Wednesday, September 17, 2014

අනගාරික ධර්මපාල නම විකුණාගෙන කෑම



සිංහල බෞද්ධයාගේ වර්තමාන තත්වය ඉංග‍්‍රීසි පාලන කාලයටත් වඩා නරකය. ඊට හේතුව ජනගහණයට සාපේෂකව සිංහල බෞද්ධ උපත් පහළට වැටීම සහ ඉස්ලාම් උපත් ඉතා සීඝ‍්‍රයෙන් වැඩිවීමයි. මේ අපරාධයට වර්තමාන ආණ්ඩුව මෙන්ම පසුගිය කාල පරිච්ෙඡ්දයේ ලංකාව පාලනය කළ හැම ආණ්ඩුවක්ම වගකිව යුතු වන්නේය. පවුල් සංවිධානය යන නමින් සිංහල පවුල එක දරුවෙකුට හෝ දෙදෙනෙකුට සීමාකර ඉස්ලාම් පවුල දහයකට දොළහකට වඩා වැඩිකිරීම අහම්බෙන් සිදුවූ දෙයක් නොවේ. සංවිධානාත්මක වැඩකි. මීට සමාන ක‍්‍රියාවක්  කළු ජාතිකයන්ගේ උපත් අඩු කිරීම සඳහා මීට කාලයකට ඉහත දී ඇමරිකාවේ ක‍්‍රියාත්මක වූයේය. උපත් පාලන වැඩ පිළිවෙලත් ලංකාවට පිටින් ආපු එකකි. දුරදිග හිතා සැලසුම් හදන්නන්ගේ වැඩකි.

පුංචි පවුල රත්තරන් කිරීමට ගොස් පන්සලට හාමුදුරුවරුන් නැතිව ගියේය. පන්සල් වැහෙන්නට වුණි. ගම්බද සිංහල පාසල්වලට ළමුන් හිග වී සිංහල පාසල් වැසෙන්නට වුණි. පුංචි පවුල රත්තරන් න්‍යාය හා පවුල් සංවිධානය ඉස්ලාමික සමාජයට නැත. මූලධර්ම ඉස්ලාමික සංවිධාන ලොවපුරා ක‍්‍රියාත්මක වන අතර ලංකාව එහි කේන්ද්‍රස්ථානයක් වෙමින්  පවතින නිසා රට සල්ලිවලට ඉස්ලාම් දේවස්ථාන හැම තැනන්ම මතුවෙයි. ඉස්ලාම් පවුල් ලොකු කිරීමට හැම පවුලකටම උපදෙස් ලැබේ. කිසිම පවුල් සෞඛ්‍ය සේවිකාවක් දරු උපත් සීමා කරන්නැයි මුස්ලිම් කාන්තාවකට නොකියයි. කිව්වොත් කම්මුල රත්කරගෙන එන්න වෙයි.  එම නිසා ඉස්ලාම් පාසල් ඉස්ලාම් ළමයින්ගෙන් පිරි ගොසින් සිංහල පාසල් ද ඉස්ලාම් ළමයින්ගෙන් පිරෙන තත්වයක් උදාවෙයි. සිංහල ගම හැකිලෙයි. ඉස්ලාම් ගම වැඩෙයි.

අනගාරික ධර්මපාල 150 වෙනි ජන්ම සංවත්සරය පැවැත්වෙන්නේ මෙවැනි කාලයකය. සිංහල බෞද්ධයාගේ පැවැත්ම පිළිබඳව තර්ජණයක් පවතින නිසා ධර්මපාලතුමා එදා සිංහලයන්ට කී බණ හා දුන් අවවාද මොනතරම් සැබෑදැයි වර්තමානයේ ජීවත්වන සිංහලයන්ට සිතේ. ඒ කාරණය වටහා ගන්නා සිංහලයන්ගේ සිත් තුළ ධර්මපාලතුමා කෙරෙහි අප‍්‍රමාණ ආදර භක්තියක් ඇති වේ. එය දිනෙන් දින ඉහළ යන්නකි. ජීවත් වූ ධර්මපාලතුමාට සවන් දුන් සිංහලයන් සුළු ප‍්‍රමාණයකි. අබෞද්ධ සිංහලයින් එතුමා කී දෙයක් කනට ගත්තේ නැත. එසේ වුණත් ධර්මාපලතුමාගේ වටිනාකම ක‍්‍රමයෙන් සිංහලයන්ට දැනෙන්නට වුණි. මේ වන විට රටේ ජීවත් වූ හෝ ජීවත්වන කිසිම දේශපාලනඥයකුට නැති ජනප‍්‍රියතාවයක් සිංහල බෞද්ධයන් අතර ධර්මපාලතුමා කෙරෙහි ඇති වී තිබේ. සිංහල බෞද්ධයන් පමණක් නොව සිංහල කතෝලිකයන්ද දැන් දැන් එතුමාගේ අගය කියති. එතුමාගේ අගය පෙන්වමින් ලිපි ලියති. සිංහල බෞද්ධයන්ගෙන් හිස්වන ලක් පොළවේ සිංහල කතෝලිකයන්ටද පැවැත්මක් නැති බව ලෝකය ගැන වැටහීමක් ඇතිකර ගන්නා ඔවුන් අවබෝධ කර ගන්නා බවක් පෙනේ.

