේ ගොරහැඩි පිළිතුරු හඩකි. 

”මොකක්ද ඔය ගොරහැඩි සද්දෙ?” ඈ අසුවාය. 

”ඔබට සුබ පතනවා.” වෘකයා කීවේය. 

දැරිය පොරෝනය ටිකක් මෑත් කළාය. ලොකු ඇස්ගෙඩි දෙක දැක පස්සට විසිවී ”මේ මොකද ලොකු ඇස්?” කියා ඇසුවාය. 

”හොඳට දුව දිහා බලන්ඩ” වෘකයා පිළිතුරු දුන්නේය. 

ඈ පොරෝනය තව ටිකක් ඇද්දාය. ”මොකද මේ තරම් දිග අත් දෙකක්?” ඈ ප‍්‍රශ්න කළාය. 

”දුවව බදාගන්ඩ.” වෘකයා පිළිතුරු දුනි. 

වෘකයාගේ විශාල මුඛය ඈ දුටුවාය. ”ඔච්චර ලොකු කටක් මොකද?” 

”උඹව කන්ඩ” කියාගෙන පැන්න වෘකයා දැරිය මරා ගත්තේය.     

ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්  කතාව ලෝකයේ බොහෝ රටවල වැඩිහිටියෝ උපමා කතාවක් වශයෙන් භාවිතා කරති. ඇනකොන්ඩා මේ අවස්ථාවේ මෙම කතාව සිහිපත් කරන්නේ ද එවැනි පරමාර්ථයකිනි. එල්ටීටීඊය ලංකාව ජය ගැනීම සඳහා යුද්ධ කළ මුලූ කාලය පුරාම නොයෙකුත් පඩිවරුන් හා ජනමාධ්‍ය ‘ලංකාවේ බෞද්ධයන් හා හින්දුන් අතර සටනක් ඇතැයි’ කෑගසගසා ලෝකයට දැන්වූ හැටි අපට මතකය. එවැනි ලොකු කෑගැසීමක් නැතත්  බෞද්ධයන් හා මුස්ලිම් ආගමිකයන් අතර අර්බුදයක් ඇතැයි උඩ පැන පැන මොර ගසන පිරිසක් දැන් දකින්නට ලැබේ. ‘ගින්නක් ගින්නක්’ යයි  කියන මේ හැමදෙනාම ගින්න ඇවිලීමට වෙහෙසෙන කෛරාටිකයන් කවුදැයි නොපෙන්නා වැරදි පැත්තකට ඇගිල්ල දික්කරති.

ඉස්ලාම් ත‍්‍රස්තවාදය ලොව පුරා පැතිර යන්නකි. විකිපේඩියාවේ ‘ඉස්ලාම් ටෙරරිස්ට්  ඕර්ගනයිශේෂන්’ බලන්න. ත‍්‍රස්තවාදී සංවිධාන ලයිස්තුවක් කියවන්ට ලැබේ. මොවුන් ගැන මුද්‍රණය වී ඇති පොත් සිය ගණනකි. ජිහාඩ්, තලේබාන්,  හිස්බුල්ලා ආදී නම් ඇති ජාත්‍යන්තර ත‍්‍රස්තවාදි කල්ලි ගණනාවක් පිළිබඳව ලෝකයේ බලගතු ක‍්‍රිස්තියානි රටවල් සියල්ලම අවධානයෙන් පසුවෙති. නැවත කුරුස යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සමහර යුරෝපා රටවල් මහන්සි ගන්නා බවක් පෙනේ. ප‍්‍රංශය පැරණි ඉතිහාසය යළි සිහිගන්වමින් මාලි රටට හමුදාව යවා තිබේ. මේ ඉස්ලාම් ත‍්‍රස්ත කල්ලි සමහරක් ලංකාවේ ක‍්‍රියාත්මක වන බවට යම් යම් ආරංචි පැතිරේ. ‘ඉන්දියාවේ හා පකිස්ථානයේ ත‍්‍රස්ත ව්‍යාපාරවලට, ලංකාව සහ මාලදිවයින් ආරක්ෂක කලාපයක් වී තිබේද?’ යන සැකය ඇතැම් බටහිර ත‍්‍රස්ත විමර්ශන සංවිධානයන්ට ඇත.

