Friday, January 11, 2013

අල්ලා මිනී මරා රිසානාට දඩුවම් කරයි



අරාබි රටවල රැකියා සොයා යන ජනතාව විඳින දුක් පිළිබඳ ඇනකොන්ඩාට බොහෝ අත්දැකීම් තිබේ. එම නිසා ගෙල කපා රිසානා රෆික්ව මරා දැමීම පිළිබඳව ආවේගාත්මක සටහනක් ලිවීම අපගේ කාර්යයක් නොවේ. මෙය ධනේශ්වර ක‍්‍රමයේ වරදක් යයි කියමින් ජේවිපීකාරයින් මෙන් ජනතාව ගොන්යයි සිතා ගොන් ප‍්‍රකාශ ලිවීමට හෝ රිසානාට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වූවායි කියමින් ඇන්ජී ඕ කාන්තා සංවිධානයක් මෙන් ජින්ස් එක පහළට දමාගෙන කෑගැසීමට හෝ  වුවමනාවකුත් අපට නැත. ඇනකොන්ඩාගේ පරමාර්ථය යථාර්ථය කුමක්දැයි සාකච්ඡා කරමින් මොළය වර්ධනයට යමක් සැපයීමයි.  

රිසානා රෆීක් සවුදියට යන්නේ සිංහල කාන්තාවක් අරාබියට යන මනසින් නොවේ. දෙවියන්ට ලඟට යන කුඩා දැරියක් ලෙසිනි.  බහ තේරෙන්නත් පෙර සිට දවසට පස්වරක් අල්ලා දෙවියන්ට යාච්ඤා කළ රිසානා පමණක් නොව  සුන්නි මුස්ලිම් ආගම අදහන හැමදෙනාම හිතන්නේ සවුදිය අල්ලා දෙවියන්ගේ රට ය කියාය. එහි පිහිටි මක්කම ගොස් එන පිරිමි ආගමික පදවියක් (අල්හාජ්) ලබති. එයින් කියන්නේ  ඔවුන් දෙවියන් ආසන්නයට ගිය ශුද්ධවන්තයින් බවයි. 

සුන්නි චින්තනය එසේ වුවත් සැබෑව එය නොවේ. සවුදි අරාබිය යනු ඉස්ලාම් සුන්නි මූලධර්මවාදය ලොවට පතුරුවන මූලස්ථානයයි. ඒ සමග ඉස්ලාම් ත‍්‍රස්තවාදය, ජිහාඞ් ව්‍යාපාරය, අරාබි භාෂාව, ෂාරියාර් නැමැති එඬේර නීතිය, කාන්තාව පෙලන නීති, මොට්ටැක්කිලිය මේ ආදී මනුෂ්‍යයාට නුසුදුසු හා නොගැලපෙන බොහෝ  දේ ලොවට පතුරුවන්නේ සවුදිය විසිනි. නමුත් සවුදිය එදා පටන්ම ඇමරිකාවේ මිතුරු රටකි. ඇමරිකාවට අරාබිකරයේ සිටින හොඳම මිතුරා සවුදියයි. එම නිසා බටහිර සිට ක‍්‍රියාත්මක වන හියුමන් රයිට්ස් වොච්, එමනැස්ටි ඉන්ටර්නැෂනල්,  වුමන්ස් ලිබරේෂන් වැනි සංවිධාන සවුදිය හමුවේ බලූ කුක්කෝ වී නගුටු සොලවති.

ආගම්වලට මිනිසුන්ගේ සිත් පහන් කිරීමට මෙන්ම සිත් පිත් නැති මිනිසුන් බිහිකිරීමටත් පුළුවන. සවුදියේ ජනතාව සිත් පිත් නැති මිනිසුන් වන්නේ ආගමේ බලයෙනි. වසරකට බිලියනයක් සතුන්ගේ බෙලි කපන සවුදිය බිලියන ගණනක් සතුන්ගේ බෙලි කැපීමට ලොව පුරා ඉස්ලාම් ආගමිකයන්ව හැඩගස්වයි. ඔවුන් සතුන්ගේ බෙලි කපන්නේද මිනිසුන්ගේ බෙලි කපන්නේද ‘අල්ලාහු අක්බර්’ කියමිනි. මොහොමඞ්තුමා  අකුරුලිවීමට හෝ කියවීමට දැන සිටි කෙනෙක් නොවේ. වෙනත් පුද්ගලයකු ඔහුගේ කඩුවේ ‘සාමය’ යන අකුරු තුන ලියා තිබුණි. ඉස්ලාම් ආගම එදා පටන්ම ‘සාමය’ ගෙනාවේ ලේ ගලායැවීමෙනි. ලංකාවේ  මුස්ලිම් ත‍්‍රිරෝද රථ රියදුරන් පවා No God But Allah යන වාක්‍යයට යටින් කඩුවක රූපයක් අන්දවා ප‍්‍රදර්ශනය කරන්නේ මේ ආක‍්‍රමණකාරී මානසිකත්වය නිසාය.



