Sunday, August 4, 2013

ජාතික විද්වත් මණ්ඩලයට විද්වතුන් ඕනෑකර තිබේ

වස කෑමෙන් හෝ බීමෙන් මරණය අත්කර ගැනීමට හැකි බව මළපොතේ අකුරු නොදන්නා මිනිස්සු මෙන්ම ගොන් මෝඩ මිනිස්සුත් දනිති. වස පානයෙන් සිදු වන මරණය ඉතාම වේදනාකාරී මරණයක් බව ඔවුන් වැඩි පිරිස දන්නේ සමාජයේ ජීවත්වීමෙන් ලත් දැනුමෙනි. නමුත් විද්‍යා දැනුමෙන් යුතුව කටයුතු කළ ඇල්ටීටීඊ සංවිධානය සිය සාමාජිකයන්ට කරේ පැළදීමට සයනයිඞ් කරලක් දුන්නේය. හදිසියකදී ඒ සයිනයිඞ් කරල කටට දමා හැපූ විට ඉතාම කෙටි වේලාවකින් අඩුම වේදනාවක් ඇතිව මරණය හිමිකර ගත හැකි බවට ඇල්ටිටීඊ සාමාජිකයෝ දැනුවත් වී සිටියහ. මීටත් වඩා පහසුවෙන් මරණය හිමිකර ගැනීමේ ක‍්‍රමයක් තිබේ දැයි යමෙකුට සැක පහළ කරන දැන්වීමක් ජාතික විද්වත් සභාව ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ කුමක් දැයි දැන ගැනීමට අගෝස්තු 6 වැනිදා ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛණ සේවා රැස්වීම් ශාලාවට යා යුතුයි. එහි දී විද්වත්හු හතර දෙනෙක්ම  ‘නිහඬ මරණයකට පාර කපන වස විස පිරි ආහාර’ මැයෙන් දෙසුම් හතරක් පවත්වති.

යටත් විජිත යුගයේ විශේෂයෙන් ලංකාවේ ගැමියන් අතර උගතුන් වශයෙන් කැපී පෙනුණු ඉස්කෝල මහත්තුරු ‘කජු පේර වරකා ජම්බු ජම්බල නරකා’ කියමින් පාසැල් දරුවන් ගමේ හැදෙන පලතුරුවලින් ඈත් කිරීමේ මහ වැඩපිළිවෙළක නියැළුණහ. සමහර ගම්වල ඉස්කෝල මහත්තුරු මූලික වී පේර, ජම්බෝල ගස් වනසන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළහ. ඔවුන් ඒ සටන ගෙන ගියේ අවංක චේතනාවෙනි. දේශීය පලතුරු කෑමෙන් මහජනයා ලෙඩ රෝග වැළඳගෙන අකාලයේ මිය යතැයි යන විශ්වාසයෙනි.

මීට පසු කලෙක රටේ උගතුන් වශයෙන් කැපී පෙනුණු දොස්තරවරු බොහෝ දෙනා පොල්, පොල් කිරි හා පොල් තෙල්වලට විරුද්ධව මහා ප‍්‍රචාරයක් ගෙන යමින් පොල් ආහාරයට ගන්නා සිංහලයන්ගේ ශරීරයේ නරක කොලස්ටොරෝල් පිරී ඔවුන් හෘදයාබාධවලට ලක්වන බවට ප‍්‍රචාරයක් ගෙන ගියහ. දරුවන්ට මවු කිරි වෙනුවට පිටිකිරි සුදුසුයැයි ප‍්‍රචාරය කරන්නට ගත්තෝද දොස්තරවරුමය. ඇමරිකානු සමාගම් පොල් නිෂ්පාදනයන්හි බලය අල්ලාගත් පසුව දැන් සියලූම දොස්තරවරු ඒ කතාව වෙනුවට ශාක ආහාර නිසා ශරීරයේ කොලස්ටොරෝල් හුටපටයක් සිදුනොවන බව පවසති. ඇමරිකාව ආදි බටහිර රටවල් මවුකිරිවල ගුණ කියන්නට පටන්ගත් පසුව අපේ දොස්තර මහත්තුරුද දැන් මවුකිරේ අගය කියති.

