Sunday, December 23, 2012

‘හලාල් නැත්තං ‘හරාම්’ කාපල්ලා - කුරානය



‘හලාල්’ යනු අරාබි වචනයකි. එයි ‘අවසරලත්’, ‘නීත්‍යානුකූල’ වැනි අදහසක් පැවසෙයි. හලාල් යන්නෙහි විරුද්ධ වචනය ‘හරාම්’ යනුයි. හලාල් යෙදුම බොහෝ විට පාවිච්චි කරන්නේ කිසියම් ආහාරයක් ඉස්ලාම් ෂාරියා නීතියට අනුකූල එකක්ය යන අවබෝධය ඉස්ලාම් භක්තිකයන්ට ලබාදීම පිණිසය. ‘හලාල්’ හෙවත් අවසරලත් ආහාර වන්නේ කුරානයේ සඳහන් ‘හරාම්’ හෙවත් අවසර නොලත් ගණයට නොවැටෙන ආහාර හා පානයන්ය. ඊයේ පෙරේදා ‘හලාල්’ පිළිබඳ සංවාදය ඇරඹීමත් සමග කලබල වූ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය පුවත්පත් දැන්වීමකින් නිවේදනයක් නිකුත් කළේය. එහි හලාල් ක‍්‍ර‍මය සහ එහි ඇති වාසි පිළිබඳ ඔවුන්ගේ අදහස් පළ කර තිබුණි. එහි හලාල් ආහාර පිළිබඳව තිබුනේ අංගසම්පූර්ණ විස්තරයක් නොවේ. ඉතා කෙටියෙන් සඳහන් කරන්නේ නම් ඌරුමස්, ලේ, අල්ලා හැර වෙනත් දෙවිවරුන්ට ඔප්පු කිරීමට මරණ ලද සතුන්ගේ මස්, මළකුණුවල මස්, බෙල්ල සිරකිරීමෙන්, එල්ලීමෙන්, (උල් ආයුධයකින්) ඇනීමෙන්, වෙනත් සතෙකුගේ ප‍්‍රහාරයකින් (සතෙකුගේ ප‍්‍රහාරයකට ලක්වුවත් පණ අදිමින් සිටියදී ඉස්ලාම් ක‍්‍රමයට මරාගන්නා සතෙකුගේ මස් හරාම් නොවේ) දිවි තොර කරන සතුන්ගේ මස්, ඝාතකයා ‘අල්ලාහු අක්බර්’ යැයි කියමින් නොමැරූ සතුන්ගේ මස් සහ මධ්‍යසාර ‘හරාම් ගණයට වැටේ. හලාල් වීමට නම් සතාව මරණ ක‍්‍රමයක් කුරානයේ සඳහන් කර තිබේ. නමුත් ‘හලාල්’ යෙදුම පාවිච්චි කරනුයේ ආහාර පාන සඳහා පමණක් නොවේ. බෙහෙත් වර්ග, රූපලාවන්‍ය කටයුතු සඳහා පාවිච්චි කරන ආලේපන ආදියද ‘හලාල්’ විය යුතුය. ඉස්ලාම් ආගමිකයන්ට හලාල් ආහාර පාන සපයාගත නොහැකි අවස්ථාවක බඩගින්න නිවාගැනීමට  ඕනෑම දෙයක් කෑමේ බීමේ අයිතියද කුරානයේ සුරා 5:3 (අල් මයිදා) යටතේ ලබාදී ඇත. නොපිළිගන්නා කෙනෙක් සිටියි නම් මෙන්න කුරාන වාක්‍ය.  

 
කතෝලිකයන්ගේ හා යුදෙව්වන්ගේ ආහාර පානද ප‍්‍රයෝජනයට ගැනීමේ අවසරය කුරානයේ සුරා 5:5 යටතේ ඉස්ලාම් බැතිමතුන්ට හිමිව ඇත. ඊට හේතුව ඉතාම සරලය. කුරානය යනු පරණ බයිබලය හෙවත් යුදෙව් බයිබලය ඇසුරෙන් සකසාගන්නා ලද නීති සංග‍්‍රහයකි. උදාහරණයක් පැවසුවහොත් ඌරු මස් කෑමේ තහනම පරණ බයිබලයේ සඳහන් වන්නකි. කතෝලික ආගමට පදනම වැටුණේද යුදෙව් ආගමෙනි. එම නිසා කතෝලිකයන්ගේ ආගමික මූලයන්ද යුදෙව් ආගමෙන් ලැබුණු ඒවාය. ඒ අනුව බලන කල යුදෙව්, කතෝලික හා ඉස්ලාම් යන ආගම් තුනම එකම මූලයකින් පැවතතෙන ඒවා වේ. එසේ නම් ඉස්ලාමිකයන්ට ‘හරාම්’ වෙද්දී කතෝලිකයන් ඌරුමස් බහුලව ආහාරයට ගන්නේ ඇයි දැයි ප‍්‍රශ්නයක් ඇති විය හැකි බැවින් මේ පිළිබඳ ඉතිහාසය ඉතා කෙටියෙන් විස්තර කිරීම හොඳයැයි සිතේ.

