Friday, July 6, 2012

ඇයි?

ඔබ නගරවැසියකු වුවත් ගම්වැසියකු වුවත් ලංකාවේ සර්පයින් ගැන ඔබට සුළු දැනුමක් හෝ ඇතැයි හිතනවා. නයා, පොළගා, ගැරඩියා, මාපිලා, කරවලා, අහරකුක්කා වැනි සර්ප නාම ඔබ අසා ඇති. මේ සියලූ සර්පයන්ට වඩා විශේෂ සර්පයෙක් තමයි හෙනකඳයා. මේ සර්පයා නොදැක්කාට නම ඇහුව විගසම යමෙකුගේ හිතේ මැවෙන්නේ මහ විශාල ශරීරයක් තියෙන පිඹුරෙකුටත් වඩා ලොකු සර්පයෙක්. නමුත් ඇත්තටම හෙනකඳයා බොහොම කුඩා සර්පයෙක්. ඌ හරි කෙසගයි. මෑකරලක් වගේ හීනි දිග සතෙක්. හෙනකඳයා වර්තමානයේ දුර්ලභ සර්පයෙක්. සත්තුවත්තෙන් ඇරුණාම හෙනකඳයෙක් කැලෑවක හෝ දැකගන්ඩ අමාරුයි.

‘හෙනකඳයාගේ හෙවනැල්ල මිනිහෙකුගේ ඇඟට වැටුණොත් කොන්ද වලංගු නැතිව යනවා’ යන විශ්වාසය පැරණි සිංහල සමාජයේ පැවතුණා. ඒ නිසා වනාන්තරයට රිංගන ගම්මු අලියගෙන් කොටියගෙන් වගේම හෙනකඳයගෙනුත් ආරක්ෂාවීම සඳහා හැමවිටම මහන්සිගත්තා. බොහොමයක් මිනිස්සු හෙනකඳයා දැකලා නැහැ. නමුත්  කවදාවත් දැකලා නැති මේ හෙනකඳයාට බියෙන් තමා ඔවුන් වනාන්තරයට රිංගුවෙ.


අපේ රටට පැමිණි පරංගි ජාතිකයින් රට ආක‍්‍රමණයට පෙර රටේ තොරතුරු හා රටේ වනාන්නතර ගැන විමසද්දි  ‘හෙනකඳයා’ ගැන දැනගත්තා. හෙනකඳයා කියන නම ඔවුන්ගේ මුඛයෙන් උච්චාරණය වුණේ ‘එනකන්දා’ ලෙසටයි. මේ එනකන්දා නම ලංකාව පිළිබඳව පරංගි පූජකයින් පිළියෙළ කරපු වාර්තාවලත් අඩංගු වුණා. එනකන්දා (හෙනකඳයා) නොදුටු ගෝවේ පූජකයින් ඒ නමේ අර්ථ විග‍්‍රහ කරමින් හෙනකඳයා සෙයිලෝන්හි වනාන්තරවල වසන අති දැවැන්ත සර්පයෙක්’ ලෙසට පැහැදිලි කිරීම් කළා.


පරංගි අප‍්‍රිකාව, ආසියාව පමණක් නොවයි දකුණු ඇමරිකාවත් ආක‍්‍රමණය කෙරුව. ඔවුන් දකුණු ඇමරිකාවේ යටත් කරගත් භූමි කලාපය තමා වර්තමාන බ‍්‍රසීලය කියන රට. පරංගි බස හෙවත් පෘතුගීසි භාෂාව බ‍්‍රසිලයේ ජාතික භාෂාව වශයෙන් පවතිනව. බ‍්‍රසීලයේ ඇමසෝනා වනාන්තරයේදී පරංගි දැවැන්ත සර්පයෙක් දුටුවා. මේ සර්පයා පරංගි ශබ්දමාලාවේ සඳහන් සෙයිලෝනයේ (සිංහල දේශයේ) වෙසෙන දැවැන්ත සර්පයා හෙවත් ‘එනකන්දා’ යයි ඔවුන් හිතුවා. පරංගි ඇමසෝනාවෙ වෙසෙන දැවැන්ත සර්පයා ‘එනකන්දා’ යන නමින් හඳුන්වනට ගත්තා. මේ නම පසු කාලයක ‘ඇනකොන්ඩා’ වශයෙන් ඉංග‍්‍රීසි වහරට එක් වුණා.


