Friday, March 29, 2013

අමනකමත් පාවාදීමකි


සිංහලේ හඩ බ්ලොග් අඩෙවියෙන් උපුටා ගන්නා ලද්දකි

හොඳටම මහලූ වියේ පසු වූ රාමගේ පියා බාල කෙල්ලක පාවා ගත්තේය. එය රාමගේ පියාගේ හතර වෙනි විවාහයයි. ඇය තමන්ගේ පුතාට රජකම ලබාදෙන්නට තීරණය කළාය. රජකම උරුමවීමට නියමිතව සිටි පළමු විවාහයේ පුතා රාම මරණයෙන් බේරී වනගත වුණි. ඔහු සමග භාරියාව සීතා සහ ලක්ෂ්මන් සොහොයුරාද වනයට ගියහ. ඉන්පසුව තවතව දේ සිදු විය. ලංකාපුරයේ රාවණා සීතාව පැහැර ගෙන ගියේය. රාම, ලක්ෂ්මන් සහ වානර හමුදාව රාවණාගේ ලංකා පුරය ගිනි තබා සීතා ආපසු ගෙන ආහ. මේ කතාව අඩංගු රාමයණය හින්දුන්ගේ නිර්මාණයකි. රාමයණ කතාවක් පැරණි සිංහලයන් දැනගෙන හිටියේ නැත. උගත් ජනයා මේ කතාව දැන සිටියා නම් වැදගම්මකට නැති ප‍්‍රබන්ධයනක් වශයෙන් බැහැර කළහ. වර්තමානයේ රටේ පිරිසක් රාවණා ලංකාවේ සිටි ප‍්‍රතාපවත් රජෙකු යයි කියති, ලියති, අදහති. රාවණා ලංකාවේ පාලකයකු වශයෙන් සැලකීම හින්දු ආගම ගෙඩිය පිටින් ගිලීමක් බව මොවුන්ට නොවැටහේ.

ඉන්දියා ඉතිහාසයේ නරකයෙකු ලංකාවේ ශ්‍රේෂ්ඨ රජෙකු යයි මොරගාමින් සිටි පිරිස් අතුරෙන් සමහරු දැන් අලූත් කතාවක් ඉදිරිපත් කරති. හිට්ලර් හෙළයේ විසූ නායකයෙකු යයි කියති, ලියති. අන්තර්ජාලයෙන් ඒ විස්තර ප‍්‍රචාරය කරති. මේ වැඩ එක්කෝ අමනකමට කරන දේ විය යුතුය. නැතිනම් ජාතිය පාවාදීමට හා ජාතියට අගෞරව කිරීමට කරන ක‍්‍රියාය.

ජර්මනියේ හිට්ලර් මිහිපිට බිහිවූ දරුණුම මිනීමරුවෙකි. ඔහු වයස්, ලිංග භේදයක් නැතිව ජර්මනියේ විසූ යුදෙව්වන් ලක්ෂ ගණනක් මරා දැමුවේය. ජිප්සි ජනයා දසදහස් ගණනක් මරා දැමුයේය. ආබාධිත ජර්මානු ජාතිකයන් පවා මරා දැමුවේය. අමනයෙකුට මිස මේ දුෂ්ඨ මිනිීමරුවා හෙළයෙකු යයි කියන්නට නොහැකිය. අමනකම ජාතිය පාවාදීමකි.

දෙමළ ජාතිය බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් හෝ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ උරුමය කියති. සිංහල දේශයේ උරුමය ප‍්‍රකාශ කරති. ඉන්දියාවේ අතීතයේ විසූ චාණක්‍ය, වාත්ස්‍යාන වැනි හැම ප`ඩුවෙකුම ද්‍රවිඩ ජාතියෙකු යයි කියති, ලියති. ඉස්ලාම්වරුද මේ ක‍්‍රියාවම කරති. ඉන්දියාවේ විද්‍යාව, ගණිතය ආදි සියල්ලක්ම අරාබියට ගත් හැටි නොකියා අරාබි ශිෂ්ඨාචාරය විසින් ලොවට නවීන විද්‍යාව, ගණිතය ආදි සියල්ලක්ම දුන් බව කියති.

