Saturday, September 20, 2014

යුනිලීවර් කොම්පැනියෙන් ජරාව කෑ සෞඛ්‍ය ලොක්කෝ රටේ දරුවන්ට වස කවන්නට නීති ගෙනෙති.

අනාගත පරපුරම අනතුරේ.... වහාම මේ ගැන හිතවතුන්ට කියන්න.

විස්තර අතටම දීලත් ඇමතිවරු බුදි.... (හේතුව ජරාවදැයි තවම නොදනිමි....)
කොම්පැනිකාරයා දැන්වීම් නොදේවි යැයි බියෙන් මාධ්‍ය නිහ`ඩයි.....




මිනිසාගේ ආහාර පරිභෝජන රටාව වෙනස්වීම වර්තමාන මිනිසා මුහුණ පා සිටින විශාලම ගැටලුවකි. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය මේ ශ්‍රී ලංකාවයි. ‍පෝෂ්‍යදායී බත්, කුරක්කන්, මුං ඇට, අල බතල කා කැඳ, ඔසුපැන් බි නිරෝගී ජීවිතයක් ගත කළ සිංහලයා අද වන විට රසායනික වස විස යොදා වගා කරන එළවළු, පලතුරු, රසායනික ද්‍රව්‍ය යොදා රස කළ ආහාර තලුමරමින් ගිලදමා ජීවිතයෙන් වැඩි කාලයක් රෝහල් ගානේ ඇවිදිමින් දහදුක් විඳිති. ළදරුවෝ පවා පිළිකා, දියවැඩියා ආදී රෝගවලින් පෙළෙති.

බහුජාතික රසායනික සමාගම් ලෝකයම ආක්‍රමණය කර ඇත. මේ විපත හඳුනා සිටින පුද්ගලයන් මිනිසුන් මේ විපතින් ගලවාගැනීමට දැඩි වෙහෙසක් ගන්නා නමුදු දැවැන්ත ව්‍යාපාර අත දිගහැර වීසිකරන මුදල්වලට ඔවුන්ගේ වෑයම් යටපත් වීම අවාසනාවකි.

කර්මාන්තශාලාවල නිෂ්පාදනය කෙරෙන නන්විධ ආහාර ද්‍රව්‍ය කල්පවත්වා ගැනීමටත්, රසවත් කිරීමටත් යොදන විවිධ රසායන ද්‍රව්‍ය මිනිසාට කරන හානිය ඉතා විශාලය. පිළිකා, වකුගඩු ආබාධ, ස්නායු රෝග වැනි රෝග ගණනාවක් හටගැනීමට මේ රසායනික ද්‍රව්‍ය ප්‍රබල හේතුවක් වී තිබේ.

මෙහි ඇති භයංකරම තත්ත්වය නම් මේ ආහාරවලින් බහුතරයක් ගැබිනි මව්වරු, ළදරුවන් හා වැඩෙන වයසේ දරුවන් පරිභෝජනය කිරීමයි. කුඩා දරුවන් පවා පිළිකා, වකුගඩු ආබාධ, දියවැඩියාව ආදියෙන් පෙළීමට මූලික හේතුවක් වී ඇත්තේ මේ විෂ සහිත ආහාරයි.

එම නිසා එබඳු විෂකාරක සහිත ආහාර විශේෂයෙන්ම දරුවන්ට දීම වැළැක්වීමට ලෝකයේ බෙහෝ රටවල් උත්සාහ ගනී. මේ තත්ත්වය හඳුනාගත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධරයන් 2009 වසරේ වටිනා ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ 1980 අංක 26 දරන ආහාර පනත යටතේ 2009 ජූලි 28 වැනි දින සෞඛ්‍ය ආරක්ෂක හා ‍පෝෂණ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2009 සැප්. 01 දාතමින් යුතු අංක 1617/16 දරන අති විශේෂ ගැසට් නිවේදනයයි.

2010 මාර්තු මස 01 වැනි දින සිට බලපවත්වන  පරිදි නිකුත් කෙරුණ මේ නියෝග 2009 ආහාර (ප්‍රතිඔක්සිකාරක) නියෝග යනුවෙන් හැඳින්වේ.

