Saturday, June 8, 2013

කළුඇමරිකානුවන්ට ඇටවූ උගුල සිංහලයන්ටත්


බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ ජාතියක් වඳකිරීම සඳහා උපත් පාලනය ආධාර කරගන්නා හැටි විස්තර වේ. උපත් පාලනය ගැන කියවෙන ලොව පැරණිම වාර්තාව මෙයයි. එහි සඳහන් වෙන ලෙසට පාරාවෝ රජවරු මිසරයේ යුදෙව්වන් බෝවීම වැළැක්වීමට යම් යම් ක‍්‍රියා අනුගමනය කර ඇති අතර උපදින යුදෙව් දරුවන් මරා දමන වැඩ පිළිවෙළකුත් ක‍්‍රියාක්මක කළහ. 

බයිබලයේ උපත්පාලනය වැඩපිළිවෙළ ආදර්ශයට ගනිමින් කළු ජාතිකයින්ගේ උපත් සීමා කිරීමේ පරමාර්ථයෙන් ක‍්‍රියාත්මක වූ ඇමරිකානු උත්පත්ති පාලන වැඩපිළිවෙළ සඳහා ඇමරිකාවේ කළු ජාතිකයෝ ‘මාෆා’ යන නම භාවිතා කළහ. අප‍්‍රිකාවේ මේ නම භාවිතා වූයේ ඛේදවාචකය  යන අරුතිනි. ඇමරිකාවේ සිදුවූ ඛෙදාවාචකය කුමක්ද? කළු ජනගහණය වැඞීවිමයි. වහල්ක‍්‍රමය නීතියෙන් අහෝසි කළ පසුව කල්ලන්ගේ වැඩිවීම වැළැක්වීමට සිතූ සුදු ජාතිකයින් පිරිසක් රටේ සෞඛ්‍ය අංශ, වෛද්‍යවරුන්, හෙදියන්, දේශපාලනඥයන් හා මාධ්‍යකරුවන් සම්බන්ධ කරගෙන මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරමින් කළු උපත් සීමාකරන්ට හා වළක්වන්ට වූහ.


රටේ සිදුවන බරපතල අපරාධය ගැන උනන්දුවූ පිරිසක් කළු උපත් පාලනය ගැන සොයන්ට වූහ. මේ සෙවීම් මුල්කරගෙන  මාක් කාචර් නමැති ගවේෂකයා 2009 වසරේදී වාර්තා චිත‍්‍රපටියක් ඉදිරිපත් කළේය. එය මාෆා 21 ^Maafa 21)   එහි නම් වේ. මෙම වාර්තා චිත‍්‍රපටිය යූ ටියුබ් ආධාරයෙන් අන්තර් ජාලයෙන් ඔබට නැරඹීමට පුළුවන. එය සිංහලයන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත‍්‍රපටියක් බව ඇනකොන්ඩාගේ අදහසයි. ඊට හේතුව ජාතියක් දුර්වල කිරීම සඳහා උපත්පාලන උපක‍්‍රමය ක‍්‍රියාත්මක කෙරෙන බව නොදන්නා පිරිසක් සිංහලයන් අතරම සිටිනා බැවිනි. මේ නොදන්නාකම රැකගෙන කටපියාගෙන නිහඬව නොසිටින ඔවුහු සිංහල ජාතිය වඳ කිරීමේ කතාව මනෝවිකාරයක් යයි කියමින් ළිං ගෙම්බන් සේ කෑ ගසති. සමහරවිට ඔවුහු ද ව්‍යාපෘතිය විසින්ම ප‍්‍රචාරක කටයුතු සඳහා යොදවා සිටින්නෝ වෙති. නමුත් මේ මණ්ඩුක ඝෝෂකයන් උගතුන් යයි රැවටෙන පිරිසක් සිටිති. ඇමරිකාවේ කළු ජාතිකයන් සුළු ජාතියක් වශයෙන් තබාගැනීමට ක‍්‍රියාත්මක කළ උපත්පාලන වැඩසටහන පිළිබඳ මේ වාර්තා චිත‍්‍රපටිය නරඹා සැබෑව ප‍්‍රත්‍යක්ෂ කරගැනීමට කාටකාටත් පුළුවන.

