Monday, February 11, 2013

”මුස්ලිම් ජනගහන වර්ධනය බොරුවක් - බෞද්ධයන්ගේ ඝෝෂාව නෝර්වේ කුමන්ත‍්‍රණයක්?”



යුරෝපීය ක‍්‍රිස්තියානි රාජධානි මුහුදුගමන් සඳහා පෙළඹවූයේ  යුරෝපය ගිලගන්නට පැමිණි ඔටෝමන් තුර්කි බලය විසිනි. ක‍්‍රිස්තියානි රාජධානිවලට ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියක් වුවමනා විය. එහිදී ස්පාඤ්ඤය වහා ඉදිරිපත් වූයේය. පෙරදිග (ඉන්දියාවේ) ප්‍රොස්ටර් ජෝන් නමින් බලගතු  අධිරාජයෙක් වෙසෙතැයි යන පණිවිඩය, මාර්කෝ පෝලෝගෙන් ලබාගත් තොරතුරු හා සිතියම් ඔවුන් ධෛර්මත් කළ සිද්ධි කිහිපයකි. ස්පාඤ්ඤයෝත් දෙවනුව පෘතුගීසිනුත් අනතුරුව වෙනත් යුරෝපීය රටවලූත් ඒ සඳහා ඉදිරියට ආහ. ඔවුහු, ‘උඹලාට පුළුවන් නම් අපිට බැරි මොකදැයි?’ අසමින්, ඔටෝමන් තුර්කින් ලොවට හඳුන්වා දුන්  රටවල් අල්ලා ගැනීම, වහල් වෙළඳාම, වෙළඳ බාධාක පැනවීම, මුහුදු කොල්ලකාර හමුදා ආදි මේ හැම දෙයක්ම කරමින් රටවල් යටත් කරගන්නට වුහ. අවසානයේ ඉස්ලාම් රටවල් ද යුරෝපීන්ට යටත් විය. යටත් විජිතවාදය දේශපාලන ක‍්‍රමයක් වූයේය.

ලංකාවෙ සොච්චමක් මාක්ස්වාදීන්ගේ කතාවල හැර ලෝකයේ කොහේවත් දැන් යටත් විජිතවාදයක් නැත. යටත් විජිත වශයෙන් පැවති හැම රටක්ම වර්තමාන ලෝකයේ නිදහස් රටකි. මුස්ලිම්වරුන්ට යටත් වූ රටවල් බොහොමයක ආගමික නිදහස නමින් දෙයක් නැතත් යුරොපීන්ට යටත්ව තිබූ හැම රටකම ආගමික නිදහස ඇතුළු බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පවතී. (යුරොපීන්ට යටත් වූ ලංකාව හා මාලදිවයින් නිදසුනකට ගන්න. ඉස්ලාම්රුන්, බෞද්ධ රටක්ව තිබුණු මාලදිවයින ඉස්ලාම් රටක් කළ නමුත් යුරෝපීන් මාල දිවයින් ක‍්‍රිස්තියානි කිරීමට වෙහෙස දරා නැත. අදටත් මාල දිවයිනේ ආගමික නිදහසක් නැත.)
කලක් පැවති, එහෙත් යුරෝපීන් විසින් නැතිකර දමන ලද සමෘද්ධිමත් ඉස්ලාම් අධිරාජ්‍යය යළි පිහිටුවා ගතහැකිය යන විශ්වාසය නිදහස ලැබූ ඉස්ලාම් රටවල ආගමික නායකයින් කිහිප දෙනෙක් විසින්ම විසින් ප‍්‍රකාශ කර ඇති අනාගත වාක්‍යයකි. රසිනා ෆව්සියා අල් රාවි නමැති ලේඛිකා මෙසේ ලියයි.

"ඒ අරාබි ලෝකය ලෝකයේ නැවත පහළවෙන දිනය යළි පැමිණෙතැයි ඇය තදින්ම විශ්වස කළාය. දරුවන්ට උගන්වමින් අරාබි ඉතිහාසය හා අරාබි අතීතය පිළිබඳව දරුවන්ට හැකි උපරිමයෙන් කියාදෙමින් ඊට දායකවීමට ඇයට අවශ්‍යය."

"She strongly believed a day would come when the Arab world again occupy a glorious place in the world and she wanted to contribute by educating children and telling them as much as possible about their past and their history" Razina Fowzia Al Rawi.  

මුස්ලිම් අධිරාජ්‍යය ගැන සිහින මවන මූලධර්මවාදියා හිතන්නේ එසේ නොවේ'  කුරානයේ හා හඩිත්වල ඉදිරිපත්කර ඇති  නීති අකුරට පිළිපැදීම" ඉස්ලාම් ජනගහණය වර්ධනය කරගැනීම" වැඩිවැඩියෙන් මහපොළව අයත් කරගැනීම" රටරටවල ආර්ථික බලය ලබාගැනීම ඔවුන්ගේ ඉලක්ක වී තිබේ'    

ඉස්ලාම් ආගමිකයන්" මූලධර්මවාදීන් වශයෙන් නැගිසිටීම ලංකාව වැනි රටවල ඇස් පනාපිට ප‍්‍රදර්ශනය වෙන්නකි' නැගෙනහිර පළාතේ ඇතැම් ප‍්‍රදේශවල සංචාරය කරද්දී මේ ලංකාව ද එහෙම නැතිනම් අරාබිය ද කියා සිතේ'  මාළිගාවත්ත ප‍්‍රදේශයේ ශාරියා නීතිය ක‍්‍රියාත්මක වන බවට තොරතුරු ඇත' එහෙත් ඇතැම් වගකිවයුතු දේශපාලනඥයින් පවා ටික කලක් දැස් පියාගෙන සිට zඉස්ලාම් ජනගහන වර්ධනයක් නැතැZයි දිවුර දිවුරා කියති' මේ බොරු අසන ඉස්ලාම් මූලධර්මවාදීහු බෞද්ධයන්ගේ අවදිවීම පවා zනෝර්වේ වැඩක්Z යයි කියා සිද්ධිය යට ගැසීමට වෙහෙසෙති'  




