Thursday, September 26, 2013

ඉස්ලාම් අන්තවාදය, ‘මිස් මුස්ලිමා’ සහ සිංහලයාගේ අනාගතය


රූප සුන්දරීයන් තේරීමේ තරග පැවැත්වීම ගැන නොයෙක් අදහස් තියෙනව. මෙය බටහිර වානිජ සමාජය ලෝකයට ඉදිරිපත් කරපු තවත් ආකර්ශනීය වැඩ සටහනක් කියල තමා හුඟ දෙනෙක් කියන්නෙ. රූප සුන්දරී තරගවලට විරුද්ධව පළමුවෙන්ම හඩ නැගුවෙ කාන්තා විමුක්තිවාදීන් විසිනුයි. මෙවැනි වැඩසටහන් මගින් කාන්තාව කාම භාණ්ඩයක් බවට පත්කරනව කියල ඒ අය කියන්ඩ ගත්ත. නමුත් කාන්තා විමුක්ති ව්‍යාපාරය කියන එක බටහිර නිර්මාණයක්. ඇන්ජී ඕ සංවිධාන විසින් තමා ලංකාවෙ කාන්තා විමුක්ති ව්‍යපාර මෙහෙයවන්නෙ.

රූප සුන්දරී තරග කියන ඒව ලෝකයේ බොහොමයක් රටවල  හරිම ජනප‍්‍රියයි. ජනප‍්‍රිය බොලිවුඞ් නිළියන්  වැඩි දෙනා අඩුම තරමින් ජාත්‍යන්තර  රූප රාජණී තරගයකට පෙනී හිටපු අය. වර්තමාන ලෝකයේ ජනප‍්‍රියතාවය ඇතිකරන්නෙ මාධ්‍ය විසිනුයි. අපේ වැනි රටවල මනුෂ්‍යයන්ට දහජරාව නෙමේ  ඕනැ නම් බලූ බෙටි වුණත් කවන්ඩ බලයක් ඒ අයට තියෙනව. වෙළඳ ප‍්‍රචාරය කියන්නෙ තනිකරම මොළ දූෂණය කිරීමනෙ. දැන් බලන්න විවාහක රූ රැජිණ තරග. මේව ජනප‍්‍රිය කෙරුවෙ කිරිපිටි සමාගම් විසිනුයි. මෙම තරග නිසා ලෝකයේ බොහොමයක් රටවල විවාහක ස්ත‍්‍රීන්ට තරුණකම රැකගන්ඩ වුවමනා වුණා.’ ඒ සඳහා ළමයින්ට කිරිපිටි දෙන්ඩ එපා. හැම විටම සමබර ආහාර කාල බීල පොෂ් පිට ඉන්ඩ  ඕනැ.’ කියල මාධ්‍ය මගින් කියවුණා. කිසියම් රටක කිරිපිටි අලෙවිය වැඩිකරගන්ඩ වුවමනා වුණාම කිරිපිටි සමාගම් කළේ ඒ රටෙන් විවාහක රූප රාජිනියක් බිහිකිරීමයි.  ලංකාවෙ රෝසි සේනානායක ආසියාවෙ විවාහක රූ රැජින වූ හැටි සිහිකරන්න. එයා කිරිපිටි ප‍්‍රචාරය කරන්නියක් බවට පත්වුණා. පුහ්........රෝසිගෙ වගේ තන, බඩ, පස්ස හදාගන්ඩ හිතුව සිංහල අම්මල මොනතරම් සංඛ්‍යාවක් උත්පත්ති පාලනය කරගත්තද? මොන තරම් පිරිසක් ළමයින්ට කිරි දීම අත් හැරියද? ඇන්කර්කාරය රටේ කිරිපිටි වෙළෙන්දා බවට පත්වුණා. 

මේ වසරේ ජාත්‍යන්තර රූපරාජිනී තරගය ඉන්දුනීසියාවෙ පැවැත්වීමට එරට බලධාරින් එකඟ වුණා. ලෝකයේ වැඩිම ඉස්ලාම් ජනගහනය වෙසෙන ඉන්දුනීසියාව සමග ඇමරිකා ජනාධිපති ඔබාමාගේ සම්බන්ධතාවයක් තිබීම හා ඔබාමගේ තාත්ත ඉස්ලාම් ආගමිකයෙකු වශයෙන් පිළිගැනීම ආදි හේතු නිසා මෙවර තරගයට මාර ප‍්‍රසිද්ධියක් දෙන්න තරගය පවත්වන්නො උන්නදු වුණා. රූප රාජිනී තරගය සූදානම් කරද්දි ඉස්ලාම් අන්තවාදී සංවිධාන කෙලින් වෙන්ඩ ගත්ත. මේක පවත්වන්ඩ දෙන්ඩ බෑ. මේක ඉස්ලාම් සංස්කෘතියට විරුද්ධ දෙයක් කියල ඒ ගොල්ල පටන්ගත්තෙ නැතෑ! ඒ ගමන තරගය අගනුවර ජකර්තාහි නොව බාලි දූපතේ පවත්වන්ඩ රජය තීරණය කළා.

