Tuesday, August 21, 2012

ෆාස්ටර්ලාට කඬේ යන කාලෝ - පැහැදැලි කිරීම


කාලෝ ෆොන්සේකලා කරන්නේ ෆාස්ටර්ලාට කඬේයාම නොවේ නම් ඔවුන්ගේ අභියෝගයට යොහෝවා, යේසුස්, සෙන්ට් බෙනඩික් (නිවාස ආරක්ෂාකරන සෙන්ට්වරයා), සෙන්ට් ඇන්තනීස් (නැතිවූ දේ සොයාදෙන සෙන්ට්වරයා) වැනි නම් ඇතුළත් නොකරන්නේ ඇයි? 

ඔබ අතරින් සමහරකු කියන පරිදි ‘වහෙන් ඔරෝ භාෂාවෙන්’ ඔවුන් ගැන ඉඟිනොකර කෙළින්ම ‘පුළුවන් නම් වරෙව්’ නොකියන්නේ ඇයි.

පුහුණු මිෂනාරියා කටයුතු කරන්නේ රහස් ඔත්තුකරුවෙකු පරිද්දෙනි. බාබු බෝම්බය පත්තුකරන තෙක්ම ඔහු කවුදැයි පේ‍්‍රමදාස ජනාධිපතිවරයා දැනසිටියේ නැත.

එබැවින් කවුරුන් හෝ කොවුර්, ෆොන්සේකා ප‍්‍රමුඛ පිරිසට රැවටීම පුදුමයට කරුණක් නොවේ.

පෙර ලිපියට මෙතනින් යන්න


ප.ලි - 2012.08.31

පසුගිය සඳුදා රාත‍්‍රියේ ‘දොරමඩලාව’ වැඩසටහනට සහභාගිවූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අපූරු කතාවක් කීවේය. ‘විද්‍යත් උපකරණ, ජංගම දුරකතන, ඩිජිටල් කැමරා, නොයෙකුත් විද්‍යුත් වෛද්‍ය උපකරණ ආදිය ප‍්‍රාතිහාර්යයන් බඳු යයි’ එතුමා කියයි.

ප‍්‍රාතිහාර්ය යනු හේතුවාදයට සපුරා පටහැනි දෙයකි. ෆොන්සේකා මහාචාර්යතුමා ප‍්‍රාතිහාර්ය ගැන කීවේ කුඩාකල සිට බයිබලයෙන් ලද හික්මීම නිසාද? ‘හොරාට කලින් කෙහෙල්කැන වැටපනිනවා’ යි කියන්නේ මේවාටය.

11 comments:

  1. ඈනකොණ්ඩා ඔයා තව හේතුවාදීන් ගෑන කියවන්න.කොයි ආගමේත් මිත්‍යාවට හේතුවාදීන් රිදෙන්න ගහලා තියනවා.
    අනික කලෝ මහත්තයගේ අබියෝග 12 ඈතුලෙ බුදුදහමට විරුද්ද වෙන කිසිම දෙයක් නෑ.සේරම තියෙන්නේ හොර කපුවන්ට විරුද්දවයි.
    ඔය හොර කපුවන්ව කූජීත කරලා දාන ඵක බුදුදහමටත් සෙතක්.මොකද මුන් තමා විහාරස්තාන දේවාල කරගෙන බුදුදහම වනසන්නේ.

    ReplyDelete
  2. උඹලා වගේ පුබ්බූරුවෝ නිසා තමයි අපේ රටට කෙල වුනේ.

    තෝ ඉස්සල්ලා බේසික් ඉන්ගිරිසි ටිකක් ඉගෙනගෙන වරෙන්. පාස්ටර් ට ෆාස්ටර් කියන් උඹලා වගේ එෆ් කියාගන්න බැරි බයියෝ අපට හේතුවාදය උගන්නන්න එනවා! පව් ජීවිත.

