Thursday, June 26, 2014

ගෙදර ගියොත් අඹු නසී මග රැඳුණොත් තෝ නසී


ගමනක් ගිය බමුණෙකු අතරමගදී විඩා නිවාගැනීමට නැවතුණේය. ඔහු තමා ගෙන ගිය අග්ගලා මල්ල ලිහා අග්ගලයක් කා මල්ල ගසක් මුළ තියා වතුර බොන්ඩ ඇළට ගිය අතරතුර මල්ල ඇතුළට විසකුරු සර්පයෙක් රිංගුවේය. ඒ බව නොදත් බමුණා මල්ලේ කට බැඳගෙන ගෙදර බලා යද්දී, ‘ගෙදර ගියොත් අඹු නසී. මග රැඳුණොත් තෝ නසී’ යැයි රුක් දෙවියෙක් කීවේය.
ශ‍්‍රී ලංකාවේ පාලකයන්ද බමුණාගේ තත්වයට පත්ව සිටින බවක් පෙනේ. ඔවුන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමක් හමුවට ගෙන ගොස් වරදකරුවන් කිරීමේ වුවමනාව ඉන්දීය සාගරයේ බලයට පොරකන බටහිර බලවතුන්ට තිබේ. නමුත් ලංකාවේ ජනාධිපතිවරයා මහජන ඡුන්දයෙන් පත්වූවෙකි. ඔහුගේ බලය රඳා පවතින්නේ සිංහල බෞද්ධ ඡුන්ද පදනමේය. සිංහල බෞද්ධයන්ගේ විශ්වාසය බිඳ නොවැටෙන තාක් ඔහු රට තුළ පරාජය කිරීමට නොහැකිය. මීට උපායක් සොයන බටහිර බලවතුන් ඉස්ලාම් රටවල් හා ලංකාවේ පාලකයින් අතර සම්බන්ධතා තර කරවන බව විචාරකයෝ පවසති. 
මැද පෙරදිග ඇමරිකාවේ දකුණු අත වශයෙන් හැඳින්විය හැකි සවුදි අරාබිය මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට පක්ෂව ඡුන්දය දීම ජාත්‍යන්තර ක‍්‍රියා ගැන වැටහෙන නුවණැත්තන්ට අරුමයක් නොවේ. එහිදී ලංකාවේ පාලකයින් බේරාගැනීමට මුස්ලිම් රටවල් සියල්ලම වාගේ ඉදිරිපත් වූ බව ප‍්‍රසිද්ධ කාරණයකි. මේ සමග ලංකාවට ජාත්‍යන්තර ඉස්ලාම් බලය හා මූලධර්වාදය නිදහසේ සංක‍්‍රමණය වීම ඇරඹුණි. එය සිංහල බෞද්ධයාගේ ආයුෂ කාලය තව පරම්පරා දෙකකට තුනකට සීමා කිරීමට සමත්ව සිටී. ‘පුංචි පවුල රත්තරන්’ කියමින් සිංහල වින්නඹුවන් ලවා පවුල් සංවිධානය දිගටම කළහොත් තව පරම්පරා දෙකකින් අළුත්ගම තත්වය රටේම ඇතිවීම වැළැක්වීමට හැකි ජගතෙක් නැත.
තමන්ගේ කතිරයෙන් බලයට පත් වී මුස්ලිම් ගලනයට හා ආධිපත්‍යයට ඉඩදෙන පාලක පිරිස් බිම දැමිය යුතු   බව සිංහල බෞද්ධයෝ සිතති. බෞද්ධයාගේ විශ්වාසය බිඳ වැටුණු සැණින් වත්මන් පාලනය පැරදවීමට වෙනත් ව්‍යාපාර අවශ්‍ය නැති බව ජාත්‍යන්තරය දනී.
ඉස්ලාම්වරු සතුටු නොකොළොත් පාලකයන්ට ජාත්‍යන්තරයේදී කෙලවේ. සිංහල බෞද්ධයන් අසතුටු කළොත් රට තුළදී කෙලවේ. ඔවුන්ගේ එකම වාසනාව ජාතිය ගැන, සංස්කෘතිය ගැන නොවැටහෙන විරුද්ධ පක්ෂ නායකයෙකු සිටීමයි. ඔහුටම ගැලපෙන තෙවරප්පෙරුමලාද එතන සිටිති.