1617/16 දරන මේ අති විශේෂ ගැසට් නියෝග යටතේ ආහාර සඳහා භාවිත කළ හැකි ප්‍රතිඔක්සිකාරක කීපයක් නම් කරන ලද අතර ඒවා භාවිත කළ හැකි මාත්‍රා ද සඳහන් කෙරෙයි. ඒ හැර කිසිදු ප්‍රතිඔක්සිකාරකයක් ආහාර සඳහා භාවිත කිරීම පමණක් නොව නිෂ්පාදනය, ආනයනය, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, බෙදාහැරීම, භාවිත කිරීම හෝ ප්‍රචාරය කිරීම තහනම්ය. මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ 04 වැනි නියෝගය ඉතා වැදගත් එකකි. එය මෙසේයි:

“එසේ වුව ද, ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා වන ආහාරයක් හෝ ඒ ආහාරයක් මත 1 වැනි උප ‍ලේඛනයේ 1 වැනි, 2 වැනි සහ 3 වැනි අයිතමවල නිශ්චිතව සඳහන් කරන ලද යම් ප්‍රතිඔක්සිකාරකයක් හෝ ඒවායේ සංයෝගයක් අඩංගු නොවිය යුතුය.”

ගැසට් නිවේදනය මගින් අනුමැතිය ලබා දී ඇති ප්‍රතිඔක්සිකාරක වුවද ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා වන ආහාර සඳහා භාවිත නොකළ යුතුය යන්න එහි අර්ථයයි.

ප්‍රතිඔක්සිකාරක යනු මොනවා දැයි නොදන්නා පාඨකයන්ගේ දැනගැනීම පිණිස ඒ පිළිබඳ හැඳින්වීමක් කරමු.
ගැසට් නිවේදනයේ අංක 9 යටතේ සඳහන් පරිදි “‘ප්‍රතිඔක්සිකාරක’ යනු ආහාරවල මුඩු රසක් හෝ ඔක්සිකරණය මගින් රසයෙහි පරිහානියක් ඇති කිරීම ප්‍රමාද කරන, අඩු කරන හෝ වළක්වන ද්‍රව්‍යයක් අදහස් වන අතර ඊට ලෙසිනීන්, ඇස්කෝබික් අම්ලය හෝ එහි ලවණ,ටොකෝෆෝරල් වර්ග, සිට්රික් අම්ලය හෝ ‍පොස්පරික් අම්ලය ඇතුළත් නොවේ.”

එසේම ගැසට් නිවේදනයට අනුව,
“ළදරුවන් යන්නෙන් මාස දොළහට අඩු ළමයින් අදහස් වේ. කුඩා ළමයින් යන්නෙන් වයස අවුරුදු එක සහ තුන අතර ළමයින් අදහස් වේ.”

මේ ගැසට් නිවේදනය නිකුත් කර කලකට පසුව 2011 වසරේදී ගලෙන්බිඳුණුවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කහටගස්දිගිලිය අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ලකට අනුව මහෙස්ත්‍රාත්වරයා ඇස්ට්‍රා මාගරින් වයස අවු. 3ට අඩු දරුවන්ට හානිකර බැවින් ඒ බව පාරිභෝගිකයන්ගේ දැනගැනීම පිණිස වන සටහනක් ඇස්ට්‍රා මාගරින් බඳුන්වල ප්‍රදර්ශනය කළ යුතු බවට නියෝගයක් නිකුත් කළේය.
එසේ නියෝග කිරීමට හේතු වූයේ අදාළ මාගරින් වර්ගයේ ජ් 319 නමැති ප්‍රතිඔක්සිකාරකය අඩංගු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණිලි කර තිබිමයි.

E319 හෙවත් ටර්ට්-බියුටයිල් TBHO ්‍රාක්විනෝන් යනු  1617/16 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ  ඇතුළත්, “ආහාරවලට එකතුකිරීමට අනුමැතිය ඇති නමුදු ළදරුවන්  හා ළමයින් ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍යවලට එක් නොකළ යුතු” ප්‍රතිඔක්සිකාරකයකි.