යුදෙව්වෝ ඊජිප්තු රටේ වහලූන් වශයෙන් ජීවත්වූහ. ‘මෝසස්’ නම් නායකයෙක් යුදෙව් වහල්ලූන් අමතා, තමන්ට ලෝකයේ මැවුම්කාරයා හෙවත් යොහෝවා මුණගැසුණු බවත්, යුදෙව්වන් අන් සියලූ දෙවිවරුන් අතහැර තමන් පමණක් අදහන්නේ නම් තමන් ඔවුන්ට කිරිපැණි උතුරන දේශයක් හිමිකරදී ලෝකයේ බලවත්ම  බවට පත්කරන බව එතුමා තමන් හා පැවසූ බවත් කීවේය. යුදෙව්වෝ යොහෝවා පමණක් ඇදහීමට පොරොන්දුවී මෝසස් සමග ඊජිප්තුවෙන් පළාගියෝය. යුදෙව්වෝ යොහෝවා තම එකම දෙවියා බවත් මෝසස් තම නායකයා බවත් පිළිගත්හ. යුදෙව් ආගමේ උපත එයයි. මෝසස් යොහෝවා පැවසූ බව කියමින් යුදෙව්වන්ට  නීති මාලාවක් පැනවීය. සුප‍්‍රකට දස පනත එහි කොටසකි. යොහෝවාගේ ‘පොරොන්දු දේශය’ සොයමින් කාන්තාරය මැදින් යන යුදෙව්වන්ගේ කසල ශෝධකයා වූයේ ඌරාය. යුදෙව්වන්ගේ ඌරු පට්ටි ඔවුන්ගේ අශූචි කමින් වසංගත රෝගවලින් ඔවුන් බේරාගත්හ. එහෙයින් ඌරා රැකගැනීමේ නීතියක් ආවේය. කුර ඇති සතුන් අතරින් වමාරා කන සතුන් පමණක් ආහාරයට ගතයුතුය යන නීතියට පදනම එයයි. යුදෙව්වන් සමග පොරොන්දු දේශයට යාමට පෙර මෝසස් මළේය. උඹලාට පොරොන්දු දේශය හමුවේවි. ඒ වගේම කවදා හරි උඹලාව ගලවාගන්න දෙවියන් වහන්සේ දූතයෙක් එවාවියි මෝසස් මැරෙන්නට පෙර යුදෙව්වන්ට කීවේය.

යුදෙව්වෝ අවසානයේ පොරොන්දු දේශයට ආවෝය. ඒ ඊශ‍්‍රායලයයි. කාලයකට පසු ඊශ‍්‍රායලයේ යේසුස් වහන්සේ උපන්නේය. යේසුස් වහන්සේට ඇණගැසූ පසු යේසුස් යනු මෝසස් කියූ යොහෝවාගේ දූතයා හෙවත් පුත‍්‍රයා බව කියමින් සෙන්ට් පෝල් නැමැත්තා යේසුස් වහන්සේගේ කණ්ඩායමේ නව නායකත්වය හිමිකරගත්තේය. එසේ කතෝලික ආගම බිහිවිය. කතෝලිකයන්ට තවදුරටත් ඌරාගේ කසල ශෝධක සේවය අවශ්‍ය නොවීය. එහෙයින් පසුකාලයකදී ඌරා කතෝලිකයන්ගේ හොඳ ආහාරයක් බවට පත් විය.
යේසුස් වහන්සේගේ කාලයෙන් වසර 500කට පමණ පසු ඉපදී අනාථයකු ලෙස හැදුණු මොහොමඩ්තුමා කතෝලික වැන්දඹුවක හා විවාහවී සිටියේය. තවලම්කරුවන්ට එකතුවී සිටි එතුමා, මදීනා නගරයේ සිටි යුදෙව් හමුදාවක සහය ලබාගෙන මක්කමට පහරදී බලය අල්ලාගත්තේය. යුදෙව් ආශ‍්‍රය නිසා මොහොමඩ්තුමා කුරානය නිර්මාණයේදී යුදෙව්වන්ගේ බයිබලයෙන් ප‍්‍රයෝජන ගත්තේය. යුදෙව් බයිබලයේ නීතිවලින් කුරානය පිරී තියෙන්නේත් යුදෙව්, කතෝලික, ඉස්ලාම් නීති අතර ඇතැම් තැනක සමානකම් තියෙන්නේත් මේ හේතු නිසාය.