ලංකාව ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ මූලස්ථානයක් නොවේ. ඉතා වේගයෙන් එම ස්ථානයට පත්වෙමින් පවතින රටකි. මේ ගැන ඉන්දියාව පවා ඉතාම සෙවිල්ලෙන් පසුවෙයි. ඉන්දියාව දැනටමත් ලංකාවෙන් පිටවූ ඉස්ලාම් ත‍්‍රස්තවාදීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිදැල්ලේ හැසිරෙමින් මූලධර්මවාදි මතවාදය පතුරුවන හා තරුණ මරක්කල පිරිස් ඒ සඳහා සංවිධාන කරන විදේශීය මූලධර්මාචාරයවරුන් පවා සෑහෙන සංඛ්‍යාවක් ලංකාවේ සිටිති. මොවුන් මූලධර්මවාදී චින්තනය රටේ පැලපදියම් කොට මහා ජිහාඞ් සේනාවක් ගොඩනගා ඇති බව ලංකාවේ අභ්‍යන්තර සිදුවීම් ගැන විමසිලිමත් වුවෝ කියති. ඔවුන්ට ආයුධ ඇත. මුදල් ඇත. එම මුදල් වලින් දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් මිලයට ගැනීමට පුළුවන.
අළුත්ගම ප‍්‍රහාරය ඊට සාක්කියකි. භික්ෂුවකට පහරදීමට පොසොන් පොහොය දිනය යොදා ගෙන ඇත්තේ කෝලහාලය පැතිරවීමේ පරමාර්ථයෙනි. පහර කෑ භික්ෂුව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. පොලිසිය ක‍්‍රියාත්මක වී නැත. පහරදීම සම්බන්ධයෙන් පොලිසිය නීතිමය ක‍්‍රියාමාර්ග නොගැනීමට විරුද්ධව රැස්වීමක් පැවැත්වීම ප‍්‍රජාත්නත‍්‍රවාදී රටක සිදුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවකි. ඒ රැස්වීමේ සිට පිටත්ව එන පිරිස් වලට මහමගදී පහරදීමට මස්ජිඩයක් ඇතුලේ සටන්කරුවෝ පිරිසක් සූදානමින් සිටියහ. පොලිසිය ක‍්‍රියාත්මක වී නැත. ජිහාඞ් බලය හමුවේ සියල්ලම අකර්මණ්‍ය වූ බවක් පෙනේ.
ආගමික ගැටුම් පිළිබඳව විමසිල්ලෙන් බලන විට එහි මහ මුලක් පෙනේ. මධ්‍යතන අවදියේ තුර්කිය බලවත් වී යුරෝපය ආක‍්‍රමණය කළේය. ඒ අනුව ඉස්ලාමිකයන්ගෙන් ක‍්‍රිස්තියානි ආගම බේරා ගැනීමේ සටන් ඇරඹුණි. පෘතුගාලය මෙම සටන් ඉන්දියානු සාගරයට ගෙනාවේය. සියල්ල කෙවර වුයේ කුරුස යුද්ධවලිනි. ඉස්ලාම් සේනාව අන්ත පරාජයක් ලැබුවේය. ඔවුන්ගෙන් පැවතෙන්නෝ, ජනගහණය බෝ කිරීම යළි නැගිටීමට ආයුධයක් ලෙස භාවිතා කරන්ට වුහ. දැන් ඉස්ලාම් ජනගහණය යුරෝපයට තර්ජණයකි. නමුත් නැවත කුරුස යුද්ධ ආරම්භ කළ නොහැක. ඒ වෙනුවට ආගමික ගැටුම් ඇති වේ.
ආගමික කෝලහාල ගෝලීයකරණයේ ලක්ෂණයකි. මේවා ගැන බටහිර රටවල්ම සමීක්ෂණ පවත්වති. රටවල් 198ක් ඇසුරින් කරනු ලැබූ එවැනි සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙන ලෙසට පසුගිය වසර 6 තුළ ලොව ආගමික සටන් වැඩි වී ඇත. 2007 වසරේ 20%ක් වූ ආගමික ගැටුම් 2011 වන විට 29% දක්වාත් 2012 වන විට 33% දක්වාත් වර්ධනය වී ඇත. ඇමරිකානු කලාපයේ හැර ලෝකයේ සියලූම ප‍්‍රධාන පෙළේ දේශපාලන කලාපයන්හි ආගමික ගැටුම් වැඩිවෙමින් පවතී. ආගමික ගැටුම් බහුලවම ඇත්තේ මැදපෙරදිග හා උතුරු අප‍්‍රිකා කලාපවලයි. ආසියා පැසිපික් කලාපයේ ආගමික ගැටුම්වල සැලකිය යුතු වර්ධනයක් දක්නා ලැබේ. පළමු වරට චීනයේ ආගමික ගැටුම් ‘ඉහළ’ මට්ටම ආසන්නයට පැමිණ ඇත.
