යුරෝපීන් කඩාපනින්නට පෙර දකුණු ඇමරිකාවේ ඉතිහාසය පිළිබඳව අපට දැනගන්නට ලැබෙන්නේ යුරෝපීය ඉතිහාසඥයන් හා යුරෝපීය සම්භවයක් ඇති දකුණු ඇමරිකානු ඉතිහාසඥයන් සපයන කතාන්දරවල පිහිටෙනි. යුරෝපීන් එන කාලයේ එහි ලොකු කුඩා රාජධානි තිබුණි. නමුත් යුරෝපියෝ ඒ සියල්ල දෙවියන්ගේ නාමයෙන් ශුද්ධකර දැමූහ. සංහාරවලින් ඉතිරිවූ ස්වදෙශිකයන්ගෙන් පැවතෙන්නන්ට තමන්ගේ යයි කිසිවක් ඉතිරි වී නැත. එමනිසා පොදුවේ දකුණු ඇමරිකා රටවල් යනු යුරෝපීය ආක‍්‍රරමණවලින් පසුව ගොඩනැගුණු රටවල් සමූහයකි. කතෝලික ආගම සහ ස්පාඤ්ඤ භාෂාව මේ රටවල් සියල්ලටම පොදු ලක්ෂණයකි. බ‍්‍රසීලය පමණක් පෘතුගීසි භාෂාව කතාකරන කතෝලික රටකි.
දකුණු ඇමරිකානු රටවල් සහ ලංකාව අතර පවතින ප‍්‍රධාන අසමානතාවය ලංකාව යුරෝපීයන්ගේ යටත් විජිතයක්ව තිබුණු නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට යුරෝපීන් අසමත්වීමයි. ලාංකිකයන්වූ ද්‍රවිඩයන් හා පෘතුගීසීන් කතෝලික කළ සිංහලයන් අඩු වැඩි වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ වී සිටිති. වර්තමානයේ මූලධර්මවාදීන්ගේ බලපෑම නිසා වෙනස් වී ඇති නමුත් ඉස්ලාම් ආගමිකයන් පවා සිංහල බෞද්ධ සාරධර්ම අනුව මේ රටේ ජීවත්වූ පිරිසකි.
එහෙත් මාක්ස්වාදය, ජාත්‍යන්තරවාදය ආදී නම් දරන බෙන තුළට රිංගාගත්තවුන්ට අමුතුම රෝගයක් වැළඳේ. ඔවුහු පිදෙල් කස්ත්‍රෝ, චේ ගුවේරා, වාවේස් ආදීන්ට හුරේ දමන අතර සිංහල දේශපේ‍්‍රමීන්ට අවලාද නගති. නින්දා කරති. ඔවුන් චේ ගුවේරා, කස්ත්‍රෝ ආදීන්ගේ ලාංඡන ඔසවාගෙන කටයුතු කරති. අඩුම තරමින් රටේ අදීන්තවය උදෙසා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කර දිවි පිදූ කැප්පෙටිපොළ, ඇල්ලේපොළ, ඩිංගිරාළ, පුරන්අප්පු වැනි නායකයන්ගේ ලාංඡනවත් ඔසවා ගැනීමට නොසිතති. (මේ පිළිබඳ අදහසක් දක්වා තිබූ සිරිමලීට ස්තූතියි) අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, පියදාස සිරිසේන, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි වැන්නන් ඔවුන්ට වහකදුරුය.