එහෙත් රිෂානාට හිරගෙදරදීවත් ඇත්ත තේරුම් ගියා යයි සිතීමට නොහැක.  හිරබාරයට පත්වෙද්දී ඈ බාල වයස්කාරියකි. ආගම විසින් අන්ධකරන ලද දැරියක් ඒ තරම් දෙයක් තේරුම් ගන්නේ කෙසේද? ඇය සිරකුටියේ දුක් විඳිමින් පස්වසරකට වැඩි කාලයක් තිස්සේ කළ එකම කාර්යය අල්ලාට යාච්ඤා කිරීමයි. ෂාරියාර් නීතිය සවුදි රජුගේ නොව අල්ලාගේ නීතියයි. එබැවින් පලස්තීන සහයෝගිතා සංවිධානයේ සභාපතිකම දැරුවා කියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉටු කිරීමට සවුදි රජුට නොහැක. ඔහු රාජ නීතියට වඩා උසස් කොට සලකන්නේ දේව නීතියයි. අනිත් පැත්තට සවුදිය පලස්තීනයට වඩා වැඩි සැලකිල්ලක් ඇමරිකාවට දක්වයි. ඇමරිකාව, පලස්තීනය වැනි රටවලින් ඊශ‍්‍රායලය රැකීමට බැඳි සිටී.

ඉස්ලාම් ඇදහිල්ලට අනුව මිනිසුන්, සතුන්, ගහවැල ආදී සියල්ල ඇතුළුව මේ ලෝකය අල්ලාගේ මැවිල්ලකි. එබැවින් ඉස්ලාම් දර්ශනය ප‍්‍රකාර අල්ලාගේ කැමැත්ත ප‍්‍රකාර මිනිසුන් සහ සතුන් සියලූ වැඩකටයුතු කරති. උලමාවරුන් විස්තර කරන හැටියට යම් පුද්ගලයකු කන්නේ බොන්නේ, යන්නේ එන්නේ, අඳින්නේ පළඳින්නේ කොටින්ම උපන්දා සිට මරණය තෙක් සියලූ කටයුතු කරන්නේ අල්ලාගේ කැමැත්තට අනුවයි. අල්ලාගේ කැමැත්ත කුමක්දැයි කුරානයේත් කුරානය අනුසාරයෙන් ලියුවන තවත් පොත් කිහිපයකත් ලියවී තිබේ. යමෙක් ඒ කැමැත්ත උල්ලංඝණය කරනනේදැයි උලමාවරු බලාගෙන සිටි. වැරදිකරුවෝ ෂාරියාර් නීතියට යටත් කරති.  උලමාවරුන් කියන දේ ඇත්ත නම් දරුවා මැරීමට රිසානා මෙහෙයවා ඇත්තේ අල්ලාය. එසේ නම් අල්ලාගේ කැමැත්තට වැඩ කළ රිසානාට දඩුවම් කරන්නේ ඇයි? 

රිසානා බලාගත් දරුවාගේ කිරි උගුරේ හිරවීම නිසා මරණය සිදුවී ඇත. ෂාරියාර් නීතිය පරිදි ඇයට සමාව දීමට බලය ඇත්තේ දරුවාගේ මවට පමණි. ලංකාවේ මුස්ලිම් නියෝජිත කණ්ඩායමක් සවුදියට ගොස් මියගිය සිඟිත්තියගේ පවුලේ උදවිය සමග සාකච්ඡා පැවැත්වූ බව කියවේ. ඔවුන් පවසන්නේ ඇත්තක් නම් සිඟිත්තියගේ ආච්චි සීයා ආදීන් පවා රිසානාට සමාව දීමට එකඟවූ නමුත් ඇගේ මව තරයේම කියා සිටියේ රිසානාට මරණ දඩුවමම දියයුතු බවලූ. අප දන්නා ලෙසට නම් ලංකා නියෝජිත පිරිස සවුදියේ සංචාරයක්කර මක්කමටත් ගොස් පැමිණයහ.  

