Monday, October 28, 2013

ලෝකයේ මහා පෝසතා සහ හිගන්නා සමාන කිරීම


ලොව බලගතුම සංවිධානය සහ පොහොසත්ම ආයතනය කතෝලික සභාවයි. ඊට අයත් මුලු වත්කම් කොතරම්දැයි කිසිම රටක්, සංවිධානයක් හෝ පුද්ගලයෙක් නොදනිති. දැනගැනීමටද නොහැකිය. රෝමය මුල්කරගත් කතෝලික සභාව ඒ තරමටම උපක‍්‍රමශීලීව කටයුතු කරන ආයතනයකි. ලෝකයේ සැම රටකටම, මනුෂ්‍ය වාසය පවතින සැම දිවයිනකටම  කතෝලික සභාවේ අඩු ඇදී පවතී. මාලදිවයින් වැනි රටවල් සියයට සියයක්ම ඉස්ලාම් රටවල් වශයෙන් හඳුන්වාගන්නා නමුදු මේ රටවලින් එළියට ආ ඇතැමුන් කතෝලික ආගම මාල දිවයින්වලට ගෙනයන්නට උත්සාහ දරති. කතෝලික සභාවක් ඇති හැම රටකින්ම සභාවට ආදායම් එකතු වේ. කතෝලික සභාව මනාව ක‍්‍රියාත්මක වන රටවල මොන්ටිසෝරියක පටන් සුපිරි ආරෝග්‍යශාලාව දක්වාත් බැංකු, රක්ෂණ සමාගම් ඇතුලු නොයෙක් සමාගම්වලත් අදිසි හිමිකරු කතෝලික සභාවයි. එම නිසා කතෝලික සභාව බැතිමතුන්ගෙන් පමණක් නොව කතෝලිකයන් නොවන්නන්ගෙන්ද ආදායම් ලබයි.

ස්පාඤ්ඤ හා පෘතුගීසි ජාතිකයින් රටවල් අල්ලා ගන්නට යනවිට ප‍්‍රැන්සිස්කන් ඩොමිනිකන් පියවරුන් ආගම ප‍්‍රචාරයට ඒ නැව්වල නැගී ගියේ පාප්තුමාට ලෝකයේ බලය අල්ලාදීමේ පරමාර්ථයෙනි. මනුෂ්‍යයන් දෙවියන්ට දිනා දීම වශයෙන් සිදු වූයේ ඔවුන් පාප්ගේ ආධිපත්‍යයට යටත් කිරීමයි.   

කතෝලික දේවස්ථානය ගැන මෙම සටහන ලියන්නට අදහස් කළේ පසුගිය සති කිහිපයක පටන් ජර්මනියේ ඇතිවුණු ලොකු කලබගෑනියකි. ජර්මන් කතෝලික දේවස්ථානයේ වත්කම් හෙළිවිය. ජර්මන් කතෝලික සභාවේ වත්කම් සහ බිෂොප්වරුන් සුඛෝපභෝගී ජීවිත සඳහා මුදල් වියදම්කරන හැටි අනාවරණය විය.

තොරතුරු විමර්ශනය හා අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳව ඉතා ඈත කාලයක සිටම ජර්මන් ජාතිකයෝ නිර්භීත භාවයක් දක්වති. රෙපරමාදු ප‍්‍රතිසංස්කරණය වශයන් හඳුන්වන පාප්තුමා විරුද්ධව ඇතිවූ කැරැල්ල ආරම්භ වූයේ ජර්මනියෙනි. ජර්මන් කතෝලික දේවස්ථානයේ ධනවත්කම හෙළිකිරීම රෙපරමාදු ප‍්‍රතිසංස්කරණය වැනි දෙයක් නොවන බව සැබෑ නමුත් මෙයද කතෝලික දේවස්ථානය කුමක්ද යන කාරණය දැනුම් දෙමින් මහජනයා අවදි කිරීමකි. මෙම තොරතුරු හෙළිකිරීමට මුල්වූයේ කාස්ටන් ෆ්‍රෙරේක් නමැති ගවේෂකයෙකි. කාලයක් තිස්සේ කතෝලික දේවස්ථානයේ ආදායම් සෙවීමට ඔහු වෙහෙසී ඇත.