පිදෙල් කස්ත්‍රෝ දකුණු ඇමරිකාවේ බිහිවූ පළමුවෙනි කොමියුනිස්ට් රාජ්‍ය නායකයා ලෙසින් ලෝක ප‍්‍රසිද්ධ වූයේ සෝවියට් රාජ්‍යයේ හිතවතෙකු වූ බැවිනි. භක්තිමත් කතෝලිකයෙකු වූ ඔහු මාක්ස්වාදියෙක් නොවේ. පිදෙල්ට සමාන විප්ලවක් නොකළද මහජන ඡන්දයෙන් වැනිසියුලාවේ බලයට පත් වූ චාවේස්ද විප්ලවකාරයෙකි. භක්තිමත් කතෝලිකයෙක් වූ ඔහු මැරෙන තෙක්ම ඇමරිකානු විරෝධී දේශපාලන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. චිලි රටේ බලයට පත්වූ සැල්වදෝර් ඇලෙන්ඬේද ඇමරිකාවට පක්ෂපාති නැති රාජ්‍ය නායකයෙක් වූයේය. පිනෝචේ හමුදාවේ උදව්වෙන් බලය අල්ලාගෙන ඇලෙන්ඬේ මරා දැම්මේය. ඇලෙන්ඬේ අගයන්නෝ ලංකාවේ සිටිති. අර්නස්ටෝ ගුවේරා (චේ) බොලීවියාවේ බලය ලබාගැනීමට ගරිල්ලා සටනක් පටන්ගත් විගසම අත්අඩංගුවට පත් විය. ඔහුව නඩු නොඅසා මරා දමන ලදී. ඇලෙන්ඬේ, චේ ගුවේරා ආදී මෙ හැම බැතිමත් කතෝලිකයෝ වූහ. චේ වෙඩි කෑමට පෙරත් කුරුසය ඇගේ ලකුණුකර ගත්තේය.
ඇමරිකාවේ කව්බෝයි සංස්කෘතියේ ඉතිහාසය මැදපෙරදිග දක්වා විහිදුවන විට අවුරුදු දහස් ගණනක් පැරණි කතාවක් ගොතන්නට පුළුවන. ඒ මෙසේය. අරාබියේ එඩේර සංස්කෘතියක් පැවතුනි. ඉස්ලාම් ආගම බිහිවූ පසු අරාබීහු ස්පාඤ්ඤයේ කොටසක් පවා අල්ලා ගත්හ. මේ නිසා ස්පාඤ්ඤ සංස්කෘතියට අරාබි බලපෑම ඇති විය. ස්පාඤ්ඤයෝ දකුණු ඇමරිකාව යටත්කර ගත්හ. ස්පාඤ්ඤ සංස්කෘතියේ බලපෑම මත දකුණු ඇමරිකානු සංස්කෘතිය ගොඩනැගුනි. අශ්වයන් පිටේ නැග හරක් පට්ටි බලාගන්නා කව්බෝයිස්ලා ප‍්‍රථම වරට දකුණු ඇමරිකාවට එන්නේ ස්පාඤ්ඤ සංස්කෘතියේ කොටසක් ලෙසිනි. නමුත් කල්යාමේදී කව්බෝයිස්ලා උතුරු ඇමරිකානු සංස්කෘතියේ කොටසක් බවට පත් වූහ. බි‍්‍රතාන්‍ය පාලකයෝ අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරන්නන් මර්දනය කිරීමටත් ස්වදේශිකයින් දඩයම් කිරීමටත් කව්බෝයිස්ලාව යොදාගත් අතර ඇඟට හිරවෙන කලිසම, කමිසය, තොප්පිය ඔවුන්ගේ යුනිෆෝමය විය. අශ්වයන් පිටේ නැගගත් කව්බෝයි තුවක්කුව, පිහිය, කසය, ආදී ආයුධ දරන සන්නද්ධ පුද්ගලයෙක් වූයේය. 19 හා 20 සියවස්වලදී ‘වයිල්ඞ් වෙස්ට්’ සංදර්ශන හා චිත‍්‍රපටි නිසා කව්බෝයිස්ලා ලෝක ප‍්‍රසිද්ධ වූහ.
අර්නස්ටෝ චේ ගුවේරා වෛද්‍යවරයෙකු වුවත් කව්බෝයි චරිතයකි. ලංකාවේ වාමවාදීන්ට හා ජාත්‍යන්තරවාදීන්ට සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය දරාගෙන විමුක්ති සටන් උදෙසා දිවිදුන් වීරයන් කව්බෝයි කෙනෙකු තරම් නොවටී. එය ඔවුන්ගේ කරුමය නොව මානසික විකෘතිභාවය නිසා සිදුවන්නකි.