ඇනකොන්ඩාට වැටහෙන ලෙසට මූලධර්මවාදීන් බිහිකිරීම බටහිරුන්ගේ නුවණ පෙන්වන්න ක‍්‍රියාවකි' ඊට හේතුව මේ නිසා මූලධර්මවාදය සමග අරාබි සිහිනය වැනසෙන බැවිනි' ඉස්ලාම් ලෝකය නමැති සිහිනය සාර්ථක කිරීමට වෙහෙසුණු  ඉරානයේ ෂා" ඉරාකයේ සදාම් හුසේන්" ලිබියාවේ ගඩාපි ආදී සියල්ලෝම බටහිරින් නිපදවා විනාශ කරන ලද නායකයෝ වෙති'

ලෝකයේ තමන් අකමැති ආණ්ඩු වෙනස් කිරීම සඳහා බටහිර රාජ්‍යයන් ඉස්ලාම් මූලධර්මවාදය උපකාර කරගන්නා පිළිවෙළක් ද පෙනේ' ඉස්ලාම් මූලධර්මවාදීන් කිසියම් රටක බලවත්කර එය තමන් අකමැති ආණ්ඩුවට හේත්තු කිරීමෙන් එම ආණ්ඩුවේ ජනප‍්‍රියභාවය හීන කිරීමට හැකි බව ද බටහිර නුවනැත්තෝ  දනිති' මෙය ශ‍්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දෙයක් ද යන්න අවබෝධ කරගැනීමට සිහිමොළය ඇති මිනිසුන්ට පුළුවන'   

Thursday, January 24, 2013

සිංහල රයිඩින් හුඩ්, ඉස්ලාම් වෘකයා සහ වීරවංශලාගේ ‘හයිනා’ හමුදාව



‘ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්’ ප‍්‍රංශ සුරංගනා කතාවක් යැයි විශ්වාස කෙරේ. මුළ කොතැනක වුවත් එය යුරෝපය පුරා පැතිර ගොස් ඇමරිකාව ප‍්‍රධාන ලෝකයේ බොහොමයක් රටවල ජනප‍්‍රිය ළමා කතාවක් බවට පත්වුණි. රතුපාට හුඩ් කබායක් (හිස් ආවරණය සහිත කබා) පැළදගෙන සිටි කුඩා දැරියක් සහ කෛරටික වෘකයෙක් පිළිබඳ පුවතක් මෙම කතාවෙන් විස්තර වේ.  

ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්ගේ අම්මා කෑම බඳුනක් දියණිය අතට දී ‘ගිහින් මෙය අල්ලපු ගමේ වෙසෙන කිරිඅම්මාට දී එන්නැ යි’ දියණිය පිටත් කළා ය. ඈ යන මග පදුරක සැගවී සිටි වෘකයෙක් දැරිය දුටුවාය.  වටාපිටාවේ කුඹුරුවල ගොවියන් සිටියෙන් ඇය වෙතට පැනීමට බිය වූ වෘකයා කල්පනා කරන්ට විය. දැරිය පඳුරුවල මල් නෙළමින් ගඩා ගෙඩි කමින් හෙමින් ගමනේ යෙදෙනු දුටු වෘකයාට කදිම ඥානයක් පහළ විය. ඌ කෙටි පාරකින් දැරියගේ කිරිඅම්මාගේ ගෙදරට දුවගොස් ඇයව මරා කාමරයකට දමා දොර වසා රෙද්දක් පොරොවාගෙන මහලූ ස්ත‍්‍රියගේ ඇඳේ නිදාගත්තේය. 

කුඩා දැරිය නිවසට ඇවිත් කිරිඅම්මාට කතාකර ශබ්දයක් නැති නිසා ඇයගේ කාමරයට ගියාය. රෙද්දක් පොරොවාගෙන නිදා සිටින කිරිඅම්මාට ඈ කතා කළාය. ඊට ලැබුණේ ගොරහැඩි පිළිතුරු හඩකි. 

”මොකක්ද ඔය ගොරහැඩි සද්දෙ?” ඈ අසුවාය. 

”ඔබට සුබ පතනවා.” වෘකයා කීවේය. 

දැරිය පොරෝනය ටිකක් මෑත් කළාය. ලොකු ඇස්ගෙඩි දෙක දැක පස්සට විසිවී ”මේ මොකද ලොකු ඇස්?” කියා ඇසුවාය. 

”හොඳට දුව දිහා බලන්ඩ” වෘකයා පිළිතුරු දුන්නේය. 

ඈ පොරෝනය තව ටිකක් ඇද්දාය. ”මොකද මේ තරම් දිග අත් දෙකක්?” ඈ ප‍්‍රශ්න කළාය. 

”දුවව බදාගන්ඩ.” වෘකයා පිළිතුරු දුනි. 

වෘකයාගේ විශාල මුඛය ඈ දුටුවාය. ”ඔච්චර ලොකු කටක් මොකද?” 

”උඹව කන්ඩ” කියාගෙන පැන්න වෘකයා දැරිය මරා ගත්තේය.     

ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්  කතාව ලෝකයේ බොහෝ රටවල වැඩිහිටියෝ උපමා කතාවක් වශයෙන් භාවිතා කරති. ඇනකොන්ඩා මේ අවස්ථාවේ මෙම කතාව සිහිපත් කරන්නේ ද එවැනි පරමාර්ථයකිනි. එල්ටීටීඊය ලංකාව ජය ගැනීම සඳහා යුද්ධ කළ මුලූ කාලය පුරාම නොයෙකුත් පඩිවරුන් හා ජනමාධ්‍ය ‘ලංකාවේ බෞද්ධයන් හා හින්දුන් අතර සටනක් ඇතැයි’ කෑගසගසා ලෝකයට දැන්වූ හැටි අපට මතකය. එවැනි ලොකු කෑගැසීමක් නැතත්  බෞද්ධයන් හා මුස්ලිම් ආගමිකයන් අතර අර්බුදයක් ඇතැයි උඩ පැන පැන මොර ගසන පිරිසක් දැන් දකින්නට ලැබේ. ‘ගින්නක් ගින්නක්’ යයි  කියන මේ හැමදෙනාම ගින්න ඇවිලීමට වෙහෙසෙන කෛරාටිකයන් කවුදැයි නොපෙන්නා වැරදි පැත්තකට ඇගිල්ල දික්කරති.