මේ වාර්තාව ශ‍්‍රී ලංකාවේ සිදුවීම් දෙකක් පිළිබඳව සඳහන් කරයි. ඒ ලොව සුළුතර ආගමික කණ්ඩායම්වලට එරෙහි බලහත්කාරකම් පිළිබඳ නිදසුන් දැක්වීමේදීය. ශ‍්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා 2012 අපේ‍්‍රල් මාසයේදී දඹුල්ලේ මුස්ලිම් මස්ජිදයකට පහර දුන්නේලූ. 2012 අගෝස්තුවේ දෙනියායේ ‘සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ටිස්ට්’ දේවස්ථානයකටත් පහරදුන් තවත් භික්ෂු පිරිසක් එය විහාරස්ථානයක් බවට පරිවර්තනය කරගන තිබේලූ. මේවා කියවන්නෙකුට මීට වසර දෙකකට පෙර ඇමරිකාවේ සීඇන්ඇන් ප‍්‍රවෘත්ති ආයතනයේ කාන්තාවක නිර්මාණය කළ රණකාමී භික්ෂූන් පිළිබඳ වාර්තා චිත‍්‍රපටය සිහිපත් වේ. මේ වාර්තාවේ තොරතුරු එම වාර්තා චිත‍්‍රපටය තහවුරු කරයි.
දීඝවාපියට ඩෝසර් යාම හෝ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම හෝ ගැන පෙර කී වාර්තාවේ  සඳහන්ව නැත්තේ ඒවා මහ ජාතියේ සිද්ධස්ථාන නිසා විය යුතුය. බංගලි දේශයේ චිතගොං කඳුකරයේ බෞද්ධ සංහාර සඳහන්ව නැත්තේ හදපු පුද්ගලයින්ට ඒ ගැන ආරංචි නොවූ නිසා විය යුතුය. පකිස්ථානයේ ස්වාත් නිම්නයෙහි බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම හෝ මාලදිවයිනේ කෞතුකාගාරයේ තිබූ පුරාවස්තු වැනසීම වැදගත් සිද්ධීන් ලෙස සලකා නැත්තේ ඒවා ඉස්ලාම් රටවල් නිසා විය යුතුය.
ලංකාවේ ජිහාඞ්වාදීන්ට බටහිර රටවල් ආශිර්වාද කිරීම පුදුමයට කාරණයක් නොවේ. ඔවුන්ට අවශ්‍ය පාලකයන් හා සිංහල බෞද්ධයන් භේද කරවීමයි. ජිහාඞ් බලවේගය ඒ වුවමනාව ඉටුකරයි. මේ නිසා  බීබීසිය අළුත්ගම කෝලහාලය බොදු බල සේනාවේ ක‍්‍රියාවක් යැයි ලොවට දැන්වීය. ලංකාවේ ඇතැම් මාධ්‍ය ආයතනයන්හි රස්සාවෙන සිංහල හරිහැටි කතා නොකර කුණුහරුප සිංහල බෙදන නිවේදක නිවේදිකාවෝ පවා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නරක සිංහලෙන් කතාවක් පවත්වා මහජනයා උසිගැන්වී යැයි චෝදනා නැගුහ. මොවුන් පෙන්වන හැටියට නම් සිංහල බෞද්ධයන් යනු අමන මරිමෝඩ ජනවර්ගයකි. හාමුදුරුනමකගේ කතාවක් ඇසිමෙන් පරළ වී කෝලහාල කරන පිරිසකි.
යථාර්ථය වටහා ගනිමු. මේ කෝලහාල ජිහාඩි වැඩපිළිවෙළ, සිංහල ජාතිය පුංචි කිරීම ආදි සියලූ සැලසුම් යට සැඟවුණු බලවේග ඇත. අවාසනාව නම් සිංහලයන් වැඩි පිරිසක් තවමත් මේ අනතුරුදායක තත්වය තේරුම් ගෙන නොතිබීමයි.
  
