Friday, July 13, 2012

පූජකයා, භික්ෂුව සහ දේශපාලනය


  ආගම හා දේශපාලනය අතර ඍජු සම්බන්ධතාවක් තියෙනව. ලෝකයෙ ප‍්‍රධාන හැම ආගමක්ම තහවුරු කිරීම හා පැතිරීම සිදුවෙන්නෙ රාජ්‍ය පාලකයින් (හෙවත් දේශපාලනඥයින්) මැදිහත්වෙලයි. බුද්ධාගම ලොව පැතිරුනේ අශෝක අධිරාජයාගේ ධර්ම දූත ව්‍යාපාරය හින්දයි. ක‍්‍රිස්තියානි ආගම රෝමයේ රාජ්‍යාගම කරපු කොන්ස්ටන්ටයින් අධිරාජයා තම බලය යොදා එය තහවුරු කෙරුව. ඉස්ලාම් ආගමත් ඒ වගෙයි. කාලිප්වරයා තමා පතුරුවන්නෙ, තහවුරු කරන්නෙ. ආගම පතුරුවන පාලකයා පස්සෙ හැමවිටම පූජකවරයා හිටිය. පාලකයා ආගමකට විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ පූජකවරයාගේ උපදෙස් අනුවයි. 


  යුරෝපීන් යටත් විජිත ගොඩනංවනවාත් සමගම පැරණි ක‍්‍රමය වෙනස් වුණා. පාප්තුමාගේ උපදෙස් පිළිගත් පෘතුගීසි හා ස්පාඤ්ඤ හමුදා නායකයින් ලෝකෙන් අඩක්ම කතෝලික ආගමට නතුකර ගත්ත. පසුකලෙක ඇතිවූ රෙපරමාදු ප‍්‍රතිසංස්කරණවලින් පසුව පාප්තුමාගේ බලය සීමාවූ බව ඇත්ත. නමුත් ඒ වෙනුවට රෙපරමාදු ආගමික නායකයින් බිහිවෙලා බි‍්‍රතාන්‍යය වැනි රටවල් මෙහෙයවන්ඩ වුණා. අද ලෝකයේ බලවතා වී සිටින ඇමරිකාව මෙහෙයවන ප‍්‍රධාන බලවේගය තමයි ක‍්‍රිස්තියානි ආගම. ඇමරිකානු ඩොලර් නෝට්ටුවේ පවා දෙවියන්ගේ බලය ගැන සඳහන් වෙනව. ඇමරිකානුවා තම ජාතික ධජය ඉදිරියේ ජාතික ගීය ගයන්නේ දෙවියන්ගේ බලය සිහි කරමිනුයි. ඇමරිකා ජනාධිපති දිවුරුම් දෙන්නේ දෙවියන්ගේ පිහිට ඉල්ලමින්. ඇමරිකාව කියන්නේ කෙටි ඉතිහාසයක් ඇති රටක්. ඇමරිකා ජාතිය නිර්මාණය වෙලා තියෙන්නෙ ලෝකෙ හතරවටෙන්ම ආපු විවිධ ජාතිකයන් එකතු කිරීමෙන්. ඔවුන් අතර විවිධ ජාතිවලට ආගම්වලට අයත් මිනිස්සු ඉන්නවා. හැබැයි ඇමරිකාව ක‍්‍රිස්තියානි රටක් මිස සර්ව ආගමික රටක් නෙවෙයි. ඒක ඇමරිකානු ජාතියට අයත් රට මිස සර්ව ජාතික රටක් නෙවෙයි.