ත‍්‍රස්තවාදයට අත හිත දෙන ඉස්ලාම් මූලධර්මවාදී සංවිධාන මුල්වී ඉතා සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්වූ සිංහල බෞද්ධයා සහ ඉස්ලාම් අදහන්නා අතර ගැටුම් ඇතිකිරීමට උත්සාහ කරන සිද්ධි ගණනාවක්ම පසුගිය කාලයේ අසන්ට ලැබුණි. පොතුවිල් මුහුදුමහා විහාරයට අයත් භූමිය ආක‍්‍රමණය කිරීම එක උදාහරණයකි. කූරගල බෞද්ධ භුමිය ආක‍්‍රමණය කිරීම තවත් උදාහරණයකි. දීඝවාපි චෛත්‍යයට අලාභහානි කිරීමෙන් ඇරඹුණු වැඩපිළිවෙළ චෛත්‍යය ඩෝසර් කිරීම දක්වා පැතිර ගොස් ඇත. විශාල වශයෙන් සිංහල බෞද්ධයන් ජීවත්වන ඇතැම් පළාත්වල ඇති ඉස්ලාම් දේවස්ථානවලට සැතපුම් භාගය හමාර ඈතින් මෝටර් රථ වාහන නළා ශබ්ද කිරීම තහනම් කෙරෙන දැන්වීම් පුවරු සවිකර ඇත්තේ ආගමික ආධිපත්‍යය පෙන්වීමක් ලෙසිනි. නැගෙනහිර ප‍්‍රදේශයේ සංචාරයක යෙදී බලන්න, මේ රට පුංචි අරාබියක් කරන හැටි දෑසින් දැක ගැනීමට පුළුවන. කලක සිට ඇතැම් ඉස්ලාම් දේශපාලන නායකයින් බලය පවත්වා ගැනීම සඳහා ආගම්වාදය තුරුම්පුවක් වශයෙන් භාවිතා කරන බව රහසක් නොවේ.  

මෙවැනි කටයුතු කරන ආගමික අන්තවාදීන්ට මොනම පාලනයක්වත් නැත. ඔවුන්ගේ අධම කටයුතු ගැන වචනයක් කතා නොකිරීමට ප‍්‍රවේශම් වෙන ඇතැම් දේශපාලනඥයෝ බෞද්ධ සංවිධාන අවුස්සා ඉස්ලාමිකයන් හා පොරපිටියට එවතැයි ඇමරිකාවට හා වෙනත් බටහිර රටවලට චෝදනා නගති. මෙවැනි කුමන්ත‍්‍රණ නැතුවා නොවේ. නමුත් ඉස්ලාම් ත‍්‍රස්තවාදින් මෙහෙයවන්නේත් බටහිර රටවල්දැයි බෞද්ධයන්ට ඇගිල්ල දික්කරන දේශපාලනඥයෝ නොකියවති. මොවුන් බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන පිරිස්වලට චෝදනා කරන්නේ ඉස්ලාම් සංවිධානවලින් මුදල් ගෙන යයි මතු කලක බෞද්ධ පාර්ශවයෙන් චෝදනා එල්ලවිය හැක.

ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට චෝදනා කිරීම අපේ බංකොලොත් දේශපාලන ගිරාපෝතකයන්ගේ ගැලවිජ්ජාවක් බවට පත්ව තිබේ. විහිළුවට කරුණ මෙයයි. ‘අපේ ආදරණීය මව්බිම’ ගැන කිඹුල් කඳුළු හෙළන මෙබඳු ඇතැම් දේශපාලකයන් ලෝකයේ තැනතැන ඉස්ලාමිකයන්ට සිදුවන ගැහැට ගැන මොරගාති. නමුත් තමන් ජීවත්වන මේ බිමේ තමන්ට වැඩිපුරම කතිරය ගසා රස්සාව අරන්දෙන සිංහල බෞද්ධයන්ට ඉස්ලාමිකයන් පහර දෙන විට අන්ධයන් ගොලූවන් බීරන් මෙන් සිටිති. මොවුන්ට ඊශ‍්‍රායලය පලස්තීනයට ප‍්‍රහාර එල්ලකරනු හොඳට පෙනෙයි, ඇසෙයි. ඒ ගැන කතාකරන්නට ඔවුන්ගේ කට ඇරෙයි. ‘ඇමරිකාව ඉස්ලාමිකයන්ට හිරිහැර කරන නිසා ඇමරිකන් ද්‍රව්‍ය පාවිච්චි කර හදන බඩුවලට හලාල් සහතිකය දෙන්න එපා’ යයි ජාතික නිදහස් පෙරමුණ උලමාවරුන්ගෙන් ඉල්ලා තිබුණි. එහෙත් ජාතික නිදහස් පෙරමුණට කුරගල, මුහුදුමහා විහාරය, දඹුල්ල, දීඝවාපිය නොපෙනෙයි. බංගලිදේශයේ බෞද්ධ සංහාර නොපෙනේ.