එතකොට අන්තවාදී ඉස්ලාම් සංවිධානය ජකර්තා නුවර ’මිස් මුස්ලිමා’ කියල රූප රාජිනී තරගයක් පවත්වන්ඩ තීරණය කළා. මිස් මුස්ලිමා තරගය ලෝකයේ හැම රටකටම විවෘතයි. මේකට තරග කරන කාන්තාවන්  ජාත්‍යන්තර තරගයේ කාන්තාවන් එන බිකිනි වටයේදී එන්නේ හිජාබ් ඇඳුමෙන්. නිවේදකයා ඒ අයගෙන් කුරානය ගැන ප‍්‍රශ්න අහනව. කුරානය ගැන දැනුම ප‍්‍රදර්ශනය කිරීම මොළයේ සුන්දරත්වය පෙන්වීමයි කියල සංවිධායකයො කියනව.

දැන් අපි ඉතිහාසය ගැන කියමු. ජාව රට හෙවත් යව ද්විපය පුරාණයේ බෞද්ධ රටක්. යුනෙස්කෝව ජාත්‍යන්තර උරුමයක් වශයෙන් පිළිගන්නා බොරෝබුදුර් කියන මහා චෛත්‍ය සංකීර්ණය ඊට නිදසුනක්. මේ බෞද්ධ රාජ්‍යයට ඉස්ලාම් මුහුදු කොල්ලකාරයො පැන්න. එහි භික්ෂුන් වහන්සේලාව මරා දමල විහාර දාගැබ් වනසා දමල ඉන්දුනීසියාව කියන ඉස්ලාම් රට හැදුව. මේ රට බෞද්ධ රටක්ව පවතිද්දී එහි කාන්තාවන් මොට්ටැක්කිලි දැම්මෙ නෑ.

එක්තරා අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමක් මිස් මුස්ලිමා තරගය අනාගතයේ ලංකාවෙ පවත්වන්ඩ උනන්දු වෙන බව දැනගන්ඩ තියෙනව. බටහිර වෙළඳ සමාගම් සමග තරග කරන ඉස්ලාම් වෙළඳ සමාගම් ඔවුන්ගේ කටයුත්ත කරන්ඩ ඉඩ තියෙනව. ඇමරිකාවත් මීට සහය දේවි. මෙතනදී  බටහිරට විරුද්ධව කතාකරන අපි ඉස්ලාම් අන්තවාදයට අහුවෙන පිළිවෙළ ගැනත් හිතන්ඩ  ඕනැ.

පහුගිය කාලෙ ආනමඩුවෙ පැසැලකට පැනපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ගුරුවරියක් දණගැස්සුව කියල රටම හොල්ලන ප‍්‍රචාරයක් ආව. සිද්ධිය අහල ජනාධිපතිවරයා පවා සසල වුණා. ඇයි මේ මන්ත‍්‍රීවරයා පාසැලට පැන්නෙ?  පාසැලේ ගුරුමහත්මියක් පාසලේ අනිකුත් ළමයින් ඉදිරියේ එයාගෙ තරුණ ගැහැණු දරුවගෙ ගවුමෙ වාටිය ගලවා දික්කරපු හින්දයි. මේ මනුස්සය මෝඩකමක් හා වැරදි වැඩක් කෙරුවෙ. එතකොට ගුරුවරී කෙරුවෙ හරි වැඩක්ද? එයා තරුණ ගැහැණු දරුවෙකුගෙ ආත්ම ගරුත්වය නැති කෙරුව නේද? ගුරුවරියක් මේවාගෙ දෙයක් ඇමරිකාව වාගෙ රටක කෙරුව නම් ගුරුවරී කපෝති.

සිංහල පාසැල්වලට එන ගැහැණු දරුවන්ගෙ බොලට දක්වා ගවුම දික්කිරීම හින්දු සිරිතක්.  ඉස්ලාම් ගැහැණු දරුවන්ගේ පාසැල් ඇඳුම ක‍්‍රමක‍්‍රමයෙන් ඉස්ලාම්කරණය වේගන යන බවක් පේනව. සමහර පාසැල්වල ළමයි අදින්නෙ ගවුම් නෙමේ, කර දමපු ගෝනි මලූ.

සිංහලයෝ කියන්නෙ හරිම නිදහස් සංස්කෘතියක් භුක්ති විඳපු ජාතියක්. වර්තමානයෙ සිදුවන්නෙ පාසැල්වලට එන ගැහැණු දරුවන්ව හින්දු හා ඉස්ලාම් සංස්කෘතික සිරිත්වලට පුහුණු කිරීමයි. එම නිසා ඥානවන්තව කටයුතු නොකළොත් තව අවුරුදු ගාණක් යනවිට මිස් මුස්ලිමා තරගයට සිංහල කෙල්ලොත් ඉදිරිපත් වේවි. 
         

