Wednesday, July 24, 2013

සංඝාධිකරණය - සසුන නැසීමේ අලූත්ම උපක‍්‍රමය


බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ථෙරවාදී සහ මහායාන වශයෙන් ප‍්‍රධාන පාර්ශ්ව (නිකාය) දෙකකට බෙදුණු බුදුසසුන රටරටවලට පැතිර ගියේය. මෙයින් වඩාත් ජනප‍්‍රිය වූයේත් ව්‍යාප්ත වූයේත් මහායාන බුදුසසුනයි. කවුරුන් පිළිගැනීමට අකමැති වුවත් යේසුස් වහන්සේ මහායාන බුදුසසුනට අයත් භික්ෂුවක් බවට ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් වී තිබේ. යුදෙව් බයිබලය හා ක‍්‍රිස්තියානි බයිබලය විමසිල්ලෙන් කියවන්නෙකුට යේසුස්ගේ බණ හා යොහෝවාගේ අණ තේරුම් ගැනීමට පුළුවන. පසු කලෙක රෝම අධිරාජයෙකු විසින් ක‍්‍රිස්තියානි නමින් රෝමානු ආගමක් පිහිටුවන්නේ යේසුස් භික්ෂුව දෙසූ බුද්ධ ධර්මය සංශෝධනය කිරීමෙනි. ඒ රණකාමී දේවආගම ඇමරිකා, අප‍්‍රිකා මහාද්වීප ජයගත් අතර ලංකාව වැනි බෞද්ධ රටවල්ද ආක‍්‍රමණය කළේය. දැන් දැන් ලංකාවේ රෝමානු කතෝලික සභාව රෝමානු ආගමේ රෝමානු ලකුණු මකමින් බෞද්ධ සිරිත්විරිත් ආක‍්‍රමණය කරයි. මේ වන විට ලංකාවේ කතෝලික පූජක නාහිමිවරු ආරණ්‍යයන්හි සිටිති.

මහායාන බුදුසසුනට පළමු ප‍්‍රහාරය එල්ල වූයේ රෝමානු කතෝලික ආගමෙනි. ඉස්ලාම් ආගම බිහිවූ පසුව ඉස්ලාම් ආගම විසින් මහායාන සසුන දරුණු ලෙස මැඩපවත්වන ලදි. මහායාන බෞද්ධ මූලස්ථානය වී පැවතුණේ වර්තමාන කාශ්මීර ප‍්‍රදේශයයි. යුදෙව් ක‍්‍රිස්තියානි දර්ශනයක් වූ මාක්ස්වාදය රුසියාව ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව බලවත් වූ කොමියුනිස්ට් ව්‍යාපාරය ඉස්ලාම් හා කතෝලික ආගම්වලින් ගැලවී පැවති දකුණු ආසියාවේ මහායාන බුදුසසුනට මාරක ප‍්‍රහාරය දුන්නේය. වියට්නාමය, චීනය ආදී රටවල බුදුසසුන් කොමියුනිස්ට් පාලකයන් විසින් වනසා දමන ලද්දේය.

මහායාන බුදුසසුන මේ ලෙස අවසන් වන විට බුදුසසුන පැවති රටවල් තුනක් ඉතිරි විය. බුරුමය, තායිලන්තය හා ලංකාව නමැති මෙම රටවල් තුනේම ථෙරවාදී සසුන් පැවතුණි. මෙම රටවල් තමන්ගේ පාර්ශ්වයට ගැනීමේ ඉලක්කයක් ලෝකය දිනීමට සැරසෙන ඉස්ලාම් පාර්ශ්වයට ඇත. එය වටහාගෙන ඉස්ලාමිකයන් අභිභවා මෙම රටවල් තුන තමන් යටතට ගැනීමට ක‍්‍රිස්තියානි පාර්ශ්වය වෙහෙසේ. නමුත් මේ එක පාර්ශ්වයක්වත් තමන්ගේ සැබෑ මුහුණ එළිදැක්වීමට සූදානම් නැත. ඔවුහු සැබෑ ස්වරූපය සැඟවීම සඳහා උපායන් භාවිතා කරති. 