  යටත් විජිත බවට පත්වූ රටවල් කතෝලික හෝ ඇංග්ලිකානු ආගමික නායකයින්ගේ උපදෙස් අනුව කටයුතු කළා. මේ තත්වය බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවා කියල ලංකාවෙ වෙනස් වුණේ නෑ. රාජ්‍ය නායකයින් භික්ෂුව දෙන උපදෙස් අනුව වැඩ කළේ නැහැ. ක‍්‍රිස්තියානි පූජකයින්ගේ සහ බටහිර රටවල උපදෙස් අනුව නිරතුරුවම කටයුතු කරන්ඩ ඔවුන්ට සිදු වුණා. එයින් පිට පැන්න ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහත්තයව මැරුව මදිවට ඊට භික්ෂුණ් වහන්සේලාව සම්බන්ධ කෙරුව. මේ තත්වය කොහෙද නැත්තෙ. ඉන්දියාවෙ දැන් බලය අල්ලා සිටින්නේ ඉතාලි ජාතික ප‍්‍රබල කතෝලික කාන්තාවක්ව සිටි සෝනියා ගාන්ධි මැතිණියයි. මියන්මාරයේ බලය ක‍්‍රිස්තියානි සුද්දෙක්ව කරගහගත්ත සුකීට ගියා. ඉස්ලාම් රටවල් කුරාන නීතිය යටතේ කටයුතු කරන නමුත් ඇමරිකාව ප‍්‍රධාන යුරෝපීය රටවල් දෙන උපදෙස් නොපිළිගන්නා නායකයින් සිටින හැම ඉස්ලාම් රටක්ම දේශපාලන කුණාටුවලට අහුවෙනව. මේක තමයි අරාබි වසන්තය. 
      
  සැබවින්ම ලංකා දේශපාලනයේ භික්ෂුණ් වහන්සේලාට කිසිම බලයක් නෑ. රාජ්‍ය පාලකයින් භික්ෂුණ් වහන්සේලා දෙන උපදෙස් පිළිගන්නෙ නෑ. ඔවුන්ට ඒක කරන්ඩ බෑ. රාජ්‍ය පාලකයින් මෙහෙයවන අදෘශ්‍යමාන පූජක පිරිසක් ඉන්නව. මෑතක කොළඹ විශ්වවිද්‍යාලයෙ මහාචාර්යවරයෙක් කියල තිබුණ කාදිනල් මැල්කම් රංජිත් වැනි නායකයින්ට ඇති බලය හා තේජස හාමුදුරුවරුන්ට නැත්තෙ ඇයි කියල. ඇත්තටම ඥානය පාවිචිචි කරල බලනව නම් මේ වාගෙ ප‍්‍රශ්න මතුවෙන්නෙ නෑ. 


  රාජ්‍ය පාලකයින්ට භික්ෂුණ් වහන්සේලා දෙන උපදෙස් පිළිගන්ඩ බැරිනම් භික්ෂුණ්  වහන්සේ ගතයුතු පියවර කුමක්ද?  සසුන රට ජාතිය දේශපාලනඥයට බාරදීල ගමේ වැඩ කරමින් ඉන්ඩ කියලයි සමහරු කියන්නෙ. එහෙම වුනොත් යටත් විජිත යුගයටත් වඩා භයානක සමයක් උදාවීම වළක්වන්ඩ බැහැ.  භික්ෂුණ් වහන්සේලාට දිගට හරහට පහර ගහමින් මේ කාලයේ කරගෙන යන වැඩපිළිවෙළ සංවිධානාත්මක ක‍්‍රියාවක්. බොහෝ බෞද්ධයන්ට මේක වැටහෙන බවක් පෙනෙන්නෙ නැහැ.  


15 comments:

  1. ඈනකොන්ඩාගේ මේ ලිපිය කියවගෙන යනකොට අවුරුදු65ක් තිස්සේ පාලනය උනේ ක්‍රිස්තියානි පාලකයන් යටතේ ද කියලා හිතෙනවා.
    නමුත් 1948ඉදන්ඵන සෑම මෑතිවරණයකින්ම අපි පත්කලේ තමන් හොදටම සිහලය ය කියාගෙන ආපු නායකයව නේද?
    ඉතින් කොහොමද අන්තීමට මෙහෙම උනේ???