සවුදි මවක් යනු කෙතරම් පළිගන්නාසුලූ තැනැත්තියක්ද යන්න රිසානාගේ සිද්ධියෙන්  ඔප්පුවෙන කරුණකි. ඇහැට ඇහැක් - දතට දතක් යයි කරුණාවන්ත දෙවියෝ උගන්වා ඇත. බයිබලයේත්, කුරානයේත්, භගවත්ගීතාවේත් මේ එකම කතාව තිබේ. ඉන්දියාවේ උපන් ජෛන හා බෞද්ධ දර්ශන පමණක් මීට විරුද්ධ මත පළ කරයි. වෛරයෙන් වෛරය නොසංසිඳේ. වෛර කරන්නාට අවෛර කරන්නැයි බුදුන් දෙසූහ.

අපේ අම්මවරු ඉස්ලාම් අම්මලාගෙන් වෙනස් වන්නේ ඔවුන් තුළ කරුණාව මෛත‍්‍රිය පෙරදැරි කරගත් බෞද්ධ ගති ලක්ෂණ පවතින බැවිනි. ක‍්‍රිස්තියානි හා කතෝලික අම්මලාටත් ජානවලින් හා පරිසරයෙන් බෞද්ධ බලපෑම ලැබි තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට රිෂානාට සමාව ලැබෙන බව දේශපාලන හෙංචයියලා කියද්දී ඇනකොන්ඩාට හිනා පහළ විය. හැබැයි එතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට එතුමාට සහයෝගය දක්වන කිසිම ඉස්ලාම් නායකයෙක් ඉදිරියට පැමිණියේ නැත. ඒ මන්ද? රිසානාට සමාව දෙන්නැයි අපේ රටේ අධිකරණ ඇමතිකම බලහත්කාරයෙන් ඉල්ලාගත් රාවුෆ් හකීම් ඉල්ලීමක් කළේ නැත. ඔහු හාවක්හූවක් නැතිව උන්නේය. මොවුන් සියලූ දෙනාම කාලයක සිට රිසානාට මරණදඩුවම දුන් ඒ කාලකණ්ණි ෂාරියාර් ඉස්ලාම් නීතිය ලංකාවේ ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රබල උත්සාහයක යෙදී සිටිති. හකීම් අධිකරණ ඇමතිකම ඩැහැගැනීමේ එක් පරමාර්ථයක් එයයි. අප උත්සාහ කළ යුත්තේ දුෂ්ඨ ෂාරියාර් නීතිය ලංකාවේ සම්මත කිරීමට ඉඩ නොදීමටයි.  මොනතරම් ඇත්ත වැටහුනත්  ඉස්ලාම් අදහන්නෙකුට ෂාරියාර් නීතියට එරෙහි විය නොහැකිය. රිසානා වෙනුවෙන් හඩාවැලපෙනු විනා ඇගේ දෙමාපියන්ට තම දුව මරාදැමූ ෂාරියාර් නීතියට විරුද්ධව කතාකළ නොහැකිය.  දෙවියන්ට විරුද්ධ වෙන්නේ කෙසේද? ෂාරියාර් නීතියට විරුද්ධ වුවහොත් සගයෙකුගේ හෝ නෑදැයෙකුගේ ආයුධයක් කොයි මොහොතේ හෝ ගැස්සෙන බව ඉස්ලාම් බැතිමතා පුද්ගලයා දනී. බෞද්ධ ක‍්‍රිස්තියානි අපට ඇති ආගමික නිදහස ඉස්ලාමිකයාට නැත.