ඉස්ලාම් ත‍්‍රස්තවාදය ලොව පුරා පැතිර යන්නකි. විකිපේඩියාවේ ‘ඉස්ලාම් ටෙරරිස්ට්  ඕර්ගනයිශේෂන්’ බලන්න. ත‍්‍රස්තවාදී සංවිධාන ලයිස්තුවක් කියවන්ට ලැබේ. මොවුන් ගැන මුද්‍රණය වී ඇති පොත් සිය ගණනකි. ජිහාඩ්, තලේබාන්,  හිස්බුල්ලා ආදී නම් ඇති ජාත්‍යන්තර ත‍්‍රස්තවාදි කල්ලි ගණනාවක් පිළිබඳව ලෝකයේ බලගතු ක‍්‍රිස්තියානි රටවල් සියල්ලම අවධානයෙන් පසුවෙති. නැවත කුරුස යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සමහර යුරෝපා රටවල් මහන්සි ගන්නා බවක් පෙනේ. ප‍්‍රංශය පැරණි ඉතිහාසය යළි සිහිගන්වමින් මාලි රටට හමුදාව යවා තිබේ. මේ ඉස්ලාම් ත‍්‍රස්ත කල්ලි සමහරක් ලංකාවේ ක‍්‍රියාත්මක වන බවට යම් යම් ආරංචි පැතිරේ. ‘ඉන්දියාවේ හා පකිස්ථානයේ ත‍්‍රස්ත ව්‍යාපාරවලට, ලංකාව සහ මාලදිවයින් ආරක්ෂක කලාපයක් වී තිබේද?’ යන සැකය ඇතැම් බටහිර ත‍්‍රස්ත විමර්ශන සංවිධානයන්ට ඇත.

ත‍්‍රස්තවාදයට අත හිත දෙන ඉස්ලාම් මූලධර්මවාදී සංවිධාන මුල්වී ඉතා සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්වූ සිංහල බෞද්ධයා සහ ඉස්ලාම් අදහන්නා අතර ගැටුම් ඇතිකිරීමට උත්සාහ කරන සිද්ධි ගණනාවක්ම පසුගිය කාලයේ අසන්ට ලැබුණි. පොතුවිල් මුහුදුමහා විහාරයට අයත් භූමිය ආක‍්‍රමණය කිරීම එක උදාහරණයකි. කූරගල බෞද්ධ භුමිය ආක‍්‍රමණය කිරීම තවත් උදාහරණයකි. දීඝවාපි චෛත්‍යයට අලාභහානි කිරීමෙන් ඇරඹුණු වැඩපිළිවෙළ චෛත්‍යය ඩෝසර් කිරීම දක්වා පැතිර ගොස් ඇත. විශාල වශයෙන් සිංහල බෞද්ධයන් ජීවත්වන ඇතැම් පළාත්වල ඇති ඉස්ලාම් දේවස්ථානවලට සැතපුම් භාගය හමාර ඈතින් මෝටර් රථ වාහන නළා ශබ්ද කිරීම තහනම් කෙරෙන දැන්වීම් පුවරු සවිකර ඇත්තේ ආගමික ආධිපත්‍යය පෙන්වීමක් ලෙසිනි. නැගෙනහිර ප‍්‍රදේශයේ සංචාරයක යෙදී බලන්න, මේ රට පුංචි අරාබියක් කරන හැටි දෑසින් දැක ගැනීමට පුළුවන. කලක සිට ඇතැම් ඉස්ලාම් දේශපාලන නායකයින් බලය පවත්වා ගැනීම සඳහා ආගම්වාදය තුරුම්පුවක් වශයෙන් භාවිතා කරන බව රහසක් නොවේ.  

මෙවැනි කටයුතු කරන ආගමික අන්තවාදීන්ට මොනම පාලනයක්වත් නැත. ඔවුන්ගේ අධම කටයුතු ගැන වචනයක් කතා නොකිරීමට ප‍්‍රවේශම් වෙන ඇතැම් දේශපාලනඥයෝ බෞද්ධ සංවිධාන අවුස්සා ඉස්ලාමිකයන් හා පොරපිටියට එවතැයි ඇමරිකාවට හා වෙනත් බටහිර රටවලට චෝදනා නගති. මෙවැනි කුමන්ත‍්‍රණ නැතුවා නොවේ. නමුත් ඉස්ලාම් ත‍්‍රස්තවාදින් මෙහෙයවන්නේත් බටහිර රටවල්දැයි බෞද්ධයන්ට ඇගිල්ල දික්කරන දේශපාලනඥයෝ නොකියවති. මොවුන් බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන පිරිස්වලට චෝදනා කරන්නේ ඉස්ලාම් සංවිධානවලින් මුදල් ගෙන යයි මතු කලක බෞද්ධ පාර්ශවයෙන් චෝදනා එල්ලවිය හැක.

ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට චෝදනා කිරීම අපේ බංකොලොත් දේශපාලන ගිරාපෝතකයන්ගේ ගැලවිජ්ජාවක් බවට පත්ව තිබේ. විහිළුවට කරුණ මෙයයි. ‘අපේ ආදරණීය මව්බිම’ ගැන කිඹුල් කඳුළු හෙළන මෙබඳු ඇතැම් දේශපාලකයන් ලෝකයේ තැනතැන ඉස්ලාමිකයන්ට සිදුවන ගැහැට ගැන මොරගාති. නමුත් තමන් ජීවත්වන මේ බිමේ තමන්ට වැඩිපුරම කතිරය ගසා රස්සාව අරන්දෙන සිංහල බෞද්ධයන්ට ඉස්ලාමිකයන් පහර දෙන විට අන්ධයන් ගොලූවන් බීරන් මෙන් සිටිති. මොවුන්ට ඊශ‍්‍රායලය පලස්තීනයට ප‍්‍රහාර එල්ලකරනු හොඳට පෙනෙයි, ඇසෙයි. ඒ ගැන කතාකරන්නට ඔවුන්ගේ කට ඇරෙයි. ‘ඇමරිකාව ඉස්ලාමිකයන්ට හිරිහැර කරන නිසා ඇමරිකන් ද්‍රව්‍ය පාවිච්චි කර හදන බඩුවලට හලාල් සහතිකය දෙන්න එපා’ යයි ජාතික නිදහස් පෙරමුණ උලමාවරුන්ගෙන් ඉල්ලා තිබුණි. එහෙත් ජාතික නිදහස් පෙරමුණට කුරගල, මුහුදුමහා විහාරය, දඹුල්ල, දීඝවාපිය නොපෙනෙයි. බංගලිදේශයේ බෞද්ධ සංහාර නොපෙනේ.