    අවාසානාවකට අපේරටේ මහනායක හිමිවරුන් කියන කිසිදෙයක් රටේ වගකිවයුත්තන් ගනන්ගන්නේ නෑ තමයි.අපිදන්න ආකාරයට උන්වහන්සේලා රටේ උන්නතියට යමක් ප්‍රකාශකරනවා මිස කිසිම වෑරදිදෙයක් කියලත් නෑ.ඉතින් දවස් 365ම සුදු ඈදගෙන පන්සල්ගානේ රිoගන මේ හොර උපාසක පාලකයෝ ත්‍රිවිද රත්නයෙන් සoඝරත්නය මේවිදියට නොතකා හෑර කටයුතුකරන්නේ ඈයි කියනඵක අපි තේරුම්ගන්න ඔන.
    රටේ අවුරුදු 65ක් තිස්සේ සිoහල බොදු රාජ්‍යපාලනතන්ත්‍ර ගනනාවක් ඈතිකරපු සිහලබොදුනු ජනතාවටම, අද ඵ් තමන්පත්කරපු සිහල නායකයන්ගෙන්ම ආගමට සාදාරනත්වය ආයාචනාකරන්න වෙලා තියනවා.
    මේවා දෑකලා අන්‍යාගමිකයන් අපිට හිනාවෙන්නේ පස්සපෑත්තෙන් වෙන්න ඈති.
    මෙතන තියන පරස්පරය ඈයි රටේ බහුතරයක් තාම තේරුම් අරගෙන නෑ.
    චන්දකාලෙට තමුන්ගේ බලය රෑකගන්න් උපාසක සූට් ඈදගෙන ආගම ජාතිය රෑකගන්න කියලා ඵනවා.බලය අරගෙන අන්‍යාගමිකයන්ගේ සල්ලිවලට වහල්වෙලා අපේම ට බෞද්ධයන්ට කොකාපෙන්නනවා.සoඝරත්නය ගනන්ගන්නෙ නෑ.
    ඉතින් අපි විශ්වාසකරපු ව්‍යාජ නයකයන්ගේ සිල් රෙද්ද ඈතුලේ තියෙන්නේ ටයිකෝට් බව අදුනගන්න අපිට බෑරිනම් සිහලයා මෝඩයා කෑවුම් කන්න යෝදයා අදිරාජ්‍යවාදීන් අපිට කරපු සරදම ඈත්තය කියලා හිතාගන්නඵක තමයි කරන්න වෙන්නේ.

    මේඔක්කොම මෙහෙමවෙද්දි සිoහල බෞද්ධයෝ අන්‍යාගමිකයන්ගේ සරදමට ලක්වෙද්දී,මහනායක ස්වාමීන්වහන්සේලාව කොන්කරලා කලකිරිලා ඉද්දි රජමෑදුරේ ටිකක් බිව්වාට කම් නෑත,නිදන්හෑරීම් රජයේ ජොබ්ඵකක්ය කියන පාලකයන් වෙනුවෙන් සුපර් මාකට් යනවා කියන, දේවදත්තයාගේ න්‍යාය දේශනා කරන අමුතුම දුස්සීල චීවරදාරී කල්ලියකුත් බිහිවෙලා ඉන්නවා.
    මහානායස්වාමීන්වහන්සේලා අද කලකිරිලා දුරස්වෙලා හිටියත් අරකියන නිගන්ඨයො ටිකනම් ඉතින් රජ ගෙදර පරවියෝ වගේ තමයි ඉතින්.
    ඵක අතකට ඔය සරල යතාර්තය තේරුම්ගන්න බෑරි ජාතියකට මෙහෙමවෙනඵක අහන්නත් දෙයක්ද???????????

    -කසුන් රවින්ද්‍ර

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒක තමයි අපි කියන්නෙත්

      Delete
  2. කාලෙකින් හොද කතාවක් දැක්ක. ඇත්ත තමයි අපේ ලොක්කො හැමෝමත් එහෙමයි වගේ නේද. ලොකු තීරණ ගන්න හැම තැන්වලම තීරණාත්මක විදිහට කතෝලික බලය තියෙනවා. දිගටම හිතල බලනකොට මේ ඔක්කොම ප්ලෑන් කරලම කරනව වගේ තමයි. දැනටත් රෙටේ පලමු පුරවැසියගෙ ගෙදර පලමු පුරවැසියත් ඒ විදිහමයි නේද

