Sunday, August 4, 2013

ජාතික විද්වත් මණ්ඩලයට විද්වතුන් ඕනෑකර තිබේ

වස කෑමෙන් හෝ බීමෙන් මරණය අත්කර ගැනීමට හැකි බව මළපොතේ අකුරු නොදන්නා මිනිස්සු මෙන්ම ගොන් මෝඩ මිනිස්සුත් දනිති. වස පානයෙන් සිදු වන මරණය ඉතාම වේදනාකාරී මරණයක් බව ඔවුන් වැඩි පිරිස දන්නේ සමාජයේ ජීවත්වීමෙන් ලත් දැනුමෙනි. නමුත් විද්‍යා දැනුමෙන් යුතුව කටයුතු කළ ඇල්ටීටීඊ සංවිධානය සිය සාමාජිකයන්ට කරේ පැළදීමට සයනයිඞ් කරලක් දුන්නේය. හදිසියකදී ඒ සයිනයිඞ් කරල කටට දමා හැපූ විට ඉතාම කෙටි වේලාවකින් අඩුම වේදනාවක් ඇතිව මරණය හිමිකර ගත හැකි බවට ඇල්ටිටීඊ සාමාජිකයෝ දැනුවත් වී සිටියහ. මීටත් වඩා පහසුවෙන් මරණය හිමිකර ගැනීමේ ක‍්‍රමයක් තිබේ දැයි යමෙකුට සැක පහළ කරන දැන්වීමක් ජාතික විද්වත් සභාව ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ කුමක් දැයි දැන ගැනීමට අගෝස්තු 6 වැනිදා ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛණ සේවා රැස්වීම් ශාලාවට යා යුතුයි. එහි දී විද්වත්හු හතර දෙනෙක්ම  ‘නිහඬ මරණයකට පාර කපන වස විස පිරි ආහාර’ මැයෙන් දෙසුම් හතරක් පවත්වති.

යටත් විජිත යුගයේ විශේෂයෙන් ලංකාවේ ගැමියන් අතර උගතුන් වශයෙන් කැපී පෙනුණු ඉස්කෝල මහත්තුරු ‘කජු පේර වරකා ජම්බු ජම්බල නරකා’ කියමින් පාසැල් දරුවන් ගමේ හැදෙන පලතුරුවලින් ඈත් කිරීමේ මහ වැඩපිළිවෙළක නියැළුණහ. සමහර ගම්වල ඉස්කෝල මහත්තුරු මූලික වී පේර, ජම්බෝල ගස් වනසන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළහ. ඔවුන් ඒ සටන ගෙන ගියේ අවංක චේතනාවෙනි. දේශීය පලතුරු කෑමෙන් මහජනයා ලෙඩ රෝග වැළඳගෙන අකාලයේ මිය යතැයි යන විශ්වාසයෙනි.

මීට පසු කලෙක රටේ උගතුන් වශයෙන් කැපී පෙනුණු දොස්තරවරු බොහෝ දෙනා පොල්, පොල් කිරි හා පොල් තෙල්වලට විරුද්ධව මහා ප‍්‍රචාරයක් ගෙන යමින් පොල් ආහාරයට ගන්නා සිංහලයන්ගේ ශරීරයේ නරක කොලස්ටොරෝල් පිරී ඔවුන් හෘදයාබාධවලට ලක්වන බවට ප‍්‍රචාරයක් ගෙන ගියහ. දරුවන්ට මවු කිරි වෙනුවට පිටිකිරි සුදුසුයැයි ප‍්‍රචාරය කරන්නට ගත්තෝද දොස්තරවරුමය. ඇමරිකානු සමාගම් පොල් නිෂ්පාදනයන්හි බලය අල්ලාගත් පසුව දැන් සියලූම දොස්තරවරු ඒ කතාව වෙනුවට ශාක ආහාර නිසා ශරීරයේ කොලස්ටොරෝල් හුටපටයක් සිදුනොවන බව පවසති. ඇමරිකාව ආදි බටහිර රටවල් මවුකිරිවල ගුණ කියන්නට පටන්ගත් පසුව අපේ දොස්තර මහත්තුරුද දැන් මවුකිරේ අගය කියති.

විද්වත් සභාව විසින් සංවිධාන කරනු ලබන දේශන මාලාවට සම්බන්ධ වන ප‍්‍රසිද්ධ දේශකයන් හතර දෙනා අධිරාජ්‍යවාදීන්ගේ හෝ බටහිරුන්ගේ සමාගම්වලට අවනතව මහජනයා ගොනාට අන්දවන පුද්ගලයෝ නොවෙති. ඔවුන් ඊට පටහැනි දෙයක් කරමින් රසායනික වස විසවලට එරෙහිව මහජනයා දැනුවත් කිරීමට වෙහෙසෙන්නෝ වෙති. එවැනි පුද්ගලයන් හතර දෙනෙකු සහභාගි කරවාගෙන පවත්වන සම්මන්ත‍්‍රණය සඳහා යොදාගන්නා ‘නිහඬ මරණයකට පාර කපන වස විෂ පිරි ආහාර’ නමැති මාතෘකාව නම් රසායනික සමාගම්වලට සේවය කරන්නකි. එය කෙතට, වත්තට, ගොවිපළට හෙලන රසායනික වස නිසා සිදුවන මරණය නිහඬ, සැපවත් මරණයක් බව පෙන්වයි. මරණය බොහෝ විට කුරිරුය. දුක් සහිතය. එම නිසා ආහාර පාන මගින් නිහඬ මරණයක් ලබාගැනීමට හැකි නම් ඊට බොහෝ පිරිසක් කැමති වෙති. නිහඬ මරණයකට උදව් කරයි නම් රසායනික සමාගම් කරන්නේ එක්තරා ‘මහජන සේවයක්’ නොවේද?

