Friday, August 9, 2013

විස කිරිපිටි ගැන නොකියන කතාව


දෙවන ලෝක යුද්ධයත් සමග යටත් රටවල් හැලීයද්දි හිරු නොබසින අධිරාජ්‍යය නමින් පෙනි සිටි බි‍්‍රතාන්‍යය තම බලය රැකගැනීම සඳහා අලූත් තුරුම්පුවක් ගැහුවේය. ඒ පොදුරාජ්‍ය මණ්ඩලය නමින් ආයතනයක් පිහිටුවීමයි. එංගලන්ත කිරීටය යටතේ පවත්වාගෙන යන මෙහි සමුළුවකට සහභාගි වී රැජින සමග ඡුාරූපයක් ගැනීම යටත් වී සිට ‘නිදහස’ ලැබූ ලංකාව බඳු රටවල රාජ්‍ය නායකයින්ට ඉහේ මලක් පිපෙන සිද්ධියක් වුණි. එබැවින් පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවක් ලංකාවේ පැවැත්වීම යටත් විජිත මානසිකත්වයෙන් පෙළෙන ඇතැම් දේශපාලනඥයන් ඇතුළු හැමට පෙනෙන්නේ ලංකාවට පහළ වූ නිධානයක් ලෙසිනි.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ පැවැත්වීමට යෝජනා වීම හා ස්ථිර වීම ඇනකොන්ඩා දකින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය අමාරුවේ දැමීමට ඉදිරිපත් කෙරුණු කේවට්ට උපදෙසක් ලෙසය. මෙමගින් රජය බිය ගැන්වීමට හා රජය අසරණ කිරීමට නොයෙකුත් මාර්ග කපා ගැනීමට බි‍්‍රතාන්‍යය ප‍්‍රධාන බටහිර රටවලට අවස්ථාව ලැබේ. ඔවුන්ගේ වුවමනා ඉටුකර ගැනීමටත් රට බෙදීමේ වැඩකටයුතු සඳහා ආධාර කිරීමටත් පොට පෑදේ. ඒ සිද්ධි හැර තවත් නොයෙක් ක‍්‍රමවලින් රජයට බලපැම් කරන්නට බටහිර රටවලට මග පෑදේ. 

ඇනකොන්ඩාට දැනගන්නට ලැබුණු අන්දමට ඊයේ (8 වෙනි දින) රාත‍්‍රී නවසීලන්තයේ විදේශ ඇමතිවරයා අපේ රටේ ‘ඉහළ පුටුවක්’ සමග දුරකතන සාකච්ඡුාවක නිරත වී ඇත. බිළිඳු මනස හා සිරුර දුර්වල කරන ‘ඇන්කර් 1 ප්ලස්’ ප‍්‍රධාන විස කිරි පිටි ගෙන්වීම නවත්වනු ඇතැයි නවසීලන්ත කිරිපිටි සමාගම් කලබලයට පත්වීම මෙම සාකච්ඡුාවට ප‍්‍රධාන හේතුවයි. ලංකාව නවසීලන්ත විස කිරිපිටි නැවැත්වීම ලෝකයේ සෙසු රටවල්වලට දැනගන්නට ලැබීම නවසීලන්තයේ ෆොන්ටේරා නිෂ්පාදන අලෙවියට පාඩුවකි. ෆොන්ටේරා යනු කිරිපිටි මාෆියාවකි. එම නිසා නවසීලන්ත විදේශ ඇමතිවරයාගේ සාකච්ඡුාව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ගැන නොව කිරිපිටි තහනම් කළොත් ඉදිරියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි නොවන බවට තර්ජනයක් වීමට පුළුවන. එබැවින් ඉදිරි කාලයේදී විස කිරිපිටි පිළිබඳ සියලූ වාර්තා බොරුකරුවන්ගේ ප‍්‍රකාශන යයි රජය නිල නිවේදනයක් නිකුත් කළොත් එය පුදුම විය යුතු සිද්ධියක් නොවේ.