මේ ඉතිහාස කතාව හිතන්නට කරුණු කීපයක් අප හමුවේ තබයි. ශිෂ්ටාචාරයන් වෙනස් වන විට මිනිස්සුගේ අවශ්‍යතා වෙනස් වෙයි. විද්‍යාව හා තාක්ෂණය වෙනස් වෙයි. එවිට නීතිරීති ආදියද වෙනස් වෙයි. යුදෙව්වන්ට කෑමට තහනම් ඌරා කතෝලිකයන්ගේ හොඳ ආහාරයක් බවට පත්වෙයි. ඉස්ලාම් නීතියට අනුව මධ්‍යසාර පාවිච්චිය ඔවුන්ට තහනම්ය. එහෙත් බේකරි නිෂ්පාදන, සෝයා නිෂ්පාදන ආදියේ නිෂ්පාදන ක‍්‍රියාවේදී කිසියම් මධ්‍යසාර ප‍්‍රතිශතයක් නිර්මාණය වේ. ඉස්ලාමිකයන් බෙහෙවින් ප‍්‍රියකරන ජෙලිවර්ග, මාස්මෙලෝස්, පැණිරස කෑම නිෂ්පාදනයේදී ඌරුතෙල් යෙදා ගැනේ. කේක් වැනි රසආහාර නිපදවීමේදී ඇතැම් විට මධ්‍යසාර එක්කෙරෙන අතර බොහෝ කල්තබාගැනීමේ හා රසගැන්වීමේ කටයුතු සඳහා පාවිච්චි කරන අමුද්‍රව්‍යවල මධ්‍යසාර අඩංගුවේ. ඒවා නැවැත්වීමට මොනම දෙවියෙකුටවත් නොහැකිය.

අනෙක් අතට අපේ රටේද සිදුවන පරිදි ලෝව පුරාම මස් සඳහා සතුන් මැරීම බොහෝ ස්ථානවල සිදුකෙරේ. ඒවා ගම්මානයන්හි මස්කඩවල අලෙවි කරති. මේ ස්ථානවල සතුන් මරන්නේ කුරානයේ ඇති ක‍්‍රමයට යයි කිසිවකුට සහතිකයක් දිය නොහැකිය. ඒවායේ ‘හලාල්’ සහතික අලවාද නැත. නමුත් බොහෝ මුස්ලිම් ජාතිකයෝ එබඳු තැන්වලින් මස් ගෙන බුදිති.

එම නිසා ඉස්ලාම් බැතිමතුන් හලාල් කෑම සොයා පිස්සුවැටිය යුතු නැත. ඔවුන්ට බඩගින්න නිවාගැනීමට මොනවා හෝ කෑමේ අයිතිය කුරානයෙන් ලබාදී ඇති බැවිනි. හැකි හැම විටම නිවසේදී හලාල් කෑම හදාගෙන කෑමටත් අනෙක් අවස්ථාවල ඌරු මස් ආදියෙන් වැළකී සුදුසු කෑමක් මගින් බඩගින්න නිවාගැනීමටත් ඔවුන්ට හැකියාව තිබේ.

එසේ නම් ලෝකය පුරාම ‘හලාල්’ ප‍්‍රශ්නයක් ඇතිවී තිබෙන්නේ ඇයි? මීට හේතු කීපයකි. එකක් මුස්ලිම් බැතිමතුන් කුරානයේ නීතිරීතිවලටම අනුව පාලනය කිරීම මගින් ඔවුන්ට තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙවීමට හැකි බව දන්නා ආගමික නායකයන්ගේ උග‍්‍ර මූලධර්මවාදී වැඩපිළිවෙළයි. පොතේ නීතියට වහල්කරගත් විට ආගමේ නාමයෙන් මිනිසුන්  ඕනෑ ඕනෑ ආකාරයට හැසිරවීමට හැකි බව පූජක පැලැන්තිය දනී.