සිංහලයෝ ආගම්වාදින් හෝ ජාතිවාදීන් නොවෙති. ඉස්ලාම් ආගමිකයන් බෞද්ධාගමට හැරවීමට හෝ ඔවුන්ගේ ආගමික ස්ථාන ආක‍්‍රමණය කිරීමට බෞද්ධයන් උත්සාහ දැරීමක් ඉතිහාසයේ කවදාවත් සඳහන් නොවේ.  උපේක්ෂාවෙන්, උපහාසයෙන් ඒ වගේ ම ආදරයෙන් විවිධ ජාතීන්ගේ සම පැවැත්ම ඉවසා දරාගෙන ඉස්ලාම්,  ක‍්‍රිස්තියානි, හින්දු ආගම් සමග පෑහී එකම රටක වැසියන් වශයෙන් ජීවත්වීමේ හොඳ පුහුණුවක් සිංහල බෞද්ධයන්ට තිබේ. එවැනි බෞද්ධයෝ සම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් ඔබ්බට යමින් සංවිධානය වන්නේ නම් ඊට හේතුවක් තිබිය යුතුයි. 

සිංහල බෞද්ධයන් මෙසේ සංවිධාන ගතවීම ඇරඹීමට හේතුව ලොව පුරා පැතිරෙන ඉස්ලාම් මූලධර්මවාදය ලංකාවේ ද ක‍්‍රියාත්මක වෙමින් සිංහල බෞද්ධයාට විශාල විනාශයක් සිදුකරමින් සිටින බව සමාජයට කාන්දුවීමයි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා පාලනය ඇරඹුණු සමයේ, ‘අශ්රොෆ් (මියගිය) ජිහාඩ් සබඳතා ඇත්තෙකු බවට රහස් පොලිස් වාර්තා ඈ අතට පත්වුවත් අන්තර්ජාතික ආගමික දේශපාලන ත‍්‍රස්තවාදය ගැන අබඇටයක් තරම් අවබෝධයක් නැති ඇය දිගින්දිගටම අශ්රොෆ්ට වරාය හා නාවික ඇමතිකම දුන්නාය. තවත් වරෙක මුස්ලිම් කොංග‍්‍රසය වරාය ඇමතිකම බලහත්කාරයෙන් ලබාගත්තේ රෙජී රණතුංග ඇමති මණ්ඩලයේ තිබුණු තැන නැතිකරමිනි. වසර ගණනාවක් වරායේ බලය පවත්වාගෙන සිටි ඔවුන් ඒ කාලයේ ‘මොනවා’ මෙරටට ගෙන ආවේදැයි හිතන්නට කරුණු කාරණා දන්නා අයට නම් තත්පරයක් වත් ගත නොවේ. දැන් මුස්ලිම් කොංග‍්‍රසය අධිකරණ බලය උදුරාගෙන සිටින්නේ අහිංසක රිසානාට ජීවිතය අහිමිකළ ‘ශාරියාර්’ නීතිය සම්මත කරගැනීම ඇතුළු නීතිමාර්ගවලින් ඉස්ලාම් බලය පැතිරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීම පිණිස බව ඇනකොන්ඩාට දැනේ. 

දැන් සිංහල බෞද්ධ-ක‍්‍රිස්තියානි දෙපිරිසම පත්ව ඇත්තේ ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ් මුහුණ දුන් තත්වයටය. ඉස්ලාම් ත‍්‍රස්තවාදියෝත් ඔවුන්ගේ අන්තේවාසිකයෝත් හඳුනාගත නොහැකි වන සේ හිස පටන් හොඳහැටි පොරවාගෙන ඇඳට පැන සැඟවී සිටී. එහෙත් පොරෝනය යටින් උගේ මයිල් සහ දත් පෙනෙයි. සිංහල රයිඩින් හුඩ්ට සැකය පහළවී ප‍්‍රශ්න අසයි. ‘වෘකයා’ ප‍්‍රයෝගකාරී උත්තර දෙමින් සිංහල රයිඩින් හුඩ් මරාගෙන කන්නට තලූමරයි. වීරවංශ ඇතුළු ‘හයිනා’ කණ්ඩායම කටු ලෙවකන්නට පෙරේතකමෙන් ‘ආයිබෝ’ කියමින් සිටිති.

‘ලෝකයේ භයානකම ත‍්‍රස්තවාදියා පරාජය කළ ආණ්ඩුවකට මේ කැහුටන් පරාජය කිරීම කජ්ජක්දැයි’ කවුරු හෝ උදම්අනන්නේ නම් ඒ දේශපාලන අඳබාලයෙකි. එම නිසා මෙය රජය, වහාම, නොපමාව, දැන්ම ඉදිරියට පැමිණ මැඩපැවැත්විය යුතු භයානක උවදුරක් වශයෙන් ඇනකොන්ඩාට පෙනෙයි. රජය විසින් කළයුතු ක‍්‍රියාව රජයෙන් නොකෙරුනොත් සිදුවන්නේ ඒ කටයුත්ත බෞද්ධයන් භාරගැනීමයි. ආගමික කලකෝලහාල ඇතිවන්නේ එවිටය. බෙදුම්වාදින්ට ආගම් හෝ ජාතීන් කෝලහාල කරගැනීම මහා ජයග‍්‍රහණයකි.  