රිසානාට මේ වරද පැටවෙන විට ඇගේ වසය අවුරුදු 17කි. එනම් ඇය ළමාවියේ පසුවූ තැනැත්තියකි. අන්තර් ජාතික මානව හිමිකම් නීතිය යටතේ ළමාවියේ දරුවන් කරන වැරදිවලට මරණදඩුවම පැමිණවීම වරදකි. එහෙත් ඒ නීතිය නොසලකමින් ළමා කාලයේ කළ වැරදිවලට මරණ දන්ඩණය දෙන රටවල් තවමත් තිබේ. 1990 සිට 2011 තෙක් රටවල් 9ක් මේ පාපකර්මයට කරගසා ඇත. ඉදිරියෙන්ම සිටින්නේ ඉරානයයි. මරාදැමුණු සංඛ්‍යාව 51කි. ඊළඟට ඇමරිකාවයි. එහි සංඛ්‍යාව 19කි. සවුදි අරාබිය, යේමනය, පකිස්තානය, කොංගෝව, නයිජීරියාව, සූඩානය හා චීනය සෙසු රටවල්ය. සමහර රටවල් මේ වන විට මෙම පාපතර ක‍්‍රියාව නතරකිරීමට නීති සකසා ඇතත් සවුදි අරාබිය ඇතුළු සෙසු රටවල තවමත් එය ක‍්‍රියාත්මකය.

අපේ අහිංසක සහෝදරියන් සවුදිය වැනි රටවලට යැවීමෙන් වළකන්නට කොන්ද පණ ඇති නායකයන් මේ රටේ සිටී දැයි ඇනකොන්ඩා නොදනී. අපේ ඇත්තන් හිඟන රටක් යයි වපරැහින් බලන බංගලිදේශය නම් සිය රටේ කාන්තාවන් ගෙවල්වලට වාල්කමේ නොවන බව ඇනකොන්ඩා දනී. කොරියාව බඳු රටවලින් ඉල්ලන ශ‍්‍රමිකයන් සැපයීමට නිසි පියවර නොගන්නා අපේ ආණ්ඩු රිසානා දැරියට කළ පරිදි වංචා සහගත ක‍්‍රියා මාර්ගවලින් හෝ පිටරටවලට වහලූන් සේ අපේ සහෝදර ජනතාව යැවීමට ඉඩදී බලාසිටීම රටේ ජනතාවගේ අවාසනාවකි. දශක දෙකකට පමණ පෙර ඇනකොන්ඩා එක්තරා රටක ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ තක්කඩියන්ගේ දැලෙන් අසීරුවෙන් රිංගා තානාපතිතුමා හමුවී සාකච්ඡාවක් පවත්වා එය පටිගත කරගැනීමටත් සමත් විය. ඔහු පැවසුවේ විදේශ විනිමය කොතරම් සපයාදුන්නත් එහි සේවය කරන ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළියම් කිරීමට වියපැහැදම් කිරීමට ආණ්ඩුවල උනන්දුවක් නැති බවයි.

රිසානාගේ දෙමාපියන්ට නිවෙසක් සදාදීමට මහනුවර නගරසභාවේ අවධානය යොමුවී ඇතැයි අද පුවත්පත්වල පළවී තිබේ. මුස්ලිම් ජනතාවගේ උදව්වට මහා බලසම්පන්න අරාබි ලෝකයක් තිබේ. රිසානාගේ දෙමාපියන්ට නිවසක් නොව මන්දිරයක් තනාදීම ඔවුන්ට කජ්ජක් නොවේ. තමන්ට ඡන්දය දුන් නුවර පළාතේ දහස් ගණන් ජනයා හිසට වහලක් නැතිව අගුපිල්වල ලගිද්දී ත‍්‍රිකුණාමලයේ රිසානාගේ පවුලට නිවෙසක් තනාදීමට ඉදිරිපත්වීම මේ කියන නුවර දේශපාලකයන්ගේ මොළය ඇති තැන පෙන්නුම් කරන සිද්ධියකි. කළ යුත්තේ රිසානාගේ පවුලට ගෙවල් හදාදීම නොවේ. හැකිනම් ෂාරියාර් නීතියේ කාලණ්ණිකම ඔවුන්ට පැහැදිකර දී ඉදිරියේදී මෙහි ෂාරියාර් නීතිය බලගැන්වීමට විරුද්ධ මතවාදයක් ඇති කිරීමයි.