අපේ රටේ බොහෝ උගතුන්ට හා විද්වතුන්ට මහජනයාට ආමන්ත‍්‍රණය කළ යුතු භාෂාව නොවැටහේ. මීට එක හේතුවක් සිංහල භාෂාව ගැන නිවැරදි දැනුමක් නැතිකමයි. පැරණි උගතුන් සිංහල දැනුම ලබාගත්තේ පාලි, සංස්කෘත භාෂා ඉගෙනීම මගිනි. හොඳ භාෂා දැනුමක් නැති වර්තමාන උගතුන් කියන ලියන දේ මහජනයාට නොවැටහේ. ජාතික විද්වත් මණ්ඩලයේ පෙර කී ප‍්‍රචාරක දැන්වීම එම මණ්ඩලයේ ඇත්තන්ගේ ‘විද්වත්භාවය’ පිළිබඳව ඇනකොන්ඩාගේ සිතෙහි සැකයක් ජනිත කරවයි.

Wednesday, July 24, 2013

සංඝාධිකරණය - සසුන නැසීමේ අලූත්ම උපක‍්‍රමය


බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ථෙරවාදී සහ මහායාන වශයෙන් ප‍්‍රධාන පාර්ශ්ව (නිකාය) දෙකකට බෙදුණු බුදුසසුන රටරටවලට පැතිර ගියේය. මෙයින් වඩාත් ජනප‍්‍රිය වූයේත් ව්‍යාප්ත වූයේත් මහායාන බුදුසසුනයි. කවුරුන් පිළිගැනීමට අකමැති වුවත් යේසුස් වහන්සේ මහායාන බුදුසසුනට අයත් භික්ෂුවක් බවට ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් වී තිබේ. යුදෙව් බයිබලය හා ක‍්‍රිස්තියානි බයිබලය විමසිල්ලෙන් කියවන්නෙකුට යේසුස්ගේ බණ හා යොහෝවාගේ අණ තේරුම් ගැනීමට පුළුවන. පසු කලෙක රෝම අධිරාජයෙකු විසින් ක‍්‍රිස්තියානි නමින් රෝමානු ආගමක් පිහිටුවන්නේ යේසුස් භික්ෂුව දෙසූ බුද්ධ ධර්මය සංශෝධනය කිරීමෙනි. ඒ රණකාමී දේවආගම ඇමරිකා, අප‍්‍රිකා මහාද්වීප ජයගත් අතර ලංකාව වැනි බෞද්ධ රටවල්ද ආක‍්‍රමණය කළේය. දැන් දැන් ලංකාවේ රෝමානු කතෝලික සභාව රෝමානු ආගමේ රෝමානු ලකුණු මකමින් බෞද්ධ සිරිත්විරිත් ආක‍්‍රමණය කරයි. මේ වන විට ලංකාවේ කතෝලික පූජක නාහිමිවරු ආරණ්‍යයන්හි සිටිති.

මහායාන බුදුසසුනට පළමු ප‍්‍රහාරය එල්ල වූයේ රෝමානු කතෝලික ආගමෙනි. ඉස්ලාම් ආගම බිහිවූ පසුව ඉස්ලාම් ආගම විසින් මහායාන සසුන දරුණු ලෙස මැඩපවත්වන ලදි. මහායාන බෞද්ධ මූලස්ථානය වී පැවතුණේ වර්තමාන කාශ්මීර ප‍්‍රදේශයයි. යුදෙව් ක‍්‍රිස්තියානි දර්ශනයක් වූ මාක්ස්වාදය රුසියාව ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව බලවත් වූ කොමියුනිස්ට් ව්‍යාපාරය ඉස්ලාම් හා කතෝලික ආගම්වලින් ගැලවී පැවති දකුණු ආසියාවේ මහායාන බුදුසසුනට මාරක ප‍්‍රහාරය දුන්නේය. වියට්නාමය, චීනය ආදී රටවල බුදුසසුන් කොමියුනිස්ට් පාලකයන් විසින් වනසා දමන ලද්දේය.

මහායාන බුදුසසුන මේ ලෙස අවසන් වන විට බුදුසසුන පැවති රටවල් තුනක් ඉතිරි විය. බුරුමය, තායිලන්තය හා ලංකාව නමැති මෙම රටවල් තුනේම ථෙරවාදී සසුන් පැවතුණි. මෙම රටවල් තමන්ගේ පාර්ශ්වයට ගැනීමේ ඉලක්කයක් ලෝකය දිනීමට සැරසෙන ඉස්ලාම් පාර්ශ්වයට ඇත. එය වටහාගෙන ඉස්ලාමිකයන් අභිභවා මෙම රටවල් තුන තමන් යටතට ගැනීමට ක‍්‍රිස්තියානි පාර්ශ්වය වෙහෙසේ. නමුත් මේ එක පාර්ශ්වයක්වත් තමන්ගේ සැබෑ මුහුණ එළිදැක්වීමට සූදානම් නැත. ඔවුහු සැබෑ ස්වරූපය සැඟවීම සඳහා උපායන් භාවිතා කරති. 

සර්වආගමික වැඩපිළිවෙළ එක් උපායකි. මැවුමකරුවෙකු ඇතැයි පිළිගන්නා ආගමක් සහ මැවුම්කරුවකු නැතැයි පිළිගන්නා දහමක් එක් නොවේ. මොනම හේතුවක් නිසාවත් ඉස්ලාම් කාන්තාවකට බෞද්ධයෙකු සමග විවාහ වීමට ෂාරියා නීතිය යටතේ අවසරයක් නැත. බෞද්ධයෙකුට ඉස්ලාම් දේවස්ථානයකට පයගසන්නට අවසර නැත.