මහාචාර්ය සුචරිත ගමලත්ව දක්කමින් වැඩගත් පිරිසක් සිටිති. ඒ අතරින් ප‍්‍රධාන ඇල්ටීටීඊයයි. ඇල්ටීටීඊය සුචරිත ඔවුන්ට කළ උපකාරවලට ඉතාම හොඳින් සැලකීය. ඇල්ටීටීඊ බලය උච්චම අවස්ථාවේ උතුරට ගොස් ප‍්‍රභාකරන් නමැති අන්ත ජාතිවාදී, අන්ත පැසිස්ට්වාදී දුෂ්ඨයාගේ ස්තුතිය ලබාගැනීමටත් වවුනියාවට ගොස් ඇල්ටීටීඊ සංස්කෘතික අංශයේ නායක පුතුකයි රත්නතුරෙයි අතින් ඇල්ටීටීඊ මහා සභා වේදිකාවක දකුණු ඉන්දියාවේ සම්ප‍්‍රදායට ‘රන් සාටකයක්’ පළඳවාගෙන සිපාචාර ලැබීමටත් සුචරිත හැර වෙනත් කිසිම සිංහලයෙක් සමත් නොවීය. ඇනකොන්ඩා පසුගිය ලිපිය සමඟ පළ කළ ඡායාරූපයේ දැක්වෙන්නේ ජාතිය රට ආගම ආදි සියල්ලක්ම ඇල්ටීටීඊ පැසිස්ට්වාදීන්ට පාවාදීම වෙනුවෙන් සුචරිත ‘රන් සාටකය’ ලබාගත් අවස්ථාවයි. මෙය ඇල්ටීටීඊ ඡායාරූප ශිල්පියකු විසින් ගන්නා ලද ඇල්ටීටීඊ වෙබ් අඩවියේ පළ වූ ඡායාරූපයකි. සුචරිතට ප‍්‍රභාකරන්ගෙන් මේ තරම් සැලකිල්ලක් ලැබෙන්නට ඔහු ඇල්ටීටීඊය වෙනුවෙන් මොන තරම් වැඩ කොටසක් කර ඇත්දැයි තේරුම් ගන්නට උපාධි උවමනා නැත.
ඇල්ටීටීඊකාරයෝ සුචරිත මියගිය බව අසා හැබෑවටම දුක් වූහ. ‘සිංහලයන් අතර ඉඳගෙන සිංහලයන්ට පහරදුන් අපේ සගයෙක් නැතිවුණා’යි ඔවුහු දුක් වූහ. ටැමිල්නෙට් වෙබ් අඩවියේ සුචරිත වෙනුවෙන් පළ වූ ලිපිය ඊට නිදසුනයි. ඇල්ටීටීඊ නොවන දෙමළ විචාරකයින් පවා මෙම ලිපිය කියවා සුචරිත රටට මොනතරම් හතුරුකම් කරපු පරයෙක් දැයි ඇසූහ.
ක‍්‍රිස්තියානි හා කතෝලික ඇන්ජීඕ සංවිධානද සුචරිතගෙන් හොඳට වැඩගත්හ. සුචරිත රෑ දවල් නැතිව ඔවුන්ට කඬේ ගියේය. සාමයික කේන්ද්‍රය හා විභවි කේන්ද්‍රය මේ ආකාරයට සුචරිතගෙන් වැඩගත් ආයතන දෙකකි. මුදල් හා බීම හැර සුචරිතට ඔවුන්ගෙන් ඒ තරම් සැලකිල්ලක් නොලැබුණි. ඊට ප‍්‍රධාන හේතුව සුචරිත මාක්ස්වාදියෙකුවීමයි. සුචරිතට බයිබලය අලූතෙන් පරිවර්තනය කිරීමට උවමනා වුවත් ඔවුන් ඊට ඉඩක් නොදුන්නේද ඒ හේතුව නිසාය. සුචරිත ඉරිදා දිවයින පත‍්‍රයට ලියූ සමහර ලිපිවලින් තමා මිතුරන්ගේ විවේචන නොඅසා මෙබඳු බෞද්ධ විරෝධී ආයතනවලට සේවය කිරීමෙන් වරදක් කළ බව පසුව පිළිගත්තේය. එය සුචරිතගේම වචනයෙන් කීවොත් ස්වයං විවේචනයකි. ඒ ස්වයං විවේචන කියවන ඥානවන්තයෝ මහාචාර්යවරයෙකු වුවත් සුචරිත මොනතරම් මෝඩයෙකු දැයි වටහා ගත්හ.
