Wednesday, April 24, 2013

ඇසට පෙනුණත් මුස්ලිම් සහෝදරත්වයට නොවැටහෙන ද්විත්ව රංගනය



ඉස්ලාම් මූලධර්මවාදය ලෝකයට පැතිරයන්නේ සවුදි අරාබිය නමැති රටෙනි. එහි රජුට උපදෙස් දෙන, රජුට වඩා බලවත් ආගමික හමුදාව (හෙවත් වහබිවරු) නොයෙකුත් මූලධර්මවාදී මත ලෝකය පුරා ව්‍යාප්ත කරති. පුහුණු කරන ලද වහබින් සහ මුදල් රට රටවලට පොම්පා කිරීම එම මූලධර්මවාදී ක‍්‍රියාවේ අංග දෙකකි. ලංකාවේ හලාල් ආක‍්‍රමණය සඳහා මූලික වූ පිරිස කවුදැයි සොයා බැලූවොත් ඒ වනාහි ඉස්ලාම් ආගමික පාසැල් (මද්රාසා)  පිහිටවූ හා ඒවායේ ඉගැන්වීමට පැමිණි වහබිවරුන් බව පැහැදිලි වේ. වහබින් කටයුතු කරන්නේ 15 වෙනි සියවසේ ස්පාඤ්ඤ සහ පෘතුගීසි හමුදා සමග අප‍්‍රිකා, ආසියා, ඇමරිකා රටවලට ගිය ජෙසුයිට් හා ප‍්‍රැන්සිස්කන් සභාවල පාදිලින්ට සමාන ලෙසිනි. එකම වෙනස වහබින් මුදල් සමග රට රටවලට යාමයි. ජෙසුයිට්ලා ආවේ හිඟන වෙසිනි. පෘතුගීසින්ට ධනය රැස්කර දීම මේ යාචක පාදිලියන්ගේ අරමුණක් වූයේය. 

මැදපෙරදිග කලාපයේ ඇමරිකාවේ හොඳම මිතුරා සවුදි අරාබිය හා එහි රජ පවුලයි. ඇමරිකානු හමුදා කඳවුරු සවුදියේ තිබේ. විශාල ඇමරිකානු සමාගම් එහි ඇත. සවුදි රජ පවුලේ අය විවාහ කරගත් ඇමරිකානු කාන්තාවන් සෑහෙන සංඛ්‍යාවකි. ඇමරිකාව සවුදිය ආරක්ෂා කරන අතර සවුදිය විශාල වශයෙන් ඇමරිකාවෙන් අවි ආයුධ යන්ත‍්‍ර සූත‍්‍ර මිලයට ගනී. මේ අතර සවුදිය වහබිවාදය රටරටවලට ප‍්‍රචාරය කරයි. ඇමරිකාව මේ ගැන නොදන්නා සේ හැසිරෙයි. එම නිසා වෙනත් ලෙසකින් කීවොත් වහබිවාදය ලොව පැතිරෙන්නේ ඇමරිකානු ආවරණයක් ඇතිවය.   

මේ අතර ඉස්ලාම් මූලධර්මවාදයට හා ත‍්‍රස්තවාදයට එරෙහිව ඇමරිකාවේ සිට නොයෙකුත් මෙහෙයුම් ක‍්‍රියාත්මක වේ. ලිබියාව, ඉරාකය ආදී රටවල් වැටී ඉරානය පමණක් ඉතිරිවී ඇත්තේ මෙම මෙහෙයුමේ බලයෙනි. ඉරානයේ  ඉරණම ගැන අපි කතා නොකරමු. ඇමරිකාවේ සිට මාධ්‍ය මගින් විශේෂයෙන්ම පත්තර, අන්තර්ජාලය, රූපවාහිනිය ආදිය ඔස්සේ මතවාදී මෙහෙයුමකුත්  ක‍්‍රියාත්මත වේ. "ක‍්‍රිස්ටියන් බ්‍රෝඞ්කාස්ටින්" (හෙවත් සිබීඑස්) දෙස බලන්න. ඔවුහු ක‍්‍රිස්තියානි පාර්ශවය වෙනුවෙන් ඉස්ලාම් මූලධර්මවාදයට විරුද්ධව තදින් වැඩ කරති. ’ජිහාඞ් වොච්’ වැනි බ්ලොග් ඉස්ලාම් මූලධර්මවාදයට තදටම බැටේ දෙති. 