විද්වත් සභාව විසින් සංවිධාන කරනු ලබන දේශන මාලාවට සම්බන්ධ වන ප‍්‍රසිද්ධ දේශකයන් හතර දෙනා අධිරාජ්‍යවාදීන්ගේ හෝ බටහිරුන්ගේ සමාගම්වලට අවනතව මහජනයා ගොනාට අන්දවන පුද්ගලයෝ නොවෙති. ඔවුන් ඊට පටහැනි දෙයක් කරමින් රසායනික වස විසවලට එරෙහිව මහජනයා දැනුවත් කිරීමට වෙහෙසෙන්නෝ වෙති. එවැනි පුද්ගලයන් හතර දෙනෙකු සහභාගි කරවාගෙන පවත්වන සම්මන්ත‍්‍රණය සඳහා යොදාගන්නා ‘නිහඬ මරණයකට පාර කපන වස විෂ පිරි ආහාර’ නමැති මාතෘකාව නම් රසායනික සමාගම්වලට සේවය කරන්නකි. එය කෙතට, වත්තට, ගොවිපළට හෙලන රසායනික වස නිසා සිදුවන මරණය නිහඬ, සැපවත් මරණයක් බව පෙන්වයි. මරණය බොහෝ විට කුරිරුය. දුක් සහිතය. එම නිසා ආහාර පාන මගින් නිහඬ මරණයක් ලබාගැනීමට හැකි නම් ඊට බොහෝ පිරිසක් කැමති වෙති. නිහඬ මරණයකට උදව් කරයි නම් රසායනික සමාගම් කරන්නේ එක්තරා ‘මහජන සේවයක්’ නොවේද?

අපේ රටේ බොහෝ උගතුන්ට හා විද්වතුන්ට මහජනයාට ආමන්ත‍්‍රණය කළ යුතු භාෂාව නොවැටහේ. මීට එක හේතුවක් සිංහල භාෂාව ගැන නිවැරදි දැනුමක් නැතිකමයි. පැරණි උගතුන් සිංහල දැනුම ලබාගත්තේ පාලි, සංස්කෘත භාෂා ඉගෙනීම මගිනි. හොඳ භාෂා දැනුමක් නැති වර්තමාන උගතුන් කියන ලියන දේ මහජනයාට නොවැටහේ. ජාතික විද්වත් මණ්ඩලයේ පෙර කී ප‍්‍රචාරක දැන්වීම එම මණ්ඩලයේ ඇත්තන්ගේ ‘විද්වත්භාවය’ පිළිබඳව ඇනකොන්ඩාගේ සිතෙහි සැකයක් ජනිත කරවයි.

11 comments:

  1. නිහඬ මරණයකට පාර කපන වස විෂ පිරි ආහාර’ නමැති මාතෘකාව නම් රසායනික සමාගම්වලට සේවය කරන්නකි. එය කෙතට, වත්තට, ගොවිපළට හෙලන රසායනික වස නිසා සිදුවන මරණය නිහඬ, සැපවත් මරණයක් බව පෙන්වයි. මරණය බොහෝ විට කුරිරුය. දුක් සහිතය. එම නිසා ආහාර පාන මගින් නිහඬ මරණයක් ලබාගැනීමට හැකි නම් ඊට බොහෝ පිරිසක් කැමති වෙති. නිහඬ මරණයකට උදව් කරයි නම් රසායනික සමාගම් කරන්නේ එක්තරා ‘මහජන සේවයක්’ නොවේද?

    ---------------------
    මෙතන සිංහල හරියට දන්නේ නැත්තේ ඔයා නේ , මේක නිහඩ (silence) මරණයක් ගැන කියන දෙයක් මිස වේදනාවක් (pain) තියෙනවද නැද්ද කියල කියල නෑ නේ. මෙතන නිහඩ මරණයක් කියන්නට හේතුව මරණයට ලංවෙන තුරු එය හදුනාගැනීමට (symptoms) අපහසු වීම මිස මරණය සැපදායක කියන අරුත නොවේ

    ReplyDelete
    Replies
    1. Nane machan, Anaconda kiyanaeka harine. Arthaya nima widihata tiyenawanam apita tarka karakara wistara karanna wenne nehene. Nihanda Maranaya kiyana eka Anaconda kiyana hetiyata arta dakwanna puluwan tamai. me wage wedakata paniwidayak denakota niweradiwa denna oana. kohomatat me danweema matanam wikarayak. Seema Bandeem Binda Damoo kiyana ekat hari upsetne machan.

      samaharawita umba machan Jatika Widwat Mandale kenek wenna eti. DUk wenna epa. Anaconda umbalata benala nehene. podi tokkakne enala tiyenne.api meken padamak ganimu. mama nam Anaconda ekka ekagai.

      No Dutu Gemunu

      Delete
    2. සිංහලට පරභාෂා වචනවල තේරුම සපයනවිට එය සිංහල ව්‍යවහාරයට කොයිතරම් නිවැරදි ද කියල වැටහිමක් තියෙන්ඩ ඕනැ. සයිලන්ට් කියන ඉංග‍්‍රිසි වචනයේ අර්ථය ගත්විට නිහඩ තමයි. නමුත් මෙතන දි එයින් ප‍්‍රකාශවෙන්නෙ ඊට වෙනස් අර්ථයක්.saman

      Delete
    3. නියමයි සමන්. ඔන්න පේනවනෙ අපේ ජාතික විද්වත් සභාවෙ තත්වය. සිංහලයෙන් යමක් තේරැම් කරන්ඩ බෑ ඉංග%ීසි මැද්දට දාන්නෙ නැතිව. ආයෙ තවත් මොන කතාද@. චාමර

