Friday, October 31, 2014

සිංහලයින්ට කැවුම් කැවීම

දෙමළ සහ ඉස්ලාම් ජනයාගේ විතරක් නොවෙයි සිංහල ජනයාගේ නැදැයෝත් ඉන්දියාවේ වෙසෙනව. අපේ වංශකතා සහ ඉතිහාස කතා පරික්ෂා කරන්නෙකුට මේ නැදැකම් ගැන තොරතුරු දැනගැනීමට පුලූවනි. සිංහලයින්ට ඉන්දියානු  නැදැයන් නැතිවී යාමට කාරණා කිහිපයක් හේතුවුනා. ලොකුම හේතුව මහමදිකයන් උතුරු ඉන්දියාව අල්ලා ගැනීමයි.බුදුසසුන හා බෞද්ධයා නැතිකරපු සුල්තාන්වරු මුහුදේ බලය අත්පත් කරගෙන අපේ සම්බන්ධතා මාර්ග සියල්ල වසා දැම්මා.යුරෝපයේ සිට මහමදිකයන් පස්සෙන් ආපු පරංගි ඉන්දියානු සාගරයේ බලය අල්ලාගෙන සිංහල බෞද්ධයා නැතිකිරිම ඊලගට සිදුවුනා. ලංකාව ඉංග‍්‍රිසින්ගේ යටත් විජිතයක් වෙද්දී සිංහලයන්ට ඉන්දියා නෑයන් අමතක වී ගොහින්. ඉන්දියානුවන්ට ඒ දේම සිදුවෙලා. සිංහල රටේ නෑයන් සිටින බව අමතක වෙලා. නැතිවෙච්ච් නැදැකම් යළි මතුකරගෙන සිංහලයන් බලවත් කිරිමට නිදහස ලැබු ලංකාවේ කිසිම ආණ්ඩුවක් උත්සාහ දැරුවේ නැහැ. සිංහල නායකයින් නොකළාට  දෙමළ හා ඉස්ලාම් නායකයින් ඉන්දියාව සමග වැඩි වැඩියෙන් සම්බන්ධ වෙමින් තම තමන්ගේ ජාතින් ගොඩ නගා ගත්තා.    
අනගාරික ධර්මපාල තුමා දේශපාලනඥයෙක් නොවෙයි. සිංහල බෞද්ධ නායකයෙක් විතරයි. එතුමා සිංහල බෞද්ධයා අවදි කිරිමට හා කෙලින් කිරිමට හැම විරියක්ම දැරුවා. එතුමා අයත් වෙන්නෙ හේවාවිතාරන පවුලටයි. මෙම පවුල සිංහල වෙළඳ බලයක් ගොඩනැංවිමට මහන්සි ගත්තා. වෙළෙන්දො තමා ලෝකය දිනන්නෙ. සිංහලයින්ගෙ වැටීමට එක හේතුවක් තමයි වෙළදාමට උනන්දුවක් නොදැක්වීම. උනන්දුවක් දක්වපු ස්වල්ප දෙනාටත් මාක්ස්වාදීන් වැඬේ දුන්නා.
හේවාවිතාරන පවුල තමා අත් යන්ත‍්‍ර රෙදි නිෂ්පාදනය ආරම්භ කරන්නෙ. සර් ඞී. බී ජයතිලක වැනි ඉංග‍්‍රිසින්ගෙන් නම්බු නාම ලැබු උගත් දේශපාලනඥයින්  ධර්මපාලතුමාට බයවුනා. එතුමාව රටින් පිටකර ගත්හ. ඉන්දියාවට ගිය ධර්මපාලතුමා  අන්‍යාගමිකයින් අල්ලාගෙන තිබු බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට සතුකරදීම සඳහා මහා පරිශ‍්‍රමයක් දැරුවා. ඒ සේවයේ වටිනාකම එතුමා ජිවත්වු සමයේ සිටි සිංහල දේශපාලනඥයන්ට වැටහුනේ නැහැ.  මාක්ස්වාදය කරපු උදවියට  ධර්මපාලතුමා ජාතිවාදය අවුස්සන ආගම්වාදය පතුරුවන අපරාධකරුවෙක් වගේ පෙනි ගියා. මේ හැමෝම එතුමාට  ආගම් පිස්සා කියමින් නින්දා අපහාස කළා. ජාතිවාදියා කියමින් නින්දා අපහාස කළා.   
 මේ කාරණා ස්වල්පය මතක් කරන්නේ ඉන්දියාව හා ලංකාව අතර පැවති ඓතිහාසික සංස්කෘතික සබඳතාවය තහවුරු කිරිම හා පවත්වාගෙන යාම සඳහා ධර්මපාලතුමා  කරපු උතුම් සේවය වෙනුවෙන් ඉන්දියාව අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත්කරපු හින්දයි. කලූ සුද්දන් වශයෙන් ලංකාව පාලනය කරපු දේශපාලනඥයන් සහ මාක්ස්වාදී දේශපාලනඥයන් හැමෝටම වඩා  ධර්මපාලතුමා ඉන්දියාවට වටිනා පුද්ගලයෙක් බව ඉන්දියාව පිළිගන්නා බව මෙම ක‍්‍රියාවෙන් පැහැදිලියි. කලූ සුද්දන් හැමෝටම ධර්මපාලතුමා ජාතිවාදියෙක් ආගම් වාදියෙක්.  නමුත් ඉන්දියාව එහෙම හිතා නැහැ. ධර්මපාලතුමා ඉන්දියාව හා ලංකාව එක් කිරිමට සංස්කෘතික පාලමක් දැමු මහා ඉංජිනේරුවෙක් වශයෙන් ඉන්දියාව දකින්නෙ.
 ධර්මපාලතුමා ඇරඹු ලංකාව හා ඉන්දියාව අතර සබඳතාවය සම්පුර්ණ කිරිමට නම් සිංහල ජාතිය ඔවුන්ගේ ඉන්දියානු නෑයන් සමග සම්බන්ධ කළ යුතුයි. ඊට හැකියාව තියෙන දේශපාලන නායකයින් නැහැ. බලය තියෙන සිංහල දේශපාලනඥයින් පිරිසක් සිංහලයන්ට බෞද්ධයන්ට සේවය කිරිම නිසා දෙමළ හෝ මහමදික ජන කණ්ඩායම් තරහවේයයි බයයි. ඉතිරි පිරිස එවැනි සේවයක් කරමින් සිංහල බෞද්ධයන්ට සේවය කිරිමට කැමති නැහැ.
ඉන්දියාවේ නෑයන් සමග සම්බන්ධ වෙනවා තියා සිංහල ජාතිය තව අවුරුදු කීයක් පවතීද යන සැකය දැන් මතුවෙලා තියෙනව.ඊට ප‍්‍රධාන හේතුව  පුංචි පවුල රත්තරන් කිරිමේ වැඩ පිළිවෙලයි. මේ සාහසික වැඩ පිළිවෙලට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක සමානව වගකිව යුතු වෙනව. මේ දෙපාර්ශවයම මෙම අපරාධයට සම්බන්ධයි. පුංචි පවුල සිංහල ජාතිය වඳකිරිම සඳහා කාලයකට පෙර ඇරඹුන සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධකරගෙන ගෙනිගිය ඉතාම සංවිධානාත්මක  වැඩ පිළිවෙලක්. එහි ප‍්‍රතිඵල තමා දැන් පෙනෙන්ඩ අරගෙන තියෙන්නෙ.
සිංහලයාට දුර නොපෙනුනේ ඇයි? මෝඩයින් නිසාය කියල මහමදික පිරිස් කියනව. ඒක ඇත්තක් වෙන්ඩත් පුලූවනි. බොහෝ ගම්බද සිංහල පාසැල් වැසීයනව. පන්සල් පාලූවෙනව. ඉස්ලාම් ජනගහණය ලියලනව. සිංහල ගම් පැවතුන තැන්වල දැන් තියෙන්නෙ මහමදික ගම්. වර්තමාන අවදියේ උපදින හා බාල වයසේ පසුවන හැම දරුවෙකුටම අනාගතයේ ඔවුන් සිංහලයන් නිසා විඳින්ඩ සිදුවෙනව. අප හැමෝම ඊට වගකිව යුතුයි. ඇයි අපිනෙ පුංචි පවුල රත්තරන් වැඩ සටහනට අහුවෙලා ජාතිය නැසීමේ ව්‍යාපාරයට හවුල්වු මුල් පිරිස.
 අනාගතය මෙ තරම් අවදානම් වෙලා තියෙද්දිත් තාමත් මොලේ පාදාගන්ඩ බැරි සිංහලයෝ ඉන්නව.වැඩිපුර දරුවන් හැදුවාම ඔවුන්ට කන්න බොන්න දෙන්නේ කොහොමද? උගන්වන්නේ කොහොමද? කියා ප‍්‍රශ්න නගමින් පුංචි පවුල් හැදීමට මෙම පිරිස උපකාර කරනවා. මේ අපරාධය කරන පිරිස  අතරේ වැඩි දෙනා අධ්‍යාපනයක් ලැබු පිරිසවීම අභාග්‍යක්. ඔවුන් පුංචි පවුල් හදනව. සාමාන්‍ය ජනතාවට වැරදි ආදර්ශයක් සපයනව.
සිංහල ජාතියේ පැවැත්මට නම් හැම සිංහල පවුලක්ම අඩු වශයෙන් දරුවන් හතරක් හැදීය යුතුයි.  කතාකරමින් හිටින්ට කාලයක් නැහැ. එය තමා සිදුවිය යුත්තෙ. අවවාදයට වඩා ආදර්ශය හොඳය කියල පිරුලක් තියෙනවනෙ.අන්න ඒකෙ පිහිටා අන් අයට ආදර්ශය සපයන්ට ලොකු පවුල් හදන පිරිසක් ඇතිවුනොත් සිංහල ජාතිය ගොඩනගන්ඩ පුලූවනි. මේකට සංවිධාන උවමනා නැහැ. ජාතියට ආදරය ඇති හැම සිංහල තරුණයෙක්ම ආදර්ශමත් චරිතයක් විය යුතුයි. එවැනි ආදර්ශමත් චරිතවලට පුංචි පවුල හැදිමේ වැඩ පිළිවෙලට අසුවු අයගේ උපරිම සහය සහ ආධාර ලැබිය යුතුයි. 
  සිංහල ජාතිය ගොඩනංවන වැඩ පිළිවෙලකට දැන් තියෙන ආණ්ඩුවෙන් ආධාර ලැබේයයි සිතන්ඩ බැහැ. යු ඇන්පී රජයකින් කොහෙත්ම සහයක් ලැබෙන්නෙ නැහැ. සිංහල ජාතිය ගොඩනැඟිමට මහන්සි ගන්න බොදු බල සේනා රාවනා බලය ජාතික හෙලඋරුමය වැනි සංවිධාන වලට මේක කරන්ඩ බැහැ. මෙය සිදුවෙන්නෙ හැම සිංහලයෙක්ම ජාතික හැගුමෙන් යුතුව මේ කටයුත්තට දායකවුනොත් විතරයි.
  සිංහල ජාතිය ගොඩනැංවිම සඳහා පුංචි පවුලට විරුද්ධ අලූත් පරපුරක් බිහිවිය යුතුයි. ඒ සමගම සිංහලයන්ගේ දැනුම දියුණුකරන පොත පත සහ කලා කෘතින් වැඩි වැඩියෙන් බිහිවිය යුතුයි. මොකද වඳවීගෙන යන සිංහලයාගේ ඥානය දුර්වල කිරිමට නොයෙකුත් උපාය උපක‍්‍රම රටේ භාවිතා වෙනව.    

Wednesday, October 15, 2014

සිංහල 'චේ'ලා නොදන්නා චේගේ ජාතිකත්වය






‘හිසරදයට කොට්ටය මාරු කරනවා වගෙයි’ කියා සිංහල උපහැරණයක්  තියෙනව. අපේ පැරැුන්නන් මෙවැනි උපහැරණ භාවිතා කෙරුවෙ ජනතාව දැනුවත් කරන්නයි. ලෙඬේට බෙහෙත් නොකර මෝඩ විසඳුම් ඉදිරිපත් කරන්න එපා කියන උපදේශය මෙම උපහැරණය මගින් සපයනව. බටහිරට යටවී ඊළම්වාදීන්ට දණ හා හිස පමණක් නොවෙයි මුළු ශරීරයම පාපිස්සක් කරගෙන හිටි රනිල් වික‍්‍රමසිංහ වැනි නායකයින් පහකර මහින්ද රාජපක්ෂව ජනාධිපති ධුරයට පත්කර ගැනීම කොට්ට මාරුවක් නොවෙයි. ජනතාවගේ නුවණැති ක‍්‍රියාවක්.  රාජපක්ෂ ජනාධිපතිවරයා කොටි පරාජය කිරීමේ සටන මෙහෙයවා ජනතාවට නිදහස ලබාදුන්න. ප‍්‍රශ්නය මතුවුණේ කොටි හිතවාදී රටවල් ඔහුව ජාත්‍යන්තර ද`ඩුකඳට ගෙනියන්ඩ දරපු උත්සාහයේදී ඔහු ඉස්ලාම් රටවල පිළිසරණ පැතීමට යාමෙනුයිි.

ඔහු ඉස්ලාම් රටවල පිළිසරණ පතන්ඩ පතන්ඩ ලංකාවෙ ඉස්ලාම් නායකයින් ඒ වාසිය අරගෙන ඔවුන්ගේ බලය පතුරුවා ගත්ත. මේ නිසා සිංහල ජාතියට හා බෞද්ධයාට මහ අසාධාරණයක් සිදු වුණා. එය ඔවුන්ට වේදනාවක් වෙන්නෙ ජයරත්න අගමැතිවරයා ප‍්‍රධාන ඇමතිවරුන් පිරිසක් බෞද්ධයන්ට රිදෙන විදිහට කටයුතු කරන්ඩ පටන්ගත් නිසයි. මේ වාගෙ දුර්වලයෙක් අගමැතිකමට දමාගැනීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම දුර්වලකමක් විදිහටයි ඇතැම් නුවණැත්තන් හිතන්නෙ. 