 ‘ඇනකොන්ඩා’ කියන වචනයට අර්ථ දක්වන බොහොමයක් පැරණි ශබ්දකෝෂවල මේ නම ලංකාවේ ‘හෙනකඳයා’ කියන සර්පයාගේ ඇසුරින් නිර්මාණය වුණු එකක් බව සඳහන් වෙනවා. අන්තර්ජාලයේ විකිපීඩියාවත් නැෂනල් ජියොග‍්‍රෆි වෙබ් අඩවියත් මීට වෙනස් අදහසක් ඉදිරිපත් කරමින් ඇනකොන්ඩා කියන වචනය ‘අනයිකොල්රා’ කියන දෙමළ වචනයකින් බිහිවුණු එකක් යයි සඳහන් කරනවා.
හැබැයි ‘අනයිකොල්රා’ කියල සර්ප වර්ගයක් තමිල්නාඩු වනාන්තරයේ නැහැ. අපේ රටේ උතුරු නැගෙනහිර වනාන්තරවලත් නැහැ. හෙනකඳයා නම් අපේ හැම වනාන්තරයකම වාසය කරපු සත්ව උද්‍යාන වලට පවා ගෙනාපු සර්පයෙක්. නැෂනල් ජියොග‍්‍රෆි වෙබ් අඩවිය  ‘අනයිකොල්රා’ කියන වචනය ශ‍්‍රී ලංකාවෙන් ආවා කියාත් සඳහන්කර තියෙනවා.


ඇනකොන්ඩා පිළිබඳ මේ ලූහුඩු විස්තරය ඔබට බොහෝම දේවල් ගැන හිතන්ඩ හොඳ කාරණාවක්. එම චින්තනය බුද්ධිමය සංවාදයකට හොඳ ප‍්‍රවේශයක් සකසා දෙනවා. ඉදිරියේදි මේ පිළිබඳ විවරණයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් අප ඔබට මෙවැනි ආරාධනාවක් කරනවා. ඇනකොන්ඩා පිළිබඳ විස්තරය කියවද්දි ඔබට හැගෙන දේ හා වැටහෙන කාරණා ලියන්න. අපේ අරමුණ බැණඅඩගැසීම, තර්ජණය කිරීම, මඩගැසීම හෝ අවලාද නැගීම නොවයි. ඔබේ බුද්ධිය, විමර්ශන ශක්තිය අවදිකරවීමයි.


17 comments:

  1. කියවන්න ලේසි වෙන්න ටිකක් ෆොන්ට් එක ලොකු කලා නං හොඳයි..! ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා දැන් හරිනේද?

      Delete
  2. හැඳින්වීම ඉවරයි. හරි එහෙනම් දැන් වැඩට බහිමු. අපි එන්නම් බලන්න.

    ReplyDelete
  3. අපේ අරමුණ බැණඅඩගැසීම, තර්ජණය කිරීම, මඩගැසීම හෝ අවලාද නැගීම නොවයි. ඔබේ බුද්ධිය, විමර්ශන ශක්තිය අවදිකරවීමයි.
    අන්න හොඳ වැඩක්.

    ReplyDelete
  4. මේ කතාවේ සැහෙන්න හිතන්න පුළුවන් යටිපෙලක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. යටිපෙල අවබෝධ කරගැනීම තමයි වැදගත්. දිගටම රැදී ඉන්න

      Delete
  5. හෙණ කඳයා කියන වචනෙන් ඇනකොණ්ඩා ආවාය කියලා සඳහන් වෙන තැන්වල හෙණ කියන්නේ ලටිට්නින් - අකුණු කියලයි කියවෙන්නේ. මෙතන හෙණ කියන්නේ මහ කියන අර්ථයෙන් වෙන්න එපායැ.

    මේකත් බලන්න. http://kathandara.blogspot.com/2010/06/blog-post_24.html

    Lost in translation!

    ReplyDelete
  6. කතාව අහලා තියෙනවා.වැඩේ බලමුකෝ ඉස්සරහට.