සුචරිත උගතෙකි ඔහුගේ උගත්කම යනු භාෂා දැනුමයි. එය උපතින් ගෙනා එකක් හෝ දෙවියන් දුන් එකක් නොවේ. පන්සලෙන් ලබාගත් දායාදයකි. ඔහු සිවුරට පින්සිද්දවෙන්නට පන්සලෙන් පාලි සිංහල සංස්කෘත උගත්තේය. ඔහුට ඉංග‍්‍රීසි ඉගෙනීමට වියදම් කළේත් විශ්වවිද්‍යාලයට ගිය පසු උවමනාකම්වලට මුදල් දුන්නේත් බෞද්ධ උපාසිකාවකි. නමුත් කවරම කවදාකවත් තමන්ගේ අධ්‍යාපනයට දායකවූ පන්සල, හාමුදුරුවරු හා බෞද්ධ දානපතිනිය ගැන සුචරිත කටහොල්ලා නැත. ස්වයං විවේචනයේදී තමන් ගගෙන් දිය බී මුහුදට ආවැඩූ බව කියා නැත. ලෙඩ ඇඳේ මඤ්ඤොක්කා බෙහෙත් ගනිද්දී නම් මේ ගැන කියමින් කෙඳිරි ගෑවා යයි සමහරු කියති.
සුචරිත බීමට ඇබ්බැහි වූයේ විශ්වවිද්‍යාලයේදීය. සරච්චන්ද්‍ර පස්සේ වැටුණු කාලයේය. මෙය ඇතැම් වෙබ් නාට්ටාමිලාට බොහෝම සුලූ දෙයක් විදිහට පෙනුනත් ශාස්ත‍්‍රය හැදෑරීමට සරසවියකට ගිය පුද්ගලයෙකුගේ චරිතය පිරිහීම පෙන්වන ශෝචනීය අවස්ථාවකි. සුචරිතගේ චරිතය දුසිරිත් චරිතයක් වී විනාශ වන්නේ ඇතැමුන්ට නාට්‍ය දෙවියෙකු වූ සරච්චන්ද්‍ර නමැති ආචාර්යවරයා ඇසුරු කිරීමෙනි. පැවිද්දෙක්ව සිටියදී සුරාමේරය සික්ඛා පදය කියවමින් උපාසක උපාසිකාවන්ට අවවාද කළ හාමුදුරුවන්ට උගතෙකු වී සිවුරු හැරිය පසු බෝතලේ මොන තරම් වටිනා දෙයක් වුණාද කීවොත් ආචාර්ය සුචරිත ගම්ලත් සමහර හැන්දෑවල ගෙදර ගියේ තනිකරම බේබද්දෙකු ලෙසිනි. අතින් අල්ලාගෙන නුගේගොඩ හන්දියෙන් සුචරිතව ගෙදර කැඳවාගෙන ගිය ගෝලයෝ සිටිති.
ඉරිදා දිවයින වැනි සිංහලයින් විශාල පිරිසක් කියවන පත්තරවලට ඔහු සුරාවේ අගය වර්ණනා කෙරෙන ලිපි ලීවේය. අරක්කු බීම මීවිත තොලගෑම යයි ලස්සන භාෂාවෙන් සඳහන් කෙරුවේ රටේ සිංහල තරුණ පරපුරට බීපල්ලා යන පණිවිඩය සපයමිනි. සිංහල බෞද්ධයන්ගේ නිල පුවත්පත ලෙස පෙනී සිටින දිවයින සති අන්තයේ පුවත්පත සමඟ ‘මීවිත’ නමින් අතිරේකයක් බෙදාහරින්නේද රටේ අරක්කු සංස්කෘතිය බෝකිරීමට අනුබලදීමක් වශයෙන්ද යන්න සොයා බැලිය යුතු කරුණක් වන්නේ සුචරිතගේ පාපමිත‍්‍රයන් දිවයින පුවත්පතටද අරක්ගෙන සිටිනබැවිනි.