සර්වආගමික වැඩපිළිවෙළ එක් උපායකි. මැවුමකරුවෙකු ඇතැයි පිළිගන්නා ආගමක් සහ මැවුම්කරුවකු නැතැයි පිළිගන්නා දහමක් එක් නොවේ. මොනම හේතුවක් නිසාවත් ඉස්ලාම් කාන්තාවකට බෞද්ධයෙකු සමග විවාහ වීමට ෂාරියා නීතිය යටතේ අවසරයක් නැත. බෞද්ධයෙකුට ඉස්ලාම් දේවස්ථානයකට පයගසන්නට අවසර නැත.

ලෝකයේ තිබුණු බෞද්ධ රටවල් සිය ගණනක් රටවල් තුනකට බැස්සේ කෙසේද? ඒ රටවල් තුනම ථෙරවාදී රටවල් වූයේ කෙසේද? මේ ගැන සොයා බැලූවහොත් මෙම රටවල් තුනේම අවදියෙන් කටයුතු කළ භික්ෂුන් වහන්සේ පිළිබඳ තොරතුරු හමු වේ. මාක්ස්වාදී ලේඛකයන්, මෙවැනි භික්ෂුන් වහන්සේ නම් කරන්නේ සටන්කාමී භික්ෂූන් යන විශේෂ නමකිනි. ක‍්‍රිස්තියානි මාධ්‍යකරුවෝ අන්තවාදී භික්ෂූන් යන නම භාවිත කරති. මෙම රටවල් තුනේම සසුන් රැකී ඇත්තේ සටන්කාමී හෝ අන්තවාදී යයි හංවඩු ගැසෙන අවබෝධයෙන් කටයුතු කළ භික්ෂූන් නිසා මිස අංතට්ටු හා සමාන නායක පට්ටම් පැලඳගෙන ආණ්ඩුවලට ආවැඩූ භික්ෂූන් නිසා නොවේ. නායක පට්ටම් දීම ලංකාවේ භික්ෂුන් වහන්සේ දමනය කිරීම සඳහා බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන් යොදාගත්  උපායක් විනා සිංහල සිරිතක් නොවේ.

බත්තරමුල්ලේ සුභුති හිමි, මිගෙට්ටුවත්තේ ගුණනාන්ද හිමි වැනි භික්ෂුන් වහන්සේ නිදසුනකට ගෙන බලන්න. මෙවැනි යතිවරයෝ ආගමික අන්තවාදී භික්ෂූන් වශයෙන් සලකති. අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා වැන්නන් පවා ඒ කාලවල සිටි ඇතැම් නායක හාමුදුරුවරුන් විසින් තක්කඩින් ලෙස හඳුන්වනු ලැබ තිබේ.

තායිලන්තයේ බුදුසසුන කලක සිට ඉතාම අපූරුවට බිම දමා ගෙන යති. බුරුමයේ හා ලංකාවේ බුදුසසුන් මැඞීමට ආක‍්‍රමණික පාර්ශ්වයෝ වෙහෙසෙති. ලංකාවේ හා බුරුමයේ සසුන රැකී ඇත්තේ ජාතිකත්වය සලකන අවදියෙන් කටයුතු කරන භික්ෂූන් නිසා බව ආක‍්‍රමණයේ යෙදෙන දෙපාර්ශ්වයම වටහාගෙන සිටිති. එබැවින් ජාතික හැඟීමෙන් කටයුතු කරන භික්ෂූන් උපන්ගෙයිම මරාදැමීමේ වැඩපිළිවෙළක් ලංකාවේ හා බුරුමයේ ක‍්‍රියාත්මක කරවීමට පිරිසක් වෙහෙසෙති. ඊට මුල්වන්නන් බි‍්‍රතාන්‍ය යුගයේ භික්ෂූන් මර්දනය කළ ආකාරය අධ්‍යයනය කර සංඝාධිකරණ පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කර තිබේ. තනතුරුවලට, වරප‍්‍රසාදවලට, මිලමුදලට හා දේශපාලනඥයන්ට වාල් වන භික්ෂූන් අධිකරණ සංඝසභාවලට පත් කර අවදියෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේ මර්දනය කිරීම සංඝාධිකරණයේ පරමාර්ථයයි. මෙය මතුවට ලංකාවේ ක‍්‍රියාත්මක කෙරෙන භික්ෂුව හීලෑ කිරීමේ වැඩපිළිවෙළයි.

බුදුසසුනට කිසිම සේවයක් නොකරන සර්වආගමික කැඳහැළිය ගැන වෙහෙසෙන බුද්ධශාසන අමාත්‍යාංශය ඒ සඳහා වුවමනා සියලූ කටයුතු කිරීමේ කොන්ත‍්‍රාත්තුවට කරගසා ඇත.