අමනයින් හෙළයන්ගේ ලොකුකම කියන්නේ රාවණා, හිට්ලර්, පොල්පොට් ආදීන් හෙළයන්ට සම්බන්ධ යයි කීමෙනි. මෙය අමනකමකට කරන ක‍්‍රියාවක් නොව හිතාමතාම කරන ජාතිය පාවාදීමක් නම් එය සංස්කෘතික ත‍්‍රස්තවාදයකි.       



Thursday, March 28, 2013

කාන්තා අයිතිවාසිකම් පනත් ෂාරියා නීතියට පටහැනියි


‘එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක සම්මත කිරිමට උත්සාහ කරන කාන්තා අයිතිවාසිකම් පනත් ෂාරියා නීතියට පටහැනිය. එමගින් කාන්තාවන්ට හිතුමතේ  ඕනෑම දෙයක් කරන්නට ඉඩ ලැබේ. මෙය ඉස්ලාම් දහම දුර්වලකර ඉස්ලාම් පවුල කඩා විසුරුවා ඉස්ලාම් සමාජ සංස්ථාව විනාශ කිරීමෙ වෑයමකි’ යයි ඊජිප්තුව රජය ප‍්‍රකාශ කර සිටී. කාන්තා හිංසනය වැළැක්වීමට කාන්තා අයිතිවාසිකම් පනතක් මාර්තු මාසයේදී සම්මතකර ගැනීමට එ.ජා. සංවිධානය සූදානම් වෙයි. මීට විරුද්ධව සියලූම ඉස්ලාම් රටවල් එක්සත්ව නැගී සිටිය යුතු බව ප‍්‍රකාශ කරමින් ඊජිප්තු රජය විශේෂ ප‍්‍රකාශනයක් නිකුත්කර තිබේ.

ඉස්ලාම් ලෝකය පාලනය කරන්නේ දැඩි නීති හා සම්මතයන් ආධාරයෙනි. ෂාරියා නීතිය යටතේ ඒ නීති හා සම්මතයන් කඩකරන්නන් අපරාධකරුවන් වශයෙන් සලකා දඩුවමට ලක්කරති. නීතියෙන් හා පුරුෂයා විසින් කාන්තාව පාලනය කිරීම හැම මුස්ලිම් සමාජයකම සිදුවන ක‍්‍රියාවකි. කාන්තාව පාලනය කිරීම යනු ඉස්ලාම් ආගම ආරක්ෂා කරගැනීමේ එක ක‍්‍රියාවකි. එ.ජා. සංවිධානය මෙහෙයවන ක‍්‍රිස්තියානි රටවල් කාන්තාව පාලනය කරනු ලැබීමෙන් ඉවත් කිරීම මගින් ඉස්ලාම් ආගමේ පදනම බිඳීමට උත්සාහ කරන බව මුස්ලිම් සහෝදරත්වයේ අදහසයි.

ෂාරියා නීතියෙන් හා අරාබි දර්ශනයෙන් කාන්තාව නිදහස ලබාගන්නට උත්සාහ දරන මේ යුගයේ ලංකාව වැනි රටවල සිදුවන්නේ ඊට වෙනස් දෙයකි. සිංහල බෞද්ධ සමාජයේ අනුග‍්‍රහය හා ආභාසය ලබමින් නිදහසේ ජීවත්වූ ඉස්ලාම් කාන්තාව ෂාරියා නීතියට යටත් වෙමින් දිනෙන් දින පාලනය වෙන හැටි පැහැදිලිව පෙනේ. මේ සමග උස් නිදහසක් භුක්ති විඳිමින් ජීවත් වූ ඇතැම් සිංහල තරුණියන් ඉස්ලාම් ආගමිකයන් සමග විවාහවී විඳින වේදනාව ගැනද අපි සිහිපත් කරමු.

Wednesday, March 20, 2013

අළුත් බ්ලොග් සයිට් එකක් - සිංහලේ හඩ


මේ දවස්වල රට වගේම ඇනකොන්ඩත් ගෙවන්නේ අවිවේකී කාල සමයක්. ලියන්න ගොඩක් දේ තිබුණත් වෙලාව හොයා ගන්න අමාරුයි. හැබැයි පුළුවන් හැම වෙලේම බ්ලොග් කියවන එක නම් නවත්තල නෑ.