රට තුළ අලෙවි කෙරෙන කිරි පිටි වර්ග ගණනාවක ඩීසීඩී අංගු බවට කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාව නිකුත් වූයේ ජූලි 26 වැනිදාය. ඉතාම විශ්වාස කටයුතු මාර්ගයකින් ඇනකොන්ඩාට මේ පුවත දැනගන්නට ලැබුණි. එහෙත් තීරණාත්මක කරුණු නිසා මේ පිළිබඳව මුනිවත රකිමින් කල්මරන්නට ඇනකොන්ඩාට සිදු විය. ඇනකොන්ඩාගේ පාඨකයන්ට දැකබලාගැනීම පිණිස ඒ වාර්තාවෙන් කොටසක් මෙහි දක්වමි. (රූපය)



වාර්තාව නිකුත් වූ වහාම කිරිපිටි ජාවාරම්කරුවන් ක‍්‍රියාත්මක වූ හැටි පැහැදිලි කළ යුතු නැත. මාධ්‍ය ආයතන ඔවුන්ට දෙන කිරිපිටි දැන්වීම් නවතාගෙන පාඩු විඳින්නට සූදානම් නොවූහ. සල්ලි සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ මල්ලි හෙවත් නිවුන් සොහොයුරා නිසා ජනමාධ්‍යයෝ  ජනහිතකාමී බව මුල්ලකට දමා හාවක්හූවක් නැතිව දින කීපයක් ගත කළහ. වර්තමාන තත්වය උද්ගත වූයේ දෑහිතකාමීන් කිහිප දෙනකුගේ උත්සාහයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ සියලූ දෙනාට ඇනකොන්ඩාගේ උත්තමාචාරය පිරිනැමේ.

ඩීසීඩී වල ක‍්‍රියාකාරිත්වය නිසා පුද්ගලයන්ට හානි කීපයක් සිදු වෙයි. පළමුවෙනි හානිය ස්නායු පද්ධතියේ සන්නිවේදනයට සිදු වන බලපෑමයි. දෙවැනි අනතුර නම් වකුගඩුවලට සිදු වන හානියයි. එසේම ඩීසීඩී පිළිකාකාරකයක් බවද හෙළිදරව් වී තිබේ.

ඩීසීඩී අඩංගු කිරිපිටි පිළිබඳ වාර්තාවට අනුව වැඩිම ඩීසීඩී ප‍්‍රතිශතයක් ඇත්තේ ඇන්කර් 1 ප්ලස් කිරිපිටිවලය. මෙය ඉතා භයානක තත්වයකි. ඇන්කර් 1 ප්ලස් කිරිපිටි දරුවන්ගෙ වර්ධනයට ඉතා සුදුසු බවට පසුගිය කාලය පුරාම දැන්වීම් පළ කෙරිණි. ඒ නිසාම මේ කිරිපිටි තම දරුවන්ට දෙන්නට බොහෝ දෙමාපියෝ නැඹුරු වූහ. දරුවන්ට සුදුසු යයි කියන ඇන්කර් 1 ප්ලස්වල සෙසු සියලූ කිරිපිටි අභිභවා ඩීසීඩී ඇතැයි හෙළිදරව් වී තිබේ. හැකි නම් මෙය කිසියම් කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස සැලසුම් සහගතව කරන ලද්දක්ද යන්නත් සොයාබැලීම වටී. මේ නිසා දරුවන්ගේ බුද්ධි මට්ටම පහළ ගොස් අනාගතයේදී මන්දබුද්ධික සමාජයක් බිහිවනු ඇත.

කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාවට අනුව අපේ රටේ නිපදවෙන හයිලන්ඞ් සහ පැලවත්ත යන කිරිපිටි වර්ග දෙකේම ඞීසීඞී අන්තර්ගත නැත. මෙය ඉතා වැදගත් කරුණකි. රටේ නිපදවන භාණ්ඩ දෙස පිලිකුලෙන් බලා ‘රට’ බඩු වැද්දගෙන සුද්දාට හිස නැමීමේ නිවට නියාළු පිළිවෙතට මෙය කදිම කනේපාරකි.

ජනතාව රටබඩුවලට ආකර්ෂණය වී ඇතිවා සේම, මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන හෝ දේශීය නිෂ්පාදන දියුණු කිරීමට හෝ බලධාරීන් පියවර ගන්නා බවක් පෙනෙන්නට නැත. නැතිනම් හයිලන්ඞ් සහ පැලවත්ත කිරිපිටි ජනප‍්‍රිය කරවීමට මෙය කදිම අවස්ථාවකි. එහෙත් බලධරයන් තාමත් නිහඬය. 