‘ලේක් ක්ලබ්’ එකේ අඩි ගසා වැනි වැනී වැව රවුමේ සරච්චන්ද්‍ර පස්සෙන් නාඩගම් ගී කිය කියා ගිය හැටි මහ වටිනා දේ ලෙස පත්තරයෙන් වර්ණනා කරද්දී ඒවා කියවන තරුණ සිසුන් මොනතරම් මානසික පිරිහීමකට පත්වේ දැයි සිතන්න. එබැවින් සුචරිත තරුණ පුරපුරට සැඟවුණු හතුරෙක් වූයේය.
සුචරිතගෙන් වැඩගත් අය හැරුණු විට ඔහු සමග රැලේ ගිය පිරිසක්ද වූහ. මොවුහු සුචරිත මියගිය පසුව මළසිරුරකින් ඉවත්වෙන උකුණන් මෙන් හිමින් හිමින් සුචරිතගෙන් ඈත් වූහ. සුචරිතව නොදන්නා අය මෙන් හැසිරෙන්නට වූහ. ඊට හේතුව සූකරබාහුලා හා ඇල්ටීටීඊකාරයන් සුචරිතව වර්ණනා කරද්දී ඔවුන්ගේ ගොඬේ බැස අසූචි නාගන්නට ඔවුන් අකමැති වූ නිසා යයි සමහරු කියති.
සුචරිත මිය ගිය පසුව වෙබ් අඩවි මගින් ‘අපේ සගයෙක් මළා’, ‘බුද්ධි සද්දන්තයෙක් වැටුණා’, ‘මහ පඩිරුවන නිවී ගියා’ ආදී කතා කිය කියා බෙරිහන් දෙන්නෝ සුචරිතගෙන් වැඩක් නොගත් හා සුචරිත සමග රැලේ නොගිය අයයි. ඉස්සර අපේ ගම්වල කමත්වල කොළපාගද්දී ගමරාළලා ගොවිරාලලා සමග කුඩා දරුවෝද කමතට එති. අම්බරුවන් දැක්කීමේ වරම නොලැබුණත් කුඩා එවුන්ට ගොම්පස් ඇල්ලීමට අවස්ථාව ලැබේ. ‘සුචරිත මගේ මිතුරා’, ‘මගේ ආචාර්යවරයා’ කියමින් මොරදෙන්නවුන් කරන්නේත් ගොම්පස් ඇල්ලීමකි. එහෙත් ඔවුන්ට උපකාර කරන මහ එවුන් නැත. ඔවුහු රැලේ ගිය අයගේ මිතුරෝද නොවෙති. වෙබ් අඩවිවලින් පකීර්ලා බව පෙන්වන මානසික අනාථයෝම වෙති
ඉස්ලාම් මූලධර්මවාදය ලෝකයට පැතිරයන්නේ සවුදි අරාබිය නමැති රටෙනි. එහි රජුට උපදෙස් දෙන, රජුට වඩා බලවත් ආගමික හමුදාව (හෙවත් වහබිවරු) නොයෙකුත් මූලධර්මවාදී මත ලෝකය පුරා ව්‍යාප්ත කරති. පුහුණු කරන ලද වහබින් සහ මුදල් රට රටවලට පොම්පා කිරීම එම මූලධර්මවාදී ක‍්‍රියාවේ අංග දෙකකි. ලංකාවේ හලාල් ආක‍්‍රමණය සඳහා මූලික වූ පිරිස කවුදැයි සොයා බැලූවොත් ඒ වනාහි ඉස්ලාම් ආගමික පාසැල් (මද්රාසා) පිහිටවූ හා ඒවායේ ඉගැන්වීමට පැමිණි වහබිවරුන් බව පැහැදිලි වේ. වහබින් කටයුතු කරන්නේ 15 වෙනි සියවසේ ස්පාඤ්ඤ සහ පෘතුගීසි හමුදා සමග අප‍්‍රිකා, ආසියා, ඇමරිකා රටවලට ගිය ජෙසුයිට් හා ප‍්‍රැන්සිස්කන් සභාවල පාදිලින්ට සමාන ලෙසිනි. එකම වෙනස වහබින් මුදල් සමග රට රටවලට යාමයි. ජෙසුයිට්ලා ආවේ හිඟන වෙසිනි. පෘතුගීසින්ට ධනය රැස්කර දීම මේ යාචක පාදිලියන්ගේ අරමුණක් වූයේය.
