Tuesday, July 10, 2012

සුන්නත ආගමික ක‍්‍රියාවක්ද? හිංසනයක්ද?


‘සුන්නත හිංසනයකි. අධිකරණයෙන් දඩුවම් හිමිවිය යුතු වරදකි’ යනුවෙන් අර්ථ දැක්වෙන තීන්දුවක් ජර්මනියේ අධිකරණයක් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම නඩු තීන්දුව සුන්නි ඉස්ලාමිකයන්ට වැදගත් වන්නක් නිසා ජර්මනියේ පමණක් නොව යුරෝපයේ රටවල් කිහිපයකම ජර්මන් අධිකරණ තීන්දුව ගැන සංවාදයක් ඇති වී තිබේ.


මෙය ජර්මනියේ කොලොන්ග් ප‍්‍රදේශයේ දිස්ත‍්‍රික් උසවියකින් දුන් නඩු තීන්දුවකි. සුන්නත් කෙරුණු ළමයකුගේ සිරුරෙන් ලේ ගලායාම නැවැත්වීමට නොහැකි වූ නිසා ළමයා රෝහලකට ඇතුළත් කර ඇත. පසුව පීඩාවට පත්වූ ළමයාගේ සුන්නත සිදු කළ වෛද්‍යවරයාට එරෙහිව ළමා හිංසන චෝදනාවක් යටතේ නඩු පැවරුණි.  ‘සුන්තත දෙමව්පියන්ට හිමි අයිතිවාසිකමක් හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ලියවුණු ආගමික නිදහසක් හෝ නොව හිංසනයකි. ළමයකු වැඩිහිටියකු වූ පසු තමන් කැමති නම් චර්මෙඡ්දනය කරගත හැකියි. නමුත් බාල දරුවන් සුන්නත් කිරීම ළමා හිංසනයක්.’ තීන්දුව ප‍්‍රකාශ කරමින් විනිසුරුවරයා ප‍්‍රකාශ කර ඇත. 


ළමයින් සුන්නත් කරන වැඩිහිටියන්ට අනාගතයේදී ජර්මනියේ පමණක් නොව ප‍්‍රංශය  ඕලන්දය වැනි රටවලද නීතිමය ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදුවන්නට පුළුවන් යයි අප හිතවත් ජර්මන් නීතිඥයෙක් අප හා පැවසීය.


සුන්නත් කිරීම බොහෝ කාලයක සිට ඉස්ලාම් අදහන්නන් අතර ආගමික සිරිතක් වශයෙන් සිදුවෙයි. පිරිමි ළමයින් ළමා වියේදී සුන්නත් කරනු ලබන අතර සමහර රටවල ගැහැණු ළමයින් සුන්නත් කිරීමද සිදුවේ. මෙම ස්ත‍්‍රී සුන්නත නම් හිංසනයක් බව බොහෝ රටවල් පිළිගනී. එම නිසා සමහර ඉස්ලාම් රටවල පවා කාන්තා සුන්නත සිදු නොකෙර්. සමහර රටවල එය අප‍්‍රසිද්ධියේ සිදු කෙරේ. ස්ත‍්‍රී සුන්නත මගින් කෙරෙනුයේ කාන්තා යෝනියේ භගමනිය නමැති අතිශයින් සංවේදී කොටස කපා දැමීමයි. ස්ත‍්‍රී සුන්නතට විරුද්ධව විශේෂයෙන්ම කාන්තාවන් අතර ජනමතයක් පසුගිය කාලයේ ඇති වුණි.  නමුත් පිරිමි සුන්නතට එරෙහිව ලෝකයේ කිසිම රටක මෙතෙක් විරෝධතාවයක් මතු වී නැත. එය ආගමික සිරිතක් මෙන්ම සෞඛ්‍යාරක්ෂාවට සුදුසු දෙයකැයි පිළිගැනීමක්ද  පවතී. 


මේ නිසා ජර්මන් අධිකරණ තීන්දුව පිළිබඳව ජර්මනියේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ඉස්ලාම් අදහන්නන්ගේ විරෝධය පළ වී තිබේ.  

10 comments:

  1. සුන්නත් කිරීම සෞඛ්‍යාරක්ෂාවට සුදුසුයි කියන එක පිළිගත නොහැකි දෙයක්. ස්වභාව ධර්මය විසින් සත්වයෝ ඇති කරල තියෙන්නෙ ස්වභාව ධර්මයට අනුකූල විදියට. එය වෙනස් කිරීම විකෘති කිරීමක්.