24 comments:

  1. හයිලන්ඞ් හෝ පැලවත්ත කිරිපිටි ජනප්‍රිය කරවීමේ අවශ්‍යතාවක් හෝ උවමනාවක් අපේ බලධාරීන්ට ඇතැයි මම නම් සිතන්නෙ නෑ. මේ වගේ අවස්ථාවක එයාල හිතන්නෙ ලබාගන්න පුළුවන් කොමිස් කුට්ටියි වෙනත් වරදාන වරප්‍රසාද ගැන. සමහරවිට හෙට අනිද්දට උන්දැල කියන්නත් බැරි නෑ අපේ රටට එවල තියෙන්නෙ හොඳම එකය, ඒ නිසා ඔය එක එක කතාවලට රැවටෙන්නෙ නැතුව බය වෙන්නෙ නැතුව වෙනද වගේ පරිභෝජනය කරන්නය කියල. මිනිස්සුන්ට තියෙන්නෙ ටික කාලෙකට හරි කිරිපිටි පාවිච්චිය නවත්වලාම දාන්ට, ඕක නොබිව්වය කියල මැරෙනවයැ. එහෙනම් අර නිෂ්පාදන වියදම වැඩියි කියල දවසින් දවස උස්සපු මිලත් රොකට් වේගෙන් පහළ බැහැල අනේ ගන්න.... කියන හැටිත් බලාගන්ට තිබුනා.

    ReplyDelete
  2. //කිරිපිටි තහනම් කළොත් ඉදිරියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි නොවන බවට තර්ජනයක් වීමට පුළුවන.//

    හිතුවද නවසීලන්තේ ඇමැති පු‍ටු වල ඉන්නේ විමල් වීරවංශ වගේ විහිළු කාරයෝ කියලා.

    ඇත්ත ප්‍රශ්නේ මේකයි නවසීලන්ත ඇගමැතිට තියන නිහතමානීකම අපේ රටේ ඇන්කර් ඒජන්තයෝන්ට නැතිකම

    ReplyDelete
    Replies
    1. මල්ලි උඹ හිතන්නේ නවසීලන්තේ ඉන්නේ සුපිරිසිදු ප%ජාතන්ත%වාදී, මානවහිතවාදී බෝසත්වරැ කියලද. ඔහොම බලං හිටපන්කෝ හො‍් හො‍් සෙල්ලම් ටිකක් බලාගන්ඩ පුළුවන් වෙයි ඇනකොන්ඩා කියනවා වගේ. නියමයි ඇනකොන්ඩා. උඹ එකපාරක් අර සංගක්කාරට ලියාපු එක වගේ තව එකක් ලියාපං.

      සරදියෙල්

      Delete
  3. Well said Anaconda. You must have published this report at the time you received it. Yes our so-called news papers are equal to the political parties.

    ReplyDelete
  4. මේ එක එක රෙද්දවල් ගෙන්නන්නේ නැතුව හයිලන්ඞ් සහ පැලවත්ත වගේ එකකට පුරුදු වුනා නම් ඉවරයි. මං හිතන්නේ තවත් ඒ වගේ ලංකාවේ ජාති තියෙනවානෙ. වෙලා ිතයේනනේ රූපවාහිනියට පිටරට කිරිවල දැන්වීම් නැත්නම් ආදායම අඩුයි, රජයට පාඩුයි,

    ReplyDelete
    Replies
    1. ඔයා හරි ලංකාවේ හදන හයිලන්ඩ්, පැලවත්ත කිරිපිටි වර්ග දෙකේම මේ විස නෑ කියල ඇනකොන්ඩා දාල තියෙන අර රිපෝට් එකේ තියෙනවානෙ. අඩුගානේ මේ කොම්පැණිකාරයෝවත් මේ ගැන උනන්දු වෙන්නේ නැත්තේ ඇයි? කමල්