මැදපෙරදිග කලාපයේ ඇමරිකාවේ හොඳම මිතුරා සවුදි අරාබිය හා එහි රජ පවුලයි. ඇමරිකානු හමුදා කඳවුරු සවුදියේ තිබේ. විශාල ඇමරිකානු සමාගම් එහි ඇත. සවුදි රජ පවුලේ අය විවාහ කරගත් ඇමරිකානු කාන්තාවන් සෑහෙන සංඛ්‍යාවකි. ඇමරිකාව සවුදිය ආරක්ෂා කරන අතර සවුදිය විශාල වශයෙන් ඇමරිකාවෙන් අවි ආයුධ යන්ත‍්‍ර සූත‍්‍ර මිලයට ගනී. මේ අතර සවුදිය වහබිවාදය රටරටවලට ප‍්‍රචාරය කරයි. ඇමරිකාව මේ ගැන නොදන්නා සේ හැසිරෙයි. එම නිසා වෙනත් ලෙසකින් කීවොත් වහබිවාදය ලොව පැතිරෙන්නේ ඇමරිකානු ආවරණයක් ඇතිවය.
මේ අතර ඉස්ලාම් මූලධර්මවාදයට හා ත‍්‍රස්තවාදයට එරෙහිව ඇමරිකාවේ සිට නොයෙකුත් මෙහෙයුම් ක‍්‍රියාත්මක වේ. ලිබියාව, ඉරාකය ආදී රටවල් වැටී ඉරානය පමණක් ඉතිරිවී ඇත්තේ මෙම මෙහෙයුමේ බලයෙනි. ඉරානයේ ඉරණම ගැන අපි කතා නොකරමු. ඇමරිකාවේ සිට මාධ්‍ය මගින් විශේෂයෙන්ම පත්තර, අන්තර්ජාලය, රූපවාහිනිය ආදිය ඔස්සේ මතවාදී මෙහෙයුමකුත් ක‍්‍රියාත්මත වේ. "ක‍්‍රිස්ටියන් බ්‍රෝඞ්කාස්ටින්" (හෙවත් සිබීඑස්) දෙස බලන්න. ඔවුහු ක‍්‍රිස්තියානි පාර්ශවය වෙනුවෙන් ඉස්ලාම් මූලධර්මවාදයට විරුද්ධව තදින් වැඩ කරති. ’ජිහාඞ් වොච්’ වැනි බ්ලොග් ඉස්ලාම් මූලධර්මවාදයට තදටම බැටේ දෙති.
ජිහාඞ් වොච් අධ්‍යක්ෂකවරයා රොබට් ස්පෙන්සර් ඇමරිකානුවෙකි. ඔහු ඉස්ලාම් මූලධර්මවාදය හා ත‍්‍රස්තවාදය ගැන පොත් 13ක් ලියා තිබේ. මේ සමහර පොත්වලට ඇමරිකානු ආයතන වලින් සම්මාන හිමිව ඇත. ස්පෙන්සර්ගේ තාත්තා ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ආයතනයේ සේවය කළ අතර රොබට් සපෙන්සර් දැඩි මතධාරී කතෝලිකයෙකි. ඔහු ඇමරිකාවේ කතෝලික සභාව හා ඉතා කිට්ටු සම්බන්ධකම් ඇත්තෙකි. (අන්තර් ජාලයෙන් රොබට් ස්පෙන්සර් බලන්න. ඔහුගේ ජිහාඩි වොච් බ්ලොග් එකත් බලන්න.)
