Friday, September 26, 2014

වෘත්තීය සමිති සහ බොදු බල සේනාව





බොදු බල සේනාව වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වන බව කියවෙන පුවතක් අසන්ට ලැබුණී. මෙය වර්තමාන යුගයේ ජීවත්වන දේශපේ‍්‍රමියෙකුගේ කනට මිහිරිම පුවතකි. ඊට හේතුව මෙපමණ කලක් රට ගෙනයන සුක්කානම හෙවත් වෘත්තීය සමිති ව්‍යපාරය කෙරෙහි කිසිම සිංහල බෞද්ධ සංවිධානයක අවධානය යොමු නොවීමයි. සුද්දා රට පාලනය කරන කාලයේදීම රට ගෙනයන සුක්කානම වශයෙන් සැලකිය යුතු වෘත්තීය සමිති ව්‍යාපාරය සිංහල ජාතිය කෙරේ කිසිම හැඟීමක් නැති බුදු සසුන කෙරෙහි කිසිම ආදරයක් නැති කළු සුද්දන් පිරිසකට අයත් වුණි. දැන් ඔවුන් නැත. ඔවුන්ගෙන් බෝවුන පිරිසකට වෘත්තීය සමිති බූදලය අයිති වී තිබේ.

සුද්දන්ගේ කාලයේ ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය ඇරඹුණි. ඒ. ඊ. ගුණසිංහ වෘත්තිය සමිති ව්‍යාපාරයේ ප‍්‍රාරම්භකයා ලෙසින් ගෞරවයට ලක්වේ. කම්කරු පක්ෂයක් හදා කම්කරු රාජ්‍යයක් පිහිටුවීම ගුණසිංහගේ සිහිනය වූයේය. ලංඩන් නගරයේ කැරකෙමින් පැවති මාක්ස්වාදී ව්‍යාපාරය ලංකාවට පැමිණියේ මේ කාලයේය. එය මෙහි ගෙනාවේ එංගලන්තයේ ඉගෙනීමට ගිය ගෙදෙර දොරේදී කිසිවිටක සිංහල කථා නොකළ කිසිදිනක පන්සලකට ගොස් පුරුද්දක් නැති ලංකාවේ සුපිරි ධනපති පංතියේ තරුණයන් කිහිප දෙනෙකු විසිනි. ඔවුන් විසින් ආරම්භ කරන ලද සමසමාජ නමැති කොමියුනිස්ට් ව්‍යාපාරය ගුණසිංහ යූඇන්පියට එළවා දමා ඔහුගේ ආධිපත්‍ය යටතේ පැවති කම්කරු ව්‍යාපාරයේ බලය පැහැර ගත්තේය. මෙතැන් පටන් ලංකාවේ කම්කරු ව්‍යාපාරය මාක්ස්වාදීන්ගේ අතකොළුවක් වූයේය.

ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය වනාහි ඉංග‍්‍රීසීන්ගේ කාලයේ එංගලන්තයෙන් ලංකාවට ගෙනා කළු සුද්දන්ගේ වැඩ  පිළිවෙළකි. රටේ ඉතිහාසය නොසැලකීම, ජාතික උරුමයන්ට ගරු නොකිරීම, බටහිර සම්ප‍්‍රදායන් සහ උරුමයන් පෝෂණ කිරීම මාක්ස්වාදී ව්‍යාපාරයට නායකත්වය දුන් කළු සුද්දන්ගේ ප‍්‍රතිපත්තිය වූයේය. අධිරාජ්‍ය විරෝධී හඟීම් නිසා රටවැසියෝ ඔවුන්ට මුළා වූහ. පසු කලෙක රටවැසියන් යථා තත්වය වටහාගත් නමුත් වෘත්තීය සමිති ව්‍යාපරය තුළ කම්කරුවන් සිරකර තබා ගැනීමට මාක්ස්වාදීහු සමත් වූහ. අදටත් වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ කළු සුද්දන්ගේ මතවාද භ‍්‍රමණය වේ.