යූඇන්පී පාලනයක්  සඳහා ජනතාව උසිගන්වන්නන් මේ කාලයේ වැහි-වැහැල. චීනය ඉන්දියානු සාගරයෙන් වැට්ටවීමට හිතන බටහිරුන් මේ සඳහා අත දිගඇරල මුදල් යොදෝනව. ඔවුන්ට දාසකම් කරන්නන් තමයි  මහින්ද රාජපක්ෂට බෑ, රනිල්ට පුළුවන් කියා කියවන්නෙ. රනිල්  කියන්නෙ ලංකා දේශපාලනයේ අන්තිම දුර්වලයෙක්. බටහිර රූකඩයක්.  මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් රටේ නායකයා වශයෙන් තෝරා ගැනීම නිවැරදි මග කියල කිසියම් පුද්ගලයෙක් කියනවා නම් ඒ පුද්ගලයා දේශපාලන දැනුමෙන් බූරුවෙක් විය යුතුයි. එහෙම නැතිනම් ලංකාව බටහිරට අල්ලා දී රට බෙදා යළිත් රටේ මහා විනාශකාරී යුගයක් ඇතිකිරීමට සිතන දුර්ජනයෙක්. ජනතාවගේ පැත්තෙන් ගත්තාම හිසරදයට සිය දිවි හානිකර ගැනීමක්. හිසරදයට වෛද්‍ය ප‍්‍රතිකර්ම කිරීම මිසක් දිවි හානිකර ගැනීම හරිම මුග්ධ ක‍්‍රියාවක්. සිංහලයින් එක්සත්වීම තමා ඊට බෙහෙත. ප‍්‍රතිකර්මය. ඔන්න ඔතනදි බොදු බල සේනා, ජාතික හෙළ උරුමය වැනි සංවිධානවලට මහ වගකීමක් තියෙනව.
හැබැයි වාමාංශික සංවිධානවලින් නම් රටට කිසිම වැඩක් වෙන්නෙ නෑ. රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට අප‍්‍රිය කිරීමට වාසුදේව, ආතාවුද, ඩිව් ගුණසේකර වැනි වාම පක්ෂවල නායකයින් මහ ලොකු වැඩ කොටසක් සිදුකරල තියෙනව. මේ අය කතා කෙරුවොත් කතාකරන්නෙ සිංහල බෞද්ධයන්ට විරුද්ධවයි. වැඩක් කෙරුව නම් ඒ හැම විටම සුළු ජාතීන් වශයෙන් ඒ අය සඳහන් කරන දෙමළ සහ ඉස්ලාම් ජන කොටස් සඳහා පමණයි. සුළු ජාතීන් යයි කිව්වට මේ ජන කොටස් දෙක ලංකාවෙ ආර්ථික බලය මෙහෙයනව. ඔළුගෙඩි වැඩි වුණාට සිංහලයන්ට රටේ කිසිම බලයක් නෑ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ චේ ගුවේරා සමරු උත්සව පවත්වනව. චේ ගුවේරා කියන්නෙ දකුණු ඇමරිකාවෙ රටක ඉපදුන කියුබානු විප්ලවයට උපකාර කරපු දොස්තර කෙනෙක්. පසුව වෛද්‍ය වෘත්තිය අතඇරල ගොරිල්ලා නායකයෙක් වශයෙන් බොලිවියා නිදහස් සටනක් ආරම්භ කරන්ඩ ගිහින් බොලිවියානු හමුදාවට හසුවෙලා, ඔවුන් චේ මරා දැමුවා. චේ දේශපාලන දර්ශනවාදියෙක් නොවෙයි. කියුබානු විප්ලවයෙන් පස්සෙ ඒ විදිහටම සටන් කරල බොලිවියාවෙ ආණ්ඩුව වෙනස් කරන්ඩ හැකිවේවි කියන හැඟීම ඇතිව ඔහු කටයුතු කළා. දර්ශනයක් නොතිබුණ චේගේ ගොරිල්ලා න්‍යායට අනුව කටයුතු කරන්ඩ ගිය ජවිපෙරමුණ අසරණ සිංහල බෞද්ධ තරුණ තරුණියන් දාස් ගණනකගෙ ජීවිත විනාශ කෙරුව. චේ ව්‍යාපාරයට සම්බන්ධ වූවා යයි අත්අඩංගුවට ගෙන භික්ෂුණ් වහන්සේලා පන්සියයනට ආසන්න ප‍්‍රමාණයක්  මරාදමා තියෙනව. මේ නිසා සිය ගණනක් විහාරස්ථාන පාළු වී ගියා. ඒ කාලෙ ලංකාවෙ සිංහල පළාත්වල වධකාගාර තිබුණ. රනිල් වික‍්‍රමසිංහගේ ආසනයෙත් බටලන්ද කියල ලොකු වධකාගාරයක් තිබුණ බව කවුරුත් දන්නව. මේ හැම දෙයක්ම සිදුවුණේ යූඇන්පී ආණ්ඩුව යටතෙයි. ජේවීපිය ’චේ’ සැමරුම් පවත්වමින්  රටට දෙන පණිවිඩය කුමක්ද?
   
අනගාරික ධර්මපාලතුමා කියන්නෙ වැටී තැලී පොඩිවී සිටි සිංහලයන් පිබිදවීමට සිය ජීවිතයම කැපකරපු සිංහල බෞද්ධ නායකයෙක්. ‘මම අවිහිංසාවාදියෙක්’ කියා කෑමොර නුදුන්නාට එතුමා අවිහිංසාවාදී නායකයෙක් වශයෙන් හැමදාම කටයුතු කළා. මහත්මා ගාන්ධි සමග සංසන්දනය කරන විට එතුමා ගාන්ධිතුමාට වඩා අවිහිංසාවාදියෙක්. ගාන්ධිගේ අවිහිංසාවාදය ගැන ලියවි තියෙන පොත පත පරිශිලනය කරන්න. එතුමාගේ අවිහිංසාවාදයේ ප‍්‍රධාන ලක්ෂණයත් තමා ස්වයං හිංසාව. ආහාර පාන නොගෙන උපවාස කිරීමෙන් දිවි තොර කර ගැනීමට වෙර දැරීම එතුමා විරෝධය ප‍්‍රකාශ කරපු ක‍්‍රමය වුණා. බුදු දහමේ හැටියට පර පණ නැසීම මෙන්ම තමාගේ පණ හානිකර ගැනීමත් පාපයක්. ධර්මපාලතුමා සතුරන්ට එරෙහිව හිංසාව භාවිතා කිරීමට උත්සාහ දැරුවෙවත් සිය දිවි නසා ගැනීමට උත්සාහ දැරුවෙවත් නැහැ. එතුමා ගාන්ධිට වඩා අවිහිංසාවාදියෙක් කියල කියන්නේ ඒ හින්දයි. වෙනත් වචනවලින් කියතොත් එතුමා සිංහල බෞද්ධ අවිහිංසාවාදියෙක්.  
බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධව සිංහල ජාතියට නිදහස ලබාදීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු නායකයෝ අපට ඉන්නව. කැප්පෙටිපොළ, පිළිමතලාවේ වැනි එවැනි වීරයෝ හැරුන විට නිදහස් රටක් සඳහා ජීවිත පරිත්‍යාග කරපු පුරංඅප්පු, ඩිංගිරාල, කුඩාපොළ උන්නාන්සේ වැනි නායකයින් පිළිබඳව බොහෝ තොරතුරු අප දන්නව. බි‍්‍රතාන්‍යයන්ගෙන් ඉන්දියාව පමණක් නොව ආසියාවම නිදහස් කිරීම සඳහා කැපවුන ඉන්දියානු නායකයින් ඉන්නව. සුභාස් චන්ද්‍රබෝස් එවැන්නෙක්. නමුත් ආසියාවේ කිසිම රටක වෙනත් රටවල උපන් අධිරාජ්‍ය විරෝධී අරගලවලට සම්බන්ධ වූ නායකයින් පිදීමක් සිදුවෙන්නෙ නෑ. ඒ හැම රටකම ස්වදේශික වීරයින් සිහිකරනව. අගය කරනව.

දකුණු ඇමරිකාවේ රටවල් ඔවුන්ගේ ජාතික වීරයන් සිහිකරනව. චේ කියුබානුවෙක් නොවුනත් කියුබානුවන් චේ සිහිකරන්නේ ඔහු කියුබානු විප්ලවයට උපකාර කළ හින්දයි. මෙය උපමාවකින් දක්වතොත් සිංහල බෞද්ධයන් ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් සිහිකිරීම වැනි ක‍්‍රියාවක්. මහින්ද හිමි ටිබෙට් ජාතිකයෙක් වුණත් සිංහල දේශයේ ජීවත්වූ, සිංහලයන් අවදි කළ භික්ෂුවක්.

ලංකාවෙ චේ සිහිකිරීමේ උත්සව පවත්වන ජවිපෙ කවදාවත් සිංහල ජාතික වීරයින් සිහිකරන්නෙ නෑ. ඒකෙන් පැහැදිලි කරන්නෙ ඔවුන්ට ජාතිකත්වයක් නැතිබවයි. ජාතිකත්වක් නැති මිනිස්සු ලෝකයෙ වෙනත් රටවල නෑ. ඇමරිකාව, රුසියාව, කියුබාව ආදි හැම රටකම මිනිස්සුන්ට ජාතිකත්වය තියෙනව. එහෙම නම් ජාතිකත්වය නැති සිංහලයො ලංකාවෙ ඇතිවුණේ කොහොමද? මේක උත්තරයක් දෙන්ඩ අමාරු ප‍්‍රශ්නයක්.

Sunday, October 5, 2014


වැඩි වැඩියෙන් දරුවන් හදමු.  





ඇමරිකාවේ ඔරිගන්හි කාලයක් පදිංචිව සිටි ඉන්දියානුවකු වූ රාජනීස් භගවාන්, ක‍්‍රිස්තියානි ආගම හා ඇමරිකානු සිරිත් විරිත්, සම්ප‍්‍රදායන් විවේනය කරන්නෙක් වූයේය. එහි අවසාන ඵලය වූයේ ඇමරිකානු පොලිසිය රාජනීස් අල්ලා සංක‍්‍රමණික නීති උල්ලංඝණය කළ තැනැත්තකු වශයෙන් චෝදනාකර රටින් පිටුවහල් කිරීමයි. ඉන්දියාවේ මාධ්‍ය ආයතන පවා ඔහුට විරුද්ධව නැගී සිටියේය. ‘ප්ලේබෝයි’ වැනි කාම සඟරා, පොත පත පළකරන  මාධ්‍ය ආයතන පවා ඒ කාලයේ රාජනීස්ව හැඳින්වූයේ ‘සෙක්ස් ගුරු’ නමිනි. රාජ පුරුෂයන්ට හසුවූ අපරාධකරුවෙකුගේ තත්වයට පත්ව සිටි රාජනීස් මිය යාමට පෙර ඔහුට විරුද්ධව නැගී සිටි බටහිර හා බටහිර සම්ප‍්‍රදාය කටයුතු කරන සියලූම ඉන්දීය ජනමාධ්‍යයන් සම්බන්ධව අපූරු පැහැදිලි කිරීමක් කළේය.

‘බටහිර ජනමාධ්‍යයන්ට කිසිම සදාචාරසම්පන්න භාවයක් නැත. පුද්ගයාගේ මනස කුණු කරන අපරාධ ¥ෂණ යුද්ධ කෝලහාල කාමය වැනි දේ පිළිබඳව මිස පුද්ගලයාගේ ඥානය අවදිකරවන ප‍්‍රවෘත්ති පළකිරීමට මොවුන් අකමැතිය. රටක කිසියම් ස්ථානයක අපරාධයක් සිදුවූ විට එතනට දුවන ඔවුහු ඒ ගැන තලූ මර මරා විස්තර කරති. බටහිර සම්ප‍්‍රදායේ මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන්, පුද්ගලයකු භාවනා කර ප‍්‍රඥාව පහළකර ගැනීම සමාජයට දැන්විය යුතු දෙයක් ලෙස නොසිතති’ යනුවෙන් ඒ පැහැදිලි කිරීමේදී කීවේය.

අපේ ජනමාධ්‍ය ආයතන පමණක් නොව මාධ්‍යකරුවෝද බටහිර මාධ්‍ය සම්ප‍්‍රදාය අනුගමනය කරති. එම නිසා මාධ්‍ය මගින් පුද්ගල සිත උසස් කිරීමේ වැදගත්කම ඔවුන්ට නොවැටහේ. මිනීමරුම් අපරාධ ස්ත‍්‍රී ¥ෂණ දහජරා වැඩ දේශපාලනඥයන් හා නළු නිළියන් පිළිබඳ ප‍්‍රවෘත්ති ඔවුන්ගේ රස බොජුන්ය. එම නිසා බොදු බල සේනා සංවිධානය භික්ෂුන් වහන්සේලා පන්දහකට අධික සංඛ්‍යාවක් සැප්තැම්බර් 28 වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයට රැුස්කරවා කළ කී දේ මහජනයාට නොපෙන්වීමට ඔවුන් අදහස් කිරීම පුදුම විය යුතු කරුණක් නොවේ. මෙවැනි රැුස්වීම් සිංහල බෞද්ධයාගේ ඥානය අවදි කිරීමට හේතුවන නිසා ඒවා ආවරණය කළ යුතු නැතැයි රජයේ රුපවාහිනී මාධ්‍ය ආයතන සිතුවා නම් පුදුම විය යුතු නැත. ‘මහජනයා දැනගත යුතුම මෙවැනි උත්සව ආවරණය කිරීමෙන් තමන්ගේ පැවැත්මට හානියක් සිදුවෙතැ’යි යන දුර දක්නා නුවණ ඒවායේ බලධාරීන්ට තිබිය යුතුය. නැතිනම් ඔවුන්ට සිදුවන්නේ කුමක් ද?  ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ක‍්‍රිස් නෝනිස්ට ප‍්‍රසිද්ධියේ කනේ පාරක් ගැසූ පුවත දැන් මුළු ලෝකයම දන්නා සිදුවීමකි.

බොදු බල සේනාව මෙහෙයවූ සඟ සමුළුව අන්තර් ජාලය ඔස්සේ නිරීක්ෂණය කළ ඇන්ජී ඕ කණ්ඩායම් බටහිර සංවිධානවලට නියම වාර්තා සපයා තිබේ. එක් කල්ලියක් පවසා ඇති ලෙසට සිංහල ජාතිය පුබුදුවන්නට භික්ෂුන් වහන්සේලාට තාමත් හැකියාව ඇත. මේ විස්තරය සපයන්නේ සිංහල ජන උපත් පාලනයට බොහෝම උපකාර කළ පිරිසකි. පෙරට වඩා දැඩිව හා සූක්ෂමව සිංහල උපත් පාලන වැඩ පිළිවෙළ ක‍්‍රියාවට නැගිය යුතු යයි ඔවුන් උපදෙස් දී  තිබේ. ඒ උපදෙස් ඉදිරි කාලයේදී ක‍්‍රියාත්මක වීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. එවිට සිංහල උපත් පාලන ප‍්‍රතිපත්තිය මීට වඩා සැරට ක‍්‍රියාත්මක වන්නට පුළුවන. එවිට සිංහල දරු හිඟය මීට වඩා වැඩිවනු ඇත. බොහොමයක් ගම්බද පාසැල් වැසී යන්නේ ළමයින් නැති කමිනි. මහණ කරන්නට ළමයකු සොයා ගැනීම කළුනික සෙවීමක් වී විහාරස්ථාන පාළුවීම වළැක්විය හැක්කේ කාටද? එවිට සඟ සමුළු පැවැත්වීමට හා සිංහල ජාතිය නගාසිටුවීමට සඟ සසුනක් ඉතිරි නොවේ. වැඩිවන ඉස්ලාම් ජනගහණය ගමක් ගානේ මස්ජිඞ් ගොඩනංවනු ඇත. දැන් ගොඩනංවාගෙන යන ඉස්ලාම් මූලධර්වාදී ආගමික කල්ලිවලට අසුවන පිරිස් බටහිර රටවල ආධාරයෙන් පණ රැුකගනු ඇත.

උපත් පාලන වැඩ පිළිවෙළ සිංහලයන් අතරේ පමණක් ක‍්‍රියාවට නැගෙන්නකි. මේ වැඩ පිළිවෙළ යටතේ සිංහල ජාතිය හෙමින් හෙමින් අඩුකරමින් ජාතිය වඳකිරීමේ වැඩපිළිවෙළ පටන් ගෙන දැන් අවුරුදු හතළිහකට ආසන්න කාලයකි. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රීලනිපය සහ එය වෙනත් පක්ෂ සමග සම්බන්ධවී පිහිටවූ හවුල් ආණ්ඩු සියල්ලම මෙම වැඩපිළිවෙළට ආධාර උපකාර කර තිබේ. පවුල් සෞඛ්‍ය සේවිකා වැඩ පිළිවෙළ යටතේ සිදුවු ප‍්‍රධානම කටයුත්ත සිංහල ගමක් ගමක් පාසා පවුල් සැලසුම නම් වූ ජාතිය වඳකිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමයි. මෙය සිංහලයන්ගේ ඇඟට නොවැටහෙන ලේ උරාබීමකි. පුංචි පවුල රත්තරන් කියමින් සිදුකරන සිංහල ජාතිය වඳ කිරීමේ වැඩපිළිවෙළ සාමාන්‍ය ජනතාවට තියා ජාතික හැඟුම් ඇති සිංහලයන්ට හෝ නොවැටහුණි. වැටහුන ස්වල්පයක් සිටියේ නම් ඔවුන්ට ඒ ගැන ජනතාවට කියාදීමට මගක් නොවීය.

මුස්ලිම් පිරිමියාට විවාහ කීපයක් කරගත හැකිය. නමුත් සිංහල පිරිමියකු විවාහ දෙකක් කරගැනීම ද`ඩුවම් ලැබෙන වරදකි. (රටේ පිරිමි අනුපාතයට අනුව ගැහැණු අනුපාතය ඉහළයාම සැලකිල්ලට ගෙන වසර ගණනාවකට පෙර වයඹ පළාතේ පිරිමින්ට විවාහ දෙකක් කරගැනීමට අවසර ලැබෙන පනතක් පළාත් සභාවට ඉදිරිපත්වූ බවට මාධ්‍ය වාර්තා පළ විණි.* මෑතකදී විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමීමේදීද සිංහල තරුණයන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි වාර්තා වේ. සිංහල තරුණයන් ගෙවිය යුතු විවාහ ලියාපදිංචි ගාස්තුව ඉහළය. මුස්ලිම් තරුණයන් ගෙවිය යුත්තේ අඩු මුදලකි. මෙසේ හැම අතකින්ම අවාසි සිදුවන්නේ සිංහලයන්ටය.