Friday, January 11, 2013

අල්ලා මිනී මරා රිසානාට දඩුවම් කරයි



අරාබි රටවල රැකියා සොයා යන ජනතාව විඳින දුක් පිළිබඳ ඇනකොන්ඩාට බොහෝ අත්දැකීම් තිබේ. එම නිසා ගෙල කපා රිසානා රෆික්ව මරා දැමීම පිළිබඳව ආවේගාත්මක සටහනක් ලිවීම අපගේ කාර්යයක් නොවේ. මෙය ධනේශ්වර ක‍්‍රමයේ වරදක් යයි කියමින් ජේවිපීකාරයින් මෙන් ජනතාව ගොන්යයි සිතා ගොන් ප‍්‍රකාශ ලිවීමට හෝ රිසානාට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වූවායි කියමින් ඇන්ජී ඕ කාන්තා සංවිධානයක් මෙන් ජින්ස් එක පහළට දමාගෙන කෑගැසීමට හෝ  වුවමනාවකුත් අපට නැත. ඇනකොන්ඩාගේ පරමාර්ථය යථාර්ථය කුමක්දැයි සාකච්ඡා කරමින් මොළය වර්ධනයට යමක් සැපයීමයි.  

රිසානා රෆීක් සවුදියට යන්නේ සිංහල කාන්තාවක් අරාබියට යන මනසින් නොවේ. දෙවියන්ට ලඟට යන කුඩා දැරියක් ලෙසිනි.  බහ තේරෙන්නත් පෙර සිට දවසට පස්වරක් අල්ලා දෙවියන්ට යාච්ඤා කළ රිසානා පමණක් නොව  සුන්නි මුස්ලිම් ආගම අදහන හැමදෙනාම හිතන්නේ සවුදිය අල්ලා දෙවියන්ගේ රට ය කියාය. එහි පිහිටි මක්කම ගොස් එන පිරිමි ආගමික පදවියක් (අල්හාජ්) ලබති. එයින් කියන්නේ  ඔවුන් දෙවියන් ආසන්නයට ගිය ශුද්ධවන්තයින් බවයි. 

සුන්නි චින්තනය එසේ වුවත් සැබෑව එය නොවේ. සවුදි අරාබිය යනු ඉස්ලාම් සුන්නි මූලධර්මවාදය ලොවට පතුරුවන මූලස්ථානයයි. ඒ සමග ඉස්ලාම් ත‍්‍රස්තවාදය, ජිහාඞ් ව්‍යාපාරය, අරාබි භාෂාව, ෂාරියාර් නැමැති එඬේර නීතිය, කාන්තාව පෙලන නීති, මොට්ටැක්කිලිය මේ ආදී මනුෂ්‍යයාට නුසුදුසු හා නොගැලපෙන බොහෝ  දේ ලොවට පතුරුවන්නේ සවුදිය විසිනි. නමුත් සවුදිය එදා පටන්ම ඇමරිකාවේ මිතුරු රටකි. ඇමරිකාවට අරාබිකරයේ සිටින හොඳම මිතුරා සවුදියයි. එම නිසා බටහිර සිට ක‍්‍රියාත්මක වන හියුමන් රයිට්ස් වොච්, එමනැස්ටි ඉන්ටර්නැෂනල්,  වුමන්ස් ලිබරේෂන් වැනි සංවිධාන සවුදිය හමුවේ බලූ කුක්කෝ වී නගුටු සොලවති.

ආගම්වලට මිනිසුන්ගේ සිත් පහන් කිරීමට මෙන්ම සිත් පිත් නැති මිනිසුන් බිහිකිරීමටත් පුළුවන. සවුදියේ ජනතාව සිත් පිත් නැති මිනිසුන් වන්නේ ආගමේ බලයෙනි. වසරකට බිලියනයක් සතුන්ගේ බෙලි කපන සවුදිය බිලියන ගණනක් සතුන්ගේ බෙලි කැපීමට ලොව පුරා ඉස්ලාම් ආගමිකයන්ව හැඩගස්වයි. ඔවුන් සතුන්ගේ බෙලි කපන්නේද මිනිසුන්ගේ බෙලි කපන්නේද ‘අල්ලාහු අක්බර්’ කියමිනි. මොහොමඞ්තුමා  අකුරුලිවීමට හෝ කියවීමට දැන සිටි කෙනෙක් නොවේ. වෙනත් පුද්ගලයකු ඔහුගේ කඩුවේ ‘සාමය’ යන අකුරු තුන ලියා තිබුණි. ඉස්ලාම් ආගම එදා පටන්ම ‘සාමය’ ගෙනාවේ ලේ ගලායැවීමෙනි. ලංකාවේ  මුස්ලිම් ත‍්‍රිරෝද රථ රියදුරන් පවා No God But Allah යන වාක්‍යයට යටින් කඩුවක රූපයක් අන්දවා ප‍්‍රදර්ශනය කරන්නේ මේ ආක‍්‍රමණකාරී මානසිකත්වය නිසාය.



එහෙත් රිෂානාට හිරගෙදරදීවත් ඇත්ත තේරුම් ගියා යයි සිතීමට නොහැක.  හිරබාරයට පත්වෙද්දී ඈ බාල වයස්කාරියකි. ආගම විසින් අන්ධකරන ලද දැරියක් ඒ තරම් දෙයක් තේරුම් ගන්නේ කෙසේද? ඇය සිරකුටියේ දුක් විඳිමින් පස්වසරකට වැඩි කාලයක් තිස්සේ කළ එකම කාර්යය අල්ලාට යාච්ඤා කිරීමයි. ෂාරියාර් නීතිය සවුදි රජුගේ නොව අල්ලාගේ නීතියයි. එබැවින් පලස්තීන සහයෝගිතා සංවිධානයේ සභාපතිකම දැරුවා කියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉටු කිරීමට සවුදි රජුට නොහැක. ඔහු රාජ නීතියට වඩා උසස් කොට සලකන්නේ දේව නීතියයි. අනිත් පැත්තට සවුදිය පලස්තීනයට වඩා වැඩි සැලකිල්ලක් ඇමරිකාවට දක්වයි. ඇමරිකාව, පලස්තීනය වැනි රටවලින් ඊශ‍්‍රායලය රැකීමට බැඳි සිටී.