සවුදියේ සිට මෙහෙයවන ඉස්ලාම් මූලධර්මවාදය, ලංකාවේ මූලධර්මවාදී ඉස්ලාමිකයින් බිහි කරයි. ඔවුහු බෞද්ධයන්ට එරෙහිව නොයෙකුත් ක‍්‍රියාකරති. දීඝවාපිය වැනි අති පැරණි සිද්ධස්ථාන පවා ආක‍්‍රමණයට හසුව ඇත. මූලධර්මවාදය වෙනුවෙන් වැඩකරන ඇතැම් ඉස්ලාම් දේශපාලන නායකයෝ සිංහල - මුස්ලිම් ජාතික එකමුතුව බිඳිති. බෞද්ධ අයිතිවාසිකම් ගැන කතාකරන බෞද්ධ සංවිධානයන්ට අන්තවාදීන් යයි මඩ ගසති. ඔවුන්ට එරෙහිව අන්තර් ජාතික නමින් හඳුන්වන සංවිධානවලට පැමිණිලි දමති. මොවුන්ගේ විලක්කුවට නටන සිංහල දේශපාලනඥයෝ සිංහල බෞද්ධ සංවිධාන වලට ගොරවති. නැතිනම් ගොලූවන් සේ රඟපාති.
රොබට් ස්පෙන්සර් කතෝලික නායකයාගේ අලූත්ම පොත ‘නොට් පීස් බට් එ ස්වෝඞ්’ Not Peace But a Sword – Robert Spencer කියවූ විට ද්විත්ව රංගනය කුමක් දැයි වැටහීමක් ලබාගැනීමට පුළුවන.
ටැමිල් නෙට් වෙබ්අඩවිය මහාචාර්ය සුචරිත ගම්ලත් ඇල්ටීටීඊය වෙනුවෙන් කළ සේවය විස්තර කරමින් ඔහුගේ අභාවය ඊලාම් සටනට බලවත් පාඩුවක් බව සඳහන් කරයි. සූකරබාහු, සුචරිත ගම්ලත් තමාගේ බෙදුම්වාදී කුප්පිඩි වැඩපිළිවෙලට දැක්වූ සහාය ගැන වර්ණනා කරයි. පාස්ටර්වරයෙක් ගම්ලත් ස්වර්ග රාජ්‍යයට යායුතු අයෙකු බව සඳහන් කරයි. මේවා අසන දකින විට අනාගතයේ සුචරිත ගම්ලත් ශාන්තුවරයෙකු බවට පත්වේදැයි සැක උපදී.
සුචරිත ගැන ලියන කියන හැමෝම අමතක කළ කරුණු රාශියකි. ඔහු බාල කාලයේ මහණ වී පන්සලෙන් පාලි, සංස්කෘත, සිංහල උගත්තේය. බෞද්ධ උපාසිකාවකගේ මුදලින් ඉංග‍්‍රීසි භාෂාව උගත්තේය. පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුල් වී උසස් සාමාර්ථයක් ලැබූ පසු සිවුරු හැරියේය. මහාචාර්ය සරච්ච්න්ද්‍ර පස්සේ වැටී අඩි ගහන්නට පුරුදු වී බේබද්දෙක් වූයේය.