   

Sunday, February 16, 2014

වැඩියෙ ලග හඳ ද? නැත්නම් තරු ද?


ඉස්සර අපේ ගමේ ගෙදර කුස්සිය පැත්තෙන් එළියට බැහැපුවහම මැද මිදුලක් තිබුණා. හැබැයි මැද මිදුලක් කිව්වට ඒකට හරිම නම මැද මිදුලකටත් වඩා අයිනෙ මිදුලක්. ඒකෙ තමයි ඒ කාලේ මගේ වටිනාම වස්තුවක් වෙච්ච ගියර් මාරු කරන්න පුළුවන් හොඳ බයිසිකලෙත් තාත්තගෙ කබල් මෝටර්සයිකල් එකත් ගාල් කරල තිබුණෙ. ඒකෙන් එළියට යන්න තිබ්බෙ යකඩ වලින් හදපු ග‍්‍රිල් දොරක්. ඒක දිගේ උඩට නැග්ගම ගෙදර වහළෙ උඩට නැග ගන්න පුළුවන්.

ඒ මං ඉස්කෝලේ අටේ නවයෙ හිටපු කාලේ. ඒ කාලේ මට තිබිච්ච එක විනෝදාංශයක් තමයි ඔය වහළෙ උඩට නැගල උඩුබැලි අතට දිගාවෙලා අහසෙ තරු දිහා බලාගෙන හිටපු එක. අද මට අමතක වුනාට ඒ දවස් වල ඒ කාලේ අහසෙ තිබිච්ච හුගක් තරු, තරු මණ්ඩල, ග‍්‍රහලෝක එක්ක ලොකු ඇයි හොදයියක් වගේම වෙන් වෙන්ව අදුර ගන්න පුළුවන් කමකුත් මට තිබ්බ. ගොඩත් දවස්වල අම්මගෙන් බැනුමුත් අහගෙන කාලා නිදිමතවෙනකන් එහෙම නැත්නම් රාතී‍්‍ර කෑම හැදෙකන් මං කලේ ඔය වැඬේ. 

ඒ අහසත්, ඒකෙ තිබ්ච්ච දේත් අපේ ජීවිතේ වගේ නේද කියල අද මට හිතෙනව. අපි ගොඩක් අය ඈත අහසෙ පේන පුංචිම පුංචි, ලාවට දිලිසෙන දේ දිහා බලං ඉන්නව. සමහරක් වෙලාවට අපි හිතන්නේ ඒවා තරුම තමයි කියල, හැබැයි ඒව තරුවක් නොවී ග‍්‍රහලෝකයක් එහෙමත් නැත්නම් චන්ද්‍රකාවක් වගේ දෙයක් උනත් වෙන්න පුළුවන් නේද? එහෙම තරු දිහා බලාගෙන ඉන්න කොට ? අහසට එළිය ගේන, තරු වලට වඩා දිස්නෙ දෙන හඳ අපට නොපෙනී යනව අපිට මග ඇරෙනව. ඇත්ත ජීවිතෙත් ඒ වගේ. ඈත තියෙන තරු එළිය දිහාම බලාගෙන ඉන්න කොට, ඊට වඩා අපේ කළුවර ජීවිත වලට එළිය දෙන්න පුළුවන් හඳ අපිට මග ඇරෙනවා. තරු දිහා බලාගෙන ඉදල හඳ ගැන, හඳ එළිය ගැන හිතල ඒක හොයන කොට, ඒ හඳ ජීවිතෙන් බැහැල ගිහින් තියේවි. මොකද තරු වලට වඩා ඒ හඳට හැගීම් දැනෙනවා වැඞී. 