ලෝකයේ තිබුණු බෞද්ධ රටවල් සිය ගණනක් රටවල් තුනකට බැස්සේ කෙසේද? ඒ රටවල් තුනම ථෙරවාදී රටවල් වූයේ කෙසේද? මේ ගැන සොයා බැලූවහොත් මෙම රටවල් තුනේම අවදියෙන් කටයුතු කළ භික්ෂුන් වහන්සේ පිළිබඳ තොරතුරු හමු වේ. මාක්ස්වාදී ලේඛකයන්, මෙවැනි භික්ෂුන් වහන්සේ නම් කරන්නේ සටන්කාමී භික්ෂූන් යන විශේෂ නමකිනි. ක‍්‍රිස්තියානි මාධ්‍යකරුවෝ අන්තවාදී භික්ෂූන් යන නම භාවිත කරති. මෙම රටවල් තුනේම සසුන් රැකී ඇත්තේ සටන්කාමී හෝ අන්තවාදී යයි හංවඩු ගැසෙන අවබෝධයෙන් කටයුතු කළ භික්ෂූන් නිසා මිස අංතට්ටු හා සමාන නායක පට්ටම් පැලඳගෙන ආණ්ඩුවලට ආවැඩූ භික්ෂූන් නිසා නොවේ. නායක පට්ටම් දීම ලංකාවේ භික්ෂුන් වහන්සේ දමනය කිරීම සඳහා බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන් යොදාගත්  උපායක් විනා සිංහල සිරිතක් නොවේ.

බත්තරමුල්ලේ සුභුති හිමි, මිගෙට්ටුවත්තේ ගුණනාන්ද හිමි වැනි භික්ෂුන් වහන්සේ නිදසුනකට ගෙන බලන්න. මෙවැනි යතිවරයෝ ආගමික අන්තවාදී භික්ෂූන් වශයෙන් සලකති. අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා වැන්නන් පවා ඒ කාලවල සිටි ඇතැම් නායක හාමුදුරුවරුන් විසින් තක්කඩින් ලෙස හඳුන්වනු ලැබ තිබේ.

තායිලන්තයේ බුදුසසුන කලක සිට ඉතාම අපූරුවට බිම දමා ගෙන යති. බුරුමයේ හා ලංකාවේ බුදුසසුන් මැඞීමට ආක‍්‍රමණික පාර්ශ්වයෝ වෙහෙසෙති. ලංකාවේ හා බුරුමයේ සසුන රැකී ඇත්තේ ජාතිකත්වය සලකන අවදියෙන් කටයුතු කරන භික්ෂූන් නිසා බව ආක‍්‍රමණයේ යෙදෙන දෙපාර්ශ්වයම වටහාගෙන සිටිති. එබැවින් ජාතික හැඟීමෙන් කටයුතු කරන භික්ෂූන් උපන්ගෙයිම මරාදැමීමේ වැඩපිළිවෙළක් ලංකාවේ හා බුරුමයේ ක‍්‍රියාත්මක කරවීමට පිරිසක් වෙහෙසෙති. ඊට මුල්වන්නන් බි‍්‍රතාන්‍ය යුගයේ භික්ෂූන් මර්දනය කළ ආකාරය අධ්‍යයනය කර සංඝාධිකරණ පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කර තිබේ. තනතුරුවලට, වරප‍්‍රසාදවලට, මිලමුදලට හා දේශපාලනඥයන්ට වාල් වන භික්ෂූන් අධිකරණ සංඝසභාවලට පත් කර අවදියෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේ මර්දනය කිරීම සංඝාධිකරණයේ පරමාර්ථයයි. මෙය මතුවට ලංකාවේ ක‍්‍රියාත්මක කෙරෙන භික්ෂුව හීලෑ කිරීමේ වැඩපිළිවෙළයි.

බුදුසසුනට කිසිම සේවයක් නොකරන සර්වආගමික කැඳහැළිය ගැන වෙහෙසෙන බුද්ධශාසන අමාත්‍යාංශය ඒ සඳහා වුවමනා සියලූ කටයුතු කිරීමේ කොන්ත‍්‍රාත්තුවට කරගසා ඇත.

Tuesday, July 2, 2013

මුස්ලිම්, කතෝලික පිල්ලියක්


ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැන තොරතුරු ඉදිරිපත් වෙන පොත්පත් විශාල ප‍්‍රමාණයක් තිබේ? මෙවැනි පොත්  කිසිවක් නිව්යෝක් සැප්. 11  ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර නොතිබුණි. ඊට පෙර සිදුවූයේ ඇමරිකාව රැඩිකල් ඉස්ලාම් සංවිධාන ගොඩනැගීමට උපකාර කිරීමයි. එබඳු සංවිධාන ඉරානයේ බිහි කරන ලදී. ඇෆ්ගනිස්ථානයේ රුසියානු හමුදා සමග සටන් කිරිම සඳහා පිහිටුවන ලදී. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට පසුව ඉස්ලාම් ත‍්‍රස්තවාදය නමින් දෙයක් ජාත්‍යන්තරය නමැති කරලියට පැමිණුනි. නොයෙක් ලේඛකයෝ ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැන පොත් ලියන්නට පටන් ගත්හ. චිත‍්‍රපට වැලක් ආවේය. මේ හැමෝම නින්දේ සිට අවදිවූවෝද? අවදිව සිටියේ නම් සැප්තැම්බර් සිද්ධියට පෙර ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැන මොවුන් නොදුටුවේ ඇයි? ඇමරිකානු දේශපාලනය විසින් ලේඛකයන්, මාධ්‍යකරුවන්, කලාකරුවන් මෙහෙයවනු ලබන බවක් පෙනේ. එසේ නම් මොවුන් නිදහස් මාධ්‍යකරුවන්ද?

ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ  මැවුම්කරුවා සවුදියේ උපන් බින් ලාඩන් නමැත්තාය. ඔහු පූජකයෙකුට සමාන ජීවිතයක් ගෙවූවෙකි. බින් ලාඩන් දැක්වෙන වාර්තා චිත‍්‍රපටි නිපදවා තිබේ. ඒවායේ සිටින ලාඩන් තුවක්කුව රැගෙන පය ඔසවන්නේ දඩයක්කාරයෙකු මෙන් ඉවසිල්ලෙනි. ඉතා දරුණු ත‍්‍රස්ත ක‍්‍රියාවල සැලසුම්කරුවන් වූ ඉස්ලාම් ත‍්‍රස්තවාදීන්  හැමදෙනාම හැසිරෙන්නේ මීට සමාන අයුරෙනි. ඔවුහු ශාන්තුවරයින් මෙන් කතා කරති. සාමය, සාමය, අපේ අරමුණ සාමය, කියා කියති. මොවුන් ත‍්‍රස්තවාදී කටයුතු සඳහා ධනය උපයීමට මහා පරිමාණයේ  මත්ද්‍රව්‍ය ජාවාරම් හා ආයුධ වෙළඳාම ආදී විනාශකාරී ක‍්‍රියා සිදුකරන හැටි ත‍්‍රස්තවාදය ගැන පොත් ලියූවෝ පෙන්වා දෙති. එවැනි ක‍්‍රියාවකට ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක අධිකරණයකින් වරදකරුවන් බවට පත්වූ  පූජකයෝ සිටිති. මුස්ලිම් ප‍්‍රජාව මොවුන්ට වැඩි වැඩියෙන් ඇලූම් කරන්නට පටන්ගැනීම සාමාන්‍ය ස්වභාවයයි. ඔවුන් දෙවියන්ට වඩාත් සමිපවී ඇතැයි සිතන ප‍්‍රජාව ත‍්‍රස්තවාදීන් වීරයින් බවට පත්කර ගනිති. බින් ලාඩන්  බොහෝ ඉස්ලාම් අදහන්නන්ට වීරයෙකි. ලංකාවේ නැගෙණහිර පළාතේ ඇතැම් නගරවල බින් ලාඩන්ගේ රුව සහිත බැනියම් ඇඳගත් තරුණයින් හමුවේ.

මේ එක පැත්තකි. අනික් පැත්ත ප‍්‍රසිද්ධ නැත. ඉස්ලාම් ලෝකයෙන් ක‍්‍රිස්තියානි බටහිර පතුරු ගහන පොත පත, ලිපි ලේඛන නිරතුරුවම ප‍්‍රකාශයට පත් වේ. මේවායින් කෙරෙන්නේ ක‍්‍රිස්තියානි පාර්ශවය වර්තමානයේ සිදුකරන අපරාධ සහ ඔවුන්ගේ අතීත අපරාධ කතා එළි කිරීමයි. ඉස්ලාම් ලේඛකයින් පෙන්වා දෙන ආකාරයට රටවල් යටත් කළ මධ්‍යතන යුගයෙහි විසූ ක‍්‍රිස්තියානි පූජක සංහතියම ත‍්‍රස්තවාදියෝ වෙති. ස්පාඤ්ඤ හමුදා සමග ඇමරිකාවට ගිය කතෝලික බිෂොප්වරු මහා ජන සංහාර මෙහෙයවූ හැටි ඔවුහු විස්තර කරති. ‘විච් හන්ටින්’ නමින් යුරෝපා රටවල මෙහෙයවූ කාන්තා දඩයම ගැන හොඳ විස්තර ඉදිරිපත් කරන ලේඛකයෝ ලිංගික තෘප්තිය සඳහා කාන්තාවන් හිංසනයට ලක්කළ බිෂොප්වරුන්ගේ ලේඛන ඉදිරිපත් කරති. මෙලෙසින් මහා අපරාධ කළ  බිෂොප්වරු පවා ශාන්තුවරයින්ගේ ලැයිස්තුවේ සිටින බව කියති. ක‍්‍රිස්තියානි ආගමික සංවිධාන සාමයේ පරෙවියාට  මුවා වී කරන සැහැසිකම් පෙන්වා දෙමින් ඉස්ලාම් අදහන්නන් සන්නද්ධ කිරීම ඔවුන්ගේ පොත පතේ අරමුණයි. මොහොමඞ්තුමාගේ කඩුව සාමයේ සංකේතය බව ඔවුහු උගන්වති.

අරාබි හා වෙනත් භාෂාවලින් ක‍්‍රිස්තියානි ත‍්‍රස්තවාදය ගැන පොත් ප‍්‍රකාශයට ඉස්ලාම් ලේඛකයෝ ඒ ගැන යුරෝපීය භාෂාවලින් ලිවීමට උනන්දු නොවෙති. එම නිසා ඉස්ලාම් නොවන බොහෝ දෙනාට ඉස්ලාම් හඩ පැතිරෙන හැටි නොවැටහේ. දැන් දැන් ඇතැම් ක‍්‍රිස්තියානි මාධ්‍යකරුවෝ බෞද්ධ ත‍්‍රස්තවාදයක් ගැනත් ලියන්නට වෙහෙසෙති. ඊට හේතුව හැම ආගමකම ත‍්‍රස්තවාදයක් ඇති බව පෙන්වීමට ඔවුන්ට අවශ්‍යවීමයි. සීඇන්ඇන් ටෙලිවිෂනය ‘බුරුමයේ සටන්කාමී භික්ෂූන්’ මැයෙන් වාර්තා චිත‍්‍රපටයක් ඉදිරිපත් කළේය. මෙය නිපදවූයේ අරාබි සම්භවයක් ඇති මාධ්‍ය ශිල්පිනියකි. ඈ සටන්කාමීන් යයි පෙන්වන බුරුම හාමුදුරුවරු ඉස්ලාම් ආක‍්‍රමණිකයන්ගෙන් ආරක්ෂාවීමට වෙහෙසෙති. කිසිම භික්ෂුවක් අත තුවක්කුවක් හෝ වෙනත් ආයුධයක් නැත. (බුරුම) භික්ෂුන් වහන්සේලාට නින්දා කෙරෙන ලිපියක් පසුගියදා සුප‍්‍රකට ‘ටයිම්’ සඟරාවේ ප‍්‍රධාන ලිපිය ලෙස පළ විණි.

