Tuesday, July 1, 2014

‘කලාකරුවන්’ රැලේ යාම



සංස්කෘත නාට්‍ය ශාස්ත‍්‍රය හැදෑරීමේදී හෙළිදරව් වන පරිදි, පළමුවෙනි නාට්‍ය රචනය හා නිෂ්පාදනය අශ්වඝෝෂ ස්වාමීන් වහන්සේගේය. උන්වහන්සේ විසින් රචනා කරන ලද ‘බුද්ධ චරිතය’ පළමුවෙනි සංස්කෘත නාට්‍යය වශයෙන් පිළිගැනේ. පැරණි සේද මාවතට අයත් අවකාන දේශයේ (වර්තමාන ඇෆ්ගනිස්ථානය) උපත ලැබ එහිදීම ශාසනයට ඇතුලත් වී එහිම ජීවත් වූ අශ්වඝෝෂ හිමියෝ අවකානයේ පමණක් නොව තුර්කිය ඉරානය ආදි රටවලින් ද චීනය හා ඉන්දියාවට අයත් රටවලින් ද මහත් ගෞරව ප‍්‍රශංසා ලැබූහ. එම යුගයේ විසූ දැවැන්තම කලාකරුවා වශයෙන් උන්වහන්සේ ගෞරවයට පත්වීමට හේතුව බුද්ධ චරිතය කාව්‍යය පමණක්ම නොවේ. උන්වහන්සේ තවත් කලාකෘති කිහිපයක්ම කළහ. බුද්ධ චරිතය කාව්‍යය නාට්‍යයකට නැගූ උන්වහන්සේ එය සේද මාවතේ ප‍්‍රධාන නගරයන්හි ප‍්‍රදර්ශනය කරවූහ. ඒ හැම කටයුත්තකින්ම උන්වහන්සේ කළේ, සොඳුරු කලාව මහජනයාට නිවන් මග පෙන්වීම සඳහා යොදා ගැනීමයි. පුරාණ බෞද්ධ ලෝකයේ සහ පසුව ගොඩනැගුණු භාරත හින්දු සමාජයේ විචාරකයෝ කලාවේ පරමාර්ථය ලෝකෝත්තර සුවය යයි පැවසූහ.  

  ඉස්ලාම් ආක‍්‍රමණ ආසියාවට එල්ලවෙමින් ආසියාවේ  මුස්ලිම් ලෝකයක් ගොඩනැගෙද්දී කලාව පිළිබඳ බෞද්ධ හා හින්දු දෘෂ්ඨින් වෙනස් විණි. කලාවේ පරමාර්ථය ලෝකෝත්තර භාවයෙන් ලෞකික භාවයට මාරු විය. බටහිර රටවල් යටත් විජිත ආරම්භ කිරීම නිසා ඇති වූ යටත් විජිත යුගයෙන් පසුව ක‍්‍රිස්තියානි ලෝකය සකස් වීමේදී කලාව පිළිබඳ ඉස්ලාම් දෘෂ්ටිය තව තවත් සවිමත් වූයේ ය. මාක්ස්වාදීහු කලාවේ පරමාර්ථය ජනතා සේවය බව කීහ. ධනවාදී සමාජයේ කලාකරුවා ජනතාව ආනන්දයට පත්කරමින් ඔවුන් අවදි කරන්නකු වශයෙන් පිළිගැනෙන්නට විය. කලාකරුවා යනු රැුලේ යන්නෙක් හෝ රැුල දක්කන්නෙක් හෝ නොවේ. කලාකරුවා පොදු සමාජයට හා පුද්ගලයාට වඩා උතුම් මෙහෙවරක් කරන්නෙකු බව වර්තමාන විචාරකයෝ පොදුවේ  පිළිගනිති.


