Tuesday, April 30, 2013

වැඩගන්නෝ රැලේයන්නෝ හා ගොම්පස් අල්ලන්නෝ



මහාචාර්ය සුචරිත ගමලත්ව  දක්කමින් වැඩගත් පිරිසක් සිටිති. ඒ අතරින් ප‍්‍රධාන ඇල්ටීටීඊයයි. ඇල්ටීටීඊය සුචරිත ඔවුන්ට කළ උපකාරවලට ඉතාම හොඳින් සැලකීය. ඇල්ටීටීඊ බලය උච්චම අවස්ථාවේ උතුරට ගොස් ප‍්‍රභාකරන් නමැති අන්ත ජාතිවාදී, අන්ත පැසිස්ට්වාදී දුෂ්ඨයාගේ ස්තුතිය ලබාගැනීමටත් වවුනියාවට ගොස් ඇල්ටීටීඊ සංස්කෘතික අංශයේ නායක පුතුකයි රත්නතුරෙයි අතින් ඇල්ටීටීඊ මහා සභා වේදිකාවක දකුණු ඉන්දියාවේ සම්ප‍්‍රදායට ‘රන් සාටකයක්’ පළඳවාගෙන සිපාචාර ලැබීමටත් සුචරිත හැර වෙනත් කිසිම සිංහලයෙක් සමත් නොවීය. ඇනකොන්ඩා පසුගිය ලිපිය සමඟ පළ කළ ඡායාරූපයේ දැක්වෙන්නේ ජාතිය රට ආගම ආදි සියල්ලක්ම ඇල්ටීටීඊ පැසිස්ට්වාදීන්ට පාවාදීම වෙනුවෙන් සුචරිත ‘රන් සාටකය’ ලබාගත් අවස්ථාවයි. මෙය ඇල්ටීටීඊ ඡායාරූප ශිල්පියකු විසින් ගන්නා ලද ඇල්ටීටීඊ වෙබ් අඩවියේ පළ වූ ඡායාරූපයකි. සුචරිතට ප‍්‍රභාකරන්ගෙන් මේ තරම් සැලකිල්ලක් ලැබෙන්නට ඔහු ඇල්ටීටීඊය වෙනුවෙන් මොන තරම් වැඩ කොටසක් කර ඇත්දැයි තේරුම් ගන්නට උපාධි උවමනා නැත. 

ඇල්ටීටීඊකාරයෝ සුචරිත මියගිය බව අසා හැබෑවටම දුක් වූහ. ‘සිංහලයන් අතර ඉඳගෙන සිංහලයන්ට පහරදුන් අපේ සගයෙක් නැතිවුණා’යි ඔවුහු දුක් වූහ. ටැමිල්නෙට් වෙබ් අඩවියේ සුචරිත වෙනුවෙන් පළ වූ ලිපිය ඊට නිදසුනයි. ඇල්ටීටීඊ නොවන දෙමළ විචාරකයින් පවා මෙම ලිපිය කියවා සුචරිත රටට මොනතරම් හතුරුකම් කරපු පරයෙක් දැයි ඇසූහ.

ක‍්‍රිස්තියානි හා කතෝලික ඇන්ජීඕ සංවිධානද සුචරිතගෙන් හොඳට වැඩගත්හ. සුචරිත රෑ දවල් නැතිව ඔවුන්ට කඬේ ගියේය. සාමයික කේන්ද්‍රය හා විභවි කේන්ද්‍රය මේ ආකාරයට සුචරිතගෙන් වැඩගත් ආයතන දෙකකි. මුදල් හා බීම හැර සුචරිතට ඔවුන්ගෙන් ඒ තරම් සැලකිල්ලක් නොලැබුණි. ඊට ප‍්‍රධාන හේතුව සුචරිත මාක්ස්වාදියෙකුවීමයි. සුචරිතට බයිබලය අලූතෙන් පරිවර්තනය කිරීමට උවමනා වුවත් ඔවුන් ඊට ඉඩක් නොදුන්නේද ඒ හේතුව නිසාය. සුචරිත ඉරිදා දිවයින පත‍්‍රයට ලියූ සමහර ලිපිවලින් තමා මිතුරන්ගේ විවේචන නොඅසා මෙබඳු බෞද්ධ විරෝධී ආයතනවලට සේවය කිරීමෙන් වරදක් කළ බව පසුව පිළිගත්තේය. එය සුචරිතගේම වචනයෙන් කීවොත් ස්වයං විවේචනයකි. ඒ ස්වයං විවේචන කියවන ඥානවන්තයෝ මහාචාර්යවරයෙකු වුවත් සුචරිත මොනතරම් මෝඩයෙකු දැයි වටහා ගත්හ. 