6 comments:

  1. මගේ බ්ලොග් එකේ මම නිතරම කියන දෙයක් තමයි බුදු දහමේ නියම හතුරා මාක්ස්වාදය බව.චීනය ප්‍රධානව ආසියාවේම බුදුදහම විනාශ කළේ මාක්ස්වාදීන්.භික්ෂූන් වහන්සේලාට සටන්කාමීන් ලෙස අපහාස කරන්නේත් උන්ම තමයි

    ReplyDelete
  2. ඔබගේ අදහස නිවරදියි මිත්‍රයා. නමුත් ගිහියන්ගේ උසාවි වලස්වාමින් වහන්සේලාගේ නඩු අහනවට වඩා සංඝාධිකරනයක ඇති කරන එක හොදයි නේද? එහි බලතල පැවරීම දුරදිග සිතා මතා ඇතිකලොත් වදගත් ආයතන‍යක් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. රෝම ලන්දේසි නීතිය පවතින ලංකාවේ සිවිල් හෝ අපරාධ නඩුවකදි භික්ෂුවක් කියා අධිකරනයට ඉදිරිපත් කිරිම වලක්වන්ට බෑ. හැබැයි ඔය බොදු බල සේනා වැනි ජාතිකත්වය පදනම් කරගෙන කටයුතු කරන සංවිධානවල සංඝයා වහන්සෙලාව සිවුරෙන් අහක් කරන්න රෝම ලන්දේසි නීතියට බෑ. නමුත් ලෝක ක‍්‍රිස්තියානි හා ඉස්ලාම් වැඩ කාරයන්ට එවැන්නක උවමනාව තියෙනව.
      ඉංග‍්‍රිසි පාලනය එනතුරුම භික්ෂුවට අධිකරන බලතල පැවතුනා. ඒ සේරගෙන්ම භික්ෂුව ඉවත්කරල භික්ෂුව ක‍්‍රිස්තියානි නිතියට යටත් කිරිමට ඉංග‍්‍රිසි ආණඩුව සමත්වුනා. මේ අතර ෂාරියාර් නිතිය නිල වශයෙන් නැතුවාට රටේ දැන් ක‍්‍රියාතමක වෙනව. සංඝාධිකරන කියන්නෙ භික්ෂුවට පැරණි උරුමය ලබාදීමක් නොවෙයි. තියෙන බලය අහිමි කිරිමේ වැඩ පිලිවෙලක් .
      අගමැති ජයරත්න කියනව මැරුවත් තමන්ගෙ වැඬේ නවත්තන්නෙ නෑ කියල. ලෝකයේ මෝඩම අගමැති තේරමේ තරගයක් නැනෙ. එහෙම දෙයක් ඇත්නම් වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න ජයරත්න ලෝකයේ මෝඩම අගමැතිවරයා විදිහට තේරෙනෙව. මෙවැන්නෙක් තමා බුද්ධශාසන ඇමති. වශයෙන් කටයුතු කරන්නෙ මිනිහට මතක නැ තරුණ කාලෙ මහජනයාට වෙඩි තැබිමේ සිද්ධිවලට තමා අහුවුන බව. by Gampolaya

      Delete
  3. ettatama me DIMU Jayaratnayata Buddha Shasane baradeela tiyenne meka vinasa karannama tamai. Natinam meka hambayanta pakkalikam karawida Buddha shasana ematikamat darana gaman. Nehe me parayata ona uge adaviye tiyena Muslim chanda tika dehegannai. dan oya genne putawat sellam pitiyata. meka marenna wetila hitiyata dan oya pakkalikam karanne putata chanda tika aragena dennai. Tambila dei putata chandama, balagena indapanko.

    No Dutu Gemunu

    ReplyDelete
  4. සුදු පසුබිමක කලු අකුරෙන් ලිව්වානම පහසුවෙන් කියවන්න පුලුවන්. මේ බ්ලොග් එක කියවන්න අමාරුයි. ඇස් රිදෙනවා.... මදක් සිතා බලන්න...... වෙනසක් කලොත් හොඳයි.

    ReplyDelete
  5. I agree with you Anaconda. Thanks. A++++++

    ReplyDelete

අදහස් දක්වන්න