මුල් කාලයේ කොහේවත් ‘හලාල්’ ලේබල් ගැසූ ආහාර විකිණීමට නොතිබුණි. ‘හලාල්’ ලේබලයෙන් ආහාර පාන අලෙවිය ඇරඹෙන්නේ පසුකාලයකදීය. ඇතැම් මුස්ලිම් සංවිධාන කියන පරිදි විදේශවලින් මාංශ නිෂ්පාදන මුස්ලිම් රටවලට එන්නට පටන්ගත් පසු 70-90 දශක අතර කාලයේ හලාල් සහතික නිකුත් කිරීමේ ක‍්‍රමය ඇරඹී ඇත. මධ්‍යස්ථව කල්පනා කරන විට මුස්ලිම් රටවලට තෙල් සල්ලි ලැබී එම රටවල් හොඳ වෙළඳපොලක් බවට පත්වීම මෙයට බෙහෙවින් ඉවහල්වන්නට ඇතැයි සිතේ. මැදපෙරදිග කලාපය බටහිර රටවලත් ඇමරිකාවේත් හොඳ වෙළඳපළක් වන්නට පෙර මැදපෙරදිගට මස් සැපයීම සෝමාලියාව, ඉතියෝපියාව බඳු රටවලින් සිදුකෙරුණි. එම වෙළඳාම අප‍්‍රිකානු රටවලින් උදුරාගන්නට ඇමරිකානු හා යුරෝපා වෙළෙන්දෝ සමත්වූහ. සෝමාලියාව, ඉතියෝපියාව වැනි රටවල ආර්ථිකය කඩාවැටී හිඟන රටවල් බවට පත්වීමට හේතුව ඇත්තේද මේ ක‍්‍රියාවලිය පසුපසය. ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන ‘හලාල්’ කියමින් මුස්ලිමුන්ට විකිණීමත් ඉස්ලාම් නායකයන් එය ප‍්‍රයෝජනයට ගනිමින් ‘හලාල්’ සහතික නිකුත් කිරීමේ සංවිධාන ඇරඹීමත් ක‍්‍රමානුකූලව පියවරෙන් පියවර සිදුවන්නට ඇතැයි සිතිය හැකිය. (මතු සම්බන්ධයි)

20 comments:

  1. හොඳ කතාවක්... ඔය ආගම් තුනේම මූලය එකක් කිව්වටත් දැං පත්තු වෙයිද දන්‌ෙන් නෑ... මොකද දැං කට්ටිය පරාණ වෛරයිනේ.... දමාත් කල්පනා කළා සමහර ඒවයේ ඔය උඩින් තියෙන ලාංඡනේ තියෙනවා... සමහර ඒවල ලංකාවේ උලමාවරුන්ගේ ලාංඡනේ තියෙනවා... එහෙම බැලුවාම දැං ඕක නැති මඟුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. නැති එකක් නැහැ තමයි!හලාල් හැම බඩුවකටම රිංගලා.ඇත්තටම හලාල් වර්ජනය කරන්නත් ලේසි නැහැ දැන්!

      බටර් වර්ග,ජැම්වර්ග,මෝල්ට් කිරි පැකට් හැම වර්ගයකමත්,මයිලෝ,කොන්ෆ්ලේක්ස්,රසකල කිරි පැකට්,බෝතල්,බිස්කට් වර්ග ගොඩකත්,CBL එකෙන් නිකුත් කරන හැම බඩුවකමත්,චීස් වර්ග හැම එකක්ම වගේ,පැස්ටා වර්ග,සැමන්,සොසේජස් වර්ග(එලිෆන්ට් හවුස් හැර)සාමාන්‍ය කෝපි වර්ග(හරිස්චන්ද්‍ර හැර),ක්ෂණික කොපි වර්ගවල (තායි කෝපි හැර),තේ කොළ වර්ග,සෝස් වර්ග,ජුස් වර්ග,සොයා මීට් වර්ග වලත් ඒ මදිවට පහේ කුඩු,චට්නි බෝතල්,තෙල් වර්ග,විනාකිරි වර්ග,සොයා සෝස් වර්ග,මදිවට කොළ කැද පැකට් අස්සටත් රිංගවලා...ඇත්තටම හලාල් නැති බඩු තිබුනෙම නැති තරම්!වයින් වර්ග විතරයි බේරිලා ඉන්නේ...