    ReplyDelete
  2. කපන එවුන් කපාගත්තාවේ බං, අපේ කපන්ඩ ආවොත් එන එවුන්ගේ මුලින් කපනවා

    ReplyDelete
  3. සවුදි රජ පවුලට සම්බන්ධ කුමාරියෙකුගෙ අත්දැකීම්වලින් Jean P. Sasson ලියපු The Princess පොතේ ඔය කුඩා ගැහැණු ළමයි සුන්නත් කිරීම ගැනත් අනුවේදිනීය සත්‍ය සිද්ධි සඳහන් වෙනව. පිරිමි ළමයින් සුන්නත් කිරීම විතරක් නෙවෙයි, පැහැරගත් ළමයින් කුඩාකාලයේම සුල්තාන්වරුන්ගෙ අන්තඃපුර ආරක්‍ෂාකරන්න නපුංසකයො කරන හැටි ගැනත් තමන්ගෙ අත්දැකීම විස්තරකරන පුද්ගලයෙක් ඒ පොතේදි හමුවෙනව. මම නම් ඒ පොතට කැමති මූලිකම හේතුව අරාබි සමාජයෙ නිරුවත හරි අපූරුවට විස්තර කරනව. ඒ පොත චිත්‍රා. අයි. පෙරේරා සිංහලට පරිවර්තනය කරල විදර්ශන ප්‍රකාශනයක් විදියට නිකුත්වෙල තියනව, කාණ්ඩ තුනකට ද කොහෙද.

    ReplyDelete
  4. මටත් හිතෙන්නේ මේක හිංසනයක් කියලයි.
    ඊට පස්සෙ කපපු එවුන් බයේ ඉන්නෙ ඇයි හිත දන්නවනෙ තමන්ගෙ තුන් කාලට වඩා අනෙක් අයගෙ සම්පූර්ණ එක දිගයි කියල

    ReplyDelete
  5. සුන්නත ගැන වාරිස් ඩයරිගේ “කාන්තාරයේ කුසුමක්“ කියන පොතේ බොහෝම අපූරුවට විස්තර කරලා තියෙනවා. කියවන කොට ඇග හිරිවැටෙනවා. මේවා මහ අමානුෂික වැඩ. ගැහැණු දරුවන් සුන්නත් කරන්නේ ඔවුන්ගේ පහත් ආශාවන් සංසිදුවාගන්න කියලා වාරිස් කියනවා. ඒ විතරක් නෙමෙයි ඇයත් මේ හිංසනයට ලක් වෙච්ච කෙනෙක්.

    ReplyDelete
  6. සුන්නත ගැන වාරිස් ඩයරිගේ “කාන්තාරයේ කුසුමක්“ කියන පොතේ බොහෝම අපූරුවට විස්තර කරලා තියෙනවා. කියවන කොට ඇග හිරිවැටෙනවා. මේවා මහ අමානුෂික වැඩ. ගැහැණු දරුවන් සුන්නත් කරන්නේ ඔවුන්ගේ පහත් ආශාවන් සංසිදුවාගන්න කියලා වාරිස් කියනවා. ඒ විතරක් නෙමෙයි ඇයත් මේ හිංසනයට ලක් වෙච්ච කෙනෙක්.

    ReplyDelete
  7. සුන්නත් කිරීම ගැන දකිනකොටම මගෙත් ඔලුවට එන්නෙ ‘කාන්තාරයේ කුසුම’. වාරිස් ඩයරි සෝමාලියාවෙ ඈත ගමක ඉපදුණ කෙනෙක්. එතැනින් මිදෙන ඇය තමන්ගෙ අත්දැකීම්වලින් මුලු ලෝකයම කරකවල දාපු යකඩ ස්ත‍්‍රියක් කියලයි මම දකින්නෙ. ගැහැනියකට වගේ ලිංගිකත්වය කියන දෙය සදහටම ඇහිමි නොවුණත් පුරුෂ සුන්නත් කිරීමත් එ් හා සමානම නින්දිත දෙයක් . එළිපහළියේ කතා කරපු එක ගැන ඇනකොන්ඩාට තුති. ඉසුරු

    ReplyDelete
  8. මුස්ලිම් භක්තික බහුතරයක් හිතන් ඉන්නෙ තමන් හොද ආගමිකයින් කියල...එහෙම වෙන්න හොද ආගමක් තියෙන්න එපැයි...පුන්චි එවුන් සුන්නත් කරන එක මානව හිමිකම් උල්ලංගනයක්........

    ReplyDelete
  9. සුන්නත් කිරීම ම්ලේච්ඡ ආදිකල්පික ක්‍රියාවක්.. ඕක බයිබලයෙත් සදහන් වෙනවා..දෙවියන් හා ගිවිසුමක් අනුවලු සුන්නත් කරන්නේ. මිනිසු ශරීර කොටස් කපා ගිවිසුම් ගහන දෙවිවරැ?? දෙවිවරැ නෙමේ මුං යක්කු නේද??

    ReplyDelete
  10. ඉස්ලාමයේ ප්‍රධානතම මුලාශ්‍රය වන්නේ අල් කුර්ආනයයි.
    අල් කුර්ආනයේ ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව සෘජු හෝ වක්‍ර සඳහනක් දක්නට නොමැත.
    ඉස්ලාමයට අනූව කාන්තාවන්ට චර්ම චේදනය කිරීම අනිර්වාරය එකක් නොවෙයි.
    ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය දහමක ඉගැන්වීම් හෝ දහමක සම්ප්‍රදායක් මත පදනම් වුවක් ලෙස කිසිම සඳහනක් නොමැත. එය අනාදිමත් කාලයේ පටන් පැවත එන සමාජ සම්ප්‍රදායක් වෙයි.