සිංහලයෝ ආගම්වාදින් හෝ ජාතිවාදීන් නොවෙති. ඉස්ලාම් ආගමිකයන් බෞද්ධාගමට හැරවීමට හෝ ඔවුන්ගේ ආගමික ස්ථාන ආක‍්‍රමණය කිරීමට බෞද්ධයන් උත්සාහ දැරීමක් ඉතිහාසයේ කවදාවත් සඳහන් නොවේ.  උපේක්ෂාවෙන්, උපහාසයෙන් ඒ වගේ ම ආදරයෙන් විවිධ ජාතීන්ගේ සම පැවැත්ම ඉවසා දරාගෙන ඉස්ලාම්,  ක‍්‍රිස්තියානි, හින්දු ආගම් සමග පෑහී එකම රටක වැසියන් වශයෙන් ජීවත්වීමේ හොඳ පුහුණුවක් සිංහල බෞද්ධයන්ට තිබේ. එවැනි බෞද්ධයෝ සම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් ඔබ්බට යමින් සංවිධානය වන්නේ නම් ඊට හේතුවක් තිබිය යුතුයි. 

සිංහල බෞද්ධයන් මෙසේ සංවිධාන ගතවීම ඇරඹීමට හේතුව ලොව පුරා පැතිරෙන ඉස්ලාම් මූලධර්මවාදය ලංකාවේ ද ක‍්‍රියාත්මක වෙමින් සිංහල බෞද්ධයාට විශාල විනාශයක් සිදුකරමින් සිටින බව සමාජයට කාන්දුවීමයි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා පාලනය ඇරඹුණු සමයේ, ‘අශ්රොෆ් (මියගිය) ජිහාඩ් සබඳතා ඇත්තෙකු බවට රහස් පොලිස් වාර්තා ඈ අතට පත්වුවත් අන්තර්ජාතික ආගමික දේශපාලන ත‍්‍රස්තවාදය ගැන අබඇටයක් තරම් අවබෝධයක් නැති ඇය දිගින්දිගටම අශ්රොෆ්ට වරාය හා නාවික ඇමතිකම දුන්නාය. තවත් වරෙක මුස්ලිම් කොංග‍්‍රසය වරාය ඇමතිකම බලහත්කාරයෙන් ලබාගත්තේ රෙජී රණතුංග ඇමති මණ්ඩලයේ තිබුණු තැන නැතිකරමිනි. වසර ගණනාවක් වරායේ බලය පවත්වාගෙන සිටි ඔවුන් ඒ කාලයේ ‘මොනවා’ මෙරටට ගෙන ආවේදැයි හිතන්නට කරුණු කාරණා දන්නා අයට නම් තත්පරයක් වත් ගත නොවේ. දැන් මුස්ලිම් කොංග‍්‍රසය අධිකරණ බලය උදුරාගෙන සිටින්නේ අහිංසක රිසානාට ජීවිතය අහිමිකළ ‘ශාරියාර්’ නීතිය සම්මත කරගැනීම ඇතුළු නීතිමාර්ගවලින් ඉස්ලාම් බලය පැතිරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීම පිණිස බව ඇනකොන්ඩාට දැනේ. 

දැන් සිංහල බෞද්ධ-ක‍්‍රිස්තියානි දෙපිරිසම පත්ව ඇත්තේ ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ් මුහුණ දුන් තත්වයටය. ඉස්ලාම් ත‍්‍රස්තවාදියෝත් ඔවුන්ගේ අන්තේවාසිකයෝත් හඳුනාගත නොහැකි වන සේ හිස පටන් හොඳහැටි පොරවාගෙන ඇඳට පැන සැඟවී සිටී. එහෙත් පොරෝනය යටින් උගේ මයිල් සහ දත් පෙනෙයි. සිංහල රයිඩින් හුඩ්ට සැකය පහළවී ප‍්‍රශ්න අසයි. ‘වෘකයා’ ප‍්‍රයෝගකාරී උත්තර දෙමින් සිංහල රයිඩින් හුඩ් මරාගෙන කන්නට තලූමරයි. වීරවංශ ඇතුළු ‘හයිනා’ කණ්ඩායම කටු ලෙවකන්නට පෙරේතකමෙන් ‘ආයිබෝ’ කියමින් සිටිති.

‘ලෝකයේ භයානකම ත‍්‍රස්තවාදියා පරාජය කළ ආණ්ඩුවකට මේ කැහුටන් පරාජය කිරීම කජ්ජක්දැයි’ කවුරු හෝ උදම්අනන්නේ නම් ඒ දේශපාලන අඳබාලයෙකි. එම නිසා මෙය රජය, වහාම, නොපමාව, දැන්ම ඉදිරියට පැමිණ මැඩපැවැත්විය යුතු භයානක උවදුරක් වශයෙන් ඇනකොන්ඩාට පෙනෙයි. රජය විසින් කළයුතු ක‍්‍රියාව රජයෙන් නොකෙරුනොත් සිදුවන්නේ ඒ කටයුත්ත බෞද්ධයන් භාරගැනීමයි. ආගමික කලකෝලහාල ඇතිවන්නේ එවිටය. බෙදුම්වාදින්ට ආගම් හෝ ජාතීන් කෝලහාල කරගැනීම මහා ජයග‍්‍රහණයකි.