E 319 ප්‍රතිඔක්සිකාරකය ළදරුවන්ට සහ වයස අවු. 3ට අඩු දරුවන්ට නුසුදුසු වන්නේ එය ඔවුන්ගේ මොළයට හානි සිදු කරන නිසාය බොහෝ බටහිර රටවල E 319 ආහාර සඳහා භාවිත කිරීමට  අවසර නොදේ.
මේ අධිකරණ නියෝගයෙන් පසුව යුනිලීවර් සමාගම ප්‍රකාශ කළේ තම නිෂ්පාදනය ළදරුවන්ට හා කුඩා ළමයින්ට නුසුදුසු බවට අවවාදාත්මක සටහනක් තම නිෂ්පාදනයේ පළ කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් ආයතනයක් මගින් තම ආයතනයට දැනුම් දී නැති බවත් තම නිෂ්පාදනය ළදරුවන් හෝ කුඩා ළමයින් ඉලක්ක කර නිපදවනු ලබන්නක් නොවන බවත්ය.

යුනිලීවර් ආයතනයේ එම ප්‍රකාශයට විරුද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අභියෝග කළේය.
“එම නිෂ්පාදනය ළදරුවන් හා ළමයින් ඉලක්ක කර නිෂ්පාදනය නොකරන්නේ නම් දරුවන් මව්වරුන්ගෙන් එම නිෂ්පාදනය ඉල්ලන දර්ශන යොදාගෙන මාධ්‍ය මගින් එම නිෂ්පාදනය ප්‍රචාරය කරන්නේ ඇයි?” ම.සෞ.ප. සංගමය යුනිලීවර් ආයතනයෙන් ප්‍රශ්න කළේය. ආහාර පනත යටතේ වරින් වර කෙරෙන සංශෝධන ගැසට් පත්‍ර මගින් ප්‍රසිද්ධ කරන බැවින් මේ පිළිබඳ තමන්ට කිසිවකු දැනුම් දී නැති බවට නිෂ්පාදන ආයතනය කරන ප්‍රකාශය පදනම් විරහිත එකක් බවත් සංගමය පැවසීය.

මෙසේ යුනිලීවර් ආයතනය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමය අතර ගැටුමක් නිර්මාණය විණි.
මේ සිදුවීම් පෙළෙන් කලකට පසුව 2013 මැයි මස 6 වැනි දා සෞඛ්‍ය අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. අංක 1809/4 දරන එම අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඉහත විස්තර කළ අංක 1617/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයට සංශෝධන කීපයක් එක් කෙරිණ.

ඒ අනුව 1617/16 දරන ගැසට් නිවේදනයේ 4 වැනි නියෝගයේ අතුරු විධානයෙහි “ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා” යන වචන වෙනුවට “ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා” යන වචන ආදේශ කෙරිණි.
එහි 9 වැනි නියෝගයෙහි, “ප්‍රති ඔක්සිකාරක යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට “‘ප්‍රතිඔක්සිකාරක’ යන්නෙන් ඔක්සිකරණය මගින් නරක්වීමට එරෙහිව ආරක්ෂා කිරීම මගින් ආහාරවල සජීවී ජීවී කාලය දීර්ඝ කරන්නා වූ ආහාර ආකලන ද්‍රව්‍යයක් අදහස් වේ” යන අර්ථ නිරූපණය එක් කෙරිණි. එසේම 9 නියෝගයෙහි ‘ළදරුවන්’ යන යෙදුමේ අර්ථ නිරූපණයට ඉක්බිති පහත දැක්වෙන අර්ථ නිරූපණය ඇතුළත් කිරීමෙන්,
“ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා වූ ආහාර යන්නෙන් ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද, නිෂ්පාදිත හෝ අලෙවිකරණය කරන ලද ආහාර ද්‍රව්‍ය අදහස් වේ” යනුවෙන් සංශෝධනය කෙරිණ.
මෙහි අර්ථය නම් “ළදරුවන් හා කුඩා ළමයින් සඳහාම විශේෂයෙන් සකසන ආහාරවලට පමණක් එකී ප්‍රතිඔක්සිකාරක එක්කිරීම තහනම්” බවයි.