ඉස්ලාම් ඇදහිල්ලට අනුව මිනිසුන්, සතුන්, ගහවැල ආදී සියල්ල ඇතුළුව මේ ලෝකය අල්ලාගේ මැවිල්ලකි. එබැවින් ඉස්ලාම් දර්ශනය ප‍්‍රකාර අල්ලාගේ කැමැත්ත ප‍්‍රකාර මිනිසුන් සහ සතුන් සියලූ වැඩකටයුතු කරති. උලමාවරුන් විස්තර කරන හැටියට යම් පුද්ගලයකු කන්නේ බොන්නේ, යන්නේ එන්නේ, අඳින්නේ පළඳින්නේ කොටින්ම උපන්දා සිට මරණය තෙක් සියලූ කටයුතු කරන්නේ අල්ලාගේ කැමැත්තට අනුවයි. අල්ලාගේ කැමැත්ත කුමක්දැයි කුරානයේත් කුරානය අනුසාරයෙන් ලියුවන තවත් පොත් කිහිපයකත් ලියවී තිබේ. යමෙක් ඒ කැමැත්ත උල්ලංඝණය කරනනේදැයි උලමාවරු බලාගෙන සිටි. වැරදිකරුවෝ ෂාරියාර් නීතියට යටත් කරති.  උලමාවරුන් කියන දේ ඇත්ත නම් දරුවා මැරීමට රිසානා මෙහෙයවා ඇත්තේ අල්ලාය. එසේ නම් අල්ලාගේ කැමැත්තට වැඩ කළ රිසානාට දඩුවම් කරන්නේ ඇයි? 

රිසානා බලාගත් දරුවාගේ කිරි උගුරේ හිරවීම නිසා මරණය සිදුවී ඇත. ෂාරියාර් නීතිය පරිදි ඇයට සමාව දීමට බලය ඇත්තේ දරුවාගේ මවට පමණි. ලංකාවේ මුස්ලිම් නියෝජිත කණ්ඩායමක් සවුදියට ගොස් මියගිය සිඟිත්තියගේ පවුලේ උදවිය සමග සාකච්ඡා පැවැත්වූ බව කියවේ. ඔවුන් පවසන්නේ ඇත්තක් නම් සිඟිත්තියගේ ආච්චි සීයා ආදීන් පවා රිසානාට සමාව දීමට එකඟවූ නමුත් ඇගේ මව තරයේම කියා සිටියේ රිසානාට මරණ දඩුවමම දියයුතු බවලූ. අප දන්නා ලෙසට නම් ලංකා නියෝජිත පිරිස සවුදියේ සංචාරයක්කර මක්කමටත් ගොස් පැමිණයහ.  

සවුදි මවක් යනු කෙතරම් පළිගන්නාසුලූ තැනැත්තියක්ද යන්න රිසානාගේ සිද්ධියෙන්  ඔප්පුවෙන කරුණකි. ඇහැට ඇහැක් - දතට දතක් යයි කරුණාවන්ත දෙවියෝ උගන්වා ඇත. බයිබලයේත්, කුරානයේත්, භගවත්ගීතාවේත් මේ එකම කතාව තිබේ. ඉන්දියාවේ උපන් ජෛන හා බෞද්ධ දර්ශන පමණක් මීට විරුද්ධ මත පළ කරයි. වෛරයෙන් වෛරය නොසංසිඳේ. වෛර කරන්නාට අවෛර කරන්නැයි බුදුන් දෙසූහ.

අපේ අම්මවරු ඉස්ලාම් අම්මලාගෙන් වෙනස් වන්නේ ඔවුන් තුළ කරුණාව මෛත‍්‍රිය පෙරදැරි කරගත් බෞද්ධ ගති ලක්ෂණ පවතින බැවිනි. ක‍්‍රිස්තියානි හා කතෝලික අම්මලාටත් ජානවලින් හා පරිසරයෙන් බෞද්ධ බලපෑම ලැබි තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට රිෂානාට සමාව ලැබෙන බව දේශපාලන හෙංචයියලා කියද්දී ඇනකොන්ඩාට හිනා පහළ විය. හැබැයි එතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට එතුමාට සහයෝගය දක්වන කිසිම ඉස්ලාම් නායකයෙක් ඉදිරියට පැමිණියේ නැත. ඒ මන්ද? රිසානාට සමාව දෙන්නැයි අපේ රටේ අධිකරණ ඇමතිකම බලහත්කාරයෙන් ඉල්ලාගත් රාවුෆ් හකීම් ඉල්ලීමක් කළේ නැත. ඔහු හාවක්හූවක් නැතිව උන්නේය. මොවුන් සියලූ දෙනාම කාලයක සිට රිසානාට මරණදඩුවම දුන් ඒ කාලකණ්ණි ෂාරියාර් ඉස්ලාම් නීතිය ලංකාවේ ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රබල උත්සාහයක යෙදී සිටිති. හකීම් අධිකරණ ඇමතිකම ඩැහැගැනීමේ එක් පරමාර්ථයක් එයයි. අප උත්සාහ කළ යුත්තේ දුෂ්ඨ ෂාරියාර් නීතිය ලංකාවේ සම්මත කිරීමට ඉඩ නොදීමටයි.  මොනතරම් ඇත්ත වැටහුනත්  ඉස්ලාම් අදහන්නෙකුට ෂාරියාර් නීතියට එරෙහි විය නොහැකිය. රිසානා වෙනුවෙන් හඩාවැලපෙනු විනා ඇගේ දෙමාපියන්ට තම දුව මරාදැමූ ෂාරියාර් නීතියට විරුද්ධව කතාකළ නොහැකිය.  දෙවියන්ට විරුද්ධ වෙන්නේ කෙසේද? ෂාරියාර් නීතියට විරුද්ධ වුවහොත් සගයෙකුගේ හෝ නෑදැයෙකුගේ ආයුධයක් කොයි මොහොතේ හෝ ගැස්සෙන බව ඉස්ලාම් බැතිමතා පුද්ගලයා දනී. බෞද්ධ ක‍්‍රිස්තියානි අපට ඇති ආගමික නිදහස ඉස්ලාමිකයාට නැත.