ආනන්ද ගුණසේකර නමින් උපැවිදි වූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් පත්ව ආවේය. ඒ අතර ‘නුරා ගිනිදැල්’ නමින් පොතක් ලියා ප‍්‍රකාශයට පත් කළේය. මෙම පොත කියවූ එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්, ‘මෙය මහ බාල කවි සහ කතා ඇති පොතක් බවට’ විවේචනයක් ලියා එවූ විට ඔහු කලබල විය. පොතේ සඳහන් එක කෙටිකතාවකින් කියවුනේ තරුණයෙකු ස්වයංවින්දනය ලබන ආකාරයයි. මේ විවේචනය කියවූ ආනන්ද ගුණසේකර නම මාරු කළේය. පළමුව සුචරිතරත්න ගම්ලත්හේවා යන නම ගෙන පසුව සුචරිත ගම්ලත් ලෙසට නම වෙනස් කරගත්තේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිටියදී ඔහු දේශපාලනයට එක් වූයේය. ඔහුගේ දේශපාලන ගුරා වූයේ ආනන්ද විදුහලේ උගත් අපොස සමත්වීමට නොහැකිව දේශපාලනයට පිවිසි ධර්මකීර්ති බී. ජයසේකර නැමැත්තායි. අන්තිම කසිකබල් කවි ලියමින් සිටි ජයසේකර ‘රතු කඳුළු’ නම් කුඩා කවි පොතක් ප‍්‍රකාශයට පත් කළේය. කවියෙකු වීමට නොහැකි වූ ඔහු තම නම වෙනස්කර කීර්ති බාලසූරිය නමින් දේශපාලනයට ආවේය. ‘විප්ලවකාරී කොමියුනිස්ට් සංගමය’ හෙවත් ‘විරෝධය’ ඔහුගේ පක්ෂයයි. සුචරිත කීර්තිට එක්වී විරෝධයේ වැඩ කළේය. හැන්දෑවට කීර්ති සමග එක්වී කුණුවෙන්ඩ බීම ඔහුගේ ඒ කාලයේ දින චරියාවේ ප‍්‍රධාන අංගයකි.
සුචරිත ගම්ලත් පොත් ගොන්නක් ලියා ඇති බව ඇත්තකි. මෙයින් වැඩි හරියක් භික්ෂුන් වහන්සේලා ඉතා වෙහෙසී සංස්කරණය කළ පොත බව බොහෝ දෙනෙක් නොදනිති. සුචරිත මේවායේ වචනය දෙක වෙනස්කර තමන්ගේ සංස්කරණ ලෙසින් මුද්‍රණය කර මුදල් හා කීර්තිය ඉපයුවේය. නමුත් ඔහුව විවේචනය කරන්නට බොහෝ දෙනෙක් බිය වූහ. ඒ ඔහුගේ ‘දෙන්නම් බැටේ විචාරයට’ බිය වූ බැවිනි.
මේ අතර පල්ලියේ උපකාරය නිසා ඔහුට බොහෝ පුවත්පත් විවෘත වුණි. සුචරිත ඞීන්ස් පාරේ සාමයික කේන්ද්‍රයට එක්වී බුද්ධාගමට බැට දුන්නේය. ඊට පසු එන්ජී ඕ සමග සම්බන්ධකම් පවත්වමින් සිංහල ජාතියට හා බුද්ධාගමට ඇති තරම් පහර දුන්නේය. මේ අතර ඇල්ටීටීඊයට උපරිම සහය දැක්වීය. ඇල්ටීටීඊයේ ඊලාම් ගීතය ලියාදුන්නේද සුචරිත ගම්ලත්ය.
ඇල්ටීටීඊ හිතවාදීන්, ඊලාම්වාදීන් ඇතුළු සිංහල විරෝධී බෞද්ධ විරෝධි කටයුතුවල යෙදෙන හැමෝටම සුචරිතගේ මරණය විශාල පාඩුවකි. නමුත් මොහුගෙන් සිංහල ජාතියට සිදුවූ අනර්ථය කියා නිමක කළ නොහැකි තරම්ය. ඔහු බුදුදහම ගැන ලියා පළ කර ඇති විශාල පොතේ පවා බුදුදහම හා බොදු ඉතිහාසය විකෘති කළ ස්ථාන බොහෝය.
ඇනකොන්ඩා සුචරිතට නිවන් සැප නොපතයි. ඔහු ස්වර්ගයට යැවීමට කැමති විශාල පිරිසක් සිටින බැවිනි.