    ස්ත්‍රී චර්ම ඡේදනය අනුමත ක්‍රියාවක් පමණක් වන අතර මෙම ක්‍රියාවලිය මුහම්මද් ධර්ම දුතයාණන්ට පෙර බොහෝ කලක සිට ආසියානු, අප්‍රිකානු හා දකුණු ඇමෙරිකානු ප්‍රදේශයන්හි සමාජ චර්යාවක් ලෙස පවත්වා ගෙන පැමිණ ඇත.
    පෙර සිට ක්‍රියාත්මක වූ සම්ප්‍රදායක් ලෙස මුහම්මද් ධර්ම දුතයාණන් ගේ කාල වකවානුව තුළත් ස්ත්‍රී චර්ම ඡේදනය සිදුවෙමින් පැවති අතර එම සම්ප්‍රදායේ වැරදි පැති නිවැරදි කරන්නට දුන් උපදෙස් පහත හදීස් වාක්‍යයෙන් ඉතාම පැහැදිළි ලෙස සඳහන් වී ඇත.
    “උම්මු අතියියා, ඔබ චර්ම ඡේදනය කරන විට ඉතා කුඩා කොටසක් පමණක් කපන්නට සීමා කරන්න. අභිශිෂ්ණිකා මුණ්ඩය (glans) ඉවත් කිරීමට කටයුතු නොකරන්න. මෙය ස්ත්‍රියට (බිරියට) ප්‍රසන්න වූ ද පුරුෂයාට තෘප්තිකර වූ ද වන්නේය” (තබරානි : දෙවන වෙළුම හදීස් අංක 722 -සුනාන් අබුදාවූද් : හදීස් අංක 2515 )
    ස්ත්‍රී චර්ම ඡේදනය යනු කුකුළාගේ කරමල අග කොටසට සමාන ලෙස පෙනෙන්නට ඇති අභිශිෂ්ණිකාව අග ආවරණය වී ඇති සම කොටස (Prepuce) පමණක් ඉවත් කිරීමය. (මෙමගින් ලිංගේන්ද්‍රියේ සංවේදී කිසිම කොටසක් කපා ඉවත් කරනු නොලැබේ).” (“ෆත්හ් අල් බාරි” ඉබ්නු අල් හජ්ර් අල් අස්කලානි).

    ඉහතින් ඉදිරිපත් කරන ලද කරුණු දෙස අවධානය යොමු කරන ඕනෑම කෙනෙකුට ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව ඉස්ලාමයට එරෙහිව නගා ඇති චෝදනා සියල්ල සහමුලින්ම පදනම් විරහිත බව පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
    කාන්තා චර්ම ඡේදනය කිසිසේත්ම ඉස්ලාමීය නීතිය තුළ අනිවාර්ය දෙයක් නොවන අතර ඈත අතීත සමාජ සම්ප්‍රදායක වැරදි පිළිවෙත නිවැරදි කොට එය කැමැති අයෙකුට අනුමත දෙයක් බවට පත් කිරීම පමණි මෙමගින් සිදු වී ඇත්තේ.
    “මෙම ශල්‍යකර්ම මගින් කනීය අධරය (Labia Minora) හා එය වටා ඇති සමෙන් හා අභිශිෂ්ණිකාව වටා ඇති සමෙන් කොටසක් ඉවත් කිරීම සිදු වේ.
    බොහෝ ස්ත්‍රීන්ට අභිශිෂ්ණිකාවේ උඩ කොටස වටා ඇති සම තම ලිංගික ක්‍රියාවලියට බාධාවක් හෝ යෝග්‍ය නොවන්නක් බවට පත් වෙයි. එහෙයින් එය ඉවත් කිරීම ඔවුන් ගේ ලිංගික සෞඛ්‍යයට වඩාත් උචිත දෙයක් වෙයි.
    මෙම අභිශිෂ්ණිකාවේ උඩ කොටස වටා ඇති සම ලිංගික ක්‍රියාවලියේදී අපහසුතාවක්, වේදනාවක් මෙන්ම ලිංගික සංවේදීතාව අඩුවීමට ද හේතු වෙයි.
    අභිශිෂ්ණිකාවේ උඩ කොටස වසා ඇති සම වටා විවිධ වෛරස බැක්ටිර්යා ආදී විෂබීජ මෙන්ම අපවිත්‍ර දෑ එකතු විය හැක.
    මේවා සෝදා ඉවත් කිරීම එතරම් පහසු නැත. මෙ මගින් විවිධ ආසාධන ඇති විය හැකි අතර දුගඳ ඇති වීමට ද හේතු විය හැක. Clitorial Phimosis නම් රෝගය මෙ මගින් ඇති වන්නකි.”

    පදනම් විරහිතව දහම් අපහාසයට පත් කරවන වෛර චින්තනයෙන් මිදී අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව ජීවත් වන්නට අදිටන් කර ගනිමු.

    ReplyDelete

අදහස් දක්වන්න