ඇනකොන්ඩ දන්න කියන සහෘදයෙක් අලුතෙන් බ්ලොග් අඩවියක් පටන් ගත්ත නම සිංහලේ හඩ . තාම අලුත් නිසා කිසිම බ්ලොග් කියවනයක මේ බ්ලොග් එක සටහන් වෙලා නෑ. කියවන්න දෙයක්, අලුතින් හිතන්න දෙයක් තියේවි. ගිහින් බලන්න

http://sinhalevoice.blogspot.com/

අලුත් ලිපියකින් ලගදීම හමුවෙන්නම්

Monday, February 11, 2013

”මුස්ලිම් ජනගහන වර්ධනය බොරුවක් - බෞද්ධයන්ගේ ඝෝෂාව නෝර්වේ කුමන්ත‍්‍රණයක්?”



යුරෝපීය ක‍්‍රිස්තියානි රාජධානි මුහුදුගමන් සඳහා පෙළඹවූයේ  යුරෝපය ගිලගන්නට පැමිණි ඔටෝමන් තුර්කි බලය විසිනි. ක‍්‍රිස්තියානි රාජධානිවලට ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියක් වුවමනා විය. එහිදී ස්පාඤ්ඤය වහා ඉදිරිපත් වූයේය. පෙරදිග (ඉන්දියාවේ) ප්‍රොස්ටර් ජෝන් නමින් බලගතු  අධිරාජයෙක් වෙසෙතැයි යන පණිවිඩය, මාර්කෝ පෝලෝගෙන් ලබාගත් තොරතුරු හා සිතියම් ඔවුන් ධෛර්මත් කළ සිද්ධි කිහිපයකි. ස්පාඤ්ඤයෝත් දෙවනුව පෘතුගීසිනුත් අනතුරුව වෙනත් යුරෝපීය රටවලූත් ඒ සඳහා ඉදිරියට ආහ. ඔවුහු, ‘උඹලාට පුළුවන් නම් අපිට බැරි මොකදැයි?’ අසමින්, ඔටෝමන් තුර්කින් ලොවට හඳුන්වා දුන්  රටවල් අල්ලා ගැනීම, වහල් වෙළඳාම, වෙළඳ බාධාක පැනවීම, මුහුදු කොල්ලකාර හමුදා ආදි මේ හැම දෙයක්ම කරමින් රටවල් යටත් කරගන්නට වුහ. අවසානයේ ඉස්ලාම් රටවල් ද යුරෝපීන්ට යටත් විය. යටත් විජිතවාදය දේශපාලන ක‍්‍රමයක් වූයේය.

ලංකාවෙ සොච්චමක් මාක්ස්වාදීන්ගේ කතාවල හැර ලෝකයේ කොහේවත් දැන් යටත් විජිතවාදයක් නැත. යටත් විජිත වශයෙන් පැවති හැම රටක්ම වර්තමාන ලෝකයේ නිදහස් රටකි. මුස්ලිම්වරුන්ට යටත් වූ රටවල් බොහොමයක ආගමික නිදහස නමින් දෙයක් නැතත් යුරොපීන්ට යටත්ව තිබූ හැම රටකම ආගමික නිදහස ඇතුළු බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පවතී. (යුරොපීන්ට යටත් වූ ලංකාව හා මාලදිවයින් නිදසුනකට ගන්න. ඉස්ලාම්රුන්, බෞද්ධ රටක්ව තිබුණු මාලදිවයින ඉස්ලාම් රටක් කළ නමුත් යුරෝපීන් මාල දිවයින් ක‍්‍රිස්තියානි කිරීමට වෙහෙස දරා නැත. අදටත් මාල දිවයිනේ ආගමික නිදහසක් නැත.)
කලක් පැවති, එහෙත් යුරෝපීන් විසින් නැතිකර දමන ලද සමෘද්ධිමත් ඉස්ලාම් අධිරාජ්‍යය යළි පිහිටුවා ගතහැකිය යන විශ්වාසය නිදහස ලැබූ ඉස්ලාම් රටවල ආගමික නායකයින් කිහිප දෙනෙක් විසින්ම විසින් ප‍්‍රකාශ කර ඇති අනාගත වාක්‍යයකි. රසිනා ෆව්සියා අල් රාවි නමැති ලේඛිකා මෙසේ ලියයි.