Monday, October 28, 2013

ලෝකයේ මහා පෝසතා සහ හිගන්නා සමාන කිරීම


ලොව බලගතුම සංවිධානය සහ පොහොසත්ම ආයතනය කතෝලික සභාවයි. ඊට අයත් මුලු වත්කම් කොතරම්දැයි කිසිම රටක්, සංවිධානයක් හෝ පුද්ගලයෙක් නොදනිති. දැනගැනීමටද නොහැකිය. රෝමය මුල්කරගත් කතෝලික සභාව ඒ තරමටම උපක‍්‍රමශීලීව කටයුතු කරන ආයතනයකි. ලෝකයේ සැම රටකටම, මනුෂ්‍ය වාසය පවතින සැම දිවයිනකටම  කතෝලික සභාවේ අඩු ඇදී පවතී. මාලදිවයින් වැනි රටවල් සියයට සියයක්ම ඉස්ලාම් රටවල් වශයෙන් හඳුන්වාගන්නා නමුදු මේ රටවලින් එළියට ආ ඇතැමුන් කතෝලික ආගම මාල දිවයින්වලට ගෙනයන්නට උත්සාහ දරති. කතෝලික සභාවක් ඇති හැම රටකින්ම සභාවට ආදායම් එකතු වේ. කතෝලික සභාව මනාව ක‍්‍රියාත්මක වන රටවල මොන්ටිසෝරියක පටන් සුපිරි ආරෝග්‍යශාලාව දක්වාත් බැංකු, රක්ෂණ සමාගම් ඇතුලු නොයෙක් සමාගම්වලත් අදිසි හිමිකරු කතෝලික සභාවයි. එම නිසා කතෝලික සභාව බැතිමතුන්ගෙන් පමණක් නොව කතෝලිකයන් නොවන්නන්ගෙන්ද ආදායම් ලබයි.

ස්පාඤ්ඤ හා පෘතුගීසි ජාතිකයින් රටවල් අල්ලා ගන්නට යනවිට ප‍්‍රැන්සිස්කන් ඩොමිනිකන් පියවරුන් ආගම ප‍්‍රචාරයට ඒ නැව්වල නැගී ගියේ පාප්තුමාට ලෝකයේ බලය අල්ලාදීමේ පරමාර්ථයෙනි. මනුෂ්‍යයන් දෙවියන්ට දිනා දීම වශයෙන් සිදු වූයේ ඔවුන් පාප්ගේ ආධිපත්‍යයට යටත් කිරීමයි.   

කතෝලික දේවස්ථානය ගැන මෙම සටහන ලියන්නට අදහස් කළේ පසුගිය සති කිහිපයක පටන් ජර්මනියේ ඇතිවුණු ලොකු කලබගෑනියකි. ජර්මන් කතෝලික දේවස්ථානයේ වත්කම් හෙළිවිය. ජර්මන් කතෝලික සභාවේ වත්කම් සහ බිෂොප්වරුන් සුඛෝපභෝගී ජීවිත සඳහා මුදල් වියදම්කරන හැටි අනාවරණය විය.

තොරතුරු විමර්ශනය හා අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳව ඉතා ඈත කාලයක සිටම ජර්මන් ජාතිකයෝ නිර්භීත භාවයක් දක්වති. රෙපරමාදු ප‍්‍රතිසංස්කරණය වශයන් හඳුන්වන පාප්තුමා විරුද්ධව ඇතිවූ කැරැල්ල ආරම්භ වූයේ ජර්මනියෙනි. ජර්මන් කතෝලික දේවස්ථානයේ ධනවත්කම හෙළිකිරීම රෙපරමාදු ප‍්‍රතිසංස්කරණය වැනි දෙයක් නොවන බව සැබෑ නමුත් මෙයද කතෝලික දේවස්ථානය කුමක්ද යන කාරණය දැනුම් දෙමින් මහජනයා අවදි කිරීමකි. මෙම තොරතුරු හෙළිකිරීමට මුල්වූයේ කාස්ටන් ෆ්‍රෙරේක් නමැති ගවේෂකයෙකි. කාලයක් තිස්සේ කතෝලික දේවස්ථානයේ ආදායම් සෙවීමට ඔහු වෙහෙසී ඇත.