      යුරෝප් රටවල් කෙසේ වෙතත්, අසල්වැසි ඉන්දියාවේ වත් නැහැ මෙචර බඩු හලාල් කිරීමක්! මේක ලංකාවේ විතරක් මෙතරමටම උඩු දුවන එකේ තමයි,හිතන්න දෙයක් තියෙන්නේ...!

      Delete
    2. එළිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් එකෙත් තියෙනවා.. කැන්ඩොස් චොක්ලට් එකෙත් තියෙනවා... හලාල් වර්ජනය කරනවා කියන්නේ හරියට නිදහස් වෙළඳපොල ආර්ථිකය වර්ජනය කරනවා වගේ වැඩක්.. ( ඒ කාලේ වෙච්ච දේ මතකනේ... හි හි) මේවා මෙච්චර දුර යනකම් ඇහැ කන පියං හිටපු අපේ වැරැද්ද තමයි.....

      Delete
  2. මුස්ලිම් අයත් බොදු අයත් තත්කාලීන සමාජයට අනුරූපව හැඩගැසෙනවානං ඒක දියුනු සමාජයක් වෙනවා...

    ReplyDelete
  3. ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නය, මැද පෙරදිග හා බටහිර අතර ඇති ගැටුම් ආදිය සියල්ලටම පදනම මෙම ආගම් තුනේ සම්බන්ධතාවය හා පරස්පර තාවයයි. කුරුස යුද්ධ හරහා අද තිබෙන තත්වයට මේ ප්‍රශ්නය ගමන් කළ හැටි අධ්‍යයනය කරන්න පුළුවන්නම් ඒක හුගක් වටිනවා. ආගම් බේද මත පදනම් වුනු මේ ප්‍රශ්න මැද පෙරදිගින් තෙල් හම්බවුනාට පස්සේ තව තව වැඩි වෙන්න පටන් අරගෙන තියෙන්නේ. තෙල් සංචිත හිග වෙනකොට විකල්ප බලශක්තියක් හොයා ගත්තේ නැත්නම් මේක තව තවත් දරුණු වේවි.
    හලාල් ගැන කියනවා නම් මට හිතෙන විදිහට මැද පෙරදිග රට වලට වඩා පසු කාලීනව මුස්ලිම් ආගම ව්‍යාප්තවෙච්ච රටවල් (පකිස්ථානය වගේ) වල අය මේ ආගමික සංකල්ප වලට වැඩියෙන් බැදී ඉන්නවා කියලා හිතෙනවා. මම එහෙම කියන්නේ මම දන්න මැද පෙරදිග ජාතිකයන් හලාල් ගැන වැඩිය සැළකිලිමත් වන්නේ නෑ නමුත් දකුණු ආසියාතික මුස්ලිම් ජාතිකයන් ඒක බොහොම තදින් පිළිපදිනවා.

    ReplyDelete
  4. ලංකාවෙ හලාල් කියලා කරන්නෙ සම්පූර්ණ විගඩමක් සහ ප්‍රෝඩාවක්... එයින් උපයන මුදලින් මුස්ලිම් මතවාදයන් සමාජය පුරා වපුරවා ව්‍යාප්තවාදය තුලින් ලංකාව ෂරියා නීතිය යටතේ පාලනය වන මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කිරීමේ දිගු කාලීන සැලසුමක් තියෙන්නෙ...අන්න එයට විරුද්ධව තමා නිදා සිටින සිංහලයන් ඇහැරවගෙන බොදු බල සේනා සංවිධානය සටනට එළබිලා තියෙන්නෙ...

    http://www.halaal.acju.net/product-category/paint-brushes

    ඉහළ ලින්කුවෙ තියෙන්නෙ තින්ත ගාන බුරුසුවකට හලාල් සහතිකය ලබා දුන් අවස්ථාවක්...මේ වගේ සාධක වලින්ම පේනවා නේද මේ හලාල් සහතිකය විකාරයක් කියලා..