අවසාන වශයෙන් රිසානා දියණියට සංසාරයේ මෙවන් අකල් මරණවලට මුහුණ දෙන්නට සිද්ධ නොවේවායි පතමින් රිසානා රෆික් වෙනුවෙන් ඇනකොන්ඩා ලියූ සටහන මෙසේ නිම කරමු.

19 comments:

  1. // බටහිර සිට ක‍්‍රියාත්මක වන හියුමන් රයිට්ස් වොච්, එමනැස්ටි ඉන්ටර්නැෂනල්,//

    මානව හිමිකම් ආයතන සෞදියට එරෙහිව රිසානා සිදුවීමෙදිත් පෙනි සිටියා , මේ ඔවුන් සෞදිය ගැන ඉදිරිපත් කරන වාර්ථාවක් .


    http://www.hrw.org/world-report-2012/world-report-2012-saudi-arabia

    ඒ වගේම සෞදියේ මානව හිමිකම් කඩවීම් පිලිබඳ එක්සත් ජනපදයේ නිහැඬියාවත් ඔවුන් මේ වාර්ථාවේ ප්‍රශ්න කර සිටිනවා . මේ සංවිධානත් බටහිර මාධ්‍යත් සෞදියේ ම්ලේච්ඡත්වය ගැන කථා කලත් මැද පෙර්දිග ප්‍රධාන මිතුරාට එරෙහිව නිහඬ පිලිවෙතක ඉන්නයි එක්සත් ජනප්දය කටයුතු කරන්නේ .

    //Saudi Arabia is a key ally of the US and European countries. The US failed to publicly criticize Saudi human rights violations or its role in putting down pro-democracy protests in neighboring Bahrain. US President Barack Obama failed to mention Saudi Arabia in a major speech on the Arab uprisings and continued to pursue a $60 billion arms sale to Saudi Arabia, the biggest-ever US arms sale.

    In June Germany proposed to sell the kingdom over 200 tanks, worth $5 billion.//

    ඔබේ ලිපියේ සමස්ථ අදහසට මාත් එකඟයි

    ReplyDelete
  2. "ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ.නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටිල්ලා.යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසීනම් ඔහුට අනික් කම්මුලද හරවාපන්න.යමෙක් නඩු කියා නුඹේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට නුඹේ උතුරු සළුවත් ගන්ට ඉඩ ඇරපන්න.යමෙක් එක හැතැප්මක් යන්ට නුඹට බලාත්කාරකෙරේද, ඔහු සම්ඟ හැතැප්ම දෙකක් පලයන්න."ජේසුස් වහන්සේ මෙසේ දේශනා කලබව බයිබලයේ සදහන් වනවා. යම් ආගමක වාක්‍යයම් උපුටා ගැනීමේදී සම්පූර්ණ කියවීමක් කරනමෙන් ඉල්ලනවා. ක‍තෝලිකයන් දසපණතට අනුව වැඩකරන නිසයි ක‍තෝලික අම්මල තාත්තලාගෙ කරුණාව . ඒකටත් බෞද්ධ ආගම ගාවන්න එපා. බෞද්ධ දර්ශනයේ හිංසාව පි‍ටුදකිනව වගේම ක‍තෝලික ආගමෙනුත් හිංසාව එපා කියල තමා කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත.

      Delete
    2. @ ඇනෝ: ඔබ කියු බයිබල් වාක්‍ය ටික කියවද්දි මෙහෙමත් ලිව්වා නම්.'දකුනු කම්මුලට ගහද්දි වම් කම්මුල දෙන්නේ ඇයි කියා ගහන කෙ‍නාට හිතන්න තියන්න ඕනා. එයාට එහෙම කරන්න පුළුවන්ද කියලා හිතෙන්න ඕනා. පව් නොකළ එකෙක් ගල් ගසාපල්ලා කියලා එතුමා කිව්වේ ඒකනේ. අඳනය ගනිද්දි උතුරු සළුව දෙන්න ඕනා අධර්මය නැසිය හැක්කේ ධර්මයෙන් බව එත්තු ගන්වමින්. හැතැම්ම ගිහින් අනෙක් හැතැම්මත් ඉවර වෙද්දි අර මනුස්සයා ‍දාර්මිකයෙකු වෙන්න ඕනා. ඒ කියන්නේ හැම විටම මම කියන කෙනා ආදර්ශමත් විය යුතුයි.' මෙන්න මේ පැහැදිලි කිරිම් නොදැක ඔය අගනා වචන වලට ගරහන අයත් ඉන්නවා. බයිබලයේ දර්ශනය හරි සුන්දර මිනිස්සු බිහි කරන තිඹිරි ගෙයක්.

