Thursday, March 28, 2013

කාන්තා අයිතිවාසිකම් පනත් ෂාරියා නීතියට පටහැනියි


‘එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක සම්මත කිරිමට උත්සාහ කරන කාන්තා අයිතිවාසිකම් පනත් ෂාරියා නීතියට පටහැනිය. එමගින් කාන්තාවන්ට හිතුමතේ  ඕනෑම දෙයක් කරන්නට ඉඩ ලැබේ. මෙය ඉස්ලාම් දහම දුර්වලකර ඉස්ලාම් පවුල කඩා විසුරුවා ඉස්ලාම් සමාජ සංස්ථාව විනාශ කිරීමෙ වෑයමකි’ යයි ඊජිප්තුව රජය ප‍්‍රකාශ කර සිටී. කාන්තා හිංසනය වැළැක්වීමට කාන්තා අයිතිවාසිකම් පනතක් මාර්තු මාසයේදී සම්මතකර ගැනීමට එ.ජා. සංවිධානය සූදානම් වෙයි. මීට විරුද්ධව සියලූම ඉස්ලාම් රටවල් එක්සත්ව නැගී සිටිය යුතු බව ප‍්‍රකාශ කරමින් ඊජිප්තු රජය විශේෂ ප‍්‍රකාශනයක් නිකුත්කර තිබේ.

ඉස්ලාම් ලෝකය පාලනය කරන්නේ දැඩි නීති හා සම්මතයන් ආධාරයෙනි. ෂාරියා නීතිය යටතේ ඒ නීති හා සම්මතයන් කඩකරන්නන් අපරාධකරුවන් වශයෙන් සලකා දඩුවමට ලක්කරති. නීතියෙන් හා පුරුෂයා විසින් කාන්තාව පාලනය කිරීම හැම මුස්ලිම් සමාජයකම සිදුවන ක‍්‍රියාවකි. කාන්තාව පාලනය කිරීම යනු ඉස්ලාම් ආගම ආරක්ෂා කරගැනීමේ එක ක‍්‍රියාවකි. එ.ජා. සංවිධානය මෙහෙයවන ක‍්‍රිස්තියානි රටවල් කාන්තාව පාලනය කරනු ලැබීමෙන් ඉවත් කිරීම මගින් ඉස්ලාම් ආගමේ පදනම බිඳීමට උත්සාහ කරන බව මුස්ලිම් සහෝදරත්වයේ අදහසයි.

ෂාරියා නීතියෙන් හා අරාබි දර්ශනයෙන් කාන්තාව නිදහස ලබාගන්නට උත්සාහ දරන මේ යුගයේ ලංකාව වැනි රටවල සිදුවන්නේ ඊට වෙනස් දෙයකි. සිංහල බෞද්ධ සමාජයේ අනුග‍්‍රහය හා ආභාසය ලබමින් නිදහසේ ජීවත්වූ ඉස්ලාම් කාන්තාව ෂාරියා නීතියට යටත් වෙමින් දිනෙන් දින පාලනය වෙන හැටි පැහැදිලිව පෙනේ. මේ සමග උස් නිදහසක් භුක්ති විඳිමින් ජීවත් වූ ඇතැම් සිංහල තරුණියන් ඉස්ලාම් ආගමිකයන් සමග විවාහවී විඳින වේදනාව ගැනද අපි සිහිපත් කරමු.

3 comments:

  1. මුස්ලිම් කාන්තාවන්ගේ අයිසිවාසිකම් ගැන නම් මට කියන්න තියෙන්නේ එයාලට හොඳ නම් අපිට මොකෝ කියලා.. මොකද හොඳට ඉගෙන ගත්ත අයත් ඔය රෙද්ද පොරවං ඉන්නවනේ... පොරවන රෙද්දක් පොරව ගන්න එකයි තියෙන්නේ සෞදියට ගිහිල්ලා.. මෙහේ ළමයි බයකරන්නේ නැතුව...

    සිංහල තරුණියන් ගැන මොනවා කියන්නද... උන්ටත් හිතන්න මොලයක් නැත්තම් ඕනේ එකක්... කන්න බොන්න දීලා ගෙවල් වල තියාගන්නේ නැතුව, අම්මලා තාත්තලා නොකා නොබී, ළමයින්ව ඉස්කෝලවල, කැම්පස් වල යවලා උගන්නලා මොලේ පාදලත් වැඩක් නැත්තම් ඉතිං ආයිත් මොන කතාද... මං මේ කියන්නේ හැම මුස්ලිම් කෙනාම නරකයි කියලා නෙවෙයි.. තීරණ ගන්න කලින් හදවතෙන් විතරක් නෙවෙයි මොලෙනුත් හිතන්න ඕනේ කියන එකයි...

    ReplyDelete
  2. දරුණු තලෙයිබාන්කරණයක් යනවා. නමුත් ඒ ගැන නොලියන්නේ. ඊටත් දරුණු බෞද්ධ තලෙයිබාන්ලා නිසා..

    ReplyDelete
  3. මේ මෝඩ හැත්ත ඔක්කොම එකතු කරලා මුන්ගේ දෙවියන් වහන්සේ ඉන්න ලෝකෙට ගිහින් දාන්න ඕන ඉඳලා බලපියවූ කියලා. හැබැයි මේ කාරනේදී අපිත් ටිකක් හිතන්න ඕන අපේ කාන්තාවන්ටත් විමුක්තිය උදා උනාට පස්සේ වෙලා තියන දේවල් පේනවනේ. බටහිරින් එන හැම දේම හරි කියන්න බැ.

    ReplyDelete

අදහස් දක්වන්න