මුස්ලිම් ජනඅනුපාතය වැඩිවීම ගැටුම්වලට හේතුවක් බව අවබෝධ කරගත් බුරුම ආණ්ඩුව මුස්ලිම් දරු උපත් සීමා කිරීමට තීරණය කළේය. මුස්ලිම් බහුවිවාහයට තහංචි දැම්මේය.

සිංහල ජාතිය වඳකිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන පිරිස මෙහෙයවන ලද්දේ විදේශීන් පිරිසක් විසිනි. තිඹිරිගෙයි පටන්ම අබෞද්ධ අසිංහලයන් පිරිසක් මෙම වැඩපිළිවෙළේ නියාමකයෝ වූහ. කැලේ ගසක් නසන්නට කැලේ ගසක් යොදා ගන්නා පරිදි, මුදල්, තනතුරු හා නිලතල දී සිංහල බෞද්ධයන්  සහභාගි කරවා ගැනීමට එම අබෞද්ධ අසිංහල පිරිස් සමත් වූහ. මුලින්ම කළේ රජයේ ඇමතිවරු අල්ලා ගැනීමයි. සිංහල අම්මලාට දරුවන් පිළිසිඳ ගැනීම වැළැක්වූ පවුල් සෞඛ්‍ය සේවිකාවන් අතර ඉතාම වැඩි කොටසක් සිංහල බෞද්ධ කාන්තාවෝ වූහ.

උපත් පාලනය අපරාධයක් යයි කතෝලිකයෝ පිළිගනිති. උපත් පාලනයට පාප්තුමා එකඟ නැත. උපත් පාලනය අපරාධයක් යයි පාප්තුමා ප‍්‍රකාශකර තිබේ. දරු උපත් දෙවියන්ගේ කැමැත්ත යයි ඉස්ලාම් ආගමිකයෝ කියති. එමනිසා දරු උපත් පාලනය කිරීමට ඉස්ලාම් පූජකවරුන් එකඟ නැත. නමුත් මේ හැමෝම සිංහල බෞද්ධයන් උපත් පාලනයට පොළඹවති. පාප්තුමාගේ හා ඉස්ලාම් නායකයන්ගේ උපත් වැඩි කිරීමේ වැඩ ගැන වචනයක් කතා නොකරන නමුත් සිංහල බෞද්ධයන්ට උපදෙස් දෙන මෙවැනි සුළු ලියවිල්ලකට පවා ඔවුහු කෝප වෙති.

ප‍්‍රාණ ඝාතනය මහා අකුසලයක් නමුත් සිංහල අම්මලා ලවා ඉපදෙන්නට සිටින දරුවන් මැරවීම උපත් පාලන වැඩපිළිවෙළ මගින් සිදුකරනු ලබයි. මෙය බෞද්ධ කාන්තාව පවට පෙළඹවීමකි. උපදින්නට සිටින දරුවන් නැතිකිරීම නමැති මහා පාප කර්මයට සම්බන්ධ වී මොනතරම් පින් දහම් වැඩ කළත් කුමකටද? සිංහල කාන්තාව පවට පෙළඹවීම මගින් සිංහල සමාජ සංස්ථාවේ සාරධර්ම සුන්වීමද වැළැක්විය නොහැක.

 පවුල් සංවිධාන වැඩපිළිවෙළ මගින් සිංහල බෞද්ධ සමාජය හීනකොට නැතිකර දැමීමේ වැඩපිළිවෙළ ගැන බොදු බල සේනාවේ අවධානය යොමු විය යුතුය. ඊට දැන් වුවමනාවටත් වඩා වැඩ කටයුතු පැවරී ඇති නමුදු සිංහල ජාතියට පිහිටවන එකම සංවිධානය බවට බොදු බල සේනා සංවිධානය පත්වෙමින් සිටී. දරුවන් සම්පතක් බව ඔවුන් සිංහල සමාජයට දැන්විය යුතුය. වැලේ ගෙඩි වැලට බර නැතියි අපේ මුතුන් මිත්තෝ කීහ. පුංචි පවුල පෙන්වන දරු දෙදෙනා සහ අම්ම තාත්තාගේ පෝසටර්ය වෙනුවට ලොකු දරු පවුල දැක්වෙන පෝස්ටර්ය සිංහල සමාජයට ඉදිරිපත් කළ යුතුය. හැම විටම හැම තැනකම දරුවන් සම්පතක් බව කියමින් ලොකු දරු පවුල් බිහිකිරීමට පදනම දැමීය අවශ්‍යය.

සිංහල ජාතිය හීනකරන රජයේ උපත් පාලන වැඩපිළිවෙළ දුර්වල කිරීමට යම් යම් ක‍්‍රියා මර්ග ගැනීමට බොදු බල සේනා සංවිධානයට හැකියාව ඇතත් දරු උපත් වැඩි කිරීම එම සංවිධානයට කළ හැකි දෙයක් නොවේ. ඊට සිංහල බෞද්ධ ජනතා සහය අවශ්‍ය කෙරේ. විශේෂයෙන්ම ඊට සම්බන්ධවන සිංහල තරුණ තරුණියන් අනිකුත් සිංහල තරුණ තරුණියන්ට ආදර්ශ සැපයිය යුතු වන්නේය. අවවාදයට වඩා ආදර්ශය වැදගත් බව අපි දනිමු. සිංහල දරු සම්පත වැඩි කිරීම සහ වෙළහෙල\ාමට සිංහල බෞද්ධයා පෙළඹවීම සිංහල ජාතිය හා බෞද්ධයා එසවිය හැකි ප‍්‍රධාන මාර්ග දෙකයි.

           


Friday, September 26, 2014

වෘත්තීය සමිති සහ බොදු බල සේනාව





බොදු බල සේනාව වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වන බව කියවෙන පුවතක් අසන්ට ලැබුණී. මෙය වර්තමාන යුගයේ ජීවත්වන දේශපේ‍්‍රමියෙකුගේ කනට මිහිරිම පුවතකි. ඊට හේතුව මෙපමණ කලක් රට ගෙනයන සුක්කානම හෙවත් වෘත්තීය සමිති ව්‍යපාරය කෙරෙහි කිසිම සිංහල බෞද්ධ සංවිධානයක අවධානය යොමු නොවීමයි. සුද්දා රට පාලනය කරන කාලයේදීම රට ගෙනයන සුක්කානම වශයෙන් සැලකිය යුතු වෘත්තීය සමිති ව්‍යාපාරය සිංහල ජාතිය කෙරේ කිසිම හැඟීමක් නැති බුදු සසුන කෙරෙහි කිසිම ආදරයක් නැති කළු සුද්දන් පිරිසකට අයත් වුණි. දැන් ඔවුන් නැත. ඔවුන්ගෙන් බෝවුන පිරිසකට වෘත්තීය සමිති බූදලය අයිති වී තිබේ.

සුද්දන්ගේ කාලයේ ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය ඇරඹුණි. ඒ. ඊ. ගුණසිංහ වෘත්තිය සමිති ව්‍යාපාරයේ ප‍්‍රාරම්භකයා ලෙසින් ගෞරවයට ලක්වේ. කම්කරු පක්ෂයක් හදා කම්කරු රාජ්‍යයක් පිහිටුවීම ගුණසිංහගේ සිහිනය වූයේය. ලංඩන් නගරයේ කැරකෙමින් පැවති මාක්ස්වාදී ව්‍යාපාරය ලංකාවට පැමිණියේ මේ කාලයේය. එය මෙහි ගෙනාවේ එංගලන්තයේ ඉගෙනීමට ගිය ගෙදෙර දොරේදී කිසිවිටක සිංහල කථා නොකළ කිසිදිනක පන්සලකට ගොස් පුරුද්දක් නැති ලංකාවේ සුපිරි ධනපති පංතියේ තරුණයන් කිහිප දෙනෙකු විසිනි. ඔවුන් විසින් ආරම්භ කරන ලද සමසමාජ නමැති කොමියුනිස්ට් ව්‍යාපාරය ගුණසිංහ යූඇන්පියට එළවා දමා ඔහුගේ ආධිපත්‍ය යටතේ පැවති කම්කරු ව්‍යාපාරයේ බලය පැහැර ගත්තේය. මෙතැන් පටන් ලංකාවේ කම්කරු ව්‍යාපාරය මාක්ස්වාදීන්ගේ අතකොළුවක් වූයේය.

ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය වනාහි ඉංග‍්‍රීසීන්ගේ කාලයේ එංගලන්තයෙන් ලංකාවට ගෙනා කළු සුද්දන්ගේ වැඩ  පිළිවෙළකි. රටේ ඉතිහාසය නොසැලකීම, ජාතික උරුමයන්ට ගරු නොකිරීම, බටහිර සම්ප‍්‍රදායන් සහ උරුමයන් පෝෂණ කිරීම මාක්ස්වාදී ව්‍යාපාරයට නායකත්වය දුන් කළු සුද්දන්ගේ ප‍්‍රතිපත්තිය වූයේය. අධිරාජ්‍ය විරෝධී හඟීම් නිසා රටවැසියෝ ඔවුන්ට මුළා වූහ. පසු කලෙක රටවැසියන් යථා තත්වය වටහාගත් නමුත් වෘත්තීය සමිති ව්‍යාපරය තුළ කම්කරුවන් සිරකර තබා ගැනීමට මාක්ස්වාදීහු සමත් වූහ. අදටත් වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ කළු සුද්දන්ගේ මතවාද භ‍්‍රමණය වේ.

ලංකාවේ මාක්ස්වාදී නායකයෝ කම්කරුවන්ට ඔවුුන්ගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා ‘ඇහැට ඇහැක්’ නමැති බයිබල් උපදේශය තෝරාගත්හ. ව්‍යාපාරිකයාගේ පරමාර්ථය ශ‍්‍රමය සූරාකෑම යයි කී ඔවුහු, ශ‍්‍රමිකයා හෙවත් කම්කරුවා ලවා ‘ධනපතියන් භංගවේවා’ කියවූහ. මෙහිදී ව්‍යාපාර හිමිකරුවා ධනපතියා වශයෙන් සැලකුන නිසා,  වෙළඳාමක් ව්‍යපාරයක් කරගෙන කිසියම් ධනයක් රැුස්කරගත් සිංහල මුදලාලි ධනපතියකු වී සාමාන්‍ය ජනයාගේ හතුරෙක් බවට ‘සම්මත’ වූයේය.
මූල ධනයක් ආයෝජනය නොකර රජයකට හෝ පුද්ගලයෙකුට ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකිය. ලාභයක් නැතිනම් පුද්ගලයෙක් හෝ සමාගමක් ව්‍යාපාරයක් ආරම්භ නොකරයි. රටක් සංවර්ධනය වීමට කර්මාන්ත හා ව්‍යාපාර අවශ්‍ය වේ. කිසියම් ව්‍යාපාරයක කොටස්කරුවන් වන එහි සේවකයන් ව්‍යාපාරය ධනපතියකු ලෙස සලකමින් ධනපතියා භංගකරන්නට සිතීම එම ව්‍යාපාරයේ විනාශය පැතීමකි. වාමාංශික ව්‍යාපාරය කළේ සේවකයන් වැඩ වර්ජනවලට පොළඹවමින් ව්‍යාපාර විනාශ කිරීමයි.

 වෘත්තීය සමිති ව්‍යාපාරයට මුවා වී මාක්ස්වාදීන් හඳුන්වා දුන් වෛරී චින්තනය නිසා ව්‍යාපාර හිමිකරුවා තම වෛරක්කාරයෙක්ය යන සිතුවිල්ල සේවක සිත් තුළ පහළ විය. කුසගින්නේ නොසිටි නමුදු ‘සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්’ ගීය ගායනා කරවමින් කම්කරුවන් පෙළපාළියේ ගෙනයාමට වෘත්තිය සමිති නායකයෝ සමත්වූහ. වෛර කරන්ට පුරුදු පුහුණු සේවක පිරිස්, ‘මගේ රට මගේ ජාතිය මගේ ආගම’ යන හැඟීමෙන් ඈත්වී ආත්මාර්ථය සඳහා සටන් වදින්නන් කොටසක් බවට පත් වූහ. විජාතික සිතිවිලි පහළ කර ගැනීම කම්කරු පංතියටම පොදුවූ නමුත් ආගම හා ජාතිය කෙරෙහි ඇල්ම නැතිකර ගැනීම සිංහල බෞද්ධයන්ට පමණක් විශේෂ වූයේ ය.
සිංගප්පුරුව දියුණුරටක් ලෙස ගොඩනැගීමටත්, ලංකාව දිළිඳු රටක් කිරීමට හේතු වූයේ ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයයි. වරක් ලංකාවේ කම්කරු ව්‍යාපාරය එක දිගටට අවුරුද්දක්ම වරායේ වැඩ වර්ජන පැවැත්වීය. නැව් සමාගම්වලට විකල්ප වරායක් අවශ්‍ය විණි. මේ අවස්ථාවේ ඉදිරිපත් වූ සිංහගප්පූරු රජය කඩිනමින් තම කුඩා වරාය සංවර්ධනය කොට ලංකාවට පැමිණීමට පුරුදුව සිටි නැව් එහි ගෙන්වා ගත්තේය. සිංගප්පූරුව දියුණු වූයේ එසේය.

එපරිද්දෙන්ම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයා වනසා දමා අසිංහල අබෞද්ධ ව්‍යාපාරිකයන්ට රට අල්ලා දුන්නේත් වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාර විසිනි. මෙම පරගැති චින්තනයකින් කටයුතු කළ වෘත්තීය සමිති ව්‍යාපාරය නිසා මේ වන විට සිංහල බෞද්ධයා ශ‍්‍රී ලංකාව තුළ දෙවැනි පංතියේ පුරවැසියකු වෙමින් සිටී. එම කටයුත්ත සම්පූර්ණ වූ විගස ලංකාවෙන් සිංහල ජාතියත් බුදු සසුනත් අතුරු දහන්වීම වැළැක්වීමට සමතෙක් නැත.

මේ සියලූ විස්තර කෙටියෙන් සඳහන් කළේ බොදු බල සේනාව වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වන බව දැනගත් හෙයිනි. මෙය වර්තමාන යුගයේ ජීවත් වන දේශපේ‍්‍රමියෙකුගේ කණට මිහිරිම පුවතකැයි කීමට හේතුව මෙපමණ කලක් රට ගෙනයන සුක්කානම හෙවත් වෘත්තීය සමිති ව්‍යපාරය කෙරෙහි කිසිම සිංහල බෞද්ධ සංවිධානයක අවධානය යොමු නොවීමයි. එමනිසා බොදු බල සේනාව ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමුකොට හැම ක්ෂේත‍්‍රයකම බොදු බල සේනා වෘත්තීය සමිති පිහිටුවන්නේ නම් එය රටට ජාතියට අංශ කිහිපයකින් ප‍්‍රයෝජණවත් වන්නේය.

පළමුවැන්න වෘත්තීය සමිති ව්‍යපාරයට සම්බන්ධවීම මගින් බොදු බල සේනාවට රටේ වැඩකරන ජනතාවගේ සිත් සතන්හි දේශපේ‍්‍රමය හා ආගමාලය ඇතිකිරීමට මග පෑදේ. එවිට ඇතැම් ඇමතිවරුන් ජාතික සේවයේ යෙදෙන භික්ෂුන් වහන්සේලාට නින්දා අපහාස කිරීමට පෙළඹෙනු ඇත. බොදු බල සේනා වෘත්තීය සමිති තිබේ නම්, ඒවා, සිංහල බෞද්ධයන්ගේ ඡුන්ද ලබා බලයට පත්වන ආණ්ඩු සිහිය විකල් කරගත් විට, ඔවුන්ගේ සිහිය පෑදීමට මාර්ගයක් කර ගත හැකිය. එම නිසා බොදුබල සේනා වෘත්තීය සමිති සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ වටිනා වැඩ පිළිවෙලකි.
එසේම බොදු බල සේනාව වෘත්තීය සමිති තැනීමට ඉදිරිපත්වීම පරගැති වාම ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් පිස්සු වට්ටන කාරණයකි. එමනිසා ඔවුන්ගෙන් නොයෙක් ගල් මුල් බොදු බල සේනාවට එල්ලවීම වැළැක්විය නොහැක. සමහරවිට ඔවුන් මෙම සංවිධානයේ හාමුදුරුවරුන්ට විනය ඉගැන්වීමට ඉදිරිපත්වීමටද බැරිකමක් නැත. දැනටමත් සමහර ඇමතිවරුන් බොදු බල සේනාවේ භික්ෂුන් වහන්සේලාට සිංහල ඉගැන්වීමට උත්සාහ කිරීම නිදසුනකි.