      Delete
    3. ක‍්‍රිස්තියානි ආගමේ නාමයෙන් තරුණියන් දසදහස් ගණන් මරාපු විස්තර දන්නෙම නැත්තං ඔයාලා ගූගල් එකේ විච් හන්ටින් කියලා ගහලා බලන්න.

      Delete
  3. ඉතා සංයමයෙන් යුතුව කිව යුතු සියල්ල කියා ඇති ලිපියක්. මේ මාෆියාව ගැන අවබෝධයක් ඇත්තේ මැද පෙරදිග සේවය කල හා කරනා අයගෙනුත් ඉතාමත්ම සුළු පිරිසකටයි. දේශපාලකයන් හා නිලධාරීන් මාෆියාව හා එක්ව සිටිනා තාක් මේවා අහෝසි කිරීම ලෙහෙසි කාර්යයක් නොවේ.

    ReplyDelete
  4. "ඇහැට ඇහැක් " "දතට දතක් "ප‍්‍රතිපත්තිය හින්ද තමා ඉස්ලාම් හා ක‍්‍රිස්තියානි ආගම් අද ලොව බලය අල්ලාගෙන ඉන්නෙ. අදටත් මේ ආගම් දෙකේ රටවල් යන්නෙ එම ප‍්‍රතිපත්තියේම තමයි. වමට ගහද්දි දකුණ අල්ලපු නිසා තමා බුද්ධාගමට කෙලවුනේ. ඔය බයිබල් සාම කතා ඔක්කොම ඉන්දියාවෙන් ආපු දේවල්. ඕව මැදපෙරදිග උදහස් නොවෙයි. මාත් හැදුනෙ ක‍්‍රිස්තියානි පවුලක තමා. නමුත් ඇත්ත කියන්ඩ එපායැ. යේසුතුමා දෙවියන්ගෙ පුතා නම් පියාට විරුද්ධව යන්ඩ බෑ කියල ඇමරිකාවෙ පරමවිඥානාර්ථ වාදින් බොහෝම ඉස්සර කියල තියෙනව. එතුමා කුරුස ගහට නැග්ගෙ ඔය කතා කියපු නිසාය කියා ඇනි බෙසන්ට් මැතිනිය වැනි අය පෙන්වා දි තියෙනව. බුවා හරි. බටහිර මානව හිමිකම් සංවිධාන සවුදියෙ කැපැලි ගැන වාර්තා පිටකරල තියෙනව. ඒ ගොල්ල අපක්ෂපාකයි කියල පෙන්වන්න එහෙම හැසිරුනාට ප‍්‍රයෝගික කටයුතු වලදී බටහිරට එක ක‍්‍රමයක්. චීනය වැනි රටවලට තව ක‍්‍රමයක්. ලංකාව වැනි රටවලට බොහෝම සැරයි . බර්ලින් පුතා

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්තියානි හෝ ක‍තෝලික දහමින් මෙවැනි අපරාධ සිදුවූ අවස්ථාවක් පෙන්වන්න ඔබට පුළුව්න්ද.මේ තැනට අහක ඉන්න ක‍තෝලිකයින් ඇද දැමීම වැරදියි.ඔවුන් අදාල නෑ මෙතනට අදාල දේ කතාකරන්න. ක්‍රිස්තියානි පවුලකින් එනවනම් දන්නව ඇතිනෙ ඒ කාලෙ හිටපු පූජකයො තම තමාට ඕන විදියට ආගම විනාශකලා ඊටයි ජේසුතුමා විරුද්ද උනේ. දේව වාක්‍යය වැරදි ලෙස විග්‍රහ කරමින් ධර්මය විනාශකරනවාටයි ජේසු තුමා විරුද්ධ වූයේ.