රිසානාට මේ වරද පැටවෙන විට ඇගේ වසය අවුරුදු 17කි. එනම් ඇය ළමාවියේ පසුවූ තැනැත්තියකි. අන්තර් ජාතික මානව හිමිකම් නීතිය යටතේ ළමාවියේ දරුවන් කරන වැරදිවලට මරණදඩුවම පැමිණවීම වරදකි. එහෙත් ඒ නීතිය නොසලකමින් ළමා කාලයේ කළ වැරදිවලට මරණ දන්ඩණය දෙන රටවල් තවමත් තිබේ. 1990 සිට 2011 තෙක් රටවල් 9ක් මේ පාපකර්මයට කරගසා ඇත. ඉදිරියෙන්ම සිටින්නේ ඉරානයයි. මරාදැමුණු සංඛ්‍යාව 51කි. ඊළඟට ඇමරිකාවයි. එහි සංඛ්‍යාව 19කි. සවුදි අරාබිය, යේමනය, පකිස්තානය, කොංගෝව, නයිජීරියාව, සූඩානය හා චීනය සෙසු රටවල්ය. සමහර රටවල් මේ වන විට මෙම පාපතර ක‍්‍රියාව නතරකිරීමට නීති සකසා ඇතත් සවුදි අරාබිය ඇතුළු සෙසු රටවල තවමත් එය ක‍්‍රියාත්මකය.

අපේ අහිංසක සහෝදරියන් සවුදිය වැනි රටවලට යැවීමෙන් වළකන්නට කොන්ද පණ ඇති නායකයන් මේ රටේ සිටී දැයි ඇනකොන්ඩා නොදනී. අපේ ඇත්තන් හිඟන රටක් යයි වපරැහින් බලන බංගලිදේශය නම් සිය රටේ කාන්තාවන් ගෙවල්වලට වාල්කමේ නොවන බව ඇනකොන්ඩා දනී. කොරියාව බඳු රටවලින් ඉල්ලන ශ‍්‍රමිකයන් සැපයීමට නිසි පියවර නොගන්නා අපේ ආණ්ඩු රිසානා දැරියට කළ පරිදි වංචා සහගත ක‍්‍රියා මාර්ගවලින් හෝ පිටරටවලට වහලූන් සේ අපේ සහෝදර ජනතාව යැවීමට ඉඩදී බලාසිටීම රටේ ජනතාවගේ අවාසනාවකි. දශක දෙකකට පමණ පෙර ඇනකොන්ඩා එක්තරා රටක ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ තක්කඩියන්ගේ දැලෙන් අසීරුවෙන් රිංගා තානාපතිතුමා හමුවී සාකච්ඡාවක් පවත්වා එය පටිගත කරගැනීමටත් සමත් විය. ඔහු පැවසුවේ විදේශ විනිමය කොතරම් සපයාදුන්නත් එහි සේවය කරන ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළියම් කිරීමට වියපැහැදම් කිරීමට ආණ්ඩුවල උනන්දුවක් නැති බවයි.

රිසානාගේ දෙමාපියන්ට නිවෙසක් සදාදීමට මහනුවර නගරසභාවේ අවධානය යොමුවී ඇතැයි අද පුවත්පත්වල පළවී තිබේ. මුස්ලිම් ජනතාවගේ උදව්වට මහා බලසම්පන්න අරාබි ලෝකයක් තිබේ. රිසානාගේ දෙමාපියන්ට නිවසක් නොව මන්දිරයක් තනාදීම ඔවුන්ට කජ්ජක් නොවේ. තමන්ට ඡන්දය දුන් නුවර පළාතේ දහස් ගණන් ජනයා හිසට වහලක් නැතිව අගුපිල්වල ලගිද්දී ත‍්‍රිකුණාමලයේ රිසානාගේ පවුලට නිවෙසක් තනාදීමට ඉදිරිපත්වීම මේ කියන නුවර දේශපාලකයන්ගේ මොළය ඇති තැන පෙන්නුම් කරන සිද්ධියකි. කළ යුත්තේ රිසානාගේ පවුලට ගෙවල් හදාදීම නොවේ. හැකිනම් ෂාරියාර් නීතියේ කාලණ්ණිකම ඔවුන්ට පැහැදිකර දී ඉදිරියේදී මෙහි ෂාරියාර් නීතිය බලගැන්වීමට විරුද්ධ මතවාදයක් ඇති කිරීමයි.

අවසාන වශයෙන් රිසානා දියණියට සංසාරයේ මෙවන් අකල් මරණවලට මුහුණ දෙන්නට සිද්ධ නොවේවායි පතමින් රිසානා රෆික් වෙනුවෙන් ඇනකොන්ඩා ලියූ සටහන මෙසේ නිම කරමු.

Tuesday, January 1, 2013

ක‍්‍රිස්තුස් වහන්සේ නැති ක‍්‍රිස්තු වර්ෂය - සුබ නව වසරක්!



වසර දෙදහස් පන්සියයක අපේ අභිමානවත් ඉතිහාසය, උතුම් සංස්කෘතිය,  ඕසෝන වියන, පරිසර දූෂණය, සත්ව කරුණාව වැනි කරුණු පිළිබඳව නිරතුරු සාකච්ඡා කරන විවිධ තරාතිරමේ වැඩිහිටියන් සහ පාසලේදී මේ මාතෘකා ඔස්සේ රචනා ලියන, වාදවිවාද කරන ළමයින් එක්ව බක්මහට අකුණු ගහන්නා සේ රතිඤ්ඤා පත්තු කරනු එක දිගට ඇසෙයි. වටේ නිවෙස් කීපයක සිටින රෝගීන්ද අතදරුවන්ද ඔවුන්ගේ ඥාතීන්ද එකදිගට දොස් තබනු, අඩාවැටෙණු, මැසිවිලි කියනු ඇනකොන්ඩාට මැවී පෙනෙයි. ඒ අසරණයින් ගැන හිතන්නට කිසිවෙකු නැත. මුළු රටම මංගල සිරියෙන් ඉතිරී ගොසිනි. තවත් කැලැන්ඩර අවුරුද්දක් උදාවෙයි.

