ලොව බලගතුම සංවිධානය සහ පොහොසත්ම ආයතනය කතෝලික සභාවයි. ඊට අයත් මුලු වත්කම් කොතරම්දැයි කිසිම රටක්, සංවිධානයක් හෝ පුද්ගලයෙක් නොදනිති. දැනගැනීමටද නොහැකිය. රෝමය මුල්කරගත් කතෝලික සභාව ඒ තරමටම උපක‍්‍රමශීලීව කටයුතු කරන ආයතනයකි. ලෝකයේ සැම රටකටම, මනුෂ්‍ය වාසය පවතින සැම දිවයිනකටම කතෝලික සභාවේ අඩු ඇදී පවතී. මාලදිවයින් වැනි රටවල් සියයට සියයක්ම ඉස්ලාම් රටවල් වශයෙන් හඳුන්වාගන්නා නමුදු මේ රටවලින් එළියට ආ ඇතැමුන් කතෝලික ආගම මාල දිවයින්වලට ගෙනයන්නට උත්සාහ දරති. කතෝලික සභාවක් ඇති හැම රටකින්ම සභාවට ආදායම් එකතු වේ. කතෝලික සභාව මනාව ක‍්‍රියාත්මක වන රටවල මොන්ටිසෝරියක පටන් සුපිරි ආරෝග්‍යශාලාව දක්වාත් බැංකු, රක්ෂණ සමාගම් ඇතුලු නොයෙක් සමාගම්වලත් අදිසි හිමිකරු කතෝලික සභාවයි. එම නිසා කතෝලික සභාව බැතිමතුන්ගෙන් පමණක් නොව කතෝලිකයන් නොවන්නන්ගෙන්ද ආදායම් ලබයි.
ස්පාඤ්ඤ හා පෘතුගීසි ජාතිකයින් රටවල් අල්ලා ගන්නට යනවිට ප‍්‍රැන්සිස්කන් ඩොමිනිකන් පියවරුන් ආගම ප‍්‍රචාරයට ඒ නැව්වල නැගී ගියේ පාප්තුමාට ලෝකයේ බලය අල්ලාදීමේ පරමාර්ථයෙනි. මනුෂ්‍යයන් දෙවියන්ට දිනා දීම වශයෙන් සිදු වූයේ ඔවුන් පාප්ගේ ආධිපත්‍යයට යටත් කිරීමයි.
කතෝලික දේවස්ථානය ගැන මෙම සටහන ලියන්නට අදහස් කළේ පසුගිය සති කිහිපයක පටන් ජර්මනියේ ඇතිවුණු ලොකු කලබගෑනියකි. ජර්මන් කතෝලික දේවස්ථානයේ වත්කම් හෙළිවිය. ජර්මන් කතෝලික සභාවේ වත්කම් සහ බිෂොප්වරුන් සුඛෝපභෝගී ජීවිත සඳහා මුදල් වියදම්කරන හැටි අනාවරණය විය.
තොරතුරු විමර්ශනය හා අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳව ඉතා ඈත කාලයක සිටම ජර්මන් ජාතිකයෝ නිර්භීත භාවයක් දක්වති. රෙපරමාදු ප‍්‍රතිසංස්කරණය වශයන් හඳුන්වන පාප්තුමා විරුද්ධව ඇතිවූ කැරැල්ල ආරම්භ වූයේ ජර්මනියෙනි. ජර්මන් කතෝලික දේවස්ථානයේ ධනවත්කම හෙළිකිරීම රෙපරමාදු ප‍්‍රතිසංස්කරණය වැනි දෙයක් නොවන බව සැබෑ නමුත් මෙයද කතෝලික දේවස්ථානය කුමක්ද යන කාරණය දැනුම් දෙමින් මහජනයා අවදි කිරීමකි. මෙම තොරතුරු හෙළිකිරීමට මුල්වූයේ කාස්ටන් ෆ්‍රෙරේක් නමැති ගවේෂකයෙකි. කාලයක් තිස්සේ කතෝලික දේවස්ථානයේ ආදායම් සෙවීමට ඔහු වෙහෙසී ඇත.
ජර්මනියේ උගතුන් මේ ආකාරයෙන් කටයුතු කරද්දී ලංකාව වැනි රටවල උගත්තු වැඩි පිරිසක් හැසිරෙන්නේ අන්තිම බාලයින් ලෙසිනි. මෑතකදී ප‍්‍රසිද්ධ රැස්වීමක දේශනයක් කළ මහාචාර්යවරයෙකු කතෝලික පූජකවරුන්ට සිය ප‍්‍රසාදය පළ කරමින් භික්ෂුන් වහන්සේලාට කතෝලික පූජකවරුන් මෙන් සෘජුව කටයුතු කරන්ට බැරි මන්දැයි ප‍්‍රශ්න කළ හැටි පත්තර කියවන බොහෝ දෙනා දකින්නට ඇතැයි සිතමි. ඔහු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ සෘජු ජීවිතයෙන් මහත් ආස්වාදයක් ලබන්නෙකු බව කියා තිබුණි.
මෙවැනි මහාචාර්යවරු නම් තනිකරම ළිංගෙම්බන්ට සමානයෝ වෙති. ළිංගෙම්බාගේ කෑගැසීම ළිඳ ඇතුලේ ඉන්නා හැම කුඩා සතෙකුටම මහා නාදයකි. එම නිසා උන්ගේ හැම රැස්වීමකටම ළිංගෙම්බාට ආරාධනා ලැබේ. ළිං ගෙම්බෙකු නොවන්නේ නම්, මොරටුව ප‍්‍රදේශයේ කතෝලික ළමා නිවාසයක ළමා නීතිවලට පටහැනිව කටයුතු කළ කන්‍යා සොහොයුරියක නීතියේ රැහැනට අසුවූ අවස්ථාවේ මැල්කම් රංජිත් කාදිනල්තුමා රජයට කළ සුළු තරවටුවෙන් රජය බියවී කන්‍යා සොහොයුරිය නිදහස්කර යැව්වේ මන්දැයි සිතාගැනීමට, මෙවැනි මහාචාර්යවරයෙකුට පුලූවන.
අනේ! මෙවැනි සුලූ දැනුමක්වත් නැති මහාචාර්යවරු!!!
How
rich is the catholic church/ German News/local බලන්න