රටේ මෙබඳු තත්වයක් පවතින නිසා ධර්මපාලතුමාගේ නම කියමින් කෑ මොරදීම හා ධර්මපාලවාදියකු ලෙස ප‍්‍රදර්ශනය වීම පිම්බෙන්නට මගක් යයි  සිතන පිරිසක්ද රටේ සිටිති. ඒ දේශපානඥයන් පමණක්ම නොවේ. සංඝයා වහන්සේලා පවා ඒ කණ්ඩායමේ සිටිති. මේ පිරිස ‘ධර්මපාලතුමා කිව්වෙ මේකයි. ලිව්වෙ මේකයි. කෙරුවෙ මේකයි. හැසිරුනේ මෙහෙමයි’ කියමින් මහජන ප‍්‍රදර්ශනය සඳහා නොයෙක් සෙල්ලම් දමති. මේ හැම ක‍්‍රියාවකම පරමාර්ථය සිංහල ජනතාව ගොනාට ඇන්දවීමයි. ඉස්ලාම් හෝ දෙමළ ජනයා ඇන්දවීමට ඔවුන්ට නොහැක.

ධර්මපාලතුමාගේ නම හෝ පින්තුරය ඔසවාගෙන සිටින නමුදු මොවුන් ධර්මපාලතුමාට මොනම ආදරයක්වත් නැති කපටි රැුලක් බව පළමුවෙන් කිව යුතුව තිබේ. එසේ කියන්නට හේතු තිබේ. කාලයක පටන් පවුල් සංවිධාන කටයුතුවලට උපකාර කරමින් සිංහල බෞද්ධ ජන අනුපාතය අඩුකරන්නට සහයෙයෝගය දක්වන්නෝ මොවුන් අතර සිටිති. සිංහල පවුල් සෞඛ්‍ය සේවිකාවන් යොදවා සිංහල ජාතිය වඳකරන්නෝ මේ ගොඬේ සිටිති. සිංහල බෞද්ධ අම්මලා ගබ්සාවට පොලඹවා සිංහල අම්මලා මිනීමරුවන් කරන්්නෝද මොවුන් අතරේ සිටිති. ‘හැම ශාස්තාවරයකුම කියා තියෙන්නේ සාමය සමාදානය පිළිබඳවයි’ කියමින් බොරු වැපිරුවේද මොවුන්මය. සිංහල ජාතිය, බුදුසසුන ගැන කථාකරන දේශපේ‍්‍රමීන් ජාතිවාදීන් ආගම්වාදීන් කියමින් හංවඩු ගසන්නේ මොවුන්මය. එවැනි දේශපේ‍්‍රමී පිරිස්වලට පහරදිම් පිටුපසද මෙයින් සමහරු සිටිති. ධර්මපාලතුමාගේ ආගමික ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වැඩසටහන් අත්පත් කරගෙන ඒවා විනාශකර ඇත්තේත් මොවුගේම කොටසකි.

පුරංඅප්පු බි‍්‍රතාන්‍ය පාලනයෙන් රට බේරා ගැනීමට නැගී සිටි සිංහල කතෝලිකයෙකි. කතෝලික ආගම අතහැර පන්සිල් සමාදන්ව බෞද්ධයෙකු වී මාතලේ කැරැුල්ලට සම්බන්ධ වූයේය. බි‍්‍රතාන්‍ය පාලකයෝ පුරං අප්පු අත් අඩංගුවට ගෙන මැරූහ. එජාපයේ ප‍්‍රබල ඇමතිවරයකුව සිටි ටිරෝන් ප‍්‍රනාන්දු මහතා බොහෝ අවස්ථාවලදී තමා පුරංඅප්පුගේ ඥාති පුත‍්‍රයකු බව කියා සිටි දේශපාලනඥෙයෙකි. වරක් එංගලන්තයේ හෝටලයක සම්භාෂණයකින් අනතුරුව ඇතිවූ කතාවකදී පුරංඅප්පුගේ නෑදැ කතාව කියූ ටිරෝන් ලොකු අකරතැබ්බයකට මුහුණ පෑවේය.