    ReplyDelete
    Replies
    1. ඔයහැටි රිදෙන්නෙ ඇනකොන්ඩා කියන දේ ඇත්ත නිසා නේද? අපිත් බලන් ඉන්නවා ඇනකොන්ඩා කියනවා වගේ කාලෝ ෆොන්සේකා මහත්තයලා අභියෝගය හරියට කරනකල්. අපට නම් ඇනකොන්ඩා කියන දේ තේරෙනවා ඒ නිසා ප වුනත් ෆ වුනත් අපට නම් කමක් නෑ. ශානි

      Delete
  3. මට නම් පේන්නේ කවුරුවත් ඇනකොන්ඩා කියන දේ තේරුම් අරන් නෑ. ඇනකොන්ඩා මේ අහන්නේ ඇයි මේ කපුවන්ටයි කේන්ද්‍රකාරයින්ටයි විතරක් ගහන්නේ කියලානේ? ඒක ඇත්ත තමයි. ඔච්චර චන්ඩිපාට් දානඅයට ඇයි බැරි යේසුස්ගේ යොහෝවාගේ නම් එහෙමත් දාන්න. ඔය පාස්ටර්ලා මහා රැුස්වීම් පවත්වලා ලෙඩ හොඳකරන්නේ එයාලගේ පිහිටෙන්නේ. පාස්ටර්ලා කියන්නේ කපුවන්ට, කේන්ද්‍රකාරයින්ට වඩා බලවත් අයනේ.
    මට අපේ අයියා කියපු දෙයකුත් කියන්නම්කෝ. අයියා කියනවා 2000 විතර ස්වර්ණවාහිනියෙද කොහොද ප්‍රොපෙසර් කාලෝ පොන්සේකාගෙ ඉන්ටර්වීව් එකක් තිබුණලූ. ඒකෙදි හාමුදුරුනමක් කතාකරලා කෙලින්ම ඇහැව්වලූ ඇයි ඔය මහත්තයා මෙහෙ කේන්දරකාරයන්ට බනින්නෙ? ඔබතුමා ගේ හදද්දි ඉන්දියාවෙන් කෙනෙක් ගෙන්නලා නේද ඔය වාස්තුවිද්‍යා වැඩටික කරගත්තේ කියල. ප්‍රොපෙසර්ට කටඋත්තර නැතිවුණාලූ.

    ReplyDelete
  4. දෙවිවරුන්ගේ නම් අභියෝගයට ඇතුලත් කිරීමේ පලක් නොමැත , අභියෝගය කර ඇත්තේ දෙවියන් පසුපස යන මිනිසුන්ටය .යෙහෝවලා ඇතුලත් විය යුත්තේ සමන් . නාථ , කතරගම වැනි දෙවිවරුන්ද ඇතුලත්ව ඇති තැනකටය . ඔබට ඇති ගැටලුව පාස්ටර්ලා යන නම ඇතුලත් නොවීම නම් ඒ තර්කයට පදනමක් ඇති බව පිලිගනිමි . නමුත් කාලෝගේ අභියෝගයන් අතර ලෙඩ සුව කිරීමද අන්තර්ගත වී ඇති බව මතක් කර දෙමි

    ඔබ නැවතත් කාලෝ ගැන කියා කොවුර් වෙත පැමිණ ඇත , කොවුර් හා හා කාලෝ කිසිසේත් සැසඳිය නොහැක . කොවුර් තම ජිවිත කාලය පුරාවටම තමන්ගේ දෙමව්පියන්ගේ නැදැයන්ගේ අසල්වැසියන්ගේ සිට තමා දුටු සියලුම මිත්‍යාවන්ට එලවා එලවා පහර දුන් අයෙකි . ඔහුගේ අදහස 100%ක් නිවැරදියි මා කියන්නේ නැත , නමුත් අහවලා ගැන ප්‍රශ්න නොකලාය කියා දෙයක් කොවුර් පිලිබඳ මතු කිරීමේ ඉඩක් ඔහු විසින් තබා නැත . බයිබලය හා සර්ව බලධාරි දෙවියන් පිලිබඳවද කපු රාලලා පිලිබඳ කථා කර ඇත