මෙම වාර්තා චිත‍්‍රපටිය නරඹා ඔබේ පවුල ගම හා ආශ‍්‍රය කරන සමාජය ගැන නුවණැස යොමුකරන  ඔබට  සිංහල ජාතිය වඳ කිරීම සඳහා ඇමරිකානු මාෆා ව්‍යාපාරය ඊට වඩා සිය ගුණයකින් සූක්ෂම වී ක‍්‍රියාවට නැගෙන හැටි වටහා ගැනීමට පුළුවන. සිංහල ජාතිය වඳ කිරීමේ මෙම වැඩපිළිවෙල පක්ෂ භේදයක් නැතිව එජාප කාලයේත් සමගි පෙරමුණු ආණ්ඩු කාලවලත් ක‍්‍රියාත්මක වී වර්තමානයේත් ක‍්‍රියාත්මක වේ.

දරු ප‍්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළුකරන ලද සිංහල කාන්තාවන් නීති විරෝධීව වඳ සැත්කම්වලට භාජනය කළ මුස්ලිම් වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙක් අතටම අසුවී ඇති බවත් දැන් ඔවුන්ව චෝදනාවලින් ගලවා ගෙන වෙනත් රෝහලකට යැවීමට පිරිසක් උත්සාහ දරන බවත් පෙරේදා වාර්තා විය. 

මෙවැනි සිද්ධින් දිනපතාම සිංහල පවුලක් පවුලක් ගානේ ගමක් ගමක් ගානේ සිදුවේ. සිංහල ජාතිය වඳ කිරීමේ මාෆා වැඩ පිළිවෙලේ විශේෂත්වය එය රජය මුල්කරගෙන ක‍්‍රියාක්මකවීමයි. ඊට අමාත්‍යාංශ ගණනාවක් සම්බන්ධ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රධාන වී තිබේ. පවුල් සේවිකාවන් සිංහල දරුවන් මැරීමේ ගහල සේවය සඳහා ඍජුවම යොදවාගෙන ඇත. මේ හැර හෙදියන්, වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් විශාල පිරිසකගේ සේවය ලබාගෙන තිබේ. මාධ්‍ය ආයතනවලට මුදල් යොදවමින් පුංචි පවුල රත්තරන් කතාව උස්මිටි උගත් නූගත් භේදයක් නැතිව සිංහලයන්ගේ හිස් තුළට දමා ඔවුන් ගේ මොළ දූෂණය කරවා ඇත.

සිංහලයන් හා උප සිංහල කණ්ඩායමක් වූ වැද්දන් වඳ කිරීමට ‘මාෆා ලංකා’ වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක වෙද්දී  ලංකාවේ වෙනත් සුළු ජන කණ්ඩායම් බෝවීම වැඩි කිරීමට අදෘශ්‍යමාන හස්තය ක‍්‍රියාත්මක වී ඇත. ගැමි සිංහල කාන්තාවක් දෙවැනි දරු ප‍්‍රසූතිය සඳහා මාතෘ නිවාසයකට හෝ රෝහලකට ඇතුල් වූ පසු නින්දා කිරීමෙන් හා වෙනත් උපක‍්‍රම මගින්  ගැබ් ගැනීමේ ශක්තිය නැතිකරගැනීමට ඇයව පොළඹවන හෙදියෝ මුස්ලිම් කාන්තාවකට කිසිම විටක ඒ අයුරින් නින්දා නොකරති. එවැනි පෙළඹවීමකට නොයති. සිංහල කාන්තාවන්ට උපත් පාලන උපදෙස් දෙන පවුල් සෞඛ්‍ය සේවිකාවන් මුස්ලිම් කාන්තාවට එම උපදෙස් නොදී දරුවන් වැඩියෙන් බිහිකිරීමට ධෛර්ය දෙති. දෙයි. සිංහල මවට නින්දාකරන ඇයගේ උපත් ශක්තිය පාලනය කරන පවුල් සෞඛ්‍ය සේවිකාව සහ හෙදිය සිංහල කාන්තාවක්වීම මෙහි ඛේදනීය පැත්තයි.