ලංකාවේ මාක්ස්වාදී නායකයෝ කම්කරුවන්ට ඔවුුන්ගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා ‘ඇහැට ඇහැක්’ නමැති බයිබල් උපදේශය තෝරාගත්හ. ව්‍යාපාරිකයාගේ පරමාර්ථය ශ‍්‍රමය සූරාකෑම යයි කී ඔවුහු, ශ‍්‍රමිකයා හෙවත් කම්කරුවා ලවා ‘ධනපතියන් භංගවේවා’ කියවූහ. මෙහිදී ව්‍යාපාර හිමිකරුවා ධනපතියා වශයෙන් සැලකුන නිසා,  වෙළඳාමක් ව්‍යපාරයක් කරගෙන කිසියම් ධනයක් රැුස්කරගත් සිංහල මුදලාලි ධනපතියකු වී සාමාන්‍ය ජනයාගේ හතුරෙක් බවට ‘සම්මත’ වූයේය.
මූල ධනයක් ආයෝජනය නොකර රජයකට හෝ පුද්ගලයෙකුට ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකිය. ලාභයක් නැතිනම් පුද්ගලයෙක් හෝ සමාගමක් ව්‍යාපාරයක් ආරම්භ නොකරයි. රටක් සංවර්ධනය වීමට කර්මාන්ත හා ව්‍යාපාර අවශ්‍ය වේ. කිසියම් ව්‍යාපාරයක කොටස්කරුවන් වන එහි සේවකයන් ව්‍යාපාරය ධනපතියකු ලෙස සලකමින් ධනපතියා භංගකරන්නට සිතීම එම ව්‍යාපාරයේ විනාශය පැතීමකි. වාමාංශික ව්‍යාපාරය කළේ සේවකයන් වැඩ වර්ජනවලට පොළඹවමින් ව්‍යාපාර විනාශ කිරීමයි.

 වෘත්තීය සමිති ව්‍යාපාරයට මුවා වී මාක්ස්වාදීන් හඳුන්වා දුන් වෛරී චින්තනය නිසා ව්‍යාපාර හිමිකරුවා තම වෛරක්කාරයෙක්ය යන සිතුවිල්ල සේවක සිත් තුළ පහළ විය. කුසගින්නේ නොසිටි නමුදු ‘සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්’ ගීය ගායනා කරවමින් කම්කරුවන් පෙළපාළියේ ගෙනයාමට වෘත්තිය සමිති නායකයෝ සමත්වූහ. වෛර කරන්ට පුරුදු පුහුණු සේවක පිරිස්, ‘මගේ රට මගේ ජාතිය මගේ ආගම’ යන හැඟීමෙන් ඈත්වී ආත්මාර්ථය සඳහා සටන් වදින්නන් කොටසක් බවට පත් වූහ. විජාතික සිතිවිලි පහළ කර ගැනීම කම්කරු පංතියටම පොදුවූ නමුත් ආගම හා ජාතිය කෙරෙහි ඇල්ම නැතිකර ගැනීම සිංහල බෞද්ධයන්ට පමණක් විශේෂ වූයේ ය.
සිංගප්පුරුව දියුණුරටක් ලෙස ගොඩනැගීමටත්, ලංකාව දිළිඳු රටක් කිරීමට හේතු වූයේ ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයයි. වරක් ලංකාවේ කම්කරු ව්‍යාපාරය එක දිගටට අවුරුද්දක්ම වරායේ වැඩ වර්ජන පැවැත්වීය. නැව් සමාගම්වලට විකල්ප වරායක් අවශ්‍ය විණි. මේ අවස්ථාවේ ඉදිරිපත් වූ සිංහගප්පූරු රජය කඩිනමින් තම කුඩා වරාය සංවර්ධනය කොට ලංකාවට පැමිණීමට පුරුදුව සිටි නැව් එහි ගෙන්වා ගත්තේය. සිංගප්පූරුව දියුණු වූයේ එසේය.

එපරිද්දෙන්ම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයා වනසා දමා අසිංහල අබෞද්ධ ව්‍යාපාරිකයන්ට රට අල්ලා දුන්නේත් වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාර විසිනි. මෙම පරගැති චින්තනයකින් කටයුතු කළ වෘත්තීය සමිති ව්‍යාපාරය නිසා මේ වන විට සිංහල බෞද්ධයා ශ‍්‍රී ලංකාව තුළ දෙවැනි පංතියේ පුරවැසියකු වෙමින් සිටී. එම කටයුත්ත සම්පූර්ණ වූ විගස ලංකාවෙන් සිංහල ජාතියත් බුදු සසුනත් අතුරු දහන්වීම වැළැක්වීමට සමතෙක් නැත.