සුචරිත උගතෙකි  ඔහුගේ උගත්කම යනු භාෂා දැනුමයි. එය උපතින් ගෙනා එකක් හෝ දෙවියන් දුන් එකක් නොවේ. පන්සලෙන් ලබාගත් දායාදයකි. ඔහු සිවුරට පින්සිද්දවෙන්නට පන්සලෙන් පාලි සිංහල සංස්කෘත උගත්තේය. ඔහුට ඉංග‍්‍රීසි ඉගෙනීමට වියදම් කළේත් විශ්වවිද්‍යාලයට ගිය පසු උවමනාකම්වලට මුදල් දුන්නේත් බෞද්ධ උපාසිකාවකි. නමුත් කවරම කවදාකවත් තමන්ගේ අධ්‍යාපනයට දායකවූ පන්සල, හාමුදුරුවරු හා බෞද්ධ දානපතිනිය ගැන සුචරිත කටහොල්ලා නැත. ස්වයං විවේචනයේදී තමන් ගගෙන් දිය බී මුහුදට ආවැඩූ බව කියා නැත. ලෙඩ ඇඳේ මඤ්ඤොක්කා බෙහෙත් ගනිද්දී නම් මේ ගැන කියමින් කෙඳිරි ගෑවා යයි සමහරු කියති.

සුචරිත බීමට ඇබ්බැහි වූයේ විශ්වවිද්‍යාලයේදීය. සරච්චන්ද්‍ර පස්සේ වැටුණු කාලයේය. මෙය ඇතැම් වෙබ් නාට්ටාමිලාට බොහෝම සුලූ දෙයක් විදිහට පෙනුනත් ශාස්ත‍්‍රය හැදෑරීමට සරසවියකට ගිය පුද්ගලයෙකුගේ චරිතය පිරිහීම පෙන්වන ශෝචනීය අවස්ථාවකි. සුචරිතගේ චරිතය දුසිරිත් චරිතයක් වී විනාශ වන්නේ ඇතැමුන්ට නාට්‍ය දෙවියෙකු වූ සරච්චන්ද්‍ර නමැති ආචාර්යවරයා ඇසුරු කිරීමෙනි. පැවිද්දෙක්ව සිටියදී සුරාමේරය සික්ඛා පදය කියවමින් උපාසක උපාසිකාවන්ට අවවාද කළ හාමුදුරුවන්ට උගතෙකු වී සිවුරු හැරිය පසු බෝතලේ  මොන තරම් වටිනා දෙයක් වුණාද කීවොත් ආචාර්ය සුචරිත ගම්ලත් සමහර හැන්දෑවල ගෙදර ගියේ තනිකරම බේබද්දෙකු ලෙසිනි. අතින් අල්ලාගෙන නුගේගොඩ හන්දියෙන් සුචරිතව ගෙදර කැඳවාගෙන ගිය ගෝලයෝ සිටිති. 

ඉරිදා දිවයින වැනි සිංහලයින් විශාල පිරිසක් කියවන පත්තරවලට ඔහු සුරාවේ අගය වර්ණනා කෙරෙන ලිපි ලීවේය. අරක්කු බීම මීවිත තොලගෑම යයි ලස්සන භාෂාවෙන් සඳහන් කෙරුවේ රටේ සිංහල තරුණ පරපුරට බීපල්ලා  යන පණිවිඩය සපයමිනි. සිංහල බෞද්ධයන්ගේ නිල පුවත්පත ලෙස පෙනී සිටින දිවයින සති අන්තයේ පුවත්පත සමඟ ‘මීවිත’ නමින් අතිරේකයක් බෙදාහරින්නේද රටේ අරක්කු සංස්කෘතිය බෝකිරීමට අනුබලදීමක් වශයෙන්ද යන්න සොයා බැලිය යුතු කරුණක් වන්නේ සුචරිතගේ පාපමිත‍්‍රයන් දිවයින පුවත්පතටද අරක්ගෙන සිටිනබැවිනි. 

‘ලේක් ක්ලබ්’ එකේ අඩි ගසා වැනි වැනී වැව රවුමේ සරච්චන්ද්‍ර පස්සෙන් නාඩගම් ගී කිය කියා ගිය හැටි මහ වටිනා දේ ලෙස පත්තරයෙන් වර්ණනා කරද්දී ඒවා කියවන තරුණ සිසුන් මොනතරම් මානසික පිරිහීමකට පත්වේ දැයි සිතන්න. එබැවින් සුචරිත තරුණ පුරපුරට සැඟවුණු හතුරෙක් වූයේය.   