සිංහල ජාතිය වඳ කිරීමේ මාෆා ව්‍යාපාරයට නගරය ගම කියා භේදයක් නැත. එය හැම තැනකම ක‍්‍රියාත්මක වේ. ඊට නොයෙක් මුහුණු තිබේ. නිදසුනක් ගනිමු. සිංහල දරුවෙකු පාසලකට ඇතුළු කිරීමට අපහසුකම් බොහෝ ඇත. නමුත් මුස්ලිම් ළමයෙකු පාසලකට ඇතුළත් කිරීමට කිසිම අපහසුවක් නැත. තිසිම මුස්ලිම් පාසලකට සිංහල ළමයෙකු ඇතුළත් කිරීමට නොහැකි නමුත් සිංහල බෞද්ධ දරුවන් සඳහා ආරම්භ කළ ආනන්ද, නාලන්ද, ධර්මරාජ විදුහල් පවා අද සිංහලයින්ගෙන් ඈත්කරන තැනට වැඩ සැලසුම්කර තිබේ. සිංහල බෞද්ධ දැරියන් සඳහා ඇරඹු බෞද්ධ පාසැල්වලට ඉස්ලාම් යුනිෆෝමයෙන් යෑමට පවා ඉස්ලාම් දැරියන්ට නිදහස පවතී. 

සිංහලයින් වඳ කිරීමේ මාෆා ව්‍යාපාරය තේරුම් ගැනීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. මේ ජාතිවාදී ව්‍යාපාරයේ යෙදී සිටින පුද්ගලයින් ගැන තොරතුරු සොයන්න. ඇමරිකාවේ කළු ජාතිකයින් මාෆාවට මුහුණ දුන්නේ කුමන්ත‍්‍රණය වටහාගෙන වැඩි වැඩියෙන් දරුවන් බිහිකිරීමෙනි. දරුවා සම්පතකි. පුංචි පවුලක ඉපදෙන දරුවා හැම කාලයකම අසරණයෙකි. ලොකු පවුලක හැදෙන දරුවෝ හැමවිටම ජයග‍්‍රහණ ලබති. 

කළු ඇමරිකානුවන්ට ඇටවූ උගුල සිංහලයින්ටද අටවා තිබේ. සිංහලයා ඒ උගුලේ අසුවී සිටී. මේ  විනාශයෙන් ගොඩඒමට හැක්කේ මාෆාව වටහාගෙන ඊට පවුල් වශයෙනුත් ගම් වශයෙනුත් ජාතියක් වශයෙනුත් මුහුණදීමෙනි. මාෆා ක‍්‍රියාකාරිකම් හෙළි කිරීමට උනන්දු වෙන්න. සිංහලයා වඳ කිරීමේ ජාතිවාදී වැඩපිළිවෙළ නැවැත්වීමට රටට දැයට තම දූදරුවන්ට ආදරය දක්වන හැම දෙනාම මහන්සි විය යුතුය. 


10 comments:

  1. ප්‍රබුද්ධ දාර්ශනිකයකු වන දමිත් කේතකයාණන් හට අනුව නම් මෙය කොරහේ කිඹුලන් දැකීමකි.

    ReplyDelete
  2. Male anaconda lipiye kiyala tiyenne uba wage ponnayo gena tamai. maffa21 balapan. etakota tikak twat terei anacondata mage salute eka film eka gena kiwwata.