මේ කරුණු ස්වල්පය සටහන් කරන්නේ ලංකාවේ කලාකරුවන් පිරිසක් බොදු බල සේනාවට එරෙහිව පෙරමුණක් ගොඩනැංවීමට උත්හාස දරන බවට ප‍්‍රවෘත්තියක් දක්නට ලැබුණු හෙයිනි. ඒ ඇයි ඇසූ විට, ‘ආගම්වාදය ඇවිස්සීම හා ජාතිවාදය ඇවිස්සීම බොදුබල සේනාව මගින් සිදු කෙරේ’ යන පිළිතුර එක් අයකුගෙන් අසන්නට ලැබුණිි. එය ‘හිස් මාස්ටර්ස් වොයිස්’ පිළිතුරකි. ‘හිස් මාස්ටර්ස් වොයිස්’ යනු ග‍්‍රෑම්ෆෝන් යුගයේ ප‍්‍රධාන ග‍්‍රැම්ෆෝන් තැටි සමාගමක වෙළෙඳ නාමයකි. වෙළෙඳ ලකුණ උඩු බුරලන සුනඛයෙකි. සුනඛයාගෙන් ස්වාමියාගේ නාදය ප‍්‍රකාශ වූයේය. අපට පිළිතුරු සැපයූ පුද්ගලයාත් ‘හිස්’ මාස්ටර්ගේ නාදය පිට කළේය.


ජිහාඞ් මූලධර්මවාදය ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය අන්තර්ජාතිකව පැතිරෙන භයානක ආගම්වාදයකි. ලෝකය ඉස්ලාම් කිරීම සහ ඉස්ලාම් නොවන ආගම් හා ඇදැහීම් සියල්ල අල්ලාගේ නාමයෙන් මිහිතලයෙන් අතුගා දැමීම ජිහාඞ්වාදින්ගේ පරමාර්ථයයි. ඔවුහු මේ සඳහා විවිධ උපක‍්‍රම භාවිතා කරති. පසුගිය වසර 1400 මුළුල්ලේ ඉස්ලාම් ජනගහණයෙන් ලොව පිරවීම එක ක‍්‍රියාවකි. රෝම ලන්දේසි නීතිය වෙනුවට ෂාරියා නීතිය ලොවේ ක‍්‍රියාත්මක කරවීම තවෙකකි. පැරණි කුරාන සම්ප‍්‍රදාය එපරිද්දෙන්ම ලොවෙහි පැතිරවීම තවත් වුවමනාවකි. මෙවැනි කාර්යයන් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවේ සිට අන්ත ත‍්‍රස්තවාදී මාර්ගය දක්වා නොයෙක් උපක‍්‍රම අනුගමනය කිරීම ජිහාඞ්වාදීන්ගේ ස්වභාවයයි. ඔවුන් අනුගමනය කරන උපක‍්‍රම රටින් රටට ස්ථානයෙන් ස්ථානයට වෙනස් විය හැක. සමාන වෙන අවස්ථාද තිබේ.


උදාහරණයක් දක්වන්නේ නම්, සැප්තැම්බර් 11 ප‍්‍රහාරය ඇමරිකාවට විරුද්ධව එල්ල කරන ලද්දකි. කාන්තාවන්ට මේට්ටැක්කිලය ඇන්දවීම මොවුන් හැම රටකදීම සිදු කරන කාටත් සමාන ක‍්‍රියාවකි. ඉස්සර ලංකාවේ කාන්තාවෝ සාරිය, රෙද්ද හැට්ටයය සහ ඔසරිය යන ඇදුම් භාවිතා කළහ. ඊට ආගම් හෝ ජාති භේදයක් නොවීය. බටහිර බලපැම් වැඩි වනවිට කාන්තා ඇඳුමේ වෙනස්කම් සිදුවිය. ඔවුහු ගවුම් අඳින්ඩ ගත්හ. ඉන්පසුව ජින්ස් කලිසම් හා කොට කලිසම් අඳින්ඩ වූහ. නමුත් ජිහාඞ්වාදය පැතිරීමත් සමගම ඉස්ලාම් කාන්තාවනට තමන්ට සුපුරුදු සාරිය ඇදීම තහනම් වූයේය. ඔවුන්ට පර්දාව අනිවාර්ය කෙරුණි. මෙය කාන්තාව කැමැත්තෙන් සිදුකරන දෙයක් නොවේ.