අන්තවාදීන් වශයෙන් ඇතැම් දේශපාලනඥයින් හා මාධ්‍යකරුවන් නම් කරන සිංහල හාමුදුරුවරුද අවි නොදරති. උන්වහන්සේලා ඉස්ලාම් හෝ ක‍්‍රිස්තියානි ආක‍්‍රමණිකයින්ගෙන් වෙහෙර, දායකයාඳ, භික්ෂුව හා සසුන ආරක්ෂා කරගැනීමට උත්සාහ දරති. මෙය අන්තවාදය නම් එය ඉස්ලාම් හා ක‍්‍රිස්තියානි අන්තවාදයට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවකි. එක් පක්ෂයක් ආක‍්‍රමණයට වෙහෙසේ. අනික් පක්ෂය ආරක්ෂාවීමට වෙහෙසේ.  

පෘතුගීසින්ට රට අල්ලාදීම සඳහා ඔත්තුකරුවන් වශයෙන් ලංකාවට පැමිණි කේරල පූජකවරු නමින් ඉදිවුන මහා පාසැල් ලංකාවේ තිබේ. පෘතුගීසීන් සමග සටන් කර මියගිය වීරයින්ගේ මීමුණුපුරන්ට පවා මේ පූජකයන් ජාතික වීරයින් වශයෙන් සලකන්නට සිදු වී තිබේ. නමුත් රට ජාතිය ආගම රැුකගැනීම සඳහා කටයුතු කළ භික්ෂුන් වහන්සේලා ගැන ඔවුහු නොදනිති. මෙවැනි භික්ෂූන් දෙතුන් දෙනෙකුගේ නම් ඉතිහාස පොත්වල එහෙන් මෙහෙන් සඳහන් වේ.  මෙවැනි එක් හිමිනමක් පිළිබඳ තොරතුරු ඇනකොන්ඩාට කියවන්නට ලැබුණි. ඒ බි‍්‍රතාන්‍ය යටත් විජිත කාර්යාලයේ ලියවිල්ලක් මගිනි. එහි සඳහන් වන ලෙසට  කුඩාපොළ හාමුදුරුවන්ට වෙඩි බිඳීමට පෙර  උන්වහන්සේ, සොරෙක් - තක්කඩියෙක් - දුස්සීලයෙක් බව කියමින් කියමින් අඩබෙර ගස්සවා ඇත. වර්තමානයේ ඇතැම් මාධ්‍ය මගින් කරන්නේ මීට සමාන ක‍්‍රියාවකි. සිංහල ජාතිය හා  බුදුසසුන රැක ගැනීම සඳහා වෙහෙසෙන  භික්ෂුන් වහන්සේලාට ඍජුව මෙන්ම වක‍්‍ර මාර්ගවලින් පහර ගසති. යුද්ධය පවතින කාලයේ යුද්ධ හමුදා ඇඳුම්වලින් සැරසී උතුරට වැඩිය භික්ෂුන් වහන්සේලා සිටිති. ඒ යුද්ධ කිරීමට නොවේ. නමුත් මෙවැනි ගමනක යෙදුණු භික්ෂුවකගේ ඡුායාරූපයක් සොයාගෙන කිසියම් රූපවාහිනී නාලිකාවක් මගින් ‘ඔබ වහන්සේ භික්ෂුවකට සුදුසු ක‍්‍රියාවක් කළේ දැ’යි ප‍්‍රශ්න කිරීමට කිසියම් නිවේදිකාවකට පුළුවන.

දැ හිතැති ක‍්‍රියාශීලී භික්ෂූන් දුස්සීලයන් බව පෙන්වා බෞද්ධයින්ගෙන් බිඳවීමට හා සමාජයේ අපහාසයට ලක්කිරීමට ඇතැම් මාධ්‍යකරුවෝ වෙහෙසෙති. මෙවැනි මාධ්‍යකරුවන්ගේ තනතුරු ඉහළයාම් සිදුවන්නේ දක්ෂ අයුරින් එම කටයුත්ත කළ විටයි. මෙවැන්නන්ට  ඉස්ලාම් හෝ ක‍්‍රිස්තියානි ආගම්වලට සම්බන්ධ බුදුසසුන ආක‍්‍රමණයේ යෙදෙන පූජකයින් විවේචනය කිරීමට නුපුළුවන. ඔවුන්ගේ රස්සාව එය නොව, රට, ජාතිය, ආගම වෙනුවෙන් ක‍්‍රියාකරන භික්ෂුව නින්දාවට ලක්කිරීමය.
ගුවන්යානාවල අතින් කෑමක් නැති නිසා අත් හෝදන භාජන නැත. ඇමරිකාව වැනි රටවල ජීවත්වන්නෝ ආහාර ගැනීමේදී හැදී ගෑරුප්පු හෝ කෝටු (චොප්ස්ටික්ස්) භාවිතා කරති. එබැවින් භික්ෂුවක් වුව ගුවන්යානාවක ගමන් කරද්දී හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝ කෝටුවෙන් වළඳති. ජාතික කාර්යයක යෙදෙන භික්ෂුවක් ගෑරුප්පුවකින්  දන් වළඳන හැටි දැක්වෙන ඡුායාරූප මෑත කාලයක වෙබ් අඩවි හා ෆේස් බුක් මගින් ප‍්‍රචාරය කෙරුණි. ඡුායාරූපවලට යටින් ‘සිංහල සංස්කෘතිය ඉවරයි’ කියා ලියා තිබුණි.