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ තව ඒවා

      Delete
  3. මම සාමාන්‍යයෙන් බ්ලොග් කියනවා මිසක් කමෙන්ට්ස් දාන්නෙ නෑ. ඒත් ඇනකොන්ඩා කියෙව්වාම යමක් කියන්ඩ හිතුණා. ඇත්තටම ඇනකොන්ඩා බේත මට නම් වැඩකරනවා වගෙයි. මොළේ ටිකක් පෑදෙන්ඩ ලෑස්තියි වගේ වගේ තේරෙනවා. රංග

    ReplyDelete
  4. ඔන්න මමත් ආවා... කථාවක් තියෙනවනෙ ඇත්ත තිත්තයි කියලා.. අන්න ඒ වගේ තිත්ත ඇත්ත තමා ඇනකොන්ඩා මේ දක්වලා තියෙන්නෙ... ජය!

    ReplyDelete
  5. අවුරුදු 65 ක ඉඳන් ලංකාව පාලනය කරන්නෙ බෞද්ධ නායකත්වය යටතේ කියල ද ඔහෙල හිතාගෙන ඉන්නෙ? ඇනකොන්ඩා, ඔයාල මොලේට බේත් කරන්ඩ ඉස්සර මොළ වලට විරේක කළොත් හොඳයි ........සරදියෙල්

    ReplyDelete
  6. ආශ්චර්ය කොතෙක්ද කියනව නම් මිනිස්සුන්ට ඇත්ත දකින්න ඇස් මොළ නිදහස් කරගන්න වෙලාවක් නෑ. ඒ වගේ කාලෙක සමහරුන්ට ඇනකොන්ඩ ඇහැට වැටුණු රොඩ්ඩක් වෙන්නත් බැරි නෑ. ඒත් රොඩ්ඩකට කරන්න පුලුවන් දේවල් ඉස්සරහටත් දකින්න ලැබෙයි කියලයි අපේ විස්වාසෙ. මෙහෙමවත් ඇත්ත පෙන්නල දෙන්න ඇනකොන්ඩ දරන උත්සහය අගේ කරල විතරක් නැවතුණොත් හෝද හෝද මඩෙම ඔබන අපේ බහුතරෙක කිරියාවටම අපිත් වැටෙයි. මේ වගේ දේවලුත් වෙනව කියල ෆේස් බුක් යන, බ්ලොග් ලියන අපෙනුත් එහාට අපේ සමාජෙට දැනගන්න දෙන එකයි ලොකුම වගකීම කියලයි මං හිතන්නෙ. අපි ආයෙත් මුණගැහෙමු. ජය

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි දිගටම එන්න

      Delete
  7. බෞද්ධ භික්ෂුව තම උත්තරීතර ශක්තිය තමා විසින්ම මොට කරගෙන ඇති බව ඔබ පිළිගනු ඇතැයි සිතමු. එක් එකි පක්ෂවල බලු ගැත්තන් හා ඉත්තන් වී කටයුතු කරන තෙක් කිසිම රජයකට/පාලනයකට දැනෙන බලපෑමක් කිරීමට භික්ෂුවට නොහැක.ඒ සදහා වාද භේද පසෙක ලා සම්මුතියකට පැමිණිමට හැකි විය යුතුය.ඒ රටේත් ජාතියේත් සම්බුද්ධ සාසනයේත් අවිච්චින්න පැවැත්ම ප්‍රාර්ථනා කරන පිරිසගේ එකම බලාපොරොත්තුවයි. වටු රැල සම්බන්ධ සිද්ධිය භික්ෂුන් වහන්සෙලාට ගිහි අපි විසින් මතක්කර දිය යුතු නැතැයි සිතමු. අපේ අඩවියට පිවිසියාට ඇනකොන්ඩාට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි දිගටම එන්න

      Delete
  8. අපේ රටේ මහා නාහිමිවරුන් කියල කියාගන්න එවුන්ගෙ චීවරය උස්සල පුකට පයින් ගහන්න ඕන මේ කුල භේදය මේතරම් යසට සාසනය තුල ‍රැක ගත්තට....මට ඒක කර ගන්න තිබුනොත් ඇති..මොකද පොඩි එවුන් යන්න උන්ගෙ පාරෙනෙ...

    ReplyDelete

අදහස් දක්වන්න