    ReplyDelete
  5. මේක එක හොරෙකු හිරේට දාද්දි "ඇයි මේකා විතරක් හිරේ දාන්නෙ, තව කොච්චර හොරු ඉන්නවද රටේ?" කියා අහන්නාක් වැනි තර්කයකි. එවන් තර්කයක් නඟන්නාගේ එකම අරමුණ අරකා හොරා නිසා මටත් හොරකම් කරගන්න ඉඩ දෙන්න කීමය. සමාජයේ ප්‍රගමණය පිණිස එවැනි තර්කයක් වැදගත් නොවේ. හොරකු නිදහස් කර ගැනීම පිණිස නම් වැදගත් විය හැකිය.

    ReplyDelete
  6. කාලෝ ලා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ පහර ගහන්නේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතීන් වලට. ඒවා ගැන මෙලෙස සාකච්චා වීම යුගයේ අවශ්‍යතාවයක්

    ReplyDelete
    Replies
    1. පේන කියනවා ලෙඩ හොදකරනවා කියකිය අහින්සක මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්න ඵක කොහොමද බන් සිoහල බෞද්ධ සස්කෘතිය වෙන්නේ?
      අපි ඔකට කියන්නේ සිoහල බෞද්ධ සoස්කෘතිය විකුනo කෑම කියලයි.

      Delete
    2. නෑ පුතා ඔය තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ මානසික පීඩන වලට, විසදගන්න අමාරු ප‍්‍රශ්න වලට, ලෙඩ රෝග වලට බාහිර හයියක් ඔ්නැ උනා. ඒ වගේ වෙලාවට තමයි මිනිස්සු භාර හාර වගේ දේවල් වලට යොමු උනෙ. හැබැයි ඒ හැමදේකම බෞද්ධ ටච් එකක් තිබුණා. මිනිස්සු ආගමෙන් ඈත් උනෙ නෑ.

      හැබැයි මේ පාස්ටර්ලගෙ වැඩ වලින් අහිංසක බෞද්ධ ජනතාව නවතින්නෙ පල්ලියට, ඒ ආගමට ගිහින්. එතනයි වැරුද්ද. මෙකට ඒ පාස්ටර්ලට වරද පටවන්න අපට බෑ. ජනතාව දැනුවත් කිරීමයි කල යුත්තේ.

      එවැනි සංවාදයකට මෙය අවස්ථාවක් කර ගනිමු. -පියුම් සමන්ත

      Delete
  7. යෙසුස් නෙවෙයි යකෝ ඕන එකෙක් කියනව නම් මෙන්න මෙහෙම නොපෙනෙන දේකට වැඩක් කොරන්න පුලුවන් ඉන්ද්‍රීය ගෝචර විදියට කියල හේතුවාදීන් ඕනම වෙලාවක් සූදානම්...මෙතන මේ කාලෝ කෙනෙක් අල්ලගෙන වල්ගෙ පාගගන්නව....0716238533...ඔන වෙලාවක කතා කොරන්න...

    ReplyDelete
  8. ඒක ඇත්ත බාසුර.. මෙයාල සිංහල බෞද්ධ කියන පි‍රිස කාලෝට එරෙහිව උසිගන්නවා.. මෙයාල බුදු දහමත් මිත්‍යාවත් පටලගන ඉන්නේ..මෙතන මොකක් හරි යටි අරමුණක් තියෙනවා. එක්කෝ ඇනකොණ්ඩා මිත්‍යාවෙන් වපුරගන කන පොරක්.. මම මේ පැහැදිලි කිරීම ගැන අනික් ලිපියෙත් කමෙන්ට් එකක් දැම්මා මෙයාගේ ''ප්‍රාතිහාර්ය'' කියන වචනෙ විග්‍රහය ගැන කියල..

    ReplyDelete

අදහස් දක්වන්න