ටිරෝන්ගේ කතාව අසා සිටි ඔහුගේ අයෙක් ‘තමුසෙ වෙන්ඩැති ඒ කාලෙ පුරංඅප්පුව එල්ලූව අලූගෝසුවා’ කියා කීවේය. මේ කතාව ටිරෝන්ට අපහාසයක් නොවන බව පෙන්වීමට උත්සාහ කළ එම පුද්ගලයා ‘මම එහෙම කිව්වෙ සාහිත්‍ය අර්ථයෙනුයි. ටිරෝන්ගෙ ඇඳුමෙන් පැළඳුමෙන් කතාවෙන් හැසිරීමෙන් අදහස්වලින් ආගමින් ජීවිතයෙන් මේ කිසිම දේකින් පුරං අප්පුට සමානකමක් නැහැනෙ. අලූගෝසුවට තමා සමාන වෙන්නෙ’ ඔහු කීවේය. මෙය පෞද්ගලික සංවාදයකදී සිදුවූ දෙයක් නමුදු කතාවේ ලොකු අර්ථයක් තිබේ.

පරංගි ලංකාව අල්ලා ගැනීමට වෙහෙසුන කාලයේ පරංගින්ට ඉතා හිතවත් දුමින්ගෝ කොරයා නම් ලස්කිරිඤ්ඤ සේනාපතියෙක් සිටියේය. මොහුගේ පවුලම පරංගින්ට සේවය කළ ද්‍රෝහීන් පිරිසකි. විමලධර්මසූරිය රජතුමා කන්ද උඩරට රජ වී පරංගින් සමග සටන් කරද්දී දුමින්ගෝ කොරයාගේ සිංහලකම මතුවුණි. තාත්තා දුන් දුමින්ගෝ නමත් දේවගැතිවරයා දුන් කතෝලික ආගමත්  අළුයමලූ කෙල පිඬක් සේ ඉවත දැමු ඔහූ එදිරිල්ලේ බණ්ඩාර නමින් බෞද්ධ සිංහලයකු වී විමලධර්මසූරිය රජුගේ පක්ෂය ගෙන පරංගි විරෝධී සටනට සම්බන්ධ වූයේය. සමරකෝන් ප‍්‍රනාන්දු නමැති ලස්කිරිඤ්ඤ සේනාධිපතියාගේ පාවාදීම නිසා එදිරිල්ලේ අල්ලා ගැනීමට පෘතුගීසිහු සමත් වූහ. එදිරිල්ලේව මාසයක් තියාගෙන ප‍්‍රශ්න කළ පෘතුගීසිහු අන්තිමට මහජනයා ඉදිරියේ ඔහුගේ අත් පා කපා හිස ගසා දැම්මේය. ඉතිරි කතාව මෙසේය. කොරයා පවුලේ වෙබ් අඩවියක් තිබේ. එහි සඳහන්ව ඇත්තේ සිංහල බෞද්ධයන් දන්නා කතාව නොවේ. ඊට අනුව දුමින්ගෝ තමා කරපු වැරදි ගැන ශෝක  වූයේය. ඉතාම භක්තිමත් තතෝලිකයෙකු වශයෙන් යේසු යදිමින් මරණ දඬුවම ලබා ගත්තේය. මොවුන් කියන ආකාරයට එදිරිල්ලේ මැරෙන විටත් පරංගියෙකි.

එම නිසා ධර්මපාල නම උස්සාගෙන කෑගසන්නන්ගේ පසුබිම සොයන්න. බොහෝ සිංහලයන්ගේ ලොකුම දුර්වලකම අන්ධයන් පරිද්දෙන් කටයුතු කිරීමයි. ධර්මපාලතුමා පල්ලියෙත් පන්සලෙත් වදින්නේ එකම ඝණ්ඨාරය යයි කීවේ නැත. කිසිම විටක පාදිලිවරුන් සමග කමින් බොමින් බෞද්ධයා රැුවටුවේ නැත. නරි රඟපෑම එතුමා නොදත්තේය. එතුමා යුක්තිය ඉදිරියේ පොඩි දරුවකු වූයේය. පරවැඩ කරන්නන් ප‍්‍රතික්ෂේප කළේය.