    No dutu Gamunu

    ReplyDelete
  3. හැමදාමත් වගේ ඇනකොන්ඩා අදත් මොළ වඩන බේතක් ගෙනවිත් තිබේ. එයට ස්තුතිවන්ත වන අතර, බෙහෙත ගෙනෙන වාර ගණන මසකට එකක් ලෙස නොවී සති දෙකකට වරක්වත් වනවානම් මම සතුටු වෙමි. මක්නිසාද යත් මොළ නසන බෙහෙත් ගෙන එන්නවුන් ඒවා දිනකට තුන්වරක් හෝ පැය 6 කට වරක්වත් ගෙන එන බැවිනි. මේ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය මෙන්ම කාලය ද ඇනකොන්ඩාට ලැබේවායි පතමි. ඉහත ඔබ දක්වා ඇති අදහස් සමඟින් 100%ක් එකඟ වෙමි. නමුත් මෙම ප්‍රශ්නයට විසඳුම ලෙස මම දකින්නේ බොහොමයක් දෙනා යෝජනා කරන පරිද්දෙන් සිංහලයන් වැඩි වැඩියෙන් දරුවන් සෑදීම නොවේ. දරුවන් යනු සම්පතක් බව සැබවි. වැලේ ගෙඩි වැලට බර නැති බවද සත්‍යකි. එහෙත් අප මුහුණ දිය යුතුව ඇති කටුක සත්‍යය නම් අප කුඩා දිවයිනේ ජනගහණය එයට දරාගත නොහැකි මට්ටමට එන දිනය වැඩි ඈතක නොවන බවයි. ලොව ජනඝනත්වය අධිකම රටවල් අතරින් අප සිටිනුයේ 23 වන ස්ථානයේය. ජනගහනය වැඩි යැයි කියමින් එක පවුලකට එක දරුවෙක් යන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන චීනය පවා සිටින්නේ අපට වඩා බොහෝ ඈතිනි (53). වෙනත් රටවලට මෙන් තවමත් ප්‍රයෝජනයට නොගෙන ඇති නොඉඳුල් බිම්කඩවල් වර්ග කිලෝමීටර ගණනක් අපට නැත. තිබෙන සීමිත ඉඩකඩම් ටික දැනටමත් භාවිතයට ගෙන ඇති අතර කල හැකිව ඇත්තේ ඒවා තව තවත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම පමණි. අප පරපුර ඉපදෙනවිට තිබුන, ජීවත් වනවිට තිබුන සොබා දහමේ තවත් අපූරු නිමානයක් වූ මගේ පුංචි රටේ මතුවට උපදින අපේ මී මුණුබුරන්, වතුර උගුරට වී ඇටයට එකිනෙකා මරාගන්නා තත්වයට පත් නොකිරීමේ වගකීම ඇත්තේ අපටයි. මක්නිසාද යත් එකලට ඔවුනට කළහැකි යමක් නොමැති නිසාවෙනි. එම නිසා ජනගහන පාලනය අත්‍යවශ්‍යයෙන්ම කළයුතුව ඇති දෙයකි. මෙරට සිංහල දෙමළ ජනකොටස් දැනටමත් මෙය සිදු කරති. ප්‍රශ්නය ඇත්තේ මුස්ලිම් ප්‍රජාව තුලයි. රටේ සියලු ජන කොටස් රෝම ලන්දේසි නීතියට යටත්ව දිවි ගෙවද්දී, මුස්ලිම් වරුන්ට පමණක් විශේෂ වරප්‍රසාද හිමිකරදී තිබීම අනෙකුත් ජනකොටස් වලට කරන දැඩි අසාධාරණයක් මෙන්ම , අපේ මතු පරපුරට තලේබාන් පාලනයක් යටතේ දිවිගෙවීමට සිදුවීමේ අවධානම තීව්‍ර කරන්නක්ද වේ. එනිසා කලයුත්තේ අනෙකක් නොව මුස්ලිම් වරුනට බහු විවාහ සඳහා ලබදී ඇති නීතිමය ප්‍රතිපාදනය වහාම අහෝසි කොට , මුස්ලිම් වරුන්ද ඇතුළුව රටේ සියලුම ජනකොටස් වලට බලපාන පරිද්දෙන් උපත් පාලන නීතියක් සම්පාදනය කිරීමයි.