ඉතිහාසය, ජාතික අභිමානය ගැන කතා කරන බොහෝ දෙනාට තමන් මේ ගෙවන්නේ අර කියන අභිමානවත් ඉතිහාසයට අනුව සටහන් කරගෙන එන 2556 වැනි වසර යයි අමතකය. පරිසර දූෂණය, සත්ව කරුණාව වැනි මාතෘක කතාකරන බොහෝ දෙනාට මේ ගිනිකෙළි සන්දර්ශනයෙන් පරිසරයට කොතරම් විපතක් සිදුවේද මේ හෙණ හඩින් කොතරම් සතුන් සංඛ්‍යාවක් බියපත්වේද, කෙතරම් කුඩා කෘමීන් පිරිසක් මියයයිද, රෝගීන්ට, කුඩා දරුවන්ට, වියපත් පුද්ගලයන්ට මේ මහ හ`ඩ කෙතාරම් කරදරයක්ද හිරිහැරයක්ද යනාදී කිසිවක් සිහිපත් නොවේ.

වසර දෙදහකට අධික කාලයක් අපේ මුතුන්මිත්තන් භාවිත කළේ බුද්ධ වර්ෂ ක‍්‍රමයයි. ඊට පදනම වූයේ බුදුන් වහන්සේ පිරිනිවන්පෑ දිනයයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම හෝ ඉපදීම පදනම් කොටගත්තේ නම් තවත් දීර්ඝ ඉතිහාසයක් අපට හිමිවේ.

දැනට අප අතර පාවිච්චි වන වර්තමාන කැලැන්ඩරයෙන් ක‍්‍රිස්තු වර්ෂ ගණනය කෙරෙන්නේ යැයි බොහෝ දෙනා සිතුවද එය මුසාවක් බව තේරුම් ගැනීමට ඉතා පහසුය. මෙය ක‍්‍රිස්තු වර්ෂය පදනම් කරගත්තක් නම් එය මොනම ආකාරයකින් වත් යේසුස් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ නොවන්නේ ඇයි? උන්වහන්සේගේ උපත, ඇණගැසීම, උත්ථානය යනාදී මේ එක්දිනකදී වත් කැලැන්ඩරය ආරම්භ නොවන්නේ ඇයි?

දැනට පාවිච්චි කරන මේ කතෝලික කැලැන්ඩරය හෙවත් බටහිර කැලැන්ඩය හෙවත් ග්‍රෙගරියන් කැලැන්ඩරය එබඳු පදනමක් ඇතිව හදාගත් එකක් නොවේ. එය හඳුන්වාදෙන ලද්දේ 13 වැනි පාප්තුමා විසින් ක‍්‍රි.ව. 1852 පෙබරවාරි 24 වැනිදා නියෝගයක් පැනවීමෙනි. කැලැන්ඩරය සඳහා පදනම් කරගත්තේ එතෙක් පැවති ජුලියන් කැලැන්ඩරයයි.

තායිලන්තයේ බෞද්ධ කැලැන්ඩරය අදටත් ලෝක ප‍්‍රසිද්ධය. පරිපාලන පහසුව යැයි කියා 1940දී තායිලන්තයේ බෞද්ධ කැලැන්ඩරය පසෙකලා කතෝලික කැලැන්ඩරයට මුල්තැන දීම ඇරඹුණි. එහෙත් එහි සැබෑ අවුරුද්ද අපේ‍්‍රල් මාසයේ යෙදෙන අලූත් අවුරුද්දයි. 

අරාබි රටවලද කතෝලික කැලැන්ඩරය පාවිච්චි වුවද ප‍්‍රමුඛස්ථානය ලැබෙන්නේ ඉස්ලාම් කැලැන්ඩරය, මුස්ලිම් කැලැන්ඩරය නැතිනම් හිජ්රි කැලැන්ඩරයටය. ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මුල්තැන දෙන්නේ එම කැලැන්ඩරයටයි. මොහොමඞ්තුමා මක්කම සිට මදීනාවට ගිය දිනයේ සිට ඉදිරියට ඉස්ලාම් කැලැන්ඩරයේ දින ගණන් කෙරේ. ඒ අනුව ඉස්ලාම් බැතිමතුන් මේ ගෙවන්නේ 1434 අවුරුද්දයි. 2012 නොවැම්බර් 14 සවස ඇරඹුණු එය 2013 නොවැම්බර් 4 සවස තෙක් ගෙවෙයි.

ප‍්‍රායෝගික ගැටලූ නිසා සිංහලයන්ට පැරණි බෞද්ධ මාස ක‍්‍රමයට අනුව කටයුතු කරන්නට අසීරු විය හැකිය එහෙත් හැම ගෙදරකම පාහේ ලිතක් පාවිච්චි කරන්නාසේ බුද්ධ වර්ෂයට අනුව කැලැන්ඩයක් මුද්‍රණය කර පවත්වාගෙන යන්නට සිංහල බෞද්ධ වයාපාරිකයකු හෝ දානපතියකු හෝ ඉදිරිපත් වේ නම් එය ඉතා වටිනා ජාතික මෙහෙවරකි.

එසේම පරිසරය දූෂණය කරමින්, සතුන්ටත්, මිනිසුන්ටත් හිංසා පීඩා කරමින් නිකරුණේ මුදල් වියදම් කරගෙන කරන මේ ගිනිකෙළි සන්දර්ශන පිළිබඳ මීට වඩා ගැඹුරින් හිතන්නට ඇනකෝනඩාගේ සහෘදයන්ට හිත් පහළ වේවා.

අඩුවෙන් ගොන්කම් කරන, අඩුවෙන් ‘අහුවෙන’, තව තවත් ගෑණු මායම් වලටම අහුවෙන, වැඩියෙන් මොළේ පාවිච්චි කරන, සුබම සුබ නව වසරක් වේවා!