      Delete
  2. ඇනකොන්ඩා කියන්නේ ඇත්තනෙ ළමයිනේ. මේක සේලලමක් නෙවෙයිනෙ. ජාතික විද්වත් සභාව කිව්වාම මුළු ජාතියේම විද්වත්කම නියෝජනය කරන සංවිදානයක්. ඒකෙන් කරනකියන දේවල් හුඟාක් හිතලා බලලා පරිපූර්ණව කෙරෙන්න ඕනැ. නැතිනම් ඒක මදිකමක්. ජාතියටත් නින්දාවක්. මේවා හුඟාක් වගකීමක් ඇතිව කෙරෙන්න ඕනැ. මමත් ඇනකොන්ඩා කියන දේට එකඟයි. මේ දැන්වීමෙන් වැරදි අර්ථයක් එනවා තමයි. ඒ ගැන හිතන්න ඕන මෙතන ඇනකොන්ඩා අපිට ඉදිරිපත් කරලා තියෙන අනිකුත් කාරණාත් එක්ක සසඳමිනුයි. අපේ ජාතිය විනාශ කරන්නට වචන පාවිච්චියෙන් කරපු ඇස්බැන්දුම් ගැන මීට කලිනුත් යම් යම් වේලාවල්වල ඇනකොන්ඩා කියලා තියෙනවා වගේ මට මතකයි. ඇනකොන්ඩා අපිට දෙන්නේ මොළ වඩන බේත් කියලා එයා කියන එකේ ඇත්තක් තියෙනවා. අපි මේවා බොහෝම ගැඹුරින් කල්පනා කරලා හිතට ගන්න ඕන කාරණා. නොදුටු ගැමුණු කියනවා වගේ එසේ කලා නම් ‘සයිලන්ට්’ ගැනයි ‘සිම්ටම්ස්’ ගැනයි කතාකරකර අපිට වදවෙන්න වෙන්නේ නැහැනේ.

    සිරිමලී

    ReplyDelete
  3. Actually I also fell that Anaconda is right.

    ReplyDelete
  4. Ei Anaconda hema witama kage hari durwalakamakma penwanne?

    ReplyDelete
  5. ඇනකොන්ඩා දුර්වලකම්ම දකිනවා කියන එකේ ඇත්තක් තියෙනවා. නමුත් මූ කියන ඒවා ඇත්ත. ලියන ඒවායේ රහකුත් තියෙනවා. කියවන්න පහසුයි. හැබැයි සමහර ඒවා ගැඹුරු වැඩියි. ඒ නිසා හැකි හැම විටම සරලව ලියනවා නම් හොඳයි. කොහොමටත් අපි ඇනකොන්ඩාට කැමතියි. උඹ ලියන්නෙ වෙනස්ම ඒවා.

    සරදියෙල්

    ReplyDelete
  6. අනිත් විද්වතුන් නම් මන්දා . . උඩින්ම නම තියෙන විද්වතා නම් මිනිස්සු නිහඬ ව නෙමෙයි සද්දේ දාගෙන මැරුවත් හ්ම්ම් කියන්නේ නැති එකෙක් . . .

    බලයක් තියාගෙනත් ඩිරෙක්ට් මිනී මරන එකට විරුද්ධ නොවෙන එකා ඉන්ඩිරෙක්ට් මිනී මරන එකට විරුද්ධ ඇයි කියන එක ප්‍රශ්නයක් නෙමෙයිද ඇනකොන්ඩෝ . . ??

    ReplyDelete
  7. ඔන්න බලනවාලා ඔයාලාගේ උගත්තුන්ගේ වැඩ. දැන් මම හො‍්ට සිංහල ලියනවා. කතාකරනවා. තමුසෙලා කීදෙනෙක=ට පුලුවනිද දෙමළ කතාකරන්න, ලියන්න.

    නසාර්

    ReplyDelete
    Replies
    1. නසාර් ඔයාට තේරෙන්නෙ නැද්ද ඔයාලා වැටිලා ඉන්න අමාරැව. පව්. ඇයි ඔයාල දෙමළ කතාකරන්නේ. හරිනං කතාකරන්න ඕන අරාබිනෙ. ඔය අරාබි රටවලට ගියාමත් මෙහෙ ඔයාල සෙල්ලං දානව වගේ බුද්ධාගම අදහගෙන එහෙම ඉන්න පුලුවනි. ඔයාලා මේ සෙල්ලං සේරම දාන්නෙ බෙ!ද්ධයන්නෙ කරැනාව මෛත%ිය ඉවසිල්ල නිසයි. අරාබි රටවලනං කෑලි කපල නේද! මේ යුරෝපෙනං මුස්ලිම් අයට ඕන ඕන නැටුම් නටන්න දෙන්නෙනෑ.

      බර්ලින් පුතා

      Delete

අදහස් දක්වන්න