ජර්මනියේ උගතුන් මේ ආකාරයෙන් කටයුතු කරද්දී ලංකාව වැනි රටවල උගත්තු වැඩි පිරිසක් හැසිරෙන්නේ අන්තිම බාලයින් ලෙසිනි. මෑතකදී ප‍්‍රසිද්ධ රැස්වීමක දේශනයක් කළ මහාචාර්යවරයෙකු කතෝලික පූජකවරුන්ට සිය ප‍්‍රසාදය පළ කරමින් භික්ෂුන් වහන්සේලාට කතෝලික පූජකවරුන් මෙන් සෘජුව කටයුතු කරන්ට බැරි මන්දැයි ප‍්‍රශ්න කළ හැටි පත්තර කියවන බොහෝ දෙනා දකින්නට ඇතැයි සිතමි. ඔහු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ සෘජු ජීවිතයෙන් මහත් ආස්වාදයක් ලබන්නෙකු බව කියා තිබුණි.

මෙවැනි මහාචාර්යවරු නම් තනිකරම ළිංගෙම්බන්ට සමානයෝ වෙති. ළිංගෙම්බාගේ කෑගැසීම ළිඳ ඇතුලේ ඉන්නා හැම කුඩා සතෙකුටම මහා නාදයකි. එම නිසා උන්ගේ හැම රැස්වීමකටම ළිංගෙම්බාට ආරාධනා ලැබේ. ළිං ගෙම්බෙකු නොවන්නේ නම්, මොරටුව ප‍්‍රදේශයේ කතෝලික ළමා නිවාසයක ළමා නීතිවලට පටහැනිව කටයුතු කළ කන්‍යා සොහොයුරියක නීතියේ රැහැනට අසුවූ අවස්ථාවේ මැල්කම් රංජිත් කාදිනල්තුමා රජයට කළ සුළු තරවටුවෙන් රජය බියවී කන්‍යා සොහොයුරිය නිදහස්කර යැව්වේ මන්දැයි සිතාගැනීමට, මෙවැනි මහාචාර්යවරයෙකුට පුලූවන.

අනේ! මෙවැනි සුලූ දැනුමක්වත් නැති මහාචාර්යවරු!!!   

How rich is the catholic church/ German News/local  බලන්න

Monday, October 14, 2013

ඉස්ලාම් අදහන්නන්ගේ හිස මත ගොඩ නැගූ කුරුසය



ඊශ‍්‍රායලය තම රට වට කරගෙන සිටින අරාබි රටවල් සමග මහ යුද්ධයක් කළ කාලයේ අරාබිකාරයා  ගැන නොයෙකුත් හාස්‍යෝත්පාදක කතන්දර ඊශ‍්‍රායලය විසින් ප‍්‍රචාරය කරන ලදි. මෙය එක කතාවකි.

සතුරු ගුවන් යානා බිමහෙළන නවීන පන්නයේ තුවක්කු මුසල්මානුවන්ට සැපයූ රුසියාව, මුසල්මානුවන් එම තුවක්කු පත්තු කරගත නොහැකිව කකුල් දෙක අස්සේ ගහගෙන දෙකට නැමී මිය යතැයි අසා පුදුමයට පත් විය. 

‘අපේ බඩු නියම බඩුනෙ. මේක වෙන්ඩ බැරි වැඩක්’ කියමින් සිද්ධිය ගැන පරීක්ෂණයක් කළ රුසියානුවන්ට   හේතුව හොයාගත හැකි විය. මුසල්මානුවන් යුද්ධ භූමියේදීද දවසට පස්වරක් නබීතුමාට යාච්ඥා කරති. කකුල් දෙක අස්සේ තුවක්කුව රිංගවාගෙන දෙකට නැමී යාඥා කරන මේ අවස්ථා ගැන දන්නා ඊශ‍්‍රායල් ගුවන් භටයෝ ඒ වේලාව අල්ලා ඔවුන්ට බෝම්බ දමති. 