මේ සියලූ විස්තර කෙටියෙන් සඳහන් කළේ බොදු බල සේනාව වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වන බව දැනගත් හෙයිනි. මෙය වර්තමාන යුගයේ ජීවත් වන දේශපේ‍්‍රමියෙකුගේ කණට මිහිරිම පුවතකැයි කීමට හේතුව මෙපමණ කලක් රට ගෙනයන සුක්කානම හෙවත් වෘත්තීය සමිති ව්‍යපාරය කෙරෙහි කිසිම සිංහල බෞද්ධ සංවිධානයක අවධානය යොමු නොවීමයි. එමනිසා බොදු බල සේනාව ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමුකොට හැම ක්ෂේත‍්‍රයකම බොදු බල සේනා වෘත්තීය සමිති පිහිටුවන්නේ නම් එය රටට ජාතියට අංශ කිහිපයකින් ප‍්‍රයෝජණවත් වන්නේය.

පළමුවැන්න වෘත්තීය සමිති ව්‍යපාරයට සම්බන්ධවීම මගින් බොදු බල සේනාවට රටේ වැඩකරන ජනතාවගේ සිත් සතන්හි දේශපේ‍්‍රමය හා ආගමාලය ඇතිකිරීමට මග පෑදේ. එවිට ඇතැම් ඇමතිවරුන් ජාතික සේවයේ යෙදෙන භික්ෂුන් වහන්සේලාට නින්දා අපහාස කිරීමට පෙළඹෙනු ඇත. බොදු බල සේනා වෘත්තීය සමිති තිබේ නම්, ඒවා, සිංහල බෞද්ධයන්ගේ ඡුන්ද ලබා බලයට පත්වන ආණ්ඩු සිහිය විකල් කරගත් විට, ඔවුන්ගේ සිහිය පෑදීමට මාර්ගයක් කර ගත හැකිය. එම නිසා බොදුබල සේනා වෘත්තීය සමිති සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ වටිනා වැඩ පිළිවෙලකි.
එසේම බොදු බල සේනාව වෘත්තීය සමිති තැනීමට ඉදිරිපත්වීම පරගැති වාම ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් පිස්සු වට්ටන කාරණයකි. එමනිසා ඔවුන්ගෙන් නොයෙක් ගල් මුල් බොදු බල සේනාවට එල්ලවීම වැළැක්විය නොහැක. සමහරවිට ඔවුන් මෙම සංවිධානයේ හාමුදුරුවරුන්ට විනය ඉගැන්වීමට ඉදිරිපත්වීමටද බැරිකමක් නැත. දැනටමත් සමහර ඇමතිවරුන් බොදු බල සේනාවේ භික්ෂුන් වහන්සේලාට සිංහල ඉගැන්වීමට උත්සාහ කිරීම නිදසුනකි.

වෘත්තීය සමිති යනු වාමාංශිකයන්ගේ බූදලයක් යයි සිතාගෙන සිටින මෝඩයෝ ලංකාවේ වෙසෙති. ඒ මතය තහවුරු කිරීමට වෙහෙසෙන තක්කඩියන්, ‘හාමුදුරුවරු පිනට හම්බවෙන දානෙ ටික කා පන්සලට වෙලා හිටියාම  මදිදැැයි’ ඇසීමට පුළුවන. මේ කිසිවකට නොසැලී සිංහල බෞද්ධ වැඩකරන ජනතාව එක්සත් කිරීමට බොදු බල සේනාවට හැකිවිය යුතුය. ජර්මනියේ ක‍්‍රිස්තියානි කම්කරු පක්ෂය ඒ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයකි. ඇමරිකාව, බි‍්‍රතාන්‍යය වැනි රටවල නාමිකව නැතත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ ක‍්‍රිස්තියානි ආගමට සම්බන්ධය. ඉස්ලාම් රටවල නම් හැම දෙයක්ම ඉස්ලාම්ය.
ලංකාවේ පමණක් වෘත්තීය සමිති ව්‍යාපාරය අල්ලාගත් අබෞද්ධ අසිංහලයෝ සිංහල බෞද්ධයන් මඩවති.  