ජර්මනියේ උගතුන් මේ ආකාරයෙන් කටයුතු කරද්දී ලංකාව වැනි රටවල උගත්තු වැඩි පිරිසක් හැසිරෙන්නේ අන්තිම බාලයින් ලෙසිනි. මෑතකදී ප‍්‍රසිද්ධ රැස්වීමක දේශනයක් කළ මහාචාර්යවරයෙකු කතෝලික පූජකවරුන්ට සිය ප‍්‍රසාදය පළ කරමින් භික්ෂුන් වහන්සේලාට කතෝලික පූජකවරුන් මෙන් සෘජුව කටයුතු කරන්ට බැරි මන්දැයි ප‍්‍රශ්න කළ හැටි පත්තර කියවන බොහෝ දෙනා දකින්නට ඇතැයි සිතමි. ඔහු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ සෘජු ජීවිතයෙන් මහත් ආස්වාදයක් ලබන්නෙකු බව කියා තිබුණි.

මෙවැනි මහාචාර්යවරු නම් තනිකරම ළිංගෙම්බන්ට සමානයෝ වෙති. ළිංගෙම්බාගේ කෑගැසීම ළිඳ ඇතුලේ ඉන්නා හැම කුඩා සතෙකුටම මහා නාදයකි. එම නිසා උන්ගේ හැම රැස්වීමකටම ළිංගෙම්බාට ආරාධනා ලැබේ. ළිං ගෙම්බෙකු නොවන්නේ නම්, මොරටුව ප‍්‍රදේශයේ කතෝලික ළමා නිවාසයක ළමා නීතිවලට පටහැනිව කටයුතු කළ කන්‍යා සොහොයුරියක නීතියේ රැහැනට අසුවූ අවස්ථාවේ මැල්කම් රංජිත් කාදිනල්තුමා රජයට කළ සුළු තරවටුවෙන් රජය බියවී කන්‍යා සොහොයුරිය නිදහස්කර යැව්වේ මන්දැයි සිතාගැනීමට, මෙවැනි මහාචාර්යවරයෙකුට පුලූවන.

අනේ! මෙවැනි සුලූ දැනුමක්වත් නැති මහාචාර්යවරු!!!   

How rich is the catholic church/ German News/local  බලන්න

12 comments:

  1. දැන් නම් ගොඩක් බටහිර රටවල් ක‍තෝලික පල්ලිය සත පහකට ගණන් ගන්නේ නෑ. පල්ලියේ විරෝධය නොතකා සමලිංගික විවාහය නීතිගත කීරීමේ ‍රැල්ළක් පහුගිය කාලේ ගිය. පල්ලියට යම් පිළිගැනීම තියෙන්නේ දකුණු ඇමරිකානු සහ සමහර අප්‍රිකානු රටවල විතරයි

    ReplyDelete
  2. දෙබරෙකට නේද ගහලා තියෙන්නේ ...

    ReplyDelete
  3. අර කිව්වත් වගේ දෙබරෙකට ගල් ගහලා තියෙන්නේ...

    ReplyDelete
  4. Moratuwe lamaniwase gana kwwa kathawen nam penawa obathuma wala yana paththata massa gahana lide gabure hirawela inna lin madiyek kyala....
    obathumata thyenne irisiyawa saha heenamanaya...

    ReplyDelete
  5. දැන් යුරෝපයේ සහ අමරිකාවේ කතෝලික පල්ලියේ බලයට වඩා මිනිස්සු තමුන්ගේ මනසට මුල් තැන දෙනවා.. අපේ රටවල් වුනත් දියුනු වෙනවා නම් කරන්න තියෙන එක දෙයක් තමයි ආගම කියන දේ පුද්ගලීකරණය කරන එක.. එතකොට ආගම කියන්නෙ පුද්ගලික මතයක් විතරයි.. එතනින් එහා ආගම කියන්නෙ පුද්ගලික සීමාසහිත සමාගමක් නෙමෙයි..

    ReplyDelete
  6. මතබේදයට ලක්වී ඇති ජර්මන් පූජක වරුන්ව ෆ්‍රැන්සිස් පාප්තුමා සබහවෙන් තහනම් කර ඇතිබව ඔබ නොලියනනේ ඇයි?