නිදසුනක් කියමි. ඔබ එංගලන්තයේ හෝ වෙනත්  බටහිර රටක සිට මැද පෙරදිග රටකට ගුවන් මගින් ගමන් කරයි නම් අතරමග සිංගප්පුරුව වැනි රටකදි ජින්ස් කලිසමින් සැරසී යුරෝපයේ හෝ ඇමරිකාවේ සිට එන කාන්තාවන් කිහිප දෙනෙකු මොට්ටැක්කිලි ඇඳුමට මාරුවෙන හැටි දකින්ට පුළුවන. ඔවුන් මහත් බියකින් හා තැතිගැන්මකින් යුතුව මෙම ඇඳුම් මාරුව සිදු කරති. දැන් සිංගප්පූරුව වැනි රටක පවා ඉස්ලාම් කාන්තාවගේ වෙස්මාරුව දෙස ඇස් ගසාගෙන සිටින රහස් ඔත්තුකරුවෝ සිටිති. කාන්තාවන්ට ඔවුන්ගේ රුවට ගැලපෙන ඇඳුම් අදින්නට නිදහස නැතිකිරීම ඔවුන්ගේ මානව හිමිකම් උලලංඝණය කිරීමකි. ඉස්ලාම් තරුණ කාන්තාවන්ගෙන් සියයට අනූවක්ම පර්දාවට අකමැත්තක් දක්වන බව සංඛ්‍යාලේඛණවලින් ප‍්‍රකාශ වේ.


ඉස්ලාම් කාන්තාවට අධ්‍යාපනය අහිමි කරවීමද ඇතැම් ඉස්ලාම් සමාජවල සිදුවන්නකි. ඇෆ්ගනිස්ථානයේ එය ක‍්‍රියාත්මක වූයේය. පකිස්ථානයේ ක‍්‍රියාත්මක කිරීමට සැරසේ. මලාවි ශිෂ්‍යාවට වෙඩි බින්්දේ ඇය අධ්‍යාපනයට පක්ෂ වූ බැවිනි. නයිජීරියාවේ බොකො හරම් ඉස්ලාම් ත‍්‍රස්තවාදීන්, පාසැල් සිසුවියන් 60 දෙනෙකු පැහැරගෙන ගියේ ඔවුන් පාසැල් යන හෙයිනි. ‘හොනර් කිලින්’ හෙවත් පවුලේ ගෞරවය රැුකගැනීම සඳහා ගැහැණු දරුවන් මරා දැමීමද රට රටවල් අනුව සිදුවන්නකි. මෙමගින් මූලික වශයෙන්ම කෙරෙන්නේ ඉස්ලාම් කාන්තාවන් වෙනත් ආගමිකයකු සමග විවාහවීම හා පේ‍්‍රම සබඳකම් ඇතිකර ගැනීම වැළැක්විමයි. ඇතැම් විටක බලහත්කාරයෙන් කාන්තාවක ¥ෂණය කරන පිරිමියා වරද ¥ෂණයට ලක්වූ තැනැත්තිය මතම පටවා ඇය ද`ඩුවමට ලක්කෙරෙන අවස්ථාද  ඕනෑ තරම් තිබේ.


පසුගිය කාලය තුළ පකිස්තානයේ ගායිකාවන් සහ නිළියන් කිහිප දෙනෙකුටම ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල විය. වෙඩි තබා ඝාතනය කිරීම් හා ඇසිඞ් ප‍්‍රහාර ඒ අතර වූ බව සකල සිරින් පිරි සිරි ලංකාවේ කලාවේ නාමයෙන් ජීවත් වන සියලූ ජනයන් වෙත දන්වා සිටිනු කැමැත්තෙමු.


ලංකාවේ ඉස්ලාම් සමාජයේ මරා දැමීම් තවම සිදු නොවුවත් ඉස්ලාම් නීතියට පිට මගක යන කාන්තාවන් හිංසාවට ලක්කිරීම සිදු වේ. සිංහල ගම්මාන අසල ජීවත් වන ඇතැම් මහමදිකයන් සිංහලයන් හා කුළුපග වීමත් සිංහල සංස්කෘතියට අනුව ජීවත් වීමත් නිසා සෙස්සන්ගේ තාඩන පීඩනවලට ලක්වීම් පිළිබඳ තොරතුරු අපට වාර්තා වී තිබේ.


ජිහාඞ්වාදය ලංකාවේ සීඝ‍්‍රයෙන් පැතිර යන්නකි. ඉස්ලාම් කාන්තාව පීඩනයට ලක්කර ඇති පිළිවෙළ ඊට හොඳම නිදසුනයි. උපක‍්‍රමශීලී අයුරින් සිංහලයන් නගරවලින් ඉවත් කරමින් නගර හා උප නගර සියල්ලකම පාහේ බලය ඉස්ලාම්වරුන් සතුකර ගැනීම හා සියලූ වෙළඳ බලය ඉස්ලාම්වරුන් සතු කර ගැනීමට කටයුතු කිරීම තවත් නිදසුනකි. අළුත්ගමදී භික්ෂුවට පහරදීමට හේතුවද උන්වහන්සේ මුස්ලිම්වරුන්ට පන්සල් භූමිය විකිණීම ප‍්‍රතික්ෂේප කිරීමයි. හලාල් වැඩ පිළිවෙලද ජිහාඞ්වාදයට පාර කපන්නකි. බොදු බල සේනාව මේ ජිහාඞ්වාදයට විරුද්ධව ජනතාව අවදිකිරීමට වෙහෙසෙන බෞද්ධ සංවිධානයකි. තවත් මෙබඳු බෞද්ධ සංවිධාන තිබේ. හින්දු සංවිධාන සහ රහසේ කටයුතු කරන නිදහස් ඉස්ලාම් සංවිධානද තිබේ.