වෘත්තීය සමිති යනු වාමාංශිකයන්ගේ බූදලයක් යයි සිතාගෙන සිටින මෝඩයෝ ලංකාවේ වෙසෙති. ඒ මතය තහවුරු කිරීමට වෙහෙසෙන තක්කඩියන්, ‘හාමුදුරුවරු පිනට හම්බවෙන දානෙ ටික කා පන්සලට වෙලා හිටියාම  මදිදැැයි’ ඇසීමට පුළුවන. මේ කිසිවකට නොසැලී සිංහල බෞද්ධ වැඩකරන ජනතාව එක්සත් කිරීමට බොදු බල සේනාවට හැකිවිය යුතුය. ජර්මනියේ ක‍්‍රිස්තියානි කම්කරු පක්ෂය ඒ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයකි. ඇමරිකාව, බි‍්‍රතාන්‍යය වැනි රටවල නාමිකව නැතත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ ක‍්‍රිස්තියානි ආගමට සම්බන්ධය. ඉස්ලාම් රටවල නම් හැම දෙයක්ම ඉස්ලාම්ය.
ලංකාවේ පමණක් වෘත්තීය සමිති ව්‍යාපාරය අල්ලාගත් අබෞද්ධ අසිංහලයෝ සිංහල බෞද්ධයන් මඩවති.  

Saturday, September 20, 2014

යුනිලීවර් කොම්පැනියෙන් ජරාව කෑ සෞඛ්‍ය ලොක්කෝ රටේ දරුවන්ට වස කවන්නට නීති ගෙනෙති.

අනාගත පරපුරම අනතුරේ.... වහාම මේ ගැන හිතවතුන්ට කියන්න.

විස්තර අතටම දීලත් ඇමතිවරු බුදි.... (හේතුව ජරාවදැයි තවම නොදනිමි....)
කොම්පැනිකාරයා දැන්වීම් නොදේවි යැයි බියෙන් මාධ්‍ය නිහ`ඩයි.....




මිනිසාගේ ආහාර පරිභෝජන රටාව වෙනස්වීම වර්තමාන මිනිසා මුහුණ පා සිටින විශාලම ගැටලුවකි. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය මේ ශ්‍රී ලංකාවයි. ‍පෝෂ්‍යදායී බත්, කුරක්කන්, මුං ඇට, අල බතල කා කැඳ, ඔසුපැන් බි නිරෝගී ජීවිතයක් ගත කළ සිංහලයා අද වන විට රසායනික වස විස යොදා වගා කරන එළවළු, පලතුරු, රසායනික ද්‍රව්‍ය යොදා රස කළ ආහාර තලුමරමින් ගිලදමා ජීවිතයෙන් වැඩි කාලයක් රෝහල් ගානේ ඇවිදිමින් දහදුක් විඳිති. ළදරුවෝ පවා පිළිකා, දියවැඩියා ආදී රෝගවලින් පෙළෙති.

බහුජාතික රසායනික සමාගම් ලෝකයම ආක්‍රමණය කර ඇත. මේ විපත හඳුනා සිටින පුද්ගලයන් මිනිසුන් මේ විපතින් ගලවාගැනීමට දැඩි වෙහෙසක් ගන්නා නමුදු දැවැන්ත ව්‍යාපාර අත දිගහැර වීසිකරන මුදල්වලට ඔවුන්ගේ වෑයම් යටපත් වීම අවාසනාවකි.

කර්මාන්තශාලාවල නිෂ්පාදනය කෙරෙන නන්විධ ආහාර ද්‍රව්‍ය කල්පවත්වා ගැනීමටත්, රසවත් කිරීමටත් යොදන විවිධ රසායන ද්‍රව්‍ය මිනිසාට කරන හානිය ඉතා විශාලය. පිළිකා, වකුගඩු ආබාධ, ස්නායු රෝග වැනි රෝග ගණනාවක් හටගැනීමට මේ රසායනික ද්‍රව්‍ය ප්‍රබල හේතුවක් වී තිබේ.

මෙහි ඇති භයංකරම තත්ත්වය නම් මේ ආහාරවලින් බහුතරයක් ගැබිනි මව්වරු, ළදරුවන් හා වැඩෙන වයසේ දරුවන් පරිභෝජනය කිරීමයි. කුඩා දරුවන් පවා පිළිකා, වකුගඩු ආබාධ, දියවැඩියාව ආදියෙන් පෙළීමට මූලික හේතුවක් වී ඇත්තේ මේ විෂ සහිත ආහාරයි.

එම නිසා එබඳු විෂකාරක සහිත ආහාර විශේෂයෙන්ම දරුවන්ට දීම වැළැක්වීමට ලෝකයේ බෙහෝ රටවල් උත්සාහ ගනී. මේ තත්ත්වය හඳුනාගත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධරයන් 2009 වසරේ වටිනා ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ 1980 අංක 26 දරන ආහාර පනත යටතේ 2009 ජූලි 28 වැනි දින සෞඛ්‍ය ආරක්ෂක හා ‍පෝෂණ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2009 සැප්. 01 දාතමින් යුතු අංක 1617/16 දරන අති විශේෂ ගැසට් නිවේදනයයි.

2010 මාර්තු මස 01 වැනි දින සිට බලපවත්වන  පරිදි නිකුත් කෙරුණ මේ නියෝග 2009 ආහාර (ප්‍රතිඔක්සිකාරක) නියෝග යනුවෙන් හැඳින්වේ.

1617/16 දරන මේ අති විශේෂ ගැසට් නියෝග යටතේ ආහාර සඳහා භාවිත කළ හැකි ප්‍රතිඔක්සිකාරක කීපයක් නම් කරන ලද අතර ඒවා භාවිත කළ හැකි මාත්‍රා ද සඳහන් කෙරෙයි. ඒ හැර කිසිදු ප්‍රතිඔක්සිකාරකයක් ආහාර සඳහා භාවිත කිරීම පමණක් නොව නිෂ්පාදනය, ආනයනය, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, බෙදාහැරීම, භාවිත කිරීම හෝ ප්‍රචාරය කිරීම තහනම්ය. මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ 04 වැනි නියෝගය ඉතා වැදගත් එකකි. එය මෙසේයි:

“එසේ වුව ද, ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා වන ආහාරයක් හෝ ඒ ආහාරයක් මත 1 වැනි උප ‍ලේඛනයේ 1 වැනි, 2 වැනි සහ 3 වැනි අයිතමවල නිශ්චිතව සඳහන් කරන ලද යම් ප්‍රතිඔක්සිකාරකයක් හෝ ඒවායේ සංයෝගයක් අඩංගු නොවිය යුතුය.”

ගැසට් නිවේදනය මගින් අනුමැතිය ලබා දී ඇති ප්‍රතිඔක්සිකාරක වුවද ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා වන ආහාර සඳහා භාවිත නොකළ යුතුය යන්න එහි අර්ථයයි.

ප්‍රතිඔක්සිකාරක යනු මොනවා දැයි නොදන්නා පාඨකයන්ගේ දැනගැනීම පිණිස ඒ පිළිබඳ හැඳින්වීමක් කරමු.
ගැසට් නිවේදනයේ අංක 9 යටතේ සඳහන් පරිදි “‘ප්‍රතිඔක්සිකාරක’ යනු ආහාරවල මුඩු රසක් හෝ ඔක්සිකරණය මගින් රසයෙහි පරිහානියක් ඇති කිරීම ප්‍රමාද කරන, අඩු කරන හෝ වළක්වන ද්‍රව්‍යයක් අදහස් වන අතර ඊට ලෙසිනීන්, ඇස්කෝබික් අම්ලය හෝ එහි ලවණ,ටොකෝෆෝරල් වර්ග, සිට්රික් අම්ලය හෝ ‍පොස්පරික් අම්ලය ඇතුළත් නොවේ.”

එසේම ගැසට් නිවේදනයට අනුව,
“ළදරුවන් යන්නෙන් මාස දොළහට අඩු ළමයින් අදහස් වේ. කුඩා ළමයින් යන්නෙන් වයස අවුරුදු එක සහ තුන අතර ළමයින් අදහස් වේ.”

මේ ගැසට් නිවේදනය නිකුත් කර කලකට පසුව 2011 වසරේදී ගලෙන්බිඳුණුවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කහටගස්දිගිලිය අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ලකට අනුව මහෙස්ත්‍රාත්වරයා ඇස්ට්‍රා මාගරින් වයස අවු. 3ට අඩු දරුවන්ට හානිකර බැවින් ඒ බව පාරිභෝගිකයන්ගේ දැනගැනීම පිණිස වන සටහනක් ඇස්ට්‍රා මාගරින් බඳුන්වල ප්‍රදර්ශනය කළ යුතු බවට නියෝගයක් නිකුත් කළේය.
එසේ නියෝග කිරීමට හේතු වූයේ අදාළ මාගරින් වර්ගයේ ජ් 319 නමැති ප්‍රතිඔක්සිකාරකය අඩංගු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණිලි කර තිබිමයි.

E319 හෙවත් ටර්ට්-බියුටයිල් TBHO ්‍රාක්විනෝන් යනු  1617/16 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ  ඇතුළත්, “ආහාරවලට එකතුකිරීමට අනුමැතිය ඇති නමුදු ළදරුවන්  හා ළමයින් ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍යවලට එක් නොකළ යුතු” ප්‍රතිඔක්සිකාරකයකි.

E 319 ප්‍රතිඔක්සිකාරකය ළදරුවන්ට සහ වයස අවු. 3ට අඩු දරුවන්ට නුසුදුසු වන්නේ එය ඔවුන්ගේ මොළයට හානි සිදු කරන නිසාය බොහෝ බටහිර රටවල E 319 ආහාර සඳහා භාවිත කිරීමට  අවසර නොදේ.
මේ අධිකරණ නියෝගයෙන් පසුව යුනිලීවර් සමාගම ප්‍රකාශ කළේ තම නිෂ්පාදනය ළදරුවන්ට හා කුඩා ළමයින්ට නුසුදුසු බවට අවවාදාත්මක සටහනක් තම නිෂ්පාදනයේ පළ කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් ආයතනයක් මගින් තම ආයතනයට දැනුම් දී නැති බවත් තම නිෂ්පාදනය ළදරුවන් හෝ කුඩා ළමයින් ඉලක්ක කර නිපදවනු ලබන්නක් නොවන බවත්ය.

යුනිලීවර් ආයතනයේ එම ප්‍රකාශයට විරුද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අභියෝග කළේය.
“එම නිෂ්පාදනය ළදරුවන් හා ළමයින් ඉලක්ක කර නිෂ්පාදනය නොකරන්නේ නම් දරුවන් මව්වරුන්ගෙන් එම නිෂ්පාදනය ඉල්ලන දර්ශන යොදාගෙන මාධ්‍ය මගින් එම නිෂ්පාදනය ප්‍රචාරය කරන්නේ ඇයි?” ම.සෞ.ප. සංගමය යුනිලීවර් ආයතනයෙන් ප්‍රශ්න කළේය. ආහාර පනත යටතේ වරින් වර කෙරෙන සංශෝධන ගැසට් පත්‍ර මගින් ප්‍රසිද්ධ කරන බැවින් මේ පිළිබඳ තමන්ට කිසිවකු දැනුම් දී නැති බවට නිෂ්පාදන ආයතනය කරන ප්‍රකාශය පදනම් විරහිත එකක් බවත් සංගමය පැවසීය.

මෙසේ යුනිලීවර් ආයතනය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමය අතර ගැටුමක් නිර්මාණය විණි.
මේ සිදුවීම් පෙළෙන් කලකට පසුව 2013 මැයි මස 6 වැනි දා සෞඛ්‍ය අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. අංක 1809/4 දරන එම අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඉහත විස්තර කළ අංක 1617/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයට සංශෝධන කීපයක් එක් කෙරිණ.

ඒ අනුව 1617/16 දරන ගැසට් නිවේදනයේ 4 වැනි නියෝගයේ අතුරු විධානයෙහි “ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා” යන වචන වෙනුවට “ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා” යන වචන ආදේශ කෙරිණි.
එහි 9 වැනි නියෝගයෙහි, “ප්‍රති ඔක්සිකාරක යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට “‘ප්‍රතිඔක්සිකාරක’ යන්නෙන් ඔක්සිකරණය මගින් නරක්වීමට එරෙහිව ආරක්ෂා කිරීම මගින් ආහාරවල සජීවී ජීවී කාලය දීර්ඝ කරන්නා වූ ආහාර ආකලන ද්‍රව්‍යයක් අදහස් වේ” යන අර්ථ නිරූපණය එක් කෙරිණි. එසේම 9 නියෝගයෙහි ‘ළදරුවන්’ යන යෙදුමේ අර්ථ නිරූපණයට ඉක්බිති පහත දැක්වෙන අර්ථ නිරූපණය ඇතුළත් කිරීමෙන්,
“ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා වූ ආහාර යන්නෙන් ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද, නිෂ්පාදිත හෝ අලෙවිකරණය කරන ලද ආහාර ද්‍රව්‍ය අදහස් වේ” යනුවෙන් සංශෝධනය කෙරිණ.
මෙහි අර්ථය නම් “ළදරුවන් හා කුඩා ළමයින් සඳහාම විශේෂයෙන් සකසන ආහාරවලට පමණක් එකී ප්‍රතිඔක්සිකාරක එක්කිරීම තහනම්” බවයි.

සෞඛ්‍ය බලධරයන් 2009 ආහාර (ප්‍රතිඔක්සිකාරක) නියෝග මේ ආකාරයෙන් වෙනස් කිරීමට හේතුව කුමක් ද?

කහටගස්දිගිලිය අධිකරණයේ නියෝගයට ප්‍රතිචාර දක්වමින් යුනිලීවර් සමාගම කියා සිටියේ ඔවුන්ගේ නිෂ්පාදනය ළදරුවන් හෝ ළමයින් ඉලක්ක කර නිපදවන එකක් නොවන බවයි. ඔවුන් එයින් පවසන්නට උත්සාහ කරන්නේ තම නිෂ්පාදනය ළදරුවන් හා කුඩා ළමයින් ඉලක්ක කර නිෂ්පාදනය නොකරන නිසා E 319 ප්‍රතිඔක්සිකාරකය එහි අඩංගු වූවාට ප්‍රශ්නයක් නැති බවයි.

මෙය අපූරු ආඳා තර්කයකි. මාගරින් යනු දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා පරිහරණයට කරන ආහාරයකි. විවිධ රසකැවිලි, තෙල් දැමූ ආහාර ආදිය මගින් ඒවා ළදරුවන්ගේ හා කුඩා ළමුන්ගේ ශරීරයට එක් වේ. සෞඛ්‍ය බලධරයන් ආහාර පනත සංශෝධනය කරමින් සිදු කරන්නේ මේ නිෂ්පාදකයන්ට තවදුරටත් තම නිෂ්පාදනවලට E 319  එක් කිරීමට අනුබලදීමයි. සමාගමට වාසි වන පරිදි නීතිය වෙනස් කරදීමයි.

ළදරුවන්ගේ හා කුඩා ළමයින් සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කෙරෙන ආහාර ඇත්තේ සීමිතවය.  මාගරින් බඳු ආහාර එසේ විශේෂයෙන් නිෂ්පාදනය කෙරෙන බවක් අපි නම් නොදනිමු.

අඩුම තරමින් ළදරුවන්ට හා කුඩා ළමයින්ට හානිකර ප්‍රතිඔක්සිකාරක ඇතුළත් ආහාර ද්‍රව්‍යවල ඒ බව සඳහන් කළ යුතු බවට වගන්තියක්වත් මේ සංශෝධනයේ දී ඉදිරිපත් කළ යුතුව තිබුණි. මෙය ජාතියේ අනාගතය භාරගැනීමට සිටින දරු පරපුරේ නිරෝගීභාවයට අදාළ කාරණයක් බව හිතා හෝ එබඳු වගන්තියක් ඇතුළත් කළ යුතුව තිබුණි. එහෙත් සෞඛ්‍ය බලධරයන් ඒ යුතුකම ඉටුකර නැත.