සිංහල ජාතියේ හා බුදුසසුනේ යහපත සඳහා වෙහෙසෙන භික්ෂූන්ගේ වැරදි ඉදිරිපත් කරන්නෝ, සිංහල මව්වුරුන් බලහත්කාරයෙන් ගබ්සා කිරීමේ වැඩපිළිවෙල මෙහෙයවන පූජකවරුන් ගැන නොදන්නවුන් මෙන් සිටිති. ආගමික ව්‍යාපාර කරන පූජකවරු ගැන නිහඩ වෙති. බෞද්ධ පසුගිය වසරේ මොරටුවේ ළමා නිවාසයක් පවත්වාගෙන ගිය ඉන්දියානු පූජකවරියක් අත්අඩංගුවට පත්වුණි. ඒ බරපතල නීති විරෝධි ක‍්‍රියා කිහිපයක් සම්බන්ධයෙනි. එතුමිය නිදහස් කරන්නැයි කී කාදිනල් මැල්කම් රංජිත්තුමා එසේ නොවුණොත් රාජ්‍ය උත්සව වර්ජනය කරන බවට  අනතුරු හැඟවීය. ඒ මන්දැයි කාදිනල්තුමාගෙන්  ප‍්‍රශ්න කළ එකම මාධ්‍යවේදියෙක්වත් නැත. අත්අඩංගුවට ගත් පූජකවරිය වෙත ගොස් ‘ඔබ වරදක් කළා දැ’යි ඇසූ මාධ්‍යවේදියෙක් නැත.

දිවි නසා ගැනීම අපරාධයකි. එමෙන්ම සිරුරට දුක්දීමත් අපරාධයකි. නමුත් මහායානික දාර්ශනිකයෝ යහ පරමාර්ථයක් සඳහා ජීවිතය පූජා කිරීම බෝසත් ක‍්‍රියාවක් බව පෙන්වූහ. බඩගින්නෙන් පසුවෙන යාචකයෙකුට සිය සිරුර දන්දීම ගැන කියවෙන සස ජාතකය ස්ථිරවම මහායානික කතාවකි. ජෛන දහම සිරුරට දුක්දීම පමණක් නොව අධික ලෙස දුක් දී නිරාහාරව මිය යාම යහපත් ආත්මයක් ලබාගැනීමට මගක් බව උගන්වයි. අදටත් ඇතැම් ජෛන පැවිද්දන් ජීවිතය කෙළවර කරගන්නේ ආහාර පාන නොගෙන භාවනා කරමින් මියයාමෙනි. ජෛන සසුනට ඇතුළු වන පුද්ගලයාගේ හිස බූගෑමක් නොකරයි. කෙස් ගසින් ගස අදිමින් උදුරා දමයි. 

දැන් තවත්  උදාහරණයක් ගනිමු. මහත්මා ගාන්ධි අගයන්නෝ ලංකා දේශපාලන සමාජයේ සිටිති. ඔවුන් ගාන්ධිගේ උපවාස ක‍්‍රමය පිළිගනිති.  ගාන්ධිගේ අවිහිංසා උපවාසය කුමක්ද? ආහාර පාන නොගෙන සිරුර මරණයට සූදානම් කිරීමයි. ලංකාවේ ඇමතිවරයෙක් මෑත කාලයක මේ ක‍්‍රමය අනුගමණය කරමින් කොළඹ නගරය මැද උපවාසයක් කළේය. උපවාසය යනු අනුන්ට දුක් නොදී තමන්ගේ සිරුරට දුක් දීමකි. සිරුර, විඤ්ඤාණය දරාගෙන සිටින උපකරණයක් බඳුය. සිරුරට දුක්දීම හෝ දිවිඅවසන් කරගැනීම යන දෙකම සිරුරට නොව මනසට දැනෙන දේය. (බුදුන් වහන්සේ සිරුරට දුක්දීමත් දිවි තොර කරගැනීමත් දෙකම අනුමත නොකළහ) ගාන්ධි මග යා යුතුයි කියන්නෝ සිරුරට ගිනි තබාගත් භික්ෂුවට නින්දා කරති. මෙය දෙබිඩි ක‍්‍රියාවකි.

පසුගිය මාසයේ බෝවත්තේ හාමුදුරුවෝ සිරුරට ගිනි තියාගෙන අපවත් වූහ. උන්වහන්සේ සිරුරට ගිනි තබාගැනීම පාරමිතා පිරීමක් බව ඇතැම් භික්ෂුණ් වහන්සේලා පවසා තිබුණි. පාරමිතා යනු කුමක්දැයි පහසුවෙන් විස්තර කිරීමට නොහැක. ඇනකොන්ඩා දන්නා විදිහට දිග්නාග හිමියන්ගේ ‘න්‍යාය ප‍්‍රවේශය’ නැමැති දාර්ශනික ග‍්‍රන්ථයේ මෙම විෂය සාකච්ඡුාවට භාජනය වේ. වෙබ් සක්විත්තන් ඇතුළු බොහෝ දෙනා ‘න්‍යාය ප‍්‍රවේශය’ නොදනිති. බුදුදහම මනාව දන්නා පුද්ගලයන් මෙන් රඟපාමින් ‘ධර්මය’ නාමයෙන් බොරු ඉදිරිපත් කරමින් ගිනි තබාගත් භික්ෂුවට ගරහති. සමහරුන් ඇමරිකාවට විරෝධය පළකරමින් වියට්නාමයේ ක්වාන් ඩක් හිමියන් සිරුරට ගිනි තබාගැනීම අගයා තිබේ. ඒ ඔවුන් කොමියුනිස්ට්කාරයින් බැවිනි.

ලංකාවේ කොමියුනිස්ට්වාදී නායකයින් තරම් කුහකයින් පිරිසක් තවත් නැති බව ඇනකොන්ඩාගේ විශ්වාසයයි. දැනට ලංකා දේශපාලනයේ සිටින දැවැන්තම මාක්ස්්වාදියාගේ පුතා ඇමරිකාවේ සිටී. සහෝදරයා ජපානයේ මහා ව්‍යාපාරිකයෙකි. ‘අධිරාජ්‍යවාදය භංගවේවා’ කියමින් මොරදෙන මෙවැනි මාක්ස්වාදී ඇන්ජී ඕකාරයින්ට රැවටෙන සුළු පිරිසක් තවමත් රටේ සිටිති.