ධර්මපාලතුමන් අනුකරණය කළ යුතු නැත. අනුකරණය නුසුදුසු දෙයකි. ධර්මපාලතුමාට දක්වන ලොකුම සැලකිල්ල සිංහල බෞද්ධයා එසවීමයි. සිංහල බෞද්ධයා රැුවටිලිකාරයන්ගෙන් ගලවාගැනීමයි. සිංහල බෞද්ධයාට පිහිටවීමයි. සිංහල බෞද්ධයා ශක්තිමත් කරන්නා ධර්මපාලතුමා පුදන්නෙකි. ඊට කෑගැසීමක් වුවමනාම නැත
 

7 comments:

  1. අගනා ලිපියක්.බොහෝ දේවල් දැනගත්තා.කොරයා පවුලේ වෙබ් අඩවියට පිවිසෙන අයුරු කියන්න.

    ReplyDelete
  2. අනගාරික ධර්මපාල යුගයේදී ධර්මපාල වැනි අන්තගාමීන් ලෝකයේ හැම පැත්තේම ඉන්නට ඇති. නමුත් පසුකාලීනව ඒ රටවල් බොහොමයක් මේ වගේ අන්තගාමීන් දේශපාලනයෙන් අතුගාල දාලා දියුනු ක්‍රමවලට අනුගත වුනා.
    අපි තාමත් එදා ආගම මුල් කරගෙන තැනුන පාසැල් වලට ආගම අනුව බෙදුනු ළමයින් ගාල් කරගනිමින් ආගම අනුව බෙදුුන සමාජයක් හදන්නට තවමත් උත්සාහ කරමින් යනවා.

    ReplyDelete
  3. මේ වගේ ගොන්නුන්ට කොහොම මේවා කියලා දෙන්නද තේරෙන්නෙ නෑ. ධර්මපාලතුමා අන්තවාදියෙක් කියල කියන්න පුළුවන් උන්නැහැ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති ගොබ්බයෙකුට විතරයි. අද පිටවෙලා තියෙන ‘සිංහල බෞද්ධයා’ පත්තරේ බලාපල්ලා. අන්න ඒකේ 3 වැනි පිටුවේ මෙහෙම වාක්‍යයක් තියෙනවා උන්නැහැ කියාපු.

    ‘‘අප ඉදිරියේ මාර්ග දෙකක් ඇත. එක්කෝ අප එක්කෝ අප වහලූන් වී ජාතික පැවැත්මන් අතුගාගෙන යාමට ඉඩදිය යුතුය. නැතිනම් පිරිහීගෙන යන සදාචාරයෙන් අපගේ ජාතිය ගලවා ගැනීමට ගලවා ගැනීමට අරගලයක් කළ යුතුය. ක‍්‍රිස්තියානිහුද බෞද්ධයෝද එකමුතුව සිංහල ජාතිය නගාසිටුවීමට පියවර ගතයුත්තාහ. අපගේ දේශපේ‍්‍රමී කටයුතුවලට ආගම බාධාවක් කරගත යුතු නැත.’’

    අද මේ වගේ හරක් ලොකු මිනිස්සු වෙලා තියෙන්නෙ කොඳු කෙලින් කරගෙන ඉන්නෙ ධර්මපාලතුමා රටපුරා ගිහිල්ල සුද්දන්ගෙ පඹයො හදල බය නැතිව මෙන්න මෙහෙම සුද්දන්ට ගහපියවු කියල උන්ගෙ අත්තල මුත්තලගෙ බය නැති කරපු හින්දයි.