දැන් යුනිලීවර් සමාගම තම ඇස්ට්‍රා මාගරින්වල ප්‍රතිඔක්සිකාරක ඇතුළත් බව සඳහන් නොකරයි. අප සතුව ඇති ඇස්ට්‍රා මාගරින් බහාලුමක ඒවා මාස 9ක් කල්තබාගත හැකි බව සඳහන්ව ඇත. එහෙත් එහි අන්තර්ගත ද්‍රව්‍ය අතර ප්‍රතිඔක්සිකාරක නැත. ප්‍රතිඔක්සිකාරක නැතිව මේවා මාස 9ක් තබාගන්නේ කෙසේද?  2011 වසරේ ඇස්ට්‍රා මාගරින් බහාලුම්වල E 319 ඇති බව සඳහන් කර තිබේ.

වෙළෙඳ‍පොළේ ඇති වෙනත් මාගරින් වර්ගවල ප්‍රතිඔක්සිකාරක ඇතුළත් බවට සඳහන් කර ඇත. එසේ නම් මේ වර්ගයේ ප්‍රතිඔක්සිකාරක නැතිව නිෂ්පාදනය කරන බව අපට පිළිගත හැකිද?



























දැන් සෞඛ්‍ය බලධරයන් පනත වෙනස් කර ඇති නිසා මේ නිෂ්පාදනයේ E 319  තිබුණද නීතියෙන් බේරීමට යුනිලීවර් සමාගමට හැකියාව තිබේ. එහෙත් එම ප්‍රතිඔක්සිකාරකය නිෂ්පාදනයේ තිබියදී එය සඳහන් කර නැත්නම්, සමාගම කර ඇත්තේ 2005 ජනවාරි 19 වැනි දින දරන අංක 1376/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2005 ආහාර (‍ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ) නියෝග කඩකිරීමකි. එහි 04 වැනි වගන්තියට අනුව “මේ පනත යටතේ සාදන ලද නියෝග මගින් නියම කරන ලද කුමන හෝ අවසරලත් ආකලන ද්‍රව්‍ය නම් වශයෙන් හෝ ජාත්‍යන්තර අංක යෙදීමේ ‘අයි’එස්.එන්’ (ISN) ක්‍රමයෙන්”; සහ “එවැනි ආහාරයක අඩංගු සංඝටකවල සම්පූර්ණ ලැයිස්තුවක් ඒවා සඳහා භාවිත කරනු ලබන ‍පොදු නම්වලින් යොදාගනු ලබන ප්‍රමාණයන්ට අනුව අවරෝහණ ක්‍රමයට දැක්විය යුතුය.”

ඒ අනුව මේ නිෂ්පාදනය E 319 හෝ වෙන යම් ප්‍රතිඔක්සිකාරකයක් අන්තර්ගත නම් එය පැහැදිලිව සඳහන් කළ යුතුව තිබේ. එහෙත් ඇස්ට්‍රා මාගරින් බහාලුම්වල එවැනි සඳහනක් නැත.

එදා යුනිලීවර් සමාගම සමග ‍පොරට වැටුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමය අද ඒ සමාගම සමග එක්ව සමාජ සත්කාරක වැඩසටහන්වල නිරත වන බවත් ඒ වැඩසටහන්වලට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ද සම්බන්ධ බවත් මාධ්‍ය මගින් ප්‍රචාරය විණි. (2014 පෙබරවාරි 23 ඉරිදා ලක්බිම 31 පිටුවේ දැන්වීම) පසුගිය කාලයේ පැවති මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව අවස්ථාවේ යුනිලීවර් සංගමයෙන් විශාල අනුග්‍රහයක් ද ලැබි ඇති බවත් සාමාජිකයන්ට රු. 2000ක් වටිනා ප්‍රණීත ආහාර වේලක් සමාගමේ අනුග්‍රහයෙන් ලැබෙන බවට නිවේදන පවා නිකුත් කෙරුණු බවත් වාර්තා වේ. ඉතින් ඔය අහක යන කුණු ගොඩවල් පරීක්ෂා කරන්නේ මොකටද අප්පා...

මහජන මුදල් කෝටි ගණන් යොදවා තමන්ට වැටුප් ගෙවන්නේ සමාගම්වල අතපල්ලෙන් වැටෙන ඉඳුල් ලෙවකා ජනතාවට කෙකා පෙන්නීමට, දරු පරපුරත් රටේ අනාගතයත් විනාශ කරන්නට නොවන බව ඔවුන් තදින් සිතට ගත යුතුව තිබේ.

දැන් කල් ඉකුත් වූ ආහාර, කල් ඉකුත් වූ ඖෂධ, නරක් වූ ආහාර ආදී සියල්ල සොය සොයා හෙළිදරව් කරන්නේ පාරිභෝගික අධිකාරියයි. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් අතින් එම වගකීම් නිසියාකාරව ඉටු නොවන බැවින් විය යුතුය. ඉස්සර කිරුම් මිනුම්වලට හා මිල පාලනයට කොටුවී සිටි පාරිභෝගික අධිකාරිය මේ වැඩට බැස ඇත්තේ පවතින හිඩැස දැකීම නිසා විය හැකිය. ඉදිරියේ දී ආහාරවල අන්තර්ගත සංඝටක පිළිබඳ තවත් ‍ලේබලයක් ආහාර ඇසුරුම්වලට එක් කරන්නට පාරිභෝගික අධිකාරිය කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේද ඒ නිසාම විය හැකිය.

කිරිපිටිවල ඩීසීඩී පරීක්ෂා කිරීමට මැදිහත් වූ පරිද්දෙන්, කාර්මික තාක්ෂණ ආයතනයට මේ අවස්ථාවේ මීට මැදිහත් වී තම යුතුකම ඉටු කිරීමේ හැකියාව තිබේ. ඒ මෙකී නිෂ්පාදනයේ E 319 අන්තර්ගත ද නැද්ද යන්න පරීක්ෂා කර බලා සත්‍ය තත්ත්වය රටට කීමෙනි.

එම ප්‍රතිඔක්සිකාරකය එහි අන්තර්ගත නම් ඔවුන් එය සඳහන් නොකිරීමේ රහස කුමක්ද?

සෞඛ්‍ය බලධරයන්ට ද අවංකකමක් තිබේ නම්, හෘද සාක්ෂියක් තිබේ නම් 2005.01.19 දින දරන අංක 1376/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව කටයුතු කළ හැකිය.

වයස අවු. 3ට අඩු දරුවන් සිටින දෙමාපියනි. ඔබ දරුවන් දෙන ආහාරවල මේ විස රසායනිකවලින් එකක් තිබේ දැයි හොඳින් පරීක්ෂා කර බලන්න. ආහාර ඇසුරුම්වල මේ බව සඳහන්ව තිබේ. E 304, 305, 310, 311, 312, 319, 320 අංක සහිත ප්‍රතිඔක්සිකාරකයක් ඇතුළත්ව තිබේ නම් ඔබේ දරුවාට ඒ වස මුසු ආහාර දෙන්න එපා.

ඇස්ට්‍රා සහ වෙනත් මාගරින් වර්ග යෙදා සැදූ ආහාර ඔබේ  අවු. 3ට අඩු දරුවන්ට දෙන්න එපා.


Wednesday, September 17, 2014

අනගාරික ධර්මපාල නම විකුණාගෙන කෑම



සිංහල බෞද්ධයාගේ වර්තමාන තත්වය ඉංග‍්‍රීසි පාලන කාලයටත් වඩා නරකය. ඊට හේතුව ජනගහණයට සාපේෂකව සිංහල බෞද්ධ උපත් පහළට වැටීම සහ ඉස්ලාම් උපත් ඉතා සීඝ‍්‍රයෙන් වැඩිවීමයි. මේ අපරාධයට වර්තමාන ආණ්ඩුව මෙන්ම පසුගිය කාල පරිච්ෙඡ්දයේ ලංකාව පාලනය කළ හැම ආණ්ඩුවක්ම වගකිව යුතු වන්නේය. පවුල් සංවිධානය යන නමින් සිංහල පවුල එක දරුවෙකුට හෝ දෙදෙනෙකුට සීමාකර ඉස්ලාම් පවුල දහයකට දොළහකට වඩා වැඩිකිරීම අහම්බෙන් සිදුවූ දෙයක් නොවේ. සංවිධානාත්මක වැඩකි. මීට සමාන ක‍්‍රියාවක්  කළු ජාතිකයන්ගේ උපත් අඩු කිරීම සඳහා මීට කාලයකට ඉහත දී ඇමරිකාවේ ක‍්‍රියාත්මක වූයේය. උපත් පාලන වැඩ පිළිවෙලත් ලංකාවට පිටින් ආපු එකකි. දුරදිග හිතා සැලසුම් හදන්නන්ගේ වැඩකි.

පුංචි පවුල රත්තරන් කිරීමට ගොස් පන්සලට හාමුදුරුවරුන් නැතිව ගියේය. පන්සල් වැහෙන්නට වුණි. ගම්බද සිංහල පාසල්වලට ළමුන් හිග වී සිංහල පාසල් වැසෙන්නට වුණි. පුංචි පවුල රත්තරන් න්‍යාය හා පවුල් සංවිධානය ඉස්ලාමික සමාජයට නැත. මූලධර්ම ඉස්ලාමික සංවිධාන ලොවපුරා ක‍්‍රියාත්මක වන අතර ලංකාව එහි කේන්ද්‍රස්ථානයක් වෙමින්  පවතින නිසා රට සල්ලිවලට ඉස්ලාම් දේවස්ථාන හැම තැනන්ම මතුවෙයි. ඉස්ලාම් පවුල් ලොකු කිරීමට හැම පවුලකටම උපදෙස් ලැබේ. කිසිම පවුල් සෞඛ්‍ය සේවිකාවක් දරු උපත් සීමා කරන්නැයි මුස්ලිම් කාන්තාවකට නොකියයි. කිව්වොත් කම්මුල රත්කරගෙන එන්න වෙයි.  එම නිසා ඉස්ලාම් පාසල් ඉස්ලාම් ළමයින්ගෙන් පිරි ගොසින් සිංහල පාසල් ද ඉස්ලාම් ළමයින්ගෙන් පිරෙන තත්වයක් උදාවෙයි. සිංහල ගම හැකිලෙයි. ඉස්ලාම් ගම වැඩෙයි.

අනගාරික ධර්මපාල 150 වෙනි ජන්ම සංවත්සරය පැවැත්වෙන්නේ මෙවැනි කාලයකය. සිංහල බෞද්ධයාගේ පැවැත්ම පිළිබඳව තර්ජණයක් පවතින නිසා ධර්මපාලතුමා එදා සිංහලයන්ට කී බණ හා දුන් අවවාද මොනතරම් සැබෑදැයි වර්තමානයේ ජීවත්වන සිංහලයන්ට සිතේ. ඒ කාරණය වටහා ගන්නා සිංහලයන්ගේ සිත් තුළ ධර්මපාලතුමා කෙරෙහි අප‍්‍රමාණ ආදර භක්තියක් ඇති වේ. එය දිනෙන් දින ඉහළ යන්නකි. ජීවත් වූ ධර්මපාලතුමාට සවන් දුන් සිංහලයන් සුළු ප‍්‍රමාණයකි. අබෞද්ධ සිංහලයින් එතුමා කී දෙයක් කනට ගත්තේ නැත. එසේ වුණත් ධර්මාපලතුමාගේ වටිනාකම ක‍්‍රමයෙන් සිංහලයන්ට දැනෙන්නට වුණි. මේ වන විට රටේ ජීවත් වූ හෝ ජීවත්වන කිසිම දේශපාලනඥයකුට නැති ජනප‍්‍රියතාවයක් සිංහල බෞද්ධයන් අතර ධර්මපාලතුමා කෙරෙහි ඇති වී තිබේ. සිංහල බෞද්ධයන් පමණක් නොව සිංහල කතෝලිකයන්ද දැන් දැන් එතුමාගේ අගය කියති. එතුමාගේ අගය පෙන්වමින් ලිපි ලියති. සිංහල බෞද්ධයන්ගෙන් හිස්වන ලක් පොළවේ සිංහල කතෝලිකයන්ටද පැවැත්මක් නැති බව ලෝකය ගැන වැටහීමක් ඇතිකර ගන්නා ඔවුන් අවබෝධ කර ගන්නා බවක් පෙනේ.

රටේ මෙබඳු තත්වයක් පවතින නිසා ධර්මපාලතුමාගේ නම කියමින් කෑ මොරදීම හා ධර්මපාලවාදියකු ලෙස ප‍්‍රදර්ශනය වීම පිම්බෙන්නට මගක් යයි  සිතන පිරිසක්ද රටේ සිටිති. ඒ දේශපානඥයන් පමණක්ම නොවේ. සංඝයා වහන්සේලා පවා ඒ කණ්ඩායමේ සිටිති. මේ පිරිස ‘ධර්මපාලතුමා කිව්වෙ මේකයි. ලිව්වෙ මේකයි. කෙරුවෙ මේකයි. හැසිරුනේ මෙහෙමයි’ කියමින් මහජන ප‍්‍රදර්ශනය සඳහා නොයෙක් සෙල්ලම් දමති. මේ හැම ක‍්‍රියාවකම පරමාර්ථය සිංහල ජනතාව ගොනාට ඇන්දවීමයි. ඉස්ලාම් හෝ දෙමළ ජනයා ඇන්දවීමට ඔවුන්ට නොහැක.

ධර්මපාලතුමාගේ නම හෝ පින්තුරය ඔසවාගෙන සිටින නමුදු මොවුන් ධර්මපාලතුමාට මොනම ආදරයක්වත් නැති කපටි රැුලක් බව පළමුවෙන් කිව යුතුව තිබේ. එසේ කියන්නට හේතු තිබේ. කාලයක පටන් පවුල් සංවිධාන කටයුතුවලට උපකාර කරමින් සිංහල බෞද්ධ ජන අනුපාතය අඩුකරන්නට සහයෙයෝගය දක්වන්නෝ මොවුන් අතර සිටිති. සිංහල පවුල් සෞඛ්‍ය සේවිකාවන් යොදවා සිංහල ජාතිය වඳකරන්නෝ මේ ගොඬේ සිටිති. සිංහල බෞද්ධ අම්මලා ගබ්සාවට පොලඹවා සිංහල අම්මලා මිනීමරුවන් කරන්්නෝද මොවුන් අතරේ සිටිති. ‘හැම ශාස්තාවරයකුම කියා තියෙන්නේ සාමය සමාදානය පිළිබඳවයි’ කියමින් බොරු වැපිරුවේද මොවුන්මය. සිංහල ජාතිය, බුදුසසුන ගැන කථාකරන දේශපේ‍්‍රමීන් ජාතිවාදීන් ආගම්වාදීන් කියමින් හංවඩු ගසන්නේ මොවුන්මය. එවැනි දේශපේ‍්‍රමී පිරිස්වලට පහරදිම් පිටුපසද මෙයින් සමහරු සිටිති. ධර්මපාලතුමාගේ ආගමික ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වැඩසටහන් අත්පත් කරගෙන ඒවා විනාශකර ඇත්තේත් මොවුගේම කොටසකි.

පුරංඅප්පු බි‍්‍රතාන්‍ය පාලනයෙන් රට බේරා ගැනීමට නැගී සිටි සිංහල කතෝලිකයෙකි. කතෝලික ආගම අතහැර පන්සිල් සමාදන්ව බෞද්ධයෙකු වී මාතලේ කැරැුල්ලට සම්බන්ධ වූයේය. බි‍්‍රතාන්‍ය පාලකයෝ පුරං අප්පු අත් අඩංගුවට ගෙන මැරූහ. එජාපයේ ප‍්‍රබල ඇමතිවරයකුව සිටි ටිරෝන් ප‍්‍රනාන්දු මහතා බොහෝ අවස්ථාවලදී තමා පුරංඅප්පුගේ ඥාති පුත‍්‍රයකු බව කියා සිටි දේශපාලනඥෙයෙකි. වරක් එංගලන්තයේ හෝටලයක සම්භාෂණයකින් අනතුරුව ඇතිවූ කතාවකදී පුරංඅප්පුගේ නෑදැ කතාව කියූ ටිරෝන් ලොකු අකරතැබ්බයකට මුහුණ පෑවේය.