5 comments:

  1. E-mailPrint
    Discussing certain religious-motivated, isolated incidents that had occurred in the recent past, President Mahinda Rajapaksa assured the Secretary General of the Organization of Islamic Cooperation (OIC) Lyad Ameen Madani that the Government would take immediate action to deal with any incidents against the Muslim community.

    Mr Madani had called on President Rajapaksa while he was in New York City today. The meeting took place on the sidelines of the United Nations General Assembly taking place this week.

    President Rajapaksa said that with the election of Mr. Madani to the office of OIC Secretary General, Sri Lanka hopes to facilitate greater collaboration and cooperation between OIC countries. Mr. Madani took over as Secretary General in January of 2014.

    We don’t consider Sri Lanka as outside the OIC,” Mr. Madani told President Rajapaksa. “We consider it as being inside the OIC.

    ( Note - From the Horse's mouth - is this the future of Sri Lanka?

    Jawarhalal Nehru said in his writings that the primary reason for Buddhist countries to become Muslim countries eventually e.g. Maldives, Malaysia, Indonesia etc, was because of the gullibility of the leaders of the countries who failed to see the designs of those Muslims who came with gifts for the leaders. Because of the lack of sense of history and political opportunism Sri Lanka may find itself becoming the next Maldives or South Korea given the clear trends.

    Instead of becoming the next member of the OIC ( Organization of Islamic Cooperation) we should establish a League of Buddhist Nations on lines similar to OIC. This should be the major subject of discussion at the forthcoming Conference of the World Fellowship of Buddhists (WFB ) in China) )

    Expressing that the OIC appreciates the “pioneering steps” the President has taken, Mr. Madani said that the organisation has “continuous admiration” for Sri Lanka and looks forward to helping Sri Lanka enhance relations with OIC member states. “I will look after the Muslim community like my own brothers,” President Rajapaksa said.

    The President encouraged Mr. Madani and other OIC member countries to visit Sri Lanka to see for themselves the ground realities in the country and how many diverse communities coexist peacefully.

    Mr. Madani invited President Rajapaksa to make another visit to Saudi Arabia. Sri Lanka currently has 14 diplomatic missions in the Middle East region – an indication of the importance the Government places in enhanced cooperation with Muslim majority countries.

    ReplyDelete
    Replies
    1. Okane ithin wede. Api maha ihalin pathkarala yawana rajawaru tamai apita kelinne.

      Saradiyel

      Delete
  2. නියමයි මචන් නමුත් අපි විතරක් මේව ගැන දැනගෙන ඉදල මදි රටේ ඉන්න බහුතරයකට මේ කියන දේ තේරුම් ගන්න බෑ මේක හරියට සමජගත කරගන්න පුලුවන් උනොත් තමන් ගැන නොහිත රට ජාතිය ගැන හිතන පිරිසක් හදා ගන්න පුලුවන් එතකොට අපිට පුලුවන් දියුණු රටක් වෙන්න

    ReplyDelete
  3. SRI LANKA
    United National Party (UNP)
    Member: APDU and IDU

    “Sirikotha”
    400 Kotte Road
    Pita Kotte
    Sri Jayawardenepura
    SRI LANKA

    Party Leader: Former Prime Minister Ranil Wickremesinghe MP

    Contact: Sagala Ratnayaka, Secretary in charge of International Affairs

    Contact e-mail: sagala@unp.lk
    Phone: +94 11 555 2997
    Mobile: + 94 777 583 459

    Fax: +94 11 555 2990
    Web-site: http://www.unp.lk/

    More;
    http://www.idu.org/history.aspx
    http://www.idu.org/member.aspx

    ReplyDelete
    Replies
    1. එ ජා පක්ෂය යනු අයිඩියුවේ සාමාජිකයෙකි. අයිඞීයු බලාපොරාත්තුව එජාපය බලයට අරගෙන ක‍්‍රිස්තියානි ලංකාවක් බිහිකිරිමයි. මේ බව ඉහත ඇති ලින්ක් දෙක බලද්දි වැටහුනා. දෙවැනි ලින්ක් එකේ ඇති සිතියමේ ලංකාවට ක්ලික් කරල බලන්න

      Delete

අදහස් දක්වන්න