    නිකාං බොරු සාමජවාදෙයි, මානව හිතවාදෙයි, සර්ව ආගමික සූත්තරයි ගැන ෙදාඩවන්නෙ නැතිව ලෝකෙ වෙන්නෙ මොනාද කියල බලාපල්ලා. හැම තැනම ඉස්ලාම්, ක‍්‍රිස්තියානි, යුදෙව්, හින්දු යුද්ධ. ක‍්‍රිස්තියානි-ඉස්ලාම් යුද්දෙ තාම අවසන් නෑ. ඒ රටවල් නීතිය නැතිනම් සංස්කෘතිකාංග, සිරිත්විරිත්වලින් හරි තමන්ගෙ ආගම රකිනව. එංගලන්තෙ තාම රජපවුල ඉන්නෙ ඇයි? රජා තමා එංගලන්ත සභාව කියන ආගමේ ආරක්ෂකය. ඇමරිකන්කාරයා ඩොලර් කොලෙත් අච්චුගහල තියෙනෙවා දෙවියන් වහන්සේගේ නාමයෙන් කියල. මෙහේ දාන සෙල්ලම් එකක්වත් ඒ රටවල දාන්න බෑ. ඊයේ පෙර්රදා පුටින් කිව්ව කතාව හොයලා කියවල බලපල්ලා. ‘උඹලාට ෂාරියා නීතිය ඔනේ නම් එහේ පලයල්ලා. මෙහේ ඒවා බෑ කියලා පුටින් කිව්වෙ ඇයි? තමන්ගෙ රටේ ආරක්ෂාවට. මීට අවුරුදු 15කට කලින් රුසියාව තහනම් කළා අවු.100ට අඩු ඉතිහාසයක් ඇති රටවල්. ඇයි? ඒ. තමන්ගෙ රටේ ආරක්සාවට. මේවා මොකවත් දන්නෙ නැති ගොන් නාම්බො නිකාං බොරු සමාජවාදියො වෙන්ඩ තප්පුලනව.

    මේ රටෙත් ඒ යුද්දෙ ඇතිවෙලා අද ඉරාකෙ, සිරියාවෙ සිද්දවෙනවා වාගෙ ඉස්ලාම් ත‍්‍රස්තවාදි බුද්ධාගාකාරයින්ගෙයි, ක‍්‍රිස්තියානිකාරයින්ගෙයි බෙලිකපද්දි තොපේ මුනුබුරු මුනුබිරියො තොපේ මිනීවළවල් හාරල බලයි තොපිට වලිගා තිබුණද කියල.

    ධර්මපාල කියන්නෙ අද සමාජෙටත් වඩා යුග ගාණක් ඉස්සරහින් හිටිය මිනිහෙක්. ඒ මනුස්සයව තේරුම්ගන්ඩ උඹලට බැරි ඒකයි. තව පරම්පරා 3කින් විතර ලංකාවෙ සමාජෙ උන්නැහැව තේරුම් ගනී. හැබැයි පරක්කු වැඞී.

    ReplyDelete
  4. නියමයි නිම්සර උබේ කතාව සහතික ඈත්ත අමිල වගෙ ඉපදුනේ කොහෙද කියලවත් දන්නෙති උන් ලග කොහෙද බන් ජාතිකානුරාගය උන් නිකන් අනිත් උන්ගෙ අවදනෙ ගන්න හදන හිස් චරිත විතරයි පුලුවන්නම් ඔකා කියයි ඌව හම්බුනෙ උගෙ අම්ම අතල් එකක් ගත්තු නිසා කියලත්

    ReplyDelete
  5. ධර්මපාල චින්තනය අනුගමනය කිරීම කෙසේවෙතත් උන්නාන්සේව විකුනo කෑමනම් මේදවස්වල ජාතියටයි ආගමටයි පේටන්ට් බලපත්තරය අරන් ඉන්න ඩබල්ගේම් කාරයො ටික හොදට කරනවා.
    සිහල බොදුනු අහිoසක ජනතාව හාමතේ වේලෙද්දි පාලකයො ඵක්ක බාල් නටන ධර්මපාලතුමාව විකුනo කන වල් හෑත්ත රටේ දෑවෙන ප්‍රශ්න ඉස්සරහට ඵනකොට ධර්මපාල තුමාවයි ජාතියයි ආගමයි පෙන්නලා මිනිස්සුන්ව නොමග යවන්න සෑහෙන උත්සාහයක යෙදෙනවා.
    මේවාට අන්තවාදී මුස්ලිම් උන්මන්තකයි හිනාවෙනවා ඈත්තෙ පු_න්.
    පිස්සු බලු සේනාවයි හෙල කරුමයයි......ඵකී මෙකී නොකී ආගම් වෙලෙන්දොටික කාලයක් යුද්දයත් ඊටපස්සේ යුධ ජයග්‍රහනයත් විකුනාගෙනකාලා ජීවත්උනා වගේ මේ දවස්වල ධර්මපාල තුමාව විකුනo කාලා ඵදාවේල ගෑටගහගන්න හදනවා මිසක්.....කුණුහරුප වී ඈති(කුනුහරුප කර ඈති )ජාතිය කෙලින් හිටවන්න උන්ට කිසිම ඔනෑ කමක් නෑ කියලයි පේන්න තියෙන්නේ.

    -රවින්ද්‍ර

    ReplyDelete

අදහස් දක්වන්න