      Delete
  5. මෙතන ප්‍රශ්න කීපයක් ක්‍රියත්මක වෙනවා. තව අපි නොදන්න දේවල් ගොඩාක් තියෙනවා. මෙහේ දේශපාලනඥ්යො ලංකාවෙ අයට වඩා නිහතමානී බව ඇත්ත. ඒ වගේම 'අධ්යාපනයක් තිබුනත් සාමාන්ය ප්‍රඥාවක් නැති පොතේ ගුරාලත් ඔය සමාගම් වල ලොකු මිනිස්සු. දැන් අවුරුදු 40කට පෙර නවසීලන්තයෙ කිරි ඉතාම හොඳ බව මට මතලකයි. එතකොට පොඩි සමාගම් දිස්ත්‍රික්ක වශයෙන් තිබුනෙ. මම ඉන්න කුඩා ගමෙත් හොඳ කිරි කර්මාන්ත ශාලාවක් තිබුන. එක එක වෙනස් අන්දමේ කිරිසමාගම් තිබුනෙ. කිරි වශයෙන් ලොකු නොයෙක් නොයෙක් නම් වලින් හන්දුන්වන කිරි ජාති තිබුනෙත් නැහැ. ඔය ලොකු තැනක ඉන්න මොලයක් තිබුනත් ඒක පාවිච්චි නොකරන විශාල 'උගතෙක්' ඔය දිස්ත්‍රික් මට්ටමේ තිබුන කිරි කර්මාන්ත ශාලා වහල ෆොන්ටෙරා බිහි කරා. එතකොට කිරි නිශ්පාදකයට පුලුවන් වුනේ එයාගෙ කිරි විකුනන්න පුලුවන් ඔය ෆොන්ටෙර එකට විතරයි. ඉස්සර තිබුන නිදහස නැතිවුනා. ෆොන්ටෙරා එකත් රජයෙන් දෙන දීමනා වැඩි කරා. ඒකෙන් සිද්ද වුනේ කිරි ආශ්‍රිත නිශ්පාදන මිල අධික වීම (දෙස් විදෙස් වශයෙන්) සහ 'ලොකු ලොක්කන්ගෙ 'මර්වින් සිල්වා' ගනයේ අවවාද වලට යටවීම. කිරි නිශ්පාදකයන්ට නොයෙක් නීති. ඒ අයට කරගන්න දෙයකුත් නැහැ. ඒ අයත් ෆොන්ටෙරා එකේ කොටස් කරුවො. නමුත් නිදහස නැහැ, සමාගමේ ඉන්න ලොක්කො යන්නෙත් අඩි දහයක් උඩින්. ඒ අය හිතා ගෙන ඉන්නෙ ඒ ගොල්ලන්ට වැඩියෙන් දන්න කෙනෙක් නැහැ කියල. ඒ බව මෙහේ මාධ්ය වලත් පල වුනා. කවදහරි ඔහොම ඇබ්බැද්දියක් වෙයි කියල හිතිල හුඟක් කල්. දැන් ඉතින් ලෝක අමාරුවෙ. කිරිපිටි සහ අනෙකුත් නිශ්පාදන ප‍්රතීක්ශේප වෙලා, පොතේ ගුරාල එක එක දවසට එක එක ප්‍රකාශ නිකුත් කරනව. සාමාන්\ය කිරි නිශ්පාදකයො නම් කියන්නෙ ඉස්සර තිබුන විදිය නම් හොඳයි කියල. ලංකාවෙ යුද්දෙ ඉවර වුනාම අපිත් හිතුව දැන් ලංකාව හොඳයි කියල... නමුත් බල ලෝභීන් පිරිල පාල්කයො අතරෙ. කාට කියන්නද? ඔන්න ඔහොමයි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  6. ඇනකොන්ඩා කියන කතාව ඇත්ත. අපට පේනවා සමහර මාධ්‍ය තවමත් ලොකු උත්සාහයක් ගන්නවා මේක දියාරු කරන්න. සමහර වෙබ්සයිට් වගේම වෙනත් මාධ්‍යත්. ඒක කරන්නේ නවසීලන්ත ආයතනය පාර්ශ්වයේ අදහස් දැක්වීම් ප්රචාරය කිරීමේ මුවාවෙන්. ටිකක් විමසිල්ලෙන් බැලුවොත් කාටකාටත් ඒ බව පෙනෙයි.

    ReplyDelete
  7. Anaconda ona kenekuta balaganna report eka dapu ekanam harima watinawa. dan penawane kawda howu kiyala

    No Dutu Gemunu

    ReplyDelete
  8. ඇනකොන්ඩා මේ කියන කතාව 100% ඇත්ත වෙන්න පුළුවන්. මේ කවුරුත් අපිට නිකම්ම ලෙස්සල යන්න දෙන්නෙ නැහැ. අපි බොහොම අසරන ජාතියක් වෙලා ඉන්නෙ. මේකෙ ඉන්න සහ හිටපු ගොන් පාලකයො නිසා.

    ReplyDelete
  9. සාමාන්‍ය අපට පුළුවන් දේ තමයි, ස්ථීරවම ඔය කිරි පිටි වලින් ඈත් වීම.