සෞඛ්‍ය බලධරයන් 2009 ආහාර (ප්‍රතිඔක්සිකාරක) නියෝග මේ ආකාරයෙන් වෙනස් කිරීමට හේතුව කුමක් ද?

කහටගස්දිගිලිය අධිකරණයේ නියෝගයට ප්‍රතිචාර දක්වමින් යුනිලීවර් සමාගම කියා සිටියේ ඔවුන්ගේ නිෂ්පාදනය ළදරුවන් හෝ ළමයින් ඉලක්ක කර නිපදවන එකක් නොවන බවයි. ඔවුන් එයින් පවසන්නට උත්සාහ කරන්නේ තම නිෂ්පාදනය ළදරුවන් හා කුඩා ළමයින් ඉලක්ක කර නිෂ්පාදනය නොකරන නිසා E 319 ප්‍රතිඔක්සිකාරකය එහි අඩංගු වූවාට ප්‍රශ්නයක් නැති බවයි.

මෙය අපූරු ආඳා තර්කයකි. මාගරින් යනු දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා පරිහරණයට කරන ආහාරයකි. විවිධ රසකැවිලි, තෙල් දැමූ ආහාර ආදිය මගින් ඒවා ළදරුවන්ගේ හා කුඩා ළමුන්ගේ ශරීරයට එක් වේ. සෞඛ්‍ය බලධරයන් ආහාර පනත සංශෝධනය කරමින් සිදු කරන්නේ මේ නිෂ්පාදකයන්ට තවදුරටත් තම නිෂ්පාදනවලට E 319  එක් කිරීමට අනුබලදීමයි. සමාගමට වාසි වන පරිදි නීතිය වෙනස් කරදීමයි.

ළදරුවන්ගේ හා කුඩා ළමයින් සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කෙරෙන ආහාර ඇත්තේ සීමිතවය.  මාගරින් බඳු ආහාර එසේ විශේෂයෙන් නිෂ්පාදනය කෙරෙන බවක් අපි නම් නොදනිමු.

අඩුම තරමින් ළදරුවන්ට හා කුඩා ළමයින්ට හානිකර ප්‍රතිඔක්සිකාරක ඇතුළත් ආහාර ද්‍රව්‍යවල ඒ බව සඳහන් කළ යුතු බවට වගන්තියක්වත් මේ සංශෝධනයේ දී ඉදිරිපත් කළ යුතුව තිබුණි. මෙය ජාතියේ අනාගතය භාරගැනීමට සිටින දරු පරපුරේ නිරෝගීභාවයට අදාළ කාරණයක් බව හිතා හෝ එබඳු වගන්තියක් ඇතුළත් කළ යුතුව තිබුණි. එහෙත් සෞඛ්‍ය බලධරයන් ඒ යුතුකම ඉටුකර නැත.

දැන් යුනිලීවර් සමාගම තම ඇස්ට්‍රා මාගරින්වල ප්‍රතිඔක්සිකාරක ඇතුළත් බව සඳහන් නොකරයි. අප සතුව ඇති ඇස්ට්‍රා මාගරින් බහාලුමක ඒවා මාස 9ක් කල්තබාගත හැකි බව සඳහන්ව ඇත. එහෙත් එහි අන්තර්ගත ද්‍රව්‍ය අතර ප්‍රතිඔක්සිකාරක නැත. ප්‍රතිඔක්සිකාරක නැතිව මේවා මාස 9ක් තබාගන්නේ කෙසේද?  2011 වසරේ ඇස්ට්‍රා මාගරින් බහාලුම්වල E 319 ඇති බව සඳහන් කර තිබේ.

වෙළෙඳ‍පොළේ ඇති වෙනත් මාගරින් වර්ගවල ප්‍රතිඔක්සිකාරක ඇතුළත් බවට සඳහන් කර ඇත. එසේ නම් මේ වර්ගයේ ප්‍රතිඔක්සිකාරක නැතිව නිෂ්පාදනය කරන බව අපට පිළිගත හැකිද?



