7 comments:

  1. //" ඥානවන්තව කටයුතු නොකළොත් තව අවුරුදු ගාණක් යනවිට මිස් මුස්ලිමා තරගයට සිංහල කෙල්ලොත් ඉදිරිපත් වේවි"// විතරක් නෙවෙයි ඒකට විරුද්ධව කතාකරන අය අංක එකේ ජාතිවාදියෝ වේවි. අන්ධ ජාතිවාදී අකාරයකින් නොව බුද්ධිමත් සංවාදශීලී ක්‍රියා මාර්ගයක් අවශ්‍යතාව දැන් ඇතිවී තිබේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මමත් පිළිගන්නව.

      සරදියෙල්

      Delete
  2. ලෝකෙ මිනිස්සු දියුනු වෙනකොට ආගම අත ඇරල එක එක දාර්ශනික මත එක්ක සමපාත වෙනවා. නමුත් අපි තාමත් ආගමික මත වල එල්ලිලා ඉන්නවා..
    ඔතන ජංගිය ඇඳගෙන ඉස්කෝලට ලමය ආවත් කාටවත් මොකද?
    අනික ලංකාවෙ මුස්ලිම් රූ රැජින තරඟ තිබිල ඒවාට සිංහල ලමයි ගියාම මොකද වෙන අවුල?
    ලංකාවෙ හොරකමින් සල්ලි හම්බ කරන්න හුරු වුන මධ්‍යම පාන්තිකයින් හොඳින්ම දන්නවා තමුන්ට සල්ලි ලැබෙන මාර්ගය වැරදියි කියලා. ඒ නිසා එයාල එයාලගේ විමුක්තිය පිණිස අලුතින් ආගම ජාතිය වගේ වෙළඳ ලකුනු ටිකක් උඩදාගෙන දඟලනවා.. ඇත්තටම බුදුහාමුදුරුවො ව්ත කියපු නැති සමහර දේවල් අපි කරේ තියාගන්න ඕනි නැහැ..
    සිංහල ජාතිය වඳ වෙනවා නං ඒකට කරන්න දෙයක් නැහැ..සිංහල ජාතිය විතරක් නෙමෙයි හැම ජාතියම කාලයට අනුව වෙනස් වෙනවා..
    දැන් අපිට සම්ප්‍රදායික ඇඳුම ඇඳපු ඉන්දියන් කාරයෙක් හොයාගන් හැකි වුනත් ඒ මනුස්සයා තුල තියෙන ඉන්දියන් ගති වලට වඩා ඉංගිරිසි ගති වැඩියි.. කොටින්ම මිනිහා තනිකර ඉන්දියන් ජාතිකයෙක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මිස් මුස්ලිමා නැරඹු මට වැටහුනේ මොළයේ සුන්දරත්වය පෙන්වන මෙළේ අන්ධ වු තරුණියන් පිරිසක්. එවුන් නම් ෂාරියා වලට අහුවෙලා මෙහෙම වුනා කියමුකො, සිංහල ජාතිවාදය ගැන කියන මේකුන්ගේ මොළය විකෘති වෙලා තියෙන්නෙ කොහොමද? සමහර විට මේක සිංහල විදිහට රගපාන ෂාරියා පොරක්. රවි

      Delete
    2. ජාතියට කෙල උනාට කමක්නෑ කියන ඔබතුමාගෙ ඉඩමක අසරණ මිනිහෙක් ගෙයක් හදාගත්තොත් මොකද කරන්නෙ. අපි අවජාතකයො නොවන නිසා අම්මට, ජාතියට, ආගමට වින කරනකොට අපිට ඉවසන්න බෑ. ඔබතුමාල ඔබතුමලගෙ අම්මල විකුනගෙන කෑවට කමක් නෑ හැබැයි අපේ අම්මලා විකුනන්න හදන්න එපා

      Delete
  3. අපට නම් පෙනෙන්නෙ නෑ. ඇනකොන්ඩා ජාතිවාදයක් ගැන කතාකරනව. තමන්ගෙ ජාතිය ගැනත් ඒකේ අනාගතයේ ආරක්ෂාව ගැනත් කතාකරන එක ජාතිවාදය නම්, දෙමළ මුස්ලිම් ඇමරිකන් ඉංග්ලිෂ් මේ සේරම ජාතිවාදියොනෙ. අපට නම් පේන්නෙ මේ කමෙන්ට් දාන අයට තියෙන්නෙ ලෙඩක්. මුදුනො වෙන්ඩ. මතක තියාගන්ඩ හොඳ කතාවක් කියන්නම්. කිසියම් ජාතියක් තමන්ගෙ ජාතිය ගැන කතානොකර අනික්වා උස්සලා තියනවා නම් ඒ ජාතියට වැඩි පැවැත්මක් නෑ. එහෙම කතානර අය අහලපහල ක්ලිනික් එකකට ගිහිල්ලා වඳ සැත්කමක් කරගන්න එක හොඳයි. මොකද මේවා විඳවන්ඩ වෙන්නෙ අනාගත පරම්පරාවලටයි.

    සරදියෙල්

    ReplyDelete

අදහස් දක්වන්න