    ReplyDelete
  10. DCD මිනිස් සිරුරට, එහෙම නැත්තනම් මීයන් ආශ්‍රයෙන් හරි බල්ලෝ ආශ්‍රයෙන් හරි කරපු පරීක්ශණ වලින් ඔප්පු වෙලා තියෙනවද විස කියලා? වස-විස කියල කෑ ගහන්න කලින් වසක් විසක් කියල පිලිගන්න සාක්ශි එපැයි. කොහෙද පර්යේශණ කරල පෙන්නල තියෙන්නෙ DCD වස-විස කියලා? වසක් විසක් නම් එල් ඩී අගය කියල එකක් තියෙනවා නේ. මොකක්ද එල් ඩී අගය DCD වල. බොරුවට මෙච්චරක් තිබ්බ අච්චරක් තිබ්බ නෙවෙයි, මොකද්ද මිනිස් සිරුරට අහිතකර මාත්‍රාව?

    ReplyDelete
    Replies
    1. කොන්ත්රාත්තුව කීයක්ද මහත්තයො/නෝනෙ?

      Delete
    2. ගොනෝ එල්ඩී අගය කියලා කියන්නේ මරණීය මාත්රාවට. මරණීය මාත්රාවක් ගැන නෙමෙයි මෙතන කතාව. බීපු ගමන් මැරෙනවා කියලා පේනවා නම් ආයෙ මොකෙක්වත් බොන්නෙ නෑනෙ. මේකෙ මේ බලන්නෙ මරණීය මත්රාවක් ගැන නෙවෙයි. මේවා ශරීරගත වුණාම කාලයක් යද්දි සිදුවෙන හානි ගැනයි. තමුසෙත් අරරුන්ගෙ කල්ලියෙ බඩුවක්නේ? ලැජ්ජයි.

      නො දුටු ගැමුණු

      Delete
    3. ඉතින් මහත්තයෝ පෙන්නන්න DCD හින්දා හානිවෙන්නෙ අහවල් අවයවට කියලා. අක්මාවද, මොලයටද, ගුදමාර්ගයටද ඒකෙන් හානිවෙන්නෙ. කොහෙද පර්යේශණ කරල තියෙන්නෙ DCD වස විසක් බවට පෙන්නල. එක පර්යේෂනයක් පෙන්නන්න. බැරි නම් කටවහගන්න. STFU.
      -MR. Natha deyyio

      Delete
    4. ඇයි රත්තරනේ අර උඩින්ම කියලා තියෙන්නෙ ස්නායු පද්ධතිය, මුත්රා පද්ධතිය, වකුගඩු, පිළිකා..

      පගා මරුවා

      Delete
    5. අර පද්දතිය මේ පද්දතිය කියල කියන්න නම් ඕනෙ හාල්පාරුවෙක්ට පුලුවන්.
      ඔය වගේ ගොන් කතා විස්වාස කරන මෝල්ලුත් ඉන්නව තමයි.
      මෙච්චරයි කතාව. කරුණාකරලා පර්යේශණ පත්‍රිකාවක් තිබේනම් DCD වසක් විසක්ය, ඒක ඇඟට ඇතුල් වුනාම මෙන්න මේ මේ ආබාද ඇතිවෙලා කූරියා ගහනවාය කියල පෙන්නන්න. පුලුවන්ද චැලේන්ජ් එක බාර අරං මේ පෝස්ට් එක දාපු පුතයට තමන්ගෙ "පිරිමි" කම බේරගන්න. බැරි නම් පොන්ස් කම පිලි අරං කටවහගන්න.
      -මීට Dr නාත දෙයියෝ.

      Delete
    6. මෙන්න නියම අමනයෙක්. විජාතික පක්කලියෙක්. නැතිනම් නාථ දෙවියන්ට අපහාස කරවියැ. ලියාපන්කො මිස්ටර් මුලට දමා ක‍්‍රිස්තියානි හරි ඉස්ලාම් දෙවියන්ගෙ නම. ඇයි බෞද්ධ ඇදහිමට නින්දා කරන්නෙ. මේ වාගෙ හාල්පාරුවන්ට උවමනා ජාතික ප‍්‍රශ්නයකදී ජාතික මතවාදයට නින්දා කරමින් බුද්ධාගමට පහර ගැසීමටයි. මුන්ට යමක් දැනගන්ඩ අවබෝධ කරගන්ඩ උවමනා නැහැ. මෙහෙම තුච්ඡයො පරංගි පැන්න කාලෙ සිට ලංකාවෙ බිහිවුනා. දෙවියන් වහන්සෙ දේවතාවියක් නැති කමට සමහරුන්ගෙ මොලේට අර මොකක්ද ක‍්‍රියාව කරනවලූ. මේක ඒ අපචාරයට ලක්වුන එකෙක්. මීට බ‍්‍රවුන්රිග්