දැන් සෞඛ්‍ය බලධරයන් පනත වෙනස් කර ඇති නිසා මේ නිෂ්පාදනයේ E 319  තිබුණද නීතියෙන් බේරීමට යුනිලීවර් සමාගමට හැකියාව තිබේ. එහෙත් එම ප්‍රතිඔක්සිකාරකය නිෂ්පාදනයේ තිබියදී එය සඳහන් කර නැත්නම්, සමාගම කර ඇත්තේ 2005 ජනවාරි 19 වැනි දින දරන අංක 1376/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2005 ආහාර (‍ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ) නියෝග කඩකිරීමකි. එහි 04 වැනි වගන්තියට අනුව “මේ පනත යටතේ සාදන ලද නියෝග මගින් නියම කරන ලද කුමන හෝ අවසරලත් ආකලන ද්‍රව්‍ය නම් වශයෙන් හෝ ජාත්‍යන්තර අංක යෙදීමේ ‘අයි’එස්.එන්’ (ISN) ක්‍රමයෙන්”; සහ “එවැනි ආහාරයක අඩංගු සංඝටකවල සම්පූර්ණ ලැයිස්තුවක් ඒවා සඳහා භාවිත කරනු ලබන ‍පොදු නම්වලින් යොදාගනු ලබන ප්‍රමාණයන්ට අනුව අවරෝහණ ක්‍රමයට දැක්විය යුතුය.”

ඒ අනුව මේ නිෂ්පාදනය E 319 හෝ වෙන යම් ප්‍රතිඔක්සිකාරකයක් අන්තර්ගත නම් එය පැහැදිලිව සඳහන් කළ යුතුව තිබේ. එහෙත් ඇස්ට්‍රා මාගරින් බහාලුම්වල එවැනි සඳහනක් නැත.

එදා යුනිලීවර් සමාගම සමග ‍පොරට වැටුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමය අද ඒ සමාගම සමග එක්ව සමාජ සත්කාරක වැඩසටහන්වල නිරත වන බවත් ඒ වැඩසටහන්වලට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ද සම්බන්ධ බවත් මාධ්‍ය මගින් ප්‍රචාරය විණි. (2014 පෙබරවාරි 23 ඉරිදා ලක්බිම 31 පිටුවේ දැන්වීම) පසුගිය කාලයේ පැවති මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව අවස්ථාවේ යුනිලීවර් සංගමයෙන් විශාල අනුග්‍රහයක් ද ලැබි ඇති බවත් සාමාජිකයන්ට රු. 2000ක් වටිනා ප්‍රණීත ආහාර වේලක් සමාගමේ අනුග්‍රහයෙන් ලැබෙන බවට නිවේදන පවා නිකුත් කෙරුණු බවත් වාර්තා වේ. ඉතින් ඔය අහක යන කුණු ගොඩවල් පරීක්ෂා කරන්නේ මොකටද අප්පා...

මහජන මුදල් කෝටි ගණන් යොදවා තමන්ට වැටුප් ගෙවන්නේ සමාගම්වල අතපල්ලෙන් වැටෙන ඉඳුල් ලෙවකා ජනතාවට කෙකා පෙන්නීමට, දරු පරපුරත් රටේ අනාගතයත් විනාශ කරන්නට නොවන බව ඔවුන් තදින් සිතට ගත යුතුව තිබේ.

දැන් කල් ඉකුත් වූ ආහාර, කල් ඉකුත් වූ ඖෂධ, නරක් වූ ආහාර ආදී සියල්ල සොය සොයා හෙළිදරව් කරන්නේ පාරිභෝගික අධිකාරියයි. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් අතින් එම වගකීම් නිසියාකාරව ඉටු නොවන බැවින් විය යුතුය. ඉස්සර කිරුම් මිනුම්වලට හා මිල පාලනයට කොටුවී සිටි පාරිභෝගික අධිකාරිය මේ වැඩට බැස ඇත්තේ පවතින හිඩැස දැකීම නිසා විය හැකිය. ඉදිරියේ දී ආහාරවල අන්තර්ගත සංඝටක පිළිබඳ තවත් ‍ලේබලයක් ආහාර ඇසුරුම්වලට එක් කරන්නට පාරිභෝගික අධිකාරිය කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේද ඒ නිසාම විය හැකිය.