ඔබට ඇත්තටම රටේ සිදුවී ඇති දේ බැලීමට අවශ්‍ය නම් වෙස්වලාගෙන තනිව නැගෙනහිර පළාතේ සංචාරයක් කර බලන්න. මහමදිකයන් අත්පත් කරගෙන සිටින නගරයක ඇවිද බලන්න. ඔබේ මවට සොහොයුරියට මෙවැනි නගරයකට ඇතුල්වීමට හැකිදැයි සොයා බලන්න.


මහා විපතක පෙර නිමිත්තක් අද (ජුනි 29 වෙනි ඉරිදා* ඇමරිකාවේ ක‍්‍රිස්තියානි ගුවන් විදුලියෙන් (සීබීඑන්* ප‍්‍රකාශයට පත් කළේය. එම පුවතට අනුව ඉරාක සිරියා දෙරටේ කොටස් එකතු කරගෙන සිටින ඉස්ලාම් සංවිධානය කාලිෆ්වරයෙකු ප‍්‍රකාශයට පත් කරයි. මෙම කාලිෆ්වරයා ( අබුබකර් අල් බෂාඞ් * යටතේ ඒකාරාශි වෙන්නැයි එම ඉස්ලාම් සංවිධානය ලෝකයේ සියලූම ඉස්ලාම්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ කුරුස යුද්ධවලින් ඔවුන්ට අහිමි වී ගිය, යළි පිහිටුවීමට වසර 1400ක් තරම් දීර්ඝ කාලයක් වෙහෙසුණු නායකයා පත් කරගත් බව දන්වමිනි. ක‍්‍රිස්තියානි ප‍්‍රවෘත්ති සේවය කාලිෆ් පුවත දවසේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය වශයෙන් පළකරන්නේ කාලිෆ්වරයෙකු යටතේ ඉස්ලාම්වරුන් නැගී සිටීම ක‍්‍රිස්තියානි ලෝකයට තර්ජණයක් බව පැහැදිලි කිරීමේ පරමාර්ථයෙනි. ජාත්‍යන්තර වශයෙන් සැලකීමේදී ඉස්ලාම් අන්තවාදය බෞද්ධයාට වඩා ක‍්‍රිස්තියානි ආගමිකයාට අනතුරකි.


සැබෑ කලාකරුවා යනු ඇත්දැකීම් බහුල පුද්ගලයෙකි. ඇසූ පිරූ තැන් ඇත්තෙකි. සම්ප‍්‍රදායික ඥානයෙන් පොහොසතෙකි. ලාභ, ප‍්‍රශංසා, කීර්තිය සොයන්නන්ට අවනත නොවන්නෙකි.


සැබෑ කලාකරුවා යනු  ප‍්‍රාඥයෙකි. වීර්යවන්තයෙකි. මහත් ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෙකි. ඔවුන් කෙරෙහි සමාජය ආදරයක් හා ගෞරවයක් දක්වන්නේ ඔවුන්ගෙන් සමාජයට සිදුවන විශාල මෙහෙවරක් පිළිබඳව වැටහීමෙනි.


නමුත් ලොවේ පැතිරෙන, ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින ජිහාඞ්වාදය වැනි දෙයක් අඳුනාගන්නට නොහැකි පුද්ගලයෙකුට කලාකරුවෙකු විය නොහැකිය.