    හලාල් ගැන මම ලියපු ලිපිය මේ ලින්කුවෙන් බලන්න පුලුවන්...

    http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html#

    ReplyDelete
  5. හොද ලිපියක් මචන් ..දාමු බලන්න ඉතුරු ටිකත් ...
    අන්තවාදය කව්රු උනත් මන් විරුද්දයි...

    ReplyDelete
  6. Mewwa widesha krumanthana da danne ne.. Lol

    ReplyDelete
  7. හොඳ ලිපියක්. ආගම් වල ඉතිහාසය ගැන ඉගෙනගන්න මාත් හරි උනන්දුයි. ඒ නිසා ඉතිරි කොටස දානකම් බලන් ඉන්නවා.

    ආගමක් පතුරවන්න මේ වගේ පහත් වැඩ කරන එක වැරදියි. මුස්ලිම් කියන්නෙ පිලිලයක්. ඇමරිකාව අද මුස්ලිම් රටවල් එකින් එක විනාස කරනවා.

    ReplyDelete
  8. muslim kyanne pililayak. Americawa muslim ratawal ekin eka wanasanawa.

    ReplyDelete
  9. බොහෝ මුසල්මානුවන් භාණ්ඩ හා සේවා නිශ්පාදන කරනු වෙනුවට එම නිශ්පාදන පාරිභෝගිකයා අතට පත්කරන අතරමැදියෙකු ලෙස ක්‍රියා කර විසල් ලාභයක් උපයයි. නිශ්පාදන ක්‍රියාවලියේ යෙදෙන්නේ බොහෝවිට සිංහලයන්ය. එබැවින් ඉතා විශාල වශයෙන් හලාල් වෙනුවෙන් වැයවනුයේ සිහළ අපේ මුදල්ය. කිසිඳු නිශ්පාදනයකට දායක නොවන මුසල්මානුවන් ඔවුන්ගේම සහතිකයක් සඳහා අපේ මුදල් සූරාගන්න ක්‍රියාවලිය කෙතරම් සූක්ෂමද?

    denethharinna.blogspot.com

    ඒ ආර්ථික බලයෙන් ඔවුහු ආගමික අන්තවාදය ශක්තිමත් කරති. අපේ උරුමය ඩෝසර් කරන්නට, පල්ලි පිට පල්ලි ගොඩනගමින්, මේ රන් හෙළ බොදු දිවයින 51 වන මුස්ලිම් රට බවට පත් කරන්නට ඔවුන් යොදාගන්නේ ඔබේම රුපියල් වීම ඛේදයකි.
    http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html

    අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
    http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html

    ReplyDelete
  10. මං ගලගෙදර ආසනේ උපන්නෙ. අපේ ගමේ මුස්ලිම් පවුල් 12 යි. සිංහල පවුල් 30 යි හිටියෙ. බොරුනෙමේ මේ පවුල් 30 ටම ළමයි හිටියෙ 35 යි. ගෑණු ඔක්කොම වඳ සැත්කම කරගෙන වඳවෙලා. පිරිමි රුපියල් 500ට පුහුකරගෙන ළමයි හදන්ඩ බෑ. මට මතකයි එක ගෙදරක ළමය අසනිපයකින් මැරුන. අම්මට තාත්තට පිස්සු හැදුන. ළමයෙක් නැතුව හුගක් පවුල් වල ළමයි ලොකු වෙද්දි ගම අතහැර ගියා. ගම ගෙනියන්න වයසක අයට බැරිවුනා. ඒ අය ඉඩම් අපිට විකුණල ගමෙන් පිටවුනා . ඉතින් අපේද වරද? ජාතිවාදය නොමේ ඇත්ත කතා කරමු. සිංහල අය බෞද්ධ බෞද්ධ කිව්වට ළමයි මරාදැමිම නේද පවුල් සංවිධානය කියල ඔය කරන්නෙ? අන්න ඒ පව නිසා සිංහල ජාතිය වඳවෙනව නේද? දෙවියන් වහන්සේවත් බුදුන්වත් කැමති නෑ උපදින ළමයි මරනවට. අපිට නම් ළමයි බොහෝම වටිනව. ඒක දේව තැග්ගක් අපිට. හලාල් කියන්නෙ බිස්නස්. මොකටද සිංහල අය හලාල් පර්මිට් ගන්නෙ? ඇයි සිංහල මුදලාලිලට බැරි අපි ලග හලාල් බඩු නැ කියල කඬේ ඉස්සරහ බෝඞ් එකක් දාන්න/ අනික ඔයාලට පුලූවන්නෙ හලාල් බඩු නොගෙන ඉන්න. තම අත වරද තියාගෙන අනුන්ට ඇගිල්ල දික්කරන්න හොඳ නෑ නේද? නසාර්