ජිහාඞ් වොච් අධ්‍යක්ෂකවරයා රොබට් ස්පෙන්සර් ඇමරිකානුවෙකි. ඔහු ඉස්ලාම් මූලධර්මවාදය හා ත‍්‍රස්තවාදය ගැන පොත් 13ක් ලියා තිබේ. මේ සමහර පොත්වලට ඇමරිකානු ආයතන වලින් සම්මාන හිමිව ඇත. ස්පෙන්සර්ගේ තාත්තා ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ආයතනයේ සේවය කළ අතර රොබට් සපෙන්සර් දැඩි මතධාරී කතෝලිකයෙකි. ඔහු ඇමරිකාවේ කතෝලික සභාව හා ඉතා කිට්ටු සම්බන්ධකම් ඇත්තෙකි. (අන්තර් ජාලයෙන් රොබට් ස්පෙන්සර් බලන්න. ඔහුගේ ජිහාඩි වොච් බ්ලොග් එකත් බලන්න.)

සවුදියේ සිට මෙහෙයවන ඉස්ලාම් මූලධර්මවාදය, ලංකාවේ මූලධර්මවාදී ඉස්ලාමිකයින් බිහි කරයි. ඔවුහු බෞද්ධයන්ට එරෙහිව නොයෙකුත් ක‍්‍රියාකරති. දීඝවාපිය වැනි අති පැරණි සිද්ධස්ථාන පවා ආක‍්‍රමණයට හසුව ඇත. මූලධර්මවාදය වෙනුවෙන් වැඩකරන ඇතැම් ඉස්ලාම් දේශපාලන නායකයෝ සිංහල - මුස්ලිම් ජාතික එකමුතුව බිඳිති. බෞද්ධ අයිතිවාසිකම් ගැන කතාකරන බෞද්ධ සංවිධානයන්ට අන්තවාදීන් යයි මඩ ගසති.  ඔවුන්ට එරෙහිව අන්තර් ජාතික නමින් හඳුන්වන සංවිධානවලට පැමිණිලි දමති. මොවුන්ගේ විලක්කුවට නටන සිංහල දේශපාලනඥයෝ සිංහල බෞද්ධ සංවිධාන වලට ගොරවති. නැතිනම් ගොලූවන් සේ රඟපාති. 

රොබට් ස්පෙන්සර් කතෝලික නායකයාගේ අලූත්ම පොත ‘නොට් පීස් බට් එ ස්වෝඞ්’ Not Peace But a Sword – Robert Spencer   කියවූ විට ද්විත්ව රංගනය කුමක් දැයි වැටහීමක් ලබාගැනීමට පුළුවන.

3 comments:

  1. Islam is a Violent Political Party, Not Religion

    http://www.islam-watch.org/authors/75-sami/1290-islam-is-a-violent-political-party-not-religion.html

    ReplyDelete
  2. thel tika nathi una daata issellama oya
    minissu iwarai..ita passe apith iwarai..
    eka wenama kathawak..

    monawa unath oya natanne thel athal eka
    nisane..karanna wena wada naha ..eka eka
    minissunge jeewitha winasa kara kara innawa...

    ReplyDelete

  3. ඉදිරි කාලය ලොව පුරාම මුස්ලිම්වරුන්ට ඉතාම අපලකාල පරිච්ඡේදයක්.
    ඒක නොවෙයි ලංකාවේ ලඟකදි ලේ වැගිරීම් සිදු වන්නේ නෑ.නමුත් ඉතා ලඟදිම කිසිවෙකුත් නොසිතූ තැනකින් අමුතු විදියේ යුධමය තත්වයක් ඇතිවෙනවා.
    මෙය දැනට ගැටුම් තිබෙන සීතල යුද්ධ තිබෙන තැනකින් නොවෙයි.ඒ කියන්නෙ පලස්තීන උතුරු කොරියා හෝ කාශ්මීර ප්‍රදේශවලින් නොවෙයි.
    මේ යුද්ධයෙන් පෙර නොවූවිරූ විනාහයක් සිදුවෙනවා.

    ඉන් නොබෝකලකට පසු අත්ලන්තික් සාගරයේ කිසියම් අද්භූත දෙයක් වෙනවා.
    මේ විදියේ අනාවැකි කොමෙන්ට් ලෙස පළ කරන්නම්.අනාවැකිවල සත්‍යතාවගැන වගකියනවා.

    ReplyDelete

අදහස් දක්වන්න