ලංකාවේ කලාකරුවන්, මාධ්‍යකරුවන් වශයෙන් පෙනී සිටින ඇතැම්හු සැබෑ කලාකරුවෝ, මාධ්‍යකරුවෝ නොවෙති. සමාජය විනාශ කිරීමට භයානක අවි නිපදවූ පුද්ගලයෙකුට වැරදුන පසු සමාජය මෙහෙයවන මාධ්‍යකරුවෙකු විය හැක්කේ ලංකාව වැනි රටක පමණි. ගුණෙ අයියගෙ කඬේ තයිලාම් අදිමින් මස්කට් කෑම, රස කරමින් සමාජයට බෙදන්නා සමාජ හිතකාමී කලාකරුවෙක් නොවේ. මෙවැනි පුද්ගලයන් සමග රැුලේ යන්නෝද කලාකරුවෝ, මාධ්‍යවේදියෝ නොවෙති. ඔවුන් සැලකිය හැක්කේ, ආත්ම ලාභය පතන නැතිනම් නොමග ගිය හිස් මිනිසුන් වශයෙනි.




Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls;
Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action;
Into that heaven of freedom, my Father, let my country awake. 
                                                      (Tagore)

7 comments:

  1. ඒ එහෙනෙ ඇනකොන්ඩො. මෙහෙ ඔය ඕන තරම් මුස්ලිම් අය කලා කටයුතුවල යෙදෙන්නෙ. මොහිදින් බෙග් වාගෙ අය කිව්වෙම බෞද්ධ ගී. අද එයාගෙ පුතා ඒවා කියනවා. මුස්ලිම් නළු නිළියොත් ඉන්නෙ. ඒ නිසා පකිස්තානෙ තත්වෙ මෙහෙට අදාළ වෙන්නෙ නෑ නේද?
    නසීර්

    ReplyDelete
  2. එකග වෙමි. වඩාත්ම අනතුර ක‍්‍රිස්තු භක්තිකයින්ටයි. ගමනේ යන කලාකරුවනි මෙය අහන්න. Anne
    https://www.youtube.com/watch?v=zmiVs0LLv6M#t=41

    ReplyDelete
  3. you are absolutely correct. mostly our sinhala idiot's cannot understand the situation.

    ReplyDelete
  4. බෙග්ලා සින්දු බෞද්ධ සින්දු කිව්වා. හැබැයි පහුගිය කාලෙ බෞද්ධ සින්දුවක් කිව්වා කියල මුස්ලිම් කෙනෙකුට ලොකු අකරතැබ්බක් වුණා කියල අපිට අහන්ඩ ලැබුණා. පකිස්තානෙ කියන්නෙ ඉස්සර හොඳ බුද්ධාගංකාරයො හිටිය තැනක්. ඇෆ්ගනිස්ථානෙත් එහෙමයි. ඒත් දැන් කෝ ඒ මිනිස්සු? කෝ ඒ පන්සල්? කෝ එහෙ දැන් ඉන්න මිනිස්සුන්ට නිදහසක්. ඒ බුද්ධ භූමියෙ තමයි දැන් ගෑනුන්ට වෙඩි තියන්නෙ. ගල් ගහල මරන්නෙ. පිරිමින්ට කස පහර දීල බෙල්ල කපන්නෙ ෂාරියා නීතිය යටතෙ. මේ රටටත් තව ටික කලකින් ඔය තත්වෙ එයි කියලයි අපිට තියෙන ප‍්‍රශ්නෙ. එදාට නසීර්ගෙ ¥ල, මිනිබිරියො බේරගන්න කිසි කෙනෙක් නැතිවෙයි. මේ රට මෙහෙම තියෙන්නෙ මේක බෞද්ධ රටක් නිසා. ආගම් අනුපාතෙ වෙනස් වුණු ගමන් මෙහෙත් යුද්දෙ ආරම්භ වෙයි. ඒකට නසීර් ලඟ උත්තරයක් තියෙනවද නසීර්?

    ReplyDelete
  5. Thank you Shenali
    Hate Crimes against Muslims in the West – Silence of Mass Media and Human Rights Organizations.......Shenali D Waduge

    http://www.lankaweb.com/news/items/2014/07/02/hate-crimes-against-muslims-in-the-west-silence-of-mass-media-and-human-rights-organizations/

    ReplyDelete
    Replies
    1. Didn't you see this comment under it?

      Lorenzo Says:
      July 2nd, 2014 at 2:19 pm
      In a generation, UK will have an ISLAMIC majority thanks to SECULARISM.

      France will also have a large Islamic population. That will be the end of Europe as we know it.

      The EVIL ISLAMIC TRIANGLE will be the middle east (plus Afghanistan and Pakistan), Africa and Europe. Massie resource, massive technological advantage and massive political power.

      Delete

අදහස් දක්වන්න