      Delete
    2. @ 1st ඇනෝ: ආයේ බයිබලය කියවනවා නම් හොදා. එතුමා පියාණන් වහන්සේට විරුද්ධ වෙච්ච හැටි කියන්න කලින්. ඔබතුමා ආගමත් දේශපාලනයත් පටලා ගන්න එපා. ඒක සෞදියේ අයගේ හැටියක් මිසක් මේ රටේ හැටියක් නෙමේ. දැන් සෞදි කෙල්ලෙක් අපේ රටේ ගෙදරකට ඇවිල්ලා වැඩකාරකමට ඔය කියන දේම සිද්ධ වෙලා කිරි සප්පයා මැරුණාම කියන්න අපේ රටේ නීතිය/ ජනතාව/ අධිකරණය/ ඒ පවුල/ ඒ දෙමාපියෝ/ ඒ අම්මා ඒ දැරිවි මරන්න කියයද? ඒ තමා ශ්‍රී ලංකාවේ හැටි.

      යුරෝපය කාලයක් ආගමික පුජකයන්ගෙන් පාලනය උනා. පස්සේ රජුම දැන ගත්තා පුජකයන් ආගම මතින් ජිවිතය සරි කරගන්නවා කියා. එතනදි රජු සිය බලය පාවිච්චි කරා නේ. දැන් සෞදිය එහෙම කරන්නෑ.ඉතිහාසේදි මෙහෙම රටවල් තිබ්බා. ඒ අය පස්සේ ඒ දේවල් හදා ගත්තා. දැන් සෞදියේ වාරය. සෞදියත් හැදෙවි නැත්නම් නොහැදේවි. එහෙත් ‍කැලේ වෙච්ච සින් එකකට ගෙදර තියෙන හම පලි නෑ. අවබෝධය කියන දේ වැදගත්.

      බුදුන් වහන්සේ දෙව්දත්ට තේරෙන් නෑ අවබෝධ වෙන්නැ කියලා එයාට බැන්නේ නෑ. ඒ දේ බුදුන්ට වලක්වන්න බැ කියලා උන්වහන්සේ දැනන් හිටියා. අපිත් දන්නවා. සෞදිය වෙනස් කරන්න අපට බෑ. එක එයාලා කර ගනි. මේ ගිනි ගොඩට තවත් දර අවැසි නෑ. දතට දතක් කියන නිතිය ජේසු ප්‍රතික්ශේප කරා කියා නොදැන ඔබ කොහොමද කතෝලික පවුලක වෙන්නේ?

      Delete
  5. හැකිනම් ෂාරියාර් නීතියේ කාලණ්ණිකම ඔවුන්ට පැහැදිකර දී ඉදිරියේදී මෙහි ෂාරියාර් නීතිය බලගැන්වීමට විරුද්ධ මතවාදයක් ඇති කිරීමයි.// කතාව සහතික ඇත්ත. නමුත් මුස්ලිම් ජාතිකයින් මුළු හදවතින්ම තමුන්ගේ ආගම ගැන විස්වාසයි. ඒ නිසා රිසානාලා දාහක් මලත් දෙවියන්ගේ තීරණේ හරි මතයේ තමා.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Can someone teach me how to post a comment in Sinhala,Pls.

    Thanks

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් ටයිප් කරලා ඩබ්ඩබ්ඩබ්.යූසීඑස්සී.සීඑම්බී.ඒසී.එල්.කේ. එකට ගිහින් රියල් ටයිම් කන්වර්ට් කරලා දාන්ඩ නංගි. මගෙ කමෙන්ට් එකට සොරි හොඳේ. මට තදම වෙලා ඉන්නෙ අර අහිංසක කෙල්ලට කරපු අපරාදෙට.
      නො-දුටු ගැමුණු