      Delete
    7. අමනයෙක්, විජාතික පක්කලියෙක්. හරි දැන් අපහාස කරල ඉවරද.
      දැන් ලොක්කා පෙන්නනවද ඩ්cඩ් වසක් විසක් කියල පෙන්නන පර්යේශන පත්‍රිකාවක්. බැරිද? බැහැ නේද? බොරුව බොරුවමයි නේද? විජාතික කිරිපිටි මාරයා උඹලගේ අතේ පත්තුවෙන දෙකයි පනහේ විජ්ජාවක් නේද?? ලැජ්ජයි වගේද?
      -මීට ඩොක්ට නලීන් වැඩබැරිදාස

      Delete
    8. මේකට මරාගන්න ඕන නෑ. මෙන්න මේ ටික බලලා මොලේ පොඩ්ඩක් පාවිච්චි කරමුකෝ බලන්න.

      But Fonterra's chief executive said the product was clean and safe and it was contesting the Sri Lankan results and the ban.

      "We are definitely fighting it, because we have clear certificates - DCD-free, stamped, when it was exported, when it was imported - all clear," Theo Spierings told Television New Zealand.

      He said Fonterra's own testing and that of independent bodies had shown the milk powder was safe. (http://www.reuters.com/article/2013/08/11/us-fonterra-milk-srilanka-idUSBRE97A02B20130811)

      දැන් මොකක්ද මේ කියන්නෙ පොන්ටේරා එකේ ලොක්කා. ඒ ගොල්ල කියන්නේ අපේ බඩුවල ඩීසීඩී නෑ කියල සහතිකයි ඒ නිසා ඒවා පිරිසිදුයි ආරක්ෂිතයි කියලානේ. ඉතිං වැඩබැරිදාස, ඩීසීඩීවලින් හානියක් නැතිනම් පොන්ටේරා ලෝකකා නවසීලන්ත රෑපවාහිනියට කියන්න ඕනැ ඩිසීඩී තියෙනවා තමයි ඉතිං මොකද කියලා මිසක්, ලංකාවේ වාර්තාව බොරුයි කියන එකවත් අපේ පරීක්ෂණවලදි ඩිසීඩී තියෙන බවට සාක්කි නෑ කියලවත් නෙවෙයිනේ.

      වැඩබැරිදාස වගේ මිනිස්සු හැමදාමත් හිටියා. ඔය වගේ වැඩබැරි හිස් මිනිස්සු කියන ඒවට කලබලවෙන්න එපා.

      Delete
    9. හෙහ්... හෙහ්... ලැජ්ජාව රෙද්ද පල්ලෙන් බේරිලා කකුල් දෙක දිගේ ගලද්දිත් මොට්ට, මෝඩ කතා කියල කොලේ වහන්න හදනවා නේද? බොරු කරන්න එපා. බොරු ලියන්න එපා. සිංහල තේරෙන්නේ නැද්ද?

      කරුණාකරල පෙන්නන්න DCD මිනිසාට හානිකර රසායනිකයක් බව ඔප්පු කරපු පර්යේශනයක්. බැරිද? බැහැ නේද? සොරි නේද. වැල්වටාරම් ගැහුවට ඔලුවට ගැහුව වගේ දැනෙනව නේද?

      -මීට පෘතුගීසි සිල්වලාගේ ඩොක්ට නලීන්.

      Delete
    10. දැක්ක නේද පක්කලිය වල්ගෙ කකුල් අස්සෙ ගහගෙන හංගගත්ත හැටි. මුටම තේරුනා බෞද්ධයන්ඩ අපහාස කරපු බව. මමනම් නලින්ව අඳුනන්නෙ නැහැ. නමුත් ඒ මනුස්සයගෙ දැන්මට ගරු කරනව- බ‍්‍රව්න්රිග්

      Delete
    11. හොඳයි පරංගිදාස එහෙනම් තමුන්නැහෙ ඉස්සෙල්ලා ඩීසීඩී විස නෑ කියල කියන පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරමුකෝ බලන්ඩ අපිටත් දැනගන්ඩ.

      අකලංක

      Delete
  11. පැලවත්ත, හයිලන්ඩ් මිලදීගන්න වෙළඳසල් වල නෑ නෙ බොහෝ ප්‍රදේශ වලදි..

    ReplyDelete

අදහස් දක්වන්න