    ReplyDelete
  11. එතකොට SLS, ISO සහතික වලට ගෙවන සල්ලි? කවුරු හරි කිව්වොත් අපිට SLS ISO එපා කියලා උනුත් කියයි ඒවා ඕන අයට වෙනමයි අපිට වෙනමයි දෙන්න කියලා. ඒවට ගෙවන්නේ ලාභයෙන් මිසක් ඒවා නිෂ්පාදක පිරිවැයට එකතු කරන්නේ නෑ. හරියට වෙලඳ දැන්වීම වගේ. ඒවාට වෙන්කරන්නෙත් ලාභයෙන් මිසක් නිෂ්පාදක පිරිවැයෙන් නෙවෙයි. වානිජ්‍ය ගැන මුකුත් දන්නෙ නැතුව හොයල බලන්නෙත් නැතුව එක එකා අඹරලා දෙන ගුලි ගිලින උන් නිසා තමයි අද රටට හෙන ගහලා තියෙන්නේ. පේස් බුක් එකේ මොනා හරි දැම්මොත් ඇති කවුරු හරි අපේ මිනිස්සුන්ටත් පිලිගන්න!

    ReplyDelete
    Replies
    1. maru machan maru. menna mehema mewage mul pennala deepan. maru lipiya. itiru tika ikmanata dapan. ++++++++++++++++

      No-dutu gemunu

      Delete
    2. මහත්තයෝ වානිජ්‍ය ගැන ඔය මහත්තයා විශාරදයෙක් වෙන්න පුළුවන් නමුත් ISO , SLS කියන්නේ තත්ත්ව සහතික කියලා ඔය මහත්තයා නොදන්නවා උනාට පොඩි ළමයි පවා දන්නවා. මේ තත්ත්ව සහතික දෙන්නේ එම භාණ්ඩ පරිබෝජනය කිරීමට ඔනම ජන වර්ගයකට සුදුසුයි කියලා. නමුත් හලාල් කියන්නේ එක්තරා ආගමික ජන කොටසකට තමන්ගේ ආගමට අනුකුඋල දේවල් සඳහා දෙන සහතිකයකට. ඒ සහතිකය පොදුවේ ජනතාවට බලපාන දෙයක් නෙවේ. ඉතින් එවැනි සහතිකයක් ඔවුන්ට අවශ්‍ය නම් ඇවිත් පරික්ෂා කරලා නොමිලේ දුන්නට කිසිම විරුද්දත්වයක් නැ. නමුත් එක මුදලක් ගෙවල කොන්දේසි රැසක් සපුරලා ලබා ගන්න වටින දෙයක්නම් නෙවෙයි. මම මුස්ලිම් රටක ශ්‍රී ලාංකීක මුස්ලිම් වරු රැසක් සමග වැඩ කරන කෙනෙක් හැටියට ඔයාට වඩා ඔතන වෙන්නේ මොකක්ද කියලා දන්නවා. තව විස්තර ඕනනම් itnishantha @gmail .com කියන එකට ඊයක් විදින්න

      Delete
    3. aka aththa. SLS Kiyanne rasayanagara pariksana karala dena deyak. eth halal kiyanne ahema deyak kenek molo deyak danne nati ayalage agama gana witarak danna aya dena deyak. aneka SLS walata wal me taram gasthuwak aya karanne naha. meka wenne mehemai me hamadema wenne arabiye vahibi arunta anuwa. ayala tamai loke aka aka rata wala muslim viyaptha akranne. ethn a rate muslim janagahanawa wadi unama ayalage palli edikaranna agama pracharayata rata athulenma mudal akathu karaganna yodapu deyak thamai meha. aka sadarana deyak neweine ayalata palli hadanna awage wada walata salli one nam ayalagema ayagen adara widihata awaganna one. eth ayalata kiyala hiyenne paul 5kata 1ka palliya gane hadenna one kiyalai. ethin akata one karana mudal upayaganna heen seruwe karana wadak thamai meka. mehema karama katawat mokut kiyanna bahane mokada meka agamika wadak widihatane yanne. ethin kauru kari mekata virudda unoth aka agamika prasnayak wenwane aka nisa thamai me wage deyak athiwela tiyenne