"ඒ අරාබි ලෝකය ලෝකයේ නැවත පහළවෙන දිනය යළි පැමිණෙතැයි ඇය තදින්ම විශ්වස කළාය. දරුවන්ට උගන්වමින් අරාබි ඉතිහාසය හා අරාබි අතීතය පිළිබඳව දරුවන්ට හැකි උපරිමයෙන් කියාදෙමින් ඊට දායකවීමට ඇයට අවශ්‍යය."

"She strongly believed a day would come when the Arab world again occupy a glorious place in the world and she wanted to contribute by educating children and telling them as much as possible about their past and their history" Razina Fowzia Al Rawi.  

මුස්ලිම් අධිරාජ්‍යය ගැන සිහින මවන මූලධර්මවාදියා හිතන්නේ එසේ නොවේ'  කුරානයේ හා හඩිත්වල ඉදිරිපත්කර ඇති  නීති අකුරට පිළිපැදීම" ඉස්ලාම් ජනගහණය වර්ධනය කරගැනීම" වැඩිවැඩියෙන් මහපොළව අයත් කරගැනීම" රටරටවල ආර්ථික බලය ලබාගැනීම ඔවුන්ගේ ඉලක්ක වී තිබේ'    

ඉස්ලාම් ආගමිකයන්" මූලධර්මවාදීන් වශයෙන් නැගිසිටීම ලංකාව වැනි රටවල ඇස් පනාපිට ප‍්‍රදර්ශනය වෙන්නකි' නැගෙනහිර පළාතේ ඇතැම් ප‍්‍රදේශවල සංචාරය කරද්දී මේ ලංකාව ද එහෙම නැතිනම් අරාබිය ද කියා සිතේ'  මාළිගාවත්ත ප‍්‍රදේශයේ ශාරියා නීතිය ක‍්‍රියාත්මක වන බවට තොරතුරු ඇත' එහෙත් ඇතැම් වගකිවයුතු දේශපාලනඥයින් පවා ටික කලක් දැස් පියාගෙන සිට zඉස්ලාම් ජනගහන වර්ධනයක් නැතැZයි දිවුර දිවුරා කියති' මේ බොරු අසන ඉස්ලාම් මූලධර්මවාදීහු බෞද්ධයන්ගේ අවදිවීම පවා zනෝර්වේ වැඩක්Z යයි කියා සිද්ධිය යට ගැසීමට වෙහෙසෙති'  




ඇනකොන්ඩාට වැටහෙන ලෙසට මූලධර්මවාදීන් බිහිකිරීම බටහිරුන්ගේ නුවණ පෙන්වන්න ක‍්‍රියාවකි' ඊට හේතුව මේ නිසා මූලධර්මවාදය සමග අරාබි සිහිනය වැනසෙන බැවිනි' ඉස්ලාම් ලෝකය නමැති සිහිනය සාර්ථක කිරීමට වෙහෙසුණු  ඉරානයේ ෂා" ඉරාකයේ සදාම් හුසේන්" ලිබියාවේ ගඩාපි ආදී සියල්ලෝම බටහිරින් නිපදවා විනාශ කරන ලද නායකයෝ වෙති'

ලෝකයේ තමන් අකමැති ආණ්ඩු වෙනස් කිරීම සඳහා බටහිර රාජ්‍යයන් ඉස්ලාම් මූලධර්මවාදය උපකාර කරගන්නා පිළිවෙළක් ද පෙනේ' ඉස්ලාම් මූලධර්මවාදීන් කිසියම් රටක බලවත්කර එය තමන් අකමැති ආණ්ඩුවට හේත්තු කිරීමෙන් එම ආණ්ඩුවේ ජනප‍්‍රියභාවය හීන කිරීමට හැකි බව ද බටහිර නුවනැත්තෝ  දනිති' මෙය ශ‍්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දෙයක් ද යන්න අවබෝධ කරගැනීමට සිහිමොළය ඇති මිනිසුන්ට පුළුවන'