ආගම හා දේශපාලනය අතර ඍජු සම්බන්ධතාවක් තියෙනව. ලෝකයෙ ප‍්‍රධාන හැම ආගමක්ම තහවුරු කිරීම හා පැතිරීම සිදුවෙන්නෙ රාජ්‍ය පාලකයින් (හෙවත් දේශපාලනඥයින්) මැදිහත්වෙලයි. බුද්ධාගම ලොව පැතිරුනේ අශෝක අධිරාජයාගේ ධර්ම දූත ව්‍යාපාරය හින්දයි. ක‍්‍රිස්තියානි ආගම රෝමයේ රාජ්‍යාගම කරපු කොන්ස්ටන්ටයින් අධිරාජයා තම බලය යොදා එය තහවුරු කෙරුව. ඉස්ලාම් ආගමත් ඒ වගෙයි. කාලිප්වරයා තමා පතුරුවන්නෙ, තහවුරු කරන්නෙ. ආගම පතුරුවන පාලකයා පස්සෙ හැමවිටම පූජකවරයා හිටිය. පාලකයා ආගමකට විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ පූජකවරයාගේ උපදෙස් අනුවයි.
යුරෝපීන් යටත් විජිත ගොඩනංවනවාත් සමගම පැරණි ක‍්‍රමය වෙනස් වුණා. පාප්තුමාගේ උපදෙස් පිළිගත් පෘතුගීසි හා ස්පාඤ්ඤ හමුදා නායකයින් ලෝකෙන් අඩක්ම කතෝලික ආගමට නතුකර ගත්ත. පසුකලෙක ඇතිවූ රෙපරමාදු ප‍්‍රතිසංස්කරණවලින් පසුව පාප්තුමාගේ බලය සීමාවූ බව ඇත්ත. නමුත් ඒ වෙනුවට රෙපරමාදු ආගමික නායකයින් බිහිවෙලා බි‍්‍රතාන්‍යය වැනි රටවල් මෙහෙයවන්ඩ වුණා. අද ලෝකයේ බලවතා වී සිටින ඇමරිකාව මෙහෙයවන ප‍්‍රධාන බලවේගය තමයි ක‍්‍රිස්තියානි ආගම. ඇමරිකානු ඩොලර් නෝට්ටුවේ පවා දෙවියන්ගේ බලය ගැන සඳහන් වෙනව. ඇමරිකානුවා තම ජාතික ධජය ඉදිරියේ ජාතික ගීය ගයන්නේ දෙවියන්ගේ බලය සිහි කරමිනුයි. ඇමරිකා ජනාධිපති දිවුරුම් දෙන්නේ දෙවියන්ගේ පිහිට ඉල්ලමින්. ඇමරිකාව කියන්නේ කෙටි ඉතිහාසයක් ඇති රටක්. ඇමරිකා ජාතිය නිර්මාණය වෙලා තියෙන්නෙ ලෝකෙ හතරවටෙන්ම ආපු විවිධ ජාතිකයන් එකතු කිරීමෙන්. ඔවුන් අතර විවිධ ජාතිවලට ආගම්වලට අයත් මිනිස්සු ඉන්නවා. හැබැයි ඇමරිකාව ක‍්‍රිස්තියානි රටක් මිස සර්ව ආගමික රටක් නෙවෙයි. ඒක ඇමරිකානු ජාතියට අයත් රට මිස සර්ව ජාතික රටක් නෙවෙයි.
යටත් විජිත බවට පත්වූ රටවල් කතෝලික හෝ ඇංග්ලිකානු ආගමික නායකයින්ගේ උපදෙස් අනුව කටයුතු කළා. මේ තත්වය බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවා කියල ලංකාවෙ වෙනස් වුණේ නෑ. රාජ්‍ය නායකයින් භික්ෂුව දෙන උපදෙස් අනුව වැඩ කළේ නැහැ. ක‍්‍රිස්තියානි පූජකයින්ගේ සහ බටහිර රටවල උපදෙස් අනුව නිරතුරුවම කටයුතු කරන්ඩ ඔවුන්ට සිදු වුණා. එයින් පිට පැන්න ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහත්තයව මැරුව මදිවට ඊට භික්ෂුණ් වහන්සේලාව සම්බන්ධ කෙරුව. මේ තත්වය කොහෙද නැත්තෙ. ඉන්දියාවෙ දැන් බලය අල්ලා සිටින්නේ ඉතාලි ජාතික ප‍්‍රබල කතෝලික කාන්තාවක්ව සිටි සෝනියා ගාන්ධි මැතිණියයි. මියන්මාරයේ බලය ක‍්‍රිස්තියානි සුද්දෙක්ව කරගහගත්ත සුකීට ගියා. ඉස්ලාම් රටවල් කුරාන නීතිය යටතේ කටයුතු කරන නමුත් ඇමරිකාව ප‍්‍රධාන යුරෝපීය රටවල් දෙන උපදෙස් නොපිළිගන්නා නායකයින් සිටින හැම ඉස්ලාම් රටක්ම දේශපාලන කුණාටුවලට අහුවෙනව. මේක තමයි අරාබි වසන්තය.
සැබවින්ම ලංකා දේශපාලනයේ භික්ෂුණ් වහන්සේලාට කිසිම බලයක් නෑ. රාජ්‍ය පාලකයින් භික්ෂුණ් වහන්සේලා දෙන උපදෙස් පිළිගන්නෙ නෑ. ඔවුන්ට ඒක කරන්ඩ බෑ. රාජ්‍ය පාලකයින් මෙහෙයවන අදෘශ්‍යමාන පූජක පිරිසක් ඉන්නව. මෑතක කොළඹ විශ්වවිද්‍යාලයෙ මහාචාර්යවරයෙක් කියල තිබුණ කාදිනල් මැල්කම් රංජිත් වැනි නායකයින්ට ඇති බලය හා තේජස හාමුදුරුවරුන්ට නැත්තෙ ඇයි කියල. ඇත්තටම ඥානය පාවිචිචි කරල බලනව නම් මේ වාගෙ ප‍්‍රශ්න මතුවෙන්නෙ නෑ.
රාජ්‍ය පාලකයින්ට භික්ෂුණ් වහන්සේලා දෙන උපදෙස් පිළිගන්ඩ බැරිනම් භික්ෂුණ් වහන්සේ ගතයුතු පියවර කුමක්ද? සසුන රට ජාතිය දේශපාලනඥයට බාරදීල ගමේ වැඩ කරමින් ඉන්ඩ කියලයි සමහරු කියන්නෙ. එහෙම වුනොත් යටත් විජිත යුගයටත් වඩා භයානක සමයක් උදාවීම වළක්වන්ඩ බැහැ. භික්ෂුණ් වහන්සේලාට දිගට හරහට පහර ගහමින් මේ කාලයේ කරගෙන යන වැඩපිළිවෙළ සංවිධානාත්මක ක‍්‍රියාවක්. බොහෝ බෞද්ධයන්ට මේක වැටහෙන බවක් පෙනෙන්නෙ නැහැ.