      Delete
  8. ස්තුතියි මලයා අපිට මේවා යට තියෙන තත්වය පෙන්නදුන්න එකට. මට කුණුහුරුප දෙක තුනක් කියලා උඹේ බ්ලොග්එක ලස්සන කරන්ඩ ඉඩදීපන්. එක කැරි තම්බි පකෙක් කතා කලාද බං මේ හෙණගහන අපරාදෙ ගැන? මේ කැරි තම්බින්ගෙ අහවල් එක ඇෙඟ් හැම තැනටම රිංගවන්ඩ දීලා ගොළුවො වාගෙ ඉන්න එක තම්බි වේසියක් කතා කරනවද මේ අපරාදෙ ගැන. මැදපෙරදිගදි අරබ්බන්ගෙ දරපොලූවලින් හොඳට කාලාඇවිල්ල මෙහෙදි මිනිහ මදිවෙලා තම්බි පස්සෙ දුවන අර මහම මහ වේසි පබාද බබාද මොකාද පරට්ටි මේවට මොකද දන්නෙ කියන්නෙ. ඔය පර වේසිට චන්දෙ දුන්න වේසියො වේසාවොසේරම හැඳිගෑවිලා යන්ඩ ඕන බං. මේකුන් දැන් කැරි කාපු රිලව් වාගෙ ඉන්නෙ මොකද මේ? කොල්ලනේ කෙල්ලනේ මේ තම්බි හැත්තගෙන් අපේ දරු පරම්පරා බේරගන්න ඉස්සරහට වරෙල්ලා. නැතිනම් අර කැරි රවුප් හකීමා ඔය අල්ලා කියන දහදුරා බල්ලගෙ කැරිනීති ගෙනල්ලා අපේ රටට කෙළවයි ලඟදිම.
    නො-දුටු ගැමුණු

    ReplyDelete
  9. උපතින් යේසු යුදාගම- බුදුන් බ‍්‍රාහ්මාගම- මන්සුර් ඉස්ලාම්- බෝධිධර්ම බෞද්ධ- ගැලිලියෝ කතෝලික- බෘනෝ කතෝලික- ඩාවින් ක‍්‍රිස්තියානි- ස්ටෙපන් හෝකින් ක‍්‍රිස්තියානි- නම් සඳහන් සියලූ දෙනාම උපතින් හෝ බාලවියේ හෝ මොළයට වැටිච්ච ආගම් රකින්ඩ ගියෙ නෑ; මොළයේ ශෛල පුබුදුවා ලොව බැලූව. යේසුන්ට ඇණ ගැහුව. මන්සුර්ව කැලි කෑලිවලට කැපුව. බෘනෝව පුලූස්සා දැම්ම. ගැලිලියෝව සිරබාරයට ගත්ත. ඩාවින්ට අදත් ගහනව. හෝකින්ට පහර ගහනව. එදා ඉන්දියාවෙ ආගමික නිදහස පැවතුන නිසා බුදුන් බේරුනා. බෝධිධර්ම සම්ප‍්‍රදායික බුදුදහමට පටහැනි දහමක් ඉදිරිපත් කළ නමුත් එදා ඉන්දියාව් පැවති නිදහස නිසා එතුමාව පිළිගත්ත . දැන් හිතන්න නිදහස් අදහස් පළකරන අයට ගහන්නෙ මරන්නෙ කවුද (දේශපාලකයා සහ පුජකයා එකතුවෙලා මේක කරන්නෙ) මේ යථාර්තය තේරුම්ගන්ඩ හැකිනම් පමණයි ඔබට සංවාදයක් කරනඩ පුලූවන් වෙන්නෙ ------ චින්තකයා

    ReplyDelete
    Replies
    1. Lord Buddha was saved in India not because of the religious freedom in India. just because he was a son of a King.

      Delete
    2. අදහසට එකගවෙමි. බොධිධර්මත් රජෙකුගේ පුතෙක් -- චින්තකයා

      Delete
    3. ඇත්ත කතාවක් චින්තකයා කියන්නේ. එත් සමාජය තාමත් ඇත්ත කතා කරන්න යථාර්ථය දකින්න සුදානම් නෑ. ඒක හංදා සමහර දේවල් ගැන කතා කරන අය ඇත්ත නැත්ත නොතකා නා ගන්නව.
      බොධිධර්මන් ගැන පහුගිය කාලේ කට්ටිය ලොකුවට කතා කරා සුර්යා කියන ඉන්දිය දමිල නළුවා රගපැ ඒලාම් ආවුරු කියන ෆිල්ම් එකත් එක්ක. බුදු දහම උනත් ඉන්දියාව පිළිගන්නේ හින්දු දහම එක්ක නේ. එත් දැන් ලංකාවේ අපිට බුදු දහම කියන්නේ අපේ දෙයක්. හරියට මැද පෙරදිග උපන් ක්‍රිස්තුන්ගේ දහමේ මුලස්ථානය ඉතාලියේ රෝමයේ පිහිටා තියෙන්නා වාගේ.

      Delete

අදහස් දක්වන්න