      Delete
  12. ගොඩක් හොඳ ගවේෂණාත්මක ලිපියක් .කරැණු රැසක් ගැන අපේ අවධානය යොමු කරා. මම කියන්නේ අපි මොනුන්ද වගේ බලා නොඉඳ මේ ගැන පිලිගත් කතිකාවතක් අරඹිය යුතුයි. එතැනින් නවතින් නැතුව මේ කරන විගඩම් වලට තිත තියලා සිංහල මිනිස්සුන්ගේ ඊලඟ පරම්පරාවට කටක් ඇරලා කියන්න පුලුවන් කලින් හිටිය සිංහලයා ආයෙත් මතුකරමු.

    ReplyDelete
  13. වාර්ගික බෙදීම් සම්බන්ධයෙන් අමතක නොවන අත්දැකීම් අපි ලබා ඇත්තෙමු. ඒ අනුව කණාමැදිරි එළියට වුවද කෙනෙකුට ඇතිවන බිය සාධාරණය. උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සැබෑව නම් අපට මුස්ලිම් ජනයා හා ඇති ගැටුමක් නැත යන්නයි. මෙවන් ලිපි, අදහස් උදහස් බිහිවීමේ හේතුව නම් මුස්ලිම් විරෝධී හැගීම් නොව ජාතිකත්වය පිළිඹද ඇති කැක්කුම ම බව මුස්ලිම් ජනයාද අවබෝධ කොටගන්නේ නම් උද්ගත තත්ත්වය තවත් දුර යා නොදී සන්සිදුවීමට හැකිවනු ඇත. ඇනකොන්ඩා ඉහත දක්වන පරිදි අන්තවාදී උගුලක තමන් හසුව ඇති වග සහෝදර මුස්ලිම් ජනයාද තේරුම්ගත යුතුය. එකට පාසල් ගිය, එක පතේ කෑ අපට සිංහල, මුස්ලිම් හෝ දමිළ යයි කියා වෙනසක් නොමැත. නමුත් අපේ රට, මගේ රට යන ඉවත් කරගත නොහැකි මමත්වය තවමත් අපි සතුව ඇත්තෙමු. එය එක් ජාතියක් මත ගොඩනැගුණක් නොව සකල ජාතීන්ට සෙවණ දුන් රටක් වෙනුවෙන් නැගුණකි. එවන් වූ රටක විනාශය කරා ගෙන යන අනර්ථකාරී, අන්තවාදී උපක%ම හෙළදරවු කරන ඇනකොන්ඩාගේ මෙකී වෑයමට(හුදු පහර ගැසීමෙන් තොර වූ) අපි හිස නමමු. තවද ඔබ ගොඩනගන පෙළෙහි ඔබ සමගින් පසෙක සිටිනා වගද අවසාන වශයෙන් කියනු කැමැත්තෙමු.

    ජාතිවාදියෝ.......! සරල ම ගැලවිජ්ජාව මෙයයි. ඉදිරියේදී ඔබ අප හදුන්වන නම එය වනු ඇත.
    ජය!
    (ඉසුරු)

    ReplyDelete
  14. කරුණු හොයල බලල කරපු වටිනා විස්තරයක්.
    //ශිෂ්ටාචාරයන් වෙනස් වන විට මිනිස්සුගේ අවශ්‍යතා වෙනස් වෙයි. විද්‍යාව හා තාක්ෂණය වෙනස් වෙයි. එවිට නීතිරීති ආදියද වෙනස් වෙයි.// හරියට හරි සහෝ. ගෝත්‍රික සමාජයට ගැලපෙන මතවාද කරපින්නාගෙන ඉන්න සමහර ආගමික කොටස් ශිෂ්ඨ සමාජයට මහා පිලිලයක්.

    ReplyDelete
  15. මුස්ලිම් සමාජය කියන්නේ සෝවියට් දේශය වගේ එකක්.පිටතින් ශක්තිමත් වගේ පෙනුනාට ඇතුලත ලොකු අර්බුදයක්.බලන්න අරාබි වසන්තය.ඒ විදියට පුපුරන්නේ ඇතුලේ අර්බුදයයි.

    ReplyDelete

අදහස් දක්වන්න