ලංකාවේ මාක්ස්වාදී නායකයින් කුහකයින් වීමට ප‍්‍රධාන හේතු ගණනාවකි. එයින් එකක් ආරම්භයේ සිටම මාක්ස්වාදී නායකයින් තානාපති කාර්යාල නිසා ජීවත්වන පිරිසක්වීමයි. ඇතැම් බටහිර තානාපති කාර්යාල ඔවුන්ට වෙනත් අන්දමට උපකාර කරමින් කොමියුනිස්ට් රටවලට සේවය කරන්නන් තමන්ගේ ඔත්තුකරුවන් කරගති. ඩබල්ගේම්වලට පුරුදු වූ මාක්ස්වාදීහු ක‍්‍රිස්තියානි සංවිධානවලටත් සේවය කරන්නට වූහ. එබැවින් ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය උපතේ සිටම බුදුසසුනට හා සිංහල ජාතියට විරුද්ධව කටයුතු කළේය. අදටත් ඔවුහු ඒ මගම යති.





Saturday, June 8, 2013

කළුඇමරිකානුවන්ට ඇටවූ උගුල සිංහලයන්ටත්


බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ ජාතියක් වඳකිරීම සඳහා උපත් පාලනය ආධාර කරගන්නා හැටි විස්තර වේ. උපත් පාලනය ගැන කියවෙන ලොව පැරණිම වාර්තාව මෙයයි. එහි සඳහන් වෙන ලෙසට පාරාවෝ රජවරු මිසරයේ යුදෙව්වන් බෝවීම වැළැක්වීමට යම් යම් ක‍්‍රියා අනුගමනය කර ඇති අතර උපදින යුදෙව් දරුවන් මරා දමන වැඩ පිළිවෙළකුත් ක‍්‍රියාක්මක කළහ. 

බයිබලයේ උපත්පාලනය වැඩපිළිවෙළ ආදර්ශයට ගනිමින් කළු ජාතිකයින්ගේ උපත් සීමා කිරීමේ පරමාර්ථයෙන් ක‍්‍රියාත්මක වූ ඇමරිකානු උත්පත්ති පාලන වැඩපිළිවෙළ සඳහා ඇමරිකාවේ කළු ජාතිකයෝ ‘මාෆා’ යන නම භාවිතා කළහ. අප‍්‍රිකාවේ මේ නම භාවිතා වූයේ ඛේදවාචකය  යන අරුතිනි. ඇමරිකාවේ සිදුවූ ඛෙදාවාචකය කුමක්ද? කළු ජනගහණය වැඞීවිමයි. වහල්ක‍්‍රමය නීතියෙන් අහෝසි කළ පසුව කල්ලන්ගේ වැඩිවීම වැළැක්වීමට සිතූ සුදු ජාතිකයින් පිරිසක් රටේ සෞඛ්‍ය අංශ, වෛද්‍යවරුන්, හෙදියන්, දේශපාලනඥයන් හා මාධ්‍යකරුවන් සම්බන්ධ කරගෙන මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරමින් කළු උපත් සීමාකරන්ට හා වළක්වන්ට වූහ.


රටේ සිදුවන බරපතල අපරාධය ගැන උනන්දුවූ පිරිසක් කළු උපත් පාලනය ගැන සොයන්ට වූහ. මේ සෙවීම් මුල්කරගෙන  මාක් කාචර් නමැති ගවේෂකයා 2009 වසරේදී වාර්තා චිත‍්‍රපටියක් ඉදිරිපත් කළේය. එය මාෆා 21 ^Maafa 21)   එහි නම් වේ. මෙම වාර්තා චිත‍්‍රපටිය යූ ටියුබ් ආධාරයෙන් අන්තර් ජාලයෙන් ඔබට නැරඹීමට පුළුවන. එය සිංහලයන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත‍්‍රපටියක් බව ඇනකොන්ඩාගේ අදහසයි. ඊට හේතුව ජාතියක් දුර්වල කිරීම සඳහා උපත්පාලන උපක‍්‍රමය ක‍්‍රියාත්මක කෙරෙන බව නොදන්නා පිරිසක් සිංහලයන් අතරම සිටිනා බැවිනි. මේ නොදන්නාකම රැකගෙන කටපියාගෙන නිහඬව නොසිටින ඔවුහු සිංහල ජාතිය වඳ කිරීමේ කතාව මනෝවිකාරයක් යයි කියමින් ළිං ගෙම්බන් සේ කෑ ගසති. සමහරවිට ඔවුහු ද ව්‍යාපෘතිය විසින්ම ප‍්‍රචාරක කටයුතු සඳහා යොදවා සිටින්නෝ වෙති. නමුත් මේ මණ්ඩුක ඝෝෂකයන් උගතුන් යයි රැවටෙන පිරිසක් සිටිති. ඇමරිකාවේ කළු ජාතිකයන් සුළු ජාතියක් වශයෙන් තබාගැනීමට ක‍්‍රියාත්මක කළ උපත්පාලන වැඩසටහන පිළිබඳ මේ වාර්තා චිත‍්‍රපටිය නරඹා සැබෑව ප‍්‍රත්‍යක්ෂ කරගැනීමට කාටකාටත් පුළුවන.

මෙම වාර්තා චිත‍්‍රපටිය නරඹා ඔබේ පවුල ගම හා ආශ‍්‍රය කරන සමාජය ගැන නුවණැස යොමුකරන  ඔබට  සිංහල ජාතිය වඳ කිරීම සඳහා ඇමරිකානු මාෆා ව්‍යාපාරය ඊට වඩා සිය ගුණයකින් සූක්ෂම වී ක‍්‍රියාවට නැගෙන හැටි වටහා ගැනීමට පුළුවන. සිංහල ජාතිය වඳ කිරීමේ මෙම වැඩපිළිවෙල පක්ෂ භේදයක් නැතිව එජාප කාලයේත් සමගි පෙරමුණු ආණ්ඩු කාලවලත් ක‍්‍රියාත්මක වී වර්තමානයේත් ක‍්‍රියාත්මක වේ.