මේ කතාව අසන්නෝ හාස්‍ය රසය විඳින අතර අරාබිකාරයා මෝඩයෙකු යයි පිළිගත්හ. මෙවැනි සිනා කතා යට සැඟවුණු රහස් තිබේ.

අරාබියේ පමණක් නොව ඉස්ලාම් රටවල් සියල්ලකම ප‍්‍රධාන ලක්ෂණය බුද්ධිමතුන් හිඟකමයි. ඊට හේතුව ඉස්ලාම් ආගම පැතිරෙන රටවල උපදින හැමට කුරානයේ නීතිවලට අනුව හැඩගැසීමට සිදුවීමයි. කුරානයෙන් ඥානවන්ත අදහසක් සොයාදිය හැකි ජගතෙකු ලොව නොමැත. කුරානය අදහන ඉස්ලාම් ආගමිකයා අන් ආගම් හා දර්ශන අදහන්නන් ඉස්ලාම්වරුන්ට වඩා පහත් යයි සිතන්නට පුරුදු වේ. වර්තමානයේ මේ පොත හැම ඉස්ලාම් පිරිමියෙකුම බහ තේරෙන වියේ සිට අනිවාර්යයෙන් ඉගෙනගත යුතුය. ඉස්ලාම්වරුන් ‘මද්රාසා’ පිහිටුවීම මගින්  කරන්නේ කුරානය ඉගැන්වීමයි.

කුරානය උගන්වන ආකාරයට ඉස්ලාම් ආගමිකයාට මිසදිටු කාන්තාවක ඉස්ලාම් ආගමට හරවාගෙන පාවා ගන්නට අවසර තිබේ. මොනම හේතුවක් නිසාවත් ඉස්ලාම් කාන්තාවක වෙනත් ආගමිකයෙකු සමග විවාහවීම බරපතල වරදකි. මෙහි ගැබ්ව ඇත්තේ ආගම්වාදය නොවේද? එහෙත් ලංකාවේ ඇතැම් වෘෂභරාජයෝ මේ ටිකවත් තේරුම් නොගෙන හැම ආගමකම උගන්වන්නේ සාමය යයි කියමින් ගොන් පාට් දමති. අවාසනාව මොවුන්ගේ ගොන් කතා පිළිගන්නා මිනිසුන් අප රටවල විසීමයි. ඔවුන්ගේ හිඟන මොළ ගැන කීමට වුවමනා නැත.  

මේ කුරානයේම ස්ත‍්‍රිය පුරුෂයාට වඩා පහත් යයි සඳහන් වේ. ඉස්ලාම් නීතිය අනුව පුරුෂයින්ට බහු භාර්යා සේවනයට ඉඩ ඇත. පුරුෂයා මිය ගිය ස්ත‍්‍රියකටවත් දෙවැනි කසාදයකට ඉඩක් නැත. එවැන් ක‍්‍රියාවක් පවා අනාචාරයකි. ෂාරියා නීතිය අකුරටම ක‍්‍රියාත්මක කළ ඇෆ්ගනිස්ථානය වැනි රටවල ගැහැණු ළමයින් පාසල් යාමත් අපරාධයක් වුණි. එබැවින් ඉස්ලාම් රටක කාන්තාව පුරුෂයාට යට නිසා ඒ රට අනිවාර්යයෙන්ම නූගතුන් වැඩි රටකි.

ඉස්ලාම් අදහන්නන් මෝඩයන් යයි යුදෙව්වන් මෙන්ම ක‍්‍රිස්තියානිකාරයෝද පිළිගනිති. මේ බව ලොවට පහදා දෙන මහා බරපතල කාර්යයක් ඔවුහු පසුගිය වසරේ කළහ.

තෙල් බලයෙන් පෝසත් වී සිටින කුවයිට් රට අරාබිකරයේ විශාලම සංචාරක හෝටලය ඉදිකිරීමට අදහස් කළේය.  අති දක්ෂ බි‍්‍රතාන්‍ය හෝටල නිර්මාණ ශිල්පියෙකු වූ ටොම් රයිට් මේ සඳහා යොදවා ගන්නා ලදි. විශාල වියදමක් දරමින් බුර්ජ් අල් අරාබ් නමැති මෙම හෝටලය තනා නිම කර සියලූ මුදල් ගනුදෙනු අවසන් කරගත් පසු මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගි වූ රයිට්, ‘මම අරාබිය මැද්දේ කුරුසයක් ඉදි කෙරුවා’යි පුරසාරම් කීවේය. ‘කුරුසය මදිනාවට මුහුණ දීගෙන ඉන්නව’ ඔහු වැඩිදුරටත් කීවේය.