    ReplyDelete
  4. මචන් මම දන්න කෙනෙක්ටත් හොඳට හිටපු බබා ගබ්සා උනා..නිවුන්නු හම්බෙන්න හිටියේ..මාස 4 යි බඩට.. මේ වෙන සිද්ධි එක්ක අපිටත් එක එක දේවල් හිතෙනවා ...( ස්වභාවික ගබ්සා වීමක් වෙන්නත් පුළුවන්..)

    අනේ මන්දා මේ යන ක්‍රමේට නම් ආයේ 30 ක් ෂුවර් ...

    ReplyDelete
    Replies
    1. පහු ගිය මාසෙට ඔය වගේම කේස් 5ක් ඇහුවා මම... එක්කෝ අපි කන කෑම වල අවුලක්.. නැත්තම් වෙන කේස් එකක්... කොහොම හරි ඔක්කොම මාස දෙකේ තුනේ ඒවා...සාමාන්‍යයෙන් ඔහොම ‌දේවල් වෙනවා කියලා දන්නවා.. ඒත් මෙහෙම වෙන්නේ කොහොමද.... ?

      Delete
  5. දැන් කව්ද මේ වැඩේ කරන්නේ ?සුද්දොද?මුසල්මානුවන්ද?සුද්දන්ට වුනත් ලෝකෙ ලොකුම තර්ජනය සිංහලයොනේ .නැද්ද මං අහන්නේ?

    ReplyDelete
    Replies
    1. නසුරුද්දීන්ගෙ බූරුව සිංහල අකුරු දන්නව. ඌ සමහර වෙලාවලට වෙබ්වලට කොමෙන්ට්ස් දානව. අපි කොහොමද නසුරුද්දින්ගෙ බුරුවට මොළේ දෙන්නෙ? මීට බකමුණා

      Delete
  6. අපේ කාලේ නම් ඔහොම එව්වා අහන්නවත් ලැබුනේ නෑ. දැන් බොහෝ විට දෙවෙනි දරුවා ගබ්සාවෙනවා. මේවා වෙන්නෙ කොහොමද? කාලයක් මට මතකයි නැගෙනහිර පළාතේ සිංහල අම්මලාගේ දරුවන් බිහිකිරීමේ ශක්තිය නැතිකිරීමේ ඇන්ජී ඕ වැඩපිලිවෙළක් ගැන කතාබහක් ඇතිවුනා. ඒත් ඒවා එහෙම්මම යටයනවා. මේවා පස්සේ ඉන්නේ සුද්දෝද මුස්ලිම් අන්තවාදීන්ද කියන්න දන්නේ නෑ. නමුත් නැගෙනහිර පලාතේ මෙහෙම දෙයක් කලකට පෙර සිදුවීමත් පේරාදෙණිය රෝහලේ පසුගියදා එළිවුණු මුස්ලිම් දොස්තරලා සිංහල අම්මලාගේ දරුවන් හැදීමේ හැකියාව බලෙන් නැතිකිරීමත් කියන කරුණු ගැන හිතුවාම නම් මුස්ලිම්වරු මේක යට ඉන්න බවක් පේනවා. මේවා ගැන ඉතිං ඇනකොන්ඩලාටම තමයි හොයන්න පුළුවනි.ch