ටිරෝන්ගේ කතාව අසා සිටි ඔහුගේ අයෙක් ‘තමුසෙ වෙන්ඩැති ඒ කාලෙ පුරංඅප්පුව එල්ලූව අලූගෝසුවා’ කියා කීවේය. මේ කතාව ටිරෝන්ට අපහාසයක් නොවන බව පෙන්වීමට උත්සාහ කළ එම පුද්ගලයා ‘මම එහෙම කිව්වෙ සාහිත්‍ය අර්ථයෙනුයි. ටිරෝන්ගෙ ඇඳුමෙන් පැළඳුමෙන් කතාවෙන් හැසිරීමෙන් අදහස්වලින් ආගමින් ජීවිතයෙන් මේ කිසිම දේකින් පුරං අප්පුට සමානකමක් නැහැනෙ. අලූගෝසුවට තමා සමාන වෙන්නෙ’ ඔහු කීවේය. මෙය පෞද්ගලික සංවාදයකදී සිදුවූ දෙයක් නමුදු කතාවේ ලොකු අර්ථයක් තිබේ.

පරංගි ලංකාව අල්ලා ගැනීමට වෙහෙසුන කාලයේ පරංගින්ට ඉතා හිතවත් දුමින්ගෝ කොරයා නම් ලස්කිරිඤ්ඤ සේනාපතියෙක් සිටියේය. මොහුගේ පවුලම පරංගින්ට සේවය කළ ද්‍රෝහීන් පිරිසකි. විමලධර්මසූරිය රජතුමා කන්ද උඩරට රජ වී පරංගින් සමග සටන් කරද්දී දුමින්ගෝ කොරයාගේ සිංහලකම මතුවුණි. තාත්තා දුන් දුමින්ගෝ නමත් දේවගැතිවරයා දුන් කතෝලික ආගමත්  අළුයමලූ කෙල පිඬක් සේ ඉවත දැමු ඔහූ එදිරිල්ලේ බණ්ඩාර නමින් බෞද්ධ සිංහලයකු වී විමලධර්මසූරිය රජුගේ පක්ෂය ගෙන පරංගි විරෝධී සටනට සම්බන්ධ වූයේය. සමරකෝන් ප‍්‍රනාන්දු නමැති ලස්කිරිඤ්ඤ සේනාධිපතියාගේ පාවාදීම නිසා එදිරිල්ලේ අල්ලා ගැනීමට පෘතුගීසිහු සමත් වූහ. එදිරිල්ලේව මාසයක් තියාගෙන ප‍්‍රශ්න කළ පෘතුගීසිහු අන්තිමට මහජනයා ඉදිරියේ ඔහුගේ අත් පා කපා හිස ගසා දැම්මේය. ඉතිරි කතාව මෙසේය. කොරයා පවුලේ වෙබ් අඩවියක් තිබේ. එහි සඳහන්ව ඇත්තේ සිංහල බෞද්ධයන් දන්නා කතාව නොවේ. ඊට අනුව දුමින්ගෝ තමා කරපු වැරදි ගැන ශෝක  වූයේය. ඉතාම භක්තිමත් තතෝලිකයෙකු වශයෙන් යේසු යදිමින් මරණ දඬුවම ලබා ගත්තේය. මොවුන් කියන ආකාරයට එදිරිල්ලේ මැරෙන විටත් පරංගියෙකි.

එම නිසා ධර්මපාල නම උස්සාගෙන කෑගසන්නන්ගේ පසුබිම සොයන්න. බොහෝ සිංහලයන්ගේ ලොකුම දුර්වලකම අන්ධයන් පරිද්දෙන් කටයුතු කිරීමයි. ධර්මපාලතුමා පල්ලියෙත් පන්සලෙත් වදින්නේ එකම ඝණ්ඨාරය යයි කීවේ නැත. කිසිම විටක පාදිලිවරුන් සමග කමින් බොමින් බෞද්ධයා රැුවටුවේ නැත. නරි රඟපෑම එතුමා නොදත්තේය. එතුමා යුක්තිය ඉදිරියේ පොඩි දරුවකු වූයේය. පරවැඩ කරන්නන් ප‍්‍රතික්ෂේප කළේය.

ධර්මපාලතුමන් අනුකරණය කළ යුතු නැත. අනුකරණය නුසුදුසු දෙයකි. ධර්මපාලතුමාට දක්වන ලොකුම සැලකිල්ල සිංහල බෞද්ධයා එසවීමයි. සිංහල බෞද්ධයා රැුවටිලිකාරයන්ගෙන් ගලවාගැනීමයි. සිංහල බෞද්ධයාට පිහිටවීමයි. සිංහල බෞද්ධයා ශක්තිමත් කරන්නා ධර්මපාලතුමා පුදන්නෙකි. ඊට කෑගැසීමක් වුවමනාම නැත
 

Thursday, September 11, 2014

සර්ප කාන්තාවන් යොදවා තිබේ


මැද පෙරදිග රටවල ජීවත්වෙන ක‍්‍රිස්තියානි ආගම අදහන ජනයා ආරක්ෂා කරන්නැයි ඝෝෂා කරන කතෝලික ආගමට අයත් පුජකවරුන් සහ නොයෙකුත් තරාතිරමේ උගතුන්ගේ රාවය පසු ගිය මාස ගණන තිස්සේ බටහිර ජනමාධ්‍යන්ගෙන් නිරතුරුවම ප‍්‍රචාරය වුනි. ඝෝෂාව අන්තිමට බටහිර යුරෝපීය බලවතුන්ට ඉල්ලීමක් වශයෙන් ඉදිරිපත් වුනි. බටහිර යුරෝපා රටවල් ඇමරිකාව දෙස බලා සිටියේ මහත් උනන්දුවකිනි.  ලෝකයේ ප‍්‍රධානම ක‍්‍රිස්තියානි රාජ්‍යය වු ඇමරිකාව එකවර ඉදිරිපත් වුයේ නැත. ආසන්න හේතුවක් බලාගෙන සිටියේ ය. ඉස්ලාම් ත‍්‍රස්තයෝ ඇමරිකානු ජනමාධ්‍යවේදින් දෙදෙනෙකුගේ බෙලි කපා එය මහා හපන්කමක් විදිහට ලොවට පෙන්වීම අඩන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇගිල්ලෙන් ඇනීමක් වුයේ ය.
 ඉස්ලාම් මුලධර්මවාදින් මෙම ක‍්‍රියාවෙන් ඇමරිකාවට තර්ජනයක් පෑ ව නමුදු ක‍්‍රිස්තියානි ආගමිකයන් ඝාතනය කිරිමට ඔවුන් පසුබට නොවන බවක් ද ක‍්‍රියාවෙන් පැහැදිලි වුයේය. පෘථිවිය ඉස්ලාම් කිරිම ඉස්ලාම් ආගමිකයාගේ කාර්්‍යයක් බව මුල ග‍්‍රන්ථයේ සඳහන් වෙන්නකි. ඔවුන් එය කරගෙන යයි. මේ අතර ඇමරිකානු ජනාධිපතිතුමා සිරියාව හා ඉරාකය මැදි කරගෙන ඉස්ලාමික රාජධානියක් හදන්ඩ සුදානම් වෙන ඉස්ලාම් අන්තවාදින්ට පහරදීමට තිරණය කිරිම ඇමරිකාව ක‍්‍රිස්තියානි ලෝකය වෙනුවෙන් පෙනි සිටිමකි.

 ඉස්ලාම් අන්තවාදින්ගෙන් නොව ආගමිකයින්ගෙන් දරුණු විදිහට පිඩා විඳි පිරිසක් ලොව ඇත්නම් බෞද්ධයෝ වෙති. තුර්කියේ සිට ගොඩබිම මහාද්විපය හරහාත් මහමුහුදෙන් ඉන්දුනිසියාව මාල දිවයින් ආදි රටවල් දක්වාත් සියලූම බෞද්ධ රාජ්‍යයන් නැතිකරපු ඉස්ලාම් අන්තවාදිහු මරා දමා ඇති බෞද්ධයන් සංඛ්‍යාව ගැන සෙවුවොත් බිලියන ගණනකි. මරාදමන මිථ්‍යා දෘෂ්ඨිකයන්ගේ භාර්්‍යාවන් හා ගැහැණු දරුවන් වහලූන් වශයෙන්  තමන්සතුකර ගැනීමට ඉස්ලාමික සොල්දාදුවන්ට අවසර දී තිබිම නිසා පිරිමින් මරා දැමීම සහ කාන්තාවන් අයිතිකර ගැනීම සඳහා ආසියාවට ඇතුල්වු හැම ඉස්ලාමික සොල්දාදුවෙක්ම උනන්දු  වී තිබේ.  ඒ අතීතය හාරන්නේ නැතුව මෑත කාලයේ සිදුවු බමියාන් බුදු පිළිම විනාශ කිරිම නිදසුනකට ගනිතොත් ඒ අපරාධකරුවන්ට දඩුවම් දෙන්ඩ ලොව බලවතුන් කිසිවෙක් ඉදිරිපත් නොවුහ. ඇමරිකාව ඇෆ්ගනිස්ථාන පහර දෙන්නේ සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදිමට ප‍්‍රති උත්තරයක් ලෙසිනි. දැන් අයිසිස් ත‍්‍රස්තයන්ට ගහන්නේ ඇමරිකානු මාධ්‍යවේදින්ගේ බෙලි කැපීම හා ක‍්‍රිස්තියානි ජනයාට කරන හිංසා වලට පිළිතුරක් ලෙසිනි.

බෞද්ධයන්ට එදා කරපු හානිය ගැන ශෝක වන්නේ ඒ ගැන දන්නා බෞද්ධයන් පමණි. එදා මෙන්ම මෙදාත් බෞද්ධයන්ට හානිකරන්නට විරුද්ධ වන්නෙක්  නැති බව හොඳහැටි පෙනෙන්නේ ක‍්‍රිස්තියානි ජනමාධ්‍ය අලූත්ගම කාදියවත්තේ සිද්ධියේදී පක්ෂග‍්‍රාහිව කටයුතු කරපු ආකාරයෙනි. කාදියවත්ත සිද්ධියේදී මුලධර්මවාදි ත‍්‍රස්තවාදින් යහපත් පුරවැසියෝ වුහ. අහිංසක බෞද්ධයෝ ත‍්‍රස්තවාදින් වුහ. නෝබල් තැග්ග දී බටහිරට කීකරු කරගෙන සිටින දලයිලාමා තුමා පිම්මක් පැන ඉස්ලාම් පැත්ත ගත්තේ ක‍්‍රිස්තියානි මාධ්‍යය මගින් සැපයු තොරතුරු ඇසිමෙනි.  ලංකාණ්ඩුවේ මාධ්‍ය ආයගන අසත්‍ය ප‍්‍රචාරයට ඉඩ සලසා දුන්නේ ආගමික කෝලහාල ඇතිවීමේ බියෙන් යයි රජයේ ප‍්‍රබලයෝ කීහ. මෙය බේගලයකි. ඇත්ත ඊට වෙනස් ය.  මාධ්‍ය ව්‍යාපරයේ යෙදෙන අබෞද්ධ බලවේගය මුලධර්මවාදින්ගේ පැත්ත ගත්හ. එහි සිටින බෞද්ධ පිරිසට රජයේ පිළිවෙතට උපකාර කිරිමට සිදුවුනි. රජයේ පිළිවෙත රටේ ඉන්න ඉස්ලාම් නායකයින් ලවා ආණ්ඩුව ඉස්ලාමිකයින්ට බොහොම හොඳයි කියා හොඳ කියවා ගැනීමයි. ඇමරිකාව ලංකාවේ පාලකයින්ට විරුද්ධව කලක සිට ඇගිල්ල දික්කරගෙන සිටී. ආණ්ඩුව ඉස්ලාම් රටවල ලෝගුව ඇතුලේ  රැුකවරණය පතයි. එමනිසා මෙනා තිරමේ හෝ  ඉස්ලාමික පිරීස් ලවා ආණ්ඩුවේ හොඳ කියවා ගැනිම ගැලවීමේ මග යයි නායකයෝ සිතති. ඉස්ලාම් නායකයින් සහ සංවිධාන ඒ වැඬේ කරදෙන අතර තමන්ගේ වැඬේ නියමෙට කර ගනිති. මෙහෙම ගියොත් තව ටික කාලයක් යනවිට ලංකාවේ එකම නගරයක්වත් බෞද්ධයෝ නැත.   

සිංහල බෞද්ධයාගේ පිහිටට සිටින්නේ සංඝයා වහන්සේලා පමණකි. එයිනුත් කොටසක් සර්වාඝමික ව්‍යාපාරයට සම්බන්ධ වී සිටිති.  මෙන්න මේ කාදියවත්ත සිදුවීම සිදුවු අවස්ථාවේ දේශපානඥයන් හැසිරුන හැටි තේරුම්ගත යුතුයි. රජයට විරුද්ධව කෑ ගසන ආණ්ඩුව පෙරලන්න මහන්සිගන්නා විරුද්ධ පක්ෂය සහ ඇන්ජී ඕ සංවිධාන පුසන්  වුහ. රනිල් වික‍්‍රමසිංහ මහතා නිර්භයව හෝ තමන්ගේ පිය උරුමය අනුව සිතා  බෞද්ධයන් කලහකාරින් බව කිවේය. අන් පිරිස හා ඇන්ජි ඕ ලා  නිහඩතාවයෙන් ප‍්‍රකාශ කළේ රජයේ මාධ්‍ය පිළිවෙත අනුමත කරන බවයි. 

කාදියවත්ත  සිද්ධියෙන් පසුව සිංහල බෞද්ධයා වෙන් පෙනි සිටින ප‍්‍රධාන සංඝයා වහන්සේලාට නිරතුරුවම මඩ ගැසිමක් සිදුවේ. ඇමතිවරු පවා ඊට සම්බන්ධ වි සිටිති. ඇතැමුන් අන්තර්ජාලය උන්වහන්සේලාව අවමානයට හා ඔම්පාවට ලක්කිරිමේ රග මඩලක් කරගෙන තිබේ. අබෞද්ධයන්ට කඹුරන ඇතැම් මාධ්‍ය ආයතනයන් කරන්නේ  කබල් නිවේදිකාවන් යොදවා සම්මුඛ සාකච්ඡුා මුවාවෙන් සංඝයා වහන්සේලාට අපහාස කිරීමයි. ඉස්සර ඉන්දියාවේ රජවරු සර්ප වෛශ්‍යාවන් නැමැති ස්ත‍්‍රින් පිරිසක් අපරාධ සඳහා යොදාගත්හ. සර්ප කාන්තාවන් හැදුවේ කුඩා කාලයේම රාජ සේවයට ගන්නා ගැහැණු දරුවන්ට ආහාර පාන සමග ඉතාම ටික ටික විෂ කන්ට පුරුදු කිරිමෙනි. ඔවුන්ට ආහාර සමග සෑහෙන විෂක් ගිල දමන්ඩ පුලූවන. රාජකිය අමුත්තන් පැමිණිවිට රජතුමා අකමැති අමුත්තෙක් නම් මෙවැන් විෂ තරුණියක් හෝ දෙනෛක් එම අමුත්තාගේ සේවයට යවනු ලැබේ. කාන්තාවන් ඔහුට සේවය කරන අතර ආගන්තුකයා පෙළඹවා ගනි. එවිට කාන්තාව සමග හැසිරෙන පුද්ගලයා විෂ ශරීරගත විමෙන් රෝගියෙක් වේ. මේ නිවේදිකාවන් ජාතිය වෙනුවෙන් කැපවි සිටින සංඝයා වහන්සේලාව අපවත් කිරීමට හදා තියෙන සර්ප කාන්තාවන් හා සමානය. නැතිනම් සංඝයා වහන්සේ නමකගෙන් වල් ප‍්‍රශ්න අසන්නේ නැත. සංඝයා වහන්සේ නමකගෙන් කාමුක ප‍්‍රශ්න අහන්නේ නැත. මෙවැනි කාන්තාවන් ප‍්‍රසිද්ධ ස්ථානයක් නොවේ නම් හාමුදුරුවරුන්ට තව මොනවා නොපෙන්වයිද? එමනිසා සර්ප කාන්තාවන් සමග සම්මුඛ සාකච්ඡුාවලට නොයන්නැයි ජාතිය වෙනුවෙන් කැපවි වැඩකරන සංඝයා වහන්සේලාට උපදෙස්දිම උන්වහන්සේ ඇසුරුකරන ජාතියට හා ආගමට ආදර ඇති බෞද්ධයන්ගේ වගකිමකි. හාමුදුරුවනේ, උන් මළපුඩු ය!. නිවේදිකාවන් ලෙසින් පෙනී සිටින සිංහල බෞද්ධයා හා සසුන නැසිමට අන්‍යාගමික ව්‍යාපර මගින් ඇති දැඩිකරපු විෂකුරු  සර්පයෝ ය! කියා උන්වහන්සේලාට කිව යුතු වන්නේය.