කිරිපිටිවල ඩීසීඩී පරීක්ෂා කිරීමට මැදිහත් වූ පරිද්දෙන්, කාර්මික තාක්ෂණ ආයතනයට මේ අවස්ථාවේ මීට මැදිහත් වී තම යුතුකම ඉටු කිරීමේ හැකියාව තිබේ. ඒ මෙකී නිෂ්පාදනයේ E 319 අන්තර්ගත ද නැද්ද යන්න පරීක්ෂා කර බලා සත්‍ය තත්ත්වය රටට කීමෙනි.

එම ප්‍රතිඔක්සිකාරකය එහි අන්තර්ගත නම් ඔවුන් එය සඳහන් නොකිරීමේ රහස කුමක්ද?

සෞඛ්‍ය බලධරයන්ට ද අවංකකමක් තිබේ නම්, හෘද සාක්ෂියක් තිබේ නම් 2005.01.19 දින දරන අංක 1376/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව කටයුතු කළ හැකිය.

වයස අවු. 3ට අඩු දරුවන් සිටින දෙමාපියනි. ඔබ දරුවන් දෙන ආහාරවල මේ විස රසායනිකවලින් එකක් තිබේ දැයි හොඳින් පරීක්ෂා කර බලන්න. ආහාර ඇසුරුම්වල මේ බව සඳහන්ව තිබේ. E 304, 305, 310, 311, 312, 319, 320 අංක සහිත ප්‍රතිඔක්සිකාරකයක් ඇතුළත්ව තිබේ නම් ඔබේ දරුවාට ඒ වස මුසු ආහාර දෙන්න එපා.

ඇස්ට්‍රා සහ වෙනත් මාගරින් වර්ග යෙදා සැදූ ආහාර ඔබේ  අවු. 3ට අඩු දරුවන්ට දෙන්න එපා.


8 comments:

  1. Meka harima vatina helidarawwak. Anacondata ape stutiya.

    ReplyDelete
  2. Very good article. One of the main reason for Down syndrome is artificial preservatives and flavours used in foods. These diseases can inherit from one generation to another.

    ReplyDelete
  3. ඈස්ට්‍රා කොම්පෑනිය තම්බියෙකුගේ ඵහෙම උනා නම් මෙලහාකට ඵ්කට අබසරණය.
    පිස්සු බලු සේනාව හොරට බුදි මේවාට...............මෙහෙමද සිoහල ජාතිය බේරගන්නේ............ඈ???

    ReplyDelete
    Replies
    1. මේ නම් එක්කෝ පල් මෝඩයෙක්, නැතිනම් රට ජාන වල බලපැමක්. නැතිනම් මේ වාගෙ ලිපියක් අස්සෙත් බොදු බල සේනාවට අපහාස කරල කෙමෙන්ට් එකක් දාන්නෙ නෑනෙ. මේ පගරයා පහුගිය ලිපියකටත් මිට සමානම කොමෙන්ට් එකක් දාල තිබුණ. Josep Vaaz

      Delete
    2. ඈත්තනේ බන් කියන්නේ !
      ඈස්ට්‍රා ඵක තම්බියෙක්ගේ උනානම් කොහොමට තියෙයිද?

      මේ විශ කාලා මෑරෙන්නෙත් සිoහල ළමයි තමයි.
      සිoහල බොදු ළමයි මරණ ඈස්ට්‍රා ඵකට අබසරණ කොරවන්න මහා ලොකු ජාතියේ ආගමේ ආරක්සකයා බො.බ.සෙ ( ඈතුලු ආගම් වෙළෙන්දන් )බය ඈයි?
      ඈස්ට්‍රා බහු ජාතික(යුදෙව් ක්‍රිස්තියානි ) කොම්පෑනියක් නිසාද?

      උබලා ගේ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා බන්.

      Delete
  4. Well said Ana. Thanks

    ReplyDelete
  5. Bohoma Stuti.

    No Dutu Gamunu

    ReplyDelete

අදහස් දක්වන්න