මේ කතාව ඇසූ අරාබි නායකයෝ තිගැස්සුණහ. ‘ප‍්‍රතිමා වන්දනාව තහනම් අරාබිය මැද්දේ කුරුසයක්? මේ මොන විපතක්ද?’ කියමින් හෝටලය දෙස බැලූ ඔවුහු මවිත වූහ. රයිට් මුළු අරාබියම මෝඩයාට අන්දවා  මදිනාවට කෙලින් ලෝකයේ විශාලම කුරුසය සිටුවා තිබේ. නමුත් විශාල ධනයක් වැයකර  ගොඩනැගූ  හෝටලය කඩා දැමිය නොහැකිය. එම නිසා සවුදිය වැනි රටවල් හෝටලය දැක්වෙන පෝස්ටර් ආදිය වර්ජනය කරති.

ඉස්ලාම් අන්තවාදය සවුදියේ සිට ලොව පුරා  පැතිරෙන භයානක උවදුරකි. මෙය පසුපස සිටින්නේ ඇමරිකාව බව ඇතැම් ඉස්ලාම්වරු දනිති. නමුත් ඉතාම වේගයෙන් පැතිරෙන ඉස්ලාම් අන්තවාදය වළක්වාගැනීම ඔවුන්ට කළ නොහැකිය. සීග‍්‍රයෙන් පැතිරෙන ඉස්ලාම් අන්තවාදය දකින ක‍්‍රිස්තියානි යුරෝපය කලබල වී සිටී. රුසියාවත් ඒ යුරෝපීයන්ගේ ගොඬේ සිටිනා රටකි. එම නිසා බුදුසසුන රැුකගැනීමට යම් යම් උත්සාහයන් ගන්නා ලංකාවේ බෞද්ධ සංවිධාන ගැන වැරදි වැටහීමක් ඇති කරගැනීම නවත්වා ලොව පුරාම ඉස්ලාම් අන්තවාදයක් පැතිරෙන බව තේරුම් ගැනීම ඥානවන්ත ක‍්‍රියාවකි.

මොනතරම් වේගයෙන් පැතිර ගියත් මෙය ඉස්ලාමිකයාගේ විනාශයට පාර කපන්නකි. ඉස්ලාමීකරණ වැඩ නිසා ඉස්ලාම් ආගම අදහන්නන් කෙරෙහි ලොව පුරා සිටින අන්‍යාගමිකයෝ හා නිදහස් මතධාරීහු කළකිරෙති. අමනාපවෙති. මතු කලෙක ක‍්‍රිස්තියානි යුරෝපය හෝ ඊශ‍්‍රායලය ඉස්ලාම් අන්තවාදය පැතිරීම වැළැක්වීමට ඉදිරිපත්වීම නොවැළැක්විය හැකිය. එවිට ලෝකයේ සියලූම රටවල ඉස්ලාම් නොඅදහන්නෝ ඉස්ලාම් විරෝධීන් වශයෙන් එක ගොඩකට එකතු වෙති. අරාබිය මැද්දේ ලෝකයේ ලොකුම කුරුසය ගොඩනැංවූවේ එක ක‍්‍රිස්තියානිකාරයෙකුගේ නුවණිනි. එමනිසා මොවුන්ට ඉස්ලාම් ව්‍යාප්තිය වැළැක්වීමත් කජ්ජක්ද? 

මේවා තේරුම් ගන්නා අතරම අපි ලංකාවේ කුරුස ඉදිකිරීම ගැනද අවබෝධයක් ඇති කරගත යුත්තෙමු. අරාබියාටත් වඩා සිංහලයා මෝඩ යයි හැඟීමක් සමහර යුරෝපීන් තුළ තිබේ.