Thursday, July 10, 2014

ඇමරිකාව ශ‍්‍රී ලංකාවට මේ හැටි ගහන්නේ ඇයි?





බටහිර මාධ්‍ය  සහ මානව හිමිකම් සංවිධානයන් ඉස්ලාම්වරුන් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවල නියැළෙන බව නිතර නිතර ප‍්‍රචාරය කිරීම විවේචනය කෙරෙන ලිපි කිහිපයක් පසුගිය සතියේ දෙකේ වෙබ් අඩවි කිහිපයකම පළ විය. මේ අතර ලංකාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදී සංවිධාන පවතින්නේද යන ප‍්‍රශ්නය අසමින් ලියවුන ලිපියක් දෙකක්ද දක්නට ලැබුණි. බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ අවදියේ සිටම බටහිරට විරුද්ධව නෝක්කාඩු කියාපෑමේ සිරිතක් සමහර ශ‍්‍රී ලාංකිකයන් අතර පවතී. යුරෝපීන් අපගේ රට කාපු නිසා නෝක්කාඩු කීම වරදක් නොවේ. වරද සුද්දන්ට නෝක්කාඩු කියමින් සුද්දන් පස්සේ යාමයි. පස්සෙන් ගමන් කිරීම මොනතරම් අන්ධ විදිහට කරනවාදැයි කිව්වොත් පස්සෙන් යන බොහෝ දෙනා තමන් පස්සෙන් යන බව නොදනිති. මාධ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන මානව හිමිකම් ආරක්ෂාකරන බටහිර රටවල්  මුස්ලිම්වරුන්ට මෙහෙම තඩිබාන්නේ ඇයි? යන ප‍්‍රශ්නය නගන්නේත් තමන් පස්සෙන් යන බව නොදැන පස්සෙන් යන්නෝය. ලංකාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදී සංවිධාන ක‍්‍රියාත්මක වෙනවාදැයි ප‍්‍රශ්න නගන්නන් ගැන නම් කතා කිරීමටවත් නොවටී. මෙවැනි ප‍්‍රශ්න නගන්නෝ මාධ්‍ය කිරිසප්පයෝය. නැතිනම් කුලියට ලියන්නෝය.

ලෝකයේ අණසක පතුරුවාගෙන සිටින බටහිර රටවලට සම්බන්ධ මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන ආයතන අතර අපක්ෂපාත ආයතන යනුවෙන් නම් කළ හැකි කිසිම ආයතනයක් නැත. එවැන්නක් ඇතිවිය නොහැක. බටහිර උපන් හැම ආයතනයක්ම බටහිරට සේවය කරන්නකි. නමුත් අපගේ රටවල සමහරු ඒවා අපක්ෂපාතව කටයුතු කරන ආයතන යයි සිතති. නිදසුනක් බලමු. බි‍්‍රතාන්‍යයේ කීර්තිය රඳවා ගැනීමේ මූලික පරමාර්ථයෙන් කටයුතු කිරීම හැර වෙනත් පරමාර්ථයක් බීබීසියට නැත.  ඇමරිකාවේ සීඑන්එන් කවර කවදාකවත් ඇමරිකාවට එරෙහිව ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයක් නොකරයි.

බටහිර රටවල උපන් එම රටවල සිට ක‍්‍රියාත්මක වන මෙවැනි සියලූ ආයතනයන්ගේ තවත් ස්වභාවයක් වන්නේ  බටහිර සාරධර්ම හා ක‍්‍රිස්තියානි ආගම ආරක්ෂා කිරීමට දක්වන උනන්දුවයි. මෙම ආයතන ගැන දැනුමක් වැටහීමක් ඇති මාධ්‍යකරුවෝ, ‘නුඹලා ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැනම මේ තරම් ඝෝෂා කරන්නේ ඇයි? උඹලාගේ රටවල්වලින් කෙරෙන එවැනි වැරදි ගැනත් ඒ විදිහටම කෑ ගහපල්ලාකෝ’ කියා නෝක්කාඩු නොකියති.

බටහිර යනු ක‍්‍රිස්තියානි ලෝකයකි. ඊට ප‍්‍රතිවිරුද්ධ ලෝකය ඉස්ලාම් ලෝකයයි. දෙපිරිසම මැවුම්කරුවකු විශ්වාස කරන නමුදු ප‍්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිට කටයුතු කරති. තමන් අන්තයක සිටිනා බව බටහිර පාර්ශ්වය නොපිළිගනී. ඉස්ලාම්වරුද නොපිළිගනිති. ‘අපි හරි යයි’ දෙපිරිසම කියති. නමුත් සන්නිවේදන තාක්ෂණයේ වැඩි ජයග‍්‍රහණයන් අත්කර ගෙන සිටින බටහිර පාර්ශ්වයේ හ`ඩ බලවත්ව ඇසේ.

ඔටෝමොන් තුර්කි අධිරාජ්‍යය යුරෝපය ගිලගැනීමට ව්‍යාප්තවීමත් සමග ස්පාඤ්ඤය හා පෘතුගාලය යන රටවල් දෙක යටත් විජිත සොයා යන්නට උනන්දු වූහ. පාප්තුමා යුරෝපීය ක‍්‍රිස්තියානි හමුදාව මෙහෙයවූයේය. මිලියනයකට වඩා ඉස්ලාම්වරුන් මරා දමා කුරුස යුද්ධ නිමකර ජයග‍්‍රහණය ලබාගැනීමට ක‍්‍රිස්තියානි පාර්ශ්වය සමත් වූයේය.

අධිරාජ්‍ය ගොඩනැගීමට ගොස් යුරෝපීයයන් අතර පසු කාලයේ තරගයක් හා භේද ඇතිවූ බව ඇත්ත නමුදු ක‍්‍රිස්තියානි ආගමට තර්ජණයක් එල්ල කිරීමට සමත් ඉස්ලාම් බලයක් නැග එද්දී සියලූ බටහිර රටවල් එක්වෙති. බටහිර මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන සියල්ල ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැන කතාකරන ලෙසටම ඉස්ලාම් රටවල් ඉස්ලාම් අදහන්නන් අතරේ බටහිර රටවල් කෙරෙහි වෛරය ඇති කරවති.

ලංකාව වැනි රටවල් ප‍්‍රතිපත්ති වචනවල සීමා කරගෙන සිටිති. ක‍්‍රියාකාරී භාවයේදී මඬේ සිටවූ ඉනි හා සමානව එහාට මෙහාට නැමෙති. නිදසුනක් ගනිමු. බුද්ධාගම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට ලංකාව පාලනය කරන පාලකයෝ ව්‍යවස්ථාවෙන් බැඳී සිටිති. නමුත් ලංකාව බෞද්ධ රටක් යයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමටවත් ශක්තියක් බොහෝ දේශපානඥයින්ට නැත. සිංහල බෞද්ධ ඡුන්දයෙන් බලයට පත් වූ බව බොහෝ දෙනෙකුට අමතක වේ. බුද්ධාගම පාවා දෙමින් සර්ව ආගම ගැන දෙඩවීම මොවුන්ගේ ස්වභාවයකි.

භික්ෂුන් වහන්සේලාගේ අවිහිංසාවාදී ස්වභාවය හොඳහැටි දන්නා බැවින් ඇති පදමට භික්ෂූන්ට නින්දා කිරීම මොවුන්ගේ තවත් ගතියකි. සිංහල බෞද්ධයන්ට බනිමින් ඉස්ලාම් හා දෙමළ දේශපාලන නායකයින්ට නිවටයින්සේ දත් විලිස්සීම තවත් සිරිතකි.

ඇමරිකාව දත නියවන රටක් නොවේ. රටවැසියන්ගේ ආත්ම ගරුත්වය රැුකීමට හැම මෙහොතකම සූදානම් වූ කොන්ද පණ ඇති නායකයන් ඉන්නා ප‍්‍රතිපත්ති ගරුක රටකි. ඇමරිකාව ත‍්‍රස්තවාදීන්ට සුදුහුණුගාමින් ත‍්‍රස්තවාදී සංවිධාන සතුටු කිරීමක් නොකරයි. ඇෆ්ගනිස්ථානයට ගැහුවේ, තලිබාන්වරුන් වැට්ටුවේ, සදාම් හුසේන් බිම දැම්මේ, ගඩාපි එලොව යැව්වේ ඇමරිකාව විසිනි. තවත් හපන්කම් කරන නමුදු ඒවා ලිවීමට අවශ්‍ය නැත. ඉදිරියට බලාගන්නට අවස්ථාව ලැබෙනු ඇත.
බීබීසිය හා සීඑන්එන් අලූත්ගම සිද්ධිය විකෘති කිරීමේ හා වැරදියට ලොව පුරා ප‍්‍රචාරය කිරීමේ ප‍්‍රමුඛයෝ වූහ. ඇමරිකාව බොදුබල සේනාවේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඇමරිකාවට ඇතුල්වීමට නිකුත්කර ඇති විසා බලපත‍්‍රය අහෝසි කළ බව දැනගන්නට ලැබුණි.

මේ සියල්ලක් සිදුවූයේ ඇමරිකාව හෝ බටහිර රටවල් හෝ ලංකාවේ සිදුවූ හා සිදුවන දේ නොදැන යයි සාමාන්‍ය ලාංකිකයකු සිතුවහොත් එය වරදක් නොවේ. ඇමරිකාව හෝ බටහිර රටවල් යථාර්ථය නොදන්නේ යැයි සිතන හෝ උපකල්පනය කරන මාධ්‍ය ශිල්පියා ලොකු වරදක් කරයි. එවැන්නා දුරදක්නා නුවණක් නැත්තෙකි. ලංකාව ඉතා වේගයෙන් ජිහාඞ්වාදයට ගොදුරුවන රටක් බව බටහිර රාජ්‍යයෝ දනිති. සිංහල බෞද්ධයා අසරණ බවත් ඔවුහු දනිති. එසේ නම් ඔවුන් සිංහල බෞද්ධයා ඉතිහාසයට යැවීමට වෙහෙසෙන්නේ ඇයි? ලංකාවේ ජිහාඞ්වාදීන්ට ඔවුන් අත හිත දෙන්නේද? අපට වැටහෙන පරිදි මෙහි ඇත්තේ වෙනත් කෝන්තරයකි. සිංහල බෞද්ධයන්ගේ ඡුන්දයෙන් බලයට පත්වූ හා පත්වන දේශපාලන නායකත්වය සදහටම නැතිකිරීමේ වුවමනාව ඔවුන්ට තිබේ. ඒ ඇයි?

ලංකාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස් වූ තැන් පටන් රටේ සිංහල බෞද්ධයෝ බෞද්ධ නායකයන් නොමැතිකමින් නොමග ගියවුන් පිරිසක් වූහ. මේ අනාථයන් අතරින් පිරිසක් එංගලන්තයේ ඉගෙනීම අවසන් කොට ලංකාවට පැමිණි පට්ට ධනපති තරුණයන් කිහිප දෙනෙකු ගෙනා මාක්ස්වාදයට ගොදුරුවූහ. ඒ මෝඩ මාක්ස්වාදී චින්තනය තාමත් සිංහල බෞද්ධ බහුතරය තුළ හොල්මන් කරයි. ජවිපෙ, සමසමාජය, කොමියුනිස්ට් පක්ෂය වැනි රට හා ජනතාව අමාරුවේ දැමූ පක්ෂ තවමත් රටේ පැවතීම ඊට සාක්කියයි. තමන්ගේ අඹුවන්, ¥දරුවන්  ඇමරිකාවට යවා ඇමරිකාවේ පදිංචියට ගෙවල් හදාගෙන ඉන්න අතර ‘ඇමරිකාව භංගවේවා’ කියමින් පෙළපාලි යන මාක්ස්වාදී නායකයන් පස්සේ වැටී ‘ඇමරිකාව භංගවේවා’ කියමින් යන මිනිස් රංචු ලංකාවේ මිස වෙන රටක දකින්නට නොලැබේ.

ඉස්ලාම්වරු ජනගහනය බෝකරති. ලංකාව ඉස්ලාම් රටක් කරන්නට වෙහෙසෙති. ක‍්‍රිස්තු භක්තිකයෝ ක‍්‍රිස්තියානි දේශයක් ගොඩනගන්නට වෙහෙසෙති. (ප‍්‍රභාකරන්ගේ ඊළම යනු ක‍්‍රිස්තියානි දේශයේ කොටසකි*. පාප්තුමාගේ ලංකා සවාරිය සංවිධානය කරන්නන්, රාසප්පු ජෝෂප් හමුවීම වේලාසනින්ම කාලසටහනට එක්කර ඇතැයි දැනගන්නට ලැබේ. දෙමළ ජනයා ඊළමක් වෙනුවෙන් වෙහෙසෙති. සිංහලයෝ තමන්ගේ රට රැුකගැනීමේ වුවමනාවක් නැතිව පිස්සු කෙළිති. මේ අතර සිංහලයන් වඳකිරීම සිංහල පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ප‍්‍රධාන කටයුත්ත වී තිබේ. සිංහලයන් විසින් බලයට පත්කරන ලද නායකයෝ සර්වාගමික රටක් ගැන දොඩවති. ළඟදී සිංහල බෞද්ධයන් පිරිසක් එක්වී මුස්ලිම් පල්ලියක් හැ¥ බව පත‍්‍රවල සඳහන්ව තිබුණි.

තමන් කවුද? සිදුවන්නේ කුමක්ද? මේ  කිසිවක් වටහා ගැනීමට හැකි තරමේ මොළයක් සිංහල බහුතරයට නැතැයි යන හැ`ගීම ඔවුන්ගෙන් ඡුන්දය ගන්නා දේශපාලනඥයන් බහුතරයකට තිබේ. එමනිසා අප බටහිර මාධ්‍යයන්ට හෝ මානව හිමිකම් සංවිධානවලට දොස් කීම මෝඩකමකි. ඔවුහු ඔවුන්ගේ කටයුත්ත නිවැරදිව කරති. අපේ අය අප කළ යුත්තේ කුමක්දැයි නොදැන අඳුරේ අතපතගාති.
 
 



Tuesday, July 1, 2014

‘කලාකරුවන්’ රැලේ යාම



සංස්කෘත නාට්‍ය ශාස්ත‍්‍රය හැදෑරීමේදී හෙළිදරව් වන පරිදි, පළමුවෙනි නාට්‍ය රචනය හා නිෂ්පාදනය අශ්වඝෝෂ ස්වාමීන් වහන්සේගේය. උන්වහන්සේ විසින් රචනා කරන ලද ‘බුද්ධ චරිතය’ පළමුවෙනි සංස්කෘත නාට්‍යය වශයෙන් පිළිගැනේ. පැරණි සේද මාවතට අයත් අවකාන දේශයේ (වර්තමාන ඇෆ්ගනිස්ථානය) උපත ලැබ එහිදීම ශාසනයට ඇතුලත් වී එහිම ජීවත් වූ අශ්වඝෝෂ හිමියෝ අවකානයේ පමණක් නොව තුර්කිය ඉරානය ආදි රටවලින් ද චීනය හා ඉන්දියාවට අයත් රටවලින් ද මහත් ගෞරව ප‍්‍රශංසා ලැබූහ. එම යුගයේ විසූ දැවැන්තම කලාකරුවා වශයෙන් උන්වහන්සේ ගෞරවයට පත්වීමට හේතුව බුද්ධ චරිතය කාව්‍යය පමණක්ම නොවේ. උන්වහන්සේ තවත් කලාකෘති කිහිපයක්ම කළහ. බුද්ධ චරිතය කාව්‍යය නාට්‍යයකට නැගූ උන්වහන්සේ එය සේද මාවතේ ප‍්‍රධාන නගරයන්හි ප‍්‍රදර්ශනය කරවූහ. ඒ හැම කටයුත්තකින්ම උන්වහන්සේ කළේ, සොඳුරු කලාව මහජනයාට නිවන් මග පෙන්වීම සඳහා යොදා ගැනීමයි. පුරාණ බෞද්ධ ලෝකයේ සහ පසුව ගොඩනැගුණු භාරත හින්දු සමාජයේ විචාරකයෝ කලාවේ පරමාර්ථය ලෝකෝත්තර සුවය යයි පැවසූහ.  