    ReplyDelete
  7. ඇනකොන්ඩා කියන්නේ ඇත්ත. මෙන්න පසුගිය දිනවල ප‍්‍රචාරය වුණු පේරාදෙණිය මුස්ලිම් දොස්තරලාගේ ගේම් එක.
    දරු ප‍්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන සිංහල බෞද්ධ කාන්තාවන් හට නීති විරෝධී ආකාරයෙන් වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකළ බවට සහ උපත් පාලන කටයුතු සඳහා බලහත්කාරයෙන් යොමු කළ බවට චෝදනා ලත් මුස්ලිම් ජාතික වෛද්‍යවරුන් දෙදෙනකු පිළිබඳව පැය 48ක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පොරොන්දු වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්ද්‍රාණි ගුණතිලක මහත්මිය සඳහන් කළාය.
    ඉන් එක් අයෙක් මුස්ලිම් වෛද්‍යවරියක් වන අතර අනික් අය සීමාවාසික පුහුණුව ලැබූ මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකි. මේ වෛද්‍යවරිය පේරාදෙණිය රෝහලේ සේවයට පැමිණ මාස හයක් පමණ ගත වී තිබෙන අතර එම කාලය තුළ ඇය ගැබිනි මව්වරුන් දස දෙනෙකු පමණ ඔවුන්ගේ කැමැත්ත නොවිමසා වඳ සැත්කම්වලට නිර්දේශ කර තිබෙන බව මේ වන විට හෙළිදරව් වී තිබේ. අදාළ වෛද්‍යවරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සූතිකාගාරයේදී ප‍්‍රසූතවේදනාවෙන් පසු වූ මවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමසීමකදී මේ වෛද්‍යවරිය වඳ සැත්කම් සඳහා මව්වරුන් යොමු කිරීමේ කුමන්ත‍්‍රණයේ සුලමුල හෙළි වී ඇත.
    තමන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව තමන් වන්ධ්‍යාකරණ සැත්කමට භාජන කළ බවට සිංහල බෞද්ධ කාන්තාවන් පිරිසක් ජාතික හෙළ උරුමය පක්ෂයේ මහනුවර ප‍්‍රධාන සංවිධායක හා මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී තුෂාර ස්වර්ණතිලක මහතා දැනුම්වත් කිරීමෙන් පසුව ජාතික හෙළ උරුමය සාමාජිකයන් පිරිසක් පේරාදෙණිය ශික්ෂණ රෝහල කරා ගොස් විරෝධතා ව්‍යාපාරයක නියැළුණහ. පසුව රෝහල් අධ්‍යක්ෂවරිය එම පිරිස කැඳවා විරෝධතාව පිළිබඳ කරුණු විමසූ රෝහල් අධ්‍යක්ෂවරිය රෝහල් පාලක මණ්ඩලය හා විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා පැවැත්වූ හදිසි සාකච්ඡුාවකින් අනතුරුව සිද්ධිය පිළිබඳ සෞඛ්‍ය ලේකම්වරයා දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි.
    මේ සිද්ධියෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කළ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී තුෂාර ස්වර්ණතිලක මහතා:
    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සීමාවාසික පුහුණුව ලබන මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙක් හා වෛද්‍යවරියක් දිගින් දිගටම මෙම නීති විරෝධී කාර්යයේ නියැළී ඇතත් ඇතැම් කාන්තාවන් ඒ පිළිබඳ කිසිවකුට හෝ පැමිණිලි කර නොමැති බවත්,
    මෙම වෛද්‍යවරුන් දෙදෙනා සිංහල කාන්තාවන් හට නීති විරෝධී ආකාරයෙන් වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකිරීමට අදාළ පියවර ගෙන ඇති බව අද දින රැුස්වීමේදී විශේෂඥ වෛද්‍යවරුන් පවා පිළිගත් බවත්,
    මේ වෛද්‍යවරුන් සිංහල කාන්තාවන් හට බලහත්කාරයෙන් උපත් පාලන ඖෂධ සහ උපත් පාලන ක‍්‍රමයන් භාවිත කොට ඇති බවත්
    මෙවැනි සිදුවීම් දිවයින පුරා රෝහල්වල සිදුකෙරෙන බවටද වාර්තා වී ඇති බැවින් ජාතික හෙළ උරුමය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් පවසා සිටියේය.
    පත්තර හා ටීවී නිවුස්වලින් ගත්තේ.
    සරදියෙල්

    ReplyDelete
  8. I also have heard about this "accidental" abortions. Now I feel that there is something wrong with it. Thanks Anaconda, but I also agree with "Ginisiluwa". We need children but there must be a limit. In my viewpoint the best number is 3 kids for a family. And also we must protest for a "ONE LAW" for all people in Sri Lanka. Now Tamils and Muslims have there own laws. This is completely wrong. Why Wimal, Ven. Elle Gunawansa, Ven. Madoluwawe Sobhitha Theros & others are shutting their mouths in this issue.

    Kushani

    ReplyDelete

අදහස් දක්වන්න