    ReplyDelete
  7. හෙනකඳයා මම හෙනට දැකලා තියෙනවා.
    ඇහැටුල්ලා කියන ලා කොළ පැහැති අලංකාර සර්පයාට හැම අතින්ම සමාන එහෙත් ප්‍රමාණයෙන් ඊටත් වඩා කුඩා, වර්ණයෙන් කළු පැහැයට හුරු "හෙනකඳයා" මීට කාලයකට පෙර ලංකාවෙ බොහෝ පුදේශවලදි දක්නට ලැබුණු දුර්ලභ නොවුන නිර්විෂ සර්පයෙක්. ඒත් අදනම් බේතකටවත් හොයාගන්න නෑ.
    මම හිතන විදියට මේ සර්පයාව මුලින් හඳුන්වන්න ඇත්තෙ "හීනිකඳයා" නමින්, උච්චාරණයේ පහසුවට පසුව එය හෙනකඳයා ලෙස වෙනස්වෙන්න ඇති.

    බ්ලොග් අවකාශයට අලුතෙන් එක්වූ දැවැන්තම සර්පයාට අපෙන් සුබ පැතුම්.....!!

    ReplyDelete
  8. බලමුකෝ අපි දිගටම ඔන්න බ්ලොග් රෝලටත් දැම්මා

    ReplyDelete
  9. Hodai hodai api balamuko waten waten mokatada enda hadanne kiyala. subapatum

    ReplyDelete
  10. සුමිත් හරි හෙනකඳයා ඇහැටුල්ලාට සමානයි. අහරකුක්කා (මංබල්ලා) ට සමාන ඉතාම අහංසක සර්පයෙක්. උගෙ විෂක් නෑ නිතරම හැම තැනම ගැවසුනා මිනිහෙක් දකිද්දි හැංගෙනව.
    හෙනකඳයා කියන නමේ ලොකු අර්ථයක් තියෙනව. එය ආලෝකය කියා ගත්තට වැරදි නැහැ. ශක්තිය තේජස වලය යන තේරුම් ද දෙන්ඩ පුලූවනි. මේක පැරණි යක් භාෂාවට අයිති වචනයක් ය කියලත් සමහරු පෙන්වා දෙනව. දැන් බලන්න ලංකාවෙ හිටිය හෙනකඳ බිසෝ නමින් සුප‍්‍රසිද්ධ බිසෝවුන් කෙනෙක් එතකොට හෙනකඳයා යයි සර්පයෙකුට ව්‍යවහාර කෙරුවෙ ඇයි? මෙම සර්පයා මනුෂ්‍යයාට හානි නැති ක්ෂණයකින් යමෙක් මගහැර සැගවිමට සමත්වීම යන හේතු දෙක සලකමිනුයි දෙමළ නමේ හෝ ඇනකොන්ඩා නමේ හෝ සිංහල නමේ අර්ථය නෑ මං හිතන්නෙ හෙනකඳයාත් සිංහලයාට සමානයි වෙබ් එක භාවිතාතරන නමට මා එකගයි.

    ReplyDelete
  11. හෙනකඳයා කියලා තුවක්කුවලටත් කියලා තියෙනවා නේද ???

    …ඇත්තම හෙනකඳයෙක්ගේ රූපෙකුත් දාමුද ??

    ReplyDelete
    Replies
    1. මුවන් පැලැස්සේ ඔය වචනේ පාවිච්චි කළා නේද

      Delete
  12. පළවෙනි පෝස්ට් එකට පළවෙනි දවසෙම ලැබුණු හැමෝගෙම කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි. විවිධ මාතෘකා ඔස්සේ විවිධ කරුණු ඉදිරියට කථා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැමෝගෙම සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.

    ඊලග පෝස්ට් එකත් එක්ක හෙට මුණගැහෙමු.

    ReplyDelete
  13. එල එල දිගටම ලියන්න සුබ පැතුම්

    ReplyDelete
  14. හෙනකඳයා බලාගන්න http://www.wildreach.com/reptile/Serpentes/Ahaetulla%20pulverulenta.php

    ඇනකොන්ඩාට සුබ පැතුම්. .

    ඉසුරු

    ReplyDelete

අදහස් දක්වන්න