  ඉස්ලාම් ආක‍්‍රමණ ආසියාවට එල්ලවෙමින් ආසියාවේ  මුස්ලිම් ලෝකයක් ගොඩනැගෙද්දී කලාව පිළිබඳ බෞද්ධ හා හින්දු දෘෂ්ඨින් වෙනස් විණි. කලාවේ පරමාර්ථය ලෝකෝත්තර භාවයෙන් ලෞකික භාවයට මාරු විය. බටහිර රටවල් යටත් විජිත ආරම්භ කිරීම නිසා ඇති වූ යටත් විජිත යුගයෙන් පසුව ක‍්‍රිස්තියානි ලෝකය සකස් වීමේදී කලාව පිළිබඳ ඉස්ලාම් දෘෂ්ටිය තව තවත් සවිමත් වූයේ ය. මාක්ස්වාදීහු කලාවේ පරමාර්ථය ජනතා සේවය බව කීහ. ධනවාදී සමාජයේ කලාකරුවා ජනතාව ආනන්දයට පත්කරමින් ඔවුන් අවදි කරන්නකු වශයෙන් පිළිගැනෙන්නට විය. කලාකරුවා යනු රැුලේ යන්නෙක් හෝ රැුල දක්කන්නෙක් හෝ නොවේ. කලාකරුවා පොදු සමාජයට හා පුද්ගලයාට වඩා උතුම් මෙහෙවරක් කරන්නෙකු බව වර්තමාන විචාරකයෝ පොදුවේ  පිළිගනිති.


මේ කරුණු ස්වල්පය සටහන් කරන්නේ ලංකාවේ කලාකරුවන් පිරිසක් බොදු බල සේනාවට එරෙහිව පෙරමුණක් ගොඩනැංවීමට උත්හාස දරන බවට ප‍්‍රවෘත්තියක් දක්නට ලැබුණු හෙයිනි. ඒ ඇයි ඇසූ විට, ‘ආගම්වාදය ඇවිස්සීම හා ජාතිවාදය ඇවිස්සීම බොදුබල සේනාව මගින් සිදු කෙරේ’ යන පිළිතුර එක් අයකුගෙන් අසන්නට ලැබුණිි. එය ‘හිස් මාස්ටර්ස් වොයිස්’ පිළිතුරකි. ‘හිස් මාස්ටර්ස් වොයිස්’ යනු ග‍්‍රෑම්ෆෝන් යුගයේ ප‍්‍රධාන ග‍්‍රැම්ෆෝන් තැටි සමාගමක වෙළෙඳ නාමයකි. වෙළෙඳ ලකුණ උඩු බුරලන සුනඛයෙකි. සුනඛයාගෙන් ස්වාමියාගේ නාදය ප‍්‍රකාශ වූයේය. අපට පිළිතුරු සැපයූ පුද්ගලයාත් ‘හිස්’ මාස්ටර්ගේ නාදය පිට කළේය.


ජිහාඞ් මූලධර්මවාදය ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය අන්තර්ජාතිකව පැතිරෙන භයානක ආගම්වාදයකි. ලෝකය ඉස්ලාම් කිරීම සහ ඉස්ලාම් නොවන ආගම් හා ඇදැහීම් සියල්ල අල්ලාගේ නාමයෙන් මිහිතලයෙන් අතුගා දැමීම ජිහාඞ්වාදින්ගේ පරමාර්ථයයි. ඔවුහු මේ සඳහා විවිධ උපක‍්‍රම භාවිතා කරති. පසුගිය වසර 1400 මුළුල්ලේ ඉස්ලාම් ජනගහණයෙන් ලොව පිරවීම එක ක‍්‍රියාවකි. රෝම ලන්දේසි නීතිය වෙනුවට ෂාරියා නීතිය ලොවේ ක‍්‍රියාත්මක කරවීම තවෙකකි. පැරණි කුරාන සම්ප‍්‍රදාය එපරිද්දෙන්ම ලොවෙහි පැතිරවීම තවත් වුවමනාවකි. මෙවැනි කාර්යයන් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවේ සිට අන්ත ත‍්‍රස්තවාදී මාර්ගය දක්වා නොයෙක් උපක‍්‍රම අනුගමනය කිරීම ජිහාඞ්වාදීන්ගේ ස්වභාවයයි. ඔවුන් අනුගමනය කරන උපක‍්‍රම රටින් රටට ස්ථානයෙන් ස්ථානයට වෙනස් විය හැක. සමාන වෙන අවස්ථාද තිබේ.


උදාහරණයක් දක්වන්නේ නම්, සැප්තැම්බර් 11 ප‍්‍රහාරය ඇමරිකාවට විරුද්ධව එල්ල කරන ලද්දකි. කාන්තාවන්ට මේට්ටැක්කිලය ඇන්දවීම මොවුන් හැම රටකදීම සිදු කරන කාටත් සමාන ක‍්‍රියාවකි. ඉස්සර ලංකාවේ කාන්තාවෝ සාරිය, රෙද්ද හැට්ටයය සහ ඔසරිය යන ඇදුම් භාවිතා කළහ. ඊට ආගම් හෝ ජාති භේදයක් නොවීය. බටහිර බලපැම් වැඩි වනවිට කාන්තා ඇඳුමේ වෙනස්කම් සිදුවිය. ඔවුහු ගවුම් අඳින්ඩ ගත්හ. ඉන්පසුව ජින්ස් කලිසම් හා කොට කලිසම් අඳින්ඩ වූහ. නමුත් ජිහාඞ්වාදය පැතිරීමත් සමගම ඉස්ලාම් කාන්තාවනට තමන්ට සුපුරුදු සාරිය ඇදීම තහනම් වූයේය. ඔවුන්ට පර්දාව අනිවාර්ය කෙරුණි. මෙය කාන්තාව කැමැත්තෙන් සිදුකරන දෙයක් නොවේ.


නිදසුනක් කියමි. ඔබ එංගලන්තයේ හෝ වෙනත්  බටහිර රටක සිට මැද පෙරදිග රටකට ගුවන් මගින් ගමන් කරයි නම් අතරමග සිංගප්පුරුව වැනි රටකදි ජින්ස් කලිසමින් සැරසී යුරෝපයේ හෝ ඇමරිකාවේ සිට එන කාන්තාවන් කිහිප දෙනෙකු මොට්ටැක්කිලි ඇඳුමට මාරුවෙන හැටි දකින්ට පුළුවන. ඔවුන් මහත් බියකින් හා තැතිගැන්මකින් යුතුව මෙම ඇඳුම් මාරුව සිදු කරති. දැන් සිංගප්පූරුව වැනි රටක පවා ඉස්ලාම් කාන්තාවගේ වෙස්මාරුව දෙස ඇස් ගසාගෙන සිටින රහස් ඔත්තුකරුවෝ සිටිති. කාන්තාවන්ට ඔවුන්ගේ රුවට ගැලපෙන ඇඳුම් අදින්නට නිදහස නැතිකිරීම ඔවුන්ගේ මානව හිමිකම් උලලංඝණය කිරීමකි. ඉස්ලාම් තරුණ කාන්තාවන්ගෙන් සියයට අනූවක්ම පර්දාවට අකමැත්තක් දක්වන බව සංඛ්‍යාලේඛණවලින් ප‍්‍රකාශ වේ.


ඉස්ලාම් කාන්තාවට අධ්‍යාපනය අහිමි කරවීමද ඇතැම් ඉස්ලාම් සමාජවල සිදුවන්නකි. ඇෆ්ගනිස්ථානයේ එය ක‍්‍රියාත්මක වූයේය. පකිස්ථානයේ ක‍්‍රියාත්මක කිරීමට සැරසේ. මලාවි ශිෂ්‍යාවට වෙඩි බින්්දේ ඇය අධ්‍යාපනයට පක්ෂ වූ බැවිනි. නයිජීරියාවේ බොකො හරම් ඉස්ලාම් ත‍්‍රස්තවාදීන්, පාසැල් සිසුවියන් 60 දෙනෙකු පැහැරගෙන ගියේ ඔවුන් පාසැල් යන හෙයිනි. ‘හොනර් කිලින්’ හෙවත් පවුලේ ගෞරවය රැුකගැනීම සඳහා ගැහැණු දරුවන් මරා දැමීමද රට රටවල් අනුව සිදුවන්නකි. මෙමගින් මූලික වශයෙන්ම කෙරෙන්නේ ඉස්ලාම් කාන්තාවන් වෙනත් ආගමිකයකු සමග විවාහවීම හා පේ‍්‍රම සබඳකම් ඇතිකර ගැනීම වැළැක්විමයි. ඇතැම් විටක බලහත්කාරයෙන් කාන්තාවක ¥ෂණය කරන පිරිමියා වරද ¥ෂණයට ලක්වූ තැනැත්තිය මතම පටවා ඇය ද`ඩුවමට ලක්කෙරෙන අවස්ථාද  ඕනෑ තරම් තිබේ.


පසුගිය කාලය තුළ පකිස්තානයේ ගායිකාවන් සහ නිළියන් කිහිප දෙනෙකුටම ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල විය. වෙඩි තබා ඝාතනය කිරීම් හා ඇසිඞ් ප‍්‍රහාර ඒ අතර වූ බව සකල සිරින් පිරි සිරි ලංකාවේ කලාවේ නාමයෙන් ජීවත් වන සියලූ ජනයන් වෙත දන්වා සිටිනු කැමැත්තෙමු.


ලංකාවේ ඉස්ලාම් සමාජයේ මරා දැමීම් තවම සිදු නොවුවත් ඉස්ලාම් නීතියට පිට මගක යන කාන්තාවන් හිංසාවට ලක්කිරීම සිදු වේ. සිංහල ගම්මාන අසල ජීවත් වන ඇතැම් මහමදිකයන් සිංහලයන් හා කුළුපග වීමත් සිංහල සංස්කෘතියට අනුව ජීවත් වීමත් නිසා සෙස්සන්ගේ තාඩන පීඩනවලට ලක්වීම් පිළිබඳ තොරතුරු අපට වාර්තා වී තිබේ.


ජිහාඞ්වාදය ලංකාවේ සීඝ‍්‍රයෙන් පැතිර යන්නකි. ඉස්ලාම් කාන්තාව පීඩනයට ලක්කර ඇති පිළිවෙළ ඊට හොඳම නිදසුනයි. උපක‍්‍රමශීලී අයුරින් සිංහලයන් නගරවලින් ඉවත් කරමින් නගර හා උප නගර සියල්ලකම පාහේ බලය ඉස්ලාම්වරුන් සතුකර ගැනීම හා සියලූ වෙළඳ බලය ඉස්ලාම්වරුන් සතු කර ගැනීමට කටයුතු කිරීම තවත් නිදසුනකි. අළුත්ගමදී භික්ෂුවට පහරදීමට හේතුවද උන්වහන්සේ මුස්ලිම්වරුන්ට පන්සල් භූමිය විකිණීම ප‍්‍රතික්ෂේප කිරීමයි. හලාල් වැඩ පිළිවෙලද ජිහාඞ්වාදයට පාර කපන්නකි. බොදු බල සේනාව මේ ජිහාඞ්වාදයට විරුද්ධව ජනතාව අවදිකිරීමට වෙහෙසෙන බෞද්ධ සංවිධානයකි. තවත් මෙබඳු බෞද්ධ සංවිධාන තිබේ. හින්දු සංවිධාන සහ රහසේ කටයුතු කරන නිදහස් ඉස්ලාම් සංවිධානද තිබේ.


ඔබට ඇත්තටම රටේ සිදුවී ඇති දේ බැලීමට අවශ්‍ය නම් වෙස්වලාගෙන තනිව නැගෙනහිර පළාතේ සංචාරයක් කර බලන්න. මහමදිකයන් අත්පත් කරගෙන සිටින නගරයක ඇවිද බලන්න. ඔබේ මවට සොහොයුරියට මෙවැනි නගරයකට ඇතුල්වීමට හැකිදැයි සොයා බලන්න.


මහා විපතක පෙර නිමිත්තක් අද (ජුනි 29 වෙනි ඉරිදා* ඇමරිකාවේ ක‍්‍රිස්තියානි ගුවන් විදුලියෙන් (සීබීඑන්* ප‍්‍රකාශයට පත් කළේය. එම පුවතට අනුව ඉරාක සිරියා දෙරටේ කොටස් එකතු කරගෙන සිටින ඉස්ලාම් සංවිධානය කාලිෆ්වරයෙකු ප‍්‍රකාශයට පත් කරයි. මෙම කාලිෆ්වරයා ( අබුබකර් අල් බෂාඞ් * යටතේ ඒකාරාශි වෙන්නැයි එම ඉස්ලාම් සංවිධානය ලෝකයේ සියලූම ඉස්ලාම්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ කුරුස යුද්ධවලින් ඔවුන්ට අහිමි වී ගිය, යළි පිහිටුවීමට වසර 1400ක් තරම් දීර්ඝ කාලයක් වෙහෙසුණු නායකයා පත් කරගත් බව දන්වමිනි. ක‍්‍රිස්තියානි ප‍්‍රවෘත්ති සේවය කාලිෆ් පුවත දවසේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය වශයෙන් පළකරන්නේ කාලිෆ්වරයෙකු යටතේ ඉස්ලාම්වරුන් නැගී සිටීම ක‍්‍රිස්තියානි ලෝකයට තර්ජණයක් බව පැහැදිලි කිරීමේ පරමාර්ථයෙනි. ජාත්‍යන්තර වශයෙන් සැලකීමේදී ඉස්ලාම් අන්තවාදය බෞද්ධයාට වඩා ක‍්‍රිස්තියානි ආගමිකයාට අනතුරකි.


සැබෑ කලාකරුවා යනු ඇත්දැකීම් බහුල පුද්ගලයෙකි. ඇසූ පිරූ තැන් ඇත්තෙකි. සම්ප‍්‍රදායික ඥානයෙන් පොහොසතෙකි. ලාභ, ප‍්‍රශංසා, කීර්තිය සොයන්නන්ට අවනත නොවන්නෙකි.


සැබෑ කලාකරුවා යනු  ප‍්‍රාඥයෙකි. වීර්යවන්තයෙකි. මහත් ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෙකි. ඔවුන් කෙරෙහි සමාජය ආදරයක් හා ගෞරවයක් දක්වන්නේ ඔවුන්ගෙන් සමාජයට සිදුවන විශාල මෙහෙවරක් පිළිබඳව වැටහීමෙනි.


නමුත් ලොවේ පැතිරෙන, ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින ජිහාඞ්වාදය වැනි දෙයක් අඳුනාගන්නට නොහැකි පුද්ගලයෙකුට කලාකරුවෙකු විය නොහැකිය.


ලංකාවේ කලාකරුවන්, මාධ්‍යකරුවන් වශයෙන් පෙනී සිටින ඇතැම්හු සැබෑ කලාකරුවෝ, මාධ්‍යකරුවෝ නොවෙති. සමාජය විනාශ කිරීමට භයානක අවි නිපදවූ පුද්ගලයෙකුට වැරදුන පසු සමාජය මෙහෙයවන මාධ්‍යකරුවෙකු විය හැක්කේ ලංකාව වැනි රටක පමණි. ගුණෙ අයියගෙ කඬේ තයිලාම් අදිමින් මස්කට් කෑම, රස කරමින් සමාජයට බෙදන්නා සමාජ හිතකාමී කලාකරුවෙක් නොවේ. මෙවැනි පුද්ගලයන් සමග රැුලේ යන්නෝද කලාකරුවෝ, මාධ්‍යවේදියෝ නොවෙති. ඔවුන් සැලකිය හැක්කේ, ආත්ම ලාභය පතන නැතිනම් නොමග ගිය හිස් මිනිසුන් වශයෙනි.




Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls;
Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action;
Into that heaven of freedom, my Father, let my country awake. 
                                                      (Tagore)