සුචරිතගෙන් වැඩගත් අය හැරුණු විට ඔහු සමග රැලේ ගිය පිරිසක්ද වූහ. මොවුහු සුචරිත මියගිය පසුව මළසිරුරකින් ඉවත්වෙන උකුණන් මෙන් හිමින් හිමින් සුචරිතගෙන් ඈත් වූහ. සුචරිතව නොදන්නා අය මෙන් හැසිරෙන්නට වූහ. ඊට හේතුව සූකරබාහුලා හා ඇල්ටීටීඊකාරයන් සුචරිතව වර්ණනා කරද්දී ඔවුන්ගේ ගොඬේ බැස අසූචි නාගන්නට ඔවුන් අකමැති වූ නිසා යයි සමහරු කියති. 

සුචරිත මිය ගිය පසුව වෙබ් අඩවි මගින් ‘අපේ සගයෙක් මළා’, ‘බුද්ධි සද්දන්තයෙක් වැටුණා’, ‘මහ පඩිරුවන නිවී ගියා’ ආදී කතා කිය කියා බෙරිහන් දෙන්නෝ සුචරිතගෙන් වැඩක් නොගත් හා සුචරිත සමග රැලේ නොගිය අයයි. ඉස්සර අපේ ගම්වල කමත්වල කොළපාගද්දී ගමරාළලා ගොවිරාලලා සමග කුඩා දරුවෝද කමතට එති. අම්බරුවන් දැක්කීමේ වරම නොලැබුණත් කුඩා එවුන්ට ගොම්පස් ඇල්ලීමට අවස්ථාව ලැබේ. ‘සුචරිත මගේ මිතුරා’, ‘මගේ ආචාර්යවරයා’ කියමින් මොරදෙන්නවුන් කරන්නේත් ගොම්පස් ඇල්ලීමකි. එහෙත් ඔවුන්ට උපකාර කරන මහ එවුන් නැත. ඔවුහු රැලේ ගිය අයගේ මිතුරෝද නොවෙති. වෙබ් අඩවිවලින් පකීර්ලා බව පෙන්වන මානසික අනාථයෝම වෙති

12 comments:

  1. සංවාදයට බඳුන් විය යුතු ළිපියක් නිසා. සින්ඩියෙන් ප්‍රචාරයක් දෙන්නම්.

    මම නම් ඔහු අගය කරන්නේ. ඔබේ විවේචනයට ලක්වූ සියළු දේ වෙනුවෙන් ඔහු පෙනී සිටී නිසා. කෙලින් මිනිහෙක් නිසා.

    ReplyDelete
    Replies
    1. machan mu kelin penee hitiya ekek newei. umba weradee. mu oya serama kale salli hewea. keertiya heweema siwre idala namak ganna bariuna tarahata sasaneta gaheema wage patu kalpana atiwa. mama minihage laga pakkalikam kala kalayakma. terenkota epawela etuna.

      No Dutu Gamunu

      Delete
  2. සිංහල තලේබාන් කාරයින්ට ගම්ලත්ව තෙරෙන්නේ නැත. උන්ට බුදුන් තියා දේවදත්ත වත් තෙරුම් ගන්ඩ උවමනාවක් නැත.

    ReplyDelete
    Replies
    1. ඉහත අදහස සහතිකෙන්ම ඇත්ත බවට අත්දැකීමෙන්ම එකඟ වෙමි.

      Delete
  3. ගොඩාක් ඉගෙන ගත්තම
    අම්මා = ගර්භාෂ දායිකාව
    තාත්තා = ශුක්‍ර දායකයා

    වෙනවනේ ..සුචරිතලත් එහෙම මිනිස්සු ..

    ReplyDelete
  4. මහාචාර්ය සුචරිත ගම්ලත් දැවැන්ත කෝෂ්ඨාගාරයක් වගේම න්‍යායිකව කෙලින් මිනිහෙක්. මටත් තේරෙන විදියට හැබැයි, එයා වත් එයාගෙන් සමාජයට තිබුණු ප්‍රයෝජනය එළියට ගන්න අසමත් වුණු බව පේනවා. බීබීසී ගී මිණී ආර වගේ පොඩි වැඩ ටිකක් නම් එයාගෙන් සමාජයට ආවා. ඒක හරියට අපි මොළේ ධාරිතාවෙන් වැඩ ගන්නෙ සියයට 10 කට ත් අඩුවෙන් කියන කතාව වගෙයි.

    සුචරිත ගම්ලත් ගේ මරණයෙන් සමාජ පරිණාමයේ එක මං සළකුණක් සටහන් වෙනවා. ඒක තමයි, ඉංග්‍රීසි පාළි සංස්කෘත හදාරපු විද්වත් සිවිල් සමාජය හමාර වෙන එක. දැන් ඉන්න සිවිල් සමාජය, යන්තම් දන්න දේකින් මහරජාට කඩේ යමින් තමන්ගේ පරමාර්ථ සාධනය සඳහා මහා මාධ්‍ය ව්‍යාපාර දියත් කරන පිරිසක්නෙ.