    ලංකාවේ ඇතම් පංසල් වලටත් බිලියන ගනන් වස්තුව තියෙනවා නොවේද? එම සියලු වස්තුව දුප්පතුන්ට බෙදා දෙන්නේ නෑනේද?

    කතෝලික සභාවක් ඇති හැම රටකින්ම සභාවට ආදායම් එකතුවේනවා සේම ලංකාව වැනි දුප්පත් රටවලට නැවත එවා ආධාර ලෙස බෙදා දෙන බව නොලියන්නේ ඇයි?

    ඇතම් භික්ෂුන් වහන්සේලා ඇත්තටම කටයුතු කරන්නේ ආන්ඩුවේ වන්දිබට්ටයන් ලෙස බව ඔබ්ට නොපෙනෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මේ රටට මුලින්ම හානියක් කලේ කාලිංග මාඝ වන අතර විවිධ ද්‍රවිඩ ආක්‍රමණිකයින් වරින් වර ජාතියේ හදවත වු බුදු දහමට හානි කිරිමට තැත් කළෝය.
      එහෙත් ඉතිහාසයේ එදා මෙදාතුර දරැණුම ආගමික සංහාරය සිදුවන්නේ පෘතුගිසින් ඇතුලු කතෝලික ප්‍රජාවගෙනි.
      දැන් ඒ තැනට මුසල්මානු ආගමනය එක්වුවද අදෘෂමානව පහරදෙන කතෝලික සභාව යනු බුවල්ලන් වැනිය.
      රටක වෙසෙන ඔනෑම කෙනෙකුට සිය කැමැත්ත පරිදි ආගමක් ඇදහීමට හිමිකමක් ඇත්තාසේම අන් ආගම් වලට හානීකිරිමටද නොහැකිය .ඒකි නිදහසට සහ යුතුකමට බාධාපමණුවන්නේ මෙකි කතෝලික බූවල්ලන්ය.(මා මෙයින් අදහස් කලේ සමස්ත කතෝලික ප්‍රජාවම නොවේ.)
      එනිසා විද්වත් සභාමැද දෙක පුන්නැතිව සිටීමට කවුරැ කවුරැත් වග බලාගතයුතුය.

      Delete
    2. @ AnonymousOctober 29, 2013 at 12:46 AM

      "රටක වෙසෙන ඔනෑම කෙනෙකුට සිය කැමැත්ත පරිදි ආගමක් ඇදහීමට හිමිකමක් ඇත්තාසේම අන් ආගම් වලට හානීකිරිමටද නොහැකිය"
      මේ පෝස්ටුවෙනුත් සිදුව ඇත්තේ එය නොවේද?

      ඇනෝ ලෙස කමෙන්ට් කිරීමෙන් විද්වත් සභාමැද ඔබ හෙලිකර ඇත්තේ ඔබේ නපුංසක බව නොවේද?

      Delete
    3. ඔබතුමාට ඔච්චරම ශුද්ධ වූ කතොලික සභාවේ හෙලුව දැකගැනීමට අවශනම් බෞද්ධ කොමිෂන් සභා වාර්තාව කියවල බලන්න. එක කොලඹ 7, සමස්‍ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් මිලදී ගන්න පුලුවන්

      Delete
    4. මේ පොර මිලියන බිලියන කියන දේ වටහාගෙන නෑ. කාගෙන් හරි අහගනින් බිලියනය කියන්නෙ මොකක්ද කියල... ගුරුතුමා

      Delete
    5. මේ පොර මිලියන බිලියන කියන දේ වටහාගෙන නෑ. කාගෙන් හරි අහගනින් බිලියනය කියන්නෙ මොකක්ද කියල... ගුරුතුමා

      Delete
  7. ක‍තෝලික නෙවෙයි ලෝකයේ ගොඩක් රටවල ආගමික ආයතන සතු ධනය ගැන හෙලි වෙන්නේ නෑ.විගණනය කරන්නේත් නෑ.දේවාලවල,සමහර පන්සල්වල ධනය පැටවු ගහද්දි සමහර පන්සල් අසරණ වෙලා ඉන්නවා.නමුත් ප්‍රශ්නය ඔය ආයතන අනිත් පැත්තට ලොකු සමාජ සේවයකුත් කරනවා,මොන අරමුණින් හරි.

    ReplyDelete

අදහස් දක්වන්න