දරු ප‍්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළුකරන ලද සිංහල කාන්තාවන් නීති විරෝධීව වඳ සැත්කම්වලට භාජනය කළ මුස්ලිම් වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙක් අතටම අසුවී ඇති බවත් දැන් ඔවුන්ව චෝදනාවලින් ගලවා ගෙන වෙනත් රෝහලකට යැවීමට පිරිසක් උත්සාහ දරන බවත් පෙරේදා වාර්තා විය. 

මෙවැනි සිද්ධින් දිනපතාම සිංහල පවුලක් පවුලක් ගානේ ගමක් ගමක් ගානේ සිදුවේ. සිංහල ජාතිය වඳ කිරීමේ මාෆා වැඩ පිළිවෙලේ විශේෂත්වය එය රජය මුල්කරගෙන ක‍්‍රියාක්මකවීමයි. ඊට අමාත්‍යාංශ ගණනාවක් සම්බන්ධ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රධාන වී තිබේ. පවුල් සේවිකාවන් සිංහල දරුවන් මැරීමේ ගහල සේවය සඳහා ඍජුවම යොදවාගෙන ඇත. මේ හැර හෙදියන්, වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් විශාල පිරිසකගේ සේවය ලබාගෙන තිබේ. මාධ්‍ය ආයතනවලට මුදල් යොදවමින් පුංචි පවුල රත්තරන් කතාව උස්මිටි උගත් නූගත් භේදයක් නැතිව සිංහලයන්ගේ හිස් තුළට දමා ඔවුන් ගේ මොළ දූෂණය කරවා ඇත.

සිංහලයන් හා උප සිංහල කණ්ඩායමක් වූ වැද්දන් වඳ කිරීමට ‘මාෆා ලංකා’ වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක වෙද්දී  ලංකාවේ වෙනත් සුළු ජන කණ්ඩායම් බෝවීම වැඩි කිරීමට අදෘශ්‍යමාන හස්තය ක‍්‍රියාත්මක වී ඇත. ගැමි සිංහල කාන්තාවක් දෙවැනි දරු ප‍්‍රසූතිය සඳහා මාතෘ නිවාසයකට හෝ රෝහලකට ඇතුල් වූ පසු නින්දා කිරීමෙන් හා වෙනත් උපක‍්‍රම මගින්  ගැබ් ගැනීමේ ශක්තිය නැතිකරගැනීමට ඇයව පොළඹවන හෙදියෝ මුස්ලිම් කාන්තාවකට කිසිම විටක ඒ අයුරින් නින්දා නොකරති. එවැනි පෙළඹවීමකට නොයති. සිංහල කාන්තාවන්ට උපත් පාලන උපදෙස් දෙන පවුල් සෞඛ්‍ය සේවිකාවන් මුස්ලිම් කාන්තාවට එම උපදෙස් නොදී දරුවන් වැඩියෙන් බිහිකිරීමට ධෛර්ය දෙති. දෙයි. සිංහල මවට නින්දාකරන ඇයගේ උපත් ශක්තිය පාලනය කරන පවුල් සෞඛ්‍ය සේවිකාව සහ හෙදිය සිංහල කාන්තාවක්වීම මෙහි ඛේදනීය පැත්තයි.

සිංහල ජාතිය වඳ කිරීමේ මාෆා ව්‍යාපාරයට නගරය ගම කියා භේදයක් නැත. එය හැම තැනකම ක‍්‍රියාත්මක වේ. ඊට නොයෙක් මුහුණු තිබේ. නිදසුනක් ගනිමු. සිංහල දරුවෙකු පාසලකට ඇතුළු කිරීමට අපහසුකම් බොහෝ ඇත. නමුත් මුස්ලිම් ළමයෙකු පාසලකට ඇතුළත් කිරීමට කිසිම අපහසුවක් නැත. තිසිම මුස්ලිම් පාසලකට සිංහල ළමයෙකු ඇතුළත් කිරීමට නොහැකි නමුත් සිංහල බෞද්ධ දරුවන් සඳහා ආරම්භ කළ ආනන්ද, නාලන්ද, ධර්මරාජ විදුහල් පවා අද සිංහලයින්ගෙන් ඈත්කරන තැනට වැඩ සැලසුම්කර තිබේ. සිංහල බෞද්ධ දැරියන් සඳහා ඇරඹු බෞද්ධ පාසැල්වලට ඉස්ලාම් යුනිෆෝමයෙන් යෑමට පවා ඉස්ලාම් දැරියන්ට නිදහස පවතී. 

සිංහලයින් වඳ කිරීමේ මාෆා ව්‍යාපාරය තේරුම් ගැනීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. මේ ජාතිවාදී ව්‍යාපාරයේ යෙදී සිටින පුද්ගලයින් ගැන තොරතුරු සොයන්න. ඇමරිකාවේ කළු ජාතිකයින් මාෆාවට මුහුණ දුන්නේ කුමන්ත‍්‍රණය වටහාගෙන වැඩි වැඩියෙන් දරුවන් බිහිකිරීමෙනි. දරුවා සම්පතකි. පුංචි පවුලක ඉපදෙන දරුවා හැම කාලයකම අසරණයෙකි. ලොකු පවුලක හැදෙන දරුවෝ හැමවිටම ජයග‍්‍රහණ ලබති. 

කළු ඇමරිකානුවන්ට ඇටවූ උගුල සිංහලයින්ටද අටවා තිබේ. සිංහලයා ඒ උගුලේ අසුවී සිටී. මේ  විනාශයෙන් ගොඩඒමට හැක්කේ මාෆාව වටහාගෙන ඊට පවුල් වශයෙනුත් ගම් වශයෙනුත් ජාතියක් වශයෙනුත් මුහුණදීමෙනි. මාෆා ක‍්‍රියාකාරිකම් හෙළි කිරීමට උනන්දු වෙන්න. සිංහලයා වඳ කිරීමේ ජාතිවාදී වැඩපිළිවෙළ නැවැත්වීමට රටට දැයට තම දූදරුවන්ට ආදරය දක්වන හැම දෙනාම මහන්සි විය යුතුය.