    ReplyDelete
    Replies
    1. ලෝකය නොදන්නා, නොවැටහෙන, දැනුමකිරිසප්පයා හෙවත් ලියන්නා වෙත ලියමි.
      මේ වාගේ අවියත් කතා ලියන්න එපා . මෝඩකම ප‍්‍රදරිශනය වෙනව. පාලි, සංස්කෘත, සිංහල වැනි පෙරදිග භාෂා විතරක් නොවෙයි, ඉංග‍්‍රීසි, ජර්මන්, ප‍්‍රංශ වැනි අපර දිග භාෂා දන්නා ප‍්‍රාඥයින් ඉන්නව. දැන් පිටරට ඉන්න කාටත භාෂා දෙකක් පුලූවනි. සුචරිත දේශද්‍රෙහින් පිම්බූ පපඩමක් පමණයි. ඔහු දැනුම කෝෂ්ඨාගාරයක් නොවන බව ඔය ලිපිය කියවා වටහා ගන්ඩ ඔබට අපහසු නේද? ඊට හේතුව මම කියන්නම්. ඔබ ආණ්ඩු විරෝධියෙක් වීම. ඒකනෙ රජා කතාවක් ඔතනට අදින්නෙ. තර්ක ශාස්ත‍්‍රයට අනුව ඔබ මුල්වටයෙන්ම පරාදයි.
      සුචරිත කඬේ ගියා. ඒ ගියෙ රටට නොවේ. රටේ කෙනෙකුටත් නොවෙයි. කොහෙවත් නැති මාක්ස්වාදයකට. ඇල්ටීටීඊ බෙදුම්වාදීන්ඩ. නිකමට හිතන්ඩ රාජපක්ෂලට කඬේ යන පුද්ගලයා ඊට වැඩිය හොඳයි නේද? ඔහු රටේ මිනිහෙක්. සුචරිත රටේ හිටියට මනසින් පරයෙක් වන්නි පුතා

      Delete
  5. සුචරිත ගම්‍ලත් යනු දැනුම් කෝශ්ඨාගාරයක් මෙන්ම අදීන මාක්ස්වාදියෙකි. දේශපාලනය හා කඩේ යාම අතර වෙනස නොතේරෙන වුන්ට ගම්ලතුන්ගේ වටිනා කම නොතේරීම අරුමයක් නො‍වේ‍.

    ReplyDelete
    Replies
    1. අනේ දරුවනේ මට නම් ඕගොල්ල ගැන හරිම දුකයි. බලන්න නම බුද්ධික. ඒත් රූපෙට දාගෙන ඉන්නේ චේව. ඕගොල්ලන්ට අඩුම තරමින් ඕගොල්ලොයි අපියි මේ හැමෝම වෙනුවෙන් අතීතයේ සැබෑම මිනීමරු අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ජීවිතේ පූජා කරලා සටන් කළ කැප්පෙටිපොලලා වගේ උදාර මිනිස්සුන්ව විප්ලවවාදීන් වගේ පෙනෙන්නෙ නැද්ද? රට ත‍්‍රස්තවාදීන්ට අයිතිකරගන්න දරදිය ඇද්ද, සිංහල හමුදාව මරාදාපන් කියා කොටින්ට සින්දුව ලියාපු මහාචාර්ය ගම්ලත්ලා වගේ අයද ඔයාලාට ලොකුඇත්තට. ඇනකොන්ඩා කිව්වට පස්සේ මම ඊළාම් ගීය ගැන හෙව්වා. බැලූවාම මේක කියලා තියෙන්නේ අර යොවුන් ගී කණ්ඩායමේ හිටපු මාෂල් ජනතාලූ. ඔන්න බලන්න අපේ මිනිස්සුන්නේ හැටි. අපට දුක අපේ අනාගත පරම්පරා ගැනයි.
      සිරිමලී

      Delete
  6. සුචරිත ගම්ලතුන්ට බණින පිරිස් තුනයි. එකක් මාක්ස්විරෝධීන්, දෙක ඊනියා ජාතිකවාදීන්. තුන ඔහු කළ කී දේ නොතේරෙන ගොම්බජ්ජන්. ඔබට ගැළපෙන තොප්පිය දා ගන්න.

    පලි/ ලිපියේ අදහසට මා එකඟ නොවුවත්, ලිපිය ගැන ප්‍රසාදය පළකරමි.

    ReplyDelete
  7. බුද්ධ ධර්මය අදහපු මනුස්සයෙක්ව, බුද්ධාගම් කාරයෙක් දැකලතියන විදිහ !
    (ඇනකොන්ඩා ,ලිඳේ සිටින මැඩියෙකු නොව,වැසිකිළි වලක පණුවෙකුයයි හැඟෙ.කණගාටුයි)

    ReplyDelete
    Replies
    1. http://www.wsws.org/sinhala/2013/2013may/slsg-17m.pdf

      Delete

අදහස් දක්වන්න